තල් ගස් යාය අතරේ හැංගිලා තිබුණ බංකරේ වැලි කොට්ට වලට මුවා වෙලා සඳරු අහස දිහා බැලුවේ නිකමට .මුළු අහසම කළුවරයි .මේ අහසත් මගේ හදවත වගේ නේද කියලා සඳරුට හිතුණා .අහසට නම් අද අමාවක .හෙට හඳ පායාවි ,එත් ...මගේ හදවතට !සඳරු හීල්ලුවා විතරයි .ගල් තොප්පියයි ටී පනස් හයයි පැත්තකින් තියාගෙන සඳරු හිතන්න ගත්තා .මේ රාත්‍රියේදී විතරක් නෙවෙයි .මිටලිය නොහැකි රත් වුන වැලි කැට නලියන ගිනි මද්දහනේ උවද සඳරුගේ හිතට එන්නේ කවි සිතුවිලි .එහෙත් සඳරුට පෑන් තුඩට වඩා තුවක්කු කටට සවි දිය යුතුව තිබුණා .සඳරුට තිබුණේ ලස්සන අතීතයක් !පුංචි කාලේ හුඟක් අයට වගේ සඳරුටත් හීන ,බලාපොරොත්තු තිබුණා .ඒත් ..හැමදෙයක්ම වෙනස් වුණා ක්‍ෂණයකින් :(
සඳරු ඉගෙනගන්න දක්ෂයි .ඒ නිසාම සඳරුගේ අම්මයි තාත්තයි රබර් වත්තේ නමක් අරගෙන වැඩට ගියා . සඳරුටත් ,සඳරුගේ නංගිලා දෙන්නටත් ,මල්ලිටත් ඉගැන්නුවේ කන්න බොන්න දුන්නේ ඒ කල රස්සාවෙන් තමයි .සඳරුගේ හීනේ වෙලා තිබුණේ කවදාහරි ඉංජිනේරුවෙක් වෙන්න .සඳරුලා ජීවත් වුනේ සාමාන්‍ය ගේක .අඩු පාඩු තිබුණට සඳරුලා හොඳට කාල බීල හිටියා .ඒ සඳරුගේ තාත්තා ගෙවත්තේ ඉඩ කඩ තිබුණ හැටියට මොනවා හරි වගා කරපු නිසා . සඳරු නිවාඩු දවසට තාත්ත වගා කරපු කොරටුවේ පාත්ති සකසනවා . ඒවාට වතුර දාල රැක බලාගන්නවා ,ඒ වගේම අම්මයි තාත්තයි කිරි කපන කට්ටියට ගිහින් කිරි අකුලලා දෙනවා .කිරි බැරල් ඔලුවේ තියාගෙන ඉස්ටෝරුවට යනකන් පයින් යනවා .අම්මයි තාත්තයි දුක් විඳිනකොට පව්ලේ වැඩිමලා වුන සඳරු තමන්ට පුළුවන් හැම අවස්ථාවක දීම ඒ අයට උදව් කළා .මේ වෙද්දී සඳරු හිටියේ උසස් පෙළ පන්ති වල .
වාර විභාගයෙන් පස්සේ සඳරුලට පාසල් නිවාඩුව ලැබුණා .සඳරු හැමදාම අම්මයි තාත්තයි කිරි අකුලන වෙලාව වෙනකන් රබර් වත්තේ ගලක් උඩට වෙලා ඉඳගෙන හිටියා .එහෙම ඉන්න ගොඩක් වෙලාවට සඳරු රබර් වත්තේ මැද්දෙන් ගලාගෙන යන දොළ පාරේ නංගිලා දෙන්නයි මල්ලියිත් එක්ක සරමෙන් තිත්ත කඩයි අල්ලලා පුංචි බාස්කට් එකකට දාගන්නවා .එතකොට නංගිලාගේ ඇස් සතුටින් දිලිසෙන දිහා සඳරු බලන් ඉන්නේ හරි ආසාවෙන් ."අපි යනකොට මුන් ටික ආපහු වතුරට දාලා යං "සඳරු කියනවා .එතකොට නංගිලා දෙන්නා "අනේ අය්යේ අපි මුන් ගෙදර අරන් යමු ,එතකොට අපිට පුළුවන්නේ මුන්ට හොඳට කන්න දෙන්න "කියලා කියනවා ."මේගොල්ලෝ අපි දෙන ඒවා කන්නෑ ..ඒගොල්ලන්ට ඕනි තරම් කෑම වතුරේ තියනවා "එතකොට සඳරු පැහැදිලි කරලා දෙනවා .
අනේ අම්මේ ...ඉක්මනට එන්නකෝ අම්මේ ...අ ...අනේ ...අම්මේ ...!
කව්දෝ කෙනෙක් කෑ ගහනවා ,ගැහැණු කටහඩක් !සඳරු නංගිලා දෙන්නටයි මල්ලිටයි කොහේටවත් යන්න එපා කියලා ගලක් උඩින් වාඩි කරවලා හඬ ඇහෙන පැත්තට දිව ගියා .රබර් ගස් අතරින් දිව යනකොට සඳරු දැක්කේ ගැහැණු ළමයෙක් !ගලක් උඩට වෙලා අත් දෙකත් ගස ගසා බොහොම බයෙන් කෑ ගහනවා .සඳරු අහලක වැටිලා තිබුණු රබර් ලීයකුත් අතට අරං අර ගැහැණු ළමයා ඉන්න කිට්ටුවට ලං වුණා . ඇයි නංගි මොකෙද්ද ?බය වෙන්න එපා මං ඉන්නවනේ "සඳරු කිවුවා
යුවතිය ලජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා කියලා සඳරු දැක්කා "අනේ අය්යේ කූඩෑල්ලො දෙන්නෙක් කකුලේ එල්ලිලා "අනේ උන් දෙන්නව ගන්නකො " යුවතිය හඩමින් කියනවා
සඳරුට කෙල්ලගේ කතාවට හොඳටම හිනා .එත් සඳරු හිනාව තද කරගත්තා ."මන් හිතුවේ සර්පයෙක් වත් දෂ්ට කරලා කියලා කෑ ගහපු විදිහට ."සඳරු කූඩෑල්ලන් ඉවත් කරන ගමන් කිවුවා .
"මං බෑ කියද්දී අම්මා තමයි අරං ආවේ මාව රබර් වත්තේ "..යුවතිය මවට මැසිවිලි නැගුවා
බන්ටී ............බන්ටී ...! ඈතින් ගැහැණු කෙනෙක් කතා කරනවා ඇහුණා ,"අපේ අම්මා කතා කරනවා .මං යන්නං "සඳරුගේ ඇස් දිහා බලාගෙන එහෙම කියලා නිල් මල් ගවුමේ තුත්තිරි ඇනි ඇනී කෙල්ල දිව යන දිහා සඳරු බලන් හිටියේ අමුතු හැගීමක් හිතේ කකියද්දි ."බන්ටි " ගෙදරට කියන නම වෙන්නැති 'සඳරු එහෙම හිත හිතා ආපහු දොළ පාර ලගට ගිහින් නංගිත් මල්ලිත් එක්කන් අම්මලාගේ කිරි කට්ටියට ගියා .යනකොට අම්මලා කිරි අකුලලාත් ඉවරයි .
මෙච්චර වෙලා මොනවා කරාද දොළ පාර ළඟ ?සඳරුගේ අම්මා ඇහුවා ."කිරි බාල්දිය දෙන්න මට අම්මේ " සඳරු පිළිතුරු නොදීම කිවුව .ඒ වෙනුවට නංගිලා දෙන්නා සියල්ල මවගේ කනේ තැබුවා .කිරි බාල්දියත් ඔලුවේ තියන් ඉස්ටෝරුවට යද්දී දර මිටියක් ඔලුවේ තබාගත් ගැහැනියක් සමග බන්ටිත් එනවා ඉස්සරහින් . බන්ටි ආවේ අම්මට පිටිපස්සෙන් .සඳරුත් අම්මටයි ගෙදර අයටයි පහු වෙලා ආවා .සඳරුට බන්ටිට මනමාල බැල්මක් දාන්න විතරයි පුළුවන් වුණේ .බන්ටි සඳරුට විරිත්තලා යන්න ගියා .
පාසලොස්වක පෝය දා උදේම සඳරු ගේ අම්මා බුද්ධ පුජාව ඉව්වා ,පන්සල් යන්න ,සඳරුත් නංගිලා දෙන්නත් මල්ලිත් අම්මත් පන්සලට ගොඩ වෙලා බුද්ධ පුජාව දීල ,මල් පහන් පුජ කරලා පිං ලබාගත්තා . සන්දරුගේ අම්මා ගෙදර අයත් එක්ක ලොකු හාමුදුරුවෝ එක්ක කතාබහේ ඉන්න අතරතුර සඳරු තවම අවුරුදු පහක් වෙන පුංචි මල්ලියත් එක්ක ආවාස ගේ පිටිපස්සේ තියන නාරං ගහේ නාරං ගෙඩි කැඩුවා . මල්ලිගේ වයසට වඩා අවරුදු 3ක් විතර වයසැති පොඩි හාමුදුරුවෝ සඳරු නාරං කඩනවා දැකලා ඒ අහලට වැඩියා .සඳරු පොඩි සාදුටත් නාරං ගෙඩි 2ක් දුන්නා ,"මටත් ගෙඩියක් දෙනවද ?,"හඬ අසුන පැත්තට ඇහැ යොමු කරපු සඳරු දැක්කේ බන්ටිව ."අහ් ....මේ බන්ටිනේ "සඳරු කිවුවා . "මේ ... හලෝ ..............මට බන්ටි කියල පිට අය කතා කරන්නෑ,එහෙම කියන්නේ අපේ අය විතරයි " බන්ටි කිවුවේ කටකාරකමට ... ඔයා කියන්න හදන්නේ මං පිට මිනිහෙක් කියලනේ ....' සඳරු ඇහුවා
'ඔවු ඉතිං හරිනේ .......' බන්ටි නාරං ගෙඩියක් සුද්ද කරන ගමන් කිවුවා
නරක් වෙලා තියෙයි අපිව තමන්ගේ කරගත්තොත් !සඳරු කිවුවේ නාරං කන ගමන්
බන්ටි ලජ්ජාවෙන් වගේ කතාව වෙනතකට හැරෙව්වා ."මේ ඔයාගේ මල්ලිද ?"
ඔව් .......මට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා ..ඒක නෙවෙයි කාත් එක්කද පන්සල් ආවේ?
අම්මත් එක්ක !................ඇයි ?
නෑ ......නිකං ...ඒක නෙවෙයි ,ඔයාගේ අර උප්පැන්නේ නම කියන්නකෝ .. ආසයි ඒකත් දැනගන්න .
උප්පැන්නේ නම ...'තරංගා' ..බන්ටි හිනාවෙලා කිවුවා
එතකොට ඔයාගේ නම?බන්ටි පෙරලා ඇසුවා
මගේ නම ද ?............... මගේ නම සඳරු ...ලස්සනයි නේ ?හැබැයි තරංගා කියන එකට වඩා බන්ටි හොඳයි !
පිස්සු ඔයාටනම් ......බන්ටි ලජ්ජාවෙන් හිනාවෙලා අම්මල ඉන්න දිහාට දිව්වා
සඳරු ගේ හිත සඳරුටත් හොරා බන්ටි ළඟ නැවතිලා තිබුණා . බන්ටිත් සඳරුට පන වගේ ආදරේ කළා . දෙන්නම උසස් පෙළ පන්තිවල ඉගෙන ගත්තේ ,ගොඩක් දවසට බන්ටියි සඳරුයි රබර් වත්ත මැද්දෙන් ගලන් යන දොළ පාර ලඟදි තමයි මුණගැහුනේ ..ගොඩක් වෙලාවට සඳරු එන්නේ සඳරුගේ පුංචි මල්ලිත් එක්ක .ඒ නිසා පුංචි මල්ලි අසීමිතව බන්ටිට ලං වුණා ..සඳරු බැරිවෙලාවත් පුංචි එකාව බන්ටි බලන්න යද්දී එක්ක නොගියොත් ,පුංචි එකා සඳරු ගෙදර ආ වෙලේ ඉඳන්ම අඬන්න ගන්නවා .ඒ නිසා හැමවෙලාවකම මල්ලිව සඳරු එක්ක ගියා .ඒ ගිය වෙලාවට බන්ටිත් එක්ක එකතුවෙලා පුංචි එකාට තිත්ත පැටව් ,අල්ලලා දෙනවා .ආපහු වතුරට දානවා ..ආයෙත් 'හා...කව්ද බලමු ඉස්සෙල්ලම තිත්ත පැටියෙක් අල්ලන්නේ ' කියලා තරඟෙට තිත්තයෝ අල්ලනවා .. සඳරුට තිබුනේ අහිංසක හිතක් .., ඒ වගේම අහිංසක ආදරයක් !
'සඳරු අපි පල්ලෙහා වලෙන් නාමු ..' එහෙම වෙලාවට බන්ටි යෝජනා කරනවා ,
'අර ඇනිකට් එක වගේ වතුර පිරිලා තියන වලේද ?හාපෝ එතන හැමෝටම නාන්න බෑ !හොඳ ට පිනන්න පුළුවන් වෙන්න ඕනි
'ඉතිං මට පුළුවන් පීනන්න ...' බන්ටි පෙරැත්ත කරනවා
'හරි එහෙනම් පොරොන්දු වෙන්න ඕනේ ගැඹුරට යන්නේ නෑ කියලා ' පෙරැත්තයෙන් බේරෙන්න බැරිම තැන සඳරු කිවුවා
පොරොන්දු කරගෙන සඳරු වලට නාන්න ගියා .මල්ලි පොඩ්ඩත් ඉන්න නිසා සඳරු වලට බැස්සේ නෑ . බන්ටි එහෙම්ම වලට පැන්නා .. 'ඒයි ...බන්ටි ඔය මැද්දට යන්න එපා ..'වල මැදටම පීනාගෙන යන බන්ටිව දැකල සඳරු කෑ ගැහුවා ..ගියාට වඩා ඉක්මනින් බන්ටි ආපහු පීනලා ආවා . 'කෑ ගහන්න එපා අනේ .. මට හොඳට මේක පුරුදුයි 'බන්ටි එහෙම කියලා වලේ එහා කොනේ ඉඳන් මෙහා කොනට පීනනවා .ඊට පස්සෙනම් සඳරු දැනගත්තා බන්ටි ඇත්තටම පිහිනීමට දක්ෂයි කියලා . බන්ටි පීනගෙන යද්දී බන්ටිගේ දිග ලස්සන කොන්ඩේ වතුරේ පාවෙන හැටි අපුරුයි !හරියට දිය කිඳුරියක් වගේ !සඳරුට හිතුනා . බන්ටි වලේ එහා කොනටම පීනලා ගිහින් අත් දෙක උඩට ඔසවලා වනනවා . එතකොට පුංචි එකා අත්පුඩි ගහන්නේ සතුටින් උඩ පැන පැන !
බන්ටි නෑවට පස්සේ පොඩ්ඩා ලඟින් බන්ටිව තියලා සඳරුත් නාගන්නවා . ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"අය්යේ ..අර පාර අයිනේ ලොකු අඹ ගහේ ගෙඩි වැටෙනවා .. මටයි බන්ටි අක්කටයි අහුලලා දෙන්නකෝ" මල්ලි පොඩ්ඩා සඳරුට කරදර කරන්න ගත්තා .'හරි ඉතිං ..අපි බන්ටි අක්ක බලන්න යනකොට ඇහිඳ ගමු 'සඳරු කිවුවා .'දැන් අපි යන්නැද්ද ?'පොඩ්ඩා මුණ බෙරි කරන් ඇහුවා .'තව සුට්ටි වැඩක් තියනවා අයියට ..,ඊට පස්සේ යං හොඳේ .. ' සඳරු පොඩ්ඩව සැනසුවා 'බන්ටි අක්කා ...මං ඔයාට මී අඹ ගෙනාවා ..' පොඩ්ඩා හුරතල් ලෙසින් වචන හසුරවලා අඹ ගෙඩි දෙකක් ඇය වෙත පෑවා .
'හානේ ....ෂෝයි පැටියා ..' අඹ ගෙඩියක් දෝතට ගන්න ගමන් පොඩ්ඩාගේ මුණ ඉම්බා
'අදත් අපි වලේ නාන්න යමු .' බන්ටි සඳරුට යෝජනා කළා .
'හා ..යමු ' සන්දරුත් කැමති වුණා
බන්ටිට නාන්න ඉඩ හැරලා සඳරු පොඩ්ඩවත් තියාගෙන ගලක් උඩින් වාඩි වෙලා බලන් හිටියා .පොඩ්ඩා හොඬපර ගෙඩියක් අහුලන් පොතු ගලව ගලවා වතුරට දානවා .ඒ පොතු වතුරේ පාවෙලා යන අපුරුව දිහා පොඩ්ඩා බලන් ඉන්නේ ආශාවෙන් .බන්ටි එහා කොනට පීනලා වතුර යටින් ඇවිත් කොහේ හරි තියන ලී කොටයක් අස්සේ හැංගෙනවා .පොඩ්ඩා ආසාවෙන් බලන් ඉන්නවා බන්ටි කොහෙන් මතුවෙයිද කියලා . ටික වෙලාවක් පෙන්න නැති වුනහම පොඩ්ඩා කෑ ගහනවා .එතකොට බන්ටි අර කොටෙන් ඉස්සිලා අත වනනවා . එතකොට පොඩ්ඩා හරිම සතුටින් උඩ පනිනවා .බන්ටි ඒ සෙල්ලම කරනවට පොඩ්ඩා හරිම ආසයි . සඳරුත් ඒ දිහා බලන් ඉන්නේ ආසාවෙන් .ඔහොම ටික වෙලාවක් සෙල්ලම කර කර ඉද්දි බන්ටි යට ගිහිං ගොඩක් වෙලාවකින් කොහෙන්වත් මතු වුනේ නෑ .පොඩ්ඩා 'බන්ටි අක්කේ එලියට එන්ඩෝ ' කියල කෑ ගහනවා .එත් බන්ටි ආවේ නෑ . 'බන්ටි ඔය ඇති සෙල්ලං කරා ,ඉන්න තැනකින් ගොඩට එන්න' කියලා සඳරුත් කෑ ගහලා කිවුව .ඒත් හැල හොල්මනක් නැති නිසා සඳරු හොඳටම බය වුණා .සඳරු කෑ ගහලා අහල පහල මිනිස්සුන්වත් ගෙන්න ගත්තා .දොළ පාරකින් වතුර එකතු වෙලා විශාල ප්‍රමාණයක ඉඩ පරාසයක හැදිලා තිබුන ඇනිකට් එකක් වගේ වතුර පිරුණ වතුර වලක් ඒක , මිනිස්සු එකා දෙන්නා වලට පැනලා බන්ටිව හොයන්න ගත්තා. ඒ වෙනකොට සඳරුත් වලේ කිමිදිලා බන්ටිව හොයනවා .
සඳරු වල පතුලේ ගල් දෙබොක්කා ඇතුලේ බල බලා ගියේ ගල් වලට හීරිලා තමන්ට දැනෙන වේදනාවට වඩා හදවතේ වේදනාව වැඩි නිසා .එහෙම පීනාගෙන යනකොට සඳරු දැක්කේ ඇස් අදහාගත නොහැකි දෙයක් .බන්ටි ගල් දෙබොක්කාවක හිරවෙලා නිසොල්මන්ව හිටියා . සඳරු ඇයව උඩට අදින්නට උත්සාහ කළත් සන්දරුට එය තනිව කල නොහැකි වුණා .සඳරු බන්ටිව අත නොහැර අල්ලගෙනම හිටියා .ඒ අවස්ථාවේදී දිය යටින් තවත් කෙනෙක් පීනගෙන එනවා සඳරුට මතකයි . සඳරු පියවි සිහියට එන විට සඳරු හිටියේ රෝහලේ ඇඳක් උඩ .සඳරුට සිහි ආ විගසම බන්ටිව හොයලා කෑ ගැහුවා .ඒ වෙද්දී සඳරුලගේ ගෙදර උදවියත් රෝහලට ඇවිත් හිටියේ ..සඳරුට බන්ටි මියගොස් බව දැනගන්නට ලැබුණා .සඳරු රෝහල දෙවනත් වෙන්නට කෑ ගැහුවා .සේලයින් බට වෛද්‍ය උපකරණ වීසි කරලා දැම්මා .නමුත් බන්ටිට ජීවිතේ ආයෙම ලබා දෙන්න කාටවත්ම බෑ .සඳරු තීරණය කළා බන්ටිගේ අවසන් කටයුතු වලින් පස්සේ ගමෙන් ඈත් වෙලා ඉන්න . ඒකට සඳරු තෝරාගත්තේ යුධ හමුදාව .සඳරු හමුදාවට බැඳුණේ ජීවත්වෙන්න අරමුණක් නැති සඳරුට නිකන්ම මිය යනවාට වඩා රට වෙනුවෙන් මිය යාම හොඳයි කියලා හිතුන නිසා .ඔපරේෂන් වලදී පිස්සෙක් වගේ ඉස්සරහට දුවනවා කියලා සඳරු හැමදාම බැනුම් අහනවා . නමුත් සඳරු ප්‍රර්ථනා කරන්නේ හිතක් පපුවක් නැති වෙඩි උණ්ඩයටවත් තමන්ව බන්ටිගේ ලෝකයට යන්න ඉඩක් හදල දෙන්න කාරුණික වෙන්න කියලා !
හ්ම්.. සියුම් වේදනවාවක් එනවා ඔක්කෝම කියෙව්වට පස්සේ...
ReplyDeleteස්තුතියි දේශක :)
Deleteහ්ම්ම්ම්ම්ම්.... දුකයි.. ඒ මෙක සාමාන්‍ය ලව් ස්ටෝරියක් නොවුණු නිසා......
ReplyDeleteමේ කතාවට මමත් එකඟයි රෙහානි අක්කි..
Deleteලස්සනයි :)
@=යසිත් ස්තුතියි ඔයාට
Delete@ =waka ස්තුතියි ඔයාටත්
ලස්සන නිර්මාණයක් :)
ReplyDeleteහ්ම් ...කෙටි කතාවලට එතරම් කැමැත්තක් නැති කෙනෙක් ලස්සනයි කීමත් සතුටක් !ස්තුතියි
Deleteනිර්මාණයක් ද? ඇත්ත කතාවක්ද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වුනත් රණවිරුවන්ට අපි හැමදාම ණයගැතියි
ReplyDeleteම් ...මෙහෙම කිවුවොත් තමයි හරි ,මේක සත්‍ය කතාවක් ඇසුරින් කරපු නිර්මාණයක් :)
Deleteසංවේදීයි නිර්මාණය රෙහානි...
ReplyDeleteස්තුතියි ලිහිණියෝ
Delete:)
පළවෙනි වතාවෙ වතුරට පනිද්දි හිතේ ඇති උනා මෙහෙම දෙයක් වෙයි කියල. ඒත් බන්ටි ගොඩට ආවාම කතාව ඒ විදියට ඉවර වෙන්නැති වෙයි කියල පපුව සැහැල්ලු වෙනකොටම ආයෙත් ඒ හිතපු තැනටම ගෙනල්ල බන්ටිව මරල දැම්මා. සන්වේදී කතාවක්
ReplyDeleteහ්ම් ...ඒක බන්ටිගේ කතාව !මටවත් බන්ටිගේ දෛවය වෙනස් කරන්න බෑ .ස්තුතියි සමී
Deleteම්ම්ම්ම්..... සංවේදී ලස්සන නිර්මාණයක් රෙහානි....
ReplyDeleteස්තුතියි සමනළී
Delete:)
ඔයා නියමෙට ලියල තියනවා. ඒ වගේම වෙනස් ආකාරයක කතාවක්. නිර්මාණ හැකියාව දියුණු වේවා තව තවත්!!
ReplyDeleteගොඩක්ම ස්තුතියි කොමෙන්ටුවට සහ ප්‍රර්ථනාවටත් චන්දන!
Delete:)
යුධබිමේ තවත් එක් ඇතුල් පැත්තක් ද මන්දා..?
ReplyDeleteමේ වගේ කතා කොයිතරම් ඇද්ද හමුදා මෙන්ම මිනිස් ජීවිත තුල සැඟවිලා
Deleteබොහොම රහට කාලයකට පස්සෙ රෙහානි ලියලා තියෙනවා... ලගකදී ලියපු ඒවායින් හොදම ඒක මේක...
ReplyDeleteඅහන්නත් සතුටුයි ..ස්තුතියි කොමෙන්ටුවට
Deleteවෙනස් විදිහක කතාවක්. සංවේදී විදිහට ලියල තියෙනවා.
ReplyDeleteස්තුතියි කොමෙන්ටුවට ගිමන්
Deleteලස්සන කෙටි කතාවක්.. මේ කාලට නොගැලපුනනත් එහි අහදහස හරිම සංවේදීයි
ReplyDeleteකාලයට නම් ගැලපෙන්නේ නැහැ තමයි දැන් අපිට යුද්දේ නෑනේ ..ස්තුතියි අදහසට !
Deleteලස්සනයි රෙහානි.... මුල් හරිය නම් හරිම සුන්දරයි... ඒත් පස්සේ.... අනේ හරි දුකයි....
ReplyDeleteගොඩක් ස්තුතියි අනු අදහසට
Delete:)
හහ් ......... ලව් නේද ............. නෝ අයිඩියා
ReplyDeleteමේ හොර ගෙඩියා බාගෙට කියෝලා
Delete:P
මට හිතුනා කෙල්ලෙක් ගෑවෙද්දී කොල්ලා ඉන්ජෙක් වුණේ නැත්තේ මොකද කියලා. ඒත් බලන් යනකොට බූට් සීන් එකක් නෙවෙයිනේ. ගොඩාක් දුක හිතුණා.
ReplyDeleteසඳරුට ඔච්චර දුක හිතුනනම් පොඩ්ඩට කොච්චර දුක හිතෙන්න ඇද්ද? අයියයි, අක්කයි දෙන්නම නැති උනාම. බලන් යනකොට මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. (ඒත් ඕක මට උනානම් මාත් ඔයින් එකෙක් වෙන්න තිබුණා).
ඇත්ත තමයි අකම් ගේ කතාව !පොඩ්ඩට සාංකාව හැදිලා බේරුනොත් ඇති .ඕනෑම ප්‍රශ්නයක් තමන්ගේ කරගෙන හිතුවහම තමයි සාදාරන උත්තරයක් එන්නේ .ස්තුතියි අකමෝ ඔයාටත්
Delete:)
දුක දැනුනත් ලස්සන නිර්මාණයක් රෙහානි..
ReplyDeleteඅලී ....මගේ බට්ටි අක්කියාට මාව මතක්වෙලා කාලෙකට පස්සේ.ඔයිටත් ස්තුතියි ඔඳේ ...!
Delete:)
හරිම ලස්සනට ඔයා කතාව ලියල තියෙනව රෙහානි...
ReplyDeleteස්තුතියි ගොඩක් චැම්ස්
Delete:)
ගොඩක් දිග පට්ට කතාවක් වගේ. දැන් නම් වෙලාවක් නැහැ කියවන්න වැඩ බොහොමයි. ඇවිත් කයවන්නම්කො...
ReplyDeleteඑමුකො එහෙනම් කියවන්න ..මේ පැත්තේ කරක් ගහනවට ස්තුතියි කිවුව ඔන්න
Delete:)
හොද, සංවේදී නිර්මාණයක්..
ReplyDeleteගොඩක් ස්තුතියි ඉෂාන් ..ලා දම් අහස යටට සාදරයෙන් පිලිගන්නවා !
Delete:)
වෙනස් ආකාරයක් නිර්මානයක්. සංවේදීව ලියලත් තියෙනව. අන්තිම වාක්‍යට නම් මගෙ කැමත්තක් නෑ. ඒකෙන් හමුදා නිලධරියෙකුගෙ තත්වෙ නැති වෙලා.
ReplyDeleteවෙනස් ආකාරයේ නිර්මාණ කරන්න හැකියාව ලැබේව.
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
ස්තුතියි අධිපති අදහසට ..ඒ වගේම මෙහෙට ඔයාව සාදරයෙන් පිලිගන්නවා !
Delete:)
අක්කා. බුදු රූපෙ වම දකුණ මාරු කෙරුවනම් ගැලපෙනව
ReplyDeleteඔයා හරි :)
Deleteහ්ම්ම්..අපූරු නිර්මාණයක්..
ReplyDeleteඔන්න ඔයාගේ මග් එකෙන් මට තේ බොන්නයි වෙන්නේ දැන් නම් :)
හිරු කෙල්ලත් ඇවිත් ;) ස්තුතියිකොමෙන්ටුවට !ඔන්න ඔයාගේ මග් එකෙන් මට තේ බොන්නයි වෙන්නේ දැන් නම් :( :( :(
Deleteමට මේක මිස් වෙලා දැනුයි දැක්කේ....අපුරුයි.......
ReplyDeleteකමක් නැහැ දැන් කියෙව්වනේ ... ;) ස්තුතියි !
Deleteඛේදවාචකයක් වුනත් ගැමිකම ඉතිරිලා යන නිර්මාණයක්. ඇත්තෙන්ම මේ සරමට තිත්තයො අල්ලන ඒවා හෙම අහන්නවත් නෑ නේද දැන්?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සරමට තිත්තයෝ අල්ලන්න දැන් ළමයින්ට කොහෙද වෙලාවක් !අනික දොළ වල්වල නාන්න යන්න ඕන නැහැ නේ දැන් බාත්රූම්ස් තියෙද්දී .. :) අපේ ගම් වල නම් ඒ වුනාට දුප්පත් මිනිස්සු තවමත් ඇලේ දොලේ නානවා .අපිත් ඉඳ හිට නිවාඩුවකට කට්ටිය එකතු උනහම දොළේ පනිනවා . අපේ අය අල්ලන්නේ තල කොස්සෝ තිත්තයෝ නෙවෙයි .උන් ලස්සනයිනේ . :)
Delete..............................
ඔබවත් ,
පිලිගන්නවා ඕන් ලා දම් අහස යටට සාදරයෙන් :)
රෙහානි, අපේ ගේ පිටිපස්සෙ ගලන පුංචි දොල පාරේ තවමත් දණ්ඩි ඉන්නවා දකින අය පුදුම වෙනවා. අපි පොඩි කාලෙ ඕකෙ බැහැලා සෙල්ලම් කලත්, අපේ ළමයින්ට ඕකට බහින්න නොදෙන්නෙ බාත් රූම් තියෙන නිසාම නෙවෙයි. මී උණ, එතකොට ඩෙංගු වගේ දේවල් වලට තියෙන බය නිසායි.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔය කියන දොළ පාරේ වතුර පිරිලා උතුරලා යන්නේ නැහැ නේද ?අනිවාර්යෙන් තැනින් තැන වතුර රැඳෙනවා ඇති .එහෙම නැතිනම් ඔය කියන තත්වය ඇතිවෙන්න විදිහක් නැහැ .විශේෂයෙන් තිත්තයෝ මදුරු කීටයින්ව ආහාරයට ගන්නවනේ .දැන් තියන තත්වය උඩ මාළුත් මැරෙනවා ඇති :)එහෙමනම් දරුවෝ අවදානමකට දාන්න බැහැනේ ..අපේ ගම්ව්ලනම් ඉතින් උපරිම පිරිසිදු ජලය !:)
DeleteLassanai:) eth dukai.
ReplyDeleteIssara math alata nana giyama waruwakata gedara yanne na. Rali gawumen thiththa patawu allanawa:) Mata kathawa kiyawanakota eka mathak una:))
දොළට ගිහාම තියන සිසිලසට ගෙදර එන්න ලෝබයි තමයි ..අපිත් ඔය වගේම තමයි කුමාරි .ස්තුතියි ඔයාට ..මෙහෙට සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් !දිගටම එන්න
Deleteලස්සන නිර්මාණයක්..
ReplyDeleteඅයි මෙහෙට ආවේ. පට්ට කතාව ඈ. නියමෙටම නියමයි.
ReplyDelete