ලා දම් අහසට පායන උදවිය ..
Wednesday, August 6, 2014
නියඟය සහ රජයේ සේවකයෝ...
අප්පච්චි කුසගිනි නිවෙවුවේ
කුඹුරු හාලේ බත් එක්ක
කට්ටා කරවල හොද්ද
කන්න දී අපට
අඳේට ලැබුණු
කුඹුරට පිං සිද්ද වෙන්ට..
රබර් සෙරෙප්පුවෙන්
විලුඹේ ඇනෙන ගල්
කතා කරන්න ඇති
අපි වින්ද දුක්
ඉස්කෝලේ මහතත්තෑන්
කිස්කන්න දුන් කෝටු පාරේ
අප්පච්චි තෙල් ගෑවේ ,
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
මං දහදුක් විඳලා
උනා රජයේ සේවකයෙක්...
යන්තං අට පාස් මගේ අයියණ්ඩිත්
දැන් සොල්දාදුවෙක්.
රජයේ සේවකයෙක්...
"අද ඉදන් ජනසවි නෑ
සමෘද්දී නෑ ...."
"අනේ ඇයි රාලහාමි..."
"ඇයි අහන්නේ...?
ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි..."
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
කියපු අප්පච්චිගේ කට
යතුරු වැටිලා වාගෙයි අද..
අපට කන්න දීපු අප්පච්චිගේ
අඳ කුඹුරත් නෑ අද..
නියං සායට ඉරිතලා ඇත
සේ ජිවිත අපගේ....
බොන්න වතුරත් කඳුකරෙන්ලු..
අර සංවිධාන
මේ සංවිධාන
දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...
අප්පද බොල ....
කෝ අපට සහනාධාර ?
එහෙම නෑ සහනාධාර...
රජයේ සේවකයන්ට...
උගේ ආච්චිට හාල් ගරන්ඩ
ඇයි යකෝ........
නියඟේ පොදු නැද්ද අපට...
රජයේ සේවකයෝ!!
අපි ඔටුවොද
කාන්තාරේ ලගින..?
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,
කජු ලෙල්ල වාගේ අද හරියට...!
Monday, August 4, 2014
නිසල සිත් මල 9
පසුගිය කොටස්..
1 2 3 4 5 6 7 8
"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .
විශ්මි රාත්‍රී ආහාරය තම කාමරයට වී තනිව ගත්තාය.ඇය එසේ කළේ දමිත්ට මුහුණ දීමට ඇති ලජ්ජාවටය.ඇය වෙනදාටත් කලින් නින්දට ගියේ ගෙදර තිදෙනා සමගම තරහා වීය .
"කෝ....?" සුභද්‍රා සිනහා වෙමින් ඇසුවේ දමිත්ගෙනි.
"නිදි මං හිතන්නේ..."
"පවු කෙල්ල....මෙයත් අවුස්සනවා...."

~~~~~~~~~~~~
නිවසේ දුරකථනය නාද වෙනු විශ්මිට ඇසුනේ සිහිනයෙන් මෙනි.වේලාව 12.35 ලෙස සටහන්ව තිබුණි.ඇය කලුවරේම විත් සාලයේ විදුලි පහන දල්වා රිසිවරය අතට ගත්තේ "මොන බකුසෙක්ද මන්දා ...ඇයි රෙද්ද..උන්ට නින්ද යන්නැත්තන් අපිට නිදාගන්න දීපියකෝ..." යයි සිතින් බනිමිනි.ඇය රිසිවරය ගෙන කතා කරන්නටත් ප්‍රථම ,
"හැපී බර්ත් ඩේ ......විශ්මී....." ඒ විරංගය ...සැබවින්ම විශ්මිගේ දෙනෙත තෙත් විනි....ඇයට විරංග කෙරේ ඇති සහෝදරත්වය තවත් දළු ලා වැඩුණි .
"තෑන්ක්ස් විරංග...."
"ඕකේ ...ඕකේ .....වල්කම් කිවුවලු.....ටැංකි හරියන්නෑ උදේට මං එද්දී කේක් ලෑස්ති කරලා තියන්න..."
"හ්ම්ම්...හ්ම්ම්...."
"මොකෝ හ්ම්ම් හ්ම්ම් ....බස්සියෙක්ද?, හරි හරි ඔයා නිදාගන්න..."

විශ්මි ඇමතුම විසන්ධි කර කාමරයට ගියේ සාලයේ විදුලි පහන නිවා කාමරයේ විදුලි පහන දමමිනි.ඇය ඇස් අදහා ගත නොහැකිව වට පිට බැලුවේ සතුටිනි.කාමරයේ බැලුම් එල්ලා තිබුණි.ඇගේ චායාරුපයක් විශාල කර රාමු කර තබා ඇත.එහි "පුංචි දූට සුභ උපන්දිනයක් " යැයි ලොකුවට පෙනේ...තවත් කවි සිත්තමක් එහි කොනකය...තාත්තා වේලාසනින් ආවේ මේ හපන් කම කරන්නට බව විශ්මිට තේරුම් ගියාය.ඒත් සමගම කොට්ටය යටින් මදක් පිටතට පෙනෙන්නට තිබුණ කොලයක් දුටු විශ්මි කොට්ටය ඉවත් කළාය .
"හැපී බර්ත් ඩේ මගේ සුදු නංගි ..." එම කොලයේ සටහන් ව තිබිණ.ඒත් සමගම තිබුණ කාඩ් බෝඩ් පෙට්ටියේ තිබුණේ ගැහැණු ළමයෙකුට ගැලපෙන හුරුබුහුටි ජංගම දුරකතනයකි.එහි කෙටි පණිවුඩයකි.එසේ නම් අයියා දුරකථනය දී ඇත්තේ සම්බන්ධතාවයත් සමග බව ඇය සිතුවාය.
"ආයෙත් රැවුලක් අඳින්න හිතුනා ....පවුනේ..." කෙටි පණිවිඩය එවා ඇත්තේ දමිත්ය.
විශ්මි එහෙමම දමිත්ට ඇමතුමක් ගත්තාය.
"හෙ...ලෝ..." අඳුරේ මහා මෙහෙයුමක් කර නිදා ගත් දමිත් අංකය නොබලාම කතා කලේ නින්දෙනි.
"මේ .....මිස්ටර් දමිත්...ඔහේගේ නංගිව ඕන නම් ලක්ෂ 10ක් අරං කම්බි පාලම උඩට එනවා..." විශ්මි කිවේ කතා රටාව වෙනස් කරය.
"අනේ එපා.....මං 10ක් දෙන්නං ඕකිව අරං යනවා නම්....ලොකු උදවුවක්...." දමිත් කීවේ ඇගේ හඬ හඳුනා ගනිමිනි.
"අනේ යනවා බකටුල්ලා...."
"හෑ ......ඌ කොහේ ඉන්න එකෙද්ද.....ඔයා හීනෙන් කියවන්නැතුව දෝ ගන්න මයේ අම්මේ ..."

"තැන්කිව් හොඳේ....' විශ්මි කීවේ අවංක හැගීමෙනි .
"හා ඉතිං ....දැන් නිදාගනින්කෝ මලවදේ..."
විශ්මි දුරකථනය විසන්ධි කලේ සිනාසෙමිනි.
සුභද්‍රා පාන්දරම කිරිබතක් ඉදෙවුවාය.විශ්මි නා කියාගෙන ගෙට එත්ම නැන්දාත් මාමාත් නිවසට ගොඩ වුවෝය.ඇයට සුභ පැතූ දෙදෙන පාර්සලයක් ඈ අත තැබීය .
"සුදු අයියා වැඩට යන්න කලිං පාර්සලයක් අරං තියලා ගියා ...දුට..." නැන්දා කී විට විශ්මි පුදුම විය.

"සුදු අයියා වැඩ???........එතකොට කකුල....?"
"නෑ පුතේ....ඔෆීසියේනේ ....ලියන කියන වැඩ තමයි....එයාමනේ ගෙදර ඉන්න බෑ කියලා ගියේ..."
"හරි නරකයි....ඉන්නකෝ..." විශ්මී පාර්සලය පසෙකින් තබා නිර්මලට ඇමතුමක් ගත්තාය.
ඇය ජංගම දුරකතනයේ ඔහුගේ අංකය සේව් කර තිබුණේ නැත.ඇය මතකයෙන් අංකය ගසා ඇමතුම් කළාය .
"මං ඔයත් එක්ක තරහම තරහයි...මට එපා ඔයාගේ තෑගි ..." විශ්මි තරහින් කීවේ ඔහු කතා කරන්නටත් ප්රථමයෙනි.
"තෑගී....මොන තෑගි ද ?....ඇයි මේ බනින්නේ ..කවුද ඔය ? " අනෙක් පසින් ඇසුනේ නිර්මලගේ හඬ නොවේ.
"කෝ....නිර්මල ?"
"නිර්මල.....අයියෝ ..... මෙහෙ නම් නිර්මලත් නෑ ...පිවිතුරුත් නෑ ..."
අංකය වැරදී ඇති බව දැනුනෙන් විශ්මි ඇමතුම විසන්ධි කර නිවසේ දුරකථනයෙන් ඔහු ඇමතීය .විශ්මි ඔහුට දොස් කීවේ ඇයත් සමග කතා කරත් වැඩ පටන්ගත් බව නොකී නිසාවෙනි..අයියා ජංගම දුරකතනයක් තෑගි දුන් බව කීවත් ඇය එහි අංකය නොකියා සිටියේ පලියට මෙනි.

"ඔයාට කෝල් ගන්න ගිහින් වෙන කාටදෝ කෝල් එක ගියා ..."
"පිරිමි කෙනෙකුටද?' නිර්මල දෙගෙඩියාවෙන් මෙන් ඇසීය .
"හ්ම්....කටහඬින් නම් කොල්ලෙක් වගේ..." විශ්මි තවත් ඔහුව අවුස්සන්නට සිතා කීවාය .
"එහෙනම් දැන් කෝල් ගනී ඔයාට ආයෙත් ...., ඕකුන්ට ගැණු හඬක් ඇහුනොත් ඇති..ආන්සර් කරන්නේ එහෙම නෑ හරිද..."
"බෑ ගන්නවා.....ඉන්නවකෝ .."
"දමිතුත් ඕන නැති වැඩනේ කරන්නේ...ඒක නෙවේ..ප්‍රසන්ට් එක බැලුවද ? ලස්සනද?"
"හ්ම්ම්...ඔයා ඉතිං තෝරන ඒවා එදා ඉදන්ම මගේ හිතට මැච් වෙනවනේ..."
දිගු සංවාදයකින් පසු විශ්මී නැන්දාත් ,මාමාත් සමග කතාවට වැටුනාය.ඒ අතර විරංග ද නිවසට පැමිණීම විශ්මිගේ සතුටට හේතු විය.

සවස් කාලයේ විශ්මි උන්නේ පොතක් කියවමිනි.සුජීවගේ ආත්මීය නවකතා තුළ ජිවත් වන චරිත මෙරටේ හැබෑ ලෙසම ජීවත් වනු ඇතිද?සමහර චරිත තුළ ඇති කැපකිරීම සැබෑ ලෙසම ගැහැණුන් මිනිසුන් තුළ ඇත්ද?ආදරය මුළු ජිවිතයම බව කියමින් තමන් තුළ ඇති සියලු වටිනාකම් සල්ලාලයෙක් ඉදිරියේ වරෙක පුද කරන තරුණියක් අවසානයේ සොවින් තැවෙන්නේය.ඒ සියල්ල සිතමින් කල්පනාවේ නිමග්නව හුන් විශ්මි පියවි සිහියට එළඹුණේ ජංගම දුරකථනය නාද වීමත් සමගය.විශ්මි දුරකථනය සම්බන්ධ කරගෙන කතා නොකර අසා උන්නාය.
"හෙලෝ...."
ඇය පිළිතුරු නොදී නිහඬව ම උන්නාය.
"හෙලෝ ....උදේ මට කතා කරලා,බැනලා සද්ද නැතිවම ෆෝන් එක කට් කරේ කවුද....???"
සුදු අයියා කීවා නිවැරදි යැයි විශ්මිට කල්පනා විය.
"අනේ සොරි....මගේ අතින් නම්බර් එක වැරදිලා ඒ කෝල් එක ආවේ " විශ්මි එය කියා ඇමතුම විසන්ධි කළාය.නැවත ඇමතුම් අවොත් හඳුනා ගැනීමට විශ්මි එම අංකය සේව් කර තබාගත්තාය.

~~~~~~~~
මල් වැවීම ජිවිතයේ කොටසක් කරගත් විශ්මි නගරයට යන හැම විටම විවිධ වර්ගයෙන් මල් පැල ගෙන ඒමට අමතක නොකලාය.තම දෑතින් සාත්තු කර හැදෙන ගස්වල පිපෙන මලක් ගානේ දැනෙන හැගීමට ඇය ආශා කළාය.ලොබ බැන්දාය.දිනක් වත්තේ පැල වලට සාත්තු කරමින් උන් විශ්මි ගේට්ටුවේ සවිකර ඇති කුඩා ලියුම් පෙට්ටියට පියුම් ලියුම් දමා යනු දුටුවාය.අත සෝදා ගත් ඇය ලියුම් එකිනෙක ගෙන බැලුවාය.ඉන් දෙකක් සමරවික්‍රම ගේ නමට ආ ඒවාය.අනෙක තම නමින් ඒවා ඇති බැවින් එවෙලෙහිම ඈ ලිපිය විවෘත කර බැලුවාය.
පසුගිය දින ටිකේම ඇය නමට ලිපි ආවේ නොයෙකුත් පාඨමාලාවලිනි.විවෘත කල ලිපියද එසේ විය.එය පරිඝණක පාඨමාලාවකිනි.එම පාඨමාලාව කෙරේ ඇගේ සිත් ගත් නිසා ඇය කල්පනා කළේ අනිවාර්යෙන්ම මේ ලිපිය විරංග ට ද ලැබී තිබිය යුතු බවයි.එසේ වන්නේ තමා ඇති හැම තැනෙක විරංග ද නිතැතින් සිටි බැවිනි.ඇය විරංගට ඇමතුමක් දී විස්තරය කියන්නට සැරසෙත්ම ඔහුම එම පාඨමාලාව ගැන ඇයට කීවේය .දෙදෙනා ඇමතුම විසන්ධි කලේ එන සඳුදා දිනයේ පරිඝණක පාසලට යාමට තීරණය කරගෙනය.
සඳුදා දිනයේ දෙදෙනා පාසල් ගිය පුරුද්දට මෙන් එකම බසයෙන් රත්නපුර නගරයට සේන්දු විය.පරිඝනක පාසැල පිහිටියේ රත්නපුර පල්ලිය මාර්ගයේ එක් දෙමහල් ගොඩනැගිල්ලකය.විෂයානුබද්ධ කරුණු හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පරිඝණක දැනුම ලබාගන්නා අයුරු පිළිබද දේශනයක්, මුලික පරිඝණක කොටස් හඳුන්වා දීමත් කළමණාකර තුමා ඇතුළු ගුරු මණ්ඩලය පළමු දින සම්මන්ත්‍රණයේදී සිදු කළෝය .විශ්මිටත් විරංගටත් අලුත් යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුද හමු විය.
එදින සම්මන්ත්‍රණයක් පමණක් පැවැත් වූ බැවින් වෙලාව ඉතිරි නිසා දෙදෙනා සමන් දේවාලයේ යන්නට තීරණය කළෝය .
"ඔයා සමන් දේවාලේ එන්න ආසයි නේද?" විශ්මි ඇසුවේ දේවාල භූමියේ පා නගන ගමන්ය.
"හ්ම්...වෙලාවක් ආවොත් ඉස්සර ඉදන්ම මං එනවා..." විරංග කීය .
"අපි දෙන්නා හුඟක් එකම දේට ආසයි නේද?....මතකද ඉස්සර කැන්ටිමට ගියහම...?"
"හොඳ ෆ්‍රෙන්ඩ්ශිප් එකකට ඒකත් වැදගත්...."
"දකින මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා ඇති....නෙහ් ?"
"හ්ම්....මතකයිනේ ඉස්කෝලෙදි වෙච්ච දේවල්..."
"ඒක නෙවේ......ඊට පස්සේ වෙනුරි හම්බුනේ නෑ ?"
"ආපෝ....ඔය වාතේ මට දවසක් ටවුමේදී හම්බුනා....මං මගෑරලා එන්න ආව ..පස්සෙන්ම ඇවිත් කතා කලානේ..."

"පවු විරංග....."
"පවුම තමා කියන්න ඕන ඕකිට ....අපිට කරපුවට..ඔයාගේ අනුකම්පාව මගේ නෑ .."
"හරි හරි ....ඒ කතා මතක් කරලා මේ දේවාල භුමියේ හිත් නරක් කරගන්න ඕන නෑ ....හ්ම්ම්....කියන්නකෝ...මොනාද අද ඔයා ප්‍රර්ථනා කරන්නේ?"ඇය කතාව වෙනතකට හැරවීය
"ම්ම්.....ඒක කියන්න බෑ ...ඉටු උනොත් එදාට කියන්නං ..." විරංග කීවේ තාලයකටය

Wednesday, July 30, 2014
5S ලු ඔෆිස් එක..
බුමුතුරුණු නැතිවාට
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස
රෙඩ් ෆාම් පේලියට...
කහ පාට ඊතල ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස
රෙඩ් ෆාම් පේලියට...
කහ පාට ඊතල ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා
අංක කළ පංකාද
කැරකෙමින් සිසිල දෙයි..
රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..
"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..
කැරකෙමින් සිසිල දෙයි..
රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..
"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..
Saturday, July 26, 2014
නිසල සිත් මල 8
පසුගිය කොටස්..
1 2 3 4 5 6 7
විශ්මි ගමට ආ විගස අනිත් අතට මළ ගෙදරට ගියාය.පාර දෙපස තිබු සුදු කොඩි වැල් අතර තැනින් තැන බැනර් එල්ලා ඇත.නිවාස වටා මළ ගෙදරට ආ උදවියගෙන් පිරි තිබුණේය . මිදුල පුරා රඳවා ඇති බැනර් අතර එක් බැනරයක මෙසේ සටහන් වී තිබුණි.
"සිනහා කවටකම් මැද
අප අතර සැරිසැරූ
රන් හදවතක්...
වෙන්වීමේ දුක අපට පෙන්වා
යන්නට තරම් සැහැසි විය....
මතක ගොන්නක්
රඳවා අප හදෙහි...,
කුමක් කරම්ද අප?
නිවන් සුව පතනු හැර නුඹට....!"
~සුමන විදුහල් මිතුරු කැල ~
විශ්මිගේ නෙත් බර වී ගියේ නිතැතිනි.නිවසතුළට පා නගන්නට තමන්ට හැකියාවක් නැති බව ඇයටම හැඟිණි .කඳුළු පුරවන් නිවසට එන විශ්මි දුටු මිලානි ඇයව තමා දෙසට වාරු කරගත්තාය.කලු ලී පෙට්ටියක දිගු නින්දේ සිටින යෙහෙළිය දුටු විශ්මිට ඉවසුම් නොවිය.විශ්මි හැඬුවාය.සුදු මේස් දමා ගැටගසා ඇති කකුල් අල්ලා වැන්දාය .පාසලේදී ගුරුතුමෙක් කීවේ කිසිදා මළ කුණකට වැඳිය නොයුතු බවය...එහෙත් මේ ඉන්නේ මගේ රත්තරං යෙහෙළියයි..වඳින්නට තරම් උතුම් ගති ඈ ළඟ තිබුණ බව ඒ ගුරුතුමා දන්නවාදැයි අසන්නට විශ්මිට සිත් විය.විශ්මි එතැනින් ඉවත්ව නිවස පිටුපස ඇති හට් එකේ පුටුවක වාඩි විය.කඳුළු පිසදා මදක් අවට බැලූ විශ්මි දුටුවේ හට් එකේ කොනක වාඩි වී බලාගත්වනම බලා සිටින විරංග වයි.
"විරංග....." විශ්මි කලෙකට පසු දුටු මිතුරා ආමන්ත්‍රණය කලේ කඳුළු සලමිනි.
විරංග තමන් දෙස බලා සිටින්නේ අසරණ හැගීමකින් බව ඇයට වැටහී ගියාය.වෙනදා දකින සිනා රැල්ලත්, දගකාර කමත් ඔහු කෙරෙන් අතුරුදන් වී තිබුණි.විශ්මි ඔහු අසලින් අසුන් ගන්නා තුරු ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය.
දැන්ද ආවේ ?"
ඔවු විරංග..." විශ්මි කතා කලේ තම කඳුළු වලින් රෝස පාට පුංචි මල් ලේන්සුව පොගවමිනි.
"අඬන්න එපා විශ්මි...මං ඔයා එනකං හිටියේ මේක කියවන්න..." විරංග කලිසම් සාක්කුවෙන් එලියට ගත්තේ ලිපියකි.
ලියුමක්.........?"
හ්ම්....අපි දෙන්නටම.....චමිලා ලියලා තියෙන්නේ..."
"අනේ......"
"ඔය ඉතිං ....අඬන්න ලෑස්තිවෙන්න එපා.." විරංග කවරයෙන් ලියුම ගෙන දිග හැර බැලීය .
විරංග ලිපිය කියවගෙන යද්දී විශ්මිට කරුණු කිහිපයක් වැටහී ගියාය.එනම් ...ඇයට තිබු පිළිකා තත්වය සමග මෙලොව හැරයන්නට සිදුවන බව ඈ කල් තියා දැන තිබුණාය .ඇය කියා තිබුණේ විරංගටත් විශ්මිටත් උසස් ලෙස උසස් අධ්‍යාපනයෙන් ජයගන්න කියාය.එමෙන්ම අයියලා දෙන්නටයි අම්මටයි තාත්තාටයි තමන් නැති අඩුව මකන්න බැරි උනත් ,හැකි හැම විටෙකම ඒ ගෙදරට ගොඩවී හෝ එන්න කියන අහිංසක ඉල්ලීමත් ය.ලිපිය කියවා අවසන් වන විට විරංගගේ ඇස් කොනකද කඳුළු කැටයක් දිලිසෙනු විශ්මි දුටුවාය.
චමිලාගේ මල ගෙදර, හත් දින බණ ,දානය අවසන් වනතෙක් විරංග ත් විශ්මිත් කැපවී උන්නෝය.ඒ සහෝදරත්වය හද පතුලේ වැඩෙද්දී චමිලා සදහටම මිහිකත වැළඳ උන්නාය.
~~~~~~~~~~~~~~~
විශ්මිත් විරංගත් පාසලේදී විභාග අවසර පත්‍ර සහ කාලසටහන් ලබගත්තෝය.දෙදෙනාටම එම මොහොතේ චමිලා සිහි වීය.ඒත් සමගම ලැබුණ සදාකාලික පාසල් නිවාඩුව විවිධ ප්‍රසංගයකින් කෙලවර විය.දෙනෙත් කඳුලින් පුරවා පිටවීමේ ගේට්ටුව අසලට ආ විශ්මි නැවත වරක් පාසල් මව දෙස හැරී බැලුවේ හද පතුලෙන් පාසල් මව වන්දනා කරමිනි.දැනුම මෙන්ම දඟකාර සොඳුරු මතකයක් රැගෙන පාසල් මව අද අලුත් පරපුරට දායාද කිරීම කළ යුතු වුනත් තම මව්ගේ තනයෙන් අන් දරුවකු කිරි බොන්නා සේ අවිහිංසක ඊර්ෂයාවකින් විශ්මිගේ හද පෙළෙන්නට විය.සැමරුම් පොත්වල අත්සන් පිරෙද්දී එසේ වන්නේ හැමගෙන් වෙන්ව යන්නට ලං වෙද්දී නේදෝ කියා ඇයට හැඟෙද්දී නැවත නැවතත් දෙනෙත් තෙත් විණි.මේ සුදු ගවුම ,කොණ්ඩ කරල් දෙක සුදු සපත්තු තව වැඩි කල් උරුම නැත.විභාගයෙන් පසු සදහටම මේ ඇඳුම හැඳ පාසල් ආ නොහැක,පාසලේ පිස්සු නටන්නටද බැරිය.
නියමිත පරිදි අගෝස්තුවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට විරංගත් විශ්මිත් හොඳින් මුහුණ දුන්නෝය.විභාග ශාලාවේ තමන්ට ඉදිරි අසුන නිතර හිස් වීම විශ්මිගේ දුකට හේතු වුයේ එම අසුන චමිලාගේ නිසාය.ඇගේ ඇස් කොණින් ඉඳහිට වැටුන කඳුලක් විටෙක උත්තර පත්‍ර තෙමන්නට ඇත.සති තුනක් ඇතුලත විභාගය නිමා වෙද්දී එය එක අතකට හිත ට සහනයක් විය.නමුත් පාසල් ජීවිතය නිමා වීම ද හිතට දුකක් විය. විභාගය නිමා වීමත් සමග ම නිවසේ කාලය ගෙවූ විශ්මි රුපවාහිනිය ඉදිරියේත්,මල් වැවීමටත් වැඩිපුර කාලය යෙදවුවාය.
නිවසේ දුරකථනය නාද වෙද්දී විශ්මි උන්නේ රුපවාහිනිය නරඹමිනි.
හෙලෝ......" ඇය පිළිතුරු දුන්නාය.
හෙලෝ ....සුදු මැණික ...." විශ්මි හඬින් ඒ නිර්මල බව හැඳින්නාය .
"ආ..ආතේ...කොහොමද?........දැන් ඇවිදින්න පුලුවන්ද ...?"
"දැන් බොරුවට අහනවා..,මං මැරුණද බැලුවේ නෑ .."
"මෙහෙ වුන කරදර ඔයා දන්නේ නෑ නෙ .."
"සොරි කෙල්ලේ..., ඔයා මං ළඟ ඉඳගෙන කරපුවා මට මතක තියනවා.විහිළුවක් කරේ...අනික එක්සෑම් දවස් ටිකේ මං අම්මගෙන් ඔයා ගැන විස්තර ඇහුවා .."
"හ්ම්ම්...."
"එක්සෑම් ලේසිද?"
"..හ්ම්ම්....ටිකක්..."
"ලේසි වෙන්නේ කොහොමද ඉතිං ....අපි ක්ලාස් යන්නවත් දුන්නෑනේ , නේද සුදු නංගි ..."
"සුදු අයියා මගේ හිත නරක් කරන්නද කතා කළේ ...?"
"නෑ ......සොරි ....ආයෙත් ආයෙත් සොරි...ආ .....බබෝ ඔයාගේ බර්ත් ඩේ ලඟයි නෙහ් ?
ආ...ඔවුනේ....." විශ්මිට එය මතකෙට ආවේ නිර්මල කී පසුය.
දිගු දුරකථන සංවාදයකට පසු විශ්මි කුස්සියට ගියේ මවට උදවුවක් කරන්නට සිතාය.
"සුදු අයියා නේද කතා කළේ ?"සුභද්‍රා ඇසුවේ එළවලු කපමිනි.
"ඔවු අම්මා ...."
"පහු ගිය ටිකේම මා එක්ක කතා කළා ..."
"මාත් එක්ක කිවුවා ....අම්මගෙන් මගේ විස්තර ඇහුවා කියලා .."
"හ්ම්ම්....ඒක නෙවෙයි...සුදු දූ දැන් ඔහොමම ඉන්නද කල්පනාව....අපරාදේ පුතේ කාලේ.." සුභද්‍රා ඇසුවේ විශ්මි නිකරුණේ කාලය ගෙවා දමන නිසාය.
"මන්දා අම්මේ...

විරංග පුතා මොකද කරන්නේ?" සුභද්‍රා ඇසුවේ ටික දවසකින් නිවසටවත් නොපැමිණි නිසාවෙනි.
"එයා අම්මා ජේම් කටින් යනවා කීවා ....ගියාද දන්නෑ .."
"ඔයත් මොනවා හරි කෝස් එකක් වත් කරන්න පුතේ...."
"ඉන්නකෝ අම්මා ....මං විරංගට කෝල් එකක් ගන්න..."විශ්මි විරංග ට ඇමතුම් කළේය.විරංග මැණික් කැපීමේ පාඨමාලාවට නොගිය බව දැනගත් විශ්මි තම නිවසට පැමිණෙන ලෙස විරංග ට ආරාධනා කළේ සතුටින් ඉපිලෙමිනි.ඉන්පසු කාමරයට වී ඇය තම අතීතය මොහොතකට සිහිපත් කළාය .ගමේ පාසලේ ගෙවා දැමු අවුරුදු එකොළහක අතීතයට වඩා උසස් පෙළ අධ්‍යන අවුරුදු දෙක ට මහත් සේ ඇලුම් කළාය .සමහර විට ඒ පාසලේදී හමු වුණ යහළු යෙහෙළියන්ගේ සමීප බව එයට බලපාන්නට ඇත.
විශ්මිගේ දැහැන බිඳී ගියේ විරංගගේ බයිසිකලයේ හඬිනි.ඉදිරිපස දොර වසා තිබුණ බැවින් විරංග බෙල් එක නාද කරන්නට විය.විශ්මි නෑසුන ගානට දොර අසලම උන්නාය.
"විශ්මි....." විරංග බැරිම තැන කෑ ගසා කතා කළේය.
විශ්මි සිනහව පිටතට නොඇසෙන්නට කට අතින් තද කරගත්තාය.සුභද්‍රා විරංග කෑ ගසන ශබ්දයට සාලයට එත්ම විශ්මි කතා නොකරන ලෙස අතින් සන් කළාය .
"විශ්මි....මං යනවා...."
"හිටපං පොඩ්ඩක් ඉතිං ....." විශ්මි සිනාසෙන ගමන්ම දොර ඇරියාය.
"ආ...දැන් ඇහුනේ නේද?" විරංග විශ්මිගේ කන මිරිකුවේය.
"ඌයි ......අතාරිනවා මෝඩයා...."
"කන්න මොනාද තියෙන්නේ.....සෑහෙන දෙයක් තිබුනොත් සලකලා බැලුවෑකි.." විරංග කිවේ කන තව ටිකක් තදට අල්වාගෙන.
"ඌයි ....ඇපල් තියේ......"
"හා හා මදි ....තව...."
" අයිස් ක්‍රීම් තියේ....අතෑරපන් "
"බෑ ....මදි මදි....තව...."
"අනේ අම්මා ....බලන්නකෝ...,අර ෆ්‍රිජ් එකත් එක්කම කාපියකො ..."
"ආ....අන්න දැන් හරි..."
විරංග කුස්සියට ගියෙන් විශ්මි කන අතගාමින් ඔහු පසුපස වැටුනාය.විරංග ශීතකරණය විවෘත කර ඇපල් ගෙඩියක් ගෙන කෑවේ කෑම කාමරයේ පුටුවක අසුන් ගනිමිනි.
පෙරේතයා ...." විශ්මි කීවේ ඇපල් ගෙඩිය නොකපා ම කන්නට වු නිසාය.විරංග නැගිට ගත් පසු විශ්මි දිව ගියේ නැවත කන මිරිකවාගන්නට බැරි නිසාය.විශ්මි දිව විත් නැවතුණේ මිදුලේ පිහිඹියා ගස යට බංකුව මතය.විරංග ද පැමිණ ඈ අසලින් වාඩි වුණේය .විශ්මි විරංග අතේ තිබුණ ඇපල් කෑල්ල කඩන් කෑවාය .
"හා....දැන් පේනවනේ කවුද පෙරේතී කියලා ..."විරංග කීවේ අත උලුක් කරමිනි.
"මට තුන් වෙනි පාර්ශවේ මතක් උනා .." විශ්මි කිවේ චමිලා මතක් වීමෙනි.
"අපිට එහෙ යන්නත් බැරි උනා නේද?" විරංග කිවේ දුකෙනි.
"හ්ම්ම්..අපි හෙට යං ..." විශ්මි යෝජනා කළෙන් විරංග එය අනුමත කළේය.
දිවා කාලය විරංග සමග ගෙවා දැමු විශ්මි සවස් කාලයේ මග බලන් උන්නේ අයියා එනතුරුය.වාහනයක හඬ ට ඉදිරිපස දොරටුව වෙත ගිය විශ්මිට දැකගත හැකි වුයේ නිවසට එන සමරවික්‍රමවය.
"අම්මා .....අද තාත්තා ඉක්මනට එනවා...." විශ්මි සතුටින් ඉපිලුණි.
"මං කලින්ම කියා තිබ්බා අද වේලාසන එන්න කියලා ..." සුභද්‍රා පිළිතුරු දුනි.
"ඇයි අම්මා ....විශේෂයක්ද?"
"නෑ පුතේ.....නිකං ..."
අම්මා එසේ කීවද යම් දෙයක් ඇතැයි විශ්මිට නිකමට සිතුණි .
තවත් මොහොතකින් දමිත්ද නිවසට ගොඩ විණි .
"මං කොච්චර වෙලා ඉදන්ද පාර බලන්නේ..." විශ්මි මැසිවිලි නැගුවාය .
"ඇයි ....සීනි බෝල ගේනවා කිවුවේ නෑනේ මං ..."
"අනේ...තමුසෙගෙ සීනි බෝල මට ඕනිත් නෑ ..."
දමිත් නිවසට ආ විගස විශ්මිව ඇවිස්සුවේය.
"එහෙනං පීසා ...?"
"අනේ....මගුල.....! " විශ්මි ගස්සාගෙන ගොස් ඇඳට වැටුණාය.දමිත් ඇඳුම් මාරු කරගෙන එන තෙක්ම විශ්මි එලියට විත් නොතිබුණ බැවින් දමිත් විශ්මිගේ කාමරයට ගියේ ඇයව යාලු කරගන්නට සිතාය.
ඇය නින්දේ හිඳිනු දුටු දමිත් මවට ඒ බව සැල කළේය.
"සුදු දු ......නැගිටින්න...නැගිටලා කාලා නිදාගන්න..." සුභද්‍රා කතා කලද විශ්මි අනෙක් පසට හැරී නිදාගත්තාය.
"අනේ...මට නම් බෑ මේ ළමයා ඇහැරවන්න.." යැයි කියමින් සුභද්‍රා කාමරයෙන් ආවාය.
"මං ඇහැරවන්නම් ...., ඉන්නකෝ අම්මා ..." දමිත් කාමරයට පැන්නේ දඟ වැඩකට බව සුභද්‍රා ට වැටහිණ .
වට පිට බැලූ දමිත් විශ්මිගේ පොත් මේසය උඩ ඇති පෑන් රඳවනයේ තිබුණ කලු ප්ලැටිග්නම් පෑනෙන් රැවුල් ඇන්දේය.විශ්මි අවදි උනත් ළග සිටින්නේ අයියා බව දුටු විට අඩ නින්දේම නැවත නෙත් පියා ගත්තාය.දමිත් තම කාර්යය අවසන් කර නැගණිය පිබිදෙව්වේය.."නිදාගන්න දෙන්නෙත් නෑ සීනි බෝලයා ..." යනුවෙන් මැසිවිලි නගමින් විශ්මි කෑම කාමරයට ගියේ නිදිමතින් ඔලුව කසමිනි.සමරවික්‍රමත් සුභද්‍රාත් උන් බර කතාව නතර කර පුදුමයෙන් විශ්මි දෙස බලා උන්නෝය.දෙදෙනා නතර නොවී සිනාසෙන අයුරු දැක විශ්මි උභතෝකෝටික ප්‍රශ්නයකය.ඒ අතර දමිත් ද එතැනට සේන්දු විය.තිදෙනාම සිනාසෙන්නට වුයෙන් විශ්මි තරහින් නාන කාමරයට ඇතුල් වූයේ මුහුණ කට සෝදා ගැනීමටය..කන්නාඩිය ඉදිරියේ විශ්මිගේ මුහුණ දුටු විශ්මිටම සිනහා පහල විය.
I'm wishmi ලෙස එක් කම්මුලක ලියා තිබුණි.
"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .
Subscribe to:
Posts (Atom)