ලා දම් අහසට පායන උදවිය ..

Friday, January 4, 2013

අපි ඇහුවොත්............. බැඳලා!!!!!

අලුත් අවුරුද්ද හැමෝටම යහපත් කියලා හිතනවා. අලුත්  අවුරුද්දේ   ඉස්සෙල්ලම  වෙනස් පෝස්ටුවක්  දාන්න හිතන් හිටියේ ..කොහෙද මේ නෙට් අවුල් වෙන්න ගත්තනේ ..ඉතින් හිතුවා පාලු වෙන්න නොදී මොනවහරි  ලියන්න ඕන කියල .සීත දෙසැම්බරයේ වර්ෂ අවසාන සල්පිල සුපුරුදු විදිහට මේ අවුරුද්දෙත් පැවැත්වුවා .ඒක කරන්නේ අපේ ගමේ එක්සත් සුභ සාධන සංගමය  මගින් ..සංගමයට ආධාර පිණිස .අපිත් ඉතිං සංගමයේ ඉන්න නිසා බැහැලාම හිටියා සල්පිලට .ඒ උනාට ඉතිං ලංසු නම් තිබ්බේ නෑ ,ලංසු තිබ්බේ හොඳ මැණික් මුදලාලිලා එහෙම තමයි .                                                                                                                              
                                                                                                              සල්පිලෙන් එකතුවෙන සල්ලි සංගමයෙන් කරන සුභ සාධන කටයුතු වලට ගන්නවා ..මරණයක් වුනොත් සංගමයෙන් දැනට රු .28000ක් දෙනවා ,මිය ගිය නිවෙසට .අපේ පුංචි සල්පිලෙන් සංගමයට ලැබුනේ රු .ලක්ෂ දෙකහමාරක් වගේ මුදලක් ..සල්පිල කරේ විනිවිදබාවය රැකෙන විධිහට ,කිසිම ගැහිල්ලක් හොරයක් බොරුවක් නෑ ..සල්පිලේ යන භාණ්ඩ 15-20 දී ලැබුණ වටිනාකම කියනවා එවෙලේම ,ඊළඟ භාණ්ඩ 20දී කලින් එකතුවත් එක්කම ලැබුන වටිනාකම කියනවා ..ඔය විදිහට තමයි සල්පිල ඉස්සරහට අරන් ගියේ ..ගමේ කොල්ලෝ එකතුවෙලා "චැලේන්ජ් "කියලා පුංචි සංගීත කණ්ඩායමකුත් හදාගෙන තියනවා ,සල්පිල අවසානයේ ඒගොල්ලන්ගේ  මිහිරි  සංගීතයත්   විඳින්න  අපිට හැකියාවක්  ලැබුණා . පුංචි උනත් අපේ දේ අපිට වටිනවනේ ;)                                                                                                                            
                                                                                                               මම මේ කියන්න යන කතාව වුනේ සල්පිලේදී නිසයි ඒ ගැන පුංචි විස්තරයකුත් කලේ,සල්පිල්  වේදිකාව  දෙපසින්  සංවිධායක මහත්වරු  එන අයට අසුන්ගන්න පුටු තියලා  හට් ගහල ලස්සනට හදල තිබුණා ,අපි හිටියේ ඉතිං සංග්‍රහ කිරීම් භාරව තමයි :) අපේ චැලේන්ජ් කොල්ලන්ගේ සංගීතය පටන් ගද්දි ඔන්න අපිත් පුටුවල වාඩි  වුණා.මං  හිටියේ අපේ දෝණි එක්ක (අපේ සත්තලන්ගේ ලොකු අක්කගේ දුව ,මේ අර ඕලෙවල් කරලා ඉන්නේ )තුන්වැනි පුටු පේලියේ ඉඳගෙන ,සංගීතය පටන් ගත්තට පස්සේ ඉස්සරහා පේළිවල කට්ටිය අඩු වෙලා අපි දෙන්නව නටන (තෙල් බීම බීල ඩාන්ස් කරන) අයගේ පැත්තට හොඳට නිරාවරණය වුණා . වැඩිපුරම නටන්නේ පිරිමි උදවිය ,ඒ අයගෙනුත් වැඩි පිරිස තරුණයෝ .එක අතකට මට කලකිරීමකුත් ආවා . මේ  කොල්ලෝ  නටන   පිස්සු දැකල .පස්සේ හිතුණා තරුණ කාලේදී ඇතිවෙන හැගීම්නේ  කියලත් .                                                                                                                                                                     අපේ දෝණිට චුටි දේටත් හුඟාක් හිනා යනවා ..අර නටන පිරිසේ එක එක විකාර විදිහට නටන අයව මට පෙන්න පෙන්න දෝණි හිනාවෙනවා , මටත් එතකොට පුදුම විදිහට හිනා යනවා අප්පා ;) හි හි .... ඔහොම ටික වෙලාවක් හිටියා ,හෙල්මට් එකක් අතේ තියන් ජැකට් එකක්  දාන්  හිටපු කොල්ලෙක්  අපේ   පැත්තට   ඇවිත්  අපිට පුටු දෙකකට  එහායින්  වාඩි වුණා . අපි හිටපු පුටු  පේලියේම .ඉස්සරහ  ඉඩ තියෙද්දිත්  අපි ළඟටම  ආපු නිසා මටනම් සැක හිතුණා. වාඩිවුණේ  අපේ   දෝණි  හිටපු පැත්තෙන් , මම හෙමිහිට  දෝනිට කිව්වා  එහා පැත්තෙන්  කවුද  වාඩිවුණා කියල ,දෝනිත් ඒක දැකල තිබුණේ .අපේ  දෝණි   ඇඳන්  හිටියේ කළු  ටී ෂර්ට් එකක් , මම  රතු . අර කොල්ල ටික වෙලාවකින්  කියනවා ."රෙඩ් මැඩම් " චුට්ටක්  බලන්නකෝ .. මම  ඇහුනේ  නැති  විධිහට හිටියා හි හි ...ඊට  පස්සේ කියපි "බ්ලැක් මැඩම් .. රෙඩ් මැඩම්ට කතාකරනවද ?"ඒක මටත් ඇහුණා ..අපි දෙන්නම බීරො වගේ හිටියා . මේන් ටිකකින් මු අපිට ගල් කැට වලින් ගහනවා ,රැව්ව රැවිල්ලක් අළු දුලි වෙලා යන්න ..හික් ..ඒ පාර මු ගිහින් පැත්ත නොබලා නටනවා ..අපි හිතුවා කරදරේ ඉවරයි කියලා ..ම්හු ....මෙන් ටික වෙලාවකින් මු සිංදුවල කෑලි වලට මගේ පැත්තට ඇඟිල්ල දික් කරනවලු  .දෝණිය දැකල මට කිව්වා, විලි ලැජ්ජාවේ බෑ .. පිටිපස්සේ  පුටුවල ඉන්න  අයටත් මේක පේනවනේ .. ඔක්කොම ඉන්නෙ  ගමේ මිනිස්සු .ඒත් මු නං ගමේ නෙවෙයි අපි දැකල නෑ .. ඔහොම නට නට ඉඳල මගේ පැත්තෙන් ඇවිත් මට පිටිපස්සේ පුටුවක මු ආයේ වාඩි වුණා. මම  මුකුත්  දැක්කේ  නැති  විදිහට තමයි ඉන්නේ හි හි ... මු හොඳටම බීල ගඳත් එනවා දැන් ..දෝණි බයවෙලා ..ඇයි  ඉතිං බීපු එකෙකුට මුකුත් කියන්නත්  බෑනේ ඔය  වගේ  වෙලාවක . දැන් මු ආයේ එක එක ඒවා කියෝනව .. අපි හිටපු  තැනම  පිටිපස්සේ අපි අඳුරන අය්ය කෙනෙකුයි ඒ පවුලේ  කට්ටියයි හිටිය ..ඒ හින්ද අපි බය වුනේ නෑ ,මට හිතෙන විධිහට මේ කොල්ල මට වඩා බාලයි ..පොඩි කොල්ලෙක් !" ප්ලීස් කෝල් මී  මැඩම් " කියලා මු නම්බර්  එක මගේ ඔඩොක්කුවට දාල යනවා කියල  ගියා . ටික වෙලාවකින්  මු   ඉන්නවා  දෝණි දැකලා මට කිවුව ඉන්නවා කියලා , හිටියේ අපේ ගමේ කොල්ලෙක් එක්ක කතාකර කරලු ..ඊට පස්සේ හෙල්මට්  එක පැත්තකින් තියලා ජැකට් එකේ කොන් දෙකෙන් අල්ලන් මු නටනවා ..මටයි දොනිටයි පලු  යන්න හිනා (ඌට පෙන්නේ  නැතිවෙන්න ).. මු නටන්න  දන්නේ නෑ  , කුඹුරේ මඩ  පාගනවා  වගේ වෙලාවකට  ප්ලේන් එකක් යනවා  වගේ හික් හික් .. නටල නටල එකපාරටම  අපේ ඉස්සරහට  ඇවිත්   අත්  දෙක  දෙපැත්තට  විහිදවල අපේ පැත්තට  හැරිලා මු කියපි                                                                                                                                                                               අපි ඇහුවොත්............. බැඳලා!!!!!                                                         ප.ලි . ඔය වගේ තැන්වලදී කොල්ලෝ වැඩිපුර ගන්නේ (ඒගොල්ලන්ගේ වචනෙන්ම කියනවනං )ආතල් ..ඒත් ඒ වගේ බීගෙන නටලා කොල්ලෙකුට කවදාවත් කෙල්ලෙක්ව යාලු කරගන්න බෑ වගේම ,කොල්ලෙක්ගේ තියන පෞර්ෂත්වය කියන දේත් තමන් විහින්ම බිංදුවට වට්ටගන්නවා .                                                                                                                                                  

83 comments:

  1. ඔයාට පේන්න නටපු එකත් අපරාදේ කියල හිතෙන්න ඈති... :D අනික රත්නපුරේ මෙච්චර ලස්සන කොල්ලො ඉද්දි මොන එහෙකට වෙන අය බලනවද නේද රොහානි?

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ... ඈ.......

      Delete
    2. ඔව් ඔව් රුවන්පුරේ අපේ ගම තමයි...

      Delete
    3. අපිත් ඉතින් රුවන්පුරේ මැණික් කැට තමයි.. :D

      Delete
    4. @-නදිනි -මේ කොල්ලත් රත්නපුරේ තමයි ,හැබැයි අපේ ගමේ නෙවෙයි ..ර'පුරේ කොල්ලෝ ලස්සනයි කියන්නේ මේ කොලුවත් ලස්සනයිනේ
      ;)

      Delete
    5. හෑ ......තරුවත් ර'පුරේද ?

      Delete
    6. රත්නපුරේ කොල්ලො ලස්සනයි කියල තරුව උඩ ගියාද මන්ද රෙහානි...... කමක් නෑ ඉතින් අපේ පෑත්තේ අයව අගේ කරන්න ඕනිනේ...

      Delete
    7. අඩේ එතකොට අපි කැතද?

      Delete
    8. හප්පට සිරි, නදිනි ත් රත්නපුරේ ද..?

      Delete
    9. හිකිස්....ඇත්ත කිව්වට මොකට උඩ යන්නද...බලාගෙන ගිහාම රුවන්පුරේ මැණික් කැට ගොඩක් බ්ලොග් ලියනවනේ ඈ....
      මම බෝපත් ඇල්ල කිට්ටුව...

      Delete
    10. @ නදිනි -උඩ යන එකක් නෑ අපේ කොල්ලෙක්නේ ;)@ගයාන් -නෑ අලී ඔයිත් ලස්සනයි
      @තරුවා -ගේට්ටුව තියන්න තිබුනේ මෙහේනේ නේද

      Delete
    11. @ චන්දන, ඒ කියන්නේ චන්දනත් රත්නපුරේද? චෝයි නේද?
      @ ගයාන්... අනේ නෑ හරි හෑඩයි නහය තමයි ටිකක් අප්සෙට්....

      Delete
    12. අනේ නෑ හරි හෑඩයි නහය තමයි ටිකක් අප්සෙට්....
      හි හි ....:D

      Delete
    13. මෙන්න තවත් මිණි කැටයක්....

      Delete
    14. තරුවා දැන් පහලට ගන්න බැරි වෙයි කාලෙකට :P

      Delete
    15. අපිටත් රත්නපුරේ පැත්තේ එන්න බැරිද? අපේ කාලුවෙකුට කටයුත්තක් හොයන්නත් තියෙනවා.... :-P

      Delete
    16. මම කිව්වේ යාලුවෙකුට. මෑන්ස් චුට්ටක් විතර කලුයි නම් තමයි.

      Delete
    17. කළු වුනාට කාරී මන්ද කියලා කාව හරි ජෝඩු කරමු ..හි හි

      Delete
    18. හිකිස් :-D ඔව්වා කරන්න ගිහින් අපිට මන්ද මෝල් වෙයිද කියලයි බය!

      Delete
  2. බුහ්හා... මේ සංගීතයක් අස්සෙ ඔය වගේ එව්ව ඕන තරම් වෙනවා.... මට මතක විදියට රෙහානි අපේ ගම් පලාතේ.. අනිවාර්යයෙන්ම ඔය අපි දන්න කියන් එකෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හි හි ....තෙල් බීම බීපු කොලු කුරුට්ටෝ තමයි මෙලෝ සිහියක් නැතුව ඕව කොරන්නේ ,මී ගොඩත් ර'පුරේනේ
      :)දන්නවත් ඇති තමයි

      Delete
  3. මට නම් කවදාවත් ඔය සංගීත පෙන්නන්න බැහැ. තියෙන පැත්ත පලාතක යන්නෙත් නැහැ. හික්... හික් ..

    ReplyDelete
    Replies
    1. හික් හික් ..අපි යන්නෙත් නෑ සංගීත වලට නං ..මේක අපේ සල්පිල නිසානේ අපේ අය්යලා මල්ලිලා ටික සින්දු කියපු නිසානේ ගියේ
      :D

      Delete
  4. හිකිස්...හ්ම් බිව්වාම තමන් ඉන්න තැන කරන්නේ මොකද්ද කියලවත් තේරෙන්නැති අය ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. හුඟක් අය එහෙම තමයි ..නෙහ්
      හැබෑටම තරුවා කොහෙද ර'පුරේ ඈ
      :D

      Delete
  5. ගෝණුස්සොත් එහෙමයි. ලස්සනටම නටන ගෝණුස්සට තමයි ගෝණුස්සි කැමති වෙන්නේ.. ඒත් ගොඩක් වෙලාවට නටන ගෝණුස්සො 2ක් වලි යනකොට වෙන ගෝණුස්සෙක් එක්ක ගෝණුස්සි යනවා :P

    ReplyDelete
    Replies
    1. හි හි ..ඒකත් මලු තමයි
      :D

      Delete
  6. ගමේ සිද්ධ වෙන මේ වැඩ වලට එකතු වෙලා වැඩකරන එක නම් හරිම ජොලි වැඩක්..සිද්ද වුනු දේවල් මතක් කර කර මාස ගාණක් හිනා වෙතෑකි..

    ReplyDelete
    Replies
    1. හිනා වෙතහැකි කියන්නේ රු අපේ දෝනි මේ කොල්ලට "මොන්ගලයා" කියල නමකුත් දාල තියෙන්නේ ..හි හි .. දවසකට වතාවක් හරි මේ මොන්ගලයා හින්ද අපි හිනාවෙනවා

      Delete
  7. පව් අප්පා කොල්ලා

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාට කොල්ල ගැන දුක හිතිලෝ ... :)

      Delete
  8. හොද වැඩේ. හිකිස්. බොන මිනිස්සුන්ට මමත් කැමති නෑ. හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. කවුද අනේ බොන අයට කැමති ...... :)
      කෝ කේක් ?(තරහින් කෙල පෙර පෙර )

      Delete
  9. සංගීත වලදී නටන උන් කරන ඒවා පැත්තකට වෙලා බලා ඉන්න එක හෙනම ජොලි වැඩක්. සමහර එවුන් බීල වැඩි කමට මඩ වලවල් වල පීනනවා :)
    ඔයයි දෝනියි හිනා වෙන එක ගැන ඌ වැරදියට හිතන්න ඇති. කාටද අප්පා ඔහොම විගඩම් දැක්කම හිනා නොයන්නේ. ඔයා සංග්‍රහ කමිටුවේ හිටියා කිව්වා නේද.. ඇත්ත ද අමුත්තන්ට සංග්‍රහ කරන්න කෑම මදි වුනා කියන්නේ :P

    ReplyDelete
    Replies
    1. එයාට හිනාවෙද්දි අපි පේන්න හිනා උන් නෑ එයාට ..වැඩිපුර අපි හිනාවුනේ වෙන අයට .,හපොයි කවුද හොලෙක් කෑම මදිවුන එකත් කියලා
      :D

      Delete
  10. හික්ස්! හොඳටම ගණන් උස්සලා වගේ! :D

    ReplyDelete
    Replies
    1. මම දන්නෑ වගේ උන්නා -පොඩ්ඩක් ගණන් උස්සලා
      :D

      Delete
  11. සංගීත ඔහොම දේවල් වෙනවා...

    ReplyDelete
  12. ඇතියන්තම් ඔයින් ගියා ...
    මොකට යනවද ඕය ලැන්තරස් බලන්න.

    ReplyDelete
    Replies
    1. හික් ..ගමේ එව්වට නොගිහිං කොහොමෙයි ...අපේ අය්යලා මල්ලිලාගේ වැඩ බලන්නනේ ගියේ ..හි හි
      :)

      Delete
  13. ආ.. රතු මැඩම්...

    අර කොල්ලා සෙට් වෙන්න හදපු හැමෝම බැඳපු අය වෙන්න ඇතිනේ. පව් නේ..

    රෙහානිට තිබුනේ තව නැටුම් තෙල් බීපු එකෙකුට ලයින් පාරක් දීලා අර නම්බර් එක දෙන්න. එතකොට කෝමද? (හැබැයි ඇත්තටම කරලා ගුටි කාවට කොරන්න දෙයක් නෑ.)

    ReplyDelete
    Replies
    1. මේං මෙයත් ඒ නමින් මට ආමන්ත්‍රණය කොරනවා
      හි හි බැඳපු අය වෙන්ට ඇති ..
      උයා හදන්නේ මට ගුටි ගස්සවන්නද ? හික්

      Delete
  14. මගෙ ජීවිතේ කිසිම දවසක සංගීත සංදර්ශණවලට ගිහින් නෑ. යන්න ආසත් නෑ. අනේ මන්දා..ඔය වගේ තැන්වලදී මිනිස්සු බීගෙනනෙ ආතල් ගන්න එන්නේ..පරිස්සමෙන් කෙල්ලෙ..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම යන්න ආසාවක් නෑ ලිහිණියෝ ,ගමේ නිසා ගියේ .. :)
      පරිස්සම් වෙන්නම්කො :)

      Delete
  15. විරුද්ධ ලිංගිකයන්ව ආකර්ශ්ණය කර ගන්න මොණරත් ඔහොම කරනවා නේද? උගෙ නැ‍ටුමත් ගන්නම දෙයක් නෑ. මැටි පාගනවා වගේ තමයි.:D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

    ReplyDelete
    Replies
    1. හැබැයි පිළ ලස්සනයිනේ..

      Delete
    2. අවුල ඌ පිටිපස්සත් හරවන එ‍කනේ....

      Delete
    3. හේ හේ ...මොණරා දන්නවනම් පිල් විහිදුවහම උගේ පිටිපස්ස එච්චර කැතයි කියල ඌ කවදාවත් එහෙම නටන එකක් නෑ

      Delete
  16. බිලා මිනිස්සු නටද්දී පට්ට ආතල්,ඒවා දිහා බලන් ඉන්න එකෙත් අමුතු සොමියක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක මාර ජොලි වැඩේ නේද මඩයෝ ...කොහේ හරි කොනකට වෙලා ශේප් එකේ බලන්න ඕනි ..හික්
      :D

      Delete
  17. හයියෝ පව්ව්..ඌ ගමේ එක්කෙනෙක්ගෙන් අහන්න ඇති ඔයා බැඳලද කියලා. බලාපොරොත්තු සුන් වෙන්න ඇති. ඔහොම බීගෙන කැමැත්ත අහන්න එන්නේ ඉතින් පිස්සෝ තමයි..

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම් ..අහල තිබුනේ අපේ ගෙවල් කිට්ටුව මල්ලි කෙනෙක්ගෙන් ..හි හි

      Delete
  18. හි හි ඌ හිතේ දුකට කව ටිකක් බොන්න ඇති නේද??

    ReplyDelete
    Replies
    1. මොන හිතේ දුකක්ද ඌට මාව මතකවත් නැතුව ඇති ..හි හි
      :D

      Delete
  19. මටනම් ඔය මියුසිකල් පෙන්නන්න බෑ... මොකෝ මේ යාන්ත්‍රිකයට තාලෙකට අඩියක්වත් තියාගන්න බෑනේ....??

    ReplyDelete
    Replies
    1. හි හි ...මට නං එහෙමම නෑ ..සෙට් එකත් එක්ක ඉඳ හිට යනවා ..අසාවට නෙමේ ..ජොලියට වගේ

      Delete
  20. පවු වැඩේ රෙහානි... ඌ ට හිතෙන්නැති අපරාදේ වැය කරපු කැලරි ටික කියලා... හි හි.. මොන්ගල් කේස්..

    ReplyDelete
    Replies
    1. ඌ වැඩිපුර කැලරි වැය කලේ නටන්නනේ .. නටාගන්න බැරි වුනාට !හි හි ..මොංගල් කියන්නේ කියල වැඩක් නෑ පුදුම පිස්සෙක්

      Delete
  21. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන සල්පිල ගැන එකම ඡායාරූපයක්වත් නොදමන තරමට සාහසික වුනේ.... හැම තැනම මගුල් මුද්ද දාගෙන යන්න...අපිනම් ඉස්සර කෙල්ලන්ට ට්‍ර‍යි කලේ මුද්ද ඇගිල්ලෙ තියෙනවද කියලා බලලා...

    (එහෙම කිව්වට ඒකත් ප්‍රායෝගික නැද්ද මන්දා...අද ඇගිල්ල කපලා මුද්ද හොරු අරන් යන කාලෙ නොවැ )

    ReplyDelete
    Replies
    1. අනේ කැමරා එක අරං යන්න බැරිවුනා ..අනික මං පෝස්ටුවක් දාන්න හිතන් හිටියේ නෑ මේ ගැන ,,දාන්න හිටියේ වෙන පෝස්ටුවක් ..ඒත් නෙට් අවුල් සිරා අය්යේ ..පින්තුර අප්ලෝඩ් වෙන්නේ නෑ ..පාලුවට යන නිසා මේක කෙටුවේ ..
      .................................
      මුද්ද දාගෙන හිටියේ ..දකින්න නැතුව ඇති ..ගමේ නිසා හොරු ගැනත් බය නෑ නේ ;)

      Delete
  22. කොල්ල හිතන්න ඇති පොල් ගහකට නැග්ගත් දෙබලක් තමා කියලා :P

    ReplyDelete
    Replies
    1. හි හි .......හ්ම්ම් හ්ම්ම් ..!

      Delete
  23. හපොයි...බිව්වම නම් ඉතිං මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැ.... හැබැයි පව් වැඩේ...උගේ වැඩ කෑලි ටිකත් වැඩකට නැති වුනානේ..හික්.....

    ReplyDelete
    Replies
    1. උගේ වැඩ කැලි ටික නිසා අපි ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගත්තා .. හික්

      Delete
  24. ආතල් නේන්නං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. Hapoi thawathnam bila kello issaraha natanne netha..natanna wenneth netha..suddiyo issaraha witharane :P

    ReplyDelete
    Replies
    1. හෑ ..මෙයත් කෙල්ලෝ ඉස්සරහ ඒම නටලා තීනවද ?මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාළුවා !

      Delete
  26. රෙහානිටත් වෙන වැඩ. කොහොම හරි කියා ගත්ත නේද පොඩි කොල්ලොත් රැවටෙන තරමට ලාබාල පෙනුමක් තියෙන්නෙ කියල :D

    ReplyDelete
    Replies
    1. හි හි ...ඔයත් මාව දැක්කොත් ඒම කියාවි ...
      :D

      Delete
  27. මියුසිකල් එකකට කොල්ලෝ සෙට් එක එක්ක බැහැලා ඩාන්ස් කරනවා කියන්නේ ඉතින් ලොවෙත් නැති ආතල් එකක් තමයි. අපිනම් ගොඩක් වෙලාවට නටන්නේ ජෝක් ස්ටයිල් එකෙන්. වෙලාවකට සවල් ගහනවා , වෙලාවකට බයිසිකල් පොම්පෙන් හුලන් ගහනවා, පියාඹනවා,ඔය මොන මොන ස්ටයිල් එකකටත් වඩා ඒක බලන අයටයි නටන අයටයි ආතල්. හැබැයි කෙල්ලෝ එක්ක ඔය වගේ ගොන් ආතල් නම් අපි කරන්නේ නෑ. ඇයි අප්පා කොහෙන් කන්ඩ වෙයිද දන්නේ නෑනේ. හෙහ් හෙහ් හෙහ්. ලිමිට් එකක් තියෙන්න ඕනෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන ජෝක් ස්ටයිල් එකෙන් තමයි එයත් නැටුවේ ...හි හි ..පියාබන එක එහෙම හික් ..අනිවා ලිමිට් එකක් නැත්නම් කන්නම වෙනවා ..හි හි
      :D

      Delete
  28. තනිකඩ සොවින් පෙලෙන කොල්ලෙක්. අවංක වේදනාවෙන් කියන්න ඇත්තේ..

    ReplyDelete
  29. “හීන ගොඩක් මැද ජීවත්වෙන, නමුත් ජීවිතේ හීනයක් නොකරගත්..අරමුණක් කරා යන ගමනක් ඇති.. අහිංසක සිතැත්තියෙක්...!“
    ඒ ඔබගේ ඔබ ගැන පළමු හඳුන්වාදීම. ඇත්තටම ඕ සිහිනය ඔබට ආශිර්වාදයක් වේ.
    ඔබට සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිර්මලා ..ආදරයෙන් පිලිගන්නවා ඔයාව අහසට ..!
      සුභ නව වසරක් වේවා....!

      Delete
  30. අපි ඇහුවොත් බැදලානේ.. පව් හිහ්හි,දුකත් හිතෙනවා අෆ්ෆා.ඔය ගොඩක් ගොන් වහන්සෙලා දන්නෑ බේබද්දන්ට හරිහමන් කෙල්ලො කැමති නැති බව.ඒකනෙ විහින් ඇග ඇතුළට වසවිස දාගෙන කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන්නේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව කෙල්ලේ ..!මේ කොල්ලන්ගේ පිස්සුවදන් වැඩනේ !

      Delete
  31. මාත් රත්නපුරේ. එතකොට මාත් ලස්සනද? හෑ?



    අද තමා මෙහෙ ආවෙ... ලිහිනිගේ පෝස්ට් එකක කොමන්ට් එකක් දැකලා. රත්නපුරේ කියලා දැක්කම ගතියක් ආවා. :)
    ඒත් කොහෙද? බලපු 1 පෝස්ට් එකේම තියෙනවා සත්තලන් ගැන.. :(
    දම් පාට අහස කඩා වැටුනා.... වගේ දැනුනා.

    මුනා කොරන්නද? අපි ඇහුවොත්............. බැඳලා!!!!!
    :D :D :D :(

    ReplyDelete
    Replies
    1. හි හි ..නැතුව නැතුව ,ඔයිත් ලස්සනයි !
      මේ ඉන්නේ රත්නපුරේ කොල්ලෝ ඕන තරම් ..ඒකනේ කියන්නේ ගෙට්ටුව තියන්න තිබුනේ මෙහෙ
      ........................
      //මුනා කොරන්නද? අපි ඇහුවොත්............. බැඳලා!!!!!හෑ .............හි හි !
      සාදරයෙන් පිලිගන්නවා යාලු ඔයාවත් !
      ;)

      Delete
    2. මාර සීන් එකනේ රෙහානි, රත්නපුරේ කොල්ලො ටික තරගෙට උඩ නගිනව වගේ.... දෑන් ඉතින් ලස්සන බලන්නවත් එකෙක් පොලොවෙ පය ගහපු එකෙක් නෑති හෑඩයි... :D

      Delete
  32. මම නම් රත්තපුරේ නෙවෙයි. ඉස්සර නම් සංගීත බලන්න ගිහිල්ලා ඩාන්ස් කලා තමයි. ඒ කාලේ මම පිස්සු කොල්ලා නිසා. එතකොට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හිටියෙත් රත්නපුරේ නිසා රත්නපුරේ මියුසිකල් ගෘප් එකක් සිංග් කරද්දී ගිහිල්ලා ෆන් එකක් ගන්නවා. රත්නපුරේ ගර්ල්ගේ ගම නිසා රෑට ගියාම වුනත් බයක් නැහැ. ඒ මීට අවුරුදු ගාණකට විතර කලින්. දැන් එයා වෙන කෙනෙක් කසාද බැඳලා දරුවෝ දෙන්නෙකුගේ ආදරණීය මවක්. මමත් දැන් මැදිවයසේ.. දැන් කරන්නේ ගුවන්විදුලියේ, රූපවාහිනියේ, මොබයිල් එකෙන් හරි ගීත රස විඳින එක විතරයි. මොබයිල් එකේ හෑන්ඩ් ෆ්‍රී දාගෙන රැකියාවට යන එන අතර වාරයේ වාහනයේදී ගීත රස විඳිමින් යනවා.

    ReplyDelete