ලා දම් අහසට පායන උදවිය ..

Sunday, January 12, 2014

නිසල සිත් මල - 6

1  2  3  4  5 



විශ්මිත් විරංගත් කාර්යාල මේසය ඉදිරිපිට නිහඬව බලා උන්නෝය.

වාඩිවෙන්න...' ගුරුවරයා ඉදිරි අසුන් පෙන්වා කීවේය.


ඉස්සෙල්ලාම මේක බලන්න..'  ගුරුවරයා තුනට හතරට නැවූ කොලයක් විරංගට දුන්නේය.විරංග කොලය දිග හැර බැලුවේය.විශ්මිද උන්නේ ඒ දෙස දෙනෙත් යොමු කරවාගෙනය.විරංග  දුටුවහා එය හඳුනා ගත්තේය.තම නිවසට ආ ලියුමත් මෙයත් දෙකම එක සමානය.එය දුටු දෙදෙනාගේ සිත් නැවත කම්පා විය.


'මට දැන් විනය පිළිබඳ තීරණයක් ගන්න වෙනවා.ඔය ළමයින්ගේ දෙමව්පියන්ට හෙට ඉස්කෝලෙට  එන්න කියන්න..දැන් යන්න,එක අතකට මේවා ඔය ළමයි එක්ක කතා කරලා තේරුමක් නෑ...' විදුහල්පතිවරයා ලිපිගොනුවක් අතට ගනිමින්  කීවේය.ඒ වන විටත් විශ්මිගේ දෙනෙත් කඳුලින් තෙත් වී තිබුණාය.

සර්.................පොඩ්ඩක් මේකත් බලන්න...' විරංග නිවසට ආ ලිපිය විදුහල්පතිවරයා අත තැබීය.විශ්මිට තදින් හැඬුම් එන්නට ආවත් ඈ අමාරුවෙන් එය නවතාගත්තාය.ලිපිය කියවා කවරය දෙස නෙත් යොමු කළ විදුහල්පතිවරයා විරංග දෙස එක එල්ලේ බැලීය.

'විරංගගේ තාත්තා මේක දන්නවා එහෙනම්..?' විදුහල්පතිවරයා ඇසුවේය.

'නෑ සර්.....අම්මා දන්නවා....' විරංග කණගාටුවෙන් පැවසීය.

එතකොට විශ්මිලගෙ ගෙදරටත් මෙහෙම ලියුමක් ආවද?' 

'නැහැ සර්.....' විශ්මි කඳුලු පිසදමමින් කීවාය.

'දැන් ඔය ළමයින්ගෙ ගෙවල් දෙකේම  අය මේක දන්නවද?' 


ඔවු සර්.....' විරංග පිළිතුරු දුන්නේය.

කවුද මේ ඔය ළමයින්ට කරදර කරන්නේ...? මේක මහා විකාරයක් උනානේ..මේක මම පොලිසියට බාර දෙනවා...' ගුරුවරයා ලියුම් දෙක ලාච්චුවට දමා ගනිමින් කීවේය.

'අනේ එපා සර්....අපිට ඉස්කෝලේ එන්න තියා පාරේ බැහැලා යන්නත් බැරිවෙයි..' විරංග ආයාචනාත්මකව කීවේය.


'ඊළඟට තව මොනවා වෙයිද කවුද දන්නේ?මමත් කැමති නෑ ඉස්කෝලේ නම කැත කරගන්න.ඒ උනත් මේක සුලුවෙන් තකන්නත් බැහැ...කොහොම උනත් ඔය ළමයින්ගෙ දෙමපියන්ට හෙට ඉස්කෝලෙට එන්න කියන්න.'

'ඔය ළමයි දෙන්නා ඔය තමන්ට ගැලපෙන යාලුවො හොයාගත්ත නම් ඔය ප්‍රශ්න නෑනේ...' ඔහු  අවසානයේ කීවේය.

විරංගත් විශ්මිත් ශාලාවට එන තෙක්ම කතා නොකළෝය.


'මොනාද විරංග අපට මේ වෙන්නෙ...? ' විශ්මි ඇසුවේ ශාලාවේ කොනේ තිබූ පුටුවක් ඇද අසුන් ගමිනි.විරංග කතාවක් නොමැතිවම ඒ ඉදිරියෙන් අසුන් ගෙන මේසය මත හිස තබාගත්තේය.

'විරංග.............' විශ්මි ඔහුට කතා කළේ කතාවක් නොමැතිව හිස ගසාගෙනම ඉන්නා නිසාවෙනි.එකම මේසයේ දෙපැත්තේ දෙදෙනා උන් නිසා විශ්මිගේ කකුලට වැටුණ උණුසුම් කඳුලු බිංදුව විරංගගේ සියලු හැඟීම් කියා පෑවේය..ඇයට එය අදහාගත නොහැකි කරුණක් විය.

ශාලාව කොනේ උන් දෙදෙනා දුටු වෙනුරි අනෙක්පසින් ගොස් කන්දීගෙන සිටියාය.දෙදෙනාම ඉන්නේ සිත් තැවුල්න් බව ඔවුන්ගේ ඉරියව් වලින් ඈ හැඳින්නීය.

විශ්මී............අපි අපිට ගැලපෙන යාලුවො හොයාගමු සර් කිව්වා වගේ...' විරංග හිස ඔසවා කීවේය.විශ්මිට තව තවත් හැඬුණි.

'අද ඔයා එසේ මෙසේ අපහාසයක් නෙවේ ඔය විඳින්නෙ....ඔයා කෙල්ලෙක් විශ්මි.....කෙල්ලෙක් ....මට කොහොමත් එකයි මම කොල්ලෙක්...ඔයාගෙ ජීවිතේට කැලලක් ඇති කරගෙන අපි දෙන්නා මේ අරන් යන යාලුකමේ තේරුම මොකද්ද විශ්මි...අපේ යාලුකම තියෙන්නෙ අපේ හිත්වලනෙ....ඒක කවදාවත් මැරෙන්නෙ නෑ....අපි ගතින් විතරක් ඈත් වෙලා ඉමු...ප්ලීස් විශ්මි...මුකුත් කියන්නෙපා.....අපිට ඈත්වෙන්න කාලෙ හරි.... අඩුම තරමේ මේක කරපු එකා  හොයාගන්නකං  හරි..'

'ඔවු විරංග...........අපහාස විඳින්නෙ මම විතරක් නෙවෙයිනේ ..ඒ නිසා අපි ඈත්වෙලා ඉමු..මෙන්න මේ වගේ අපි ළඟින් ඉදීවි හිතින්..' විශ්මි කීවේ අතේ ගැටගැසූ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක පෙන්වමිනි.

සියල්ල අසා සිටි වෙනුරිට තමා පිහිටා උන් වැරදි මතය පැහැදිලි විය.ගැහැණු ළමයෙක් හැටියට තමා අතින් ගැහැණු ළමයෙකුටම උන වරද සුලු පටු නොවේ යැයි ඇයට හැඟිණි.වෙනුරි දෙදෙනා අතරට ආවාය.

ඔයාලා දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉස්සරහට කවදාවත් නැතිවෙන්නෙ නෑ...' වෙනුරි කීවේ දෙදෙනාම දෙස බලමිනි.වෙනුරි කතා කරනා අයුරු විශ්මිත් විරංගත් පුදුමයෙන් අසා සිටියෝය.


'මං ආවේ ඔයාලා දෙන්නගෙන් සමාව ගන්න..' වෙනුරි කියනා විට ඇගේ දෑස් කඳුලින් තෙත් වෙනු දෙදෙනාටම පෙනුණි. 'මම........මම සමාව ගන්න තරම් වත් වටින්නෑ....ඒත් ....දැන් මට මේක කියන්න ඕනේ..'ඇය කියවාගෙන ගියාය.දෙදෙනා නිශ්ශබ්දව අසා උන්නෝය.

මම තමයි ගෙදරටයි ඉස්කෝලෙටයි ලියුම් එව්වේ විරංග...'වාර්තා පොතෙන් ඔයාගේ ගෙදර එඩ්ඩ්‍රස් එක ගත්තා....'වෙනුරි කීවේ බයාදු හඬකිනි.විරංගගේ දෑත් කේන්තියෙන් වෙව්ලන්නට විය.


පට්ට බැල්ලි...' විරංග උන් තැනින් ඉබේම නැගිට්ටුනේය.'වාඩිවෙන්න විරංග' විශ්මි ඔහුව බලෙන්ම වාඩි කරවීය.වෙනුරි සියල්ල පැහැදිළි කළාය.වෙනුරිගේ කතාව විරංග කේන්තියෙන් අසා උන්නත් විශ්මි සාවදානව කන් දීගෙන උන්නාය. අවසානයේ විශ්මිට සිතුණේ ඇය පව් කියාය.

වෙනුරි......මොනවා උනත් ඔයා අන්තිමේ ඇත්ත තේරුම් ගත්තා.., අපෙන් සමාව ගත්තා...මොනවා නැතත් ඇත්ත තේරුම් ගත්ත එක වටිනවා.වැරදි කා අතිනුත් වෙනවනේ...දැන් ඔයා ඒ හැම දෙයක්ම අමතක කරන්න.ඊට පස්සෙ හොඳින් ඉන්න...ඔයා මේ ගැන කාටවත් කියන්න ඕන්නෑ...අපි කියන්නෙත් නෑ..අපිත් ඒක අමතක කරලා දාන්නම්...'විශ්මි කියවගෙන ගියාය.විරංග විශ්මි දෙස රවාගෙනම සිටියේය.වෙනුරි හනිකට ඉවත්ව ගියේ හඬමිනි.

'මොනවද ඒ කියෙව්වේ.....ආ.........සමාව දෙන්න ඕකිට......, මම හොඳ ගේමක් සෙට් කරලා තමයි පස්ස බලන්නේ...' විරංග කේන්තියෙන් කීවේය.

'මට පේන්නෙ ඒකි ඔයාට සීරියස් ලව්....ඒකනෙ හලෝ ඔයාව ලබාගන්න එයා එච්චර ටිකක් කලේ...' විශ්මි සියල්ල අමතක කර මනමාල සිනහවක් පා කීවාය.

'බම්බුව.........' විරංග තව තවත් කෝපයෙන් පිපිරුවේය.

'අපි එයාට සමාව දෙමු......කෙල්ල ඇත්ත කීවනේ අපිට.....' විශ්මි කීවාය.


'ඔයා ඉතිං අර පැනගෙන දුන්නේ.....තව දෙන්න දෙයක් නෑනේ.....' විරංග අසුනින් නැගිට පංති කාමරය දෙසට යමින් කීවේය.

විශ්මි පංති කාමරයට ආ වහා සෙව්වේ චමිලාවය.ඈ පෙනෙන්නට නැත.චමිලා විශ්මි නැති විට එකට සිටිනා යෙහෙළිය මිලානි පංතියේ වාඩිවී මොනවාදෝ ලියමින් උන්නාය.

කෝ මිලානි චමිලා?' විශ්මි ඇගෙන් විමසුවාය.

ඇයි ඔයා දන්නෙ නැද්ද.....? මිලානි කී ආකාරයෙන් විශ්මිගේ හදගැස්ම වේගවත් වූවාය.

මොකද්ද...? විශ්මි ඇසුවේ කලබලයෙනි.


එයාව හදිසියේම අසනීප උනානේ.....හිටිගමන් නහයෙනුයි කටිනුයි ලේ ආවා....ලොකු කැස්සකුත් එක්ක...' මිලානි කීවාය.

බලන්න විරංග......අපි නැති තප්පරේටමනෙ ඒකත් වෙලා තියෙන්නේ...' මිලානිගේ කතාව ඇසී එතැනට ආ විරංග දෙස බලා විශ්මි කීවේ හැඬුම් ස්වරයෙනි.

'අපි හවස හොස්පිටල් යමු විරංග.....' විශ්මි කීවේ චමිලාගේ හිතවත්කම් සියල්ල එක පෙළට සිතට නැගුණු නිසාවෙනි.

විරංගත් විශ්මිත් කතා කරගත් ලෙසින්ම සවස් කාලයේ රෝහල වෙත ගොස් චමිලාගේ තොරතුරු විමසා බැලුවෝය.වෛද්‍යවරු ද නිශ්චිත වචනයක් ඈ ගැන කියා තිබුණේ නැත.චමිලාගේ මව සහ අයියලා දෙදෙනා රෝහලේ සිටිනු දෙදෙනා දුටුවෝය. ඔවුන් කියනා ආකාරයට චමිලා හදිසි උවටැන් ඒකකය වෙත යොමු කර තිබුණි.විශ්මිටත් විරංගටත් චමිලාව බලන්නට හැකි වුනේ නැති නිසා ඔවුහු කනගාටුවෙන් නැවත නිවෙස් කරා පැමිණුනහ.

විශ්මි ඇඟ සෝදාගෙන රාත්‍රී ඇඳුමට මාරු වී තේ එකක් හදාගෙන බීවේ කෑම කන්නට පිරියක් නැති නිසාය.ඇය රූපවාහිනිය ඉදිරියේ වාඩි උනේ දුරස්ථපාලකය අතට ගනිමිනි..

අර ළමයා හිටපු ගමන් අයි සී යූ දාන්න තරම් ඒ ළමයාට මොකද උනේ සුදු දූ....' සුභද්‍රා යාබද අසුනකින් අසුන්ගන්නා ගමන් ඇසුවාය.


'මම දන්නෑ අම්මෙ....කාටවත් කරදරයක් නැති අහිංසක   කෙල්ල......ඒකයි මට දුක....' විශ්මි කීවේ අරමුණක් නැතිව දුරස්ථ පාලකය ඔබන ගමන්ය.එක වර ඈ දුටුවේ හමුදා පිරිසකගේ කලබලයකි.ඇය කලබලයෙන් නැවත එම චැනලය හමුවනතුරු දුරස්ථපාලකය එබුවාය.

ඇයට අවශ්‍ය චැනලයට මරු වුන පසු ඈ මුව අයාගෙන පුවත නැරඹීය.නිහඬ රූපරාමු වලින් පසු එම ප්‍රවෘතිය නැවත විකාශය විය.ප්‍රහාරවලට ලක් වී තිබුණේ පුඩුකුඩි ඉරිප්පු ප්‍රදේශයයි.විශ්මිගේ හද ගැහෙන්නට වූයෙන් ඉබේම ඇගේ අත පපුව මත රැඳුණි.'අනේ අම්මෙ සුදු අයියා....' විශ්මිට ඉබේටම කියවිණි.

'සුදු අයියා එහේ හිටියට කෑම්ප් වෙනස් ඇතිනේ ළමයෝ.....අපි කෝල් කරලා බලමු..,බය නැතිව ඉන්න..' සුභද්‍රා දුරකතනය වෙත ළං විණි.

'වැඩක් නෑ අම්මා.....කොහොමත් සුදු අයියගේ ෆෝන් එකට සිග්නල් නෑ......' එයා පුලුවන් වෙලාවට  තමයි මට ගන්නෙ...' විශ්මි කීවාය.


අපි නැන්දලා අරගෙන බලමු...එතකොට තොරතුරක් දැනගත්තැහැකිනෙ....' සුභද්‍රා ඇමතුමක් ගත්තාය.

ඇයි...?' විශ්මි ඇසුවේ රිසිවරය කනේ තබාගෙන මව පමණට වඩා වෙලා ගත් හෙයිනි.


'රින් වෙනවා....ආන්ස්වර් කරන්නෑනෙ.....' සුභද්‍රා කීවේ නැවත ඇමතුම සම්බන්ධ කරගැනීමට උත්සහා ගනිමින්ය.එම උත්සාහයද පෙර පරිදි විය.සුභද්‍රා නැවත අසුන්ගත්තාය.එවිටම නිවසේ දුරකථනය නාද විණි.

'අරං බලන්න....' සුභද්‍රා කීවේ විශ්මිටය.

'මට බෑ....අම්මා ගන්න..' විශ්මි එය කීවේ බිය මුසු ස්වරයකිනි..

'විකාර........' එසේ කී සුභද්‍රා ඇමතුමට පිළිතුරු දුන්නාය.

''ආ පුතා....
ඔව් ඔව්
හා ඒකට නම් කමක් නෑ,
හැබැයි රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්න..
සුදු පුතාලගෙ කෑම්ප් එක පැත්තෙ කලබලයක්ලු..
පුලුවන්නම් තොරතුරක් දැනගන්න බලන්න..''

අම්මා මේ කතා කරන්නේ තමන්ගේ අයියා සමග බව විශ්මිට පැහැදිලි විය.සුසුමක් හෙලූ ඈ කාමරයට ගොස් ඇඳට වැටුණි.

බොහෝ වේලාවක් නිදිවර්ජිතව උන් විශ්මිගේ දෙනෙත් පියවී ආවා පමණි.නිවසේ දුරකථනය බොහෝ වේලාවක් නාද වෙනු ඇයට ඇසිණි.ඇය කාමරයෙන් පිට වන විට මවද සාලයට විත් තිබුණි.විශ්මි වහා ඇමතුමට පිළිතුරු දුන්නාය.

හෙලෝ...............සුදු දූ...........' කතා කළ විලාශයෙන්ම ඒ ලොකු නැන්දා බව විශ්මි හැඳින්නීය.

ඇ.....ඇයි ලොකු නැන්දේ මේ පාන්දර....' ඇය ඇසුවේ බියපත්වය.ඒ සුදු අයියා ගැන තොරතුරක් විශ්මිගේ හිත බලාපොරොත්තුවෙන් උන් නිසාය.

පුතේ............සුදු අයියා....' ඇයට කතා කරගැනීමට අපහසු බව විශ්මිට තේරුම් ගියාය.විශ්මි තව තවත් බියපත් වීය.ඇගේ හිත අස්සෙන් ආ සියුම් වේදනාවක් ඉක්මනින් හිත පුරා පැතිර ගියාය.

'ලොකු නැන්දේ අයියට මොකද....' විශ්මිගේ දෑත් වෙව්ලුවාය.මේ පාන්දරත් ඇගේ නළලතෙහි සිහින් ඩහදිය බිඳු මතු විය.


'කියන්නකො ලොකු නැන්දේ.....' ඇය නැවත ඇසුවේ ලොකු නැන්දා ගේ සිහින් ඉකිබිඳුම ඈව තවත් කලබල කළ නිසාවෙනි.

මගෙ කොල්ලට වෙඩි වැදිලා පුතේ.........' ලොකු නැන්දාගේ වචන කන් පසාරු කරගෙන යනවා දෝයි ඇයට හැඟිණි..ඒ වචන කන වැටුණේ මහත් වේදනාවක්ද සමගිනි.විශ්මි ඒ ළඟම අසුනින් අසුන්ගත්තේ රිසිවරය අතහැර දමමිනි.






67 comments:

  1. දුස්ටයො ඉවරා....යි!! මගෙ හොඳ....රෙහානි අක්කා.... උම්මා....!!!

    අර යස අපූරුවට හිටපු චමිලා කෙල්ලට මක්කැයි උනේ? මට නිකම් ලියුකේමියා ඉවක් දැනෙනෝ වගේ. එහෙමනම් වෙන්න එපා පව් චමිලා කෙල්ල.

    ඉක්මනටම 7 දාන්න අක්කෝ... මම අද එක ද :D

    ReplyDelete
    Replies
    1. කතාවේ දූෂ්ඨයා උනත් ඔහුත් රණවිරුවෙක් ඒ නිසා වෙඩි වැදුන එක ගැන සතුටු වෙන්න බෑ, ඇත්තටම දූෂ්ඨය මැරුනෙ නැත්තන් තමා හොද, එතකොට තමා කතාවෙ ගතියක් තියෙන්නෙ :)

      Delete
    2. @ බස්සි - ඉවරයිද කියලා තාම උයා හරියට දන්නෙ නෑනේ ඉතින්.....

      බලමු එයාට මොකෝ උනේ කියලා

      අද එක වෙලා නේන්නම්..පාටියක් ඕනේ ..හික්ස්....
      ඉක්මනින් දාන්නම්කො 7 හොඳේ..

      @ සසිඳු - උයා කියන කතාව ඇත්ත.....දුෂ්ටයා නැති උනාම බස්සි කෙල්ලට ලොකු කික් එකක් ඇවිත්නේ ඔය.. :D

      Delete
    3. ජීවිතයේ දුක්ක දෝමනස්ස හා බැදුන චරිත පිළිබදව ගෙතුන මෙවන් වෘතාන්ත කථා අවදිවන නැව්ම් තරැණ සිතිවිළි වලට මහත් ආදර්ශයක් වෙනවා නොවනු මානයි.

      Delete
    4. දුස්ටයා කියන්නෙ ආමි මෑන් විතරක් නෙමෙයි සසිඳුවෝ.... අර නපුරු කෙල්ලත් එක්ක දෙන්නාටම එක එපිසෝඩ් එකෙන්ම වැඩේ දීලා නිසානෙ මේ කික් එක. ;)

      Delete
    5. @චාමර - ස්තුතියි යාලු ඔයාගේ අදහස්වලට ...
      දිගටම එන්න කියවන්න..

      Delete
  2. ඉස්සෙල්ලම පාරට මේ පැත්තේ ආවේ.කතාවේ මුල කොටස් ටික නිවාඩු පාඩුවේ කියවලා බලන්න ඕනි. :D

    නිවාඩුපාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...
    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා අමිල ඔයාව අහස යටට.

      හෙමිහිට බලන්නකෝ..
      අනිවා එන්නම් ඒ පැත්තේ, දැන් පාර දන්නවනේ ;)

      Delete
  3. අයියෝ.....!!! විශ්මිගෙ හිතේ සුදු අයියට කැමැත්තක් යන්තං හරි තියනවද මන්ද...

    ReplyDelete
    Replies
    1. අයි අයියෝ.............බලමු ඒමද කියලා ඈ

      Delete
  4. චමිලාට මොනා උනාද මන්ද.... කැන්සර් එකක් වගේ නේද?

    ReplyDelete
  5. චමිලාට මොනා උනාද මන්ද.... කැන්සර් එකක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ගිය පාර දුන්න අනුමානේ හරිගියා නෙහ් ඔයාගේ..
      බලමු මේ පාරත් ;)

      Delete
  6. අයියෝ චමිලටයි සුදු අයියටයි මොකක්ද මේ උනේ :(

    ඒක නෙවෙයි රෙහානි, කථාවෙ 6වෙනි කොටස එන්න මෙච්චර පරක්කු උනේ මොකෝ :/

    ReplyDelete
    Replies
    1. හය්යු....ඔහ්ම තමයි ඉරණම වෙනස් වෙනවා අපිටවත් තේරෙන්නෙ නෑනේ චාම්ස් කෙල්ලේ..

      මගේ කීබෝර්ඩ් යාලුවා වද දෙනවා අනේ :(

      Delete
  7. හයියු,, එකක් ඉවර වෙද්දී තව ප්‍රශ්නයක්,,,

    //////විශ්මි ඔහුව බලෙන්ම වාඩි කරවීය.වෙනුරි සියල්ල පැහැදිළි කළාය.වෙනුරිගේ කතාව විරංග කේන්තියෙන් අසා උන්නත් විශ්මි සාවදානව කන් දීගෙන උන්නාය. අවසානයේ විශ්මිට සිතුණේ ඇය පව් කියාය./// සාමානයෙන් වෙන එකේ අනිත් පැත්ත ,, විශ්මි අපි වගේ අහිංසක කෙල්ලෙක් හි හි

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැටිනේ ඔමා..

      ඔවු ඔවු ස්පෙෂලි මං වගේ නෙහ් :D

      Delete
  8. ප්‍රශ්න ගොඩයි වගේ,,,.

    ReplyDelete
  9. එක පාරටම වේගේ වැඩි වුණාද මන්දා ? කොහෙද මේ කෙල්ලෝ ටික කලබල කරනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දැනුනද.....මටත් දැනුනා ටිකක් ඒම..
      :(

      Delete
  10. චමිලට මොකද වුනේ එක පාරටම..කොටස් දෙක තුනක්ම කෙටි කරලද මන්ද මේ කොටස දාල තියෙන්නෙ.එක පාරටම වේගෙ වැඩි වෙලා..

    ReplyDelete
    Replies
    1. මක් උනාද කියලා බලමු ඉස්සරහට..

      හපොයි :(

      Delete
  11. මට නං කතාව අංඤකොරොස් දැං..

    ReplyDelete
  12. hemotama pilithuru hawasata dennam.mage keyboard eke awulak...

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං හවස තමයි ලමයෝ..

      Delete
  13. මට නම් විශ්මි ව විශ්මයක්ම තමා. තේරුම් ගන්නම අමාරුයි. මොලෙත් විකාර වෙනවා අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.........එයා නම් විශ්මයක්ම තමයි :D

      Delete
  14. චමිලට මොකක්ද බන් රෙහානියෝ කරේ............ටිකක් වේගේ වැඩි වගේ තමා අවුලක් නෑ ඊ ලග කොටස යසට ලියන්ටකෝ

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තමයි ශානුවෝ මං මුකුත් කළේ නෑ..; )

      හරි බලමු ඉතිරි කොටස

      Delete
  15. අෆොයි සුදු අයියාව එහෙම නැති කරලා දන්න එපා -_-

    ReplyDelete
  16. අද නම් කලබලෙන්ද කොහෙද ලියලා තියෙන්නේ...

    ReplyDelete
  17. සුදු අයියා වෙඩි කෑවට තාම මැරුණේ නැහැනේ.දැන්නම් කතාව යන හැටි මට ටිකක් විතර හිතා ගන්න ඇහැකි වගේ.

    ReplyDelete
  18. කථාවේ මුල් කොටස් ටිකත් හිමින් හිමින් බැලුවේය.
    කථාව දැන් හයිවේය.
    ඉතිරි ටිකත් ලියන්න.

    මට මගේමවන මගේම කථාවක් කීමට තිබෙනවාය.
    අනුන්ගේ ඒවායේ මාගේ ඒවා ලිවීම ඔබින්නේ නැති බව දන්නවාය. ඒ උනාට මේක මෙතන කොටන්නම ඕනෑය.
    දිනය 2014 ජනවාරි මස හයවැනිදාය.
    මාගේ ඕනෑකමකට මට ගලිගමුවට යන්නට උනේය,
    පැල්මඩුල්ලෙන් කෑගල්ලේ යන බසයකට ගොඩ උනේය. රුවන්වැල්ල පසුකරන විට බස්එකේ ටිකක් සෙනගය. මං ජනේලෙන් අහක බලං මනෝ පාරක් ගහගෙන වේගෙන් මාව පහුකොරං යන ගෙවල් දොරවල්, කඩ සාප්පු ආදිය දෙස බලං යනවාය.
    එක් වරම මාගේ සිහියට යමක් සිහිවුනාය.
    ඒ නම් වටු නන්දේගේ සහ මයිනාගේ දෙබසයිය.
    // නන්දේ : තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
    මයිනා : තෝ දෑගං මට තෝකුත් නෑ
    නන්දේ : ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
    මයිනා : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ
    නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
    මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං
    නන්දේ : වර &^%$#$ එළියට....
    මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ...... //
    නැගිච්ච හිනාව අමාරුවෙන් ආංබාංකොර ගත්තේය.
    ටික වේලාවක් ගියේ. නැවතත් මයිනා සහ නන්දේ දෙසන්නට වූවාය.
    එවරනම් වැරදුනේය.
    බුකුස්.... හික් හක් ඔක්.
    හිරකරගෙන සිටී සිනහව එකවරම එලියට පතිතවිය,
    කොරන්ට දෙයක් නැත බස් එකේ යන එවුන්ට පට්ට ආතල්ය, උං මගේ දිහා බලනවාය හිනැහෙනවාය අනිකාට වැලමිටින් අනිනවාය හිනැහෙනවාය,
    මා උං දෙස බලනවිට උං අහක බලනවාය, මා අහක බලන විට උං මගේ මූන බලනවාය, (අහක බලනවිට මූණ බලනවා මූණ බලනවිට අහක බලනවා).
    මට විලිලැජ්ජාවේ සන්තෝසයේ බැරිය. උන්ට ආතල් එකේ බැරිය.
    මා කෙසේ හෝ බස්රථයෙන් බැස කැමරාවට හැංගි හැංගී උසාවියන අපරාධ කරුවෙකු ලෙස හොටු ලේන්සුවෙන් මූන වසාගෙන ඉක්මනින් මාරු උනාය.
    ආතල් කුඩුය.
    මෙව්වා රට්ටු හිනස්සන විහිළුය.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියී මුල සිට කියවීම ගැන..
      ඉතිරි ටිකත් බලන්ට එන්න.

      අනේ සමාවෙන්නට ඕනෑය...මම ඔබව අසරණ කරවන්නට සිතා පෝස්ටු නොදැමුවෙමි.මට සිදු වූ දෑ චිත්ත රූප සමග මැවී පෙනේ...
      අනේ දෙවියනේ විදානේට උනු වියෝයා...! මටද ඔවැනිම දේ සිදු වී ඇත. ඒවාද මතකෙට ආවාය..හික්ස්....


      (මගේ පෝස්ටුවක කොටස් ඔබේ මනසේ තැන්පත් වී තිබීම ගැන අමුතු සතුටක් මම විඳිමි..)

      //අනුන්ගේ ඒවායේ මාගේ ඒවා ලිවීම ඔබින්නේ නැති බව දන්නවාය.//එහෙම අවුලක් නෑ සහෝ....අපේ අපේ දේවල් නෙව...

      Delete
  19. යකෝ අක්කෙ මේක හෙනගහනව වගේ එක පාරටම වෙනස් වුනානෙ. තව පොඩ්ඩෙන් අමතක වෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වෙනස් උනාද....අමතක වෙනව කීවේ කතාවද ඈ.. :D

      Delete
  20. ඔන්න එක පැත්තක් clear කරලා අනිත් පැත්තක case එකක් දාල.. බලමු මොකෝ වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ක්ලියර්ම කියන්නත් බෑ ඉතිං....බලමුකෝ නාඩියෝ

      Delete
  21. දුශ්ඨයා එච්චර ඉක්මනට ඉවරද ඈ.. මට නම් විශ්වාස නෑ..

    ReplyDelete
    Replies
    1. හී....ඇත්තටම මේකෙ දුෂ්ටයො වගේ පේන අය දුෂ්ටයො නෙමේ...හ්ම්ම්

      Delete
  22. තමන්ගේ පවුලේ කෙනකුට වෙඩි වැදුණා කියන්නේ නම් සෑහෙන දුකක් ඇති වෙන දෙයක්... දෙවියන්ගෙන් ඉල්ලන ඉල්ලීම් කොච්චරක්ද ...දිගටම ලියන්න රෙහානි .. පාසල් කාලයේ සිදු වීම් පවා මතක් වෙනවා මේ දේවල් දකිද්දී...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තමන්ගෙ කෙනෙක්ට වෙන විපතක් දරාගන්න බෑ තමයි...

      ස්තුතියි සහන් අයියේ අදහස්වලට..

      Delete
  23. ජනප්‍රිය සංස්කෘතියේ නවකථාවක හැඩතල අද කොටස තුල බොහොම පැහැදිලිව පේන්න තියෙනවා...දෙබස් එහෙමත් බොහොම ප්‍රාණවත්...

    ReplyDelete
    Replies
    1. \\ජනප්‍රිය සංස්කෘතියේ නවකථාව\\සුජීව ප්‍ර.ආ. ගේ වගේද :(

      ස්තුතියි අයියේ අදහස්වලට..

      Delete
    2. එච්චරම කැත නෑ...මිනිහගෙ පොත් වල ඉන්න කොල්ලන්ගෙ පිරිමි කම අන්ත අසරණ කරලා..නපුංසක කරලා තියෙන්නෙ කෙල්ලො ඉස්සරහා ආදරය හිගාකන වර්ගයේ...මම මිනිහගෙ පොත් වලින් සින්දූර් විතරයි කියෙව්වෙ...ඒකෙ කොල්ලගෙ චරිතයට අදාළව හැම තැනම තියෙන්නෙ මට හීල්ලින කියලා...මිනිහගෙ පොතක් ගන්නකොට හොටු පිහින්න ලේන්සුවකුත් නිකං දෙනවා කියන්නෙ ඇත්තද ?

      Delete
    3. මම නම් ඒ කතාවට බොහොම කැමතියි.

      Delete
    4. හෙහ් .........මාත් එච්චර එයාගෙ කතා කියවලා නෑ...අර ආත්මීය නවකතා නම් හුඟක් කියෝලා තියනවා...ලේන්සුවක් නම් ඕන වෙනවා තමයි.

      @ගන්දරයා - සින්දූර් කතාවටද/???

      Delete
    5. ඔව් මට නම් ඒකේ වරදක් පේන්නේ නෑ. පොත් හතරම බොහොම ආසාවෙන් කියෙව්වා.

      Delete
  24. හෆූ... ඔයත් පටංගත්තද මාලා නාටකයක්? දැං ඉතින් කියවහල්ලකො මුල ඉඳං... ඈ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ....දැකපු කල්....

      කොහොමද ඩ්‍රැකියෝ...

      හික්ස්

      Delete
  25. එක දොරක් ඇරෙනවා......තව එකක් වැහෙනවා...ඔහොම තමයි...ඒ නිසා ඔහොම යන්!!

    ReplyDelete
  26. මල සේක. මේක කොටස් කතාවක් නේද. නිවාඩු පාඩුවේ කියවන්නම්. ඒක නෙවෙයි වටු නන්දෙ හෙම සනීපෙන් ඉන්නවා ද :D

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියෝ..........චන්දන අයියා දැක්ක කල්..කොහොමෙයි ඉතින්..

      වටු නන්දෙ ගැන මේ දවස්වල නම් හැල හොල්මනක් නෑ..හි හී

      Delete
  27. ඉස්කෝලෙ යන කාලෙ ඔහොම යාලුවෝ හිටියා. සමහර වෙලාවට විහිලුවට කියලා හිතාගෙන ඉස්කෝලට නැත්නම් ගෙදරට ලියුම් එවනවා ගෑනුලමයෙකුගේ නමින්.
    පාසල් වයසේ මෙහෙම දේවල් සිදු වෙනවා.
    බොහොම අපූරු කතාවක පෙළගැස්ම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස්වලට...

      අද්දැකීමක්ද මංදා :D
      මේ කතාවත් සද්ද නැතිවම කියවලා එහෙනම් ;)

      Delete
  28. දුෂ්ඨයෝ ඔක්කොම එකපාර චකබ්ලාස් ද නැතිනම් දුෂ්ඨයෙක් වීරයෙක් වෙන්න හදනවද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....බලමුකෝ මොකද කියලා

      Delete
  29. සුදු අයියා මැරෙන එකක් නැහැ. කකුලක් කැඩිල හරි බේරේවි.
    වෙනුරි එච්චර ආදරේ කරන එකේ විරංගට තියෙන්නේ යාළු වෙන්න එයත් එක්ක. පව් කෙල්ල...
    චමිලට හිටිහැටියේ බරපතල අමාරුවක් වගේ. හොඳ කරන්න බැරි වෙයිද?
    විරංග චමිලව බැඳල, විශ්මි සුදු අයියව බඳිවිද?

    ReplyDelete
    Replies
    1. //සුදු අයියා මැරෙන එකක් නැහැ. කකුලක් කැඩිල හරි බේරේවි.//හෑ.........

      ඒත් ඉතිං දෙන්නම දෙන්නට ආදරේ වෙන්න එපැයි නෙහ්..
      හෙහ් හෙහ්....මේ පාර අනුමාන කිරීම් ගොඩයිනේ..
      බලමුකො බුද්ධියෝ

      Delete
  30. පල්ක්කු වුනා අලෙ කියවන්න් එන්න. ඔයාට මොකක්ද තියෙන හදිස්සිය අනේ මේක ඉවර කරන්න . දුෂ්ටයෝ සේරම එක එපිසෝඩ් එකෙන්ම ඉවර කරලනේ. එතකොට නිකන් වේගේ වැඩියි වගේ දැනුනා රෙහෝ.

    ReplyDelete
    Replies
    1. හදිසියක් නෑ අලේ ඉවර කරන්න..මෙහෙම නොදා බෑ මෙයා ඒකයි ඉතිං..

      වේගෙ වැඩී වගේද ....හ්ම්ම් :(

      Delete