ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, July 30, 2014

5S ලු ඔෆිස් එක..



බුමුතුරුණු නැතිවාට
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස 
රෙඩ් ෆාම් පේලියට...

 කහ පාට ඊතල  ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා 

අංක කළ පංකාද
කැරකෙමින් සිසිල දෙයි..

රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..

"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..

45 comments:

  1. මම නම් කැමතියි 5S ක්‍රමයට.

    ReplyDelete
    Replies
    1. හහ් හා මොක ලන්කවෙ තියෙන්නෙ 5S නෙමෙයි 5O
      1O-ඔක බැ
      2O-ඔකත් බැ
      3O-ඔක නම් බැ
      4O-ඔක එයාලට පුලුවන් වුනාට මට බැ.
      5O-ඔක එයාලට වගෙම මටත් බැ

      Delete
    2. 5s හොඳයි ඩුඩ් තුමා...ඒ බාහිර වටපිටාවේ පිළිවෙල වගේම අවශ්‍ය කාරණාව ඉටුවෙනවා නම් තවත් හොඳයි...නේද

      @දමිත් - හී :D

      Delete
  2. හහ් හා මොක වුනත් ලකාවෙනේ

    ReplyDelete
  3. මේකත් ඔන්න ඔය වගේ කතාවක්
    බලන්න

    ReplyDelete
    Replies
    1. අම්මේ සුදීක දැක්ක කල්... සුදුවෙලා ඉතිං ඉතිං

      Delete
    2. @සුදීක - බැලුවා .....මරු

      @ ඉවා - ඔවු නෙහ් ....මාත් කාලෙකින් දැක්කේ..

      Delete
    3. ඉවාන් අයියා අර "සූදු වෙලා" කියපු කෑල්ල නම් මට එච්චර ඇල්ලුවේ නෑ! ;)

      Delete
  4. හි හි... ඔව්ව කොහෙද ලංකාවෙ වැඩ කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මං දැකල තියනවා ඊතල විරුද්ද පැත්තට ඇවිදින අය ඕන තරං

      Delete
  5. 5'S හරියට ක්‍රියාත්මක වෙනවනම් කොයි තරම් ලේසියෙන් , පහසුවෙන්, ඉක්මනින් වැඩ ටික කරගන්න පුළුවන්ද... එහෙම නොකෙරෙන එකනේ ප්‍රශ්ණේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ තුශා ....ඔක්කොම පේන්න විතරයි..

      Delete
  6. මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕන ඔක්කොටම කලින්!!

    ReplyDelete
    Replies
    1. අනිවා ....කරන්න බැරිත් ඕකමයි....

      Delete
  7. අපේ එවුන් 5S කියලා තව අමතර වැඩක් එකතු කරගන්නවා . අපේ උන් කරන හැටියට 5S නිසා වැඩ ලේසි වෙනවා නෙවෙයි එපාවෙනවා . ලංකාවේ ක්‍රමේට කරන්න ගියාම හැම එකම ඔහොම තමා . ඇයි ISO system එක අපේ උන් අල්ලගෙන ඉන්න කොන ,එකත් එහෙම තමා
    .
    නංගී ..මතකනේ දවස ....මේවා දැම්මට කමක් නෑ ..දන්නවනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හැමදේම සෝබනේට තමයි කරන්න ගන්නේ...මුලින් මුලින් වැඩේ කරනවා හරියට...පහු වෙනකොට ඒක කරදරයක්....ඊට පස්සේ ඔක්කොම පටලගෙන වණයක් කරගන්නවා..

      මොකද්ද අයියේ ISOසිස්ටම්...

      අම්බෝ ඔවු....අවුලක් නෑ එහෙම උනොත් අලුත් අත්දැකීමක් එකතු වෙයි නේ... :D

      Delete
    2. //නංගී ..මතකනේ දවස//

      ඈ ඒ මොකක්ද ඒ?අපිටත් කියහල්ලාකෝ.අපිත් ආසයි ඕපයක්,දෙකක් හොයන්න...:D

      Delete
    3. ඒ තමයි දත් නැතිව බත් කන දවස ...හැක් :D

      Delete
  8. නියමයි රෙහානියෝ...................

    කතාව ඇත්ත. එස් පහක් නෙමෙයි පණහක් තිබ්බත් මොක ද අහිංසක මනුස්සයෙක් ට වැඩක් කරගන්න බැරිනම්. ඔය ඔෆිස් වල වැඩ කරන අයට රස්සාව ලැබුණ අලුත් මානුෂවාදී අදහස් තිබුණාට ක්‍රමයෙන් අනික් අය වගේ ම සාමාන්‍යකරණයට ලක් වෙනවා. අන්තිමට මතක නෑ රස්සාව ලැබුණේ මොකට ද කියලා හෝ පඩි ගෙවන්නේ කවුද කියලාවත්. ඉතින් අන්තිමට හිතං ඉන්නේ රස්සාව තමන්ගේ බූදලයක් කියලා.................

    නියම තැනට ගහලා තියෙනවා. ප්‍රශ්ණය තියෙන්නේ පිළිවෙල හෝ අපිළිවෙල නෙමෙයි. ආකල්පමය හැදියාවක් නැති කමයි.................

    නියමයි....................

    ReplyDelete
    Replies
    1. මං කියන්න උත්සාහ කරපු අදහස සම්පුර්ණයෙන්ම් ඔයාගේ කොමෙන්ටුවේ තියනවා...ඔයාත් ඉතිං කවිකාරයනේ ...

      ස්තුතියි...

      Delete
  9. s අකුරු දහයක් ගැහුවත් මේක ලංකාවනෙ රෙහානි.

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සු වෙනස් කරන්න අමාරුයි හැලප තුමා...

      Delete
  10. හෙහ්, එච්චර කරලත් හෙට එන්නද කියන්නේ.. හනේ වාසනවන්..

    ReplyDelete
  11. ලංකාවේ ...අපේ ලං..කාවේ :D

    ReplyDelete
  12. මොන එස් ගැහැව්වත් වැඩක් නෑ...
    අපිට වැඩක් ගන්න ගියාම කන්න වෙන කට්ට ගැන නං කියල වැඩක් නෑ...
    අප්පිරිය වෙනව...
    තුහ් නෙදකිං

    ReplyDelete
  13. අනේ බං උඹ තාමත් දන්නේ නැතිද රෙහානියෝ ලංකාවේ සිස්ටම් එක වැඩක් කර ගන්න.?

    ReplyDelete
  14. තිත්ත ඇත්ත..

    ReplyDelete
  15. "S"අකුරු පහක් නෙමෙයි ඉංග්‍රිසි හෝඩිය ගෙනල්ලා ගැහුවත් ලංකාවේ වැඩ වෙන්නෙ උන් උන්ට ඕනි විදියට.ඒකනෙ ශ්‍රී ලාංකේය අභිමානේ :D

    ReplyDelete
    Replies
    1. මල්ලියා....සාදරයෙන් පිලිගන්නවා අහස යටට...

      අන්න එතනනේ ප්‍රශ්නේ මල්ලියෝ...

      Delete
  16. එස් 05 සංකල්පය ------------------------

    01. තේරීම - Sorting (Seiri) -----------------------------
    මෙම කොටසින් අදහස් වන්නේ සියලුම අනවශ්‍ය දෑ ඉවත් කිරීමය. එමගින් කාර්යකෂමතාවය වර්ධනය වේ. මන්ද අනවශ්‍ය දෑ ඉවත් කළවිට ඉතිරිවන්නේ අවශ්‍ය දෑ පමණක් බැවිනි. ඔබේ අවට පරීක්ෂා කර බලන්න. කෙතරම් දෑ අවශ්‍යද? කෙතරම් දෑ අනවශ්‍යද? අනවශ්‍ය දෑ, අවශ්‍ය දෑ සමග මුසුවී පවතින විට අපට අවශ්‍ය දෑ සෙවීමට නම් සියල්ල උඩු යටිකුරු කිරීමට සිදු නොවන්නේද? එසේ නම් එය පාඩුවකි. බලවත් පාඩුවකි.

    අවට ඇති දෑ සියල්ල ලේබල් කර තබන්න. අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ, ඉඳහිට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ ලෙස සියල්ල ලේබල් කරන්න. එවිට අනවශ්‍ය දෑ ඉවත්කර දැමිය හැකි අතර ඉඳහිට අවශ්‍ය දේ ගබඩා කර තැබිය හැකිය. මෙලෙස කාර්යක්ෂම පරිසරයක් නිර්මාණය කරගන්න.

    02. සැකසීම - Straighten or set in order (Seiton) ---------------------
    අනවශ්‍ය දෑ සියල්ල ඉවත් කළ පසු ඉතිරිවන්නේ අවශ්‍ය හා අත්‍යවශ්‍ය දෑ පමණි. නමුත් මේවා නිසි පරිදි සැකසීමට ලක් නොකළහොත් අවශ්‍ය අරමුණු ඉටුනොවේ. එබැවින් සංකල්පයේ දෙවන පියවර වන්නේ සියලුම අවශ්‍ය දෑ පිළිවෙළට තැබීමය. අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය ස්ථානයේ තැබීමෙන් එය අවශ්‍ය විටෙක සොයාගැනීමට සියලුදෙනාටම පහසුවක් වේ. එමගින් අමිල සම්පතක් වන කාලය ඉතිරිවන අතර කාර්යක්ෂමතාවය වර්ධනය වේ. යමක් සොයාගැනීමට එහේ මෙහේ දිවගිය දිනක් සිහියට නඟන්න. එහිදී ඔබ මෙන්ම ඔබ අවට පිරිස ද එලෙසම පීඩාවට ලක්වූවාට සැක නැත. නමුත් ඉහත ක්‍රමය භාවිත කළේ නම් එසේ සිදුවීමට කිසිසේත්ම ඉඩක් නොවේ.

    03. පිරිසුදු කිරීම - Sweeping, Shinning or Systematic Cleaning (Seiso) --------------
    සියලු අනවශ්‍ය දෑ ඉවත්කොට, අවශ්‍ය දෑ පිළිවෙළට තබා ඇත්නම් යම්තාක් දුරට ඔබ අවට පරිසරය දැනටමත් පිරිසිදු වී ඇත. පිරිසිදු පරිසරයක් මගින් ප්‍රසන්නභාවයක් ඇතිවේ. එය වැඩ කරගෙනයාමට ද පහසුවකි. මානසික සහනය ලැබීමෙන් පීඩාව, මහන්සිය දුරුව යන අතර ප්‍රබෝධමත්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව උදාවේ. මෙහි තිබෙන වැදගත්ම කරුණ නම් පිරිසිදු බව දිගටම පවත්වාගෙන යාමය.

    04. ප්‍රමිතිකරණය - Standardizing (Seiketsu) ---------------------------
    සමස්ත පද්ධතියම, නිසි ප්‍රමිතිකරණයට ලක්කිරීම මෙහි අරමුණය. ඉහත කරුණු ත්‍රිත්වයට වඩා අපහසු කරුණක් ලෙස මෙය හැඳින්වීමෙහි වරදක් නැත. වගකීම් බෙදාදීම මගින් මෙය පහසුවෙන් ළඟාකර ගත හැකිය. කවුරුන් විසින් කුමක් කළ යුතුද යන්න මෙමගින් අදහස් කෙරේ.

    05. සංවරය පවත්වා ගැනීම - sustaining the discipline (Shitsuke) ---------------
    ඉහත කරුණු 04න් ලබාගත් සංවරය දිගටම පවත්වාගැනීම මෙහි අරමුණය. එබැවින් මෙය එස් 05 සංකල්පයේ ක්‍රියාවට නැංවීමට අපහසුම කරුණ වේ. නමුත් නිසි අධීක්ෂණයක් හා දිරිගැන්වීමක් මගින් ඉහත සංවරය දිගටම පවත්වා ගැනීමටත්, එමගින් සම්පූර්ණ එස් 05 සංකල්පය අනුගමනයටත් ඉඩ සැලසේ.

    (හරියට කොරගන්න පුළුවන්නං පහල තියන වාසි අත්කරගන්න පුළුවන්)

    � චිත්ත ධෛර්යය වර්ධනය.

    � දියුණු සේවා පරිසරයක් නිර්මාණය වීම

    � කාර්යක්ෂමතාව වර්ධනය හා කාලය ඉතිරිවීම

    � වැඩි ඉඩක් නිර්මාණය වීම

    � ආරක්ෂාව වර්ධනය වීම.

    � ගැටලු හඳුනාගැනීම වේගවත් වීම හා ගැටලු අවම වීම.

    � මානසික ආතතිය දුරුවීම.

    � අන්අය සමග වඩා හොඳ සම්බන්ධතා ඇතිවීම.

    � පාලනය පහසුවීම.

    � ජනප්‍රියතාවය.

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. http://sinhala.adaderana.lk/opinion.php?nid=2234

      මෙතැනින් ගත්තේ

      Delete
    2. අස්පට සිලි ....මේ තීන්නේ ...තෑන්ක්ස් විදානේ....

      Delete
  17. 5 S තිබුනට වට පිට බලලා කීයක් හරි අත මිට මෙලෙව්වා නම් ඔය වැඩේ අදම කරගන්න පුලුවන් වේවි. ඔයා මොකද අපේ මහත්තයා ඉන්න දිහාවේවත් යන්න හදනවද ?

    ReplyDelete
    Replies
    1. අන්න ක්‍රමේ සහ විධිහ....හැක් :D

      නෑ නෑ අයියේ...මේ වෙන සීන් එකක් මතක් වෙලා ලීවේ

      Delete
  18. ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේක තමයි......

    ReplyDelete