ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, October 31, 2012

රෙහානි යුග දිවියට...............!

ඔන්න යාලුවනේ අද මම රස රහසක් කියන්නයි යන්නේ ඔයාලට.රෙහානි අවුරුදු ගානක් දුක් වින්දා.. ආදරේ වෙනුවෙන්!ඒ ආදරේට තිබුන බාධක අපමණයි!මුලින්ම රෙහානි ආදරේ කරන්න පටන් ගද්දි ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියල හරියටම දැනගෙන හිටියේ නැහැ.එතකොට ඉස්කෝලේ යන වයස.ඒත් කාලයක් යද්දී ඒ හැමදේම රෙහානි හොඳට තේරුම් ගත්තා.මුලින්ම ගෙවල් දෙකෙන්ම මේ සම්බන්දෙට තදින්ම විරුද්ද උනත් පස්සේ ගෙවල් දෙකෙන්ම කැමති උනා.කැමති උනා කියනවට වඩා කැමති කරවගත්ත කිවුවනම් තමයි හරි.රෙහානිගේ ගෙදර නම් ගෝරි ඇද්දේ අම්ම තමයි,ඒත් වැඩක් උනේ නැහැ.අම්ම කියන දේවල් අහන තත්වෙක නෙවෙයි රෙහානි හිටියේ ........ඒකයි. අපේ ආදරේට අවුරුදු  8 ක්..හ්ම්.....ලේසි පහසු කාලයක් නෙවෙයි නේද?ඒත් ඒ කාලය නිසා අපි අපිව හොඳට තේරුම් ගත්තා.. 
                                                                                               
                                              රෙහානි කිවුවනේ රෙහානි ආදරේ වෙනුවෙන් ගොඩක් දුක් වින්දා කියලා..ඒ දුක වැඩිපුරම වින්දේ ගිය අවරුදු තුනේ..රෙහානි ආදරේ කරන රෙහනිගේ අහිංසක කොල්ල  අවුරුදු තුනක් තිස්සේ රෙහානිගෙන්     ඈතක දුරස්වෙලා හිටියා..ඒ එයා කොරියාවේ ගතකරපු පහුගිය අවුරුදු තුනක කාලය..! ඒ කාලය රෙහානි  ගත කලේ හරිම කටුක විදිහට..ඒ වින්ද දුක ගැනනම් කියලා වැඩක් නැහැ..අවාසනාවට දැන් රෙහානිට   ඒ ඉරණමට තව අවුරුදු 2 ක් මුහුණ දෙන්න වෙනවා..ඒත්..අපේම අනාගතේ ගැන හිතලා රෙහානි ඒ දුකට මුහුණ දෙන්න තීරණය කලා.එයාගේ නිවාඩුව මාස එකහමාරයි. දැන්  මාසයක්ම  ගතවෙලා ඉවරයි..ලබන  මාසේ 17  එයා ආයෙම  යනවා.. රෙහානිට දුකයි..  දරාගන්න බැරි තරම් දුකයි.  :(  ඒත්..ඒ දුක විඳින්න රෙහානි සුදානම්   :' (  ..එයා ඉන්න මේ දවස් ටිකේ බ්ලොග්  එක  පැත්තේ  ඇවිත් උනත් කාලය නාස්ති කරන්න  මට  ලෝබයි.. මන්  දැනුත්  ටයිප් කරන්න ගත්තේ එයා  බණ  ගෙදරක  ගිය  නිසා.. මන්  හිතනවා  මගේ යාලුවෝ මව තේරුම් ගනීවි කියලා..ඒ නිසා මන්  මගහැරුණ   ලිපි පසුව කියවන්නම්.. මන් පුළුවන් වෙලාවල්  වල  ඔයාලගේ ලිපි කියවනවා  කොමෙන්ට් නොකලට  යාලුවනේ..                                                                  
 
රෙහානි මේ හැම දෙයක්ම යලුවන්ට කිවුවේ ඇයි දන්නවද?2012 . 10. 05  රෙහානි රෙහානිගේ   ආදරේ සින්නක්කර කරගත්තා..අවුරුදු 8 ක ආදරයක්..ඒ කාලය තුල අපි අපිව තේරුම්ගත්තා පුදුම විදිහට..දැන් රෙහානි සතුටින්..ඒ උනත් රෙහානිව   දාල මේ කොල්ල  ආයෙත්   යනවනේ..  ඒ ඉතින් අපේ අනාගතේ වෙනුවෙන්ම තමයි.. ඒ වුනත්  හිතට  දුකයි..  ළඟ නැතිවෙනවා නේද කියලා දැනෙද්දී.   
                                   
ප.ලි.  = රෙහානිගේ  සැබෑ චායාරුපය   අවසාන  චායාරුපය   පමණක්  බව  කරුණාවෙන්  සලකන්න..!  :D

102 comments:

  1. ඔන්න රෙහානි ඔයාගේ බ්ලොගේට මුල ඉඳලම යන එන කෙනෙක් විදියට මගෙන් උණුසුම් සුභපැතුම්. මමත් ඔය විදියම තමයි අපමණ කටු කෑවා. දැනටත් කනවා නමුත් මගේ ආදරේ මගේ ලඟට ගෙන්න ගත්තා. දුක් වෙන්න එපා ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට ඒවාට හිත ශක්තිමත් කරන මුහුණ දෙන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කෝරලේ ...කටු කන්න වෙන්නේ තව අවුරුදු 2 නේ.., හිත හදන කට්ට කනවා..වචනවලින් දෙන ශක්තියට ස්තුතියි ඔබට..!

      Delete
  2. ආදරේ සින්නක්කර කර ගැනීම වෙනුවෙන් මං සුබ පතනවා!! තිබ්බ ප්‍රශ්න ජය ගත්තා වගේ ඔය ලතැවුල් ඉක්මනින්ම විසදෙයි. ජයවේවා දෙන්නටම!!
    අඩේ මට උඹල දෙන්නම දැකල පුරුදුයි වගේ බං. රත්නපුරේ නිසා සමහර විට කොහේදී හරි දැකලත් ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාටත්..
      ඔව් ..සමහරවිට දැකල ඇති නේද?දැන් ආය දැක්කොත් කතා කරන්න පුළුවන්නේ නේ?

      Delete
  3. උණුසුම් සුබ පැතුම් රෙහානි. ඒ අවුරුදු දෙකත් ඉක්මනට ගෙවිලා දෙන්නට එක වහලක් යටට එන්න ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ප්‍රාර්තනාවම තමයි කර න්නේ සයුරි...ස්තුතියි ගොඩක්...

      Delete
  4. මුළු හදවතින්ම සුභ පතනවා දෙන්නටම !!!!

    ReplyDelete
  5. කෙල්ලෙක් විදියට තවත් කෙල්ලෙක්ගෙ සතුට මට හොඳින්ම දැනෙනවා...හරිම සතුටුයි රෙහානි...

    වාසනාවන්...වාසනාවන්...ඔබේ දිවිමඟ වාසනාවේ...සුවහසක් මල් පිපේවා...!
    ඔයාගේ ජීවිතය සතුටම විතරක් රැඳේවා...!
    මගේ හදවතින්ම සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ කතාව ඇත්ත ලිහිණියෝ..ස්තුතියි පැතුමට..!

      Delete
  6. සුබ පැතුම් අක්කෝ... :)

    ජයෙන් ජය!

    ReplyDelete
  7. හීන ගොඩක් මැද ජීවත් වන රෙහානිගේ ළොකුම සිහිනය සැබෑ වෙලා..

    උනුසුම් සුභ පැතුම් පුතේ....!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්...ස්තුතියි ප්‍රාර්ථනාවට..!
      (පුතේ කිවුව නේද?)

      Delete
  8. යකඩේ මේකිව උල තියන්නයි වටින්නේ..නිකමට මේල් කට්ටක් දැම්මද ආ..වෙඩින් කේක් කෑල්ලක් දෙන්න වෙයි කියලා නේ..ඉන්නවා මෙව්වට මම පොලියත් එක්ක අල්ල ගන්නම් හරිද?

    සුභ පැතුම් නංගෝ..ඔයා පහුගිය කාලෙම හිටියේ දුකෙන්නේ එයා ලග නැති නිසා..මට විශ්වාසයි ඔයා හොදම හොද බිරිදක් වෙනවා කියලා එයාට. ඒ ඔයා එක්ක කතා කරලා ඔයා එයාට කොයි තරම් ආදරේ කරනවද කියලා මම දන්න නිසා. සුභ පැතුම් කෙල්ලේ...අවුරුදු දෙක මේ බලලා මේ බලද්දි ගෙවිල යයි. මොකට දුක් වෙනවද ස්කයිප් එකෙන් ඒ අවුරුදු දෙකේ මූණ බල බල ඉන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ..ඕන් දෙහි කපනෝ..
      ..............................
      බ්ලොග්වල මන් ගැන දැනන් උන්නේ උයා විතරනේ..ස්කයිප් එකේ බැලුවට ඉතින් ළඟ ඉන්නවා වගේ නැනේ අක්කියෝ..වැඩ ඉවරවෙලා එනකන් පිච්චෙනවනේ අපි..ස්තුතියි මගේ අක්කියටත්..

      Delete
  9. සිතේ තියෙන බලාපොරොත්තු සියල්ලක්ම ඉ‍ටුවේවා...!

    විවාහවෙනවා කියන්නෙ...ජීවිතය මත ලොකු බරක් පැටවෙනවා කියන එකයි...
    සමබරව,සතුටින්,සිනහවෙන් ,ඉවසීමෙන්,මේ සියල්ලක්ම ජයගන්න උත්සාහ ගන්න.
    ජීවිතය කියන්නෙ දුක,කඳුළ , සතුට කියන මේ හැම දෙයකම එකතුවක් කියල දැනගෙන ජීවිතය ගෙවන්න එතකොට අපිට සිත සතුටින් දිවිගෙවන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. විවාහ දිවියේ අත්දැකීම් ඇත්තෙක් විදිහට වීපොකුර කියන දේ හිස නමා පිලිගන්නවා..ස්තුතියි..!

      Delete
    2. මේ පැත්තෙ ඇවිල්ල බැලුවෙ රෙහානිට ..ඉස්පාසුවක් ලැබිලද කියල.
      හැමෝම ප්‍රාර්ථනා කරල විතරයිනෙ.....ඔන්න මමනම් කිව්වා හොඳේ...
      ජෝඩුව හරිම ලස්සනයි ...!

      Delete
  10. ඔබේ යුග දිවිටය උනුසුම් සුබපැතුම් රෙහානි

    ReplyDelete
  11. නැගී සොමි සඳ කිරණ විහිදා ල'දම් පාටින් අහසේ
    තිලෝගුරු බුදුරදුන් මෙත් බල දැනී දෙසිතක් සැනසේ
    ගෙවා ආ මග නොයෙක් බාධක පරදවා ජය ගත්සේ
    තවත් බෝ දුර යන්න දිරි-නැණ පතමි පෙම් මල් වැස්සේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..කවියෙන් සුභ පැතුමට..!දිගටම එන්න මේ පැත්තේ..

      Delete
  12. සුභ පැතුම් රෙහානි නංගි... කාලය ඉක්මනටම ගෙවිලා අරුන්දෑත් එක්ක එකටම වාසය කොරන කාලය උදා වේවා..!

    ReplyDelete
    Replies
    1. හි හි..ස්තුතියි..දිගටම මේ පැත්තෙත් මාරයා සැරිසරමු..!

      Delete
  13. මාතලන් කිව්ව පාරෙන් අදමයි ආවෙ. වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්ථනා කරනව ජෝඩුවට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔබවත්..!එහෙනම් දිගටම එන්නකෝ..

      Delete
  14. බොහොම සංතෝෂයි... අකලංක ආදරය දිනේවා ! සුභ විවාහ මංගල්‍යයක්ම වේවා !

    අපිටත් කේක් කෑල්ලක් වත් එව්වොතින් තමා හොද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!
      ස්කුටරේ දුන්නෙත් නැහැනේ කේක් දෙන්න.....!
      :)

      Delete
  15. කලින් පෝස්ට් එකේ කවියෙන් වනල තියනකොට හිතුනා මොකක් හරි වෙනසක් වෙලා කියල.

    යකෝ අවුරුදු අටක් හිටපු එකේ තව අවුරුදු දෙකක් ඉවසන්න බැරි හැටියක්. දැං ඉතිං බ්ලොගේට යන එන කට්ටියට සළකන්න වෙයි.
    සුභ මංගලම්..

    ReplyDelete
    Replies
    1. හි හි අවදානයෙන් කවිය කියෙව්වොත් වැඩේ තේරෙනවා තමයි..!
      තව අවු:2ක් මන් ඉවසනවා යාලු..(සලකන්න කිවුවේ ගල් බෝතලයක් වගේද?)
      ස්තුතියි ඔබටත්...!

      Delete
  16. සුභම සුභ ආදරෙන් පිරුණ විවාහ දිවියකට සුභ පතනවා මාත්!

    ජීවිතේ දුක් විඳින්න වෙන කාලවල් එනවා. ඒත් ඒ ටික කාලෙ නිසා මුලු අනාගතයම සතුටෙන් ගත කල හැකි. ඉතින් ඉතුරු ටික දවසත් මේ හිටිය වගේ ගෙවිල යන්න අරින්න.
    මේ දවස් ටිකේ සම්පූර්ණයෙන්ම එයා වෙනුවෙන් වෙන් කරන්න!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන්...මේ ඔවදන් මට ශක්තියක්

      Delete
  17. මගේත් හදපිරි සුභ පැතුම් පිලිගන්න . . . සුභ අනාගතයක් . . !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔබවත්..!

      Delete
  18. සුභ පැතුම්.. සුභ අනාගතයක් . . ! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  19. අනේ මගේ ආදරණීය සහෝදරී....කවදාකම හෝ දිනාගත්ත ආදරේ වටිනාකම ගැන ඔයා දන්නව ඇති....

    මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබෙන්න කියල සිත්තමී එක සිත්න් සුභ පතනවා.....

    ReplyDelete
    Replies
    1. මෙහෙමවත් කාලය විඩංගු කරන්න එපා කෙල්ලේ

      Delete
    2. අනිවාර්යෙන්ම සිත්තමී..ගොඩක් ස්තුති....දැනුත් එයා නැති නිසා ආවේ මන්..

      Delete
  20. මතක තියාගන්න ඊයෙට වඩා අද අමාරුයි අදට වඩා හෙට අමාරුයි.ඒත් ඒ අමාරුකම් සියල්ල ජයගෙන ජීවන ගමන සාර්තක කරගන්න ලැබේවායි හදවතින්ම පතනවා!

    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්..ඔබේ ඔවදන් මට වැදගත්..

      Delete
  21. සුභ පැතුම්.. සුභ අනාගතයක් . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  22. උණුසුම් සුභ පැතුම් රෙහානි!...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  23. හයිශෝ ........... මෙච්චර දවසක් රහසක් විදිහට තියාන හිටියේ අපිට කේක් දෙන්න වෙයි කියලද දන්නෑ ........
    කොහොම වෙතත් එක ගෙයි කුරුල්ලෝ වෙන ඒ දවස ඉක්මනට උදාවෙයි කියලා ප්‍රාර්ථනාවක් ‍එක්ක තිතක්

    ReplyDelete
    Replies
    1. හපුයි නැහැ අලී..ස්තුතියි දිනේල්ක..!

      Delete
  24. මගෙනුත් උනුසුම් සුබ පැතුම් දිවි මගෙ වසන්තයක්ම උදා වෙවා!!!!

    ReplyDelete
  25. අදමයි මේ දිහාවට ආවේ. ඔන්න එහෙනම් මගෙන් සුබ පැතුම්!!! මෙතැනින්ම පටන් ගන්නම්කො මේ වැයික්කියේ කරක් ගහල බලන්න...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..ස්තුතියි....දිගටම එන්න ආරාධනා කරනවා..

      Delete
  26. සුබ පැතුම්නංගි,ඔයාල දෙන්නටම...
    (මහත්තයගෙ මුණ මෙහෙදි දැකල තියෙන ගානයි,කොහෙදිද කියල මතක් කළේ)
    මොන කට්ට කෑවත් මොකෝ,ඕව සුන්දර අතීත සැමරුම් වේවිනෙ ඉස්සරහට...ජයශ්‍රී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විමුක්ති..(ඔහේදී දැකල ඇති..)ඔව් නේද?ඔබටත් ජය..!

      Delete
  27. සුබම සුබ පැතුම් ඔයාලට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  28. ජය මංගලම් අක්කෝ..ඔන්න අමතක නොකර Stereo Hearts 2012 වැඩසටහන අහන්න ඕන සෙනසුරාදට හ්ම්ම්,, ඔයත් නිර්මාණයක් එව්වනේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු..අද අහන්නම්..

      Delete
  29. ආදරවන්තයාට ඉක්මනින් ලගටවි ඉන්නට ලැබේවා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
  30. මංගලම් ජය මංගලම්!!!! :D

    සියලු බලාපොරොත්තු ඉටුවන, දුක නැතිව, සතුට උතුරන, වාසනාවන්ත විවාහ ජීවිතයකට, මගෙනුත් සුභ ප්‍රාර්ථනා රෙහානි... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් හිතු..!
      :D

      Delete
  31. වාසනා වේවා............! වාසනා වේවා............! වාසනා වේවා............!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා......!
      ස්තුති වේවා......!
      ස්තුති වේවා......!

      Delete
  32. වාසනාවන්ත යුග දිවියකට අයිස්ගෙනුත් සුභපැතුම් අක්කියෝ! :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  33. සිතේ ඇති ආදරය
    දහස් ගුණයෙන් ඉතිරී යන
    සුන්දර යුග දිවියකට සුපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...! රු

      Delete
  34. රෙහානි අස්වැන්නට නිතර ආගිය කෙනෙක්. ඒත් මම ලාදම් අහසට ආව මුල්ම දවස අද.ඒනිසා වඩාත්ම සතුටක් දැනුනෙ මේ පොස්ට් එක නිසා. හැමදාම ගිතයෙන් කතාකරන මම ඒ නිසාම මගේ සුබ පැතුම ගීයකින් මේසමග එකතු කරනවා..

    "තුන් රුවනේ සරණයි
    හැදූ වැඩු දෙමාපියන් සරණයි
    යුවතිපතින් හට සතර වරම් දෙවි
    සරණයි රැකවරණයි....."

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබේ ගීතමය ප්‍රාර්ථනාවට ස්තුති කරනවා..අස්වැන්නට මන් ගී යේ ගොඩක් සතුටින්..ඔබතුමා අද මෙහි පැමිණීමත් මට ගෞරවනීය සතුටක්..දිගටම එන්න ආරාදනයකුත් කරනවා මේ සමගම...!

      Delete
  35. මගෙනුත් හඳ පිරි සුභ පැතුම්........ :)

    ReplyDelete
  36. වාසනාවන්ත විවාහ ජිවීතයක් ඔබ දෙදෙනාටම හිමිවේවා. රටට වැඩදායී දූ දරුවන් ලැබේවා :)

    ReplyDelete
  37. රෙහානි අක්කි සුබ පැතුම් විවාහ දිවියට යි ස්ටීරියෝ හාර්ටිස් ජයග්‍රහණයට යි!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්...

      ගොඩක් ආදරෙන් පිලිගන්නවා..ඒ වගේම නැවත එන්න ආරාදනා කරනවා..

      Delete
  38. රෙහානි අක්කේ http://www.facebook.com/Hiruhimawi මෙන්න මෙතනින් අපිව සම්බන්ධ කරගන්නවද තරහ නැතුව හ්ම්ම්..

    ReplyDelete
  39. wish u Rehani..........පරක්කු වුණත් ඔයාගෙ යුග දිවියට මගෙන් ආසිරි.......!!!!!

    ReplyDelete
  40. appachchiye.. parakku una neda enna.... subam suba patum akkee aa ,,, :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්...
      ..දිගටම එන්න

      Delete
  41. සුබ පැතුම් අක්කේ.හැමදාම දෙන්නා හිනාවෙලා ඉන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...අනිවාර්යෙන්ම හිනාවෙලා ඉන්නවා හැමදාම ...!දිගටම මේ පැත්තේ එන්නකෝ..

      Delete
  42. අලේ...මං දැන්නේ දැක්කේ මේ පෝස්ටුව...ඔන්න රෙහානිට මගෙනුත් උණුසුම් සුභ පැතුම්....දුක් වින්දට මොකෝ අනාගතේ සතුටු වෙන්න පුලුවන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමා...එහෙම හිතල තමයි මේ හිත හදන ඉන්නේ

      Delete
  43. ඉතුරු වෙච්චි කේක් කෑල්ලක් වත් නැද්ද ? මන් කියන්නේ
    පුස් කාගෙන එන එකක් වත් ?
    සුබ පැතුම් , හොද විවාහ ජීවිතෙකට ලස්සන හුරතල් පඩි පෙළක් එක්ක... හි හි

    ReplyDelete
    Replies
    1. පඩි පෙළක් !එකටනම් තව අවු:2ක් යාවි...කේක් නම් දැන් හොයාගන්නවත් නැහැ..ස්තුතියි!

      Delete
  44. සුභ පැතුම්

    කේක් දුන්නොත් අපිටත් සුභයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසාර් !ඔයිටත් කේක් ඕනද? :D

      Delete
  45. ප්‍රීතිමත් යුග දිවියකට උණුසුම් සුභ පැතුම් :)

    ReplyDelete
  46. ආවේ නැත් කාලෙට ගොඩක් දේවල් වෙලානේ..
    පරක්කු උනාට ගනං ගන්න එපා. අද සුබ පතන්නම්කෝ........

    එහෙනම් රෙහානි අක්කට සුබම සුබ යුග දිවියක් ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු කුමරු!

      Delete
  47. ප්‍රමාද වුනා එන්න. ඒකට සමාවෙන්න ඕනෙ.

    ඉක්මනින්ම එක වහලක් යට ජීවත් වෙන දිනය උදා වේවා.

    ලස්සන, එකිනෙකාට ගැලපෙන ජෝඩුවක් බව දැක්කගමන් හිතට ආපු සිතුවිල්ලයි. එතකොට ප්‍රොෆයිල් පික් එකේ ඉන්නෙත් රෙහානිම තමයි නේ?

    ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියක් ඉත සිතින්ම පතන්නේ,

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාවට ස්තුතියි ගොඩක් !ප්‍රොෆයිල් එකේ ඉන්නේ නම් මම නෙමෙයි ..ඒ ඉන්නේ රාණි අක්කා හි හි ..!
      :)

      Delete
  48. ආදරයට කොහේදෝ බාධා නැත්තේ.. දුක් විඳින,වින්ද තරමට ආදරය රසවත් විදියට විඳින්න පුළුවන් වෙනවා.. ඒක තමයි කරූගේ අත්දැකීම. තව කාලෙකට පස්සේ මේ කටු කාපු යුගය ගැන ඔබට ආදරයෙන් සිහි වේවි රෙහානි. ඔබ දෙපලට මමත් සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ඔවු............අපේ දරු පැටවුන්ට කියන්න පුළුවන්නේ අම්මියි තාත්තියි වින්ද දුක නේද /?:D ස්තුතියි පැතුමට කරූ

      Delete
  49. අළුතෙන් එකතු වෙච්ච මගෙනුත් ඔන්න උණුසුම් සුභ පැතුම්>

    තව අවුරුද්දනේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ...තව ටික දවසකින් එන්නකෝ පලවෙනි අනිවසරියට කේක් කන්න ..හි හි :D

      ස්තුතියි සඳුන් !

      Delete
  50. දන්නේ නැති වග ඇත්තයි නුඹ කවුරුද
    පිරිසිදු පැතුමක් ගෙනෙන්න ඒ වග කුමටද
    සිනහා ඉහිරේවා, නුඹේ දිවියෙහි නිබඳ
    පතනෙමි නුඹේ විවහා දිවියට ආශිර්වාද

    ReplyDelete