ලා දම් අහසට පායන උදවිය ..

Sunday, December 2, 2012

මෝහිණී දකින්න ආ............... සයි !

ඔයාල දන්නවද මෝහිණී ?[රෝහිණිගේ නංගි නෙවෙයි අර රෑට හොල්මන්   කරනවා කියන්නේ අන්න එයා හොඳේ :)]අනේ මම නං දැකල නැහැ ඕන් ..දැකල නැත්තන් බලාගන්න කියලා අද රෑට එයිද දන්නේ නෑ ;) හැබැයි මම නම් කරුවලට බය නෑලු :) හොල්මන් කතාවක් කියෝලා හරි බලලා හරි ගියොත්නම් බයලු . හරි ,දැන් කියන්න ආවේ වෙන කතාවක් .අපේ ගමේ ඉන්නවා කොලු ඩබලක් .එක්කෙනෙක් ධනුක ,අනිත් කෙනා කුමාර ! හරියට රයිගමයයි ගම්පොලයයි වගේ :)මේ දෙන්න  ළඟ ඒ දවස්වල(මේ කතාව  උන  දවස්වල)   තිබුනේ අමුතු වැඩ .. අලුත ඉලන්දාරි උනහම ටිකක්  රැඩිකල් ගති පෙන්නන්න ගන්නවනේ .. මේකත් හරියට අමුතු කතාවක් ! දැන්නම් ධනුක පව්ල් පන්සලුත් වෙලා ;)                                                                                
                                                                                                              ඔන්න එක දවසක් ධනුක කුමාරත් එක්ක කතාවක් දාගෙන ඉද්දි ධනුක කියලා ධනුක බට නලා පිඹින්න ඉගෙන ගන්න ආසයි කියලා ,එතකොට කුමාර කියලා එයාටත් ආසයි කියලා බට නලා පිඹින්න ඉගෙනගන්න.මේ දෙන්න හැම දේකදිම වගේ තකට තක !ඉතින් දැන් ධනුක අඳුනන ටවුන් එකේ සංගීත භාණ්ඩ කඩේකට ගොඩ වැදිලා දෙන්න බට නලා 2 කුත්  අරන්  ගෙදර ඇවිත් ;)මේ  වෙද්දී  දෙන්නගෙන්  එක්කෙනෙක්වත්  රැකියා  කරන්නෙත් නෑ .ඉතින් දෙන්න කොහොම හරි මේක පිම්බින්නත්   ඉගෙන ගනිමින් තමයි හිටියේ , එක දවසක් රෑ 7.00 විතර වෙද්දී ධනුක  ගෙදර බට නලාව පිඹින්න අරන් . එතකොට ධනුකගේ අම්මා කියලා "මෝහිණී ගෙට වද්දගන්නද හදන්නේ , මහා රෑ නලා පිඹලා "කියලා ..  ඔන්න  ඔතන  තමයි  කතාවේ ආරම්භය :)                  
                                                                                                              ධනුක මේ කතාව කඩේ ළඟ සංගමේදී (ලිඳ ළඟ සංගමේ අනික ) :D විසංවාදයට  ලක් කරලා .දැන් කොල්ලෝ මේක ගැන එක එක විදිහේ කතා කියනවලු .මෝහිණී පෙන්නේ පිරිමින්ට  විතරලු ,ලස්සනම ලස්සනයිලු , දිග කොණ්ඩයක් තියනවලු ,ඇඳගෙන ඉන්නේ සුදු ඇඳුමක්ලු ,  ඉස්සරහින් ලස්සනට පෙනුනට පිටිපස්සෙන් පෙන්නේ කුණු වෙච්ච ඇඟක් ලු ,ඉස්සෙල්ලාම ළමය අතේ නැහැලු ,ටික වෙලාවකින් ළමය අතේ ඉන්නවා පේනවලු .,විශේෂයෙන් සංගීතයට ආසයිලු ,නලා හඬට එහෙම ඇදිලා එනවලු ,හප්පේ....... කතා කෝටියයි :) ඒ මේ අස්සේ තව කොල්ලෙක් කියපි "අඩේ මම නං දැකලත් තියේ බන් ..ලස්සනේ බෑ "කියලා.  ඉතින් දැන් දැකල තියනවා කියපු කොල්ලගෙන් කට්ටිය වට කරගෙන ප්‍රශ්න අහනවලු.අහ්  කියන්න අමතක උනානේ ,මේ කඩේ ළග සංගමේ අපේ සඳුන් අය්යත් ඉඳලා, සඳුන්  අය්යව  දන්නේ  නැති  අය    methanin  බලලා එන්ටකෝ. සඳුන් අය්යටත් මුකුත් නොකියා  කට  කහනවා  වගේලු . ඉතිං  සඳුන්  අය්ය කියලා "බං ඕකිව මට හීනෙනුත් පේනවා "කියලා . :Dඇයි වදේ ..ඊට පස්සේ සඳුන් අය්යත් අමාරුවෙන් පල් බොරු ටිකක් කියල එතනින් මාරු උනාලු.එතන හිටපු ඔක්කොම බැලින්නම් කියල තියෙන්නේ බොරු ;)                                                                                                                       දැන් ඉතින් මේ සේරම කතා අහගෙන ඉඳල ධනුකයි කුමාරයි කතා වෙනවලු එක එක දේවල් ."ඒ ඇත්තටම රෑට බටනලා පිම්බොත් මෝහිණී එයිද බන් ?"කුමාර ධනුකගෙන් අහනකොට "එනව ඇති බන් නැත්තං කියයියෑ "කුමාර උත්තර දෙනවා ."මට ආසයි මොහිණිව බලන්ඩ !ඇත්තටම එනවද නැද්ද බලන්න අපි රෑ වෙලා බටනලාව පිබිමුද රබර් වත්තේ ගලක් උඩට ගිහින්?(කුමාරලගේ ගේ පල්ලෙහා තමයි ඒ රබර් වත්ත තියෙන්නේ )ධනුක කුමාරට යෝජනා කළා ."ඉතින් බන් රෑ 9 න්  පස්සෙලුනේ එන්නේ "කුමාර ටිකක් අදිමදි කරලා කිවුව .කුමාරගේ හිත යට බය තිබුනට කුමාර ඒක පෙන්නුවේ නැහැ !"කමන්නෑ බන් අපි 9 න් පස්සේ යමු !"ධනුකට මෝහිණී දකින්න පුදුම ආසාවක්ලු තිබුනේ ඇ !:)"හරි හරි ඒනම් යංකෝ" බැරිම  තැන  ඔන්න  කුමාරත්  කැමති  උනාලු  වැඩේට :D                                                                             
                                                                                                               මේ දෙන්නගේ මේ මෝහිණී බලන්න යන වැඩේ ගැන සඳුන් අය්යටත් ආරංචි වෙලාලු දැන් ."මොන මෝහිණී ද බන් මෙන්න මේ ගෙදරට වෙලා නිදාගන්නැතුව" කියලා සඳුන් අය්ය වැඩේ බ්රේක් කරන්න ගියා . ම්හු ...වැඩක් උන්නෑ.(සඳුන් අය්යා  ඉන්නේ  කුමාරලගේ  අල්ලපු  ගෙදර   ඈ !)                                                                                         
                                                                                                             දෙන්න රෑට කාල එහෙම ඔන්න වැඩේට යන්න පිටත් උනා ,ටික වෙලාවකින්  සඳුන් අය්යලගේ ගෙදරට ඇහෙනවලු බට නලා පිඹින සද්දේ :) දැන් අපේ ගේත් ඔය ලඟම තමයි .මටත් දැන් සද්දේ ඇහෙනවා ඈ !ඇහෙනවා මිසක් දෙන්නව පේන්නේ නැතිලු.මොකද පරණ රබර් වත්තක් නිසා කැලේ මනුස්සයෙකුට වඩා උසට වැවිලා .දෙන්නා ගිහින් තියෙන්නේ 9.00ට ,දැන් 10.00 උනා , තවත්  නලා  පිඹිනවා  ඇහෙනවා !  "ඒ  කීන්නේ  තාමත් මෝහිණී  ඇවිල්ල නෑ "දැන්  රෙහානිත් ඇඳේ ගුලිවෙලා  ඉන්න ගමන්  නිගමන  වලට   එළඹුණා :D 11.00 වුණා ,ම්හු ...ඒත් පිඹිනවා !12.00 වුණා ...ම්ම් .... ටික වෙලාවක් නලා පිඹිනවා ඇහිලා එක පාරටම නලා හඬ නතර උණා !                       
                                                                                                              "බුදු අම්මෝ ............................"                                                                                                                                                                                              
                                                                                                              "හෑ ......මෝහිණී  ආවද ?"රෙහානිට නිකන්ම නැගිට්ටුනා:)  හොඳට වකුටු  වෙලා නිදන් උන්න රෙහානි මෙන්න ඇඳ උඩ ඉඳගෙන !:D රෙහානි තාත්තවත් ඇහැරවල  ඇහුන සද්දේ ගැන කියල මිදුලට ආව ,  (මිදුලට රබර් වත්ත පේනවා ඒ උනාට අරගොල්ලෝ හිටපු ගල පෙන්නේ නෑ )මෙන්න  රෙහානිලගේ  මිදුලේ සඳුන් අයියෑ අක්කයි බබාලා දෙන්නයි තාත්තයි මේ මහා රෑ :D! "මොකද්ද දන්නෑ උනේ අරගොල්ලෝ  කෑගහනවා   ඇහුණා නේද?" රෙහානි සඳුන්ගේ  අක්කාගෙන්  ඇහුවා .  මේං  බොලේ අක්ක හිනාවෙනවා හෝ ගාල .                                                  
                                                                                                              බලන්ඩකෝ නංගි මේ සඳුන්ගේ වැඩ !,මගේ කළු අන්ඩර් -ස්කර්ට් එකක් ඔලුවට දාගෙන අම්මගේ සුදු සාරියකුත් ඇඳගෙන "මෝහිණී එන පාටක් නෑ ඉඳහන් කෝ මන් මෝහිණී පෙන්නන්ඩ උඹලට , නිදාගන්නත් නෑ අපිට "කියලා ඔන්න රබර් වත්තට ගියා" කියලා  සඳුන්  අය්යාගේ  අක්ක  මාත් එක්ක කියපි :D "අනේ පව් ඒක තමයි කෑ ගහන්න ඇත්තේ !  "  රෙහානි ශෝක ප්‍රකාශ කරහම අර අක්කා ආයේ කියපි ., ඉතින් මෝහිණී  එන්නේ නැත්තං හෙටත් අපිට නිදාගන්න නැහැ නේ ! දැන් අමාරුව එකෙන්ම සනීප නැතැයි ,මෝහිණී ව ළඟටම දකින්න ඇති මයේ හිතේ ටෝච් එකක් එළියත් එක්ක උඩින් යනවා දැක්ක " කියලා :D
                                                                                                              ධනුකගේ පසු වදන =අපි අත ඇරියේ නැහැ රෙහානි අක්කේ වැඩේ !කොහොමහරි මෝහිණී බලන්න ඕනි කියල තමයි වැඩේට බැස්සේ ,මේ සඳුනා අපිව බය කරානේ නිකං .එදා අපි නලාව පිඹ පිඹ ඉන්නකොට අඩි සද්ද ඇහෙන්න ගත්තා ඉස්සෙල්ලම .පස්සේ මන් කුමාට කිවුවා ඕන එකක් කියලා අපි නවත්තන්නේ නැතුව පිඹිමු කියලා !ඔහොම පිඹගෙන යනකොට කුමා රහසින් මට කිවුවා කවුරු හරි මේ පැත්තට එනවා බන් කියලා .මන් කිවුව ඉතින් ඒ මෝහිණී නම් නලා සද්දේ නැවත්තුවොත් ආපහු යාවි .ඒ නිසා දිගටම පිඹිමු කියලා .ටික වෙලාවකින් මම දැක්කා රබර් ගස් අතරින් සුදු සාරියක් ඇඳගත්තු ගැහැණියෙක් එනවා !ඒ ගෑණි කොන්ඩේ  කඩන් හිටියේ ,කොන්ඩෙන් මුණත් වහගෙන !අපි නලා පිම්බේ මාරුවෙන් මාරුවට ,ඒ වෙලාවේ නලාව පිම්බේ කුමා .මං හොඳටම බය වුණා .ඒ ආවේ මෝහිණී කියලයි මට හිතුනේ .මාව ඒ ගල උඩ  ඇදගෙන වැටුණා.මගේ අතේ තිබුන ටෝච් එකත් අත හැරිලා තිබිලා කුමා ඇහිඳගෙන .කුමාත් බය උනාට කුමා මන් තරම් බය උන්නෑ.එතකොටම සඳුන් අය්ය ඇඳගෙන හිටපු  සාරියත්  ගලෝලා  මගේ ලඟට දුවගෙන ඇවිත් කිවුවා ."ඒ ධනුකයා මම බන් ආවේ !මම කියලා :Dඒ උනත් මට සාමාන්‍ය තත්වෙට එන්න ටිකක් වෙලා ගියා
    
                        
                                                                                 

45 comments:

  1. ඔන්න ඔහොමලු මොහිනිව බැලුවේ නේ.. හේ හේ .. අපි එක පාරක් කනත්තක ඔය වගේ වැඩක් කර මහා රා.. එකෙක් hospital අරන් ගියා හේ හේ

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හොඳ නැහැ හැබැයි ..මිනිස්සුන්ට බය උනහම බය අරවන්න අමාරුලු :)

      Delete
  2. ඇති බය වෙලා මොනවත් වුණේ නැතුව, ඔය බය කරන එකත් ඒ තරම් ම හොඳ වැඩක් නෙවෙයිනේ, එක එක්කෙනාගේ දරාගන්න මට්ටම් වෙනස් නේ!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ...අනික මිනිස් බය අරවන්න බෑ ලුනේ

      Delete
  3. මදෑ ඔයින් ගියා...

    මෝහිණී මොනා උනත් හිත හොඳ ගෑණි... :)

    ReplyDelete
    Replies
    1. ආහ් ....සාතන් මෝහිණී හොඳට දන්නවා වගේ නෙහ්
      :D

      Delete
  4. අඩේ බලපන්කො හොර මෝහිනී කෙනෙක් නේ ඇවිත් තියෙන්නේ!!

    ReplyDelete
    Replies
    1. හික් හික් ....පිරිමි මෝහිනියෙක්
      :D

      Delete
  5. අනේ මටත් බලන්න ඕනි...!

    ReplyDelete
    Replies
    1. බට නලාවක් පිම්බා නම් හරි
      :D

      Delete
  6. හික්ස්.... මරු වැඩේ තමා ඒ දෙන්නට වුනේ....

    ගෑනු අයට මෝහිනී පේන්නැති එක හොදට ගියා....නැත්තන් මේවා කියවල රෑට මොහිනී අවොත් එහෙම...හික්...හික්....

    ReplyDelete
    Replies
    1. ගෑනු අයට පේන්නේ කළු කුමාර දිෂ්ටිය ඔඳේ ....
      :D

      Delete

  7. හෙට උදේ කියවන්න ඕන...
    දැන් නිදි මතයි බයකට එහෙම නෙවේ ඈ :D

    ReplyDelete
  8. හොඳ වැඩේ දෙන්නටම වෙලා තියෙන්නෙ..හි හි හී

    මාත් ඔය මෝහිණීව තාව දැකලා නෑනේ... :P

    ReplyDelete
    Replies
    1. හි හි එයාව අපිට පෙන්නේ නැල්ලු .........
      :D

      Delete
  9. ඔහොම බය කරලා ...මොනවා හරි වුනා නම් තමයි වැඩේ....

    ReplyDelete
    Replies
    1. උනානම් ඔප්පිටල් තමයි
      :D

      Delete
  10. මදැයි නලා පිම්බා. කියවගෙන මං හිතුවේ එද්දී සඳුන් අයියට අරුන් දෙන්න ගහල වත් ද කියල. මාත් ලියාපු මෝහිනී පෝස්ටුවක් තියනවා. අමාවක පෝයක් අල්ලලා එලියට දාන්න ඕනි. :):)

    ReplyDelete
    Replies
    1. අමාවක පෝයක් අල්ලලා ?අපිව ඔඳට බය කලන්න ඉතේ නෙහ් !අපි බයවෙයි
      :D

      Delete
  11. මමනම් කවදාවත් ඕවාට යන්නේ නැහැ.බයකට නෙවෙයි මට හරි කම්මැලියි..

    ReplyDelete
    Replies
    1. බට නලා බිම්බිනවා කියල කුනුහරුපයයකුත් තියෙනවා නේ..

      Delete
    2. අනේ බය නැතෙයි ?හා රෑ 12ට කනත්තක් උඩින් යන්න පුලුවන්ද ?:D
      :Dකුනුහපලයක් !ඒක නම් දන්නෙ නෑ

      Delete
  12. කොල්ලො 2ක්ම ඉඳපු නිසා මෝහිනී බය වෙන්න ඇති... හික්ස්...
    ඉස්සර පොඩි කාලෙ මෝහිනී බලන්න ක්‍රමයක් හොයාගෙන තිබුනා. හැබැයි කවුරුවත් අත්හදා බලල තිබුනෙ නෑ..
    හොඳ කෙම්මුර දවසක ගෙදර කවුරුත් නැති දවසක, මිදුලෙ වතුර පුරවපු බේසමක් තියල ඒ බේසම පතුලෙ මූණ බලන කණ්නාඩියක් තියන්න ඕන. ඊට පස්සෙ රෝසමලක් අරන් කලුවරේම ගේ වටේ 7 පාරක් යන්න ඕන. ඊට පස්සෙ අර රෝස මල වතුර බේසම උඩින් තියල ඇස් පියා ගෙන මෝහිනීට කතා කරන්න. ඇස් ඇරල වතුර බේසම දිහා බැලුවම ඒකෙ පතුලෙ තියෙන කණ්නාඩියෙන් මෝහිනී පේනවලු..
    චුට්ටං කාලෙ ඕක ගොඩක් ජනප්‍රිය උනා. කවුරු හරි කරල බලල කියන්නකෝ..

    Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ........මටනම් එපා මෝහිණී බලන්න

      Delete
  13. අනේ මන්දා.. අපේ මහත්තයා නම් මෝහිණි බලන්න ඕනේ කියල කිව්වේ නෑ තාම.. අඩුපාඩුවක් නැතුව මං ඉන්නවනේ... හි හි...

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කත් මෝහිණී වගේ පේන වෙලාවල් ඇති අය්යට ,හික් ....
      :)

      Delete
  14. මෝහිනී දැකපු අයත් ඉන්නවලු නේද... එත් මගේ ඉස්සරහට ඔය හොල්මන් අවතාර එන්නේ නැති සීන් එකක් තියෙනවා .උන් මට බයයිලුනේ ..හික්

    ReplyDelete
  15. මෝහිනි බලන්න ගිහින් තියෙන්නේ අපූරු වීරයෝ ටිකක්. ඇති තොවිලයක් කරන්න වුනේ නැතිවුණ එක.

    ReplyDelete
  16. මොහිණි බලන්න ගියා මැදැයි... හික් හික්.

    ReplyDelete
  17. :D අපරාදෙ සඳුන් වෙනුවට රෙහානිට යන්න තිබ්බෙ කොණ්ඩෙත් කඩාගෙන. එහෙනම් ඇත්තටම මෝහිණී දැක්ක කියල හිතයි :P

    ReplyDelete
    Replies
    1. ඒනම් මට මගදී කලුකුමාරයා මීට් වෙලා හරි ජරමරයක් තමයි වෙන්නේ
      :p

      Delete
  18. මදැයි මෝහිණී බැලුවා.... :)))

    ReplyDelete
  19. මම කැමති ජාතියේ පෝස්ට් එකක්. එයා පිරිමි මෝහිණී කෙනෙක්නේ:P

    ReplyDelete
    Replies
    1. හ්ම් ...ඒකනේ !යාමයේ නම් ඉතිං හොල්මන් ගොඩයිනෙ
      :)

      Delete
  20. අර කළු අන්ඩර් ස්කර්ට් එක ඔළුවෙ දාගෙන හිටියට සදුන් අයියට තෑග්ගක් දෙන්න වටිනවා කියලා හිතෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ගානක් නෑ ...තමන්ගේම අක්කගේ වෙච්චි කොට !
      :D

      Delete
  21. කළු අන්ඩර් ස්කර්ට් එක එම අවස්ථාවේ හෝදා වේලා තියෙන්න ඇතැයි මම උපකල්පනා කරමි....

    ඔච්චර භය වෙන්න දෙයක් නෑ... මෝහිණී ආපුවාම ළමයා වඩාගන්නෙ නැතුව මම රෙද්ද අන්දන්න්ම කිව්වම වැඩේ ඉවරයි....ඊට පස්සෙ මෝහිණී රෙදි නැතුව දුවනවා ෂුවර්...

    ReplyDelete
    Replies
    1. හෝදා වේලා තියෙන්ට ඇති ..හික්ස්
      රෙද්ද අන්දන්න ගියෝත්නම් දුවයි තමයි හි හි ..

      Delete
  22. හත් ඉලව්වේ අරූට බොක්ක රත්වෙන්න ඇති. ඔව්ව බයිලා කතා අනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය හොල්මන් විස්වාස කරන්නෑ ..ඒ වුනාට ඉතින් ටිකක් බයයි හික්
      :D

      Delete