ලා දම් අහසට පායන උදවිය ..

Tuesday, November 27, 2012

"කොක්කු ජෝඩුවයි ඉබ්බයි "නෑ ...ඒක නෙවෙයි හලෝ

එකමත් එක   රටක හිටියලු ඉබ්බෙකුයි කොක්කු ජෝඩුවකුයි ! :) දවසක් මේ කොක්කු ජෝඩුව පියාසර කරගෙන කරගෙන යනකොට දැක්කලු වතුර හිඳිලා ගියපු වලක යන්තම් මඩ ගොහොරකට වෙලා පණ ගැටගහන්  ඉන්න ඉබ්බෙක්ව .අනේ ඉතින් මේත් ජීවිතයක්නේ කියල හිතපු කොක්කු ජෝඩුවට අනුකම්පා හිතිලා ඉබ්බා ලඟට ගියා.(හෑ ...මේ මොකැයි මොන්ටිසෝලි ස්ටෝරියක් ඇදබාන්නේ :D හා හා කියවන් යමුකෝ)                                                                             
                                                                                                              "මචන් ,මචන් (යාලුවේ, යාලුවේ වෙනුවට වර්තමානයේදී )උඹට ආතල් එකේ ඉන්න පුළුවන් වතුර පුරෝලා තියන පට්ට වලක් තියනවා අපි දන්නා.උඹට ඕනිනම් අපි ලිෆ්ට් එක දෙනවා එකෙන්ම !මොකෝ කියන්නේ " කොක්කු දෙන්නා ඇහුවා .                                                
                                                                                                            අනේ මටත් එපාවෙලා හිටියේ ...උඹල දෙන්නට කරන්න පුලුවන්නම් ලොකු පිනක්....!ඉබ්බා කිවුවා                                                              
                                                                                                             අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා  කරා වගේ  උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා.                                    
                                                                                                             හරි හරි ..මන් පොරොන්දු වෙනවා මන් එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා "ඉබ්බා කිවුව..                                                                  
                                                                                                             ඔන්න දැන් සියල්ල පොරොන්දු පිට කොක්කු දෙන්නා ඉබ්බව උඩින් අරන් ගියා.ඔන්න ටිකක් දුර යද්දී ඉබි සීයට උනා වගේම ඉස්කෝලයක් ලඟදි ළමයි හිනාවෙන්න ගත්තා ,"අන්න ඉබ්බෙක් අහසින් යනෝ" කියලා !උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ ඇරෙන්නේ නැහැ වගේ මේ ඉබ්බත් ඉබි පරපුරේ ගති පෙන්වමින් ළමයින්ට පෙරලා බනින්න කට ඇරියා. ඔන්න එතකොට මේ කොක්කු දෙන්නට නුවණ  පහල  වෙලා   ඉක්මනින් පහලට පියාඹල ඇවිත් ආපහු ඉබ්බව අල්ල ගත්තා                  
                                                                                                              ඉතින් ඊට පස්සේ ...........................ඉබ්බා කිවුවා   "තෑන්ක් යු මචන්ස් "කියලා:D           :D               :D 
                                       
                                          

38 comments:

  1. එතකොට ආයේ අර කොක්කු දෙන්න පහලට ඇවිත් ඉබ්බව අල්ලගත්තේ නැද්ද

    ReplyDelete
    Replies
    1. නැතුව ඇති මයෙ හිතේ... උංටත් ඉවසන සීමාවක් තියෙනවනේ.. නැද්ද මං අහන්නෙ?

      Delete
    2. හි හි ...නෑ නෑ ..ඊට ටික වෙලාවකට පස්සේ චපස් ගාල සද්දයක් ආවලු !

      Delete
    3. කොක්කු දෙන්නා පහළට ඇවිත් හෙණ ගේමක් දීලා ඉබ්බව අල්ල ගත්තලු. ඊට පස්සේ අහසේ ටික දුරක් යද්දී එක කොකෙක් නිකමට වගේ කිව්වලු වෙච්ච මහන්සියක් කියලා :P

      Delete
    4. හි හි ඒකත් මරු හලෝ...
      :D :D

      Delete
  2. ඉබි සීන් කෝන් එකක්. :D ඉබි කොක් සන්ධාන හැමදාම අසාර්ථකයි. විචාරක තුමාගේ බ්ලොග් එකේ තියනව මේකෙම දිග කතාවක්. මං තුමාගේ බ්ලොග් එකෙත් තියනවා පුංචි ඉබි කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඉබි කතා ගොඩයිද චන්දන !
      :D

      Delete
    2. ඉබ්බයි කැස්බයි ළඟ ඥාති - දෙන්නම හොද්දේ හැඳි ගාතී.. :)

      Delete
  3. එක්කො ආයිත් කොක්කුත් එක්ක නොයන්ට ඉබ්බ හැදෙන්ට ඕන.. නැත්තං ඉබ්බ අරං නොයන්ට කොක්කු හැදෙන්ට ඕන.. මුං ඔක්කොම එකයිනේ..

    ReplyDelete
  4. හි හි හී... කට වහගෙන වැඩේ කරගත්තනම් මොකද නේද රෙහානි...

    ReplyDelete
  5. කට නිසා ඉබ්බා නහී... හික්...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ..හික්
      :D

      Delete
  6. හි..හි..!
    අනේ තව කතාවක් කියන්නකො ආච්චියේ..!:))

    ReplyDelete
    Replies
    1. ආච්චි කියයිද දන්නේ නැහැ ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතු වෙලා හොරු ටික ඇල්ලුවා කියලා :D

      Delete
    2. හි හි...එක කියන්න හැදුව විතරයි මේ හසිත !
      :D

      Delete
  7. :D මේක ලංකාවෙ වෙච්ච සිද්දියක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න ඇති මයේ හිතේ ..සත්තු සිංහලෙන්නේ කතාකරේ
      :D

      Delete
  8. ඉබි ගෑනු සත්තු නේ?

    ReplyDelete
    Replies
    1. හෙහ්...මෙහෙම දෙයක් උනොත් ගෑණු ..!නැත්තන් පිරිමි...හලේ ඉතින් සෑමෝ !
      :/

      Delete
  9. මාළුව නහින්නෙත් කට හින්දයි කියන එක වෙනස් කරන්න වෙනව... සියළු සත්වයෝ නහින්නෙ කට හින්දයි කියල :)

    ReplyDelete
  10. කාලෙකින් සුරන්ගනා කතාවක් කියෙව්වෙ .. අපුරුයි :D

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතාවක් .!හික් හික්
      :D

      Delete
  11. ඉබ්බා අතුරැ ආන්තරාවක් නැතිව ගමන ගියා නේද? මට නම් හිතෙන්නේ කතාවේ තව ටිකක් තිබ්බනම් අවසානෙට ඉබ්බා බිමින් තිබ්බම කොක්කු දෙන්නට තෑන්ක්ස් කරන හැටි එහමෙ..හෙහෙ

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හෑ ...කතාව තේරිලා නෑ වගේ...කමක් නෑ :D

      Delete
  12. මේ කථාවෙ අලුත් වර්ෂන් එකේ තියෙන්නෙ...ළමයි කෑ ගහද්දි කට අරින්න එපා කියලා කොකා කියන සීන් එකක්... ඊට පස්සෙ ලීය අතඇරිලා වැටෙන්න යන කොට කොකා වැඩ දාලා ආයෙත් අල්ලගෙන අන්න ඒ වෙලාවෙ තමා ඉබ්බා තෑන්කු යූ කියලා තියෙන්නෙ.... කවුරු හරි එදා ඉබිමස් හට්ටියක් උයන්න ඇති...ආයෙමත්

    ReplyDelete
    Replies
    1. අනේ සිරා ..මන් දන්නා විදිහ තමයි මේ ..තව වර්ෂන් එකක් වෙන්න ඇති මේක ..හි හි
      :D

      Delete
  13. තව එකක් තියෙනවා.. ඔය වගේ කොල්ලෝ කෑ ගහන කොට සද්ද නැතිව ගිය ඉබ්බා එතන පහු උන ගමන්ම කියන්න ගියාලු ඔන්න මං උන්ට බැන්නේ නැතෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. අහ් .... මේ තියෙන්නේ වර්ෂන් ගොඩක් !හි හි ...ඒකත් නියමායි ....:D
      දේශකව පිලිගන්නවා ඕන් ලා දම් අහසට සාදරයෙන් !

      Delete
  14. ඔය කතාවේ වර්ෂන් ගොඩක් තියනවා. එකක් කියන්නම්. " අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා කරා වගේ උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා. " මෙතෙනට එනකම් ඔයාගේ කතාව.

    ඔන්න ඔහොම දැන් ස්කොලේ උඩින් ඊගාව පරම්පරාවේ ඉබ්බා කොක්කු දෙන්නගේ කෝට්ටේ කටින් එල්ලිලා යනවලු. එදා ස්කොලේ පැත්තෙන් හාවක් හුවක් නැතිලු. ඉබ්බාට ඉතින් හෙන අප්සැට්ලු. ඒත් කලින් පරම්පරාවේ එවුන්ට වෙච්ච සීන් එක මතක හින්දා සද්ද නොකර හිටියාලු. කොක්කු දෙන්නත් මේ සීන් එක දන්නා හින්දා කට වහන් හිටියට එක කොකෙක් ටික වෙලාවකට පස්සේ කියනවලු " මචන්ස්ලා අද නිමාඩු දවසක් වගේ නෙහ්?" කියලා... හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හි හි ....ඔන්න තවත් වර්ෂන් එකක් ඇවිත් ! මරු මරු
      :D

      Delete
  15. මේ කතාවේ අලුත් අලුත් භූමිකා හැදෙනවා.. එක එක විදියට ඒ හැම එකකින්ම ඉගන ගන්න යමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ! ස්තුතියි ඔබේ කොමෙන්ටුවට

      Delete
  16. ඉතිං ඉබ්බට ලැම්බො ගිනියක් අරං ගියා නම් ඉවරනෙ.. ආතල් එකේ හයිවේ එකෙන්ම යනවනෙ.එතකොට කාටද ආඩම්බර. අපිට ලෝකයාට බය නැතුව අපේ සංවර්ධනේ පෙන්නන්න පුළුවන්.
    ඉබ්බොන්ටත් ලැම්බොගිණි හික්ස්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා යසිත් :) ඔවු උඩින් යන්න බැරි එකේ බිමින්වත් යන්න ඒකත් නරකම නෑ
      :D

      Delete