ලා දම් අහසට පායන උදවිය ..

Sunday, October 13, 2013

මගේ කවි හිත


හදින් හද ලඟ නමුත් ..
ගතින් නුඹ දුර ගිහින්
මල් මිලින වී වාගෙයි
අහස අඳුරු වී වාගෙයි
හිරු සඳු තරු සැඟවී වාගෙයි
කාලය නැවතී වාගෙයි..

කඳුලැල් බරවෙලා
මගේ නෙත් හොයනවා
කෝ .........
නුඹ කොහිද කියා
මා හැඟුම් නුඹ දන්නවා..
ඉතිං මං පෙර මග බලනවා
නුඹ යලි එනතුරා...

*********************************************



මා හද සහරාවට වට
ආදර මල් වරුසාවයි නුඹ..
සයුරු ගුවන් පෙම් පුවතේ
ක්ෂිතිජයයි නුඹ..
හිරු බැස යන සන්ධ්‍යාවේ 
රිවි දහරයි නුඹ..
මගේ ආත්මය පුරා පැතිරුණ
ආදරණීය වූ ස්නේහයයි නුඹ..

***********************

පින්තූර ගූගල් වෙතිනි

41 comments:

  1. ගතින් ඉන්නට නැතත් ලංවී...
    සිතින් යන්නට එපා වෙන්වී....

    ReplyDelete
    Replies
    1. ඔබෙන් තොරවූ ලෝකයක්
      හිතාගන්නට බැහැ............

      Delete
    2. යෑස් යෑස්.... :D

      ස්තුතියි දෙන්නටම මේ පැත්තේ ආවාට

      Delete
    3. හිතාගන්නට බෑ........බෑ........

      හිතාගන්නට බෑ.....බෑ.....බෑ..... ඔන්න අන්තිම පදෙත් සම්පූර්ණයි...

      Delete
    4. හී..................ස්තුතියි ඒකත් සම්පූර්ණ කලාට :)

      Delete
  2. Replies
    1. :)

      ස්තුතියි මේ පැත්තේ ආවාට..

      Delete
    2. නිකං මේ බොරුව දාන්නෙ නැතුව කමෙන්ට් එකක් කොටලා පලයං සෑමා...

      Delete
  3. සතුට රජයන කුරුළු කුඩුවක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් :)

      ස්තුතියි පූසෝ

      Delete
  4. රෙහානියෝ, මම මේකට මොනවා හරි කියන්න ගියොත් සෑහෙන දිගට ලියන්න වෙනවා.. කියන්න ඕන නෑනේ අපි එකම බෝට්ටුවේ කියලා..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා දිනේශ් අයියේ ,
      අපි දෙපැත්තක ඉඳන් කට්ට කාලා ආපහු හැරි හැරි බලලා සතුටු වෙන්නත් දෙයක් ඉතිරි වෙයිනේ...
      ඒම සතුටු වෙන්න පුලුවන් දවස එනකන් අපි මෙහෙම ඉමු කට්ට කාගෙන.

      Delete
  5. Replies
    1. මෙච්චර රෑවෙනකං මොකෑ කරන්නෙ ආ... :D

      Delete
    2. නෑ මම කිව්වේ වෙලාව නෙවෙයි. කොරියාව තියෙන පැත්ත. ටිකක් ඊසාන පැත්තනේ. 2'O Clock වගේ තමයි.

      Delete
    3. අහා................ ඒමද කාරණේ...වැටහුනේ දැන්නේ

      Delete
  6. මගේ ආත්මය පුරා පැතිරුණ
    ආදරණීය වූ ස්නේහයයි නුඹ..**********
    ලස්සන පද බැදිල්ලක්

    ReplyDelete
  7. දුක තමයි රං...... වැරදුනා ...රෙහානි......
    ටික කලක් ඉවසන්න.....ඔය ඉවසං හිටිය වගේ....

    ReplyDelete
    Replies
    1. :D
      අනිවා කෙන්ජි මහතාණෙනි..,
      ස්තුතියි

      Delete
  8. ලස්සන පද පෙළක්

    ReplyDelete
  9. //මා හද සහරාවට වට
    ආදර මල් වරුසාවයි නුඹ..//
    ලස්සණ පද වැලක්. මේ එහා පැත්තෙ කෝප්පෙක බැහැල ඉන්න එක්කෙනත් ලස්සණ යි.

    ReplyDelete
    Replies
    1. // මේ එහා පැත්තෙ කෝප්පෙක බැහැල ඉන්න එක්කෙනත් ලස්සණ යි.//ආ...........ඒ මගෙ හෙවනැල්ල :D

      ස්තුතියි දිලිනි

      Delete
  10. //මා හැඟුම් නුඹ දන්නවා//
    ලස්සනයි රෙහනි,අනිවාර්යෙන්ම ආදරේ කරන අය අනෙකාගේ හැගුම් දැනගතයුත්තේමය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.......................!
      ස්තුතියි මනෝ

      Delete
  11. // සයුරු ගුවන් පෙම් පුවතේ ක්ෂිතිජයයි නුඹ//
    ++++++++

    කවි ටික ලස්සනයි රෙහානි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාම්ස්...කාලෙකින් නේද?

      Delete
  12. ආදරයත් විරහවත් එකට එකතු කරපු ලස්සන පද පෙලක්. සුභ පැතුම් රෙහානි.

    - ප්‍රියා.

    ReplyDelete
  13. බැන්ද ගමන් නොවැ දෙන්නා දෙරටක තනි වුනේ...අන්න ඒකයි කාරණේ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...

      ඒක නොවැ කාරණේ

      Delete
  14. දැන්නම් කොරියාවෙ හිටිය ඇතිවගෙ

    ReplyDelete
  15. හුදකලාව දරාගන්න පුළුවන්, වියෝගයේ හුදකලාව අමාරුවෙන් දරාගන්න පුළුවන්, ප්‍රේමනීය හුදකලාව දරාගන්නම බෑ

    ReplyDelete
  16. ලස්සනයි..... හැබැයි සහරාව කියන එකට වඩා කතර කියලා කිව්ව නම් මං කැමති...!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..........එහෙමත් ලස්සනයි

      ස්තුතියී වර්ෂා

      Delete
  17. දරා ගන්න බැරිලු දුක, ඔහු දුර වැඩි හන්දා
    ඇගේ නෙතු ඉකිබිඳි.. ආදරෙ වැඩි හන්දා
    ................................................................................
    හිතේ දුක කවි කරල නේ ?
    ( මට මොකටද ඒකෙ වගක් .. නේ ? )

    ලස්සන නිර්මාණයක් ...!

    ReplyDelete