ලා දම් අහසට පායන උදවිය ..

Tuesday, December 3, 2013

යෝධ මිනිසෙකි මාද මනු ලොව...!



පෙති සිඳී නැත..
සුපුල් පියුමකි
මම ද විල් තෙර
නුඹට නොපෙනෙන


මටද සිත ඇත..
උදුළ පියුමක
ලෙස වැජඹෙන්නට
විල් තෙර අභියස

නොපවසා ඇත..
විල් තෙරට තව
මහාභරණෙකි
මම ද මතු දින

උවමනා ඇත..
ලොවට කියනට
"දෙන්න අත නුඹෙ 
අල්වා ගන්නට"


ප.ලි. :::::: ඇත්තටම මේ පද ගැලපුම මගේ අතින් උනේ පැතුම් වෙනුවෙන්මයි.

53 comments:

  1. පටන් ගත්ත කතිකාව දිගටම යයි වගේ....
    මේවා රෙහානි තරුණ ඔබලාගේ යුතුකම්....
    ජය...
    අපේ හබියත් නිවාඩුවක් ලැබුනම මේ ලිපි කියවනවද ...?
    එයා ඇතුළු මිතුරන්ටත් මෙම ලිපි කියවල කොමන්ට් කරන්න පුරුදු කරවන්න.

    ReplyDelete
    Replies
    1. එයා කියවන්නෑ ... මට බ්ලොග් එකක් තියනවා කියලා දන්නවා. දෙතුන් පාරක් ඇවිල්ලා ඇති ඔන්නම් බ්ලොග් එකට... හික්ස්.. අනික එයාට සිංහල අකුරු පේන්නේ නැතිලු.(ඉස්සර තිබ්බා,දැන් නෑ)

      නිවාඩු දවසට එයා කරන්නෙ මාත් එක්ක චැට් කරන එකයි....මෙගා දෙක තුනකට යට වෙන එකයි තමා.. :D

      අදහස නම් හොඳයි...කට්ටිය කැමති වෙයිද මංදා :)

      Delete
  2. මම හිතන්නෙ නැහැ සරා අකමැති වෙයි කියලා.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි .. අනේ දාන්න පැතුම්ගෙ පින්තූරෙ.. එයා හරි සතු‍ටුවෙයි

    ReplyDelete
    Replies
    1. දැන් හරි ...ස්තුතියි ඔබටත්..!

      Delete
  4. රෙහානි ....! ............ඔබ විශිෂ්ටයි

    ReplyDelete
  5. මම නං හිතන්නේ බ්ලොග්කරුවෝ හරි මේ දරුවන්ගේ ලෝකය යහපත් කරන්න එකතු වෙන්න ඕනේ :) ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔවු...අපිටත් හැකි අයුරින්..

      ජය වේවා!

      Delete
  6. එයාලත් අපි වාගේ අය හැගීම්,දැනීම් ඇති අය එයලා කිසිම විටක කැමති නැහැ ඒ වැනි අයට වෙනත් විදියකට සලකනවාට.අපි කිසිම විටක ඔවුන් තනි කලයුතු නැහැ.මේ ගමන එවනි අය අත්හැර අපි යනවනම් අපි මිනිස්සු නොවේ රෙහානි.

    ReplyDelete
  7. අපි හැමෝටම කියන්න ඕන දේ ඔයා වචනයට නගලා රෙහානි අක්කේ..!!

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් ගත්තා වර්ෂා

      Delete
  8. පහුගිය ටිකේ බ්ලොග් කියවන්න උනේ නැති නිසා මේ කියන දේ තේරුම් ගියේ ලින්ක් එකට ගිහින් බැලුවට පස්සෙ. ඔවුන් ගැන සමාජය යහපත් ආකල්පයක් ඇති කරගත්ත දවසක ඔවුන්ගේ ලෝකය වඩාත් සුන්දර වේවි.

    ReplyDelete
    Replies
    1. ඔවු චාම්ස්...අපි ඒ අය දිහා බලන කෝණය වෙනස් කරගන්න ඕනේ

      Delete
  9. ඇත්තටම බ්ලොග් ලියන අය මේ තරම් සංවේදීද?
    ඔහුන්ට අපේ අනුකම්පාව නොව ධෛර්‍ය ලබා දෙමු.

    ReplyDelete
    Replies
    1. මමත් මේ පද ටිකෙන් ඒ ඉක කියන්න තමයි උත්සහ කලේ ප්‍රියා

      Delete
  10. හ්ම්ම්ම්ම්....................

    ReplyDelete
  11. මහාභරණෙකි
    මම ද මතු දින...

    ලස්සනයි. මේ වගේ දරුවොන්ව කොන් නොකර සමාජගත කරන්න පුළුවන්නම් නිසි විදියට ඒ දරුවොන්ගෙ අම්මලා තාත්තලට කොයි තරම් නම් සැනසීමක් වේවිද???

    ReplyDelete
    Replies
    1. ඔවු අසෙනි.....
      ඔවුන්ටත් තියනවා හයිය හිතක්..

      Delete
  12. රෙහානි වටිනා අදහසක් ඔයා අපූරැවට ගෙත්තම් කරලා. මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
  13. හුඟක් අය වැඩි අවදානයක් නොදක්වන පැතිකඩක්... හරිම සංවේදීයි... ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔවු තුශානි...මේ අපි නොහිතන පැත්තක්

      Delete
  14. මෙන්න සොයුරිය මගෙනුත් ඔබට මල් මිටක්

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම් (‍Y)

    ReplyDelete

  16. තවකෙකුගේ මුවග සතු‍ටු සිනාවක් රඳවන්න කරපු මේ උත්සාහය විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      ලංකාවට ආවා කියලා ආරංචියිලු අපිට

      Delete
  17. අපු කියපු දේ හින්දා අපි ගොඩාක් අය සංවේදී උණා. ඒ හැමෝගෙම හිතේ ඇති වෙච්ච දේ තමයි අක්කේ මේ ලියැවිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක හරි මල්ලෝ..
      ස්තුතියි

      Delete
  18. පහනකින් තව පහන් දහසක්
    දැල්විය හැකිය එවතුදු
    එලිය මුල් පහනෙහි අඩු නොවේමැයි
    ලොව එලිය කරනු මිස
    (බුදු පියාණෝ)
    ඔබ දැල්වු මේ පහනින්
    තව තවත් පහන් දැල්වී
    මපුතු වැනි දරුවන්
    දහසකගෙ ජීවිත
    ආලෝකමත් වේවා !

    ReplyDelete
    Replies
    1. මගේත් ප්‍රාර්ථනය එමමයි..
      ස්තුතියි!

      Delete
    2. ගොඩක් දුකයි :(

      මමත් ප්‍රාර්තනාකරනවා !!

      Delete
  19. මේ දවස් වල ගොඩක් පොස්ටු මේ සම්බන්ධව කරුණු දක්වල තිබුන.ඇත්තටම ඒක අගය කලයුතු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු රජ වීදිය..
      ස්තුතියි

      Delete
  20. සරත් අයියගෙ පුත්‍රයට බොහොම සන්තෝස හිතේවි වෙනත් තැනක පිංතූරෙ දැක්කම.

    ReplyDelete
  21. අගෙයි රෙහානි. මේ වගේ තේමාවක් වෙනුවෙන් කෙරෙන පද බැඳුමකින් තව හිතක් සතුටු කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඔබට පින්!

    ReplyDelete
    Replies
    1. මගෙත් උත්සාහය එමමයි දිලිනි
      ස්තුතියි!

      Delete
  22. වටිනා වැඩක් රෙහානි,මේක දැක්කම අර දරුවට සතුටක් දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ඔවු....මටත් භිතෙන්නෙ
      ස්තුතියි!

      Delete
  23. මේ සටහන දැකීම පැතුම්ගේ සතුටට හේතු වේවා !

    ReplyDelete
  24. කලින් ඇවිත් ගියා...අගක් මුලක් හරිහැටි දන්නෙ නැතිව නිසා කමෙන්ට් කලේ නැහැ.

    හොයා බලල දිරිමත් කරනවට ස්තුතියි නංගො.... ලඟදිම ලියන්නයි ඉන්නෙ.:))))

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි...
      මම ඒත් බැලුවා අපේ අහා අමතක වෙලාවත්ද කියලා :D

      Delete
  25. /* මටද සිත ඇත..
    උදුළ පියුමක
    ලෙස වැජඹෙන්නට
    විල් තෙර අභියස
    */
    Me 2

    ReplyDelete
    Replies
    1. එසේ වීමට හැකි වෙයි ඔබට

      Delete
  26. රෙහානි......පහුගිය ටිකේ වැඩ ගොඩායි....සමාවෙන්න..

    මටත් නංගි කෙනෙක් ඉන්නවා යම්කිසි මන්ද මානසික තත්වයකින් පෙලෙන..ඇය දැන් අවුරුදු 40යි...මට මේ හැඟීම් බොහොම යසට තේරෙනවා...

    සරත්.....ඔබේ දරුවා මට විශිෂ්ඨයෙක්!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න ඔබ වරදක් කළේ නැහැ..අපි හැමෝම කාර්‍යබහුලත්වය මැද්දේ නේ මේකත් කරන් යන්නේ.. :)

      ඔබේ නැගණියද විශිෂ්ඨයෙක් ලෙස සිතන්න

      Delete
  27. පුන්චි වචන පේලියකට ගොඩක් සංවේදී උනා .. හ්ම්ම්ම් :(

    ReplyDelete