ලා දම් අහසට පායන උදවිය ..

Friday, July 26, 2013

මෑන් පවර් .....!

"මෑන් පවර් " කියපු ගමන් මෑන් පවර් මගින් රැකියාවකට යොමු වෙච්ච කෙනෙක් නං දැනටමත් දන්නවා ඇති ඒකෙ ක්‍රියා පටිපාටිය ! මෑන් පවර් එකක් කියන්නේ රැකියා අපේක්ෂිත අයවලුන් රැකියා වල නිරත කරවන එක්තරා සමාගම් විශේෂයක් .මේක මම දන්නා තරමින් වැඩිපුරම ආරක්ෂක අංශ සඳහා යොදාගන්නවා .ඔය ගාර්මන්ට් ෆැක්ටරි ,පෞද්ගලික සමාගම් වලට  ආරක්ෂක නිලධාරින් සපයන්නේ මේ මෑන් පවර් වලින් තමයි .මෑන් පවර් වලින් එහෙම සේවයට යෙදෙව්වහම වැටුප ,දීමනා , වැනි දේවල් අදාළ ආයතනයෙන් නෙවෙයි ලැබෙන්නේ ,මෑන් පවර් ඔස්සේ තමයි ලැබෙන්නේ .මේ විදියට සේවකයන් සැපයීමෙන් සේවකයන්ගේ ප්‍රමාණය අනුව ඔවුන්ගේ වැටුපෙන්  යම්කිසි ප්‍රමාණයක් මෑන් පවර් ආයතනය වෙනුවෙන් ලබා ගන්නවා .ඒකෙන් මෑන් පවර් ආයතනයකට  ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්                                                                                                              වැටුප 22,000-25,000 ,
නවාතැන් පහසුකම් ඇත,
ආහාර සමග,
බිස්කට් ,බීම , පාවහන් ,වැනි සමාගම් රැසක අනගි රැකියා අවස්ථා
අදම පැමිණෙන්න
විමසන්න TP - 0000000000                                                                                                                                                                                                                                                දැන්වීම දැක්කහම මොකද හිතෙන්නේ ?උසස් පෙළ කරලා ගෙදර ඉන්නවනං හොඳ අවස්තාවක් කියල හිතෙනවා නේද ?  ඔව් අපේ මල්ලිත් එහෙමම හිතුවා .ඒ විතරක් නෙවෙයි එයා ඒ රැකියාවට ගියා .මේ දැන්වීම ලංකාදීප ලහිපිටේ පළවුන එකක් .සමහරවිට තවමත් ඒ ඇඩ් එක යනවා ඇති .ආ .............තව ඔය  දැන්වීමේ තිබුණා දුර පළාත්වලින් විශේෂයි කියලා .මේ මෑන් පවර් ඒජන්සිය තියෙන්නේ මහනුවර .අපේ මල්ලිත් මහා මෙරක් දේවල් හිතේ තියාගෙන ඔය රස්සාවට ගියා .කෝල් කරහම ඉස්සෙල්ලම මහනුවර ඒජන්සියට ඇවිල්ල රැකියාවට ඇතුලත් කරනවට රු.1000ක් ගෙවන්න අවශ්‍ය බව කිවුවලු .ඉතිං රත්නපුරේ ඉඳන් නුවර ගියා සල්ලි ගෙවන්න .ඊට පස්සේ එයාව ජොබ් එකට යවන තැන "අමල්  " කියලා ඒජන්සියට සම්බන්ධ කෙනෙකුගේ දුරකථන අංකෙත් දීල කඩවත ට යන්න කිවුවලු .දැන් නුවර ඉඳලා ආපහු කඩවතට !ඉතිං මල්ලි එහෙමම කඩවතට ඇවිත් කෝල් කරලා අර දීපු දුරකථන අංකයට !ඊට පස්සේ කඩවත ගෝනහේනේ තියන ඔයාල අපි කවුරුත් දන්නා "මයි කෝලා " සමාගම ලඟින් බහින්න කියලා .මල්ලි බැහැල යද්දී තව ළමයි 20-25ක් එක්ක "අමල් " ඉන්නවලු .ඒ ඔක්කොම මයි කෝලා එකේ වැඩට ආපු ළමයි .අර විදියට පත්තරෙන් බලලා .                                                                                                                                                                                                                                              මුලින්ම අමල් ළමයින්ව මයි කෝලා සමාගම ඇතුලේ පෙන්නන්න එක්කං ගිහිං .තේ පැන් සංග්‍රහයකුත් ලැබිලා .ඊට පස්සේ නවාතැන් පහසුකම් දෙන්න එපැයි .ඉතින් ඒ තැන් පෙන්නන්න ඊට පස්සේ එක්කං ගිහිං .අඩි 10-12 විතර කාමර කෑල්ලක් පෙන්නලා කිවුවලු මේක තමයි ඔයාලට නවතින්න තියන තැන කියලා . :D "ඈ එතකොට අපි ඔ ක්කොටම ඉන්න තියෙන්නේ මේ රුම් එකේද " එක කොල්ලෙක් හොඳටම කේන්තියෙන් ඇහුවලු . නෑ කට්ටියක් මේකේ ඉන්න අනිත් කට්ටිය අරකෙ ඉන්න කියලා පැත්තක් ටකරන් ගහපු කුකුල් කොටුවක් වගේ එකක් පෙන්නුවලු . කොල්ලන්ට කේන්ති උනත් නොපෙන්නා හිටියලු මොකද ඒ වගේ යෑ රු 25000 පඩිය ! :D ඔයාලට තුන් වේලටම කෑම හම්බුවෙයි මේ කාමරේ අයිති අර එහා පැත්තේ තියන ගෙදරින් අඩු මුදලකට .:D " යකෝ ....අඩු මුදලකට " දැන් කොල්ලන්ට ඒ කතාවට තව ටිකක් කේන්තියි ලු .ඒකත් ඉවසගෙන හිටියලු ඔන්නොහෙ ආපු එකේ දවසක් දෙකක් ඉඳලා බලලා හරියන්නේ නැත්නං යනවා කියලා .නාන්න යන්න පුළුවන් පාරෙන් එහා පැත්තේ මීටර් දෙසීයක් විතර ගියහම ලිඳක් තියනවා :D.දැන් අමල්  කාරයාගේ වචනේ වචනේ එලියට එනකොට බඩ බොකු එලියට අදින්න තරන් කේන්තියක් ඇවිත් . ඒත් රස්සාවට යනකන් කාගෙන ඉඳලා .                                                                                                                                                                                                                         ඔන්න දැන් හා හා පුරා කියලා රස් සාවට ගියා .මෑන් පවර් එකෙත් කොටස් දෙකයි .එකක් "ටෂ්මා " අනික "ටෝජා ".මල්ලි හිටියේ ටෂ්මා .එකේ වැඩ කටයුතු ටික කරන්නේ අමල් කාරයා .අනිකේ හිටපු කෙනා මට මතක විදියට ගුණවර්ධන වගේ නමක් තමයි කිවුවේ .ගෑනු ලමයිතුත් වැඩට ඇවිත් හිටියලු .ඒ අයවත් වෙනම කාමරවලට දාල .මයි  කෝලා කියන්නේ බීම ෆැක්ටරි එකක් (දන්නේ නැති අයට කිවුවේ : ), ඉතිං මල්ලි එහෙම වැටිලා තියෙන්නේ බෝතල් නිෂ්පාදන අංශයට ! ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන්නේ පී කෝන් මගින් . පී කෝන් කියලා කියන්නේ ප්ලාස්ටික් පව්ඩර් වර්ගයක් යන්ත්‍රයකට (පී කොන් මැෂිමකට ) දැමීම මගින් යන්ත්‍රය මගින් අයිස් කෝන් එකක හැඩයට නිපදවාගන්න ප්ලාස්ටික් කෝන් එකක් .ඉතිං මල්ලිට ඉස්සෙල්ලාම තිබුනේ මැෂින් එකෙන් එලියට එන පී කොන් වල ඩැමේජ් බලන්න .ඩැමේජ් ඒවා වෙන මත් හොඳ ඒවා වෙනමත් වෙන් කරලා දාන්න .ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට මල්ලිව එක්කන් ගිහින් ඇසුරුම් අංශයට දාලා .ඒ කියන්නේ අර පී කෝන් වලින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල් පොලිතීන් බෑග් වල අසුරන එක .ඉතිං පලවෙනි දවසේ ඔහොම වැඩ කරලා .                                                                                                                                                                                                                                        දෙවැනි දවසේ පාන්දර ආපු කොල්ලන්ගෙන් බාගයක්ම ආපහු ගිහිං හොරෙන්ම .නැත්තං කාපු බීපුවයේ සල්ලි ගෙවන්න වෙනවනේ .මල්ලි ඇතුලේ හිටපු කෙනෙක්ව හිතවත් උනාට පස්සේ එයාගේ කාමරේ  නතරවෙලා වැඩට ගියා .ඒ උනාට කෑම තුන් වේලම සල්ලි වලට තමයි කාල තියෙන්නේ .ඒ කෑම එකත් කොල්ලෙකුට ගැවෙන්න මදිලු .ඒත් වැඩ කරපු එකේ ඔහේ වැඩ කරගෙන ගිහිං ..ගිය පයින්ම ආපහු ගෙදර එන එකත් නොන්ඩි වැඩේනේ .ඒ හින්දා .දවසින් දවස එක එක වැඩ වලට  දානවලු .කෑමට දෙන්නේ පැය බාගයයි .ටී ටයිම් එක විනාඩි 10 යි .එක විනාඩියක් නිදහසක් නැතිලු .ඇයි මැෂින් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ .ඔහොම සතියක් විතර වැඩ කරලා , ඊළඟ සතියේ ඉඳන් දවස් දෙක තුන වැඩ නෑ ලු . සමහර සතියට එක දවසලු වැඩ .එහෙමයි කියලා ඉතින් තුන් වේල නොකා ඉන්න යෑ .වැඩත් නැතුව කන බොන ඒවාට අතින් ගෙවාගෙන රු .3500කුත් අරගෙන දෙය්යනේ කියලා මල්ලියා මාසෙකිං ගෙදරට සැපත් උනා .ඔය 3500 ගන්නත් දවස් තුනක්ම මයි කෝලා එකට යන්න උනාලු .ඔන්න මෑන් පවර් එකේ පවර් එක !                                                                                                                                                                                                                                                   මේ වගේ හොර මෑන් පවර් වලින් කරන්නේ මිනිස්සුන්ට විශේෂයෙන්ම අහිංසක ළමයින්ට බොරු කරලා ඒ අයගේ ශ්‍රමය හුරගෙන කන එක ! ඒ අහිංසකයෝ හම්බකරන එක ගසාගෙන කන එක .. ඇයි අර ඒජන්සියෙන් මුලින් ගන්න රු.1000 . එතනිනුත් ගසාගෙන කනවා .මම හිතන්නේ මේ දැන්වීම තවමත් පත්තරවල යනවා .තවමත් අහිංසක ළමයි මේවට අහු වෙනවා ඇති .පව් ඒ අහිංසක ළමයි .,මේ වගේ ලිපියකින් වත් ඒ අහිංසක ළමයි දැනුවත් වෙනවනං මට ඒ ගැන සතුටුයි . මේවට විරුද්දව නීතිමය පියවර ගන්නත් බෑ .මොකද මේ රස්සාවට යද්දී මෑන් පවර් එකේ ගිවිසුම් වලට යටත්ව අත්සන් කරනවනේ .ඒ නිසා .ඒවා අත්සන් කරද්දී මේ තරං දේවල් ටිකක් වෙයි කියලා හිතන්නෙත් නෑනේ .මේ වගේ නැති හොඳ මෑන් පවර් ආයතනත්  සමහරවිට ඇති .හැබැයි මෑන් පවර් වලින් හොඳක් වෙනවා ඇති කියලා මගේ නං පෞද්ගලික විශ්වාසයක් නෑ .

53 comments:

  1. මේක නම් ගොඩක් වටිනවා. උන් කරන්නේ රස්සාවල් දෙනවා කියලා අර ඉස්සර කාලේ වගේ වහල් සේවයේ යොදවන එක.

    ReplyDelete
  2. මේක නම් ගොඩක් වටිනවා. උන් කරන්නේ රස්සාවල් දෙනවා කියලා අර ඉස්සර කාලේ වගේ වහල් සේවයේ යොදවන එක.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ BP ...උන් ශ්‍රමයත් හුරං කාල පඩියෙනුත් ගහගන්නවා

      Delete
  3. අපෝ මෑන් පවර් කියන්නේ මෑන්ස්ලගෙ පවර් එක විකුනගෙන, පැත්තක ඉදන් හම්බකරන ආයතන නොවැ.

    ReplyDelete
  4. මෑන් පවර් ගැනනං කතා කරන්න එපා... පහුගිය අවුරුදු තුන හතර ඇතුලේ මම මෑන් පවර් කාරයෝ බර ගානක් ආස්සරේ කලා.. ඒ මං වැඩ කල ෆැක්ට්‍රියට ළමයි දාපු උන්... එතැනින් එකම එක මෑන් පවර් කාරයෙක් විතරයි ටිකක් හරි ෂේප් එකේ ළමයි ගැන බලන්නේ.. අනිත් උන් මහ කාපාලුවෝ... පුදුම ගරානාවක් යන්නේ... ඈත පළාත්වල ඉඳන් එන අහිංසක ළමයින්ට පොලු තියන්න දෙවිවරු මුං.. එකං වංගියක්නං මං එහෙකුට හොද ගේමක් සෙට් කලා... පඩි ගෙවන්නේ නැතිව හිටිය කොල්ලෝ හතරදෙනෙකුට මූ ෆැක්ට්‍රියට එන වෙලාව බලලා කෝල් කරලා ගෙන්නං එළියට නොදා තියා ගත්තා අරුං එනකල්ම... එන්න ඇරලා දැම්මා එළියට.. නෙළුවා නෙලිල්ලක් අන්තිමට උගේ මූණ කොල්ලෝ තාර පාරේ ඉලුවා.. තොල් පොටවල් නැති වෙන්නම... පොලිසි යන්න වගේ ටෝක දෙද්දී මංම කතා කරලා පොලිසියෙනුත් ගෙනත් දීලා අඳුරන පොලිස් කාරයෙක් හරහා ඇතුලෙදිත් සලකවලා කොල්ලොන්ගේ පඩිත් බේරවලා උන්ව ගමේ ඇරලා මූව නැතිම කරලා දැම්මා... අන්තිමට පළාතේ පේන්න හිටියේ නැහැ බුවා... කාලකණ්නිම ජාතියක්...

    ReplyDelete
    Replies
    1. ආස්සරේ කලා නං ඉතින් සහ සුද්දෙන්ම වැඩේ තරම දන්නවානේ ..මට කියපු විදිහට අපේ මල්ලි ගියේ එකේ හිටියේ දෙන්නයි .උං දෙන්නම එකයිලු .ඔය වගේ එව්වා තමයි කරන්නෝන ඕකුන්ට .මල්ලි කිවුව අමල් කාරයඑක්කත් ඔය වගේ වලියක් ගියාලු අනුරාධපුරේ පැත්තෙන් ආපු ළමයි වගයක් ..ඒ ළමයින්ගේ කේන්තිය සාදාරනයිනේ ඉතිං .අම්මපා කාලකන්නිම තමයි .ඔය මිනිස්සු තවමත් ඔය වැඩේ කරනවා ඇති ...උගන්නන්න තියනවනං ඔන්න ඔය වගේ හොඳ පාඩමක් !........................................................................................................................................................................ ස්තුතියි මාරයා තුමා මේ පැත්තේ ආවට !

      Delete
  5. මදෑ උදේ පාන්දර බ්ලොග් කියවන්න අවා කැත් සිදියක් නේ වෙලා තියෙන්නේ මෑන් පවර් කාරයට අල්ලන් ගහමුද ? :D

    ReplyDelete
    Replies
    1. අහුවෙන්නෙපා ...දන්නා එකෙකුට අහුවෙන්න දෙන්නත් එපා !ගහමු ගහමු ... :D

      Delete
  6. ඕක හැම ෆීල්ඩ් එකේම තියෙන කේස් එකක්, මිනිස්සු ගෙනල්ලා කොමිෂන් එක ගත්තම ආයේ පැත්ත පළාත බලන්නේ නැති හැත්තක් තමා මෑන්පවර් කාරයෝ.කාලකන්ණි

    ReplyDelete
    Replies
    1. ආයේ හෙවිලි බැලිලි නෑ ...ආ ..........හොයනවා බලනවා පඩිය ගැන ! :D ඒකෙන් ගසා ගන්න

      Delete
  7. හපොයි.. මෑන් පවර් ගැන නම් මං එච්චර දන්නේ නෑ.. ඒත් රෙහානියෝ අර මෑන් පවර් මේ මෑන් පවර් කියලා කොච්චර ඇඩ් යනවද පත්තරවල.. අනිත් එක ඔය කම්පැණි වලිනුත් මේවා හොයලා බලන්නේ නැද්ද... හැබැයි මයිකෝලා කියන්නේ නං වැඩකට නැති කම්පැණියකුත් තමයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ඇඩ් යනවා අක්කේ ...ඒවා ඉතිං හැමදාම පල කරන්න පුළුවන් ..ඇයි කොච්චර අය රස්සාවලට ආවත් පහුවදාම ගෙදර යනවනේ ..ඇඩ් හින්දා කොම්පැනියට දවස ගානේ අලුත් ලමයිතුත් ඉන්නවනේ ඉතිං .පඩි දෙන්න ඕනිත් නෑ වැඩ ටිකත් කෙරෙනවා ..සල්ලි මෑන් පවර් කාරයන්ට ..කොහොමද වැඩේ ;D

      Delete
    2. ආ ..........කොම්පැණි වලින් හොයන්නේ නෑ අක්කේ ..මෑන් පවර් එකකින් ළමයි ගන්නකොට ළමයින්ගේ සම්පුර්ණ වගකීම තියෙන්නේ මෑන් පවර්ලා අතේ,ඒකෙන් කොම්පැනිය නිදහස් එතකොට EPF, ETF ගෙවන්න ඕනෙත් නෑනේ, කිසිම දේකට කොම් පැණි වලින් අත දාන්නේ නෑ ...ඇතුලෙදි පුද්ගලයෝ දෙන්නෙක් අතර ප්‍රශ්නයක් උනත් මෑන් පවර් එක මැදි වෙලා විසඳන්නේ ..

      Delete
  8. අපේ උන් කී දෙනෙක් මේ බොරු ඇඩ් වලට රැවටිලා විහින් ආමාරුවේ වැටෙනවද? වැඩේ කියන්නේ එහෙම කරන උන් හිතන් නැ අනේ මේත් අපේ නංගියෙක් මල්ලියෙක් වගේ සමාන එකෙක් නේද? ඇත්ත දැනගෙනත් බොරුව මවාපාලමෛහෙම කරන එක හරිද කියලා හිතන් නැති එක. මං නම් කියන්නේ මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙලා යම් කිසි නිති සමුදායක් අරන් එන්න ඕන. නැත්නම් අර වගේ කුණ කාලා සමාජයට එන කොල්ලෝ සමාජය ගැනම තරහින් වෛර බැඳන් පලි ගන්න තැනට පත්වෙන්නත් ඉඩ තියෙනවා නේද? කවුරුත් අවධාරණය නොකල හිඩැසක් පිරීවම සම්බන්ධයේන රෙහානිට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඇයි බලන්නකෝ රතී ඇඩ් එක දාන විදිය ..ඕලෙවල් ඒලෙවල් කරලා ගෙදර ඉන්න ළමයි මේ වගේ ඇඩ් එකක් දැක්කම අනිවාර්යෙන් යනවා .සමහර ඇඩ් වල මේක මෑන් පවර් එකකින් කරන එකක් කියලා දැනගන්න විදියකුත් නෑ යනකම්ම .අනේ මන්දා රතී රජයවත් මේවට මැදිහත් වෙයිද කියලා .ඇත්තටම අපේ මල්ලි ලා කියා කියා ඉන්නේ ඕකට හොඳ ගේමක් දෙනවා කියලා .. :D සමාජේ ගැන නං දැනටමත් වෛර බැඳගෙන එයාලා ..තවත් එක්කෙනෙක් හරි මේවට අහු නොවෙවා කියලා මෙහෙම ලිපියක් දැම්මේ රතී ..

      Delete
  9. මේ දේවල් හෙළි කරන එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතුවා දිලිනි

      Delete
  10. ලංකාවෙ ලොකු ෆැක්ටරි හැම එහෙකටම සුළු සේවකයින් බදවගන්නෙ ඕවයින් තමා.හුගක් පිටුපස ඉන්නෙ පාතාලය.එවුන් ෆැක්ටරි ඔනර්ට තග දාල දවසකට මෙච්චර සේවක/සේවිකාවො සපයනව කියල අවුරුදු පතා ගිවිසුම් ගහනව.දැන්වීම් දාල ලංකාව පුරාම ඉන්න ළමයි ගෙන්නගෙන කුකුල් කුඩුවල කොටු කරගෙන තියා ගන්නව.එපා වෙලා හොරෙන් යන අය වෙනුවට කොටුවල ඉන්න ළමයි දානව.දින දෙක තුන/සති දෙක තුන වැඩකරල හොරෙන් යන අයට පඩි නැහැ.නමුත් ඒ පඩිය පවර් කාරයට ලැබෙනව.මාසේ පඩියක් අතට ගන්නත් තව දින පහක්වත් වැඩ කරන්න ඕන.
    කොහොමත් ෆැක්ටරි කාරයො මේකට කැමතියි එයාලට ඒ සේවකයො ගැන වග කීමක් නැති නිසා.
    ස්ථිර සේවකයො වර්ජනය කරල එලියට බැස්සම ෆවර් කාරයන්ගෙ මල්ල කරේ.
    එහෙම වැඩ කරන ෆැක්ටරි වලට වර්ජකයන් ගෙන් එන තර්ජන මැඩලන්නෙත් පාතාලය.ඒකටත් ලොකු ගානක් කපනව අයිතිකරුගෙන්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කෙන්ජි නියමෙට විස්තර කරලා තියනවා ...ඔන්න ගොඩක් අයගේ ප්‍රශ්නවලට උත්තර කෙන්ජිගේ කොමෙන්ටුවේ තියනවා ..ස්තුතියි කෙන්ජි

      Delete
  11. ලොකු දෙයක් රෙහානි මේක බ්ලොග් එකේ දාපු එක. ඔය වගේ කාලකණ්ණි තමයි බැලූ බැලූ අත ඉන්නේ. රහානිගේ මල්ලිට ඉක්මනින් හොඳ ‍රැකියාවක් ලැබේවා කියලා පතනවා. (නැතිනම් කැම්පස් යන්න ලැබියි නේද?)

    ReplyDelete
    Replies
    1. කැම්පස් යන්න බැරි උනා ..ඔන්න දැන් කොරියන් එක්සෑම් වලට පන්ති යනවා ..දැන් මස්සිනාත් එහෙ නිසා උණ වැඩි වෙලා හි හි ...

      Delete
  12. අද කාලේ ලොකු කම්පැනි කරන්නේ තමන්ගේ ආයතනයට සේවකයන් නොගෛන මේ වගේ මැන් පවර් ආයතනවලින් සේවකයන් ගන්න එක. ඒ වැඩෙන් ආයතනයට ලාබයි. ඊටිඑෆ් එහෙම ගෙවන්න වෙන්නෙත් නෑ වැඩෙත් කෙරෙනවා. බැඳිම් නෑ. තනිකර ශ්‍රමය සූරා කෑමක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ...මේකෙන් කොම්පැනි කාරයන්ට වාසි නිසා තමයි එහෙම සේවකයෝ ගන්නේ

      Delete
  13. මාර පවර් එකක්නේ බලද්දී තිබිලා තියෙන්නේ.. හොඳ වෙලාවට වැඩිය කට්ට කන්නේ නැතිව ආපහු ආවේ.

    ReplyDelete
    Replies
    1. හැක් ...පවර් එක වැඩිකමට තමයි අපේ මල්ලි මාසෙන් ගෙදර ආවේ .. :D

      Delete
  14. මේවට රජය මැදිහත් වෙන්න ඕනේ.එත් ඉතින් උන් මැදිහත් නොවෙන එකේ උඹලා,අපිවත් මේ දේවල් ගැන කතා කරන්න ඕනේ.
    ඔය මෑන් පවර් කාරයෝ බහුතරය කරන්නේ අනුන්ගේ පහනෙන් එලිය බලන එකනේ.
    මලයට හොද ජොබ් එකක් සෙට් වේවි. උන් ඔය දැන්වීම් වල පිට පළත් විසේශයි කියලා දාන්නේ කොළඹ අයියලාව තම්බන්න අමාරු නිසා වෙන්න ඇති නේද.?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ! දුර පළාත් විශේෂයි කියලා දාන්නේ අහිංසක දුප්පත් ළමයි ටික අල්ලගන්න තමයි .. කොළඹ අය තම්බන්න බැරි හින්දද තම්බලා තම්බලා තව කො ළඹ තව තම්බන්න අය නැද්ද දන්නේ නෑ :D

      Delete
  15. මේ විදිහට නම් ගම් එක්ක දාපු එක වටිනවා රෙහානි..තවත් මනුස්සයෙක් අමාරුවේ වැටෙන්නැතුව බේරේවි නේ..

    ReplyDelete
    Replies
    1. මුන්ගේ වාසගමේ ඉඳන් දන්නවා නං මං දාන්නේ ඒවත් එක්ක ! ඔවුන්ගේ හැව ගැලවිලා යන්නම

      Delete
  16. කොච්චරනම් අහිංසක ළමයි පඩි නැතුව කම්පැනි වලට කඹුරලා ඇද්ද නේද

    ReplyDelete
    Replies
    1. ඔවු ....එක දවසක් හරි දුක් විඳපු ළමයි හුඟක් ඉන්නවා

      Delete
  17. කතා කරල වැඩක් නැහැ ...

    ReplyDelete
  18. ඔව් ඔයවගෙ කාලකන්නි තමයි මෑඅන් පවර් වල ඉන්නෙ.ඩුකයි රෙහානි අපෙ රටෙ අහින්සක මිනිස්සු කන කට්ට ගෑන.එත් මොනව කරන්නද කවුරුත් බලන්නෙ හම්බකරගන්න නෙ.
    මල්ලිට කොරියාවෙ රෑකියාවක් ඉක්මනටම ලෑබෙන්න කියල පතනව....

    ReplyDelete
    Replies
    1. මේ වගේ එවුන් ඉන්නකං අ-පේ මිනිස්සු තවත් දුක් විඳිනවා විදුර .පැතුමට ස්තුතියි ගොඩාක් !

      Delete
  19. ඔය වැඩේ ගොඩාක් රටවල් වල තියෙනවානේ.හරි අධීක්ෂණයක් තිබුනා නම් හරි.අධීක්ෂණය බල්ලන්ට ගිය රටවල් වල මේක තමයි තත්වය.අධීක්ෂණය කරන්න ඉන්න කට්ටියව අධීක්ෂණය කරන්නනේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ..අනිවාර්යෙන්ම රජයත් වග කියන්න ඕන මේවට ..සාදරයෙන් අහස යටට ඔබව !

      Delete
  20. කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද ළමයි ඔය වගේ දැන්වීම දැක්කම ඒ තැන් වලට යන්නෙ. අන්තිමේදි ඒ බලාපොරොත්තු බිඳුනම මොනතරම් වේදනාවක් දැනෙනව ඇතිද. මේ විදිහෙ තොරතුරු අනිත් අයටත් දැනගන්න සලස්වපු එක නම් ලොකු දෙයක් රෙහානි.

    ReplyDelete
    Replies
    1. තවත් එක්කෙනෙක් හරි මේක දැකල ඕවට අහු නොවී ඉන්නවා නං ඒක ත ම යි මාත් බලාපරොත්තු වෙන්නේ චාම්ස්

      Delete
  21. මෙව හෑමතෑනම.මෙක කියවන අතරෙ දොරට තට්ටු කලා.ගිහින් බලනකොට ඩිරෙක්ට් මකටින් කරන පොඩි ගෑනු ලමයෙක්.එයගෙ ටගට් එකට තව පොඩ්ඩයිලු .හෑමොම කියන්නෙ ඔක .මම දෙන් සෑහෙන්න ජාති ඔය කතාව නිසා අරන් තියෙනව.මම එ ලමයට දරුවො ඔක මම ගොඩක් කලා.හෑමදාම බෑ.දෑන් රෑවෙන්නෙ නෑතිව ගෙදර යන්න කියල යෑවුව .එකත් ඔය වගෙම ලන්කවෙ විරෑකියාවෙන් අයුතු ප්‍රයොජන ගන්න බල්ලො කරන වෑඩ.ජොබ් නෑති අහින්සක ලමයි මරවල උන් වෑජබෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ පව් දමිත් ඔය වගේ ළමයි .. රස්සාවක් හොයාගන්න විඳින දුකනේ ..ඔ ය වගේ මේ ළඟදී අපේ ගෙදරටත් ආව පව් මොනා කරන්නද ?ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මෙහෙට යාලු ...!

      Delete
  22. හප්පා ඔහොම සූරා කෑම් නම් එමටයි...

    ReplyDelete
  23. කොල්ලෙක් උනාම ඔය වගේ කටුත් කන්න ඕනි ලෝකේ මෙහෙම උන් ඉන්නවා කියලා දන ගන්න. ඕකෙන් මල්ලිට තේරිලා ඇති සල්ලි හොයන්න වෙන්න ඕනි කැපවීම. ඒ හින්දම අනිවා කොරියන් කේස් එකත් ගොඩ යනවා ෂුවර්.

    මෑන් පවර් නැතත් ලොකු වගේම පොඩි කම්පනිවල තත්ත්වෙත් ඕකයි රෙහානි. මාස හය හතක කට්ට කාලා අයින් වෙනවා කියන්නේ ප්‍රොබේෂන් පීරියඩ් අඩු පඩිය, වැඩි වැඩ. නෝ කමිෂන්, නෝ ඕටී. අනික එක්ස්පීරියන්ස් තියෙන උන් වගේ කොල්ලෝ අයිස් ගහන්නෙත් නෑ. අමාරුව වැඩිකමට උපරිමයෙන්ම, බලෙන් හම්බ කරලා දෙන්නේ.
    අනික, ජොබ් එකෙන් අයින් වෙනවා කියන්නේ අන්තිම මාසේ පඩියත් නෑ.

    මොනවා උනත් මේ ගැන හෙළි කිරීම ගැන මගේ උත්තමාචාරය!

    ReplyDelete
    Replies
    1. මාත් ප්‍රර්ථනා කරන්නේ කොරියා යන එක හරියන්න කියල දැන් ..අපේ මල්ලිලා නං හරියටම මාසේ වැඩ කරලා ඊළඟ මාසේ 15 නේ පඩි දෙන්නේ එතකං වැඩට නොයා ඉඳලා ...පඩි දවසේ ගිහිං පඩිය අරං ඇවිත් ...නැත්තන් දවස් 15ක් නිකන් වැඩ කරලා දෙන්න වෙනවනේ ..ස්තුතියි | AKM මල්ලි !

      Delete
  24. හයියෝ මාත් සුමානයක් වැඩ කොලා මේ එහෙක. ගියේ හෙල්පර් දවස් පහෙන් අතුගාන්ත් වුණා. පැන්න ආව. පඩියවත් නැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ............ලොකුවට දාල තිබුනට ගිහිං බලන්න ඕනි වැඩේ තරම

      Delete
  25. 3500/- න් මොනව කරන්නද ? 1000/-ක් අරුන්ට දීලා, කන බොන ඒවටත් වියදම් කරාම ඉතිරි වෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඇයි 2500 ක් ඇතිනේ ජීවත්වෙන්න ... උයා දන්නේ නැතෙයි ඒක :D :D ............................................................................................................. අතිනුත් වියදම් කරගෙන එයා ගෙදර ආවේ යසිත්

      Delete
  26. අර මැලේ රාලගෙ කතාවෙ හැටියත් උන් ඔහොම අරං රට එවන අයට වෙන්නෙත් ඔය දේම තමයි.. කොච්චර ඉගෙනගත්තත් අපේ මෝඩයොත් ඕවට අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ....ඇත්තටම අපේ මිනිස්සු මේ වගේ ඒවට අහුවෙනවා ..හැමෝම සල්ලි හොයන්නනේ දගලන්නේ ..ඉන්න තැනින් ටිකක් හරි ඉහලට යන්න ..

      Delete
  27. ඔය "ට" අකුරෙන් පටන් ගන්න මෑන් පවර් එකේ ලොක්කා ඉන්නේ අපේ පැත්තේ. බොහොම ලොකු සල්ලිකාරයෙක් තමා මිනිහා. ඒවා උපයා ගත්තේත් ඉතින් ඔය විදිහට මෑන් පවර් කෙරුවාවෙන් තමා. කිව්වත් වගේ මිනිස්සු තාමත් මේවාට අහුවෙනවා තියෙන නැති බැරිකම නිසා

    ReplyDelete
    Replies
    1. ආ ...........එහෙමද , එහෙනං දෙමුද ගේමක් :D

      ඕවයින් දැන් රජ සැප විඳගෙන හිටියට ඕවට අහුවෙච්චි ළමයින්ගේ සාප වැ දිලම ඔය වගේ මිනිස්සුන්ට යහපතක් නං වෙන්නේ නෑ

      Delete