ලා දම් අහසට පායන උදවිය ..

2014년 6월 20일 금요일

නිසල සිත් මල - 7

මෙතෙ ක්  කතාව කෙටියෙන්  ~

අ.පො.ස. සා/පෙ. සමත් වී උසස් අධ්‍යාපනය ලබන්නට යන විශ්මිට අලුත් පාසලේදී හමුවන හොදම මිතුරිය චමිලා.මිතුරා විරංග.පාසලේදී සිදුවන කම්කටොලු අතර , චමිලා හදිසියේ අසනීප තත්වයකට මුහුණ පානවා ....විශ්මිගේ ආදරණිය නැන්දණියගේ පුතු නිර්මල පො.වී.කා . බලකායේ සේවය කරද්දී ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ පා තුවාල ලබා රෝහල් ගත කරනවා..

සම්පුර්ණ කතාව පහත ලින්කු ඔස්සේ බලන්න..


 
1  2  3  4  
6

 
සුභද්‍රා..........කොල්ලා කලබල වෙලාවේ එතනට ගිහින් තියනව..එයත් එක්ක ගිය තුන් දෙනෙක්ම නැතිවෙලාලු..මගෙ කොල්ලා හොස්පිටල් ගෙනිහිං...අයියා විස්තරේ දැනගත්තු ගමන් පිටත් උනා..මාත් මේ ලොකු පුතා එක්ක යන්න කියලා හදන්නේ..අනේ සුහද්‍රා.....' තම එකම අයියාගේ බිරිඳ හඬා වැටෙද්දී සුභද්‍රාට ඉවසාගත නොහැකි විය.සුභද්‍රා නිර්මලට ඇලුම් කළේ තම කුසින් වැදූ දරුවෙකු ගානටය.

"සුදු දූ...අයියට ඇහැරවන්න...., අපිත් යන් සුදු අයියා බලන්න.." සුභද්‍රා කීවේ සාංකාවෙන් බලා උන් අත බලා සිටින විශ්මිගේ ඔලුව අතගාමිනි.

තාත්තා ඇහැරවන්න ඕන නෑ...අපි යමු ..යමින් ගමන් කතා කරලා විස්තරේ කියමු.. නැත්නම් තාත්තා ඔක්කොටම වඩා කලබල වෙයි...' සුභද්‍රා දමිත්ට කීවේ විශ්මි ඔහුව ඇහැරවාගෙන ආ පසුවය.

විශ්මි නාන කාමරයට වී කල්පනා කරන්නට වූයේ විරංගට මේ බව කිව යුතු බවයි.නැතිනම් පසු දින ඇය නැති වූ වහා ඔහු තමන්ව සොයන්නට ඉඩ තිබෙන බව ඇය සිතුවාය.චමිලා උනත් තමන් නොගියහොත් වරදවා සිතන්නට බැරි නැත.ඒ නිසාවෙන් ඇය විරංග අමතා සියළු විස්තර කීවාය.චමිලා බලන්නට යාමට නොහැකි වීම ගැන ඇයට අවංක සිත් තැවුලක් විය.විරංග දුරකථනය විසන්ධි කිරීමට පෙර ඇයට කියූ වදන යළි ඇගේ මතකයට නැගුණි. "කොහේ ගියත්, මොනවා කරත් පාඩම් වැඩ ටික හරියට කරන්න.එතන තමයි අපේ අනාගතේම තියෙන්නේ" විරංග කියුවේ සැබවින්ම සත්‍යක් බව ඇයට හැඟුණාය.


'අම්මෙ..........පව් අම්මෙ චමිලා........මට බලන්න යන්න වෙන්නෑනේ...ඊයේ ඩොක්ටර්ලා බලන්න දුන්නෙත් නෑ..මට දුකයි...' විශ්මි කීවේ රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ කාරයේ නිහඬ බව දුරලමිනි.


'මොනවා කරන්නද ළමයෝ කරදර එන්නේ කියලා නෙවෙයිනේ...ඔයා විරංගට කියන්න විස්තරේ...එයා කියාවිනේ...' සුභද්‍රා කීවේ පිටුපස ආසනයේ සිට ඉදිරිපස ආසනයේ උන් විශ්මි දෙස බලමිනි.

'න..නංගී............ඇයි චමිලා නංගිට මොකද වෙලා තියෙන්නේ?' අයියා මදක් කලබල වී එසේ ඇසුවෙන් යමක් මතකෙට ආ විශ්මිට සිනා ආවත් ඇය ආයාසයෙන් එය මැඩගෙන කතා කළේය.විශ්මි සියල්ල අයියාට කීවාය.අයිය්ගේ මුහුණ අඳුරු වී යනු විශ්මිට මනාව දැකගත හැකි විය.තමන් දැන දැනම කළේ මෝඩ වැඩකැ'යි ඇයට කල්පනා විය.

'ඇයි මට ඒ ගැන කිව්වෙ නැත්තේ......කලින් කිව්වා නම් මාත් යනවනේ බලන්න...' දමිත් කතා කළේ කනගාටුව මුසු හැඟීමකිනි.

අයියාගේ සිතේ චමිලා ගැන ආදරයක් ඇති බව විශ්මි දැනගත්තේ දැනට මාස කිහිපයකට කලිනි.ඒ දමිත්ගේ කාමරය අස් පස් කරන විටදී දමිත් අතින් ලියැවුනු කවියක ඈ ගැන සටහනක් තබා තිබුණු නිසාවෙනි.ඔහුට තම නැගණියගේත් ඇයගේත් මිත්‍රත්ත්වය පළුඳු වේ යැයි බියක් සිතෙහි විය.

සොරි අයියා.........මට ඒක අමතක උනා...."  විශ්මි කීවේ  සැබවින්ම සිදු වුණ කාරණාව ය .

දමිත් ගේ ජංගම දුරකථනය නාද වනවාත් සමගම ඔහු කාරය මාර්ගය අයිනට කොට නැවතීය . කුඩා වතුර බෝතලය අතට ගත්  ඔහු වතුර උගුරු දෙක තුනක් ගිල දමා ඇමතුමට පිළිතුරු සැපයුවේය.ඇමතුම නිර්මලගේ පියාගෙනි. ඔහු පැවසූ පරිදි නිර්මලව අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත යොමු කරවනු ඇත.මිහින්තලයේ පුංචි උන්නේ වාසනාවට යැයි  විශ්මිට හැඟුණේ දමිත් විස්තරය දෙදෙනාට කීවාට පසුවය.

 මිහින්තලයේ රාත්‍රිය ගත කළ  විශ්මිත්, පවුලේ අයත් පසුදා පාන්දර යුධ හමුදා රෝහල වෙත ගියෝය.ලොකු මාමා දුන් තොරතුරු අනුව නිර්මල උන් තැන සොයාගැනීම එතරම් අපහසු නොවීය .නිර්මලගේ  වෙඩි වැදුන කකුල අවාසනාවන්ත අයුරින් නිර්මලගෙන්  වෙන් කර තිබුණි .දෑස්  අදහාගනු නොහැකිව ඒ දෙස බලා  සිටි විශ්මිගේ දෑස්  වලින් කඳුළු කැට රූරා වැටුනේ නිමක් නොමැතිවය.කවදාවත් කඳුළු තෙත් කර තිබෙනු නොදුටු ලොකු මාමාගේ පවා දෑස්  අග කඳුළු රැඳී තිබෙනු දුටු විශ්මිට වාවාගනු නොහැකිව හැඬුම් ආවාය.විශ්මි කල්පනා කළේ  සුදු අයියාගේ අනාගතය කෙසේ විසඳේ ද යන්නය.

සුදු අයියාට සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබන්නට වෙන බව විශ්මිට හැඟී ගියාය.එහෙන් චමිලාට කුමක් සිදු වුවාදැයි දන්නේ ද නැත.දැන් සුදු අයියා දමා යන්නට ඈ ට සිත හදාගන්නට බැරිය.ඒ නිසාවෙන්ම ඈ මිහින්තලයේ නවතින්නට තීරණය කළා ය."ඉස්කෝලේ, පාඩම්, පංති .....කමක් නෑ මම ඒවා සුදු අයියා  වෙනුවෙන් කැප කරනවා..,දැන් රිවිශන්නේ ..කොහොම හරි තියරියෙන් ගොඩ යනවා...පාස් පේපර් තියනවනේ.." විශ්මි දුර දිග කල්පනා කළා ය.අඩුම තරමේ මාස දෙක තුනක් වත් ඔහු ළඟ තමන් සිටිය යුතු යැයි ඈ සිතුවාය.

දැන් විශ්මිගේ ජිවිතයේ පළමු තැන සුදු අයියාගේ  සැප දුක් සොයා බැලීමය.,මාස  දෙකක් රෝහලේ නේවාසිකව සිටි ඔහුව විජේසේකර  මිහින්තලයේ නවත්වාගෙන ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන යාම යි සිදු කළේ .විශ්මි විසි හතර පැයේම  ඔහු ගැන සොයා බැලිය.විශ්මිගේ පාඩම් වැඩ වලට ඈ ඔහුව හවුල් කර ගන්නීය.ඔහු ප්‍රශ්න අසන විට ඈ පිළිතුරු දෙන්නීය.වැරදුන විට ටොකු පහර ද ලබන්නීය . නිර්මලව සනසන්නට, ඔහුගේ ගිලිහුන මානසිකත්වය යථා  තත්වයට ගන්නට ව්ශ්මි බොහෝ වෙහෙසෙයි.

විශ්මි නිර්මල පසුපසම වැටී සිටියා මිස විරංග ට ඇමතුමක් දෙන්නට පවා සිතුවේවත් නැති බව ඇය කනගාටුවෙන් සිහි කළාය .දැන් චමිලාද සුව අතට හැරී ඇති බව ඇය  සතුටින් සිහි කළා ය.චමිලාත් ,විරංග ත් දැන් එකට පාඩම් කරනවා ඇති,ලයිබ්‍රි  යනවා ඇති ..."විශ්මි තමාත් ඒ දෙදෙනාත් කළ  කෙළිලොල් දගකාරකම් මදකට සිහියට නංවාගෙන සිතුවාය.සතුටු වුණා ය.විශ්මි වහා චමිලාගේ නිවසේ දුරකථනයට ඇමතුම් කළාය .එහෙ ත් එම මොහොතේ එය ක්‍රියා විරහිත කර තිබුණි. නැවත  නැවතත් උත්සහ කළද පලක් නොවූයෙන් ඇය විරංග ගේ නිවසට ඊ  ළඟ ඇමතුම  ගත්තාය.දුරකථනය නාද වෙනු ඇසීම විශ්මිගේ සතුටට හේතු විය.

"හෙලෝ.....' පිළිතුරු ඇසුනේ පිරිමි හඬකිනි.නමුත් ඒ විරංගගේ හඬ නොවේ..
අංකල් ....විරංග ඉන්නවද ?' විශ්මි ඇසුවේ අනිවාර්යෙන්ම ඒ විරංගගේ පියා  විය යුතු බව දන්නා නිසාය.

ආ...දුව.....! ,විරංග මල ගෙදරක ගිහින්නේ.....ඔයා එයාගේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න ...' විරංග ගේ පියා ඇය ව හඳුනා ගත්තේ නැත.

"හෑන්ඩ් ෆෝන් ? අප්පටසිරි කොල්ල දියුණුවෙලා " විශ්මි යටින් සිතමින් "අංකල්  නම්බර් එක දෙන්නකෝ එහෙනං " කියා එය ඉල්ලාගෙන එම අංකයට ඇමතීය .


 හෙලෝ....." කාලයකට පසුව ඇසුන විරංගගේ හඬ වෙනදා නොවෙන තරම් වෙනසක් ඇතැයි  ඇයට නිකමට මෙන් සිතුණි .

විරංග.....මං ......"

විශ්මි.....ඔයා ඇයි  කෝල් එකක් වත් නොදුන්නේ.." විශ්මිට කතා කිරීමට අවස්ථාවක් නොදීම විරංග කතා කළේය.

"අනේ මං  කතා කරන්න හිටියේ....ඒත් ...දවසින් දවස ඒක පහු වුණා ..සොරි  විරංග...ඒක  නෙවෙයි , කොහොමද චමිලට ?"

"ඒ ගැන මං  කොහොමද ඔයාට කියන්නේ විශ්මි...?" විරංග කීවේ කනගාටුව මුසු ස්වරයකිනි.

"ඒ කිවුවේ.......?" විශ්මි ඇසුවේ කලබලයෙනි.

"අපි දෙන්නව පාට පාට හීන ලෝකවලට....එක්කගෙන ගිහිං ...අපිව සතුටු කරවපු...අපිව හිනා ගස්සපු එයා....අපිව දාල  ඒ හීන  ලෝකෙට ඇත්තටම ගියා  විශ්මි....ඇත්තටම ගියා..." විරංග බිඳුණු හඬින්  ඒ ටික කියද්දී විශ්මිගේ වාවාගත නොහැකි කඳුළු දෝර ගලන්නට විය.


"ම..ම... තාම  මිහින්තලේ....,මගේ රත්තරං  අයියා මේක දන්නවද විරංග?" විශ්මි කතා කලේ විනාඩි ගානක නිහැඬියාවකින් පසුවය.

"ඔවු විශ්මි....මං  එයා  පස්සෙන්ම ඉන්නවා..., ඔයා  ඒ ගැන වැඩිය හිතන්න එපා..මේ දැනුත් මාත් එක්ක ඉන්නේ "

"මං  අදම එනවා විරංග .....මට දුක......එයාව යන්න කලින් එක මොහොතක් බලාගන්න බැරි වුන එකට...,එක වචනයක්....එයත් එක්ක කතා කරන්න බැරි වුන එකට...කවදද මේක උනේ විරංග?"

"ඊයේ හවස.....බොඩි එක ගෙනාවේ අද පාන්දර....,එයාට  හැදිලා තිබුණේ  කාලකන්ණි  කැන්සර්  එකක් විශ්මි..., ඔයා  එන්න විශ්මි..මට දෙයක් තියනවා ඔයා ආවට  පස්සේ කරන්න..."


"දෙයක්.............?"

"ඔවු......විශ්මි.......ඉක්මනින් එන්න......"

댓글 30개:

  1. කතාව ලස්සනයි රෙහානි....................

    එක හුස්මට කියෙව්වා...

    답글삭제
    답글
    1. ස්තුතියි ගී පවුර...

      삭제
  2. හප්පේ මදැයි ,පරණ ඒවා තික උඩින් පල්ලෙන් බලාගෙන ගිහින් තමයි ආපහු මේක කියවන ගත්තේ , පොඩි ෆ්ලෑෂ් බැක් එකක් දැම්මා , දැන් ආයේ අතුරුදහන වෙන්නේ නැතුව ලියන්න ..
    කතාව එක සැරේම නොහිතපු පැත්තකට හැරෙව්වා නේද?

    답글삭제
    답글
    1. අනේ සමාවෙන්න ඉවාන්......

      මට මේක නතර කරලා දාන්න හිතෙනවා හය්යු ලියන්නේ නැතිව... :(

      හ්ම්....

      삭제
    2. නතර කරන්න හිතෙනවා ?????
      ඒ මොකෝ ???
      පිස්සු කෙලින්න් හදන්න එපා රෙහෝ ....
      ආයේ ලිව්වේ නැත්තං ගෙදර ලඟට ඇවිත් පිකටිං කරනවා ලියනකන් හොඳේ ...ඔන්න අපිව නරක මිනිස්සු කරගන්න හදන්නේ රෙහානි

      삭제
    3. හාකෝ එහෙනම්..... ;)

      삭제
  3. චමිලාගෙ මරණෙ ගැනයි නිර්මල ගෙ කකුල ගැනයි නම් දුකයි.…

    විරංග මොකක්ද කරන්න ලෑස්ති වෙන්නෙ.????

    답글삭제
    답글
    1. හ්ම්....

      බලමු නේද ප්‍රියා ඉස්සරහට...

      삭제
  4. පව් චමිලා.. කුතුහලේ ඉතුරු කරලා කතාව නවත්තලා නේද ....

    답글삭제
  5. මට ඔයාගෙ නැවත පැමිනිමෙ ලිපිය කියවන්න වුනෙත් දැන්.සතුටුයි ලොකු නැන්දෙ .එ වුනාට මෙ කතාව නම් තනිකරම සොක කලාපයක් වෙලානේ.

    답글삭제
    답글
    1. තෑන්ක්ස් ......

      ටිකක් දුකයි වගේ තමයි.....ඒත් ....ඉස්සරහට ගොඩක් වෙනස් වෙයි කියලා හිතනවා

      삭제
  6. අඩේ මේ කතාවේ දුක හිතෙන ඒවා වැඩි නේ :/

    답글삭제
    답글
    1. ඉස්සරහට ඒම වෙන එකක් නෑ

      삭제
  7. අමතක වෙච්ච නිසා මුල් කොටස් ආපහු බලන්න වුනානෙ රෙහානි ඒකයි පරක්කුව.දැන් ආයෙම අලුත් පැත්තකට යන්න වගේ බොහොම ශෝකජනක දේවල් වැඩියි නේද.හැමදාම මොකක් හෝ දුකක් කරදරයක්.

    답글삭제
    답글
    1. අනේ සමාවෙන්න

      ඉස්සරහට ඒම වෙන එකක් නෑ

      삭제
  8. හෙට එන්නම් ආපහු..කථාව කියවන්න ගත්තට කලින් කොටස් ගැන කිසිම මතකයක් නෑ. ඔබේ දිගු නිවාඩුව තමයි කාරණේ.....

    답글삭제
    답글
    1. කමක් නෑ අයියේ ....පුළුවන් වෙලාවට කියවන්නකෝ

      삭제
  9. :O

    :'(

    කියාගන්න වචන නැත. ඇයි කියලා අහන්න එපා

    답글삭제
    답글
    1. දුක් සීන් වැඩියි නේද ......

      삭제
  10. දුක වැඩියි රෙහානියේ මේකේ..:(හරියට tv එකේ යන නාට්‍යක් වගේ..:D

    මිහින්තලයේ පුංචි මිහින්තලයේ කොයි හරියේද ඉන්නේ..?

    답글삭제
    답글
    1. ...හපුයි.....

      මිහින්තලේ හංදියේ .....:D

      삭제
  11. යංතන් කතාව ආයෙ පටන් අරන්, දැන් ඉතින් නවත්තන්නැතුව දිගටම යං :D

    답글삭제
    답글
    1. සසිදුවෝ........කොහොමද?

      සොරි ....දිගටම ලියන්න තමයි අදහස...

      삭제
  12. දැන් ඉතින් මේ මාස 6කට පස්සේ අපිට කලින් ඒවා මතකයි කියලද හිතේ? හිටු ඒවා එහෙන් මෙහෙන් ආයෙම කියවලා එනකන්..

    답글삭제
  13. හම්මේ කොයිද රෙහානියෝ ගොහින් හිටියේ නවත්තන්නේ නැතිව දිගටම ලියමු. දුක සීන් වැඩි අෆ්ෆා

    답글삭제
    답글
    1. ලියන්න තමයි හිත ශානුවෝ

      삭제
  14. මාව ෆලෝ කරල තියෙනවාඅ දැකලයි ලා දම් අහස යටට එන්න පාර හොයාගත්තෙ. විවේක පාඩුවේ නවකතාව කියවන්නෝනි.

    답글삭제
    답글
    1. ගොඩක් ආදරෙන් පිළිගන්නවා මේ පැත්තට....
      කියවන්නකෝ හෙමීට එහෙනම්

      삭제