ලා දම් අහසට පායන උදවිය ..

2013년 8월 10일 토요일

සඳට ආදරේ මල මම

හත්දොහේ බෝධි පූජා පින්කමේ හයවෙනි දවස අද.මයුරි වේලාසනින්ම මල් කඩලා මල් මාලා අමුනලා කොඩි වැල් මහලා තිබ්බා.පස්සේ අම්මා ගිලන්පස දැහැත් පුජා හදාගෙන එනකං මයුරි අල්ලපු ගෙදර පුංචි එකාවත් අඬගහන් බෝධියට ගියා .යමින් ගමන් පාර දෙපැත්තෙ තියන මල් ගස් වල පිපිච්ච මල් හිනා වෙවී "අනේ මාවත් කඩන් යන්න" කියලා වගේ බලන් ඉන්න ලස්සන මල් කඩලා අරන් ලොකු වට්ටිය පුරවගත්තා.

බෝ කොල හැමතැනම වැටිලා.අදත් බෝධි පූජා තියන්න කවුරුත් ඇවිත් නැති හැඩයි.මල් ටික මල් ආසනයෙන් තියලා බෝධි ගෘහය ඇතුලත අමදින ගමන් පුංචි එකාට මල් වට්ටි ටික සෝදන්න දුන්නා.හැමදාමත් බෝධි ගෘහයට ආපුවහම දැනෙන අමුතු පහන් සිතුවිලි වලින් මයුරිගෙ හිත පිරිලා ගියා.ඒ හැඟීමට මයුරි හැමදාමත්  ආසයි.

මල් ආසනය පිරිසිදු කරලා මයුරි බෝධිය වටේ හැලිල තියන කොල අහිඳලා දැම්මා, ඒ කරලා මිදුල අමදින්න එනකොට පුංචි කොලු වට්ටි පැත්තකින් තියලා වතුර ටැප් එක ලඟ හොඳටම මඩ කරගෙන දඟලනවා.එයාට රජ මගුල් වගේ.හතිය තියන හින්දා ගෙදරදි වතුර අල්ලන්නවත් තහනම්.මෙතන තහංචි දාන්න කවුරුත් නැති හන්දා නිදහස අසීමිතව බුක්ති විඳිනවා.

"තරිඳු..............! ඔයාට වතුරෙ දඟලන්න හොඳ නෑ නේද?යන්න ඔය ඇති වට්ටි ටික හේදුවා.අර මල් ටික බිම වට්ටන්නෙ නැතුව අහුරන්න."මයුරි මිදුල අමදින ගමන් කිවුවා.

ඒත් එක්කම බෝධියට තවත් පිරිසක් බෝධි පූජාවක් තියන්න ආවා.ආවේ මැදි වියේ කාන්තාවක් සමග තවත් පුංචි දැරිවියක්.මයුරි ඇයත් සමග අහින්සකව සිනාසුනා.දැන් ඉතින් පුංචි එකා මල් අහුරනවා බොරු " මයුරි සිතුවා.

පුංචි ළමයි ලොකු මිනිස්සු වගේ නෑ .යලුවෙන්න ත්ප්පර ගානයි ඕනි ඊට පස්සෙ සෙල්ලම තමයි.ලොකු මිනිස්සුන්ගෙ හිත් ඉරිසියාවෙන් දුශ්ටකම් වලින් පිරිලා.පුංචි උන්ගෙ වගේ සිරියාවෙන් ලොකු මිනිස්සුන්ගේ ඇස් දිලිසෙන්නෙත් නෑ.වට්ටිවලට මල් අහුරන ගමන් මයුරි හිතුවා.

මල් ටික අහුරලා ඉවර වෙද්දි අම්මත් බෝධියට ආවා.මයුරි අම්මාත් එක්ක එකතු වෙලා මල් මාලා කොඩි වැල් එල්ලලා, ඖෂධ පූජා තියලා ,ගිලන්පස දැහත් ආදියද සකස් කරලා බෝධි පූජාව ට අවශ්ය සියල්ල කරලා ඉවර වෙලා බෝධින් වහන්සේ පැනින් නහවලා බෝධි ගෘහයේ පැදුරක්  එලාන වාඩි වුනා.

තරිඳු අනිත් පුංචි එකී එක්කලා දුව පැන දඟලලා මයුරි ලඟට ඇවිත් වාඩි වුනා.ඒ වෙනකොට පුංචි එකීගෙ අම්මත් හඳුන්කූරු පහන් කපුරු ආදිය දල්වලා සියල්ල අවසන් කරලා ඇවිත් පැදුරක් එලාන මයුරිලාට ඉස්සරහින් වාඩි උනා.ගමේ බෝධිපූජා කටයුතු කරාපු ,කරන මල් එතනා හාමි සුදු පිරුවටින් සැරසිලා බෝධියට අතුල් උනා.දැන් තියෙන්නේ බෝදි පූජා කටයුතු පටන් ගන්න.

නංගිගෙ පූජාව හෙටින් ඉවර්යි නේද? මල් එතනා හාමි ඇහුවා.

ඔවු හෙටට හත් දොහයිනේ අක්කේ..

හ්ම්ම්... හෙට මම හොඳට ශාන්තිය කරලා දෙන්නම්කො...පුලුවන්නම් පලතුරු පූජාවකුත් ලැහැත්ති කරගන්ටකො නංගියෙ...ඒක වඩා හොඳයිනෙ.

"හා ...........මං ඒක සූදානං කරගන්නං"මයුරිගේ මව පිලිතුරු දුන්නා

කෝ පුතා ආවෙ නැද්ද? එතනා හාමි ඒ ඇහුවෙ බෝධි පූජාවට ආපු අනිත් ඇත්තිගෙන්

"එනවා එතනා හාමි නැන්දේ....... දැන් මග එනවා ඇති "ඈ පිලිතුරු දුන්නා.

හා..... එහෙනං එතකං අපි පූජාව කරගෙන යං...

එතනා හාමි තෙරුවන් සරනේ සියල්ල පිහිටුවලා පූජාව ඉදිරියට අරගෙන ගියා.එතනා හාමිට අනුව ගාථා පාඨ කියමින් උන් මයුරිගේ හිත එකවර මෝටර් සයිකලයක හඬින්  විසිරිලා ගියා.මයුරිගේ ඇස් යොමුවුනේ බෝධි ගෘහයේ දොරටුව දිහාවට.කඩවසම් තරුනයෙකුගේ ඇස්  තමා දෙසටම යොමු වෙලා තියනවා මයුරි දුටුවා.ඒ ඇවිත් ඉන්නේ අද බෝධි පූජා තියන අනිත් නැන්දාගේ පුතා වෙන්න ඇති කියලා මයුරි හිතුවා.මල් ආසනයට වැඳලා ඔහු  නැන්දා ලඟින්ම වාඩි උන පසු ඇගේ සිතුවිල්ල තහවුරු වුනා.බෝධි පූජා ගාඨා කියන අතරවාරයේ  තමන් ඉදිරියේ මුහුණට මුහුණලා ඉඳගෙන සිටින තරුණයා තමන් දෙස පමණට වඩා බලනවා යැයි මයුරිට තෙරෙන්න මහා වෙලාවක් ගියේ නෑ.ඒ හේතුව නිසා මයුරි ඔහු දෙස නොබලාම උන්නා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අද බෝධි පූජාවේ අවසාන සත් වන දිනය.මයුරි වෙනදා මෙන්ම පුංචි එකා එක්ක බෝධියට පිටත් උනා.වෙනදාට ඇරලා නැති බෝදි ගෘහය ඇරලා තියනවා දැකලා මයුරිට පුදුම හිතුණා.සාමාන්යෙන් බෝධි පූජාවක් පටන්ගන්නේ 6.30=7.00 වගේ.මේ වෙද්දි  වෙලාව පහට වත් නෑ.මයුරි කලින්ම බෝධියට එන්නේ අස් පස් කරලා දාන්න ඕන නිසා,.මයුරි බෝධියට ඇතුල් උනා.පුංචි එකා දුවගෙන ගිහින් "මයුරි අක්කේ ...........මං මල් වට්ටි සෝදනවා." කියලාවට්ටි ටිකත් අරන් ටැප් එක ලඟට දිව්වා.

"ආ ........අදත් ඔයාගෙ ගෑණු ළමයා ඒවි..." මයුරි බෝ කොළ ඇහිඳින ගමං තරිඳුට කිවුවා. පුංචි එකා ලැජ්ජාවෙන් දිවත් එලියට දාගෙන ඇඹරුනා.

එහෙනං මට සෙල්ලං කරන්න පුලුවං..." පුංචි එකා කිවුවා.

හ්ම්ම්....

එහෙම කියලා ඉදලත් අරගෙන ඉස්සරහා අමදින්න ගෘහය වටෙන් ඉස්සරහට ආපු මයුරි දැක්කේ පුරුදු ඇස් දෙකක්! "එහෙනං මෙයා තමයි අද බෝධිය ඇරියේ......මෙයා මොකද මෙච්චර වේලාස්සනින් ඇවිත් .....! "මයුරි කල්පනා කලා.මයුරි මයුරිගේ පාඩුවේ මයුරිගේ වැඩ ටික කලා..

විකුම් හිත යටින් හුඟාක් හීන දැක්කා.ඔවු .....ඒ තරුණයා තමයි විකුම්! විකුම්ගේ හිත ඇදිලා යන තරමේ අහින්සක ගැමි කමක් මයුරිගේ තිබුණා. දෙපතුල ලඟට දිගට ඇඳලා උන්නු ලස්සන සුදු දිග සාය හරි මැද්දට වැටිලා තිබුණ දිග කොණ්ඩය ඇයට ආභරණයක් උනා.ඒ අහින්සක කම ගැමි කම තමන්ගේ හිතේ ඇඳිලා තිබුන හීන කුමාරිගේ නේද කියලා විකුම්ට මයුරිව පෙනෙන හැම මොහොතකම හිතට දැනුණා.මයුරි තමන්ව දුටු මොහොතේ ඉඳන්ම නොදැක්ක ගානට ඉන්න හදන්නෙ ඇයි කියලා විකුම් කල්පනා කලා.හීන පොදි හුඟාක් හිත යට තියාගෙන අද මයුරි හමුවෙන්න ආපු එක තේරුමක් නෑ වගේ කියලා විකුම්ට හිතුනේ  ආ වෙලාවේ ඉඳන් මයුරි විකුම්ව ගනණ් ගත්තේ වත් නැතිනිසා.ඊයෙ මයුරිව දුටු පසු විකුම් සිතාගත්තේ අද මයුරි හමුවන අවසාන දිනය විය හැකි නිසාත් තමන් හෙට දිනයේ නැවත කොලඹ ගිය පසු නැවත කිසි දිනෙක ඇයව හමු නොවන්නට ඉඩ ඇති නිසාත් ඇය හා කෙසේ හෝ කතා කළ යුතු බවයි.

චූටි බබෝ අද අම්මා එන්නේ නැද්ද ඔයාගේ ...? විකුම් පුංචි එකාව කතාවට අල්ලගත්තා..

අපේ අම්මා නං එන්නේ නෑ ...මයුරි අක්කාගෙ අම්මා තමයි එන්නේ... " පුංචි එකා හුරතලෙන් කිවුවා..

"ඇත්තද?" ................එහෙනම් මෙයාගෙ නම මයුරි. හ්ම්ම්..............ලස්සන නමක්..! විකුම් හිතුවා.

"මයුරිලා ඉන්නෙ මේ ලඟද?" විකුම් පහන් වැටේ පහන් අහුරලා ඒවාට පහන් තිර එලන මයුරි ලඟට ගිහිං කතා කළා.

ම්ම්ම්.........ටිකක් ලඟ...! මහත්තයා කිවුවට දන්නෙ නෑ.. මයුරි කිව්වා.

අපොයි මේ මොකද මහත්තයා කියන්නෙ...? මාත් ඔයා වගේම අහින්සක දුප්පත් අම්මෙක්ගේ පුතෙක්... විකුම් හිනාවෙලා කිව්වා..

මං මහත්තයාව අඳුනන්නෙත් නෑ....එහෙව් එකේ මං වෙන මොනා කියලා කතා කරන්නද?

මම විකුම් ..... නම කියලා කතා කරන්න.

මේ වෙද්දි විකුම්ගෙත් මයුරිගෙත් අම්මලා බෝධියට ආවා. විකුම්ට කතාව වැඩිදුර ගෙනියන්න හම්බුනේ නෑ..පහන් වැට ලඟ පහන් පත්තු කරන මයුරිගේ මුහුණ පහන් එලියෙන් දිලිසෙනකොට පහනකටත් වඩා එලියයි නේද කියලා විකුම්ට හිතුනා..හඳට ආදරේ කරන කඩුපුල් මලක් වගේ හඳේ ලස්සන දිහා බලන් සැනසෙනවා මිසක කවදාවත් ළං වෙන්න බෑ නේද කියලා විකුම් කල්පනා කලා.ඒත් මේ මල නං කොහොමහරි අයිති කරගන්නවා කියලා විකුම් හිතුවා...කොලඹ ගියාට හැමදාම කොලඹ ඉන්නෙ නෑ නේ.ආපහු ගමට ආපු ගමන් මයුරි ඉන්න දිහා හොයාගන්නවා කියලා විකුම් හිතාගත්තා.එතකං මේ ලස්සන රූපෙ හිතේ ඇඳන් ඉන්නවා කියලා විකුම් හිත හදා ගත්තා.

මයුරිගේ අම්මා අවසාන දිනයේ පළතුරු පූජාවත් එතනා හාමි  කියූ ලෙසම සකස් කර ගත්තා.සුපුරුදු විදියට පූජාව ඉස්සරහට අරං ගියා.පූජාවේ අන්තිම දවස හින්දා පිරිත් කියලා දෙවියන්ට පළතුරු පූජාවත් කරලා ඉවර වෙද්දි රෑ 9 ත් පහු උනා.ඒ වෙනකම් විකුම්ලගේ අම්මත් හරිම කැමැත්තෙන් හිටියා.

හැමදාම බෝධි පූජාව අවසානයේ තමන්ගේ පුංචි බෝධි ගෘහයට උදව් උපකාර කරපු ඇත්තන්ට පින් දෙන එක මල් එතනා හාමි ගෙ පුරුද්දක්...! 

"මොකද්ද නංගියෙ පුතාගෙ නම.. හැමදාම බෝධි පූජාව දෙද්දි කිව්වට මට මතක හිටින්නෙ නෑ නෙ " එතනා හාමි කියනවා.

"රුවන් " මයුරිගෙ අම්මා එතකොට උත්තර දෙනවා..

ඒ රුවන් කියන දරුවාට යම් කිසි අපල උපද්‍රවයක් ඇත්නම් සියලු දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරාක්ශාවෙන්......" එතනා හාමි මේ විදියට බොහෝ දේ කියමින් සෙත් පතනවා...අවසානයේ... "ඒ රුවන් කියන දරුවා තමයි මේ බෝධියට විදුලි බලය ලබා දුන්නේ...ඒ දරුවාට ඒ කල කුසල කර්මයෙන් නිල් මිණි වන් ඇස් ලැබිලා මතු උපදින................" ඔය විදියට සෙත් පතනවා..කළ ගුණ සැලකීමක් වශයෙන්.

මයුරිලගේ අම්මා පූජා වට්ටියෙන් පළතුරු කොටසක් එතනා හාමිටත් .., විකුම්ගේ අම්මාටත් දුන්නා.හිඳ උන් පැදුරේ කොනක නින්ද ගිහින් හිටපු තරිඳුත් ඇහරවාගෙන පිරිත් නූලකුත් බන්දවගෙන මයුරිලා යන්න පිටත් වුනේ මයුරිගේ අම්මාත් විකුම්ගේ අම්මාත් සුහද යෙහෙලියන් ලෙසින් වෙන්වෙලා.විකුම්ගේ ඇස් නම් තිබුනේ මයුරි ඈතට ගිහින් නොපෙනී යනතුරුම මයුරි ලඟමයි.

මයුරිලා ගියාට පස්සේ විකුම්ලගේ අම්මත්, පොඩි නංගියත් ,විකුම් නුත් එතනා හාමි ලවා පිරිත් නූල් බන්දවා ගන්න සූදානම් උනා.ඒ ගමන් ම විකුම්ගේ අම්මා හිතේ තිබුණ පැනයක් එතනා හාමිට යොමු කලා...

අර දරුවා ලයිට් අරං දුන්නා කිව්වෙ එතනා හාමි නැන්දෙ?

"ආ............... ඔව් , ඒ දරුවා වැඩ කරන්නෙ පිට රටකනේ... ඔය ඇවිත් හිටපු මයුරි කෙල්ල බැඳලා ඉන්නේ ඒ දරුවා තමයි.පිංවන්ත දරුවෙක්! " එතනා හාමි ඒ ටික කිව්වේ විකුම්ගේ අතේ පිරිත් නූල බඳින ගමන්.........!  

댓글 53개:

  1. හරිම ලස්සනයි අක්කො.... එල

    답글삭제
    답글
    1. ගොඩක් ස්තුතියි මල්ලො... කාලෙකින් නේද?

      삭제
  2. ටිකක් විතර් ඔලුව කැරකුනා

    답글삭제
    답글
    1. හි හි ..............ආයෙත් කියවමු එහෙනන්

      삭제
  3. රෙහානි නම් ටික වෙනස් කරලා මෙයාටම වෙච්ච එකක් ලියලා වගේ කියල මට හිතුනේ... හ්ම්ම්ම්....

    ( හි හි)

    답글삭제
    답글
    1. අනේ නෑ අක්කො සංකල්පනාවක් විතරයි :D

      삭제
  4. හ්ම්ම්.. පුදපු ගමන් කාපි යකා කිව්වලු.. :D

    답글삭제
    답글
    1. ඒක තමයි නේ .................හි හි :D

      삭제
  5. හයියෝ දුකේ බැරුවා අප්පා...:D

    답글삭제
  6. චඃ අපි තරහයි ... බලාපොරොත්තු කඩ කළා.. මුද්ද දාන්නේ නැතුව කොල්ලෝ අමාරුවේ දානවා.

    답글삭제
    답글
    1. හික්

      ඔය මුද්ද හැමවෙලේම දාන් ඉන්න බෑනේ මෙයා මං කිවුවෙ මයුරි කෙල්ලට නෙවේ මට :D

      삭제
    2. අනිවාර්යයෙන්...අපි අසරණ වෙනවා...

      삭제
    3. මෙන්න පෝර දානවා :D

      삭제
  7. ඕකනේ තම්පලා ගහක් කපන්න කලින් වට පිටව සුද්ද කරලා ඉන්න ඕනේ කියන්නේ

    답글삭제
  8. ඔන්න කාලෙකට පස්සේ ඇවිත් කියෙව්වා. දුක හිතුන අර කොල්ල ගැන. හපොයි. අපිට නම් ඔහොම අකරතැබ්බ වෙන්න එපෝ....

    답글삭제
    답글
    1. බොහොම සතුටුයි ආයෙත් දකින්න ලැබුන එක ගැන...

      මාත් ඉතින් ප්‍රාර්තනා කරන්නම් කො එහෙම

      삭제
  9. කතාව ඉවර කරපු විදිහ අපූරුයි... හොද අවසනයක්......

    답글삭제
  10. දැන් ඉතින් විකුමට වෙන්නේ වෙන පංසලකට ගිහිං බෝධි පුජාවක් තියන්ඩ තමයි.

    답글삭제
    답글
    1. හ්ම්ම් හ්ම්ම් පව් වැඩේ නෙද/?

      삭제
  11. හෆොයි! අනේ, පව් අහිංසක විකුම් කොලුවා, මොනවා හිතෙන්න ඇත් ද අෆ්ෆා!

    답글삭제
    답글
    1. හි හි කියලා වැඩක් නෑ හය්යෝ

      삭제
  12. අද තමය මෙතනට අපු පලවෙනි දවස .... පොසිට් ටික විශේෂයෙන්ම කතාව කියවල අයෙත් එන්නම් කොමෙන්ටුවක් දාන්න වෙලාවක් තිබුනොත් අපේ පැත්තෙත් එන්න
    http://onemalaysiasinhala.blogspot.com/

    답글삭제
    답글
    1. සාදරයෙන් පිළිගන්නවා මැලේ රාළ තුමාව මේ පැත්තට

      අනිවාර්යෙන්ම එනවා ඒ පැත්තට ..දිගටම එන්න

      삭제
  13. වෙනස්ම විදියට දැකලා වගේ

    답글삭제
  14. මම මතක තියෙන්නේ රෙහානි ක‍තෝලික කියලා. එහෙමනම් මේ වගේ වෙනස් ආගමික පසුබිමක් කතාවට යොදාගන්න එකත් සෑහෙන දක්ෂකමක්.

    ඒ නැතත්, මේක හොඳ නිර්මාණයක්! කතාව ඉවරවෙනකල් තේරුනේ නෑ.

    답글삭제
    답글
    1. ම්ම්ම් මම කතෝලික නම් නෙවෙයි ඩුඩ් මහත්තයෝ

      ස්තුතියි ගොඩාක් ඇගයුමට! :)

      삭제

    2. ඔ ඕ! මම එහෙම හිතුවේ අර වෙඩිං ෆෝටඕ එක හන්දා. ඒකේ තියෙන්නේ චර්ච් වෙඩිං එකක්නේ.

      삭제
    3. බැලූ බැල්මට ඒක පල්ලියක් වගේ තමයි ,ඒත් ඒක වලව්වක්....පැරණි වලව්වක් හොටෙල් එකක් කරපු තැනක්..

      삭제
  15. කතාව ගොඩනගල තියෙන හැටි අපූරු යි. ඇත්තට ම අද්දැකීමක් ද මන්දා :-)

    답글삭제
    답글
    1. ම්ම්ම් කතාව නං සන්කල්පනාවක් විතරයි දිලිනියෝ ............ස්තුතියි..!

      삭제
  16. * අපේ මහත්තය රට ඉන්න එකියක් ගැනනේ මේ ලියල තියෙන්නේ.

    * ඒකි මුදු දාන්නතුව කොල්ලොත් අමාරුවේ දානවද ඈ?

    * එතකොට අපි හිතාගන්න ඕනි ඒ කෙල්ල පූජා වගේ ලස්සනයි කියලද? (වෙලාවට දැකල නැත්තේ..)

    * මේක කොටාගන්න තියෙන හදිස්සියට ළඟදී සිංහල ටයිප් කරන්න උදව් ඉල්ලුවෙ කවුද මන්දා...

    රෙහානි ඇත්තටම දන්නවද මෙහෙම ලක්ෂණ තියෙන එකියක් ගැන ඈ...?

    답글삭제
    답글
    1. * ඒ වගේ එකියක් ගැන නේන්නං

      *එහෙම කරන්න හිතාගෙන නෙවෙයි මුදු නොදා ඉන්නේ

      *මගේ හිතේ ඇඳිච්ච කෙනා පූජා වගේ

      *ආ... ඒ මමනේ

      ඇත්තම කියනවනං මේ වගේ කෙනෙක් ගැන දන්නෙ නෑ අනේ

      මේ අකමා නං................ :D :D :D

      삭제
  17. උඩට අරං අරං අරං ගිහින් ඩොකොස් ගාල බිමට අතෑරියා නේද ?

    답글삭제
  18. ඉතාමත් ලස්සනට අවසානය කවුරුත් නොසිතන ලෙසට නිර්මාණය කල රසවත් ලියවිල්ලක්.
    මහත්තය රට ඉන්න බිරින්දල මුදු ගලවන එකනම් එච්චර හොද දෙයක් නොවේ.

    답글삭제
  19. ස්තුතියි කෙන්ජි

    මම නං මුද්ද දාන්නේ ඈතක යනකොටයි ...ටවුන් එකට යනකොටයි විතරයි :D

    답글삭제
  20. කතාව ලස්සනයි. සුබපැතුම්

    답글삭제
    답글
    1. ස්තුතියි පොඩ්ඩො සාදරයෙන් පිලිගන්නවා ඔයාව අහස යටට....!

      삭제
  21. හුටා මදැයි කොලා, පව් අප්පා විකුමා, මට ටිකක් වැඩියෙන් වැදුනද මන්දා ඒ කතාව.

    답글삭제
    답글
    1. ඒ කීන්නේ ඔයත්.................?????? :D

      ස්තුතියි ඉවාන්

      삭제
  22. කල්පනා ලෝකය වුනත් නිර්මාණයට එද්දි මේ සිදුවීම් පුද්ගලික අත්දැකීම්ද කියල හිතෙනවා.

    답글삭제
    답글
    1. ම්ම්ම්ම් නෑ නෑ පුද්ගලික අත්දැකීමක් නෙවෙයි :)

      삭제
  23. ලස්සන කතාවක්.. ඒත් අන්තිමට බලාපොරොත්තු තියන් ආව විකුම් පව්..! :)
    සුබ පැතුම්..!!

    답글삭제
    답글
    1. ස්තුතියි නන්දු............!
      විකුම් නං පව් තමයි ඉතිං :)

      삭제
  24. ඇයි ඔයා විකුම්ට එහෙම දෙයක් කරේ?

    답글삭제
    답글
    1. මයුරිගෙන් තමා අහන්න වෙන්නෙ හී හී හී:D

      삭제
  25. අයියෝ පව් විකුම්..
    කථාව ඔයා ලස්සනට ලියල තියෙනව රෙහානි..

    답글삭제
  26. කතාව ලස්සනයි. කොල්ලා පව් හැබැයි :(

    답글삭제