ට්‍රීං ට්‍රීං .................. ට්‍රීං ට්‍රීං............."
සශ්මිකගේ නිවසේ දුරකතනය එක දිගට නාද වෙද්දී එයට පිළිතුරු දුන්නේ සශ්මිකගේ මව..
හෙලෝව්....."
අනෙක් පසින් දිගු කතාබහක් වන බව සශ්මිකගේ මවගේ නිහඬතාවය කියා පාද්දී ඒ ගැන විමසිල්ලෙන් සශ්මිකගේ ලොකු අක්කා හිමාලි ද ඒ කිට්ටුවට ආවා.අම්මාගේ මුහුණ අඳුරු වී යනු දුටු ලොකු අක්කා මදක් බියපත් වී කරුණු විමසන්නට වුණා..
ඇයි අම්මා..................? මොකද්ද ප්‍රශ්නේ ? හිමාලි ඇසුවේ අම්මගේ ඇස්වලින් වැගිරෙන කඳුළුවලට හේතුව දැනගන්නට හදිසියෙන් මෙන්.
"අනේ මගෙ අසරණ කොල්ලා........." මවට වචන වලට පෙරලාගත හැකි වූයේ එපමණයි.
"ඇයි අම්මා මල්ලිට මොකද? කවුද කතා කලේ.........?"
"අපි ඉක්මනට හොස්පිටල් යමු ....අනේ ඉක්මනට යමු...." හිමාලිත් මවත් හැඳ සිටි ඇඳුම් පිටින්ම රෝහල වෙත පිටත් වුණා.
සශ්මික උන්නේ වේදනා නාශක වල සැරත් සමග ලොකු නින්දක.අම්මාත් අක්කාත් සශ්මිකගේ ඇඳ ළඟට ආවේ සශ්මිකගේ තුවාල වුන අතත් වෙලා තිබුණ කකුලත් දිහාව බලාගෙන.අම්මා හැඬුම් නවතාගන්නට කොතෙකුත් උත්සාහ කළත් එය කොහෙත්ම කරන්නට බැරි උනා...අම්මාගේ සීතල කඳුළු බිංදු සශ්මිකගේ උරහිසට වැටෙද්දී සශ්මික ගේ ඇස් හෙමින් ඇරුණා.සශ්මික මුල්ම වරට අම්මාගේ කඳුළු වැටෙන මුහුණ දකිද්දී සෙමින් වටපිට බැලුවා.කනගාටුවෙන් තමන් දෙස බලා සිටින ලොකු අක්කාද පරිසරයද දුටු සශ්මිකට සියල්ල පැහැදිලිව මතකයට නැගෙමින් තිබුණා.අම්මා තමන්ගේ හිස අතගානු දැනුණ සශ්මිකගේ ඇස්වලට කඳුළු ඉනුවේ ඉබේටමයි...
"අ ..අම්මේ.........." සශ්මික කීවේ ඇස්වලින් වැටෙන කඳුළු අතරින්..
මගෙ රත්තරං පුතේ" අම්මා ගේ කටින් ජීවිතයේ පළමු වතාවට ඇසුන ඒ වචන තුන සශ්මිකගේ හදවත පතුලටම කිමිදිලා ගියා,එය ඔහුට දරාගන්නට අමාරු හැඟීමක් උනා...හිමාලි මේ අම්මාගේත් පුතාගේත් අනුවේදනීය කතා බහ දරාගන්නට නොහැකිව මෙන් වෛද්‍යවරයා සොයා ගියේ සශ්මිකගේ තත්ත්වය සොයා බැලීමට.
"අ..අම්..මේ........., ඇයි මට මගේ අම්මා වෙනස් කම් කළේ...? සශ්මික උනන කඳුළු ඔහේ ගලා යන්නට හැර කතා කලා..
"රත්තරනේ...............ඕවා කතා කරන්න තැන නෙවෙයි මේ........මගෙ රත්තරන් සනීප වෙලා ගෙදර යමු ඉස්සරවෙලා.." අම්මා කවදාවත් නැති තරම් ලෙංගතුකමකින් කතා කිරීම සශ්මිකට සතුටක් උනා සේම හිතට ලොකු බරක් උනා..
හිමාලි එතැනට ආවේ ඒ අතරතුර...
" මොකද්ද පුතේ ඩොක්ටර් කියන්නේ? මව ඇසුවේ හිමාලිගෙන්...
"මල්ලිට තව දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන් කීවා අම්මේ...අතයි කකුලයි ටිකක් ඩැමේජ්ලු.....වාසනාවට බරපතල දෙයක් වෙලා නැහැලු..' හිමාලි කීවේ සුසුමක් හෙලමින්..
"අම්මා ..........මට අද මේ දැන්ම දැනගන්න ඕනේ...ඇයි අම්මලා අක්කලා මට වෙනස්කම් කරන්නේ කියලා.." මේ ගැන කතා කිරීමට මීට වඩා සුදුසු අවස්තාවක් නොමැති බව සශ්මිකට වැටහී තිබුණා..උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් පැත්ත නොබලපු අම්මා වෙනස් වූයේ මේ අනතුර නිසා බවත් මේ අනතුර තමන්ගේ වාසනාවට සිදු වූවක් බවත් සශ්මික සිතුවා.
මම කිවුවනේ පුතේ.................ඉස්සෙල්ලා සනීපවෙලා මයෙ පුතා ගෙදර යමුකෝ..." මව නැවත කීවේ මුහුණේ තැනින් තැන ගිය කඳුළු පාරවල් පිස දමමින්..
"බෑ අම්මා........මට දැන් කියන්නම ඕන...." සශ්මික කීවේ නිවසට ගිය පසු තමන්ට ආපහු සුපුරුදු ජීවිතයම ගත කරන්නට වේ යැයි බියෙන්.සශ්මිකගේ පෙරැත්තය නොනවතින බව තේරුණු මව සියල්ල හෙළි කරන්නට වූයේ කඳුළු සලමින්..
පුතා ඉපදෙන්න හිටපු කාලේ අපි ස්කෑන් එකකින් දැනගත්තා අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා..ඒ දැනගෙන තාත්තා හරි කැමති වුනා.අක්කලා දෙන්නට පස්සේ අපිට ඔයාව ලැබුණම පව්ලට කිසිම අඩුවක් නෑ කියලයි අපි හිතුවේ.පුතා තමයි අපේ වාසනාව කියලා අපි පුතාට ගොඩාක් ආදරෙන් හිටියා ඉපදෙන්න කලින්..තාත්තා මට කන්න බොන්න කිසිම අඩුවක් කළේ නෑ.මාව ඒ දවස්වල පරිස්සම් කළේ මලක් වගේ.එච්චර සතුටින් හිටපු අපි දෙන්නා......
සශ්මිකගේ මව සියුම් ලෙස ඉකි බිඳින්නට වුණා..සශ්මික හිටියේ නොයිවසිලිමත්ව.
ඉතිං....කියන්නකෝ........" සශ්මික කීවා.
පුතා ලැබෙන්න අමාරු වෙලා හොස්පිටල් අරන් යද්දී තාත්තා ගෙදර හිටියේ නෑ.තාත්තා හිටියේ ලොකු වැඩකට ගිහිං.සිරිදාසයි අපේ අම්මයි තමයි මාව හොස්පිටල් ගෙනාවේ.පස්සේ ඔයාව මගේ අතට දෙනවා මට මේ දැන් වගේ මතකයි.මම කීවා සිරිදාසට තාත්තට කෝල් එකක් අරන් දෙන්න කියලා.සිරිදාස කෝල් එක අරං දුන්නා.මම පුතා ලැබුණු ආරංචිය සතුටින් කියද්දී තාත්තා ගිරි යටින් කෑගහලා කීවා "ඔය කාලකණ්ණියා මගේ ගෙදරට ගේන්න එපා කියලා.." එසේ කියූ මව මොහොතක් නිහඬව සිටියා..
"ඉතිං .........තාත්තා ඇයි අම්මේ මට කාලකණ්ණියා කිව්වේ? සශ්මික ඇසුවේ තුවාල වේදනාව යටපත් කරන තරම් ලොකු වේදනාවකින් තෙරපෙන හදවතේ හැඟුම් අතරින්..
"තාත්තාගේ කන්ට්‍රක්ෂන් කම්පනි එකට ලැබෙන්න ගිය කෝටි ගානක ප්‍රොජෙක්ට් එකක් පිටට ගිහින් තිබුණා..තාත්තා දැන් ඉන්න තත්ත්වෙට වඩා දහස් ගුණයකින් ඉහළ හිටපු කෙනෙක් පුතේ..තාත්තා හිතුවේ පුතා ඉපදුනේ එයාට අවාසනාවත් අරගෙන කියලා.ඒ ප්‍රොජෙක්ට් එක නොලැබුණත් හරි, තාත්තා මාස හයක් වගේ කාලයක් ඇතුලත ගොඩාක් පහළට වැටුණා.ඒ හිටපු තත්ත්වෙට එන්න මේ අවුරුදු දා හතටවත් එයාට ආයේ පුළුවන්කමක් ලැබුණේ නෑ.. "
"එච්චරද අම්මේ? " සශ්මික ඇසුවේ මහා කළකිරීමක් හිතේ පුරවගෙන.
"නෑ පුතේ .............ඊට පස්සේ ටික වෙලාවකිං මට ආයෙත් කෝල් එකක් ආවා.ඒ සිරිදාසගෙන්.සිරිදාස අම්මත් එක්ක ගෙදර යද්දී ඇක්සිඩන්ට් වෙලා.අම්මා හිටපු පැත්ත පාර අයිනේ තිබුණ ගහක හැපිලා,සිරිදාස යන්තම් බේරිලා තිබුණා....ඒත්................පුතාව මට ගෙදර එක්ක යන්න උනේ මළ අඳෝනා කෙඳිරිලි විලාප හඬ මැද්දෙන්."
ඒ ටික අහද්දී සශ්මිකට තමන් "කාලකණ්ණි මුස්පේන්තුවකු " බව සශ්මිකටම සිතුණා..අම්මලා තමන්ට මේ තරම් හෝ සැලකුවා එක අතකට ඇති නේදෝ කියා සශ්මිකට සිතුණා..සශ්මිකගේ මුලු හිතම මහා මූසලකමකින් පිරිලා ගියා.සශ්මික තමන් ගැනම පසු තැවුනා..ඒත් දෙය්යනේ ඇයි මටම මෙහෙම දුක් දුන්නේ කියා සශ්මිකට කෑ ගසා අසන්නට සිතුණ ත් සශ්මික වචනයක්වත් පිට නොකර හිටියා..ඔහුටත් නොදැනී ඔහුගේ දෑ ස් වලින් වැටුණු කඳුලු බිඳු කොපමණදැයි ඔහු දැන සිටියේ නෑ.
සශ්මිකගේ මව මෙන්ම පියාද රෝහලේ සිට නිවසට ආ සශ්මිකට ආදරයෙන් සලකන බව සශ්මිකට දැනෙමින් තිබුණා.අක්කලා දෙන්නා උනත් තමන්ට බත් කවා, නාවා, ඇඳුම් පැලඳුම් සෝදා දී දැන් තමන් සමග කාලය ගත කරනවා වැඩි යැයි ඔහුට දැනෙනවා.සශ්මික ඒ ගැන සතුටු වන තරමටම අතීතය සිහිපත් වීමෙන් සියුම් වේදනාවක්ද ඇතිවෙනවා.
සශ්මික ඇඳ මතට වී කල්පනා කරමින් උන්නේ කෂිනි පිළිබඳව .කෂිනි තමන්ට සිදුවූ අනතුර හෝ කිසිවක් නොදන්නා බව නම් විශ්වාසයෙන්ම සශ්මික හිතුවා..එසේ නොවුනානම් අනිවාර්යෙන්ම ඈ ඔහු බැලීමට රෝහල වෙත එනු නියත බව ඔහු සිතුවා."සමහරවිට මිල්හාන්ට කෝල් කරලා මං ගැන අහන්නත් ඇති- මම කියන්න එපා කීව නිසා මිල්හාන් කියන්න නැතුව ඇති." සශ්මික අනිත් අතට කල්පනා කළා.ඒත් සමගම සශ්මිකගේ ඇස ගැටුනේ ඔහුට එදා ආ ලියමන.සශ්මික එය විවෘත කර බැලුවා.
එහි තිබූ වචන කියවා සශ්මිකට උන් හිටි තැන් අමතක වී ගියා.සශ්මික අන්තර්ජාතික චිත්‍ර තරඟයකට යොමු කර තිබූ චිත්‍රයක් ප්‍රථමස්තානයට තේරී තිබුණා..එහි සහතික හා පදක්කම් ලබා ගැනීමට සශ්මිකට රටින් පිට වන්නට තිබුණේ තවත් දින දෙකයි.සශ්මික එය එවෙලෙහි විවෘත කර තිබුණේ වාසනාවකට මෙන්..මේ තොරතුර දැනගත් වහා සශ්මික කෂිනි සොයා ඇගේ නිවසට යන්නට තීරණය කළා.නිවිතිගලින් ත්‍රීවීලරයක් ගෙන්වාගත් ඔහු රත්නපුර කෂිනිගේ නිවස සොයා යන්නට වුණා.
රත්නපුර ෂෙඩ් එක ලඟින් පහළ අතුරු පාරේ ගිය ඔහු මදක් දුරට ගියපසු දුටුවේ වැල් පාලමක්.
"අය්යේ......මෙතනින් එහාට වීල් එකට යන්න බෑ වගේ.., ඔයා යන්න.මම එනකොට වෙන වීල් එකක එන්නම්.." සශ්මික මුදල් දෙන ගමන් කීවා..
"පිස්සුද සශ්මික මල්ලි.....ඔයාට එහෙම කරන්න පුළුවන්ද...අනික මේ තුවාලත් තියාගෙන ඉන්න ගමං... යං ...මාත් එන්නං.." ත්‍රි රෝද රථ රියදුරා සශ්මික සමග වැල් පාලමෙන් එගොඩ වුනා.වැල් පාලමේ දිරා ගිය ලෑලි අතරින් ගලා යන මහා ජල කඳ පෙනෙන්නට වුනා.
කෂිනිගේ බාප්පාගේ නම කියූ සැනින් මිනිසුන් දන්නා නිසා නිවස සොයා ගන්නට සශ්මිකට අපහසු උනේ නෑ.ඉදිරිපස දොර වසා තිබූ හෙයින් සශ්මික දොරට තට්ටු කළා,..ඒත් සමගම ත්‍රී රෝද රථ රියදුරුද "ගෙදර කවුද" යනුවෙන් කතා කළා...
කවුරුත් නෑ වගේ නේද මල්ලී? " රියදුරු කීවා..
"ඒකනේ අයියේ..........පොඩ්ඩක් ඉන්න මම පිටිපස්සෙ පොඩ්ඩක් බලලා එන්නම්..." සශ්මික එසේ කියා පිළිකන්නෙන් කුස්සිය පැත්තට ගියා.ක්ෂනයකින් යන්තම් ඇර තිබුණු ජනේලයේ ග්‍රිල් අතරින් සශ්මික දුටුවේ ඇස් අදහාගත නොහැකි සිදුවීමක්..
"කෂිනී.................................. ! " සශ්මික ගිරි යටින් කෑ ගසද්දී රියදුරුද එතැනට දිව ආවා.
"සශ්මික .............ඔයා ඇයි මෙහේ ආවේ........දැන් යන්න සශ්මික...අනේ දැන් මගෙන් වැඩක් නෑ යන්න සශ්මික..." කෂිනි හඬමින් කියාගෙන ගියා..
ඇයි රත්තරනේ මාව දාලා යන්න හදන්නේ.........දොර අරින්න මගෙ වස්තුව ඔතනින් බැහැලා..." සශ්මික කීවේ වෙව්ලන හඬින්.ඒ වන විට සශ්මිකගේ දෙපා පණ නැති වී ගොස් තිබුණා.කෂිනි උන්නේ බෙල්ලේ වැල දා ගැනීමට සැරසෙමින්.එක්පසක් සාරියකින් ගැට ගසා තොණ්ඩුවක් සදා ගෙන පුටුවක් මතට වී දොරගුළුද ලා ගෙන සිටින කෂිනිට මේ අවස්තාවේ මොනවා කියන්න දැයි සශ්මිකට සිතාගන්නට පවා බැරි උනා..
"දොර අරින්න හොඳ බබා වගේ.........ඊට ප්ස්සේ අපි දෙන්නම එකට මැරෙමු..මාව තනියෙන් දාලා ඔයා යන්නෙ කොහොමද කියන්න කෂිනි " මේ සංවාදය අතරතුර ත්‍රි රෝද රථ රියදුරු කුස්සියේ දොර කඩා නිවසට ඇතුල් උනේ සශ්මික මල්ලී කියා කෑ ගසමින්...ඒ අනුව ගෙතුළට දුව ගිය සශ්මික කෂිනිගේ කාමරයේ අගුලට අලවංගුවෙන් පහර තුන හතරක් එල්ල කර ඒ දොර ද හැර ගත්තා..ඒ වන විටත් බෙල්ලට තොණ්ඩුව දමාගෙන හුන් කෂිනිව උස්සාගත් සශ්මික රියදුරු තොණ්ඩුව ලෙහන තෙක් සිටියා...යන්තමින් සිහි මූර්ජා වී සිටි කෂිනිට වතුර පොදක් ඉස ඈ යථා තත්ත්වයට පත් කර ගත්තා..
ඇයි රත්තරං මාව දාලා යන්න හැදුවේ? කෝ අම්මයි බාප්පයි? සශ්මික ඇසුවේ බොහෝ වේලාවකට පසුව.
කෂිනි නැවත හඬා වැටෙන්නට වුණා..
අම්මයි බාප්පයි අද කොළඹ ගියා ..අම්මගෙ ටෙස්ට් එකක් කරන්න . " කෂිනි කීවේ හැඬුම් අතරින්.. "ඇයි දෙය්යනේ ඔයා මට මැරෙන්න දුන් නැත්තේ? " කෂිනි කීවේ වැලපෙමින්.
"ඇයි ඔයා මැරෙන්න හදන්නේ කියන්නකෝ.........?" සශ්මික ඇසුවේ ආදරයෙන් ඇගේ ඔලුව අතගාන ගමන්..
"අද අම්මයි බාප්පයි නැති බව දැනගෙන බාප්පගෙ මිනිහෙක් මට කරදර කළා ගෙදරට ඇවිත්....මේ"
කෂිනි කීවේ සීරීම් තුවාල සශ්මිකට පෙන්නන ගමන් ඉකිබිඳුම් අතරින්.
"මොනවා....? " සශ්මික කීවේ ඉවසාගත නොහැකි කේන්තියෙන්..ඌ කොහේ එකෙක්ද? ඔයා අඳුරනවද?
"මම හොඳටම දන්නවා ඌ.....මගේ වයසේ දුවෙකුත් ඉන්නවා තිරිසනාට.." කෂිනි කීවේ කලකිරීම මුසු කේන්තියකින්.
"ඕකාට දෙන්න තියන උපරිම දඬුවම දෙන්න ඕනේ ...මම ඒක බලාගන්නම්..." සශ්මික කීවේ ශාප කරමින්.
"සශ්මික...ඔයාට දැන් මගෙන් වැඩක් නෑ...ඇයි මට මැරෙන්න දුන්නැත්තේ..? මම කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නේ...මම කොහොමද ඉස්කෝලේ යන්නේ..?කෂිනි නැවත හඬමින් කීවා..
"ඇයි ඔයාගෙන් මට වැඩක් නෑ කියන්නේ...මම ආදරේ කළේ ඔයාට ...වෙන කිසිම දේකින් මට වැඩක් නෑ...මට ඕනි ඔයාව විතරයි...ඔයා හිතනවද මමත් ගොඩක් පිරිමි වගේ ලේ බිංදුවකින් ආදරේ මනීවි කියලා...? " සශ්මික කීවේ ස්ථිර අදහසින්...
"ඒත් ඔයාගේ අම්මලා?........... "
"මෙතනදි මගේ ආදරේ විතරක් විශ්වාස කරන්න කෂිනි.....මගේ ආදරේ විතරක්ම....!" සශ්මික එසේ කියා කෂිනිව පපුවට තුරුල් කර ගනිද්දී කෂිනිගේ හැඬුම් අතරින් රතු වෙච්ච ඇගේ මූණේ පුංචි සිනා රැල්ලක් මතුවෙලා ඒ අහිංසක මූණ කැමීලියා මලක් වගේ විකසිත වුණා.
~නිමි~
ඔන්න මෙපමණ කලක් මගේ කතාව කියවපු හැමෝටම ගොඩාක් ස්තුතියි... ( කොමෙන්ටු නොදා හොරෙන් කියවපු අයටත් ස්තුතියී ඈ :D )
මුලන්ම ආපු හැගීම නං සශ්මික ගැන පවුලේ අයගේ තිබ්බා ආකල්පය ඒක හරිම අභව්‍ය දෙයක් ඒ වගේ අසාමාන්‍ය දේකට ඔය තරං අසාමාන්‍ය විදියට හිතන එක හිතන්නත් අමාරුයි. කොහොම උනත් කතාව පෙලගැස්ම හුගක් හොදයි.. සතුටුදායක අවසානයකට වඩා රියලැටියට කිට්ටු වෙන්න කැමතියි නේද රෙහානි...
ReplyDelete//මුලන්ම ආපු හැගීම නං සශ්මික ගැන පවුලේ අයගේ තිබ්බා ආකල්පය ඒක හරිම අභව්‍ය දෙයක් ඒ වගේ අසාමාන්‍ය දේකට ඔය තරං අසාමාන්‍ය විදියට හිතන එක හිතන්නත් අමාරුයි.//මේ දේ කෙන කෙනාගේ සිතුම් පැතුම් එක්ක වෙන දෙයක් කියලයි මම නම් හිතන්නේ ඔන්න. :)
Delete//සතුටුදායක අවසානයකට වඩා රියලැටියට කිට්ටු වෙන්න කැමතියි නේද රෙහානි..//ඒ වගේද දැනුනේ ඈ... ඒනම් එහෙම වෙන්ට ඇති :D
ස්තුතියි මුල ඉඳන්ම කියෝලා අඩු පාඩු පෙන්නලා දුන්නට දේශ්
ප්‍රශ්නෙ තියෙන්නෙ මේක යි. අද කාලෙ මෙහෙම පිරිමි ඉන්න්නවද කියන එක. හැබැයි අතරින් පතර හරි නෑ ම කියන්නත් බෑ. ඔන්න මම නම් කතාව මුල ඉඳන් ම කියෙව්වා. හැබැයි මේ වගේ අවසානයක් ගැන හිතුවෙ නෑ.
ReplyDeleteහොඳ දේ ටිකයි වගේ හොඳ අයත් ටිකයි දිලිනියෝ..
Deleteස්තුතියි දිලිනි ගොඩාක් මුල ඉඳන්ම කතාව කියෙව්වට. :)
අමුතු අවසානයක්,මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුණේ නෑ
ReplyDeleteස්තුතියී හැලප තුමා දිගටම කතාව කියෙව්වට.. :)
Deleteහම්මේ ඇති යන්තම් මම බයේ හිටියේ කොල්ලට මොනාහරි වෙයි කියලා ,, ඉවරයි නේද ,, එහෙන්ම අළුත් එක්ජක් ලියමු ඉදගෙන :)
ReplyDeleteඋනේ නෑ නොවැ...අලුහ් එකක් පසුවට ලියමුකො ඉඳගෙන..
Deleteස්තුතියි ඔමා අනාවැකි එහෙම දුන්නට ඉඳගෙන.. :D
මෙච්චර වටිනාකමක් ඇති කතාව තවත් ලස්සන වෙනවා අර නම් දෙක වෙනස් කරලා දැම්මා නම් රෙහානි... ඒ නම් දෙක දකිද්දී ලංකාවේ නෙවේ වගේ හැගීමක් එන්නේ.. කෙසේ උනත් කතාව හරිම ලස්සනයි... ආදර්ශමත් .......... තව කතාවක් ලියන්න බලන්න...
ReplyDelete( මේක ඔටෝ පබ්ලිෂ් කරපු එකක්ද ...? )
ඉහි ඉහි...............ඇයි අවුල්ද එච්චරටම ඒ නම් දෙක... :D පස්සෙ ලියමුකො අලුත් එකක්..
Delete( මේක ඔටෝ පබ්ලිෂ් කරපු එකක්ද ...? )නැත. හිතා හිටි එව්වා කරන්නට බැරි උනා :(
ස්තුතියි සහන් අයියේ දිගටම කතාව කියෙව්වට..:)
කතාව ආසාවෙන් කියවපු නිසයි මන් මෙහෙම කිව්වේ රෙහානි..නැතුව ඔයාව අධෛර්යයට පත් කරන්න නෙවේ.. පිරිමි ළමයගේ කතාව එක්ක ගොඩක් දේවල් තියෙනවා හිතන්න...ආදර්ශමත් කතාවක් ... දිගටම ලියන්න ..
Delete//.නැතුව ඔයාව අධෛර්යයට පත් කරන්න නෙවේ..//
Deleteඅනේ එහෙම හිතුවේ නෑ අයියේ....ස්තුතියි නැවත වතාවක් ...ඔයාලගේ මේ අදහස් මට ගොඩක් වටිනවා..
අයියෝ ඉවර වෙලා. කතාව හොදයි රෙහානියෝ :)
ReplyDeleteගොඩක් ස්තුතියී මදාරා අදහසට සහ දිගටම කතාව කියෙව්වට..!
Deleteකථාව ඉවර උනේ අපරාදේ කියලා හිතෙනවා. අළුත් එකක් ඉක්මනට පටන් ගන්න. අපි නැවත එනවා. ජය!!!
ReplyDeleteස්තුතියි.....කතාව කියෙව්වට , අදහස්වලට සහ මෙහි පැමිණීම පිළිබඳව..
Deleteදිගටම එන්න..
අම්මා කෙනෙක් ඔහොම දෙයක් නිසා තමන්ගේම පුතාට අර වගේ සලකයි කියල හිතා ගන්න අමාරුයි. පවුලේ අනික් අය කෙසේ වෙතත්. :(
ReplyDeleteකෂිනිගේ සිද්දියේදි සශ්මික හැසිරිච්ච හැටි නම් මරු :)
සතුතියි බුද්ධි අදහස්වලට,...!
Deleteදිගටම එන්නකෝ මේ පැත්තේ
අක්කේ වේගේ වැඩියි නේ. සේරම එක පාරට දුන්නා නේ. තව ටිකක් ගෙනියන්න තිබ්බේ. කොහොමත් මේ විදියේ අවසානයක් නැතුව වෙන එකක් දාලා තිබබා නම් අක්කාගේ කතා කියවන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ ආයේ. තව එකක් දාන්න ඉක්මනටම
ReplyDeleteඒක නම් ඇත්ත මල්ලි...මටත් කම්මැලි හිතුණා අදින්න ..ඒකයි ඉවර කළේ
Deleteකොහොමත් මේ විදියේ අවසානයක් නැතුව වෙන එකක් දාලා තිබබා නම් අක්කාගේ කතා කියවන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ ආයේ. // හි හි එහෙමද?
ඉස්සරහට බලමුකෝ වෙන එකක් ලියන්න.ස්තුතියි මල්ලි දිගටම කියෙව්වට...
සංවේදී අවසානයක් කිව්වොත් නිවැරදියි මම ආයෙම මුල ඉඳල කතාව කියවන එන්න ඕනේ එතකොටයි නියම කික් එක තියෙන්නේ
ReplyDeleteහොඳයි කියවමුකෝ එහෙනම්..
Deleteස්තුතියි කෝරලේ මුල ඉඳන්ම කතාව කියෙව්වට සහ අදහස්වලට
අම්ම හයි මේක ඉවරයි කියන්නේ. හත්තිලව්වේ ඔය කිව්වට කතාව නොකියවා ඕං කමෙන්ටුව දැම්මේ. හිටු හෙට උදේට ආයේ මුල ඉඳන් බලන්න ඕනි. මාත් මේ කියවන්න එකක් නැතුව හිටියේ. මතක නෑ බොලව් දැන් මේක. කලින් කොටසෙත් මම ඕක කිව්වද කොහෙද. ඒත් තාම කියවන්න බැරි උනා.
ReplyDeleteහික්ස්................
Deleteහා හා වෙලා ඇති විටෙක කියවමුකෝ...
හිතන් හිටියට වඩා වෙනස් අවසානයක්.
ReplyDeleteඔන්න බ්ලොග් ලෝකෙට අලුතෙන් පය ගහපු මං කතාවක් පටන් ගැනීමේ ඉදන් අවසානය වෙනකම් කියවපු පලවෙනි කතාව මේක.
කතාව ලස්සනයි රෙහානි සුභ පැතුම්!.
දිගටම ලියන්න. ඉක්මනට තව කතාවක් දාන්න අපි බලන් ඉන්නවා.
සතුටුයි අදහස්වලට ප්‍රියා...ස්තුතියි කතාව මුල ඉඳන්ම කියෙව්වට..
Deleteතව කතාවක් ලියමුකො ඉස්සරහට
ඉවර වුනා ස්පීඩ් වැඩියි වගේ මචෝ. රෙහානි කතාවට කවුරුත් නොහිතපු අවසානයක් දුන්නා. එක හොඳයි. එළකිරි. දැන් ඊළඟ එක ලියමු.
ReplyDeleteඔවු ඉවාන්............ඒකනම් ඇත්තටම මගේ කම්මැලිකමට උනේ... :D
Deleteඔයාටත් ස්තුතියි මුල ඉඳන්ම මාව කියවලා අඩු පාඩු පෙන්නලා දීලා දිරි ගැන්වූවට...
හ්ම්ම්... තව එකක් ලියමුකො පසුවට....
රෙහානි අපි හිතුවේ නැහැනෙ මෙහෙම ඉවර වෙයි කියල..මොකද E3 එහෙම ගියාද?අවුලක් නැහැ වෙනසක් කරල තියෙනව..එහෙනම් දැන් අලුත් එකක් ලියමු..
ReplyDeleteඔයාලා නොහිතපු අවසානයක් දෙන්න පුලුවන් උනානම් මට සතුටුයි..
Deleteස්තුතියි රජ වීදියටත් මාව කියෙව්වට
සොරි වේවා කියවන්න බැරි උනාට මෙච්චර දවස්.පරණ ටික හෙමිහිට කියවගෙන එන්නම්කෝ....
ReplyDeleteඅවුලක් නෑ මල්ලියා එහෙම කරමු...
Deleteඒකත් එහෙම නිමාවුනා එහෙනම්. මේ අන්තිම කොටසට ඔයා කොටස් හතරකට විතර ලියන්න කලින් ප්ලෑන් කරපු දේවල් පත අට එකට සිඳුවලා දීලා තියෙන බව නම් පේනවා
ReplyDeleteහරියටම හරි....ඇත්තටම එහෙම හිතාන හිටපු ටිකක් තමා කෙටි කරලා දැම්මේ...
Deleteස්තුතියි ඔබතුමාටත් කතාව මුල සිට කියෙව්වට
හයියෝ අවසානයට කැමතිම නෑ හප්පා. :D හැබැයි මෙගා අදින්නේ නැතුව කෙටියෙන් ඉවර කරපු එකනම් ශෝක්.
ReplyDeleteඑහෙමෙයි....ඉතිං මොකෝ කරන්නේ...හ්ම්ම්
Deleteස්තුතියි සිංදුවාටත් කතාව කියෙව්වට
හිතුවෙ වත් නැති විදියෙ අවසානයක්
ReplyDeleteස්තුතියි ලයාන් කතාව කියෙව්වට ..
Deleteදිගටම එන්නකො අපේ පැත්තේ
කථාව හොදයි නංගි...කවුරුවත් හිතුවෙ නැති අවසානෙකට ගිහින් තියෙනවා...අනිත් වතාවෙ කථාවක් ලියද්දි ගෙවල් අහල පහල උන් නෙමෙයි...ඒ කථාවෙ චරිතයට සාධාරණයක් කරන්න පුලුවන් විදියෙ නමක් යොදන්න...
ReplyDeleteඅර යනවා කිව්ව වන්දනා ගමන ගැන මොකුත් නැද්ද ලියන්නෙ....
//ඒ කථාවෙ චරිතයට සාධාරණයක් කරන්න පුලුවන් විදියෙ නමක් යොදන්න...//එහෙමයි සුවාමිනි :D
Deleteසිරා අයියාත් ගොඩක් ස්තුතියි කතව කියවලා අඩු පඩු පෙන්නා දීලා මාව දිරි ගැන්වූවට..
වන්දනා ගමනක් නෙවේ ගියේ, ඔව් ඒ ගැනත් යමක් තියනවා ලියන්නම්කො ඉදිරියේදී...
කතාව ආසාවෙන් කියෙවුව.අවසානෙ හොදද හිද මදිද කියන්න තෙරෙන්නෙ නැ.හැබැයි අමුතු විදියට ඉවර උනෙ.එකෙත් අමුතු ගතියක් තියෙනව.
ReplyDeleteස්තුතියි ඔබතුමාටත් මගේ කතාව මුල සිට කියෙව්වට සහ අදහ්ස්වලට..
Deleteප්‍රශ්න දෙකයි;;;;
ReplyDelete1) කවුරු හරි කිව්වාද ඉක්මනට ලියලා ඉවර කරපං කියලා
2) අර "හෙලෝව්" කියන සශ්මිකගේ මව මාර පොෂ්නේ....රත්නපුරේ කියලා ෂුවර්ද?:DD
මම කතාව රසවින්දා!!
1) කට්ටිය වැඩිය අදිනවට කැමති නෑ නොවැ රබර් එක වගේ..... :D
Delete2)ෂුවර් නේන්නම්..ඇයි රත්නපුරේ එහෙම අය ඉන්ට බැරිද? :D
ස්තුතියි අරූ තුමාටත් කතාව දිගටම් කියෙව්වාට සහ අදහස් දැක්වූවාට..
හෆ්ෆේ ඉවරත් වුනාද? හැබැයි මේක තව ටිකක් ලියන්න තිබුනා කියලා හිතෙනවා.. මේක මම ලිවුවනම් මෙතන අවසානය දෙන්නේ නෑ.. කෝම වුනත් ලස්සනයි රෙහානියෝ.. තව එකක් ලියමු.. මල් එකක් නැතුව.. :)
ReplyDeleteහ්ම්ම්...ඒකනේ...............මටත් දැන් නම් ඒක හිතෙනවා..
Deleteතව එකක් දැම්ම නම් බෑ ..පස්සෙ ලියමුකෝ
ස්තුතියි දිනේශ් අයියේ මුල සිට කතාවත් එක්ක හිටියට සහ අදහස් දීලා දිරි ගැන්වූවාට..
මම බෑරක් ගිහින් එනකොට සෑහෙන දුර ගිහින් නිසා අල්ලලා දැම්මා, කියෙව්වෙ නෑ... අදින් පස්සෙ එන්නං ආයෙ... හෙහ් හෙහ්...
ReplyDeleteආ ඒකට මොකද.....ඊළඟ එක බලමු
Deleteඅන්තිම ටික මාර වේගෙකින් ගිහින් වගේ. හිතුවෙම නැති අවසානයක්. එල ඈ
ReplyDeleteස්තුතියි ඈ..... දිගටම කියෙව්වා නේ කොහොමහරි.. :)
Deleteමරණය කියන්නේ ජීවිතයෙන් පලායාමක්නේ.. ඒත් මේ කතාවේ අවසානය මරණයකින් කෙළවර නොකර ජීවිතය යනු ජීවත්වන්ට ඉඩදිය යුතු කරුණක් බව වටහා දිම කතාව තුළ මාදුටු හොඳම අදහසයි.. හොඳකතාවක්. හොඳ නිමාවක්
ReplyDeleteගොඩක් සතුටුයි ඔබතුමාගේ අදහසක් අවසානයේදී ලැබීම ගැන
Deleteඔන්න රෙහානියෝ මමත් ආවා. කාලෙකට පස්සේ ගොඩ ගැහිලා තිබුණ වැඩ ඉවර කරයි තමයි මෙහාට ගොඩ වුණේ. ඒ නිසා පපුවේ අමාරුව හදා ගන්නේ නැතු ව කතාව කියවලා ඉවර කළා. කතාව ලස්සණ යි, රෙහානියෝ. ආසාවෙන් එක දිගට කියවගෙන ගියේ. අවසානෙත් ලස්සණ යි. දිගට ම මේ වගේ කතා ලියන්න, හොඳේ?
ReplyDeleteගොඩක් ස්තුතියි ධාරා මාව කියෙව්වට
Deleteකතාවේ වේගේ නම් හොඳටම වැඩී රෙහානී... අර විචාරකට හිතුන දේ නම් මටත් හිතුනා.... ඔන්න කොහොම උනත් කියවලා ඉවරයි. තවත් ලස්සන කතාවක් ලියන්න හැබැයි මේවගේ කළබලෙන් නම් නෙවි
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ගන්දරයා ව අහස යටට....මුලු කතාවම කියවලා කොමෙන්ටු දාලා තියනවා දැක්කා...ගොඩක් ස්තුතියි අදහස් වලට..අඩුපාඩුත් හදාගෙන ආයෙත් කතාවක් ලියන්නම්..
Deleteදිගටම අපේ පැත්තේ එන්න.
මේවගේ කතාවල අනිත් කොටස එනකං බිත්තර තම්බ තම්බ ඉන්නේ නැතුව මෙහෙම එක හුස්මට කියවලා දාන එක මරු ආතල් වැඩේ . ඔයා මේ දෙකට ගනින්න දන්නේ නෑ වගේ හිටියට රත්නපුරේ වටේම ඇවිදලා තියෙනවා නේද ,,,,
ReplyDeleteකතාව එල . ඒත් අර අම්මලා සශ්මිකට සලකපු නැති එකනම් පවු වැඩේ . පිස්සු විකාර ....... :p :p :p :p
හ්ම්ම්....ඒකත් මරු තමයි.....
Delete//ඔයා මේ දෙකට ගනින්න දන්නේ නෑ වගේ හිටියට රත්නපුරේ වටේම ඇවිදලා තියෙනවා නේද ,,,, //
නැතුව ඉතිං ....ටවුන් එක අපේනේ බොල ...අපි කොයි දේටත් එන්නේ රත්නපුර ටවුන් එකට නෙව... :)
ඒක තමයි...පිස්සු විකාර... :D
ගොඩක් ස්තුතියි මල්ලෝ හොයන් ඇවිත් කියෙවුවට ..