පුළුල් උකුළු තල ගැන
මිටින් ගත හැකි ඉඟ සුඟ ගැන
රණ හංස යුවලවන් පයෝධර ගැන
අතීතයේ මදන කවියන්...
සන්තර්පයෙන් උද්දාමව..
ලියුවද බොහෝ කවි
................................
ඔවුන් ලියුවාද සිතුවාද කිසි දිනක..
...............................
පිරුණු දිය කලයට
රිදුම් දෙන උකුල් තල ගැන
දවස පුරා හිස්ව රැළි වැටුණු
බඳ වටා එතුණු.......
වැරහැලි චීත්ත පට ගැන
ලොටව වැහැරෙන තුරා
ලේ කිරි කර පෙවූ
පයෝධර ගැන ..........!
(හදිස්සියෙන් වගේ පොතක් කියවද්දී මන් මේ නිසඳස දැක්කේ..!මේකේ හැබෑ අයිතිකාරිය "දමයන්ති මුතුකුමාරගේ" කියල කෙනෙක්ලු. මන් මේ නිසදැසේ වෙනසක් දැක්ක..බලන්න එක ඔයාලටත් පේනවද කියල..! අහ් ..මා සිතට අහම්බෙන් ඉතිරි කොටස ඉක්මනින් දාන්නම් යාලුවනේ.. :) )
කවුරු ලීවත් ඇත්ත නෙව ලියල තියෙන්නේ
ReplyDeleteඒකනේ... ස්තුතියි යාලු ..!
Deleteසම්පූර්න ඇත්ත
ReplyDeleteඔව්..යාලු...ස්තුතියි අදහසට..
Deleteසුපිරියි නෙහ්? :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මටත් එහෙම හිතුණා...ස්තුතියි රජ ඔබටත්!
Deleteසහතික ඇත්ත!
ReplyDeleteඑත් අලුත් කවීන් අතින් නම් ඔය වගකීම ඉටු වෙනවා කියල හිතනවා!
සමහර කවීන් අම්මාවරු ගැන එහෙම කවි ලියල තියනවා..එත්..දුක් විඳින කාන්තාවෝ ගැන එහෙම ලියල තියනවා අඩුයි මගේ හිතේ...
Deleteස්තුතියි අදහසට...
:)
ජීවිතය !!!
ReplyDeleteවිදවීමක් නොවන්නට
සාම්ප්‍රදායික කවීන්ට....
සැලියුට් .
-_ඩී -_
බොහොම ස්තුතියි දිනේල්ක... :D
Deleteනියමයි රෙහානි..!
ReplyDeleteස්තුතියි..ඔබටත්,නිසඳැසේ අයිතිකාරිටත්..!
ඔබටත් ස්තුතියි අදහසට්...වී පොකුර!
Delete:)
මට මතක් වෙනවා අමරසිරි පීරිස් කලා කරුවා ගායනා කරන ලදුනේ ගීතයේ මෙන්න මේ පද දෙක,
ReplyDeleteලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලදුනේ............
කතාව සම්පූර්ණ ඇත්ත. අනුන්ට නොපෙනෙන මානයන් සොයාගෙන ගියාම අපුත් නිර්මාණ ඕනෑ තරම් බිහි කරන්න පුලුවන්.
නිර්මාණ ගොඩක් බිහිවෙන්නේ සුන්දර දේවල්වලට..,මන් හිතන්නේ දුක ගැන ලියනවට වඩා සුන්දර දෙයක් ගැන ලිවීමේදී ලියන කවියාගේ සිතුවිලි සතුටින් තියන නිසා තමයි වැඩිපුර සුන්දරත්වය ගැන කතාකරන්න උත්සහ කරන්නේ කවීන් උනත්..! කවීන් සුන්දරත්වයේ දෘෂ්ටි කෝණයෙන් ලියනවා වැඩිවෙන්න හේතුව ඕක වෙන්න ඇති..වෙලාවකට මේක කොයි පැත්තකටවත් සාධාරණීකරණය කරන්න බැහැ වගේ ..
Delete...........................
ස්තුතියි අමා අදහසට..
රෙහානිගේ අදසහට මාත් එකගයි..කවීන්ගේ දෘෂ්ටි කෝණය සුන්දරත්වයට බරවෙන්න හේතුව ඒක තමයි මටත් හිතෙනවා...
Deleteසැබෑ ජීවිතයේ යතාර්ථය සුන්දරව දකින්න කවීන්ට උනත් හැකියාවක් නෑ.. හරිම ලස්සන අදහසක් තියෙන නිසැදැසක්
ReplyDeleteඅනිවාර්යෙන් ලිහිණි...ස්තුතියි ඔයාටත්!
Deletegodak kaviyo oya deval vala sundarathvaya gana kivva misak samanya jeewithaye vena deval gana katha kale aduven,ithin ethkota iga suga gatha haka mitina ara kala ine thiyan yana siddi mathak venna naa :-)
ReplyDeleteඅන්න එකයි හේතුව මාත් දකින...ස්තුතියි ඔබටත්..!
Deleteඔයා මේ ගමන්ම අහන්න දරුවෝ නන්දා මාලිනී විසින් ගායනා කරන "උක්දඬු කොතරම් තිබුනත් හිගුරානේ" ගීතය.මේ වගේම වෙනසක් දැනේවි.
ReplyDeleteඅනේ ඒ ගීතය මන් අහල නැහැ..!අහන්නම ඕන..ස්තුතියි ඔබටත් මානවක!
Deleteහැංගුණු යථාර්ථය.ලස්සන නිර්මාණයක්.
ReplyDeleteඅනිවාරයෙන් ........ස්තුතියි ...Wickz
Deleteඑහෙනම්.ඇත්ත කතාවක්.වෙනසක් තියෙනවා.
ReplyDeleteඒකනේ ..මටත් එක පෙනුනා....! ස්තුතියි සඳරුවන්!
Deleteසාමාන්‍යයෙන් නොදකින පැත්තක් පාදක කර ගත්තු නිර්මාණයක්.
ReplyDeleteඔව්...එකම තමයි මේකේ තියන විශේෂත්වය මම දකින..! ස්තුතියි චන්දන!
ReplyDeleteසහතික ඇත්ත යාලු. දුක් දින්දින ගෑණියෙකුට හොඳ අර්ථකතනයක්
ReplyDeleteඒකනේ...........ස්තුතියි මධු..
Deleteකටුක වූ යථාර්ථය.... මිනිස්සු ලස්සන ගැන වර්ණනා කලාට කවදාවත් දැකලා තියෙනවද කැත නම් සංසිද්ධිය වර්ණනා මුඛයෙන් ලියලා තියෙනවා...
ReplyDeleteඒ ගැන ලියවිලා තියනවනම්..අතලොස්සයි...
Deleteස්තුතියි යාලු..
:)
ai rehani ara andare kiyanne
ReplyDelete'' rodi kella koi yanawada udasana kiyala"
he he
aththatama lassana nisadasak
හ්ම් හ්ම්........................
Deleteමුකෝ අලී උයා පේන්න නැත්තේ වැඩිය ...මේල් එකටත් නො රිප්ලයි..:/
මදැයි අපිව මතක් උනා..
:D
මේ නිසඳැසේ හිමිකාරිය දුටු දේ බොහොම හොඳට රත්න ශ්‍රී විජේසිංහයන් කලකට ඉහතදී දැකල තිබූණා. අද මට ඒ කවි පොතේ නම මතක නෑ. මගේ පුස්ථකාලයේ අනිවාර්යෙන්ම තියනවා.
ReplyDeleteමතක් උනොත් මටත් කියන්න...මන් ආසයි දැනගන්න..!
Deleteස්තුතියි ඔබට..!
:)
හ්ම්ම්..ලස්සන වෙනසක්!
ReplyDeleteඒකනේ..........ස්තුතියි හිරු.........
Deleteඇත්තටම සාම්ප්‍රදායික කවියන්ට අභියෝගයක්. වෙනසක් කියන්නෙ යථාර්තවාදී අදහසක් කියල හිතුන. ස්තූතිය නිසදැස දැක ගන්න සැලැස්සුවට.
ReplyDeleteකතාව ඇත්ත.
ReplyDeleteliuwe kauru unath arthawath wenasak rehaniye....
ReplyDeleteහැබෑට කවියෝ ඒව ගැන ලියලා නෑ නේන්නම්...
ReplyDeleteඉතාම උසස් නිර්මාණයක්..ජීවිතයේ කටුකත්වය අසුන්දර පැතිකඩ බොහෝ කවියන් නිර්මාණකරුවන් නොදකින පැත්තක්..සුන්දරත්වය ඇති තැන එතැන ඇති කටුක යථාර්තය සරල වැකි කිහිපයකින් පද බැදි මේ කිවිදිය ඇත්තටම දක්ෂයි...ඔබ ගාව තිබේනම් තවත් මෙවැනි වෙනස් කවි හැකි ටිටක පලකරන්න..
ReplyDelete