ලා දම් අහසට පායන උදවිය ..

Saturday, June 30, 2012

~ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ කොරියානු ජීවිතය ~

දකුණු කොරියාව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට රැකියා ලබා දී ඇති රටකි..දකුණු කොරියාව  යනු  ඇමෙරිකානු  තාක්ෂණය යොදා ගනීමින්   ශීඝ්‍රයෙන්  දියුණුවට  පත්  වූ  රාජ්‍යයකි.. අවුරුදු  40 ක්  තරම්  කෙටි කාල සීමාවකදී       ආර්ථික   මට්ටම   පහල     වැටී  තිබු  රජයක්  පුදුම  සහගත  අයුරින්  දියුණුවට පත් වී ඇත.. උතුරු හා දකුණු කොරියානු  යුද්ධය  නිසා    එම පහල  වැටීම  සිදු  උන  බව  කියවේ..  මේම   යුධ වතාවරණ කාලය තුල කොරියානු රාජ්‍ය තුල ජීවත් වූ සිවිල්  ජනතාව  තම  ඥාතීන්ගෙන්  සහෝදර  සහෝදරයින්ගෙන් වෙන් වී  උතුරු කොරියාවේ හා දකුණු කොරියාවේ  තවමත්   ජීවත් වනවා ඇත..  ඔවුන් අවු:40 ක්  පුරාවට  වෙන්වූ.. එම  මවු  පිය  සහෝදරයින්  දැක  නැති බව කියවේ..                                  
                                                                               මේ යුධ  වාතාවරණයෙන්  පසු ඉතා විශිෂ්ට  දියුණුවකට  පත් විය හැකි වුයේ..දකුණු කොරියාවට පමණි.උතුරු කොරියා රාජ්‍යය න්‍යෂ්ටික අවි හා අවි  යුධ  තාක්ෂණයෙන්  ඉදිරියෙන්  සිටියත්  දකුණු කොරියාව  මෙන්  ඉහල  නිෂ්පාදන  ආර්ථික  මට්ටමක්  හෝ  ඉහල  සංවර්ධන   මට්ටමකට  ළගා  වී   නැත.                                                     
                                                                                      කෙසේ  වෙතත්  ,ඉහල  නිෂ්පාදන  කර්මාන්ත ශාලා  ඇති දකුණු කොරියාව  විසින්    දැනට රටවල්  18 කින් ශ්‍රමිකයන්  ගෙන්වනු ලබති..ඒ අතර ශ්‍රී ලංකාවද වේ..ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ නිෂ්පාදන කර්මාන්ත ශාලා මෙන්ම නැව් ආශ්‍රිතව  ,ධීවර කර්මාන්තයන්හි සේවයට බඳවා ගනිති..ශ්‍රී ලාංකිකයෝ 30,000 කට අධික  පිරිසක්  දකුණු කොරෙයාවේ දැනට සේවයේ  නිරත  වේ .ශ්‍රී ලාංකික තරුණයන්ගේ ශ්‍රමික පිරිසට වැඩ තරුණියන්ගේ ශ්‍රමික පිරිස අඩුය..තම අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා වෙහෙසවන ඔවුන් විශාල විදේශ විනිමයක් රටට දායාද කර දෙන්නෝය.නමුත්...අවාසනාවන්ත ලෙස එම රට තුලදී ජීවිතයෙන් සමුගන්නට ද  සමහර විටෙක ඔවුනට සිදු  වනු ඇත..එමෙන්ම කෙමිකල් වර්ග යොදාගන්න කර්මාන්ත ශාලා , බිහිසුණු  යන්ත්‍ර   උපකරණ  සහිත  කර්මාන්ත ශාලා තුල දී ඔවුනට සිදුවන අනතුරු වේදනාකාරී ය.ඇස් අන්ධ   වූ ,අතැගිලි අත් පා අහිමි වූ සහ විවිධ    අනතුරුවලට ලක් වූ පිරිස ද ඒ අතර  වෙති.. කොරියා  රාජ්‍යයේ  සේවය   කරන  ශ්‍රී ලාංකිකයින් අතරින් පමණක්  අවුරුද්දක්  තුල 7 දෙනකුගේ පමණ   මිය යාමේ සම්භාවිතාව ක්  ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රකාශ කරයි.. කර්මාන්ත ශාලා තුලදී මිය ගිය හෝ අත් පා ආදී  කොටස් අහිමි වූ..විදෙස්  සේවකයන් හට වන්දි මුදලක් ගෙවීමට කර්මාන්ත ශාලා හිමියෝ බැඳී සිටිති.තවද සේවකයින් සදහා රක්ෂණාවරණ ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ..
                                                                                                                                 තමාගේම කියා නිවසක්..ඉඩමක්..වහනයක්..ව්‍යාපාරයක්,මෙවැනි  හීන බලාපොරොත්තු රාශියක් කර පින්නාගෙන මොන දුකක් හෝ විඳ ඒ බලාපොරොත්තු   සඵල කර ගැනීමට වෙහෙස වන   අහිංසකයින්ගේ මවුපිය, සහෝදර, බිරින්දෑවරු  ..,ඥාති හිතවතුන් ආදී.. සියල්ලෝම දින සති ගනිමින් තම ආදරණීය හිතවතා එන තුරු  බලා  හිඳින්නේ  ඔහු ගෙන ගිය බලාපොරොත්තුද රැගෙන නැවත තම රටට පිය නග න   තුරුය.. එහෙත්..ඒ අදරනීයයා   අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ජීවිත යාත්‍රාවට සමු දෙවි කියා ඔවුන් සිහිනෙකින් හෝ නොසිතන්නට ඇති.දසමසක් කුස දරා අනේක දුක් විඳ ඒ ජීවිතය ලොවට දායාද  කළ  මෑණියන්ටත්   .. සංසාරගත ප්‍රාර්ථනාවක් සේ ජීවිතයට ඈදුණු දයාබර බිරිඳ ටත් ,ආදර  දරුවන්ටත් ඒ මිනිස් ප්‍රාණය වෙනුවට ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන වන්දි මුදල කුමටද..තම ආදරණීයය අවසාන   ගමන් ගොසින්....මුදල්මය වටිනාකමක් ජීවිතයකට දිය හැකිද..?ඒ අහිංසක ජීවිත නැවත පණ ලබන්නේද නැත.                  
         
මේ ඉන්නේ  සොනාලි සහ බන්දුල..කොරියාවේ දහසක් බලාපොරොත්තු මැද සේවය කරපු දෙන්නෙක්.එත් එයාලට එකට ජීවත් වෙන්න වාසනාව තිබුනේ බොහොම ටික කාලයයි.සොනලිත් බන්දුලත් හිටපු  කන්ටේනර්  පෙට්ටිය ගිනි අරගෙන එයාල වගේම එයාලගේ බලාපොරොත්තුත් අළු දුවිලි වෙලා ගියා.කොරියාවේ ගෑස් ටැංකි   පුපුරලා ගිනි ගැනීම් බහුලව සිද්ද වෙනවා.බන්දුල අවසන් ගමන් යනවිට, සොනලිත් සමග එකට ජීවත් වෙන්න හිතාගෙන හදපු පුංචි මාලිගාව  වත් දැකල තිබුනේ නැහැ.අවාසනාවන්ත උනත් මෙවැනි සිදුවීම් අසන්නට ලැබෙනවා.
                                                                                                         එපමණක් නොවේ.. කොරියාවේ  මාස 06 ක් පවතින  ශීත කාලගුනයෙනුත්   , ඉතුරු    මාස තුල පවතින  අධික රස්නය සහිත දේශගුනයෙනුත් පීඩිතව මාස ගණන්, අවුරුදු ගණන් පුරාවට සේවයේ යෙදෙන අපේ මිනිසුන් විදින්නේ පුදුමාකාර දහා   දුකකි.ඒ අතින් බලනා කල ශ්‍රී ලංකාව දිව්‍ය විමානයකි.කොයි තරම් මිනිසුන්  මිය  ගියද , අනතුරු වලට ලක් වුවද ,මෙම සේවක සේවකාදීන් ගේ බලාපොරොත්තු මේ කටුක ඉරණමට මුහුණ දීමට  ශක්තියක් වේ.                                                                                    

11 comments:

  1. පිටරටකට යන හැමෝම හිතේ කැමැත්තකින් නෙවෙයි ලංකාව දාලා යන්නේ.ඉන්න තැනින් අඩියක් හරි උඩට යන්න හිතාගෙන. ඉතිං මෙහෙම දෙයක් වුනොත් කොහොමද ඒ අය ඒක උහුලන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බට්ටියෝ..මේ වගේ දේවල් කොයි තරම් අහන්න ලැබුනත් ලංකාවේ තරුණයෝ ඒ තැන්වල වැඩ කරන්න යනවා..ඒ ඉතින් දුප්පත් කමින් මිරිකිලා මෙහෙදී විදින දුකෙන් ගොඩ එන්න හිතාගෙන තමයි..

      Delete
  2. ඔන්න මම කැමතිම වර්ගයක ලිපියක්. විදේශ රටවල ඉන්න අයගෙ අත්දැකීම් ගැන කියන ලිපි වලට මමත් ආසයි. රෙහානිත් ඉන්නෙ කොරියාවෙද?

    කිට්ටුවන්තයින්ගෙන් දුරස් වෙලා ඒ අය ජීවිතේට මූණ දෙන ආකාරය සම්බන්ධව කියවනකොට ගොඩක් දේවල් ජීවිතේට ගන්න තියෙනව. ලoකාවට වැඩිම විදේශ විනිමයක් උපයල දෙන මේ අහිoසක මිනිස්සු ගොඩ දෙනෙකුගෙ විදේශ ජීවිතේ ඇත්ත පැත්ත කටුකයි.

    අපේ සම(හරක්) අය හිතාමතාමත් පොඩි පොඩි අනතුරු කරගන්නවලු නේද කොරියාවෙන් ලොකු වන්දියක් ලැනෙන නිසා?

    ReplyDelete
    Replies
    1. ස්තුති මගේ ලිපියට කැමැත්ත පල කලාට..එත් සඳ මම ඉන්නේ කොරියාවේ නෙවෙයි ..මේ මම හොයාගත්ත තොරතුරු. මේ මිනිස්සුන්ගේ ජීවිත වල කටුක බව දන්නේ ඒ දේවල්වලට මුහුණ දීපු අයම තමයි.ලංකාවේ ඉන්න සම (හරක් ) හිතාගෙන ඉන්නේ එයාල හොදට සැප විදිනවා කියල..අනේ වන්දිය ගැන හිතල ඇත්තටම තුවාල කර ගන්න අයත් ඉන්නවලු ද ?අදනේ එක දන්නේ මම සඳ..පිස්සු නේද..

      Delete
  3. වොන් වලට දියවෙන අපේ ජීවිත .........

    රෙහානිට කොරියානු රටේ අත්දැකීම් තියනවද

    ReplyDelete
  4. වොන් වලට දියවෙන අපේ ජීවිත .........
    හරියටම හරි ,මී ගොඩ ඔය කොරියාවේද ඉන්නේ?මට අත්දැකීම් නම් නැහැ

    ReplyDelete
  5. මේ හොර කෙල්ල මගේ පොස්ටු දැන් මම හිතන්නෙ සේමර වගේ කියවලා නේද?
    ඔයා මූණු පොතේ නැද්ද????

    ReplyDelete
  6. මුණු පොත හදන්ට මට පර්මිෂන් නැතුවා බට්ටියෝ.. නැත්තන් ඉතින් මේකි ඔයිගේ පේජ් එකේ මෙලහකටත් ලයික් දාල :( ඊයක් එවන්න ඔයාගේ ඉ ලිපිනය හෙව්වා හොයාගන්න බැරි උනා.. :(

    ReplyDelete
  7. ඔන්න මමත් ආව.බන්දුව නම් මමත් ටිකක් දන්නව පවු..ගොඩක් අය හිතන්නෙ මේක සුරපුරක් විදියට.නමුත් අපි දකින දේ තුලත් කොච්චර නොදන්නදේ තියනවද?මුල්ම ලිපිය දැක්කම හිතුවෙ රෙහානි කොරියාවේ කියල...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපි නොදන්නා දේ තව කොච්චර ඇත්ද?
      ස්තුතියි කොමෙන්ට් එකට යාළුවා..

      Delete
  8. ඩුබායි වල තත්ත්වෙත් ඔයවගේම තමයි.

    ReplyDelete