ලා දම් අහසට පායන උදවිය ..

Saturday, January 4, 2014

වටු නන්දෙ




"වටු නන්දෙ" කීවම කස්ටිය බලනවා ඇති ඒ මොකාද කියලා.හික්ස්..........වටු නන්දෙ කියලා කියන්නෙ අපේ ගමේ ඉන්න එක්තරා මානසික රෝගියෙක්..එයාගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි අද කියන්න යන්නේ.මෙයාට "වටු " කෑල්ල එකතුවෙලා තියෙන්නේ ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක් හන්දා.උස අඩි 4ක් වගේ තමයි.මම සමහර පෝස්ට් වල කොමෙන්ටු වලට මේ වටු නන්දෙ ගැන දාලා ඇති.අද නම් පඳුර වටේට තලලා නවතින්ට තමයි අදහස.

(හැලපස්ටයිල්) මේ වටු නන්දෙගෙ දෛනික චරියාවේ කොටසක් තමයි කාන්තාවන් නාන තොටුපලක ලැගුම් ගන්න එක.කොහේ හරි පඳුරක් ඇතුළේ ඉඳන් ගෑණු උදවිය නාන දිහාව බලාගෙන ඉන්න උන්නැහේ හරි කැමතියි.උන්නැහේ ඔහොම බලාන ඉන්න ගිහින් අහුවෙලා ගුටි කාලා ඇති අනන්තවත්..නන්දෙ ගං ඉවුර ලඟින් යන්නෙ ගං ඉවුරෙ නාන ගැටිස්සියො දිහා බලලා ඒ අය එක්කලා කතා කරගෙන එහෙම තමයි.ඔය යන්නෙ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්න කියලා ගැණු නන්දෙ යනකොටම දන්න..සමහර ගෑණුන්ගෙ කටවල් හරියට වක්කඩ කැඩුවා වාගෙ තමයි.."නන්දෙ මාමෙ ඔය පැත්තට ගියාට කමක් නෑ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්නවා එහෙම නෙවෙයි කියලා මූණටම කියනව..නන්දෙටත් එව්වයෙ ගානක් නෑ....ඕනතරං ඔය කතාවම ගෑණුන්ගෙන් අහලා තියන හන්දා.

(දේශකස්ටයිල්) දවසක් නන්දේ දොළපාරක ගෑණු නාන දිහාව බලං ඉන්න ගිහිං.ඒකා ගල් දෙබොක්කාවක් අස්සෙ ඉඳන් එබෙනකොට නාන ගෑණියෙකුට මීටර් වෙලා වැඩේ.ගෑණිට දැන් හොඳ එකෙන්ම මල.වටේ උන්නු ගෑණු ටිකට හිමීට සීන් එක කියලා කට්ටිය එක්ක හොඳ ගල් පාරවල් ටිකක් දීලා.'පොන්න &%$#@#" කියලා හොඳවයින් කතා කරලත් තිබුණා.මිනිහට නෙවෙයි ගානක්වත් වෙන්නෙ ඔව්වා..පණ කඩාගෙන දුවලා තිබුණා එවෙලේ නම් ඔලුව බේරාගෙන.....හැක්

(සිංදුවාස්ටයිල්) නන්දෙ තවත් ප්‍රිය කරන පොට් එකක් තමයි ගෑලු ලමයි නාන ගෙවල්.ඔය බාතෲම්  එහෙම නැති (ගමේ කොහොමත් එලිමහනේනෙ ටැංකි හදලා තියෙන්නෙ නාන්න.)තැන්වල.ඔහොම නානකොට බලං ඉද්දි ඉතිං ගෑලු ළමයිට අතේ මාට්ටු වෙලා  සුට්ටක් බය උනාට මොකද  සින්දු කෑලිත් හදලා තියනවා "නන්දේ .....ලන්දේ.....මොකද කරන්නේ" කියලා..මිනිහා අතුරුදහන් වෙනවා ඒ වෙලාවට. 

(ඉවාන්ස්ටයිල්) මේ සීන් එක ගමේ "බ්‍රැන්ඩික්ස්" එකේ වෙච්චි වැඩක්..මේ ආයතනයේ ලන්ච් එක අරන් ගැණු ළමයි හැමදාම කොන්ක්‍රීට් බැම්මක් උඩ වාඩිවෙලා ඉන්න පුරුදුවෙලා තිබුණා...බ්‍රැන්ඩික්ස් එක පිහිටලා තිබුණේ කන්දක් උඩ.මෙහෙම චෑන්ස් එකක් එන්නේ කල්පෙකට එකයි කියලා නන්දේ කන්දෙන් පල්ලෙහා තියන පොල් ගස් උඩ නැගගෙන උඩ බැම්ම දිගේ වාඩිවෙලා ඉන්න ගෑණු ළමයි දිහා බලන් හිටියා...දවසක් කෙල්ලෙක් ඒක දැකලා තිබුණා..කෙල්ලො කොල්ලන්ට කියලා කොල්ලො ඇවිත් බලනකොට මූ ගහෙන් සුරුස් ගාලා ලිස්සලා.

පස්සෙ ලන්ච් ටයිම් එකේදි කොල්ලෝ කෙල්ලන්ට අනතුරු ඇඟවීමක් කරනවලු "මේ රුක් දෙයියෝ වඩින වෙලාව...උඹලා බැම්ම පැත්තෙ යනවා නෙවෙයි" කියලා.. 

(සිරාස්ටයිල්) නන්දෙගෙ පව්ලේ බිරිඳ,දූලා දෙන්නා සහ පුතා තමයි හිටියේ.ගමේ මිනිස්සු නොයෙක්වර දැක තිබෙනවා තමන්ගේම ලෙයින් ජාතක වෙච්ච දූලා නාන දිහාත් නන්දෙ බලන් ඉන්න හැටි.ඒ විතරක් නෙවෙයි තමන්ගේම බිරිඳ නාන දිහාත්.එය නම් ඉතාම ශෝචනීයයි.නන්දෙගෙ පුතායි මායි ඉගෙනගත්තේ එක කැලෑසියේ.පුතාට නම් එවැනි ගති පිහිටලා තිබුණේ නෑ වාසනාවකට.බොලාට කියන්න ඒ ගෑණු දැරිවියො දෙන්නගෙන් එක්කෙනෙක් පව්ලත් කඩා ඉහිරවගෙන කොහේදෝ රටකට ගියා දරුවෙකුත් දාලා.අනිත් දැරිවිට ඇගේ සැමියා අලුත් අවුරුද්දට බුලත් දෙන්න වත් ගෙදරට එන්න තහංචි පනවලයි තියෙන්නේ..බිරිඳත් කොහේදෝ රටක ගියා ගියාමයි.දෙමව්පියෝ කොරන වැරදි බලපාන්නෙ දරුවන්ට කියලා කියන්නෙ ඔන්න ඕකයි.

(රයිටර්ස්ටයිල්) කොරන්ඩ පුලුවන් කුප්පකම් ටික ඔක්කොට කොරාට මොකද නන්දෙ පාරෙ යන්නේ හරියට 365 දවසෙම උතුරු සලුව කරේ ඔතාගෙන හකු පයිනකං බුදුහාමුදුරුවෝ ඉස්සරහ ගාථා කියන ගානට.ඊට වඩා කුප්ප කට කැඩිච්චි එකා වෙච්චි හන්දද මන්දා රෙහානියා දවසක් දා ගිනි මද්දහනේ මහ සෙනගක් මැද්දේ ගිරිය පුප්පලා "ඈ නන්දෙ මාමේ දොළ පැත්තෙ ගියෙ නැතෙයි " කියලා නන්දෙ ගෙන් අහන්ඩ උනහම උණ්ඩුක පුච්චෙ ඇඹරිලා ,කට අක්කරේට ඇදකොරගෙන යන උන්දැ දිහාව දකිනකොට රෙහානියට අනුවේදනීය හැඟිමක්ද මොකද්ද එක දැණුනේ නැතුවමත් නෙවේ.ඕකාට කොරන්ඩ ඕන ඔය වගේ ඒවා මයි කියලා හිත යටින් හැපි හැපි අමුතු සුවයකුත් වින්ඳා.

(රජාස්ටයිල්) නන්දේගේ මානසික රෝගයේ තරම විදහා පාන ඉටිකිරිස් සිදුවීමක් උනේය.එනම් දවසක් මේ ඩයල් එක දුරු කතර ගෙවාගෙන වෙනත් ගමකට සේන්දු වී තිබුණේය.ඒ තම එකම අභිප්‍රාය ඉටු කර ගැනීමටය.ඩයල් එක එන්ටර් වී තිබුණේ නාන තොටුපලකටය.එතරම් කැලෑබද නොවූ නිසා අවාසනාවට ඇත්ත කතාවක් සිදු වුනේය.ගැණුන්ට නන්දෙව මීටර් වෙලාය.ගෑණු හුනුහබ්බෙන් දෙසන ගමන් නන්දෙව අල්ලාගෙන තඩිබාලාය.ඒ මදිවට ගහකත් ගැට ගහලාය.ගෑනුන්ගෙන් මදිවට පිරිමින්ගෙන්ද ගුටි මාලාවක් ලැබිලාය.අනේ සාදුය.එහෙම හිතුවාට වැඩක් නැත.ආයෙත් පොර පෙර සේම වැඩට බැස ඇත.

(හිරූස්ටයිල්) වටු නන්දෙගෙ බිරිඳට කියමු කමලා කියලා...  කමලා ලංකාවේ ඉන්නවට වඩා හිටියේ සෞදි අරාබියේ..  ළමයි බලාගත්තේ කමලාගෙ අම්ම...  නන්දෙ පතල්වල වැඩ කරනව...  කමලා එක පාරක් ඔහොම ඉඳලා ලංකාවට ආවා...අම්මපා මේ ගෑණි ලංකාවෙ ඉන්න ටිකට (මාසයක් වගේ හිටියේ) වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා...  හී හී ..........ඒ ගියාට පස්සෙ ආපහු ආවෙ නෑ...  ආයෙත් රට ගියා කියලා තමයි ආරංචිය... කමලාගෙ ලොකු දූ කසාදෙ අතෑරලා ළමයෙකුත් දාලා ජෝර්දාන් ගියා... එයත් ආපහු ආවෙ නෑ... මට හිතෙන්නෙ එහෙම පව්ල් පසුබිමක් හැදුනෙ එකට ප්‍රධානම හේතුව තාත්තගෙ ක්‍රියා කලාපය කියල...කොහොම උනත් ඒ පවුලෙන් ගන්න දෙයක් නෑ දැන්...

(බස්සිස්ටයිල්)මේ නන්දේ හුරතලේට ගෙදර ඇති කරා මයිනෙක්.උදේ හවස ශුද්ධ සිංහලෙන් කතා කොරන ඒවා මයිනට ඉතිං කටපාඩම් නෙව.ඔය වටු නන්දෙට වට්ටා කියලා කියන තරම් කේන්තියක් යන්නෑ වෙන මොහොකටවත්.ගෙදර මිනිස්සු එක්ක ජල්ලි අල්ලලා අන්තිමේ නන්දෙ මයිනාටත් සත්තම දාන්ට තමයි ට්‍රයි එක.සූටි මයිනා වේලිලා ගිය කෝටුවක් උඩ සැපට දොයියගෙන ඉන්නකොට නන්දේ මයිනාට බැනගෙන බැනගෙන යන්ට පටන්ගන්නවා.මාරාවේෂ මයිනා අතාරින්ට සූදානමකුත් නෑ...වට්ටගෙම මයිනා නෙව.


නන්දේ  :  තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
මයිනා  :  තෝ දෑගං මට තෝකුත් නෑ

නන්දේ :  ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
මයිනා   : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ

නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං

නන්දේ : වර &^%$#$ එළියට....
මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ......


ප.ලි. ::: ඔන්න වටු නන්දෙගෙ කතාව දැනට අහවරයි...අලුත් දෑ ආරංචි උනහම කියන්නම්කො.කාටවත් කාගෙවත් ආරකින් ලියන්න කොච්චර අමාරුද කියලා තේරුණේ මේ පෝස්ටුව ලියන්ට ගිහිං.අවන්කවම කියන්න ඕනේ මට මේ කාගේත් ආරකින් හරියට ලියාගන්න බැරිඋනා.ඒ කීන්නේ මගේ උත්සාහය අසාර්ථකයි.බොලල්ලා ඇවිදින් මට බනින්ට එහෙම එපා ඕං.යන්තං වචනයක් දෙකක් අල්ලගෙන තමයි ලීවේ.වැඩියෙන්ම කට්ට කෑවේ පැතුම්ගෙ ස්ටයිල් එක ලියන්ට ගිහින් ...අපෙ අප්පේ........ඔන්න අලුත් අවුරුද්දෙ අලුත් වෙනසක් කොරන්ටයි උත්සහා කොළේ හොඳේ...එකිනෙකට වෙනස් ආරවල් ටිකක් තමයි තෝරගත්තේ...තව ආරවල් ලියන්ට ගියානම් මඥ්ඥං වෙන හන්දා නිකන් හිටියා...හික්ස්..

පින්තූරය ගූගල් වෙතිනි

93 comments:

  1. Replies
    1. අම්මෝ බඩත් රිදෙනව හිනා වෙලා ,නන්දෙ නන්දේ ,තවමත් බලන ගමන් ද දන්නෙ නෑ ..හැබැයි ඔය ලෙඩේඩ බෙහෙත් නම් තියෙනවා ...

      Delete
    2. අද එක උයා

      නැත්තං නැත්තං........තවමත් බලන ගමන් වෙන්ට ඕනේ....ෂුව එකටම

      මෙයැයිට බෙහෙත් අරන් දුන්නා...පලක් උනේ නෑ

      Delete
  2. නියම උත්සාහයක්. ඕක ඔය බොක්කෙන්ම ලියවෙන විදියනේ. අපිට අමාරුයි පොඩ්ඩක් ඒ ගානටම ගන්න. ඒ උණාට සුපිරි ආ. එක එක්කෙනා බලන කෝණය නම් නියමෙට තියනවා වගේ. බලාගෙන බුද්ධිමය දෙපල ය‍ටතේ නඩු දායි

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා...!

      අම්මපා ඒම කොරයිද....? නෑ එහෙම කරන එකක් නෑ නෙහ්? :)

      Delete
  3. මරුනෙ රෙහානි,ඔක්කොගෙම ඉස්ටයිල් එකට ලියන්න ට්‍රයි එකක් දීල තියෙන්නෙ.අපේ ගමෙත් ඉස්සර හිටිය ඔහොම කෙනෙක්,කෙනෙක් කිව්වට නෑදෑයෙක් වෙන හොඳ මහත්තයෙක්.අපේ වැට අයිනෙ මූණමල් ගහකට නැගල අපේ ලිඳේ ගෑනු නාන දිහා බලාගෙන ඉන්නව,ගෑනු කිව්වෙ රුක් දෙයිය කියල.

    ReplyDelete
    Replies
    1. සුට්ටක් ට්‍රයි කරලා බැලුව...හේ හේ

      මෙයත් ගස් නැගලා තියෙන්නෙ ඔය...අනේ මංදා ඉතිං..කරුමේ තමා නෙහ්..

      Delete
  4. මල්ටි ස්ටැයිල්,
    අනුකරණය වුනත් ලේසි දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳට තේරුණා මේක කරන්ට ගිහින් මනෝ :D

      Delete
  5. කොම කොම හරි ලියපු ටික නම් මල් 7 යි, රෙහානියෝ

    ReplyDelete
  6. හප්පේ මාර අධ්‍යයනයක් කොරල තියනවනේ එක එක්කෙනා ගෙ ලියවිලි ගැන!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්................ඒ උනාට ලියගන්ට නම් බැරි උනා හිතුව තරමට

      Delete

  7. වටු නන්දෙ කිව්වම මතක් උනේ.රෙහානි දන්නවද වට සෝමේ ගැන??
    ළමයි : වට සෝමේ............
    වටයා : උඹේ අම්මට *කන්න... *රි *සිගේ පුතාල...

    ReplyDelete
    Replies
    1. අයාල් සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
      මම අහලා නෑනේ වට සෝමෙ නම් :(

      Delete
  8. අළුත් අවුරුද්දට අළුත් වෙනසක්. නියම උත්සාහයක් රෙහානි. මම නම් හිතන විදියට ඔයා බොහෝ දුරට සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ප්‍රියා...ඒනම් හැපී ;)

      Delete
  9. හැම ඡේදයක්ම පටන් ගනිද්දි (..ස්ටයිල්) කියල තියෙනකොට මම බැලුව මොකක්ද මේ කියල. පස්සෙනෙ වැඩේ තේරුනේ. :)
    මට නම් හිතෙන්නෙ රෙහානි හොඳටම අල්ලගෙන තියෙන්නෙ මයිනාස්ටයිල් එක :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්........උයාට තේරුණා :D :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මයිනා ඉට්ටැයිල් එක කියෝලා තවම හිනා. හිනා වැඩිකමට උඩින් ලියාපු කොමෙන්ටුවෙ අකුරුත් වැරදිලා... :D

      Delete
  10. නියමයි අක්කේ, හිනා ගියා හොඳටම මේක කියවලා.

    ReplyDelete
  11. ඔයා කරලා තියෙන්නේ බොහොම අමාරු වැඩක්. වැඩියෙන්ම ආස සිරාගේ කෑල්ලට. මාරයාගේ ස්ටයි ලියන්න ගියා නම් තමයි අමාරුවේ වැටෙන්නේ. මාරයාගේ ස්ටයිල් එකේ ලංකාවේ හැම පත්තකම භාෂා ලක්ෂණ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මාරස්ටයිල් කියලා වැඩේ පටංගත්තා...කොහෙද....හරිගියේම නෑ...පස්සේ අල්ලලා දැම්මා...හික්ස්..

      Delete
  12. පට්ටනෙ සෑහෙන්න බ්ලොග් කියවන්න කැපවෙලා තියනව කියල පේනව

    ReplyDelete
  13. පිස්සු බම්ප් වෙයි ඈ! එතකොට මේ හැම ස්ටයිල් එකකින්ම නන්දෙ එනවද? ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්................ඔව් මගෙ හිතේ

      Delete
  14. පට්ට,
    //නන්දේ : තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
    මයිනා : තෝ දෑගං මට තෝකුත් නෑ

    නන්දේ : ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
    මයිනා : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ

    නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
    මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං

    නන්දේ : වර &^%$#$ එළියට....
    මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ......//
    මේ ටික නං පට්ටම පට්ට.
    සිනාසී තවමත් බඩ කොරවී ඇත,

    හැමෝගෙම ස්ටයිල් වලින් අහිංසක නන්දෙන වටකරගෙන නෙළලා තියෙනව නේද?
    ඇත්තටම ඌ ගැන, අනුවේදනීය හැඟිමක්ද මොකද්ද එක දැණුනේ නැද්ද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නන්දෙ අහිංසකයි කිව්වම මතක් උනේ.....නන්දෙ නානකොට බලන් හිටියට කාදාවත් කාටවත් කරදරයක් කරලා නෑ...ඒක මිනිහාගේ මානසික රෝගයක් විතරයි..

      ඒකත් ටිකාක් දැනෙනවා

      ජය වේවා!!!

      Delete
  15. හෑ අක්කේ දැන් මේ කියන මනුස්සයා ඔහේගේ ගමේ වෙච්චි.ඊළගට ඔහෙත් මේ ගෑනු දැරියක් වෙච්චි.ඔය දරිවිත් නානවා කියලා (නානවා නේ ඈ ) හිතෙන එකේ මගේ කට ට එන එක මෙතන කොටන්න හරි මදි වගේ
    :D

    ReplyDelete
    Replies
    1. අපි රෙඩි පිට ඉන්නෙ මලයා වට කොරගෙන...හිහ් හිහ් තත්ත්වෙ දන්නවනෙ

      කියන්ට එපා එහෙනං :D

      Delete
  16. රයිටර්ස්ටයිල් එකේ තියෙන කුප්ප වචනෙ රත්ගමයගෙ නේද? මම හිතන්නෙ ඔබතුමිය 90% විතර සාර්තකයි.

    ReplyDelete
    Replies
    1. එහෙමද.......? ඒක දැනන් උන්නෙ නෑ...

      තැන්කිව් වේවා..!

      Delete
  17. හයියූ රෙහානි අක්කෝ සුපිරියටම ලියලා තියෙනවා නෙව. හිනා හොඳටෝම මේක කියෝලා.

    කස්ටියගෙ එකිනෙකාට වෙනස් ආරවල් වලින් ලියන එක පට්ට අමාරු වැඩක් නේද? ඒත් ඔයා වැඩේ අති සාර්ථකව කරලා තියෙනවා...! :D

    ReplyDelete
    Replies
    1. හිනා ගියානම් සතුටුයි ඈ......

      හපුයි අමාරුයි නේන්නං...මාරස්ටයිල් අතෑරලාම දාන්ට උනා..තැන්කිව් බස්සියේ

      Delete
  18. අම්මප බොටත් හිතෙන දේවල් ඈ..!!!

    ReplyDelete
  19. හයියෝ හිනා ගියා බඩ කොරවෙන්නම..උත්සාහය සෑහෙන්න සාර්ථකයි...මානසික රෝගයක් වෙන්න ඕන තියෙන්නෙ.වට්ටගෙ පුතා දැන් මොකද කරන්නේ??

    ReplyDelete
    Replies
    1. ඒනම් සතුටුයි මලයා..

      මානසික රෝගයක් තමයි එයාට තියෙන්නේ....ඒකනේ කොච්චර ගුටි කෑවත් ලැජ්ජාවට පත් උනත් ඒකම කරන්නේ..

      වට්ටගෙ පුතා පතල් වල වැඩ මලයෝ...

      Delete
  20. උත්සාහය හොදයි රෙහානි.
    ගම්වල ඔය වගේ එක එක චරිත අනන්තවත් ඉන්නවා නේද...?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      ඉන්නවා නෙවෙන්නම්...ඔය ග්‍රීස් යක්කු කිය කිය හිටියේ පහුගිය කාලේ...

      Delete
  21. :v සිරාස්ටයිල් එකයි, හිරුස්ටයිල් එකයි සුපිරියටම ඇවිත් තියෙනෝ...පට්ට සංකල්පයක්........:D :D :D

    ReplyDelete
  22. බොහොම රසවත් උනා මට මේක.. අපි ගැනත් මොකෙක් හරි හිතනවා කියල දැක්කම ඇත්තටම සන්තෝසයි රෙහානි.. (ඒක පුද්ගල ස්වභාවය නේ)

    ඒවා පැත්තක දැම්මොත්... රෙහානි මේ සංකල්පය තමා වටින්නේ.. ඒක සෑහෙන්න හිතල පරිකල්පනයෙන් එන දෙයක්.. සමහර විට විදුලියක් වගේ එක පාරටම හිතට කොටන්නත් ඇති. බොහොම අගෙයි ඔබගේ පරිකල්පනය.. ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙ කියලා, දැක්කෙ නෑ කියලා නෑ...අකුරු යටින් අපේ හිතේ කෙනෙක් මැවෙනවා ඕනම බ්ලොග් එකකදී.මෙතනදි නම් මම වෙනස් ආරවල් හොයන් යද්දි මුලින්ම ඔලුවට ආපු අය ලියාගෙන ගියා...සමහර ආරවල් ලියන්ටම බැරි හන්දා අතෑරියා....තව ලියන්ට ගියානම් මගෙ ඔලුව පිස්සු නටන්න ඉඩ තියන හන්දා ඔය ඇති කියලා හිතුණා..දැන් නම් හිතෙනවා තව ආරවල් දෙක තුනක් හරි දාන්ට තිබ්බෙ කියලා....

      තැන්කිව් වේවා...!

      Delete
  23. නියමයි, බස්සිස්ටයිල් එක නම් නියමයි .........

    ReplyDelete
    Replies
    1. එහෙමද.....හිහ් හිහ්

      ඔය ලින්කු ටික උඩ කෙටුවනම් ඒ ඒ පැත්තට ගොඩ වෙන්ට පුලුවන්

      Delete
    2. කෙටුවම බ්ලොගට ප්‍රාදුර්භූත වෙන බව දැනුයි දැක්කෙ. තැන්කූ අක්කෝ!

      Delete
    3. මෙන්ෂන් නොට් ඩියර් ;)

      Delete
  24. බොලාට කියන්න ඉහළින් අපේ දේශකයා කියලා තියෙන දේ එක්ක මම අක්මාවෙන්ම එකගයි. අලුත් අවුරුද්දෙ මේ වගේ අමුතුම වෙනසක් කොරාපු එක ගැන මම ඉතාම මනාපයි. නගාට තිබුනෙ තමාගෙ ලියවිල්ල ගැන තමාගේ තක්සේරුව ලිපිය අග නොදමා ඉන්න. ලිපිය කියවන අයට තමයි ඔබේ ලියවිල්ලෙ හොද නරක තීරණය කරන්න ඉඩ දෙන්න අවශ්‍ය කරන්නෙ. ඒ නිසා ඒ වරද ආයෙම දිනයක කරන්න එපා.
    //අවන්කවම.....මේ වචනය අවංකවම කියලා ලියන්න.....නගාට සුභ 2014 වසරක් සමග වටිනා,රසවත් දේ ලියවෙන වසරක්ම වේවා ! අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඔය අක්මාවෙන්ම කෑල්ල දාන්ට මම හුඟක් ට්‍රයි කරා...ඒත් නන්දෙයි අක්මාවයි ගලපගන්ට බැරිඋනා..

      ආයෙම එහෙම නොකර ඉන්නම්.කලින්ම කීවේ මුං ටික ඇවිල්ලා මට බනී කියලා....හික්ස්..............

      ඔබටත් එසේම වේවා..!

      Delete
    2. ඒ කියන්නෙ නන්දෙට අක්මාවක් නැද්ද ?

      Delete
    3. අක්මාවෙන්ම නන්දෙ කරනවා ඇත්තෙ ඔය දැන් කරන වැඩේ තමයි ....හික්ස්..ඒකයි අවුල

      Delete
  25. යකෝ චරිත ඝාතනය කරනව කියල මෙහෙමත් කරනවද :D
    හිනා වෙලා බඩත් කොරඋනා මේක කියෝල, නියමෙට ලියල තියනව ඈ :D

    ReplyDelete
  26. අලුත් අවුරුද්දෙ රෙහානිටත් හිතෙන දේවල්..මෙහෙම පෝස්ටුවක් කියෙව්වමයි..වටු නන්දෙල ලංකාව පුරාම ඉන්නව දැන්..අපේ පැති වලත් ඉන්නව.අහුවුණු දවසට සොරිම තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් උමේශ්...මෙයාලා ගැන අහන්න ලැබෙනවා වැඩිද මන්දා දැන් දැන්

      Delete
  27. මේක නං සෑහෙන දඩාර අභියොගයක් .. කොච්චර මාරු වැඩක්ද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ.. හොද උත්සහයක් :)
    මං මේ දැක්කෙ හිරූ ගෙ වාක්‍ය වෙන් කරනකොට දාන ..... ගැන පවා සැලකිලිමත් වෙලා තියනවා :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.......කීලා වැඩක් නෑ අලී

      තැන්කිව් සමියෝ

      Delete
  28. කෝ බං රෙහානියෝ දිනේෂ්ස්ටයිල් එක.. හෙලා දකිනවා ඈ..

    ReplyDelete
    Replies
    1. මොලේ ගලවපු උන්ට මොන ඉට්ටැයිල්ද බං..

      Delete
    2. ඒක තමා අළුත්ම ඉට්ටැයිල් එක..

      Delete
    3. උයාගෙ පරන ඉට්ටැයිල් එක අලුත් වෙලාද දන්නෙ නෑනෙ...ඒකයි හි හී

      :D

      (ලියන්ට අමාරුයි අනේ)

      Delete
    4. එවුවා නිකන් ගැලවිජ්ජාවට දෙන උත්තර.. හෙලා දකිනවා අපි..

      Delete
  29. මෙල්ල මේ රෙහානියා දැන් කුණුහබ්බත් ලියනාවෝ...කියාපිය අම්මට

    ReplyDelete
    Replies
    1. අම්මට හේම කීන්නෙ නෑ අලී....

      හා කියමු බලන්ට ,මම කියාපු එක කුනුහබ්බයක් :D

      Delete
    2. රෙහානි අක්කා නෙමෙයි මයිනානෙ කුණුහබ්බ කියලා තියෙන්නෙ.

      Delete
  30. මම නම් හිතන්නෙ රෙහානිගෙ උත්සාහය බොහෝම සාර්ථකයි. එක එක ස්ටයිල් වලට අදාල පුද්ගලයන්ගේ ලිවීමේ ශෛලියට ආවේණික ලක්ෂණ පොඩ්ඩක් හරි ඒ ඒ කොටස්වල තියනවා... තමන්ට ඕන කතාව අනිත් අයගේ ස්ටයිල් වලින් කියන්න අමාරුයි නේද? ... හොඳ උත්සාහයක්... වටු නන්දෙලා නම් හැම ගමකම ඉන්නවා මම හිතන්නේ... අපේ ගමෙත් ඉඳලා අල්ලල ගස් බැඳලා පොලීසියට බාරදුන්නා.. දැන් නම් ආයෙ ඇවිල්ලත් ඇති...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසර.

      තමන්ට ඕන දේ අනිත් අයගේ ස්ටයිල් එකෙන් ලියන එක තමා අමාරුම ..

      ගොඩක් පැතිවල ඔය වගේ මානසික රෝගීන් ගැන අහන්න ලැබෙනවා නේද?

      Delete
  31. හරිම ශෝක්.. අලුත් අවුරුද්දට අලුත් ආරම්භයක්... බොහොම සාර්ථකයි... කට්ටියව මතක් කර කර කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. හි හී............ස්තුතියි තුශා

      Delete
  32. ලොල්..! :D :D මේක නම් නියමයි...!!

    //නන්දේ : තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
    මයිනා : තෝ දෑගං මට තෝකුත් නෑ

    නන්දේ : ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
    මයිනා : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ

    නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
    මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං

    නන්දේ : වර &^%$#$ එළියට....
    මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ......//

    the best part..! මාත් මයිනෙක් ඇති කරන්න ඕන.. :D

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මල්ලියෝ...
      හොඳ අදහසක්...ඇතිකරන්න :D

      Delete
  33. හනෙඅම්මේ... මුලින් කියවද්දි චකබ්ලාස් උනා... පස්සෙයි තේරුණ්...

    "සිය පවුලීය විප්පයෝගයෙන් පෙළුණූ නන්දේ නැවතත් පතල් ඉල්ලං අදින්නට සෙට් විණී. කරුමෙට මෙන් නාන සීන් ඇහේ වැටෙන්නැති එක පොරට හෙනම ඇලජික් ය. හෙනම මොරාල් එකකින් නන්දේ ස්වෝත්සහායට ගුඩ් මෝනින් කීවේය. තමාගේ ඉඩමේ කොනකට වීමට පතල් හැකි ලෙස ඇරඹී‍ය. ලෝඩ් පකීර් ය. නන්දේට ගහෙං ගෙඩි එන්න වගේ මැණිකක් සෙට් විය. නන්දේද දැන් ලස්සපතියෙකි. ඌ දැං පොස් වෙලා ය. නාන පොට් වල සෙට් වෙන්නේ නැත ය. ඌ දැන් ඉන්ටනෙට් ද මොකේද යනවාළු ය. පීරනවාළු ය. බිරිදගේ අඩුපාඩුව යානතමින් පිරවෙනවාළු ය. "

    කලවං ඉස්ටයිල් ඉට්ස් මයි ඉස්ටයිල්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නන්දෙට ඉන්ටර්නෙට් යන්න පුලුවන් උනොත් මක් වෙයිද.....ගමේ ගෑණුන්ට නං නිදහසක් හම්බෙයි...හැබැයි ඒක කියන්නත් බෑ....ලයිව් බලනවා වගේ නැති හන්දා ආයෙම ටික දවසකින් පරණ තත්ත්වෙට වැටෙයි... :D

      උයාගේ ස්ටයිල් එකත් මරු ඈ....

      Delete
  34. සමාවෙන්න ඕනේ එන්න පරක්කු වුනාට.. හැමෝගෙම ඉට්ටයිල් වලින් ලියලා ...ඕක හරිම අමාරු වැඩක්.... හරියට එක එක්ක්නාගේ හඬින් සින්දු කියනවා වගේ . හැබැයි රෙහානි සාර්ථකයි .... හැබැයි ඔයාට හරියන්නේ "ගැන්ග්නම් ස්ටයිල්" මොකද එක කොරියාවේ ඉට්ටයිල් එකනේ හික් හික් ... රෙහානිට කවුරුවත් "වටු නැන්දා" කියන්න එපා හරිද ..? " වටු නැන්දේ .....වටු නැන්දේ ..."

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අදහසට.. (සමාව ඉල්ලන්නෙ මක්කැයි ඉතිං දැන් ආවනේ)

      හා ...මට හරියන්නෙ ගැන්ගන්ස්ටයිල් තමයි... :D

      අර මක්කැයි මට ඒම කීන්නේ...මම කොටත් නෑ...නාන එව්වා දිහා බලන්නෙත් නෑ :(

      Delete
  35. මමත් මුලින් හිතුවේ මේක සාමුහික නිර්මාණයක් කියලා. හොඳයි හොඳයි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කිව්වනේ.

    ව‍ටු නන්දෙගේ වෙනත් වර්ෂන් හැම ගමකම වගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...හෙන් රි තුමා දකින්ට අමාරුයි නොවැ දැං..

      හ්ම්ම් හ්ම්ම්

      Delete
  36. මේක නම් නියමයි රෙහානි..හිරුගේ ස්ටයිල් එක තමයි නියමම ... 100% එකඟයි ... අන්තිමට ගෑණු නාන සීන් එක නැහැ.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....

      අන්තිමට මයිනෙක් පැන්නා නේ :D

      Delete
  37. වටු රෙහානි........අති සාර්ථක ට්‍රයි එකක්. මම පුදුම ආසාවෙන් කියෙව්වේ නන්දේ ගැන නෙමේ වටු රෙහානි මේක කොහොමද ලියන්නේ කියලා. වෙල් ඩන් මැඩම්!! ඉට් ඊස් රියලි ගුඩ්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්....
      හැබැයි වටු රෙහානි කියන්ට ඔට්ටු නෑ අලී ;)

      Delete
  38. ලේසියෙනම ලියන්ඩ පුළුවන් ඉට්ටයිල් එක උඹ අත ඇරලා .

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපරාදේ....දැන් තමා හිතෙන්නේ

      Delete
  39. Replies
    1. හික්ස්........තැන්කිව් :D

      Delete