"උත්තරේ දෙන්නම්............ඊට කලින් අපි බස් එකෙන් බහිමු.............." කෂිනි එය කීවේ යම් තරමක කේන්තියකින් දෝ කියලා සශ්මිකට හිතුණා.
"මිල්හානයා, බහිමු?" සශ්මික කීවේ අසුනින් නැගිටින ගමන්.
"නෑ..........බහින්නේ අපි දෙන්නා විතරයි " කෂිනි ස්ථිර ස්වරයකින් කියා අසුනින් නැගිට්ටා...
"ඒ................එතකොට මං...." මිල්හාන් හදිසියේ එය අහද්දී සශ්මිකත් කෂිනිත් දඩි බිඩියේ බසයෙන් බැහැගත්තා...මිල්හාන් තෙරපුම නිසා බැසගත නොහැකිවීමෙන් වීදුරු කවුලුවෙන් ඔලුව දමා සශ්මිකට දෙහි කපන්න උනේ බසය ඉදිරියට ඇදෙද්දීමයි...
දෙදෙනා බැස තිබුණේ බටුගෙදර විද්‍යාලය කිට්ටුවේදීයි.කිසිම කතාවක් නැතිව ඉදිරියට ඇදෙන කෂිනි පිටුපසින් සශ්මික ඇදෙන්නේ සිදුවන්නේ කුමක් දැයි හරි හැටි වටහාගැනීමට නොහැකිව අසරණකමකින්.
"මේ...............මේ අපි , කොහෙද යන්නේ? " සශ්මික ඇසුවේ බොහොම පහත් ස්වරයකින්, ඒත් සමගම වටපිට බලමින්.
"ඇයි?............. වීරයා බයද?" කෂිනි ඇහුවේ කටකාරකමට...
"අ........අපෝ නෑ........., දැනගන්න ඇහුවේ " සශ්මික කීවේ වෙනසක් නොපෙන්වන්නට උත්සහා කරමින්.
"ඉස්සරහින් අතුරු පාරක් තියනවා..............ඒකේ ඇතුලට යන ගමන් අපිට කතා කරන්න පුළුවන්..." කෂිනි කියන්නේ හරිම සැහැල්ලුවෙන්.
ගැහැණු ළමයෙකු මෙතරම් සැහැල්ලුවකින් කොහෙත්ම හඳුනන්නේත් නැති තමා සමග බසයෙනුත් බැස...,තනිවම අතුරු පාරක යන්නටත් යෝජනා කරන්නේ කෙසේදැයි අතුරු පාර වෙත යන අතරේ සශ්මිකට කල්පනා විය.එම අතරතුර කෂිනි වරින් වර තමා දෙස බලා සිනාසෙන්නේ ඇයිද කියා ත් ඔහුගේ සිතේ ගැටලුවකි.ඈ කියූ අතුරු පාරේ මූලාරම්භයට පැමිණි පසු සශ්මික කතාවට මුල පිරුවා.
"ඔයාට බය නැද්ද...............මෙහෙම පිරිමි ළමයෙක් එක්ක තනියම පාරවල්වල කතා කරන්න.......?" සශ්මිකගේ හිතේ එතෙක් වේලා කැකෑරුන සිතුවිල්ල එළියට පැන්නේ ඉබේම වගේ.
"හෙහ්.............. ඇයි කොල්ලො කෙල්ලන්ව ගිලින බිල්ලෝද බයවෙන්න? "සශ්මිකට කෂිනි දුන්නේ බලපොරොත්තු නොවුන උත්තරයක්..අහිංසක පෙනුමට වඩා ඈ කටකාරයි කියලා සශ්මිකට හිතුණා.
"හරි හරි.............ඔයා දිනුම්.., දැන් මම අහපු දේට උත්තර දෙන්නකෝ...?" සශ්මික කීවේ සිහින් හිනාවකුත් එක්ක.
"අනිවාර්යෙන්ම දෙනවා............හැබැයි ඊට කලින් මට ප්‍රශ්න ටිකක් තියේ , ඒ ටිකට උත්තර දීලා ඉන්න...."කෂිනි ඒ ටික කීවේ ඇතුල් පාරේ මද දුරක් ගොස් විශාල ගෙදරක තාප්පයකුත් එක්ක තිබුණ ලොකු ගහක හෙවනැල්ලක් ළඟ නතරවෙන ගමන්...සශ්මිකත් ඒ අනුව එතැන නතරවුණා..
"ප්‍රශ්න අංක එක.... ඔයා මොනවද මං ගැන දන්නේ........" කෂිනි එය කීවේ එක අතකින් දබරගිල්ල පෙන්වන ගමන්.
"ම්ම්ම්..................ඔයා කෂිනි,තවම ඉගෙනගන්න ළමෙක් මං වගේම...අහිංසක ළමෙක්..." සශ්මික කීවේ ඇගේ මුහුණට මුහුණලා සිටගෙන ඇගේ ඇස් දෙසම බලමින්...
"ඔන්න ප්‍රශ්න අංක එකේ විග්‍රහය...! , ඒ ඇතිද දැනගත්තහම? ඔයා මාව ආශ්‍රය කරන්න හිතුවේ තාවකාලිකවද?" කෂිනි ඇසුවේ සශ්මික දිහා බැරෑරුම් බැල්මක් හෙලමින්.
"කොහෙත්ම නෑ..........මම දකින දකින කෙල්ලෝ පස්සේ යන්නෙ නෑ..ඔයා ගැන විතරයි මෙහෙම හිතුණේ.., මට ඔයාගේ ජාතකෙන්වත් කුල මලෙන්වත් වැඩක් නෑ,අනික මට හැඟීමක් ඇති උනේ ඔයා ගැන මිසක්කා වෙන භෞතික දේවල් ගැන නෙවේ, ඔයාට ඕනනම් ඕන විදියකට ඒවා හොයා බලන්න." සශ්මික කීවේ අවංකවම.
"මං අහන්න ගිය ගොඩක් ප්‍රශ්නවලට උත්තර ඒ උත්තර ඇතුළේ තිබුණා..ඒ උනාට .........., ඔයා හිතනවට වඩා ගොඩක් වෙනස් මං ඉන්න තත්ත්වේ.ඔයා ඇහුවා නේද බය නැතිව ඔයත් එක්ක මම ආවේ කොහොමද කියලා..මගේ අම්මා පිරිමි දහ දොළොස් දෙනෙක් එක්ක හරි හරියට කසිප්පු බිස්නස් කරනවා.බාප්පා ඒවා පෙරනවා...මං ඉන්න පරිසරේ හැටියට මට බය දැනෙන්නේ නෑ,පිරිමි කියන්නේ මට අමුතු ජාතියක් නෙවේ....."
"මට තියෙන ප්‍රශ්නේ ඔයාලගේ ගෙදරිං මේවට ඉඩ දෙන්නේ නෑ නේද ?ඔයා නොදන්නවා උනාට ඔයාගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක් කියලා මම දන්නවා....ඔයාලා අපි පෑහෙන්නෙ නෑ...මට ඕන උනේ මේ ඇත්ත ඔයාට තේරුම් කරලා දෙන්න."
"ඔයා කොහොමද මගේ අප්පච්චි ගැන දන්නේ?" සශ්මික එකවර ඇතිවූ කුතුහලය නිසාවෙන් ඇසුවේ ටිකක් කලබලයෙන් වගේ.
"ඔයා ගැන,ඔයාගේ අප්පච්චි ගැන මම නොදන්නේ මොනවද කියලා අහන්න ........." කෂිනි කීවේ හරි ලස්සනට ඇස් වලින් හිනාවෙලා..
"ඔයා කොහොමද ඔය තරමටම මං ගැන දන්නේ ?" සශ්මික ඇසුවේ නොඉවසිල්ලෙන්..
"ඔයා අඳුරනවද රුවිනි? ඉංගිරියේ?" කෂිනි ඇසුවේ සශ්මිකට තවත් පුදුම හිතෙන ප්‍රශ්නයක්..
රුවිනි ඉෂාරා?...., අපේ අප්පච්චිගේ නංගිගෙ දූ?" සශ්මික පුදුමයෙන්, කුතුහලයෙන් අහගෙන ගියා.
සශ්මිකගේ සහ කෂිනිගේම වයසේ පසුවන රුවිනි, කෂිනිට හමු වූ දා පටන් සශ්මිකගේ විස්තර තමන්ට රුවිනි කියා ඇත්තේ බොහෝ කලකට ඉහතදී බවත්, සශ්මිකගේ කඳුළු කතාව පවා තමන් දන්නා බවත් ,හැමෝම නොදන්නා කරුණ සශ්මිකට නිවසේ අය කෙණෙහිලි කම් කරන කාරණය පමණක් තමන් නොදන්නා බවත්,කොටින්ම සශ්මික යනු තමන්ට අලුත් චරිතයක් නොවන බවත් ඈ සශ්මිකට කීවා..සශ්මිකගේ සහ තමන්ගේ නිවෙස්වල ඇති ප්‍රශ්න දෙදෙනා සාකච්ඡා කළේ හරිම ආත්මානුකම්පාවකින්.
"මේ ඔක්කොම කියලා ඔයා මට කියන්න හදන්නේ ඔයා මට ආදරේ කරන්නෑ කියන එකද?" සශ්මික ඇසුවේ දිගු නිහඬතාවයකට පසුව සුසුමක් හෙලමින්..
" මට මෙහෙම දේවල් පටන් ගන්න බෑ සශ්මික...මේවා අහු උනොත් බාප්පා ඔයාවයි මාවයි දෙන්නවම මරලා දායි.හිරේ යනවා කියන්නේ දැන් එයාට ගමේ යන ගානයි. කෂිනි කීවේ ලොකු කළකිරීමකින්.
"පිස්සුද ඔයාට..............? එහෙනම් එයාටම ගිය රට..! " මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.අනික අපේ ගෙවල්වල අයට අපිට නීති දාන්න බෑ...ඒගොල්ලො කරන අසාධාරණකම් එක්ක..." සශ්මික කීවේ මඳ කෝපයකින්.
"බාප්පා පැත්තකට දාමු.මගේ අම්මා?..........ඔයා ඒ ලෙවල් ඉවර උන ගමන් ඇවිත් අපේ අම්මාගෙන් අහන්න.එතකං අපි ආදරේ අමතක කරලා ඉගෙනගමු.ඔයාටයි මටයි අපි දෙන්නටම අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි.කෂිනි ඒ ටික කීවාට පසු සශ්මික කල්පනාවට වැටුණා.
කැමතිද කොන්දේසියට?" කෂිනි ඇසුවේ මොහොතක් ගත වූවාට පසුව.
"ඔයා ගැන,ඔයාගේ අප්පච්චි ගැන මම නොදන්නේ මොනවද කියලා අහන්න ........." කෂිනි කීවේ හරි ලස්සනට ඇස් වලින් හිනාවෙලා..
"ඔයා කොහොමද ඔය තරමටම මං ගැන දන්නේ ?" සශ්මික ඇසුවේ නොඉවසිල්ලෙන්..
"ඔයා අඳුරනවද රුවිනි? ඉංගිරියේ?" කෂිනි ඇසුවේ සශ්මිකට තවත් පුදුම හිතෙන ප්‍රශ්නයක්..
රුවිනි ඉෂාරා?...., අපේ අප්පච්චිගේ නංගිගෙ දූ?" සශ්මික පුදුමයෙන්, කුතුහලයෙන් අහගෙන ගියා.
සශ්මිකගේ සහ කෂිනිගේම වයසේ පසුවන රුවිනි, කෂිනිට හමු වූ දා පටන් සශ්මිකගේ විස්තර තමන්ට රුවිනි කියා ඇත්තේ බොහෝ කලකට ඉහතදී බවත්, සශ්මිකගේ කඳුළු කතාව පවා තමන් දන්නා බවත් ,හැමෝම නොදන්නා කරුණ සශ්මිකට නිවසේ අය කෙණෙහිලි කම් කරන කාරණය පමණක් තමන් නොදන්නා බවත්,කොටින්ම සශ්මික යනු තමන්ට අලුත් චරිතයක් නොවන බවත් ඈ සශ්මිකට කීවා..සශ්මිකගේ සහ තමන්ගේ නිවෙස්වල ඇති ප්‍රශ්න දෙදෙනා සාකච්ඡා කළේ හරිම ආත්මානුකම්පාවකින්.
"මේ ඔක්කොම කියලා ඔයා මට කියන්න හදන්නේ ඔයා මට ආදරේ කරන්නෑ කියන එකද?" සශ්මික ඇසුවේ දිගු නිහඬතාවයකට පසුව සුසුමක් හෙලමින්..
" මට මෙහෙම දේවල් පටන් ගන්න බෑ සශ්මික...මේවා අහු උනොත් බාප්පා ඔයාවයි මාවයි දෙන්නවම මරලා දායි.හිරේ යනවා කියන්නේ දැන් එයාට ගමේ යන ගානයි. කෂිනි කීවේ ලොකු කළකිරීමකින්.
"පිස්සුද ඔයාට..............? එහෙනම් එයාටම ගිය රට..! " මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.අනික අපේ ගෙවල්වල අයට අපිට නීති දාන්න බෑ...ඒගොල්ලො කරන අසාධාරණකම් එක්ක..." සශ්මික කීවේ මඳ කෝපයකින්.
"බාප්පා පැත්තකට දාමු.මගේ අම්මා?..........ඔයා ඒ ලෙවල් ඉවර උන ගමන් ඇවිත් අපේ අම්මාගෙන් අහන්න.එතකං අපි ආදරේ අමතක කරලා ඉගෙනගමු.ඔයාටයි මටයි අපි දෙන්නටම අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි.කෂිනි ඒ ටික කීවාට පසු සශ්මික කල්පනාවට වැටුණා.
කැමතිද කොන්දේසියට?" කෂිනි ඇසුවේ මොහොතක් ගත වූවාට පසුව.
"කමක් නෑ...........එහෙමයි කියලා අපි දෙන්නගේ හදවතේ බැඳීම නැති වෙන්නේ නැහැනේ ..........මම කැමතියි ඒකට.. ඔයා වෙනුවෙන්ම ඉන්නවා කියලා මම පොරොන්දු වෙනවා! ඔයත් මට පොරොන්දු වෙන්න..." සශ්මික අවසන ඒ තීරණයට කැමති උනේ කෂිනිවත් පොරොන්දු කරවාගෙන...
****************************************************
උදෙන්ම නා කියාගෙන මිල්හාන්ලගේ ගෙදරට යන්න සූදානම් වෙලා මිදුලට එත්ම වත්තේ කොනක ඇති ඔන්චිල්ලා දෙකේ පැද්දෙමින් අක්කලා දෙන්නා මොන මොනවාදෝ කියවමින් සිනාසෙන අයුරු සශ්මික ඈත ඉඳන් බලාගෙන.ඒ දැකලා සශ්මිකට සුපුරුදු ආත්මානුකම්පාව හිත අස්සේ කැකෑරෙන්න ගත්තත් සශ්මික ඒ නොදුටුවා සේ ගේට්ටුවෙන් එළියට යන්න සැරසුණා..
"චූටි මහහ්තයාට ලියුමක්.........." ගේට්ටුව දෙස සිට පැමිණි සිරිදාස සශ්මික අතට ලියුම දුන්නා...
"මම ඇවිත් බලන්නම්...කාමරෙන් තියන්න..." බැලූ බැල්මට ටියුශන් පන්තියකින් ආ ලියුමක් සේ නිසා සශ්මික සිරිදාසට කීවා.
"යන්තං ඇති....මුස්පේන්තුවා යනවා....."
ලොකු අක්කා සශ්මිකට ඇහෙන සේ හය්යෙන්ම කියද්දී සශ්මික නෑසුනා සේ ඔහුගේ ගමන ගියා..ඒ අසා පොඩි අක්කා උලුක්කුවට සිනාසෙද්දී සශ්මිකට හිතට ආව කේන්තිය කියන්නට බැරි තරම්..
අල්ලපු ගෙදර අංකල්ගෙන් මෝටර් සයිකලය ඉල්ලා ගත් සශ්මික වේගයෙන් ඉගිල්ලුනේ හිතේ ඇති කේන්තියට මැරුණත් කමක් නෑ කියා හිතාගෙන..
නිවිතිගල නගරය පසුකර කලවාන පාරේ වේගයෙන් ඉදිරියට ඇදෙන සශ්මික ප්‍රාතමික විද්‍යාලය විශාල වංගුවත් සමගම පසුකරන්නට සැරසෙද්දී වේගයෙන් ඉදිරියට ආ විශාල ටියුබ් ලොරියේ ගෑවී නොගෑවෙන තරමින් මෝටර් සයිකලය පාලනය කරගන්නට උත්සාහ කළත් ලොරියේ ඉදිරිපස මුහුනතේ ගැට්ටෙහි සයිකලය නොවැදී බේරාගන්නට සශ්මිකට හැකියාවක් නැතිවුනා.ක්ෂණයකින් ඉදිරියට වීසිවුන බයිසිකලයත් සශ්මිකත් දෙතැනක වැටුණා...
මල්ලී මල්ලී..............." කවුදෝ කෙනෙකු තමන්ට කතා කරනු සිහිනයෙන් වගේ සශ්මිකට ඇහුනත් ඒ හඬ අඳුරක සැඟවී යනවා කියලා සශ්මිකට දැණුනා..
ප.ලි. ::::: සශ්මික ජීවතුන් අතර ඉඳීද? ලියුම කාගෙන්ද ? සහ සශ්මිකගේ සියල් තොරතුරු සමගින් අවසාන කොටසින් හමුවෙමු.
ප.ප.ලි. :::: ඔන්න රෙහානියා දුර ගමනක් යනවලු හෙට .කතාවේ අවසාන කොටස Schedule කරලා යන්නේ ...ඒකට රිප්ලයි දෙන්න පරක්කු වෙයි කොමෙන්ටු වලට...( ඔන්න කියලම තිබ්බා ඈ )
සශ්මිකනම් ජීවතුන් අතර ඉඳියි, හැබැයි ඉල්ලා ගත්ත බයික් වලින් ගහින් හප්පගත්තම හෙනම කුනක් තමයි.
ReplyDeleteසහතික ඇත්ත....
Deleteබලමු ඉඳීවිද කියලා
හතර වැනි කොටස කියවල නැති නිසා ඒක අද කියවල තමා මේක කියෙව්වේ.. කතාවේ ගලා යෑම හොදයි.. සමහර දේවල් කියන්න කලින් තේරුම් යන තත්වයක් කතාවේ තියෙනවා.. මං කැමතියි මේ දෙන්නගේ ඩයලොග් එක ගිය විදියට. ඒක නියමයි.. අවසාන කොටස එන කොට ඉන්නංකෝ එහෙනං..
ReplyDeleteමොකෝ රු. 60 ට සීගිරියේ යනවැයි මේ පාරත්...????
ස්තුතියි අදහස්වලට.....
Deleteනෑ නෑ........මේක අර බස් කොල්ලෝ පොස්ට් එකේ තියන ගමනමයි නැවත වරක් :D
මටත් හිතෙනව ශශ්මික ජීවත්ව ඉදිවී කියල...අවසානය කොච්චරනම් දුරද?මේකනම් ලෝක සොභාවයද කොහෙද?
ReplyDeleteදුර නෑ.......තව එකයි....එක්කෝ ඒකත් පබ්ලිෂ් කොරලාම යන්නද? :D
Deleteමාත් හිතනවා සශ්මික ජීවතුන් අතර ඇති කියලා. ගෑනු ලමයා නම් සෑහෙන්න ප්‍රායෝගික දැරිවියක් නේද?
ReplyDeleteආපෝ ඔය අනුන්ගෙ බයික් වල ගිහින් හැප්පුනාම ඇගට වඩා රිදෙන්න්ව් හිත. අයිතිකාරයා මුකුත් නොකියන එකත් අප්සට් එකක්. (අත්දැකීමෙන් කියන්නෙ.) :-)
හ්ම්ම් හ්ම්ම්..............දුර දිග හිතන ලද බොලඳ නැති කෙල්ලක්...ඒකට හේතුව හිතාගත්තැහැකි නෙව
Deleteමෙයත් හප්පගෙන තියන පාටයි :D
ඔයා දුර ගියාට නම් කමක් නෑ. නමුත් මේ කොල්ලව ලොරියක හප්පලා ලේ ගලන තුවාල එක්ක පාරේ දාලා ගිය එකයි වැරැද්ද.
ReplyDeleteයන්න කලිං ඇම්බ්යුලන්ස් එකක් ගෙනක්ල්ල දීල ගිය හින්දා කොල්ලා බේරෙයි..
Delete@ හෙන් රි තුමා ::හැක් .............
Deleteඅර මල්ලී කියාපු කෙනාට වැඩේ භාර දීලා මම යනවා
@ සරත් තුමා :: ඔවු නෙහ්?
කමක් නෑ කමක් නෑ. බලමුකො එහෙනම් ඉස්සරහටත්.
ReplyDeleteබලමු.....................
Deleteහුරේ අන්තිමට එයා කැමති වුනානේ ,,ඔයා ලියනකල් මේ ටිකේම ඇවිත් බල බල ගියේ ,, කෙල්ල මන් හිතුවට වඩා ගට්ස් තියෙන කෙල්ලෙක් ,, සශ්මිකත් හොද කොල්ලෙක් ,,මන් දිනුම් හොදේ , කෙල්ල කැමති වුනානේ
ReplyDeleteඅනේ ඉතින් වෙච්ච දේ අහන්න තව කාලයක් බලා ඉන්න එපයි
Deleteස්තුතියි ඉතින් මාව කියෝනවට...
Deleteඔයා දිනුම්....
ඉක්මනට බලාගත්තැහැකි ඒකත්
ඔහොම යන් ඔහොම යන් ...
ReplyDeleteශා.................කෝමහරි ඇදගෙන ගියා නෙහ්? තව එකයි ඈ...
Deleteඅවසාන කොටස නම් බඩු තමා ඉතින්
ReplyDeleteසශ්මිකටද?
Deleteමම හිතුවේ රෙහානි මහත්තයව බලන්න යනවයි කියල,තව එක කෑල්ලද අපොයි තව ඇදන් යන්න තිබ්බනෙ අපරාදෙ නවත්තන්නෙ.
ReplyDeleteඔයා විතරයි ඔහොම කිවුවේ..........ඒනම් ඇදගෙන යමුද?
Deleteඔහොම යං! තව තව ලියන්න. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තුතියි............මේක නම් තව එක කොටසයි
Deleteපොතේ හැටිටක කොල්ලා මැරෙන්න විදිහක් නැහැනේ.. ඒ හන්දා බලාගෙන ඉමු..
ReplyDeleteහ්ම්ම්.....හ්ම්ම්..... බලමුකෝ
Deleteකතාව හිතුවෙ වත් නැති පැත්තකට හැරුනා වගේ
ReplyDeleteමෙන්න මෙයත් හොරෙන්ම බලලා...
Deleteස්තුතියි දිගටම එන්ට ඈ......
// මම දකින දකින කෙල්ලෝ පස්සේ යන්නෙ නෑ..ඔයා ගැන විතරයි මෙහෙම හිතුණේ.., මට ඔයාගේ ජාතකෙන්වත් කුල මලෙන්වත් වැඩක් නෑ,අනික මට හැඟීමක් ඇති උනේ ඔයා ගැන මිසක්කා වෙන භෞතික දේවල් ගැන නෙවේ, ඔයාට ඕනනම් ඕන විදියකට ඒවා හොයා බලන්න. //
ReplyDeleteපොදුවේ කියනු ලබන බයිලාවකි...
කෂිනි හෙන කපටියි වගේ මට නම් හිතෙන්නෙ.. බලමුකෝ ඉස්සරහට
හිහ් හිහ්..................උයාත් ඒ බයිලේ ගහලා තීන පාටයි..
Deleteඔන්න ඉතිරියත් දාලා තියෙන්නේ
තව නම් යන්න තිබබා. මොකද දෙන්නගේ ප්‍රශ්න ගොඩක් වැඩියි. එක මම කියන්නේ දැනට නවත්තලා ආපහු දෙවැනි අදියරකින් වගේ පටන් ගන්න තිබ්බේ කියලා
ReplyDeleteපූසෝ ඇදගෙන නම් යන්න තිබුණා ඔන්නම්...ලියන්ට මටම කම්මැලී...ඒක නේ වැඩේ..හි හි :D
Deleteඅනේ ඒකත් පබ්ලිෂ් කරලම යන්නකො අක්කේ..... මොකද්ද අෆ්ෆා දැන් ඉතින් ඔය දුර ගමන ගිහින් එන්න ගොඩාක් කල් යයිද?? ඉක්මනට දාන්නකෝ පවු අර සශ්මික ඇක්සිඩන්ට් වෙලා පාරෙ. දුක නැද්ද ඒ කොල්ලා පාරෙ වැටිලා ඉද්දි මෙහෙම දුර ගමන් යන්න..... ;)
ReplyDeleteමටනම් හිතෙන්නෙම කොල්ලා මැරෙයි වාගෙ. අනේ මේ තේරවිල්ලෙ කොනක් වත් අහුවුනේ නෑ මටනම් තවම.
ඔන්න අන්තිම කොටස බලාන්ටකො
Deleteදුර ගමනක් කිව්වෙ වන්දනා ගමනක්ද ?
ReplyDeleteකථාව අපි හිතපු නැති ඉසව්වකට ඇවිත් නතර වෙලා...මම හිතුවෙ නෑ මෙහෙම ඉසව්වකට ඒවි කියලා..කථාව දැන් නම් ටොපේ ටොප් නගෝ....
නැහැ මෙයා නෑනණ්ඩි බලන්න ගියා...
Deleteස්තුතියි සිරා අයියේ
මගදියි කථාවට එකතු වුනේ.. මුල් කොටස් ටිකත් කියෙව්වා ... හරිම ලස්සනයි.. දිගටම එන්නම්කෝ ඉතුරු ඒවත් කියවන්න..
ReplyDeleteස්තුතියි තුශානි අදහස්වලට.....
Deleteඔන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා මෙහෙට .දිගටම එන්නකො කියවන්න එහෙනම් ...
ඕකා මළොත් කතාව යන්නේ නෑ . ඒ නිසා ඕකා මැරෙන්නේ නෑ .
ReplyDeleteමම මේ කල්පනා කරේ සෙවන් දෙයියනේ ඉංගිරියත් තියෙනවා . හංඌඌඌඌ
භයේ බෑ ....... තව මොන මොන ගම කියයිද දන්නේ නෑ මෙයා :(
ඊළඟ කොටස එනකං ඉනනවා .......... ඉක්මනට ඕන
ආන්න මම හිතුපු එක බොටත් හිතිලා. අරූ මැරුනොත් කතාව හබොක් :D
Deleteඇන්ඩ් බටුගෙදර ඉස්කෝලේ අතුරු පාර ඉංගිරිය ඔහොම ගිහින් ගිහින්.... අරහෙයි මෙහෙයි ආවොත් නෙහ් බං වයලෝ.. :D යන්කො බලන්න ඔහොම දිගටම....
අස්පටසිරි....මෙයාලට තීන ජාතික අර්බුදේ බලහල්ලකෝ...
Deleteහරි වෙන කොහෙවත් නෑ ඉවරයි...:D :D
පලවෙනි එක කියෙව්වලින් පස්සෙ කියවන්න බැරි වුනා රෙහානි.
ReplyDeleteකොමන්ට් වලින් පේනවා කතාව නැගලම යනවා කියල.
මාක් කරන් ඉන්නේ නිවාඩුවක් ආව ගමන් කියවන්න.
හබියාවත් මතක් කොලා කියන්න.
කමක් නැහැ වෙලාවක් ලැබුණම කියවන්නකෝ...
Deleteඔන්න කීවා මතක් කලා කියලා..ඉතිං මුල ඉඳන් විස්තරේ කියා දෙන්ටත් උනා :D
මැදැයි මෙච්චර ඉක්මනට ඉවර වෙනොද? හ්ම්ම්
ReplyDeleteහ්ම්ම්............ඉවර වෙනෝ නේන්නම්... :)
Deleteකලින් කොටස් සේරම කියෙව්වා. හ්ම්........ මං හිතන්නේ කොල්ලා බේරෙනවා. එත් මට දැන ගන්න ඕන ඇයි ගෙදර අය ඒ කොල්ලට වෙනස්කම් කරන්නේ කියල. හේතුවක් හිතාගන්න බැහැ.
ReplyDeleteඔන්න ඔයා හිතපු දේ හරි...
Deleteබුද්ධි වත් සාදරයෙන් පිළිගන්නවා අහස යටට...!
දිගටම එන්නකෝ මේ පැත්තේ
සශ්මික හැපුනේ ටියුබ් ලොරියක.....ටියුබ් ලොරියක් කිව්වේ?
ReplyDeleteතාම ඒවා නිෂ්පාදනය කරමින් පවතින ජාතියක් :D
Deleteටියුබ් ලයිට් වෙන්න ඇති අරෝ. ඒ දවස්වල CFL නෑලුනේ :D
Deleteමතක නෑ බොලව්. ආයි කියෝලා එන්නම්
ReplyDeleteහෑ...............ඔලුව පොඩ්ඩක් හප්පගන්න කොහෙහරි.
Deleteහරි රෙහානි ලියමු දිගටම හිතාගන්න අමාරුයි තාම අවසානය
ReplyDeleteස්තුතියි ඈ..........අමාරුවෙන් වෙලාව හොයාගෙන කියෙව්වට කතාව
Deleteඅතටම රෙහානි මෙච්චර ලස්සන කතාවක් ලියාගෙන යද්දී ඔයාට හිතන්නේ නැද්ද ඔයා මේක කියවන එවුන්ට අසාධාරණයක් කරනවා කියල ඊළඟ කොටස දාන්න ගන්න කාලය වැඩියි කියල හිතෙන්නේ නැද්ද?
ReplyDeleteහ්ම්ම්...............ඔන්න දැම්ම ඉතිරි කොටස..
Deleteදඩු කදේ නම් ගහන්ට එපා ඈ
ආදරේ කරන කෙනාගෙන් අහන එක .. එයත් ආදරෙයි කියලා කියන එක හරිම පුදුම හැගීම් රෙහානි ............ කෝ මේ ළමයා ... ෂෙඩියුල් දාපු එක වැඩ නැහැ වගේ ....
ReplyDeleteහරියටම හරි...............ඒ හැඟීම් විස්තර කරන එක තරම් අමාරු වැඩක් තවත් නෑ
Deleteකෙල්ල නම් හොඳට තැලිච්ච පොඩිවෙච්ච එකෙක් හැබැයි කොල්ලා නම් මහ අහිංසක ළාමක එකෙක් වගේ තමයි. අර කළින් කොටසක පොල් කඩන්න ගිහින් වත්තත් සුද්ද කරන්නේ හරි හමන් කොල්ලෙක් නම් කීයටවත් ඔහොම වෙන්නේ නෑ. කොල්ලා හරි බොලඳයි වගේ තමයි
ReplyDelete