ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, June 26, 2013

දුකා ,ශම්මි සමගින් රෙහානිටත් අවුරුදු !

බිඳුව බිඳුව එකතු වෙලා දොළක් හැදෙනවා ,දොළට දොළක් එකතු වෙලා ගඟක් හැදෙනවා ...ගඟට ගඟක් එකතු වෙලා මුඳ හැදෙනවා.අන්න ඒ වගේ .....අකුරු අකුරු එකතු වෙලා මේ පුංචි බ්ලොග් එක ලියවුනා ..මට බ්ලොග් ලෝකය ගැන දැනගන්න හම්බවෙන්නේ janaranga wijayindu අය්යාගේ ආයෙමත් ආදරෙන් කතාව කියවන්න ඇවිත් .ඒ කතාව කියවද්දී කොමෙන්ට් ඔස්සේ මන් ගොඩක් බ්ලොග් අදුනගත්තා .පස්සේ මට ලියන්න අදහසක් ආවේ ආසාවට .ලිවීමේ ලොකු හැකියාවක් නැති උනත් මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මම ලිව්වා .ඒවා කියවන්න කැමති අය වගේම නැති අයත් අදටත් ඉන්නවා කියල මන් දන්නවා ..මගේ ලිපි කියවලා වචනෙකින් හරි ඔයාලා දීපු දිරියෙන් මං අවුරුද්දක් පුරාවට නොදැනීම බ්ලොග් ලෝකය තුල ඇවිද ඇවිත් තියනවා .මට එහෙම වචනෙකින් හරි දිරි දීපු ඔයාලට ගොඩක් ස්තුතියි ...නම් වශයෙන් වෙන් කරලා නොකිව්වත් ඔයාල හැමදෙනාටම ගොඩක් ස්තුතියි ...ඉතිං මේ බ්ලොග් ලෝකේ තවත් දුර යන්න තමයි මගේ අදහස .                     ඉතිං ආසාවට පටන් ගත්තු බ්ලොග් එක කියවන්න කව්රුහරි ඇවිත් කොමෙන්ටුවක් දාල තියේවිද කියලා හැම වෙලාවේම හිතුවා .ඒවගේම මට පලවෙනි කොමෙන්ටුව  දාල තිබ්බේ batti අක්කා.                       මුලින්ම  මාව ෆලොව් කරල තිබුනේ "සඳ ' . බට්ටි සහ සඳ කියන්නේ මගේ බ්ලොග් එකේ අත්තිවාරම ..මේ දෙන්න තමයි මගේ ගොඩක් අඩුපාඩුකම් පෙන්නලා දුන්නේ .ඒත් සඳ දැන් බ්ලොග් ලියන එක අතහැරලා .ඊට පස්සේ සඳට උන දෙයක් මම දන්නේ නෑ .බට්ටි අක්කියත් දැන් ඉස්සර වගේ ලියන්නේ නැති එකටනම් මම තරහම තරහයි .සඳයි බට්ටි අක්කියයි හැරුනහම මගේ පලවෙනි පොස්ටුවේ warnaa,   ගිම්හානි අක්කා , nandu, කියන අය කොමෙන්ටු දාල තිබුණා ..එතකොට korale mahaththayaahasithachandna ayya AKM, පසු කාලයේ මගේ පළමු ලිපිය කියවලා කොමෙන්ටු දාල තිබුණා ..මම දන්නවා තවත් අය මගේ පළමු ලිපිය කියවන්න ඇති ,කොමෙන්ට් දාන්න තරම් කාලයක් නොවුන නිසා හෝ හිතට හරි නොගිය නිසා හෝ මගේ ලිපිය කියවලා යන්න ඇති .එහෙම ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි මාව කියෙව්වට . ඉතින් එදා ඉදන් අද වෙනකං නම් වශයෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක් මාව කියවනවා ..ඒ හැමෝටම මම පොදුවේ කියනවා මාව කියවනවට ගොඩාක් ස්තුතියි කියලා.
 

   බ්ලොග් ලිවීම නිසා මට මුලිකවම ලැබුන දේ තමයි ආත්ම තෘප්තිය ! සතුටු හිතෙන දුක හිතෙන වගේම කේන්ති යන විදිහේ පොස්ට් මට මේ බ්ලොග් ලෝකේ කියවන්න ලැබුණා, siraa අය්යට වගේ  සමාජ මෙහෙවරක් කරන්න මට බැරි උනත් ඒ වගේ මනුස්සකම් තියන හුඟක් අය මේ බ්ලොග් ලිවිල්ල නිසා මට හමු වුනා ..කාගේ හරි දුකකදී කරදරයකදී බ්ලොග් ලියන හැමෝම එකතු වෙලා පුළුවන් දෙයක් කරා .ඒ සහයෝගය හුගක් වටිනවා ..මේ හැමෝම හැබැහින් අදුනගන්න මට උවමනාව තිබුනත් ගම්පහ බ්ලොග් ගෙට්ටුවේදීත් ඒකත් මග ඇරිලා ගියා .ඒ ගැන නම් ඇත්තටම දුකයි .දෙතුන් දෙනෙක් හැරුණු කොට බ්ලොග් ප්‍රවීනයන් උනත් මාව කියවන්න ආවා .., ඒ අයගේ කොන් වීමක් නොවීමත් සතුටට කරුණක් .   ඒ වගේම මේ බ්ලොග් ලෝකෙදි මට ලැබුන ලොකුම සතුටක් තමයි Stereo Hearts 2012 ජයග්‍රහණය !හිරුහිමාවී තමයි ඒ තරඟය සංවිධානය කලේ .පුංචි හේතුවක් නිසාවෙන් මම හිරුහිමාවිගේ තරඟය වෙනුවෙන් දාන්න හිටපු ස්තුති ලිපිය ප්‍රමාද කළා .ඒ ,ඒ ලිපියට තවත් වටිනාකමක් දෙන්න හිතාගෙන.ඒ ප්‍රමාද උන ලිපිය හිරු වෙනුවෙන් මම අද මෙසේ දිග හරිනවා. :)
                                                                                                                    "මම  හිතන්නේ හැමෝම දන්නවා Stereo Hearts වැඩසටහන ගැන.හරි මේ කියන්නේ නොදන්නා කෙනෙක් හිටියනම් දැනගන්න .Stereo Hearts 2012 කියන්නේ හිරුහිමාවී බ්ලොග් එක ලියන hiruhimaa  minsadee සංවිධානය කරපු වැඩසටහනක්.හිරුහිමා මුලින්ම ඇප්ලිකේෂන් ෆෝරම් එකක් මගින් අපේ නිර්මාණ එකතු කරගත්තා.  නිර්මාණ  ඉදිරිපත්  කරන්න  තිබුනේ  නිසඳැස්  ,කවි,ගීත,ගීත ගායනා සහ වාදන ,හඬ පටිගත කිරීම් වගේ පුංචි සීමාවක් ඇතුලේ.අපේ සහෘද බ්ලොග් අඩවි වල යාළුවො කරපු නිර්මාණයි මගේ නිර්මානෙයි : ඔක්කොම methanin  බලන්න  ඔයාලට  පුළුවන්. පුංචි  ප්‍රසන්ටේෂන්  ප්‍රෝග්‍රෑම්  එකකුත් එක්ක 2011 .11.03 රාත්‍රී 08.30 ඉඳන් තමයි විකාශය උනේ. හරිම සුන්දරයි.එදා "මගේ හබී"ත්  හිටපු නිසා අපි දෙන්නම එක්ක තමයි ප්‍රෝග්‍රෑම්  එක ඇහුවේ.!                                 
                                                                                                           හිරූ කට්ටිය ඉල්ලන සින්දු දෙනකොට තමයි හිතුනේ අපරාදේ මටයි මගේ හබීටයිත් සින්දුවක් කලින් ඉල්ලගන්න තිබුන නේද කියල :( වැඩේ අමතක වෙලා ගියානේ.! ඉතින් ඔහොම සින්දු අහගෙන ඉන්නකොට අර සයිඩ් එකේ තිබ්බ චැට් එකටත් පොඩ්ඩක් ඔලුව දාල කිවුව අපිත් අහන්  ඉන්නේ කියලා. කොහොම හරි විනර් කවුද කියල දැනගන්න ඕන හන්ද අහගෙන හිටියා නිදි මත පැත්තකින් තියලා .:D මන් ප්‍රෝග්‍රෑම් එක අහන්න අරන් පැයකට  විතර පස්සේ තමයි කොහේ හරි ගිහින් මගේ හබී ආවෙත් ,ආපු ගමන් අහපි !මොකද්ද ඒ රේඩියෝ චැනල් එක කියලා . මන් කිවුවම ඒ අපේ බ්ලොග් සහෝදරියක් කියලා  හිරුගේ දක්ෂතාවය දැකල එයා පුදුම උනා..වෙන එකක් තියා පෙන්නනකන් එයා විස්වාස කරෙත් නැහැ !මේ වෙනකොට මන් නිර්මාණ යැව්වා කියලවත් මගේ හබී කොල්ල දන්නේ නැහැ ඔන්න ,අන්තිම හරිය යද්දී මායි මගේ හබියි බර කතාවක තමයි හිටියේ..හිරූ එකපාරටම කියනවා ඇහුණා "රෙහානි සතුටුයි නේද? ඔන්න ඔයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා " ඇත්තටම මට හිතාගන්න බැරි උණා . මන් දැකපු ගැහැණියකගේ  ජීවිතයේ වෙනස් පැත්ත ඒ විධිහටම විනිශ්චය කරපු කෙනාටත් දැනිලා තිබුණා .මන් දන්නවා ඒ නිසා තමයි මන් දින්නේ.!                               
                                                                                                              ඔන්න දින්නට පස්සේ මගේ හබී දැනගත්තා මාත් නිර්මාණයක් යවල තියන බව.!එයත් මට විශ් කරා දිනපු බව දැනගත්තු ගමන් !මන් හිතන්නේ හිරුගේ උත්සාහය ගොඩක් සාර්ථක උනා..ස්තුතියි හිරූ ඔයාට ..! ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක නිසානේ මම දින්නේ..!ඒ දිනපු නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුණා ,කෙනෙකුගේ හිතට සතුටක් දිය හැකිනම් ඊට වඩා පිනක් තියේද ?මන් විශ් කරනවා හිරු ඔයාට ඉස්සරහට ඔයා කරන්න හිතං ඉන්න හැමදේම ,ප්‍රර්ථනා කරන හැමදේම ඒ විදිහටම වෙන්න කියලා..!මන් මේ පොස්ට් එක දාන්න හිතුවේ ඇත්තටම ඔයාට ස්තුති කරන්න සහ කළගුණ සැලකීමක් හැටියට..!"
  හිරුත් නැවත ලියනවනම් මම කැමතියි ..ඒත් හිරු ගියේ කඩ ඉමක් ජයගන්න .ජය අරගෙන එන්න ආයෙමත් ලියන්න .ඉතිං මේ වෙලාවේ මගේ උදව්වට හිටපු Silentsahan අය්යාවත් අමතක කරන්න බෑ .එකී මෙකී නොකී හැමදෙනාට ගොඩක් ස්තුතියි ! නම් වශයෙන් ඔයාල හැමදෙනා ගැනම කියන්න බැරි උනාට සමාවෙන්න .මේ බ්ලොග් ලෝකයේ මන් ආපු පුංචි දුර හරිම හෙමින් ආපු එකක් .මේ වෙද්දීත් මම පොස්ටු 50ක් වත් ලියල නෑ .පුළුවන් උපරිමයෙන් ලියන්න උත්සහ කරනවා .ඉතිං මෙපමණ කලක් හදවතින්ම මගෙත් එක්ක රැඳුන ඔයාල හැමෝටම මගේ හද පිරි කෘතඥතාවය !  (දුකා අය්යාගේ අවුරුදු කෑම methanin  ශම්මිගේ අවුරුද්ද methanin )
මගේ ජයග්‍රාහි නිර්මාණය 

61 comments:

  1. එහෙම නං රෙහානි අක්කාටත් හැපි ම හැපි මෙව්වා එකක් වෙන්න කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. මම ඒත් පෝස්ට් එකේ නම දැකපු ගමන් හිතුවේ මේ ජූනි මාසේ මොන අවුරුදු ද කියලා! දැන් තමයි තේරෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ධාරා ! :)

      Delete
  2. අවුරුද්දට එකතු වෙලා ඉන්න කට්ටිය මදිද?
    මමත් මොනව හරි ලියන්න ඉන්නෙ මගෙ දෝණිත් (දැන් 17+)කසාද බැන්දලින් පස්සෙ.
    කොහොමත් කෙල්ලෙක්ව 23/25 වෙද්දී කසාද බන්දල දෙන්න ඕන.
    එවුන් අවුරුදු 3ක් 4ක් එන්ජෝයි දරුවො හදා ගනියි.
    දෙමාපියන්ට 50 වෙද්දී කර උසට 20 දරුවො.

    ReplyDelete
    Replies
    1. අන්න අපිටත් කේක් ඕනි ඔන්න කෙන්ජි මහත්තයෝ ....ඔයා කියන කතාව ඇත්ත ! අපිටත් දරුවෝ හදන්න තව අවු 2-3ක් යාවි හැබැයි :)

      Delete
  3. සුබ පැතුම්! රෙහානි. සියළු බාධක ජය ගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චාන්දී ආන්ටි ....ඔයාලගේ සුබ පැතුම් මට ගොඩාක් වටිනවා

      Delete
  4. මමත් මේ බ්ලොග් එකට ආවේ අහම්බෙන්,අහම්බෙන් උනත් ගොඩ වෙලා තියෙන්නේ හොද බ්ලොග් එකකට...:)
    ඔන්න මගෙත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මනෝජ්...එන්නකෝ දිගටම එහෙනං

      Delete
  5. බලන් ගියාම..බ්ලොග් නිවුන්නු හරියට..!:))
    ජය වේවා රෙහානි..!

    ReplyDelete
  6. අලේ.........රෙහානි අක්කේ අදද ඔයාගේ උපන් දිනෙත්.. ^_^ මගෙත් අද තමයි... ^_^ සුබම සුම උපන් දිනයක් වේවා... බ්ලොග් එකට,, මෙතනින් එහාටත් ඉක්මනටම 50,100,150,500 ඊටත් එහා පෝස්ට් දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,, ආආ, මතක ඇතුව ඊළග සැරේ සයිබර් සිහින උළෙලටයි, ගෙට්ටුවටයි එන්න හොදේ.. (උයා ආවද දන්නෑ,මට හම්බවුනේ නම් නෑ :(

    ජය වේවා අක්කෝ....!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රර්ථනා වලට ස්තුතියි ශම්මියෝ .. මට ගෙට්ටුවටවත් සයිබර් සිහින උළෙලටවත් එන්න බැරි උනා නේ ශම්මියෝ ..ඒ ගැන නම් හුගක් දුකයි ..උත්සහ කරමුකෝ ඊලග පාරවත්

      Delete
    2. උණුසුම් සුභ පැතුම් රෙහානි.

      මේ දවස මගෙත් උපන්දිනේ.

      Delete
    3. ආ ආ....... එහෙමද ? එහෙනම් මගෙනුත් සුබ පැතුම් ඔයාටත් හෙන්රි මහතාණෙනි !ඒත් ඇයි පෝස්ටුවක් නොදැම්මේ :)

      Delete
  7. සුභ පැතුම් රෙහානි. ඇත්තටම සතුටුයි. කරදරයක් නැතුව ඉදිරියට යන්න ලැබෙන්න ඔනේ. මේ කෝ අර අපිට පෙන්න දානවැයි කිවුව ෆොටෝ ටික දැන් ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරෝ සුබ පැතුමට !ආ ආ ....මතකත් නෑ අලි උයා කීන්නේ කොයි පොටෝද කියලා :p

      Delete
  8. ඔන්න මගෙනුත් සුභ පැතුම් රෙහානියෝ... තව තවත් ලියන්න හැකිවේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නදිනි

      Delete
  9. පළමුව ඔබට සුබ පැතුම් සහෝදරිය. දෙවනුව කිව යුත්තේ හිරු හිමාවි ගැන ලියපු ටික. එය ඉතාම වටිනවා. මං සමකය වටේ ලියන්න ගත්තේ ඔයාලට ගොඩක් පස්සේ.බ්ලොක් ලිවිල්ල පටන් අරන් මැස්සෙක් වත් එන්නැති කාලේ මගේ බ්ලොගය අන් අයට හදුන්වා දුන්නේ හිරු හිමාවි තමා මුලින්ම.ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ ඉහළටම ගිය ඇය එක්වරම නිහඬවීම ගැන අදටත් දුකයි. ඉතින් මේ කලාවේ තව දිගු ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.මේ පැතුම හදවතින්මයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ! ඇය වටිනා බ්ලොග් ලියන්නියක් ! ඔබේ පැතුමට ගොඩක් ස්තුතියි ...

      Delete
  10. cngratz rehani. Wsh u al da best! :)

    ReplyDelete
    Replies
    1. thanks a lot samee ...after the long time my friend :)

      Delete
  11. ඔන්න අවුරුද්දට මමත් සුබ පතනවා... නිරන්තරයෙන් නොලිව්වත් ලියන හැම එකක්ම විදින්න පුළුවන් විදියෙන් ලියන නිසා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දයානන්ද මහත්මයා !

      Delete
  12. මමත් ඉඳල හිටලා ඇවිත් ගියා.

    සුභ උපන්දිනයක්.

    ReplyDelete
    Replies
    1. ඔබත් මගේ වටිනා කියවන්නෙක් යාලුවා ..ස්තුතියි පැතුමට !

      Delete
  13. බොහෝම ස්තූතියි රෙහානි මා ගැනත් මතක් කාරාට..ඒ වගේම ඔයාට මම නැවත ස්තූති කරන්න ඕනේ මොකද හිරු , ඔයා , සයුරි , රති , නලින් , සිරා එහෙම තමයි මගේ මුල්ම බ්ලොග් යහළුවෝ උනේ...සමහර විට මුල්ම කාලේ ඔයා මගේ බ්ලොග් එකේ කමෙන්ට් දැම්මද කියලත් ඔයාටම මතකත නැතුව ඇති , මොකද මම බ්ලොග් එකේ පෙණුම නිතර වෙනස් කරා ...මෙන්න මෙතනින් බලන්නකෝ ඔයා දාපු මුල්ම කමෙන්ට් එක ... ඒ කාලේ මට හිටියෙත් හිරු , ඔයා , රති , සයුරි වගේ අය විතරයි...මම ළඟදීම මගේ 50 වෙනි පෝස්ට් එක සමරනවා...ඒකටත් එන්නම ඕනේ ඔයාලා ටික හොඳද ..?

    දිගින් දිගටම ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රෙහානි ඔයාට ..ඒ වගේම ලස්සන පුංචි පැටව් ටිකක් එක්ක ආදරෙන් ඔයාගේ මහත්තයා එක්ක ජීවිත ගමන ගෙනියන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා මම ...!

    ReplyDelete
    Replies
    1. මට දැන් තමයි මතක් උනේ ඉස්සෙල්ලා ටෙම්ප්ලේට් වෙනස් නේද ඔයාගේ ?අනිවා 50 සමරද්දී එනවා .ගොඩක් ස්තුතියි සහන් සියලු ප්‍රාර්ථනා වලට !

      Delete
  14. අපිනම් ලාදම් අහසේ ආගන්තුකයෝ... :)
    මගෙනුත් සුබපැතුම් අක්කේ... දිගුකල් බ්ලොග් ලොව වැජඹේවා....

    හිරුහිමාවී අක්කගේ බ්ලොග් එක "invited readers only" නේද ? එයා මගේ බ්ලොග් එකෙත් පැරණිම සාමාජිකාවක්.. ලඟදි නම මතක් වෙලා හොයල බැලුවහමයි invited readers only කියල දැක්කේ :'(

    ReplyDelete
    Replies
    1. ආගන්තුක උනත් ඔයාල කොමෙන්ට් වලින් දීපු සහයෝගයට ස්තුතියි මල්ලි ..මට ඒවා හුගක් වටිනවා .හිරුගේ බ්ලොග් එක invited readers only තමයි ...ඒ එයා දැන් නොලියන නිසානේ මල්ලියෝ ..ස්තුතියි සුබ පැතුමට !

      Delete
  15. හැපි මෙව්ව එකක් වේව්වා

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි දේශ් !

      Delete
  16. ඔයාට මගේ සුභපැතුම් රෙහානි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි Ayilas

      Delete
  17. සුභ පැතුම් මගෙන්...දිගු ගමනක්...වාසනාවන්ත අනාගතයක්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි පැතුම් !

      Delete
  18. මං හිතන්නෙ සෑහෙන කාලෙකින් මං මේ මේ පැත්තට ආවෙ. මේ පැත්තට විතරක් නෙමෙයි කොයි පැත්තටත් එහෙමයි.අමනාපෙකට නෙමේ ටිකක් බිසී. ඒත් හොදම දවසක ඇවිත් තියෙන්නෙ කේක් කෑල්ලක් කාලම යතැහැකි.
    ඔන්න ඔක්කොම එකතු කොරල සුභපතනව මාත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ගොඩක් කාලෙකින් තමයිනේ ...ඉතිං ඒ මොකෝ ආ .. ස්තුතියි සුභ පැතුමට! කේක් කෑල්ලක් එස් එම එස් කරලා එවන්නම්කො

      Delete
  19. සුභ පැතුම් රෙහානි..බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න ඔයාට පුලුවන් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චාම්ස්

      Delete
  20. සුභ පැතුම් නංගියෝ. ඔයා ලස්සනට ලියනවා ඉතිං ඔයාගේ පාර ඔයාම ලස්සනට හදාගෙන ඉදිරියට යනවා.
    සද හිටිපු ගමන් පායලා හිටපුගමන් බැහැල ගියා. හුගක් දුකයි ඒ ගැන නම්.අපිට නැතුව ගියේ හොදම යාළුවෙක්.
    බ්ලොග් ලියන එකෙන් ටිකක් නෙවෙයි හුගක් ඈත් උනා. කාලයත් එක්ක සිද්ධ උන සමහර දේවල් එක්ක. කොහොම හරි මකුණු දැල් කඩලා ගන්න ඕනි.
    වෙඩින් කේක් වත් දුන්නෙ නැති නිසා උපන් දින කේක් කෑල්ලක්වත් මේල් කරනවා හරිද?

    ReplyDelete
    Replies
    1. මගෙනම් දැන් පහු උන එකේ උයාගේ වෙඩින් කේක් කෑල්ලක් අපිට දෙන්න අදහසක් හෙම නැද්ද අක්කියෝ තවම ආ ..ඔන්න ඉස්සර වගේ ලියන්න ගන්න දැන් කාලේ හරි ..එහෙනම් පටන්ගමු නේද ?කේක් කෑල්ලක් එවන්නම්කො

      Delete
  21. රෙහානිට හැපිම හැපි මෙව්වා එකකට සුබපැතුම්. දිග ගමනක් යන්න ශක්තිය, අවස්ථාව, ආත්ම විශ්වාසය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් ඩ්රැකී

      Delete
  22. අප්පටසිලිසුබ ඇපි මෙනි මයි ඩීපස් විත් සිම්පති නෑ..අවලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුනු මෙව්වා එකක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුවෝ :D

      Delete
    2. ස්තුතියි තරුවෝ හුඟාක්

      Delete
  23. පළවෙනි උපන්දිනේට සුබපැතුම්... දිගටම ලියන්න :)

    ReplyDelete
  24. ඇත්තම කියනවනම් මෙව්වා කැත වැඩ. තනියෙන් උපන්දින කේක් කාලා තව කියවන්නත් එනව මෙතන. ඇයි යකෝ මං මේ සතියෙම කම්පීතරේ දැම්මේ නෑයි කියලා දන දැනම ඔහොම කේක් කන්නේ? :(


    ගෙවී ගිය අවුරුද්දට වගේම ගෙවන්න තියෙන අවුරුදු බර ගානටම මගෙන් උණුසුම් සුභ පැතුම් රෙහානියෝ.......

    ReplyDelete
    Replies
    1. අම්මපා දැන දැනමයි කෑවේ ඔයිට නොදී //..... ස්තුතියි අකම පැතුමට ගොඩාක් :D

      Delete
  25. සුබ පැතුම් රෙහානි අක්කෝ!!!

    ReplyDelete
  26. ශෙහ්.. පාටියක් මග හැරිල නෙ.. :)

    සුබ පැතුම් රෙහානි නංගි.!

    ReplyDelete
    Replies
    1. හි හි ... ඔයාට කේක් කෑල්ලක් මේල් කරන්නද එහෙනං

      Delete
  27. බොහොම සතුටුයි මිතුරිය...සුබ පතනවා තවත් බොහෝ වැදගත් දේ ලියන්න ලැබේවා කියලා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පැමිණීම මම ගොඩාක් අගය කරනවා , මම ආසාවෙන් කියවන කියවපු බ්ලොග් එකක් තමයි ඔයාගේ බ්ලොග් එක ! ඔයාට තරම් හරවත්ව ලියන්න මට හැකියාවක් නැති උනත් මම මේකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබනවා වගේම තනිකම පාළුවත් මකා ගන්නවා, ඔයාගේ ප්‍රාර්තනාවටත් ස්තුතියි !

      Delete
  28. අයියෝ..... රෙහානි මං මේක අදනේ දැක්කේ.... මට මග ඇරුනේ කොහොමද මන්දා.... මං ආපු නැති දවස් ටිකේදීද කොහෙද ඔයා මේක දාලා තියෙන්නේ. කොහොම වුනත් කමක් නෑ මමත් පහු වෙලා හරි ඔයාට සුභ පතනවා! තව තවත් බ්ලොග් ලෝකේ දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා මගේ මිත්‍රයා..... :D

    ReplyDelete
  29. සුභ පැතුම් එහෙම නම්. විභාග කාරිය තිබ්බ නිසා සුභ පැතුම් එක්ක කරන්න පරක්කු වුණා ඕන් :D

    ReplyDelete