ලා දම් අහසට පායන උදවිය ..

Sunday, December 15, 2013

මම ඔයාට.......

පාන්දර හිරිකඩ පින්න ජනෙල් කවුළුවෙන් ඇතුලට ඇවිත් මගේ නළල් තලයත්, තොල්පෙතිත් කම්මුලත් සිපගත්තා.සියුම් සීතලට ඇහැරුණ මගේ ඇස් ඉස්සරින්ම දැක්කේ කිටි කිටියේ සීතලට ගැහෙන නැට්ට එහා මෙහා කරන් මොන මොනවදෝ කියවන තුන් ඉරි අප්පු...

මිදුල පුරාම විසිරිලා තියෙන කොළ අතරේ වැඩිපුරම තියෙන්නෙ කොස් කොළ...සීතල පින්නෙන් මිදෙන්න හිතාන කන් පෙති වැහෙන්න වූල් තොප්පිය දාගත්තු මම ඒ කොළ එකින් එක ඈතට තල්ලු කරගෙන ගියේ ඉදලෙන්...එහෙම ටික දුරක් අරං ගිහිං ආපහු හැරිලා බලද්දී  මහ පොළව පෑදිලා ගෙවත්තට නැවුම් බවක් එකතු වෙලා තිබුණා..

නැවත ආපසු නොහැරුණු මම ඉස්සරහට පොළව ඇමදගෙන ගියා .මට ඕනෑ වුණේ කෙළවරටම ගිහින් ආසානයේ ආපසු හැරී සුන්දරත්වය විඳින්න...එකින් එක එහාට ගෙනියන කොළයක් ගානේ මගේ ඒ ආශාව තවත් වැඩි වුණා.ඒත්...........මම ඉවසාන ඉදිරියටම ගියා...

ආසානය කරා ළඟා වූ මම ආපසු හැරී බැලුවේ ලොකුම ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...

හිතපු, බලාපොරොත්තු වුණ ලස්සන ඒ මිදුළ පුරා තියනවා වෙනුවට...මිදුළ පුරා මම දුටුවේ.... අළුත් කොළම කොළ පාට මොනවදෝ ගහකින් කඩාගත්තු කොළ ගොඩක්...ඔවු........මිදුළ පුරාම.

මට ආවේ කියාගන්න බැරි කෝපයක්...චූටි දූ මගේ....ඒ කොළ ටික නොපාගා දත් පෙන්නාගෙන හිනා වෙවී මා දිහා බලාන...ඒ හිනාවත් එක්ක කෝපය මදක් අඩු වෙද්දී මම දැක්කේ හදවත ඇතුළෙන් ඉඳිකටු අනිනා තරම් වේදනාබර දෙයක්...


.

*

*

*

*

*

*

*

*

*

*

*

*

*



මම ඔයාට ආදරෙයි.... 

කියලා ඒ කොළ වලින් ලස්සනට හදලා මගේ පුංචි දූ....







ප.ලි. - සංකල්පනාවක් පමණි.

60 comments:

  1. රෙහානි තාම අම්ම කෙනෙක් නෙමේ මන් හිතන්නෙ .. ?

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවක්ද මන්දා ;)

      ඒක එහෙම නම් සුභ පැතුම්!! :D

      Delete
    2. බලාපොරොත්තුවක් තමයි....හැබැයි තව අවුරුදු 3 කින් විතර හෙහ් හෙහ්
      :D

      මේක නිකන් ලීවේ අනේ ;)

      Delete
    3. ඔයාට හිතෙනකල් පව් පොඩි එකී බලන් ඉන්න එපැයි සුරංගනා ලෝකෙට වෙලා,,, අම්මගේ ආර්ථිකේ හරි ගිහින් ගෙවල් දොරවල් හදනකල් ඉන්න පැටියෝ ..මොනා කරන්නද අශ්චර්ය පැටියෝ ..

      ලස්සන නිර්මාණයක් රෙහානි

      Delete
    4. හ්ම්ම්..........ඒකනේ ඔමා..එයත් පව් මාත් පව්..
      ස්තුතියි ඔමා

      Delete
  2. සංකල්පනාව ලස්සනයි රෙහානි.

    සංකල්පනාව බලාපොරොත්තුවක් නම් එය ඉක්මනින්ම ඉටු වේවා කියලා හදවත පතුලෙන්ම පතනවා රෙහානි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියා අදහසට

      Delete
  3. ඔයටත් ඒ වගේ දවසක් එයි කවදහරි, ඒ දවස ඉක්මනින් උදාවෙන්න කියල මාත් විශ් කලා ඔන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සසිඳු...

      Delete
  4. සුබ පැතුම් රෙහානි .............!

    ReplyDelete
    Replies
    1. හී...........අනේ මං දන්නෑ....දැම්මම සුභ පතලා නේ ;)

      Delete
  5. සංකල්පනාව බලාපොරොත්තුවක් නම් හදවතින්ම සුභපතනවා අක්කේ...!!!

    ReplyDelete
  6. මේ දවස්වල කවුරු කවුරුත් මවු පදවිය පිය පදවිය ගැන සිහින දකිනව වගේ මට පේන්නෙ,උඳුවප් සීතල හින්දද මං දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හි හී...............හැලපතුමාත් කියන කතා :D

      Delete
  7. පොඩි කාලෙ අපි කොච්ච්රක් නම් ඔහොම දෙවල් කරල තියේද? අම්මලා මුකුත් කියන්නෙ නෑ නෙ ඒත්, එක වැඩේම දෙපාරක්... තුන්පාරක් කරන්න වුනා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අසෙනි...මටත් ඒකම මතක් උනා අද උදේ මිදුල අතුගාද්දී.....ඒකම තමයි මේ සංකල්පනාවට මුල් උනේ

      Delete
  8. ලස්සන කතාවක්! :) :) :) :)

    ReplyDelete
  9. ඔය කෙල්ලො ඔහොම්මයි ...:)))) මටත් ඉන්නවා දෙන්නෙක්.. ආසාවට අයි ලව් යූ තාත්තෙ කියන්නෑනෙ...? ඔක්කොම අම්මලාට තමයි..( දත්මිටි කමින්)

    ReplyDelete
    Replies
    1. අනේ පවු වීයා. මමයි නංගියි නම් කියන්නෙම තාත්තට.

      Delete
    2. වීයෝ - ම්ම්? එහෙනම් කට කහනවටෙයි කියන්නෙ තාත්තලාට ගොඩාක් ආදරේ දූලා කියලා

      බස්සි - ඒකනේ

      Delete
  10. අපිත් හීනයක් ගැන ලිවුවම මෙයාලත් ලියනවා.. කොප්පේ ගහන්න එපා හලිද..

    කෝම වුනත් ලස්සනයි හොදේ..

    ReplyDelete
    Replies
    1. හීනයක්...............අනේ මේ ඒක මට මිස් වෙලත් එක්ක... හුම් :D

      තැන්කිව් හොඳේ ;)

      Delete
  11. කොළ වේලෙන්න ඉස්සෙල්ලා........ඕන දෙයක්.....

    සොඳුරු අදහසක්!!!!

    ReplyDelete
  12. මොනව වුනත් ලස්සන හීනයක් ලස්සනට ගෙත්තම් කරලා තියෙනව.

    ReplyDelete
  13. පෙර නිමිති වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හි හී............තව කල් තියේ

      Delete
  14. අඩේ! අනාගතේ අපේ පොඩි එකත් මෙහෙම කරයිද දන්නේ නෑ.. මහේ වයර් කෑලි... ගැජට් බැජට් ඔක්කොම බිමට හලලා I Love You Dad! කියලා හැදුවොත්! මල් හතයි ඈ!

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි............... සෝ................යි එහෙනම්

      Delete
  15. මට ආපු ඊයක තිබුනා තාත්තගෙ අලුත්ම කාර් එකේ I love you dad කියල ඇණයකින් පොඩි එකෙක් ලියල, ඒ නොදැක තාත්තා දඬුවම් කරපු කතාවක්. ඒක මතක් උනා ඔයාගෙ පෝස්ට් එක දැකලා.
    කොහොම උනත් පොඩි අය තමන්ගෙ ආදරය පෙන්නන්න කරන දේවල් කොයි තරම් සරල වුනත් ඒ ඇතුලෙ ලොකු ආදරයක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම චාම්ස්....සමහර වෙලාවට අම්මලට තාත්තලාට ඒ අවස්තාව අඳුරගන්න බෑ

      Delete
  16. හා හා හොරේ දැනුනා දැනුනා ! :D ලත්තනයි කියන්න කිව්වා වයලා. මම උගේ මාධ්‍ය ප්‍රකාශක.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ... ප.ලි. ය කියවලා නෑනේ........
      ස්තුතියි

      වයලාටත් කියන්ට ස්තුතියි කියලා ..හැබෑට කෝ වයලා

      // මම උගේ මාධ්‍ය ප්‍රකාශක.// :D

      Delete
  17. අපේ එක්කෙනා ආවම බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි...සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ

      Delete
    2. උසස් පෙළ වගේ පන්ති වල ඉන්න කාලෙදිත් කෙල්ලො දරුවන්ට ආසයි නේද....මම දැකලා තියෙනවා බොහෝ වෙලාවට පොඩි එකෙක් දැක්කොත් හුරතල් කරන්න පොර කන්නෙ ගෑල්ලමයි මිස කොල්ලො නෙවෙයි...

      Delete
    3. ඒ ඇවිල්ල මායං 64න් එකක්.

      Delete
    4. සිරා- සමහර අය ඊටත් කලින්ම ඉඳන් දරුවන්ට ආසයි.මුකෝ මංදා ඉතිං..මාත් ඒම තමයි ඒ කාලේ ඉඳන්.. ;)

      සිංදුවා- මං කීන්නෑ බොට ඉතිං :D

      Delete
    5. ගෑල්ලමයි කවදා හෝ මවක් වන නිසා...ජාන වල තියෙන්න එපැයැ මුල ඉදන්ම...

      Delete
    6. අන්න ඒකයි......... :D

      Delete
  18. සුභ පැතුම්.... දෝනිගෙ වයස කීයද?

    ReplyDelete
    Replies
    1. ප.ලි. කියවල නැද්ද මන්දා :-D ලස්සණ සිතුවිල්ලක්.

      Delete
    2. යසිත්- අලී මට දෝණියෙක් නෑ තාම :D

      දිලිනි- හ්ම්ම් ඒක තමයි දිලිනි ස්තුතියි

      Delete
  19. බලාපොරොත්තු නෙව මිනිස්සු ජීවත් කරන්නේ රෙහානියෝ..

    ReplyDelete
  20. ජය වේවා, එසේම වේවා .තව අවුරුදු තුනක් ඉන්න එපා ,ආයේ මොකටද පස්සට දාන්නේ ඔය වැදගත් දේවල්

    ReplyDelete
    Replies
    1. පස්සට දාන්නෙ ඇයි කීලත් අහනවා ඉතිං :P

      Delete
    2. එකත් හරි බොල, මොකද ඉතින් කොරියාවේ ඉඳන් තැපැල් කොරන්ටයැ...නේද? හික් හික්

      Delete
  21. පලිය ඉක්මනින්ම යථාර්තයක්ම වේවා රෙහානියෝ.

    ReplyDelete
  22. මාර හැගීමක් දැනෙයි නේද ඇත්තටම මෙහෙම වෙනකොට...
    ඉක්මනටම හැබැහින් මෙලෙසින් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්............කාලෙකට පස්සෙ නේද මේ පැත්තේ? කොහොමද ඉතිං?

      Delete
  23. සමාවෙන්ට පරක්කු උනානෙ මේ පත්තට ගොඩ වෙන්ට. 4n එකේ credit තිබුනෙ නෑ.

    ReplyDelete
  24. ඒකට කාරි නෑ...........දැන් ආවා නෙව..

    ReplyDelete
  25. කසකාරයා එනවා වගේ... :D

    ReplyDelete