ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, November 27, 2013

වල්ලපට්ටා ඇමේනියාව...

Meri baaton mein tera zikr sadaa
Meri yaad mein teri fikr sadaa
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa


රෙහානි මේ දවස්වල වශීකෘත වෙලා ඉන්න මෙන්න මේ ගීතයත් අහගෙන ගීතයේ ස්වර අලංකාර පතුළටම ගිලිලා , දෑසුත් පියාගෙන රෙහානි හිටියේ වෙනමම ලෝකෙක.ඔහොම ගීතය අහගෙන ඉද්දී ...............

"කීක්.............කී..............ක්...."

කවුදෝ ගේ දොරකඩ හෝන් කරනවා.

රෙහානි ගීතෙට වශී වෙලා නොවැ..හෙල්ලෙනවා බොරු...තව ටිකක් සවුන්ඩ් වැඩි කරගෙන ආයේ ඇස් පියාගත්තා...

කී...............................ක්......." ඒ පාර නලා සද්දේ බොහොම දිගයි...
ඒ වගේම සැරයි.


ඔන්න සද්දේ වහලා ඉස්සරහට ගියා බැරිම තැන.



කෝ තාත්තා...?"

 ගෙයි ඉන්නවා පොඩ්ඩක් ඉන්න එන්න කියන්නම්."  බයිසිකලය මත වාඩි වෙලා හිටපු මාමාට එහෙම කියලා තාත්තට කතා කළා..

ඔන්න දැන් තාත්තා උන්දැත් එක්ක කතාව.මට සිංදු අහන්ටත් බෑ නොවැ...මං ඒ හන්දා කාමරේට වෙලා උන්නා...සෑහෙන කුටු කුටුවකින් පස්සේ මාමා යන්න ගියා.දැං තාත්තා අම්මත් එක්ක කතාව.

"බලනවකෝ අනුර කියන කතාව....වල්ලපට්ටා පොතු කිලෝ එකක් ලක්ෂ විස්සයි කියන්නේ..."

ඔය ටික ඇහුණ ගමන් ඊ වේගෙන් රෙහානි සාලේ... :D

තව මොනවද අනුර කියන්නේ...." අම්මා අහනවා.

"අර තාරකා ඉබ්බෙක් ලක්ෂ පහක් විතර වෙනවලු.ඒ විතරක් නෙවේ , හූනු විශේෂයක් ඉන්නවලු ,උන්ව අඳුරගන්න පුළුවන් "ඌ ශොපින් කවරෙකට දැම්මොත් කවරේ උණු වෙලා හූණා වැටෙනවලු."

හ්ම්ම් තව..?" අම්මත් ඉස්පාසුවක් නැතුව වගේ ඕප කියද්දී :D

"තව ඉන්න්වලු මකුලු විශේෂයක් ද කක්කුටු විශෙෂයක් ද මන්දා කීවා ,විස විදින.............උං හොඳ ගානකට විකුණතෑකිලු.."

ඉතිං දැං අනුර ඔය ටික කීවේ? අම්මා ඇහුවේ මගෙත් හිතේ තිබුණ ප්‍රශ්නේ...

"නෑ...........මේ වල්ලපට්ටා තියන දිහාවක් දන්නවනම් කියන්නලු." තාත්තා කනකට නොගෙන කීවා..

පුරස්න කිහිපයක්ම අහන්න හිතාන සාලෙට ගියාට මොකෝ ඒවා නො අහාම මම ආයෙත් කාමරේට ආවේ "තාත්තා එහෙම ඕවා තියන දිහාවල් කියන්න යන්න එපා" කියලා කියන ගමන්.ඒ ගමන්ම අනිත් පැත්තට පීරුවා ජංජාලේ.වල්ලපට්ටා ගැන තොරතුරු වගේම ඒවා ළඟ තබා ගෙන බන්ධනාගාර ගිය අය ගැනත් තොරතුරු හම්බ උනා.වල්ලපට්ටා ගැන සෑහෙන කල් ඉඳලා කතා බහට ලක් උනත් මේ කාරණාව අපේ ගමේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටිලා තියෙන්නෙ දැන්.ගම්වල මිනිස්සු ඒවා ඔලුවට දාගෙන විතරක් නෙවේ .දැන් වනන්තර පීරලා වල්ලපට්ටා හොයන්න පටන් අරං.
වල්ලපට්ටා ශාකය



වල්ලපට්ටා වල තියන වටිනාකම මොකක්ද?

වල්ලපට්ටා නැතහොත් Gyrinops walla යන නමින් හඳුන්වන ශාකයේ agarwood නැමැති පටකය ලොව ප්‍රචලිත සුවඳ විලවුන් සාදා ගැනීමට යොදා ගැනීම මෙම වටිනාකමට හේතුවෙනවා.මෙම agarwood නමැති පටකය ස්වාභාවිකව හටගැනීම දුර්ලභ ක්‍රියාවලියක් ලෙස සලකනවා.මෙම ගසට සිදුවන දිලීර ආසාදනයන්ගෙන් වැලකීමට ස්වාභාවිකව මෙම පටකය හටගන්නා අතර එවැනි ආසාදනයක් නොමැති මෙම වර්ගයේ නිරෝගී ශාක වල එම පටකය දැකගන්නට නොහැකි වෙනවා.ඒ නිසා ගසේ වටිනාකම හැම වල්ලපට්ටා ශාකයක් තුළම දක්නට ලැබෙන්නේ නැහැ.



වල්ලපට්ටා ගැනුම්කරුවන් ලෙස මෙරටට විදේශිකයින් පැමිණෙනවා,ඉන් බොහෝ දෙනෙක් ඉන්දියානුවන්.ඒ වගේම අරාබි රටවලිනුත් ගැනුම්කරුවන් මෙහි පැමිණෙනවා.ඉන්දියාවේ වාණිජමය වගාවක් ලෙස දැනට වල්ලපට්ටා මහා පරිමාණයෙන් වගා කරනවා.වාණිජ වශයෙන් එම ශාකය මහා පරිමාණයෙන් වගා කරන ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට අත ‍පොවන්නේ වාණිජ වශයෙන් වගා කරන ඉන්දියාවේ ඇති ශාකයට වඩා ඉහළ ගුණාත්මක රෙසින ශ්‍රී ලාංකික වල්ලපට්ටා තුළ ඇති නිසා.මෙම ශාකය ශ්‍රී ලංකාවේ ද වාණිජ වගාවක් ලෙස ප්‍රචලිත කොට විදේශ විනිමය උපයා ගැනීමේ සැලසුමක් සකස් කරගෙන යන බවට තොරතුරු ලැබෙනවා.


මැලියම් සහිත කඳ කොටස

කෙසේ වෙතත් දිලීර නිසා මැලියම් ඇති නොවුන වල්ලපට්ටා ශාක කිසිම තේරුමක් නැතිව කපා දැමීම තුළින් ලංකාවට ආවේනික වූ මෙම ශාකය තව නොබෝ කාලයකින් වඳ වී යනු ඇත.කෘතිම ලෙස දිලීර එන්නත් කර වාණිජමය වශයෙන් මේ වගාව ඉදිරියට එන තුරු නිකරුණේ මෙම ගස් කපා දැමීමට තිත තබන්නට කාලය එළඹ ඇතැයි මට සිතේ. 

ප.ලි ::::::::: සමහර තොරතුරු හා පින්තූර අන්තර්ජාලය ඇසුරිණි

ප.ප.ලි ::::: දුරබණුවෙන් ගත්තු පොටෝ මැෂිමට දාන්ට බැරුව මේ දවස්වල පුරස්නයක්..!සමහර පෝස්ටු දාන්ටත් විදිහක් නෑ.පින්තූරු නැතිව. USB ගන්නෙ නැහැ නෙව මොනා කළත්.USB off කියනවා මිසක.

62 comments:

  1. සෑහෙන්න දැනුමක් ලබා ගත්තා. ස්තූතියි රෙහානි.
    අපේ මිනිස්සුන්ට අපේ දේවල් අගයක් නෑ. අනික සමහර පුවත් වැරදියට සමාජගත වීම නිසාත් මේ වගේ දේවල් වෙනවා. මිනිස්සු හිතන්නෙ සල්ලි හම්බකරන විදිය ගැන විතර‍යි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරියට ම හරි...මිනිස්සු සල්ලි කිවුවොත් නොකරන බලු වැඩක් නෑනේ...

      Delete
  2. අම්බෝ. මේක දැකල අපේ අයියලත් වල්ලපට්ට ගස් හොයනවා සුවර්. තැන්කු වේව දැනුවත් කරාට.

    ReplyDelete
    Replies
    1. මුලින්ම පිස්සු දෙය්යෝ සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට

      ඒක නං ෂුව නෑ...ගන්නේ වැරදි ආදර්ශෙමනේ

      Delete
  3. මේ ශාඛය ගැන මීට කලිනුත් කෙනෙක් ලිව්වා වගේ මතකයි...ලිව්වෙ කවුද කියන එක මතක නෑ...අපේ පැති වලත් ගොඩ ඉඩම් වල මම දැකලා තියෙනවා මේ ශාකය...ඒ පැති වල කවුරුවත් මේවායෙන් ප්‍රයෝජනයක් නම් ගන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මේවායෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදිහට වගා කරන්න පුලුවන්ලු..රජය මැදිහත් වෙලා මේ වගාව නගා සිටුවන්න කටයුතු කරනවාලු ඉදිරියේදී..

      Delete
  4. මේකත් අර ඒ දවස්වල ගෙම්බ මාක් මැෂින් වී ඕ සී පිඟන් හෙව්ව වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම තමයි

      Delete
  5. අපේ පළාතෙත් මේ ගහ තියෙනව මට මතකයි,හැබැයි කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ,දැන් නං කොහොමද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඒ ගැන කියන්නවත් එපා පළාතම විනාසයි.

      Delete
    2. මේවා ගොඩක් තියෙන්නේ කැලේට වෙන්න....තවමත් ඒ ප්‍රදේශ වල ඇති.

      ඇත්තටම මේවා තියන තැන් ඔහොම වත් එළි කරන්න හොඳ නෑ තමයි

      Delete
  6. දැනට මාස 4 කට වගේ කළින් cts මල්ලි ඔය ගැන ලියලා තිබුණා ... මට මේ දවස් දෙකක් එන්න බැරි උනා බ්ලොග්..ඒ ටිකට අලුත් පෝස්ට් 40 ගාණක් රීඩර් එකට ලෝඩ් වෙලා .................. හොඳ විස්තරයක් රෙහනි .. ස්තූතියි කිව්වට .. :)

    ReplyDelete
    Replies
    1. මගේ ඇහැ ගැටුනේ නම් නෑ ඔය කියන පෝස්ටුව..

      ඕක මටත් වෙන වැඩක්...ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ලිපි වැටිලා.එක අතකට ඒක හොඳයි...බ්ලොග් අවකාශේ නැගී එනවනේ..

      Delete
  7. මං නම් මේ ශාකය ගැන ඇහුවමද කොහෙද.......
    මුල තීයෙන සින්දු කෑල්ල මොකක්ද කියලත් කල්පනා කරා. ආයෙත් බලද්දි මේ තුම් හි හෝ නේ.....:D

    ReplyDelete
    Replies
    1. කට්ටිය මේවා හොයන්නේ හොරෙන්නේ...ඒ හන්දා වෙන්ට ඇති..

      එකනේ...මරු සිංදුව නෙහ්?

      Delete
  8. අපේ ගංවල කැලෑවට හැදෙන ශාකයක් මේක. මේතරම් වටිනවනං හා අපේ රටේ ඉතා හොදට වැවෙනවානං හා මේ සා ඉහළ මිලක් ලැබෙනවනං ඇයි මේ ශාකය අපි ගෙවත්තේ වගාවක් ලෙද යොදාගන්නේ. අර ඉහළ කියලා තියන ගෙම්බා මාක් කතාව තමයි මටත් සිහිවෙන්නේ
    ලිපිය අගෙයි රෙහානි

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ඔය කියන තරං යකා කලු නැතිව ඇති කියලා...නමුත් අර මැලියම් වල යම් වටිනාකමක් ඇති නේද? මොකද මේවා කපලා අතඩංගුවට අරගෙන තියනවා සෑහෙන දෙනෙක්.

      Delete
  9. මම මේ වල්පට්ටා ගැන ඇහැව්වමයි.මොනා උනත් දන්නේ නැති දෙයක් දැන ගත්තනේ ස්තූති රෙහානියෝ

    ReplyDelete
  10. ලොකු දැණුමක් ලබා ගත්තා. ඔබට ස්තූතියි බෙදා හදා ගත්තට. ඔය ශාකයේ නමට කොල්ලෝ වල් කථා හැදුවේ නැත්නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්..................වල් කතා නං හදලත් ඇති

      Delete
  11. මේ කියනකන් මම නම් දැනන් හිටියෙම නෑ.. දැන් එතකොට මේ රෙහානියත් මේවුවා රට පටවන වැඩේ පටන් ගත්තද?

    ReplyDelete
    Replies
    1. දිනේශ් අයියලාගේ කනට මේවා යන්න වෙලාවක් නැතුව ඇතිනේ ඉතිං..අනික රටිනුත් පිට ඉන්න නිසා

      මහා පරිමාණෙන් පටං ගන්ට කියලා ඉන්නේ කාටවත් කියන්ට එපා හොඳේ (හොරෙන්) :D

      Delete
  12. කිලෝ එකක් ලක්ෂ 20යි? අර මාමට ඕනෙ නම් අපේ ගෙවල් පැත්තේ එන්න කියන්න... මගේ ලඟ ග්‍රෑම් 100 වගේ තියනවා... ලක්ෂ දෙකකට දෙනවා :)

    කලින් දැනගෙන හිටියෙ නෑනේ මේක...

    ReplyDelete
    Replies
    1. එයා කීවේ පොතු කියලනේ...ඒ උනාට ඕකේ තියන අර මැලියම් තමයි ගන්නේ..අනික ඔච්චර ගණන් නැතුව ඇති කියලා මට නං හිතෙන්නේ..මිනිස්සු නිකං නොදැනුවත්කමට අපරාදේ ගස් කපලා දානවා..

      Delete
  13. මෙවැනි විස්තර ලිපි ලියන එක හරි ප්‍රයෝජනවත් රෙහානි.
    ඔමායත් ඊයේ හරිම වැදගත් ලිපියක් ලියල තිබ්බ.
    දිගටම ඉඩ ලැබෙන පරිදි මෙවැනි ලිපිත් පුළුවන් තරම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. මට කියන්න බැරි වුනා ඔයාල ඉඩමක් බැලුව ලැබුනද..?
      එහෙම ඉඩමක් අරන් වල්ලා පට්ටා වවන්නකෝ...

      Delete
    2. ස්තුතියි අගය කිරීමට..

      හෙක් හෙක්....දැන් වවන්න වෙන්නේ එව්වා තමයි..මම දැක්කා ඔන්ලයින් ජංජාලේම පැල විකුණන්න තියනවා...පැලයක් 9000ක් ද කොහෙද.. :D

      Delete
  14. පහුගිය දවස්වල ලොකුවට කතා වුණා නේද මේ ගැන? හොයන මිනිස්සු හොයපු දෙන්න කියලා රෙහානි අක්කා පැත්තකට වෙලා ඉන්න. නැත්තං ඔයා ව පොලිසි අරගෙන යයි :) ආර්ථික වශයෙන් බැලුවොත් මේක වගා කරලා අපනයනය කරනවා නං හොඳයි. ඒත් ඉතින් අපි ඉන්නේ ලංකාවේ නොවැ.

    ReplyDelete
    Replies
    1. අනේ මම තාත්තට කිවුවෙත් ඒකයි....ඕවා තියන දිහාවල් කියන්න යන්න ඕන නෑ කියලා. :)

      තාම මේ ශාකය හිතුමතේ වගා කරන්න අවසර නෑ ධාරෝ....එහෙම ක්‍රමවේදයක් හැදුවොත් වගා කිරීම හොඳ විනිමයක් ලබා ගත හැකි මාර්ගයක් වෙයි..

      Delete
  15. නමුත් වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මේ ශාකය කැපීම, විනාස කිරීම වගේම අවසර නැතිව වගා කිරීමත් තහනම්.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා නෙව පොලිස් මාමලා මේවා ගෝනි ගණන් එක්ක කුදලන් යන්නේ

      Delete
  16. සුදු හඳුන් වලටත් වෙලා තියෙන්නෙ ඔය කේස් එක තමයි. කිලෝව 1000 විතර ගන්නව. ලඟදි වෙච්ච සිද්ධියක් කියන්නං,
    මගේ නෝනගෙ තාත්තගෙ මහගෙදර දැන් බදුදීල තියෙන්නෙ. අරගෙන තියෙන්නෙ ව්‍යාපාරිකයෙක්. එයා මුරකාරයෙකුත් දාල ඉන්නව. දවසක් උදේ තාත්ත යද්දි ටිකක් විතර පැරණි සුදුහඳුන් ගහ කපල. මුරකාරය කිව්ව විදියට නං හොරු ගහ කපල මුරකාරය එනකොට පැනල ගිහිල්ල. ඒක විකුණන්න තරම් මෝරල තියන ගහක් නෙවේ. මට නං හොඳටම ෂුවර් මේක මුරකාරයගෙම වැඩක් කියල. අපරාදෙ ගහ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාජ්..අපරාදේ තමයි..

      මිනිස්සු සල්ලි හන්දා ගස් කොලං වලට කරන අපරාදයක්..!

      Delete
  17. වල් පට්ටත් ලන්කවෙන් තුරන් වෙයිද දන් නැ. වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. මංදා මල්ලෝ....විනාශ නොකර හරි ක්‍රමයක් පාවිච්චි කරනවනම් හොඳයි

      Delete
  18. වටින තොරතුරු ටිකක් රෙහානි. එහෙම නම් ඉතින් මේ ගැන අවධානය යොමු වෙන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දිලිනි

      Delete
  19. මේ ගැන ලිපියක් කලිනුත් දැක්කා.අපරාධේනේ හස්බන්ඩා කොරියා යැව්වේ.වල්ලපට්ට ගහක් වවන් වුන්නනම් අහවරයිනේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතිලා තිබ්බේ...බලන්ට ඕනේ ට්‍රයි එකක් දීලා :D

      Delete
  20. හූඟක් වටින පෝස්ට් එකක්.. අපේ ගමේදි මාත් මේ ශාකය දැකලා තියෙනවා ඒත් විස්තර දැනගත්තේ අද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි...දැන් විස්තරේ දන්නවනේ :P

      Delete
  21. වටිනා ලිපියක් රෙහානි ,, ආදරය ගැන අත්දැකීම් ගැන වගේම මෙවැනි ලිපිත් ඉදහිට හැමෝම ලියනවනම් කොච්චර හොදද

    ReplyDelete
    Replies
    1. අගය කිරිමට ස්තුතියි ඔමා

      Delete
  22. මට මේ පැළයක් ඕනෙ කොහොමද හොයා ගන්නෙ .....

    ReplyDelete
    Replies
    1. ඉක්මන් ඩොට් එල් කේ වෙත යන්න :D

      Delete
  23. මේ කුප්ප මේනියා පස්සේ ගිහින් පරිසරය විනාශ කරන එවුන් අල්ලලා ඇඳුම් ගලවලා වල්ල පට්ට ගහන්න ඕන. අනුරට පරිස්සමින් ඉන්න කියන්න.

    ReplyDelete
  24. අපේ පැත්තෙත් තිබුනා ඔය වල්ලාපට්ටා කසුකුසුව. අපේ සමහර එවුන් නම් සුද්දන්ට ඇඳන් ඉන්න එකත් විකුණයි සල්ලි පෙන්නුවොත්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බස්සි

      Delete
  25. මාත් මේ බලා බලා හිටියේ මොකක්ද මේ වල්පට්ටා කසුකුසුව කියලා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...............දැනුවත් වෙන්ට දැනුවත් වෙන්ට :D

      Delete
  26. වල්ලපට්ට කිලෝ 2ක් හොයාගත්තනම් හොද කාර් එකක් ගන්න තිබ්බ :D

    ReplyDelete
  27. නිදන් ගන්න බුදු පිළිමවල සිරස බිඳින මිනිස්සු ඉන්න රටක ගහක් කොහොම බේරෙන්නද ?

    ReplyDelete
  28. රතනපුර පැත්තෙ වැඩෙ නැගල යනව කියල තමයි ආරන්චිය.මෙවට ඇත්තටම රජයෙන් මැදිහත්වෙලා හොද ආදයම් උපයන්න පුලුවන් වැඩ.

    ReplyDelete
    Replies
    1. ඇයිද මංදා එහෙම නොකරන්නේ...මම හිතන්නේ දැන් දුර්ලභ නිසා මේ ලැබෙන ලොකු මුදල එහෙම මහා පරිමාණයෙන් වගා කලොත් වටිනාකම අඩුවෙලා යනවනේ ඒ නිසා වෙන්න ඇති පමා.ගරාගන්න පුලුවන් තරම් ගරාගත්තට පස්සේ වගාව අරඹයි.. :D

      Delete
  29. ඉතා ටොප් අධ්‍යනයක් ..........

    ReplyDelete
  30. අපේ ගෙදරත්.......නෑ එක්කෝ ඕන නෑ

    ReplyDelete
  31. වල්පට්ටා ශාඛ ගැන නම් වැඩි දැනුමක් නෑ සමහර විට එක එක පලාත්වල ඒවාට වෙන වෙන නම් කියල හඳුන්වනවාත් ඇති.ඒවාට කියන තව නම් ජාති තියෙනවාද? මට නම් බැලූ බැල්මට පේන්නේ පාවට්ටා ශාඛ වගේ

    ReplyDelete
  32. හොද ලිපියක්... දැන් යන්න ඕනා වල්ලපට්ටා හොයන්න :D
    දැන් යන්න ඕනා පරිගණකයට USB එලවුම් සහායකය ඇතුලත් කරන්න
    (Drivers )

    ReplyDelete