ලා දම් අහසට පායන උදවිය ..

Friday, May 24, 2013

හපොයි වෙච්චි දේ .....!

 ඉස්සෙල්ලම ප්‍රර්ථනා කරනවා සුභ වෙසක් මංගල්‍යයක් වේවා ..!'කියලා ඔයාලට. ඉතින් යාලුවනේ මටත් ඉඳලා ඉඳලා හරි ඇබැද්දි තමයි වෙන්නේ .මගේ ෆෝන් එකේ පුංචි අවුලක් වෙලා  ..ඇත්තටම ඒක හදාගන්න මට පුළුවන්..එත් එකට අවශ්‍ය ඊ  මේල් එකයි පාස්වර්ඩ් එකයි දැන් මතක නැහැ..මෙහෙමයි කතන්දරේ..අපේ සත්තලන්ගේ අක්කලා පහුගියටිකේ අපේ ගෙදර ඇවිත් හිටියා.අක්කගේ පොඩි දු ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ලොක්  එකඋඩ ඇඳලා ඔහොම පස් හය වතාවක් අඳිද්දී ස්ක්‍රීන්  ලොක්  එක අයින් වෙලා වෙනම ලොක්  එකක් වැටිලා ..ඒ ලොක්   එක අරින්න ඊ මේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවා .ඒඉල්ලන්නේ     ස්ක්‍රීන්  ලොක්  එක හදද්දී දීපු ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි. එක හදලා තියෙන්නේ අපේ සත්තලන් උනාට දැන් එයාටම මේල් එකයි පාස්වර්ඩ් එකයි මතක නෑ . හ්ම්ම් ..ඉතින් යාලුවනේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි නැතුව ලොක්  එකඇරගන්නවෙන ක්‍රමයක් තියනවනම් ..මට ඒ ගැන කියලා උදව්වක් කරන්න..පුලුවන්නම් ඔයාලට ගොඩක් ස්තුතියි..
 ඉස්සෙල්ලම  පෙනෙන අයුරු
මෙතනින් එහාට යන්න  :(
ප.ලි * ස්ක්‍රීන් ලොක් එක තියෙන්නේ පැටර්න් අඳින්න .......ෆෝන් එකේ වර්ගය Galaxy S

Saturday, April 13, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා.....


 ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද මගේ බ්ලොග් ලොවේ යහළු යෙහෙලියන්  හැමටම  වාසනාවන්ත සුබම සුභ නව වසරක් වේවා කියා පතනවා ...!

Monday, February 4, 2013

තාර පැටියා සහ කහ කුරුල්ලා

සුමනසිරි සට කපටි පතල්කරුවෙක් !සුපුරුදු පරිදි සුමනසිරි මේ දිනෙත් පතල් රස්සාවට ගියා !එදා ඉල්ලං ගොඩ දාන දවස . ඉල්ලං කුඩ අතින් අත මාරුවෙලා අවසානෙට එන්නේ සුමනසිරි අතට .සුමනසිරි කුඩේ තියන ඉල්ලං ටික ඉල්ලං ගොඩට හලනවා .ඔහොම ටික වෙලාවක් යද්දී සුමනසිරි දකිනවා ඉල්ලං ගොඩ ඇතුලේ දිලිසි දිලිසි තියන මැණිකක් !ඒක හෙමිහිට කට ඇතුලේ ඔබා ගත්තු සුමනසිරි ඉස්පාසුවක්  ලද විගස අහලකින් කිරි මැටි ගුලියක් හොයාන තාරාවෙක් නිර්මාණය කළා . තාරාවගේ ඔලුව මැදට මැණික් ගල තියල ..සුමනසිරි කිරිමැටි තාරවාව අවුවේ තිබ්බේ "මේක හොඳයි අපේ පොඩි එකාට ගෙදර යනකොට ගෙනියන්න "කියන ගමන්                                                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~                                                                                                          සුමනසිරි තවත් දිනක් යහළුවන් දෙදෙනෙකු සමග කුණු පස් ගැරීමට (කුණු පස් ගරනවා කියන්නේ ගංගා ආශ්‍රිතව ගොඩ පස් ගැරීම ) ගියා .ඉතිං එදා වැඩේට හිටියේ තුන් දෙනයි නිසා එක්කෙනෙක් පස් ගෙනාවා .., අනිත් දෙන්නා ගැරුම් වට්ටිය ගගේ තියාගෙන ගරනවා .ටික වෙලාවකින් සුමනසිරිගේ උකුසු ඇසට හසුවුණා මැණිකක් .මැණික අනිකා දකින්නට පෙර බොරලුවලින් වහපු සුමනසිරි ..,  "ආන් බලහං අර කහ කුරුල්ලාගේ ලස්සන " කිවුවා .ඒ අතරේ මැණික සුමනසිරිගේ කට  ඇතුලට පැන්නා