රෙහානි කෙලින්ම කතරගම කොළඹ බස් එකකට තමයි නැග්ගේ රත්නපුරෙන්.. බස් එකේ තිබුනේ සීට් දෙකයි තුනයි..මාත් එක්කම තව දෙතුන් දෙනෙක් බස් එකට නැග්ග .දන්නවනේ අපේ කට්ටිය බස් වලට නගින්න ගියහම පෙරලගෙන මී හරක් වගේ.. මාත් ඔය අස්සෙන් අමාරුවෙන් රින්ගගත්ත. .මොකද තිස්සටම යන්න ඕනනේ..හිටගෙන යන්න පුලුවන්ද ඔච්චර දුරක්..!දෙවියනේ..., මන් නගිද්දී හිස් තිබුනේ එකම එක සීට් එකයි.අකමැත්තෙන් උනත් ඉදගන්න ඕනනේ.හ්ම්...ඒ මදිවට එතන ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් .තුන් දෙනාට ඉදගන්න පුළුවන් සීට් තියන බස් එකක් ඒක.මන් ඉතින් ඔතනින් ඉදගත්තා. පැල්මඩුල්ලට යනකන් ගානක් නැතුව ගියා.පැල්මඩුල්ලේ බස් එක නැවැත්තුව තේ බොන්න. කොළඹ ඉදන්නේ බස් එක එන්නේ. මගේ ලග හිටපු ඩබල බැස්ස.මගේ ලගම හිටපු කොල්ල කොර ගහනවා. බලද්දී කකුල මොකක් හරි වෙලා. බෙහෙත් දාල තිබුන.
ඔන්න තේ බීල ආපහු ආව කට්ටිය බස් එකට.අර කොලු ගැටයත් ඇවිල්ල අමාරුවෙන් ඉදගත්තා.මෙයා ෆෝන් එකේ ඉයර් ෆෝන් එක කනේ ගහගෙන යනවා..සින්දු අහ අහා..ටික දුරක් යනකොට මෙයා සින්දු අහනවා විතරක් නෙවෙයි..මුමුණනවා...කියන්න දන්නෙත් නැහැ .ගිරියෙන් කෑගහනවා වගේ..මට තනියම හිනා යන්නත් එනවා .හිනා වෙන්නත් බැහැ.මම කාගෙන හිටියා. ඔහොම ටිකක් යනකොට මෙයාට නින්ද යනවා.ඒ මදිවට බර වෙන්නේ මගේ පැත්තට.මන් ඇඟට එයි කියල බයට අයිනට අයිනට ආව. හපෝ... එපාම වෙලා හිටියේ.බස් එක බ්රේක් කරන කොට උඩ ගිහින් ඇහැරෙනවා.ආයෙත් සින්දු කෑලි කියනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ විතරයි බස් එකේ යන්න ඕනි කියල. ළඟ ඉ න්න කෙනාට කරදරයක්ද කියල නිකමටවත් හිතන්නේ නැහැ. හැබැයි සමහරු විතරයි මෙහෙම වෙන්නේ හැමෝමත් නෙවෙයි.
අනිත් එක තමයි (ඔය උඩ පින්තුරේ තියනවා වගේ )පිරිමි ළමයි බස් වල ඉදගන්නේ සීට් එකම බදු අරගෙන වගේ..බහිරවය අරක් ගත්ත වගේ.එතකොට දෙන්නෙකුට ඉදගන්න තියන සීට් එකෙන් තුන් කාලක්ම ඒගොල්ලන්ට ඕනි.පොඩ්ඩක් මහත කොල්ලෙක් ඉදගත්තොත් එහෙම ඔය විදිහට අපි වගේ ඇගෙන් පතෙන් පොඩි එකෙකුට නම් ගානක් නැහැ.ඒ උනත් සීට් එක අයිනේ මොකා ද එකා වගේ එල්ලිලා තමයි යන්න වෙන්නේ.. කොහොමද එහෙම දුර ගමනක් යන්න ගි යහම .. හපොයි රෙහානි කාපු කට්ටක්... වෙලාවට ඒ දෙන්න මගින් බැස්ස. එත්... හරියටම බැස්සේ තැන මතක නැහැ. රෙහානිට ඉතින් නිවන් ගියා වගේ තමයි...
මෙන්න මේ වගේ තැන්වල කොච්චර නිදාගත්තත් කමක් නැහැ.. කාටවත් එකෙන් කරදරයක් නැහැනේ. ඔය උඩම පින්තුරේ බලන්නකෝ... කෙල්ල ඉදගෙන ඉන්න හැටි... පොඩි ඉඩක් ඇති ගැහැණු ළමයින්ට... මේ වගේ බස්වල යන පිරිමි ළමයි අනිත් වටේ පිටේ ඉන්න පුද්ගලයෝ ගැනත් සැලකිලිමත් උනොත් හොඳයි ඔන්න....




