ලා දම් අහසට පායන උදවිය ..

Friday, October 4, 2013

දාසියක් වී ස්නේහයේ...


යා වගෙ කෙනෙක් තවත් නොවේ ලොව
රක් නොවී හිත් මානයේ සරා
ටත් වඩා මං ගැන සිතනා නුඹ
ගෙ නත් දුන් අලුත් ජීවිතේ
ටත් මගේ පණ වගේ වටී,
වේ දනා නිමා වී වසන්තය ආ..
වා සනාවන් මේ ජීවිතේ
සර සයුරෙන් එතෙර වන තුරු
දා සියක් වී ස්නේහයේ , හිඳින්නෙමි මා...!


මෙම ක්‍රමය කියා දුන් හෙන්රි ගුරු භවතාට මගේ හද පිරි ප්‍රණාමය...!


උඩ පින්තූරය ගූගල් වෙතින්

62 comments:

  1. මදෑ කොරා. දැං ඉතිං සුභ පතහංකෝ.. ආදරයේ දාසිට... හැපි ඇනිවැසරියක් වේවායැයි පතමි.. හැන්රි ගුරා ගේ වර්ඩ් එක හොදා ඇනිවැසැරි අයිඩන්ටිෆයි කරන්න ට්‍රේඩ්මාර්ක් එකක් විදියට ගන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දේශ්..!

      :D

      Delete
    2. හැපී ඇ ........... කෝ කේක් ?????

      Delete
    3. මෙන්න මෙයා ඇවිත් ..කාලෙකින්

      කේක් එස් එම් එස් කරා ඔන්න :D

      Delete
  2. ඉට් ඊස් පාටි ටයිම් ඔහේ....

    ReplyDelete
    Replies
    1. නො පාටි.. :(

      එයා එහේ මං මෙහේ

      Delete
  3. හැප්පි හැප්පි ඇනිවැසැරි වෙවා

    ReplyDelete
  4. එහෙනම් වේවා සදා වාසනා ......!

    ReplyDelete
  5. හැපී ඇනවසරියක් වේවා.!!
    ඉක්මනින් දෙදෙනා නැවතත් එක් වේවා....!

    ReplyDelete
  6. ඉත සිතින් සුබ පතනවා. සතුට සැනසුම සදා වේවා!!!

    ReplyDelete
  7. පළමු ඇන වසරියට සුභ පැතුම් කෙන්ජි පවුලේ සැමගෙන්..!
    පණ්ඩිත දේවල් ලියද්දි මම හිතුව මහ ලොකු අම්මණ්ඩි ක් කියල.
    දැන්නේ දැක්කෙ පොඩිත්තන් ඇටකිච්චි කෙල්ලෙක් නොවැ.
    හබිය සමග ඉක්මනින් එකට විසීමට ලැබේවායි පතමි...!
    එහෙට යන්න ට්‍රයි එකක් දුන්නොත් නරකෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි

      හපොයි මං තවම හිච්චි එකී :D

      ඒ ප්‍රාර්තනාවටත් ස්තුතියී

      යන්න කොරියන් exam කරන්න ඕනේ...ගෑනු ළමයි ගන්නවා අඩුයි නෙව

      Delete
  8. ඇනිවසරියට සුබ පැතුම්

    ReplyDelete
  9. ඇනිවසරියට සුභ පැතුම් රෙහානි... ඔයාලා දෙන්නට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රාර්ථනා දෙකටම චාම්ස්

      Delete
  10. ඔහු ඔබේ වේවා සදා!
    මෙවැනි සංවත්සරයන් එක වහල යට සිට සමරන්නට හැකි ඉක්මනින් වාසනාව උදාවේවා.
    සුභ සංවත්සරයක් ඔබ දෙපලට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැම ප්‍රාර්ථනාවකටම..!

      Delete
  11. Replies
    1. ස්තුතියි වර්ෂා නංගෝ

      Delete
  12. පරක්කුයිද මන්ද මං... සුබම සුබ හැපිම හැපි මෙව්ව එකක් වේවා ඔය දෙන්නටම... කිව්වත් වගේ පුංචි කෙලි පොඩ්ඩක් නෙව....හැම සසරකදිම එක්වෙන්නට වාසනා මහිමය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ :)

      ස්තුතියි රතී

      :D

      ඒ ප්‍රාර්ථනාවටත් ස්තුතියි

      Delete
  13. ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා නංගි...ඉදිරි ජීවිතකාලයත් බොහොම සතුටින් ආදරයෙන් ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්නට ලැබේවා කියලා අක්මාවෙන්ම පතනවා...

    ReplyDelete
    Replies
    1. ආ බං සිරෝ.....උඹ හිතුවාද මුන් දෙන්නා උරගයෝ කියලා.

      Delete
    2. ස්තුතියි සිරා අයියේ
      ගැරඩි දෙන්නෙක් :D

      @අරූ තුමා :: ඒක තමයි බලන්නකෝ කීන ඒවා :D

      Delete
  14. රෙහානිටත් රෙහානටත් වාසනාවක්ම වේවා. ජීවත්වෙන්නට ඇති ප්‍රමාණයට සල්ලි ටිකක් එකතුකර ගත්තාම ඉක්මනට කූඩුවෙන්න. ඈත්වෙලා ඉන්නවට වඩා අගය වැඩියි ලංවෙලා ඉන්නකොට.

    සෙනේහයට පමනක්ම දාසියෙක් වෙන්න................

    ReplyDelete
    Replies
    1. ස්තුතියී ප්‍රාර්ථනා වලට

      // ඈත්වෙලා ඉන්නවට වඩා අගය වැඩියි ලංවෙලා ඉන්නකොට./ඒක ඇත්ත

      අනිවාර්යෙන්ම!

      Delete
  15. එන්න සුට්ටක් පරක්කු වුනා.. ඒ උනාට ඉතින් බැන්දට පස්සේ හැමදාම ඇනිවසරි වගේ තමයි නේ.. ඒ හන්දා ඔන්න මගෙන් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. // ඒ උනාට ඉතින් බැන්දට පස්සේ හැමදාම ඇනිවසරි වගේ තමයි නේ.//

      ඒම වෙන්න තිබුණා ලඟ උන්නනම් :(

      ස්තුතියි දිනෙශ් අය්යේ

      Delete
    2. ඒ කියන්නේ මාත් පරක්කුයි සැහෙන්න. ^_^ හැපි ඇන්වසරියක් වේවා !!!

      Delete
    3. නෑ අලේ :)

      ස්තුතියි මදාරා

      Delete
  16. සුභම සුභ ඇනිවසරියක් වේවා..... ලබන අවුරුද්දේ එක වහලක් යට සමරන්න ලැබේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදිනි...

      ලබන අවුරුද්දෙත් බැරිවෙනවා නදීයෝ, ඊලඟ අවුරුද්දේ තමයි

      Delete
  17. Replies
    1. ගොඩක් ස්තුතියි ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අහස යටට ඔයාව!

      Delete
  18. සුබ ඇනිවර්සරි එකක් වේවා! ලස්සනයි පෝස්ට් එක. සුභ පතනවා දෙන්නටම.. ඒ වගේම පරක්කුව ගැන කණගාටුයි.. හේතුව අන්න මගේ බ්ලොග් එකේ දැම්ම.. මේ ටිකේ පොඩ්ඩක් බිසී උනා.. අක්කේ අර බූවල්ලා කොහෙන්ද ගත්තේ කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      එන්නම්කෝ ඒ පැත්තේ

      ඔයා ඒ බූවල්ලගේ cuteki අකුරු ටික උඩ ක්ලික් කරන්නකෝ ,එතකොට ඔයාව ගත්තු තැනට යාවි :)

      Delete
  19. සුබ පතනවා ඔයාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාෂ්

      ඔන්න ඔයා නැති ටිකේ අපි අලුත් පොටෝ දැම්මා...හ්ම්ම්

      Delete
  20. ඔන්න එහෙනම් රජ වීදියෙ අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  21. සුභම සුභ ඇනවසරියක් වේවා !!!
    ඉදිරි දිවියත් වාසනාවන්ත වේවා !!!

    ReplyDelete
  22. මගෙත් සුබපැතුම් අක්කියෝ ^_^

    ඉතින් exam pass වෙලා අයියට කියල faculty යක් හොයාගන්නකෝ... (හැබැයි එහෙ ජිවිතේ නම් සැපක් නෑ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියෝ

      කාලෙකින් නේද ඔය? අනේ මන්දා ඉතින් /...තව අවුරුද්දනේ ඔන්නොහේ ඉන්නවා කියලා හිතෙනවා

      Delete
  23. මම සෑහෙන්න පරක්කුයි වගේ...ඒත් කමක් නෑ, සුබ පැතුම් දෙන්නටම! ඉදිරියටත් දැහැමි, සාර්ථක ජීවිතයක් ගත කරන්නට ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැම ප්‍රාර්තනාවකටම ළහිරු

      Delete
  24. සුබ පැතුම් සහෝදරී ..!

    පමා වුණාට සමා වෙලා මගේ සුබ පැතුමත් පිළිගන්න

    ReplyDelete
    Replies
    1. අප්පේ සඳරු ගේ මුලු ජීවිත කතාවම කියෝලා මේ පැත්තට එනකොට මෙන්න පුදුමයක්! සඳරු අපේ පැත්තේ ඇවිත්....

      ඒනම් ගොඩක් සතුටුයි ඈ...මේ පැත්තේ ආවට...

      ස්තුතියි ප්‍රාර්ථනාවට...!

      Delete
  25. දිගු ගමනකට සුබපැතුම්

    ReplyDelete