හා හා පුරා කියල රෙහානි ලියන පලවෙනි ලිපිය තමයි මේ..මන් හිතුව මුලින්ම මගේ සුන්දර වූ මතකයන් අත රින් ලිපියක් ඉදිරිපත් කරන්න.. රෙහානි පාසල් ගියේ මුලින්ම ගමේ ඉස්කෝලෙට ඕලෙවල් යන්තම් පස් කර ගෙන රෙහානිට වාසනාව ලැබුන නගරේ ඉස්කෝලෙකට යන්න..ඔන්න ඉතින් සම්මුඛ පරික්ෂනෙන් පස්සේ මුල්ම වතාවට පාසලට ගියාට පස්සේ 13 වසරේ අය්යලගේ කනෙන් රිංගගන්න ටිකක් අමාරු උණා ..කවුරු ත් දන්නා කාරණයක්නේ අය්යලගේ රැග් එක කොහොමද කියල..මිස්ල සර්ලා එහාට මෙහා ට යනකන් ඉදල මාවයි අලුතෙන් ඉස්කෝලෙට අපු තව දෙතුන් දෙනෙකුයි එයාලගේ උකුසු ඇස් වලට අහු උණා..අපි සෙට් එක පන්ති කාමරයකට බලෙන් එක්කරගෙන ගිහින් ,මන් ලගට ආව උස මහතා අය්යා කෙනෙක්..ඇවිත් කිව්වා පුටුවක් තිය ල ඩෙස්ක් එක උඩට නගින්න කියල.. කරන්න දෙයක් නැතිකමට මන් කලේ ලේන්සුවේපිහිට පතපු එක..
"දැන් බැරිද නගින්න ඔය ළමයට.".
එයා ඇහුවේ හරියට එයා ප්‍රින්සිපල් වගේ ඉස්කෝලේ.. මාත් ඉතින් බයටම අහන අහන එකට උත්තර දුන්න.. "කියනවා ඔය ළමයාගේ නම.."
මෙයා එහෙම කිව් වේ නිකන් මගේ අඩන මුණ දැකල දුක හිතිලා මගේ හිතේ..
ඊළගට එයා ඇහුවේ එක.. මන් ඉතින් අඩ අඩම කිව්වා..නම "ඔය ළමයට එක කරන්න බැනේ..,එහෙම නම් කියනවා ත්‍රී විල් එක ගැන වාක්‍ය 10ක්... ඔන්න නගෝ "ත්‍රී විල් එක" කියන වචනේ තහනම්..ඒ වෙනුවට මහත්තය කියන වචනේ කියන්ඩ ඕනේ..
ඕන් අය්යා ඊළගට දීපු ටොපිය.. ඉතින් මේකටත් බැහැ කියන්ඩ ද ..මට මේක කරන්නම උනා.. මම ටික වෙලාවක් සද්ද නොකර ඉන්න කොට මට බැනගෙන බැනගෙන ගියා.. මන් ඉතින් බයටම වාක්‍ය 2-ක් 3-ක් කිව්වා ..කියන්නම්කො දැනගන්න කට්ටියට..
"
1. මහත්තයා රතු කොළ වගේ පාටවලින් තියනවා.
2. මහත්තයට දුවන්න පෙට්‍රල් ඕන.. 3. මහත්තයාගේ වාඩිවෙලා යන්න සීට් තියනවා..
4. මහත්තයට රෝද තුනක් තියනවා..
ඔන්න ඔය වගේ වාක්‍ය ටිකක්..මේ ටික කියද්දී මන් දැක්ක කට්ටිය හොදටම හිනා වෙනවා..මන් ඉතින් ලැජ්ජාවේ මුණ රතු කරන් හිටිය...වෙන මොනා කරන්නද නේද...? කොහොම කොහොම හරි එතනින් එදා අමාරුවෙන් ගැලවිලා ගියා..පස්සේ ඉතින් අපි 13 වසරට ඇවිත් ලොකු අක්කල උනහම අලුතෙන් ඉස්කෝලෙට එන බැජ්වල නංගිලා මල්ලිලාටත් අපිට ලැබුන රැග් ත්‍යාගය දෙන්න අමතක කරේ නැහැ ඔන්න..ඉස්කෝලේ හිටපු පරණම ශිෂ්‍ය යෝ ත් අන්තිමේදී අපේ හොදම යාලුවෝ උනා..එක ඉතින් හැම ඉස්කෝලෙම හැටියක්නේ නේද..
කියන්නම වටිනා තව වැඩක් තමයි රෙහානි කරපු මේ හොර වැඩෙත්..කෘෂිකර්ම සෙට් එකට පින් සිද්ද වෙන්න අපේ ඉස්කෝලේ වත්තේ වැටේ තිබුන අඹ ගස් පේලියක්.. තියනවා හොදට පැහිල ඉදිලා අඹ.. ,ඒවා තිබුනේ ඉස්කෝලේ උනාට මොකෝ ඒවාට පොලු ගහන්න අපිට අවසර නැහැ..ඕෆ් පීරියඩ් එකක් ආපු ගමන් අපි කරන්නේ හොරාට ඔය ගස් වැටේ කැරකෙන එක තමයි ,අපි ඉතින් කෙලි පොඩ්ඩෝ හින්ද අපිට උදව්වට අජියයි විමුක්තියි දෙන්නත් එනවා..එයාල පොලු ගහනවා..අපි මුරට ඉන්නවා..කොහොමහරි දවසක් වැඩේ අහුවෙලා ලයිබ්රි එක වටේ සුද්ද කරන්න උනා..ඒ මදිවට ගුටි හම්බ උනා..
පාසලේදී උන රසවත් සිදුවීම් නම් අනන්තයි..පාසල් කාලය කාටත් එහෙමයි..ඒ කලේ මතකවෙනකොට අයෙත් ඉස්කෝලේ යන්න තියේනම් කිය ල හිතෙනවා.. පාසල් ජීවිතේට සමුදෙන දවසේ රෙහානි ගොඩක් ඇඩුවා..රෙහානිට හිතුන මෙන්න මෙහෙම.."අද අවරුදු 13 කට පස්සේ ඉස්කෝලේ දාල යනවා..හෙට රස්සාව දාල යනවා..ඊළගට ජීවිතෙත් දාල යාවි..." කිය ල ..ඇත්තටම හැමදෙයක්ම තාවකාලිකයි..විශ්වය කිය ල කිය න්නේ නවාතැනක් විතරයි..අපිට එහි ඉන්න තියෙන්නේ බොහෝ ම ටික කාලයයි.."ඒ නිසා ජීවත්වන තෙක් ආපසු හැරිලා බලන විට..සතුටු විය හැකි දේ පමණක් කල යුතුයි..."
ෂා මම වගේම පිස්සු නටපු කෙනෙක්නේ මෙයා. මමත් පොස්ට් එකක් ලිව්වා අඹ කන්න ගිහින් ගුටිකාපු එකක්.
ReplyDeleteජීවිතේ කියන්නේ පුදුම දෙයක් මේක කියවන්නකෝ 'බුද්ධියට නොවෙයි නුඹේ හදවතටයි...'
ජීවිතේ අපිට හුගක් අය හම්බවෙනවා. ඒ අය කවද හරි අපිව දාල යනවා. නැතිනම් අපි ඈත්වෙනවා. ඒ අපි හැමෝටම දෙවියන් සියලු දේ නොදෙන නිසා. තව දෙයක් , ගිය අය ගැන ආයෙ හිතන්න එපා.ඉන්න අයව අමතක කරන්නත් එපා. ඉන්න අයව රැක ගන්න අලුත් යාළුවෝ හොයා ගන්න. තමන්ට ආදරේ කරන අයට ආදරේ කරන්න . ආදරේට ආදරේ කරන්න.
ජීවිතේ විදින්න.
විදවන්න එපා කවමදාකවත්.
මගේ අහිංසක පුංචි බ්ලොග් එක පැත්තට ඇවිත් ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දැම්මට මන් ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා පළමුවෙන්ම..ඒ වගේම ආදරයෙන් පිලිගන්නවා... ඔයත් අඹ කන්න ගිහින් ගුටි කාල තියනවද.. (ඒක බැලුවද මතක නැහැ..බලන්න ඕනේ..) හිකිස්..එහෙනම් ඉතින් අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේ එකේ රසය..
Deleteමමත් මුලින්ම පොස්ට් එකක් වත් ලියන්න කලින් ඉඳන් ඇවිත් බට්ටි උදව් කලා බ්ලොග් ලෝකෙට අඩිය ගහන්න. රෙහානිත් එක්ක මමත් එකතුවෙන්නම් ස්තූති කරන්න බට්ටිට. ඒකි හරි හොඳ එකී...
Delete(අයියෝ..Word Verification අයින් කරන්නඩෝ)
ඔන්න මන් Word Verification අයින් කලා...ස්තුති..හැමදාම පායන්න ලා දම් අහසට..
Deleteබට්ටියටත් ස්තු ති සඳ මෙහෙට ගෙනාවට...
මමත් ආවා. :)
ReplyDeleteහේ හේ අපිත් ඔහොමයි, එත් අපි කොන්වන්ට් එකකට ගියේ,
ආදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට...ඉස්කෝලේ කලේ ගැනනම් කියල වෙඩක් නැහැ නේද වර්ණ ..
Deleteහ්ම්ම් ඔය අවුස්සල තියෙන්නෙ රස මතකයක්. දැන් ඉතින් ඉතිරිව ටිකත් කියන්න වෙයි. දිගටම ලියන්න.
ReplyDeleteඉස්කෝලෙදිනම් මම රැග්වෙලා නෑ. ඒත් ඉතින් රැග්නම් කාල තියෙනව ලෙලි යන්නම. දනිස් දෙක විලිම්බු දෙක වගේ වෙලා තිබුන දනගාලම.
ජීවිතේ ගැනනම් කතා කරල වැඩක් නෑ. මේ සියලුම දේවල් හරිම තාවකාලිකයි. ලස්සනයි , හොඳයි, මගේ , අපේ කියල තියෙන හැම සම්මුතියකම තියෙන්න අනිත්‍යය වූ පරමාර්ථයක් විතරයි.
අපි එනව බලන්න. දිගටම ලියන්න. ජය වේවා!!!
හ්ම්ම්...ඉස්කෝලේ වගේ රස මතකයන් තව කොහෙද තියෙන්නේ නේද සඳ.. අහ්..හා...කියන්නකෝ බලන්න ඒ රැග් එක ගැන අපටත්.. මන් කිව්ව් වගේ ජීවිතේ අපහු හැරිලා බලද්දී සතුටු වෙන දේවල් කරහම අපිට සතු ටින් ඉන්න තාක් කල් ඉන්න පුළුවන්..ඔයාල ඉන්න එක මට සතුටක් දිගටම එන්න සඳ...ඔයාටත් ජය පතනවා..!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබට්ටි තමයි මෙහෙට එන්න පාර කිව්වෙ . දිගටම මේ වගේ රසවත් කතා ලියන්න .
ReplyDelete…ජය පතනවා !
බොහොම ස්තුති මගේ යාලුවෙක් උනාට..ආදරයෙන් පිලිගන්නවා ඔයාව..ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැරිඋනානේ මට ෆලොව් කරන්න..
ReplyDeleteපාසැල් කාලෙ සුන්දර මතක ආවර්ජනයක්.. ඒ කාලෙ මතක් කරන්න කරන්න ඒ මතක එක්ක ජීවත් වෙන්න ආසයි..
ReplyDeleteඕන් නන්ඳුත් මේ පැත්තෙ.. :)
සුබ පැතුම් දිගු ගමනකට...!!!
අනිවාර්යෙන්ම..
ReplyDeleteගොඩක් ස්තුති කොමෙන්ට් එකට.දිගටම එන්න කියල ආරාධනා කරනවා
පාසලෙන් ඉවත් වෙලා ගත උන 5 ස් වසර තුල පාසල සිහිනොවූ මොහොතක් නැති තරම්ය. අම්මප කැම්පස් එකේවත් ගත්තේ නෑ ඉස්කෝලේ තරම් ආතල් බොහොම ස්තූතියි මතක් කර දුන්නට මම ඔය දරුවට දෙනවා ගම්වරයක් ලොල්
ReplyDeleteස්තුති වේවා...හි හි...
ReplyDeleteඉස්කෝලේ නම් මාර මතකයන් ටිකක් තියෙන්නේ..
".පස්සේ ඉතින් අපි 13 වසරට ඇවිත් ලොකු අක්කල උනහම අලුතෙන් ඉස්කෝලෙට එන බැජ්වල නංගිලා මල්ලිලාටත් අපිට ලැබුන රැග් ත්‍යාගය දෙන්න අමතක කරේ නැහැ"
ReplyDeleteමේ කතාවට නම් මම විරුද්ධයි. අපි වලේ වැටුණට අනික් අයට එහෙම කරන්න ඕනේද ?
අපි කැම්පස් වල වගේ එපාකරපු රැග් දෙන්නේ නැහැනේ යාලු...ඔය සින්දුවක් කියන්න කිවුවොත් ,කතාවක් කරන්න කිවුවොත් මිසක්..අනික ඒ වගේ දෙයක් පාසල නිම උන දවසක සුන්දර මතකයක්..
Deleteපාසල් කාලය නම් හරිම සුන්දරයි තමා :)
ReplyDeleteනොදැනීම අවුරුදු දොළහක් ගෙවිලා
ReplyDeleteනිමා උනා පාසල් කාලේ....