යාළුවනේ ...මම ගොඩක්ම ආස කරන ෆීල්ඩ් එකක් තමයි "studio & photography" කියන්නේ ,නමුත් මන් ඒ ගැන ආසාව අතහැරලා දාල තිබුණේ !දැන් ඒ ආසාව ආපහු මගේ හිතට ඇවිත් ..මට ගොඩක් ආසයි මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න .එත් photography ගැන ඉගෙනගන්න පාඨමාලා පැවැත්වෙන ස්ථාන , පැවැත්වෙන්නේ කොහොමද , මොනවගේ දිනවලටද , මේ හැමදෙයක්ම දැනගන්න දෙතුන් වරක්ම උත්සහ කල නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ උනා :( විශේෂයෙන් රත්නපුර නගරය අවටින් ඒ වගේ පාඨමාලා පැවැත්වෙන ස්ථානයක් හොයාගන්න තියනවනම් වඩාත් හොඳයි !නැත්නම් මාතර , හම්බන්තොට හෝ හංවැල්ල කියන නගර ආසන්නයෙන් ! මේ ගැන තොරතුරු සොයා දෙන ලෙස කිහිප දෙනෙකු ගෙන්ම ඉල්ලු නමුත් තවමත් හොඳ ප්‍රතිචාරයක් නොලැබුන නිසා මම මේ ගැන බ්ලොග් යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න තීරණය කළා .
එහෙනම් යාලුවනේ ඔයාල කවුරු හරි මේ ෆීල්ඩ් එක ගැන දන්නවනම් , පාඨමාලා පවැත්වෙන ස්ථානයක් ගැන දන්නවනම් මට හැකි තරම් තොරතුරු (ලිපින ,දුරකථන අංක වැනි )ලබාදෙන මෙන් ඉල්ලනවා .මේ ෆීල්ඩ් එකේම මන් හඳුනන අය හිටියත් එයාලගේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් එනවට අකමැති නිසා තොරතුරු ලබා දීමට අදි මදි කරනවා . ඔබත් එසේ නොකරාවි කියල මම විශ්වාස කරනවා :)
එවැනි ස්ථානයක් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteස්තුතියි කොමෙන්ට් එකට
Deleteමමනම් ඔය වගේ දේවල් ගැන දන්නෙ නෑ අක්කො.. සොරි කියුව ආ....
ReplyDeleteස්තුතියි කොමෙන්ට් එකට
Deleteරෙහානි මමත් කාලයක් photograph කරන්න ආසා නිසාම වියදම් කරලා කැමරාවකුත් අර ගත්තා. ඊට පස්සෙ ලාල් හෑගොඩ සර් ලඟ කෝස් එකකුත් පටන් ගත්තා.ඒක නම් කොළඹ තියෙන්නෙ.මාස අටක් විතර යද්දී නවත්තන්න සිද්ධ උනා. රස්සාවත් එක්ක විවේකය මදි නිසා මම දන්න තරමින් සර් ගෙ ක්ලාස් හොඳයි. නිකමට කතා කරලා අහලා බලන්න. කොළඹින් පිට තියෙනවද කියලා..
ReplyDelete0777 323614
විස්තර මෙතැනින් බලන්න..
ගොඩක් ස්තුතියි ලිහිණි විස්තර හොයල දුන්නට
Deleteසහ ලින්කුවට !
:)
ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියකු වන මාගේ සහෝදරයාද එතුමාගේ ගෝලයෙකි... හොද ගුරුවරයෙක්... අන්න යන්න පුලුවන් නම් තැන..
Deleteහොයල බලල දැන ගත්තොත් කියන්නම්. නිකමට වගේ අහල බලන්න රත්නපුරේ ආධුනිකත්ව මණ්ඩලේ කාර්යාලයෙන්. නව නගරේ තියන පළාත් සභාව පහු කරලා ටිකක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියන්නේ. එහෙ නැතත් වෙන තියන තැනක් හරි දැන ගන්න පුළුවන් වෙයි.http://www.naita.gov.lk/ Tel: 045 2228667
ReplyDeleteකාර්යය සාර්ථක වේවා!!
ගොඩක් ස්තුතියි චන්දන ! බලමු කතාකරලා
Deleteප්‍රර්තනාවට සහ ලින්කුවටත් තුති !
:)
මම ඉස්සරම කෝස් එකක් කලා ලංකා(හෝ ජාතික වගේ මතක) ඡායාරූප ශිල්පීන්ගෙ සංගමයෙන් කරන...ඒ දවස්වල කොලඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉරිදට තිබුනෙ...දැන් ලංකාවෙ අනික් පලාත්වලත් තියෙනව කියල මීට කලකට ඉහතදි දැනගන්න ලැබුනා . හොයල බලන්න .තොරතුරු ලැබුනොත් දෙන්නම්. නොමිලේ ඉගැන්වුවේ.
ReplyDeleteතොරතුරු ලැබුනොත් අනිවාර්යෙන් කියන්න වී පොකුර !මට කොයි තරම් තොරතුරු ලැබුනත් පාඩුවක් නැහැ
Delete:)
මාත් හරිම ආස විෂයක් තමා photograpy.... ඒත් තාම ඒ සදහා යොමු වෙන්න බැරි වුනා.... මම නම් පංති ගැන මුකුත්ම දන්නේ නෑ රෙහානි.... දැන ගන්න ලැබුනොත් කියන්නම්....
ReplyDeleteඅහ්... මුණු පොතේ නම් තියෙනවා.... photo talk කියල group එකක්.... එතන ඉන්න අයනම් දන්නවා ඇති ඔය පංති පැවැත්වෙන තැන් ගැන.....
http://www.facebook.com/groups/phototalks/
හා ,,,මගේ ජාතියේ තව කෙනෙක් !
Deleteලින්කුවට ස්තුතියි සමනළී ,හැබැයි මට fb අකවුන්ට් එකක් තමයි නැත්තේ හ්ම්:/
:D
දෙහිවල තරුණ සත්වවේදීන්ගෙ සංගමයෙ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ඉගැන්වීමක් කෙරුනා කාලෙකට කලින්... තවමත් ඒක තියෙනව දන්න තරමින්... ඉරිද දවසක ගිහින් ඒ අය එක්ක කතාකරල බැලුවොත් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි..
ReplyDeleteඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුගෙන් මට ලැබුනු උපදෙසක් තමයි ඔය විෂය ගැන කියවීමෙන් සෑහෙන දැනුමක් ගන්න පුළුවන් කියන එක...
ආසාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වේවා කියල ප්‍රාර්තනා කරනව :)
බොහොම ස්තුතියි තොරතුර ලබා දුන්නට !
Deleteඒ උපදෙසත් සෑහෙන්න වටිනවා
ඔබේ ප්‍රාර්ථනාවටත් තුති!
:)
මාතර/ ගාල්ල දන්න තරමින් මේවට පංති නෑ.. කොළඹ යාලුවොන්ගෙන් අහල බලන්න. අහු උනොත් මං කියන්නම්. අර මාධව අයිය නම් දන්නව ඇති.
ReplyDeleteමාධව අය්යා කවුද?ස්තුතියි කොමෙන්ටුවට
ReplyDelete:)
මං ඇත්තම කිවිවොත් photography ගැන දන්න කෙනෙක් නොවෙ එත් ඔයා මුහුණු පොතෙ ඉන්නවනං https://www.facebook.com/indranathathenuwara මෙතුමාව හම්බවෙලා කතා කරලා බලන්න ලංකවෙ ප්‍රසිද්ද කෙනක්
ReplyDeleteගොඩක් ස්තුතියි දිලුම් ලින්කුව ට !සාදරයෙන් පිලිගන්නවා ලා දම් අහස යටට !
Deleteමගෙත් ඉතිං ආසම ෆීල්ඩ් එක! හැබැයි තාම කොහෙන්වත් ඉගෙන ගන්න හම්බ උනේ නෑ! :(
ReplyDeleteහොයලා බලලා තිබ්බොත් කියන්නම්කො....
හා කියන්නකෝ !ගොඩක් අය ආසයි වගේ මේ ෆීල්ඩ් එකට නෙහ්
Delete:)
කැලණිය විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් නම් තියෙනවා. ඒත් අක්කා කිව්ව විදිහට දුර ප්‍රශ්නේ නම් තියෙනවා.
ReplyDeleteඉන්ද්‍රනාථ තේනුවර කියන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යතුමා මේ සම්බන්ධ පාඨමාලා සිද්ධ කරනවා. මෙන්න තේනුවර මහත්තයාගේ දුරකතන අංකය 0777 366 663 / 0757 366 663
බොහොම ස්තුතියි හසිත මේ තොරතුරු හොයල දුන්නට
Deleteදුර උනත් කමක් නැහැ කියල හිතෙනවා වෙලාවකට !
:)
පුලුවන්නම්...ජාතික තරුණ සේවා සභාවේ තියෙන එකක් කරන්න..ගාස්තුත් අඩුයි...වැඩෙත් ඉක්මන්.....ජනවාරි පටන් ගන්නවා ඒවා...ඉක්මනට හොයලා දැන්මම දාන්න ඇප්ලිකේෂන් එකක්..
ReplyDeleteහ්ම් තරුණ සේවා සභාවේ මේ ගැන තොරතුරක් හොයාගන්න මන් කලින් ඉඳන්ම ට්‍රයි කළා ..බලමුකෝ ..ස්තුතියි දසුන්
Deleteමමත් ඔය පැත්තට ආසාවෙන් ගත්තා කැමරාවක්...දැන් මාස 5 කටත් වැඩියි එක රත්නපුරේ 9 හාට් එකට රිටන් යවන්න දීලා...ඒක මට මේ ආත්මෙදි ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් අප්පා...
ReplyDeleteඒකත් රත්නපුරේද ? :/ එහෙනම් මේ පැත්තෙත් ඇවිත්
Deleteඉතිං හම්බවෙනකන් බලන් ඉන්නැතිව ඇවිත් අරන් යන්න
:)
පංතියක් ගැන නම් කියනන් දන්නෙ නෑ.. ඒත් දැන් photography ගැන සිංහලෙන් ලියවුන පොත් ගොඩක් තියනව නේද? ඉන්ද්‍රනාත තේනුවර ගෙ වෙබ් අඩවියේ එයාගෙ පොත් ගැන තියනවා. ඒ වගේම flickr එකෙ තියනවා ලංකාවෙ අය එකතුවෙලා කරන groups. ඒවගෙනුත් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අලුත් කෙනෙක් අවහම උදව් කරන අය ඉන්නව ඕනතරම්, තමන්ට මතුවෙන ප්‍රශ්න අහල ඉගෙන ගන්න පුළුවන්.
ReplyDeletehttp://www.indranathathenuwara.com
http://www.flickr.com/groups/photo-lanka/
http://www.flickr.com/groups/sri-lanka/
ගොඩක් ස්තුතියි තිසර මේ තොරතුරු වලට !තිසරත් මේ පැත්තට අලුත් නේ?සාදරයෙන් පිලිගන්නවා ඔබවත් !
Deleteමාත් ඔය ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් ඉහල තියන උදව් ගොන්න ප්‍රයෝජනවත් වේවි. එවායින් බලාපොරොත්තුව ඉශ්ඨවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteගොඩක් ස්තුතියි ගිමන්!
Delete:)
අපේ මලයාගෙන් මොනා හරි යමක් දැනගන්න ඕනෙ නම්... මට ඊයක් එවන්න...
ReplyDeleteමලයා පොටෝග්‍රපි කරනවද ?
Deleteඒකනේ සිංහලෙන් කිව්වෙ ජාතික පුවත්පතක ජායාරූප මාධ්‍යවේදී කියලා... පාට් ටයිම් වෙඩින් ෆොටෝග්‍රැපි එහෙමත් කරනවා... සැබෑ දක්ෂයෙක්..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් ආස ෆිල්ඩ් එකක් තමා. අපේ ඉස්කෝලේ දවසක් වැඩමුලුවක් තිබ්බා. ඒත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නනම් දන්නේ නෑ..
ReplyDeleteකමක් නැහැ දෙනෙත් ...ස්තුතියි කොමෙන්ටුවට
Deleteමමත් ආසම ෆීල්ඩ් එකක්.. ගොඩක් දෙනෙක් තොරතුරු දීලා තියෙනවා.. ඉන්ද්‍රනාථ සර් ගැනයි මූණු පොතේ ෆොටෝ ටෝක් එක ගැනයි තමයි මමත් කියන්න දන්නෙ..
ReplyDeleteබලාපොරොත්තු ඉෂ්ටවෙන්න හදවතින්ම සුබ පැතුම්..!!!
ගොඩක් ස්තුතියි නන්දු
Deleteමං නම් ඉතින් ඔය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ... කවුරුහරි ගහපු ලස්සන පින්තූර බලන්න නම් ආසයි...
ReplyDeleteහ්ම් ..කමක් නැහැ අනු ස්තුතියි
Deleteප්‍රවින ඡායාරෑප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවරයන් නම් ෆොටෝ ග්‍රැෆික් පන්ති කරනවා. එතුමාගේ පන්ති නිතරම කොළඹ අවට තියෙනවා . ඒවගේම ලාල් හෑගොඩ මහතා, පද්මකුමාර මෙත්තසේන වගේ අයත් ක්ලාස් කරනවා.හරියම විස්තරය හොයලා දෙන්නම්
ReplyDeleteවිස්තර ලැබුනොත් කියන්නකෝ ..ස්තුතියි ඔබතුමාටත්
Deleteලංකාවේ අය ගැනනම් දැනුමක් නැත. මෙහෙනම් වැහි වහින්නට ඉන්නවා. මටත් පොඩ්ඩක් විතර හෙල්ප් එකක් දෙන්න පුළුවන් කැමරාව යුස් කරන තාලේ ගැන කියල (වදියමත් දන්නේ නැහැ හොඳේ)
ReplyDeleteකෝරලේ වලව්ව
එහෙනම් කෝරලේ ත් හොඳ පොටෝග්‍රපර් කෙනෙක්
Delete:)
ලාල් හෑගොඩ සර්ගේ, ඉන්ද්‍රනාථ තේනුවර සර්ගේ පන්ති හොඳයිලු..මම දන්නෙත් එයාලා ගැන විතරයි, දැන ගන්න ලැබුනොත් කියන්නම්
ReplyDeleteවිස්තර හමු වුනොත් කියන්නකෝ ,ස්තුතියි පැතුම්
Deletephotography මගෙත් කැමතිම විශයක්. ඒත් කොළඹින් පිට පලාත් වල මේ සම්බන්ධ පාඨමාලා තියෙනව අඩු නිසා හරියට ඉගෙන ගන්න නම් ලැබුනෙ නෑ. ඒ උනත් පුලුවන් විදිහකට පින්තූර නම් ගන්නව ;) හැබැයි ඒ ගැන ඉගෙන ගන්න පුලුවන් නම් ගොඩක් වටිනව. පාඨමාලා තියෙන තැන් ගැන විස්තරයක් කියන්න දන්නෙ නැති උනත් කට්ටිය දාල තියෙන තොරතුරු වලින් ඔයාට හොඳ පාඨමාලාවක් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :)))
ReplyDeleteජය!
මුලින්ම සාදරයෙන් පිලිගන්නවා Chams ස්තුතියි ඔයාටත් ප්‍රර්තනාවට
Deleteජය!:)