Meri
baaton mein tera zikr sadaa
Meri yaad mein teri fikr sadaa
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa
Meri yaad mein teri fikr sadaa
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa
රෙහානි මේ දවස්වල වශීකෘත වෙලා ඉන්න මෙන්න මේ ගීතයත් අහගෙන ගීතයේ ස්වර අලංකාර පතුළටම ගිලිලා , දෑසුත් පියාගෙන රෙහානි හිටියේ වෙනමම ලෝකෙක.ඔහොම ගීතය අහගෙන ඉද්දී ...............
"කීක්.............කී..............ක්...."
කවුදෝ ගේ දොරකඩ හෝන් කරනවා.
රෙහානි ගීතෙට වශී වෙලා නොවැ..හෙල්ලෙනවා බොරු...තව ටිකක් සවුන්ඩ් වැඩි කරගෙන ආයේ ඇස් පියාගත්තා...
කී...............................ක්......." ඒ පාර නලා සද්දේ බොහොම දිගයි...
ඒ වගේම සැරයි.
ඔන්න සද්දේ වහලා ඉස්සරහට ගියා බැරිම තැන.
කෝ තාත්තා...?"
ගෙයි ඉන්නවා පොඩ්ඩක් ඉන්න එන්න කියන්නම්." බයිසිකලය මත වාඩි වෙලා හිටපු මාමාට එහෙම කියලා තාත්තට කතා කළා..
ගෙයි ඉන්නවා පොඩ්ඩක් ඉන්න එන්න කියන්නම්." බයිසිකලය මත වාඩි වෙලා හිටපු මාමාට එහෙම කියලා තාත්තට කතා කළා..
ඔන්න දැන් තාත්තා උන්දැත් එක්ක කතාව.මට සිංදු අහන්ටත් බෑ නොවැ...මං ඒ හන්දා කාමරේට වෙලා උන්නා...සෑහෙන කුටු කුටුවකින් පස්සේ මාමා යන්න ගියා.දැං තාත්තා අම්මත් එක්ක කතාව.
"බලනවකෝ අනුර කියන කතාව....වල්ලපට්ටා පොතු කිලෝ එකක් ලක්ෂ විස්සයි කියන්නේ..."
ඔය ටික ඇහුණ ගමන් ඊ වේගෙන් රෙහානි සාලේ... :D
තව මොනවද අනුර කියන්නේ...." අම්මා අහනවා.
"අර තාරකා ඉබ්බෙක් ලක්ෂ පහක් විතර වෙනවලු.ඒ විතරක් නෙවේ , හූනු විශේෂයක් ඉන්නවලු ,උන්ව අඳුරගන්න පුළුවන් "ඌ ශොපින් කවරෙකට දැම්මොත් කවරේ උණු වෙලා හූණා වැටෙනවලු."
හ්ම්ම් තව..?" අම්මත් ඉස්පාසුවක් නැතුව වගේ ඕප කියද්දී :D
"තව ඉන්න්වලු මකුලු විශේෂයක් ද කක්කුටු විශෙෂයක් ද මන්දා කීවා ,විස විදින.............උං හොඳ ගානකට විකුණතෑකිලු.."
ඉතිං දැං අනුර ඔය ටික කීවේ? අම්මා ඇහුවේ මගෙත් හිතේ තිබුණ ප්රශ්නේ...
"නෑ...........මේ වල්ලපට්ටා තියන දිහාවක් දන්නවනම් කියන්නලු." තාත්තා කනකට නොගෙන කීවා..
පුරස්න කිහිපයක්ම අහන්න හිතාන සාලෙට ගියාට මොකෝ ඒවා නො අහාම මම ආයෙත් කාමරේට ආවේ "තාත්තා එහෙම ඕවා තියන දිහාවල් කියන්න යන්න එපා" කියලා කියන ගමන්.ඒ ගමන්ම අනිත් පැත්තට පීරුවා ජංජාලේ.වල්ලපට්ටා ගැන තොරතුරු වගේම ඒවා ළඟ තබා ගෙන බන්ධනාගාර ගිය අය ගැනත් තොරතුරු හම්බ උනා.වල්ලපට්ටා ගැන සෑහෙන කල් ඉඳලා කතා බහට ලක් උනත් මේ කාරණාව අපේ ගමේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටිලා තියෙන්නෙ දැන්.ගම්වල මිනිස්සු ඒවා ඔලුවට දාගෙන විතරක් නෙවේ .දැන් වනන්තර පීරලා වල්ලපට්ටා හොයන්න පටන් අරං.
වල්ලපට්ටා ශාකය |
වල්ලපට්ටා වල තියන වටිනාකම මොකක්ද?
වල්ලපට්ටා නැතහොත් Gyrinops walla යන නමින් හඳුන්වන ශාකයේ agarwood නැමැති පටකය ලොව ප්රචලිත සුවඳ විලවුන් සාදා ගැනීමට යොදා ගැනීම මෙම වටිනාකමට හේතුවෙනවා.මෙම agarwood නමැති පටකය ස්වාභාවිකව හටගැනීම දුර්ලභ ක්රියාවලියක් ලෙස සලකනවා.මෙම ගසට සිදුවන දිලීර ආසාදනයන්ගෙන් වැලකීමට ස්වාභාවිකව මෙම පටකය හටගන්නා අතර එවැනි ආසාදනයක් නොමැති මෙම වර්ගයේ නිරෝගී ශාක වල එම පටකය දැකගන්නට නොහැකි වෙනවා.ඒ නිසා ගසේ වටිනාකම හැම වල්ලපට්ටා ශාකයක් තුළම දක්නට ලැබෙන්නේ නැහැ.
වල්ලපට්ටා ගැනුම්කරුවන් ලෙස මෙරටට විදේශිකයින් පැමිණෙනවා,ඉන් බොහෝ දෙනෙක් ඉන්දියානුවන්.ඒ වගේම අරාබි රටවලිනුත් ගැනුම්කරුවන් මෙහි පැමිණෙනවා.ඉන්දියාවේ වාණිජමය වගාවක් ලෙස දැනට වල්ලපට්ටා මහා පරිමාණයෙන් වගා කරනවා.වාණිජ වශයෙන් එම ශාකය මහා පරිමාණයෙන් වගා කරන ඉන්දියානුවන් ශ්රී ලංකාවට අත පොවන්නේ වාණිජ වශයෙන් වගා කරන ඉන්දියාවේ ඇති ශාකයට වඩා ඉහළ ගුණාත්මක රෙසින ශ්රී ලාංකික වල්ලපට්ටා තුළ ඇති නිසා.මෙම ශාකය ශ්රී ලංකාවේ ද වාණිජ වගාවක් ලෙස ප්රචලිත කොට විදේශ විනිමය උපයා ගැනීමේ සැලසුමක් සකස් කරගෙන යන බවට තොරතුරු ලැබෙනවා.
කෙසේ වෙතත් දිලීර නිසා මැලියම් ඇති නොවුන වල්ලපට්ටා ශාක කිසිම තේරුමක් නැතිව කපා දැමීම තුළින් ලංකාවට ආවේනික වූ මෙම ශාකය තව නොබෝ කාලයකින් වඳ වී යනු ඇත.කෘතිම ලෙස දිලීර එන්නත් කර වාණිජමය වශයෙන් මේ වගාව ඉදිරියට එන තුරු නිකරුණේ මෙම ගස් කපා දැමීමට තිත තබන්නට කාලය එළඹ ඇතැයි මට සිතේ.
ප.ලි ::::::::: සමහර තොරතුරු හා පින්තූර අන්තර්ජාලය ඇසුරිණි
ප.ප.ලි ::::: දුරබණුවෙන් ගත්තු පොටෝ මැෂිමට දාන්ට බැරුව මේ දවස්වල පුරස්නයක්..!සමහර පෝස්ටු දාන්ටත් විදිහක් නෑ.පින්තූරු නැතිව. USB ගන්නෙ නැහැ නෙව මොනා කළත්.USB off කියනවා මිසක.

![]() |
මැලියම් සහිත කඳ කොටස |