ලා දම් අහසට පායන උදවිය ..

Friday, June 20, 2014

ආයෙමත් අහස ....

ගරු බ්ලොග් ලියන්නන්ගෙන් අවසරයි.....,ම්ම්හු........එක හරියන්නේ නෑ ...දේශපාලන රැස්වීමක් වගේ.අනේ ඔයාටයි මටයි මොන කතන්දරද නේද මෙයා.ඔවු ඉතිං  කියවන උයාට තමයි මේ කියන්නේ.දැන් ඔයාල පහුගිය ටිකේ මට මොකක් වෙලා කියලද හිතුවේ ..



1. (ඉවාන් ) ඕකි කොරියා ගිහිං

2. (මනෝජ් ) ඕකි වත්තක් අරගෙන වවනවා..

3. (දිනේෂ් ) පොස්ට් ලියන්න කම්මැලිකමේ හෙමීට මාරු උනා ..

4. (බස්සි ) මේකිගේ පොස්ට් වලට රහ වැටිලා අගහරුවෙන් අරං  ගිහිං  එහේ  බ්ලොග් ලියන්ට.


ඔන්න ඔය වගේ නානාප්‍රකාර එවුවා මෙවුවා කස්ටිය හිතන අතරේ තවත් කට්ටිය මා ගැන හොයලා තිබ්බා.ඒ අහපු කරපු හිතපු ඔක්කොටම ස්තුතියි හදවතින්ම.හරි දැන් එතකොට ඇත්තටම වුණේ  මොකද්ද?මනෝජ් කියපු කාරණාවයි , දිනේෂ් කියපු දේයි , ඒකට  තව එකතුවෙන්න ඕන මගේ අලුත් කොම්පුතර මාමා ජී මේල් වලටයි බ්ලොග් වලටයි යන්නේ දෙන්නේ නැතුව තිබුණා .පරණ කොම්පුතර මාමා  මාව  දාල යන්නම ගියානේ .ඉතිං  මගේ කතාව කියවගෙන ආපු ඔයාලට වුන අසාධාරණේට සමාවෙන්න ඕන.ආයෙමත් ඒකෙ  ඉතිරිය ලියන්න තමයි හිතන් ඉන්නේ.

                                              ~~~~~~~~~~~~

කඳුළින්  පිරුණු මා දෙනෙත...
හිරු සුළඟින් වියළෙන්නට  හැර,
ගිනි දැල්ලෙන් කළු වුණ  මා මුව,
හරවා වැලපෙන පෘථිවියෙන්  ඔබ්බට ..
රුවල් ඔසවා බොහෝ කලකට පෙර,
නිවී ගිය තාරකාවකට,
එහි දිලෙන එළියට  ඇදෙමින්,
හැර දමා මා සිත මියෙන හිරුගෙන් මෙපිට ...
නටන තරු වළල්ලෙන් ආලෝක වර්ෂයකට මෙපිට ...

අනෙකුත් තාරකාවන් හඹා යන්නන් අතර,
සහ නාඳුනන ග්‍රහලෝක මත,
දියකර දමා මගේ වැලපෙන ගත,
සහ ඔබේ මියදුන සිත...
ක්ෂීර පථය හැර දමා  පිට සක්වලිනුත් එපිටට..
සොයා යමි සැබෑ දිවිය ....
අඳුරු අනන්තය වෙත....




ප.ලි.      නිසදැස ඇතුලේ තියන අදහස ඔයාලට දැනෙන විදිහ කියන්න අමතක කරන්න එපා.නිසදැස මගේ නෙවෙයි..ඔයාලගේ පොස්ට් ගොඩක් මග හැරුණානේ ....හෙමිහිට කියවන්නම්කො ඒවාත් ...

37 comments:

  1. වෙල්කම් ආපහු ඈ...

    ReplyDelete
  2. ආව් ආව්.... රෙහානි අක්කා ඇවිල්ලා... හෙට දාන්න හොඳේ අලුත් කොටස. උයාට කියන්න මෙයා... මාත් පටන් ගත්ත ලව් ඉට්ටෝරියක්. හිහිහි... හරි සන්තෝසයි ඈ.... වෙල්කම් බැක් කිවුවා එහෙනම්!

    ReplyDelete
    Replies
    1. අලුත් කොටස ඉක්මනටම දෙනවා බස්සියෝ ...

      උයා ගේ කතාව පලවෙනි කොටස .කියෙව්වා මං ...නියමයි...ඉන්ටකො අනිකත් කියෝලා දෙන්නම් අදහසක්...
      [මන් දැක්කම ඔයාල ඔච්චර සන්තෝෂ වෙයි කියලා හිතුනෙම නෑ .මන් හිතුවේ අමතක වෙලත් ඇති කියලා මාව.. ;) ]

      තැන්කිව් ඈ

      Delete
    2. හා වැඩේමයි. මෙන්න මෙයා..... අපි පාලුවෙන් උන්නෙ බ්ලොග් මෙගා නැතුව. :P :D

      Delete
    3. සැබෑ දිවිය හොයාගෙන යන්නේ අඳුරු අනන්තයටනම්.... නන්නාඳුනන තාරුකා සහ සීතල ග්‍රහලෝක අතරේ අතරමං වීමට වඩා නිවී ගිය තරු එළිය වැළඳ මියයාම සැපතකැයි සිතමි.

      (නිසඳැස ගැන කිවුවෙ හරිය?)

      Delete
    4. දෙන්නම්කො මෙගා හෙට ඉදන්..

      හ්ම්ම්...ඒත් බස්සියෝ මේකා හරි හිතුවක්කාරයි.....ඌට ඕනි අඳුරු අනන්තෙටම යන්න..

      Delete
  3. රෙහානි අක්කා කාලෙකට පස්සේ.. වෙල් කම් බැක්...... ඔන්න කතාව ඉක්මනට දාන්න ඕනේ හොඳද... පද පෙලත් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තුශානි ...ඉතිං ඉතිං ?
      ඉක්මනට දාන්නම්කො ..

      ස්තුතියි තුශා

      Delete
  4. මාත් කිව්වේ කොරියා ගිහින් පිගන් හෝදනවා කියල තමා... වෙල්කම් බැක් රෙහානියෝ..

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද ...හැක් ...:D

      (එහේ පිගන් උන්ම හෝදගන්නවා දේශෝ )

      තැන්කිව් හොදේ මේ පැත්තට දුවලා ආවට ...

      Delete
  5. ආ මෙන්න අපේ රෙහානියා ආපහු වැඩ අල්ලලා ....නිසල සිත් මල සසලවෙලා හිටියේ උඹ කොහේ හන්ගුනාද කියලා ,
    නිසඳැස මට දැනුනු විදිහ හරිද මන්දා ...කොහොම වුනත් සියල්ල අමතක් කරලා සැබෑදිවිය හෙවත් යථාර්තයට මුහුණ දෙන එක තමයි වැදගත් රෙහානි

    ReplyDelete
    Replies
    1. සසලවෙලා කියන්නේ ...මරණ තර්ජන විතරයි අඩු වුණේ ...හික්ස්...

      ඒත් මේකේ සැබෑ දිවිය කියලා එයා කියන්නේ යතාර්ථය ගැන නෙවෙයි වගේ නේද දැනෙන්නේ?ඔයා විතරද මංදා නිසදැස දැක්කේ :(

      Delete
  6. මං හිතුව සමහර බ්ලොග් වගේ මේකත් නැවතුනා ද කියලා.වෙලාවට එහෙම වෙලා නෑ.ඉක්මටන කතාව දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම් චාමික...
      ස්තුතියි..

      Delete
  7. ආ රෙහානි, කෙට්ටුත් වෙලා සුදුත් වෙලා. :)

    ලියමු ලියමු ආයෙ 'නිසල සිත් මල'……………

    ReplyDelete
    Replies
    1. මුනා කිවුවා ? කෙට්ටු වෙලා ? හය්යු....මහත්වෙලාවත් කිවුවනම් සතුටු වෙන්න තිබුණා ....කමක් නෑ සුදු වෙලා හරි තියේ නේ .. :D

      ලියමු...ලියමු...

      Delete
  8. වෙල්කම් බැක් රෙහානි.නැවතත් පැමිණීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප තුමා පිළිගැනීම ට....

      Delete
  9. මෙන්න ආයේ ඇවිත්! හැබැයි මේ මගේ සයිලන්ට් කාලේ! :D

    ReplyDelete
    Replies
    1. ...හ්ම්...හ්ම්....නාඩියෝ ..
      අර මොකෝ සයිලන්ට් ?

      Delete
    2. පොඩි කාලෙකට රට අත අරිනවා

      Delete
    3. හපුයි....කමක් නෑ හැකි විටෙක ලියන්න ට්‍රයි එකක් දෙන්න..

      Delete
  10. දුක්ක දෝමනස්සයන්ගෙන් පිරිනු එකක් මෙන් යැයි දෙතුන් පාරක් කියැවු මට හැගුණි

    ReplyDelete
    Replies
    1. හ්ම් ....එහෙම තමයි වැව් ...

      Delete
  11. ආයෙමත් අපි අතරට පිළිගන්නවා සහෝදරත්වයෙන්........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගී ...

      Delete
  12. දැක්ක කල් මොකක්ද මේ කොරියා කතාව ?

    ReplyDelete
    Replies
    1. මේ ඉවාන් ගේ පික්සු කතා මදාරෝ

      Delete
  13. සහෙන කාලෙකින් ....ජය

    ReplyDelete
  14. සතුටුයි නැවත මේ දැක්ම...

    ReplyDelete
  15. අඩේ අප්ප මේක දැක්කේ දැන් නොවැ.
    ඕකනේ කියන්නේ මෙතුවක් අපි කියූ දෙයක් වැරදි නැත කියා.හරියට "ඉර හඳ" වගේ..:D

    දැන් කොහොමැයි ඉතින් අස්වැන්න...?

    ReplyDelete
  16. අඩේ අපි හිතුවෙ බබා හම්බෙලා කියල :P

    ReplyDelete
  17. ආන්න බලන්න ඉතින්, මම කිවුව දේවල් තාම වැරදිලා නැහැනේ..

    ReplyDelete