ලා දම් අහසට පායන උදවිය ..

Thursday, July 18, 2013

මම පොටෝ ගන්න දන්නේ නෑ

ෆොටෝ ගන්න දන්නේ නැති කෙනෙක් ෆොටෝ අරං , බලන්නකෝ කොහොමද කියලා ..හික් 
නරකම නෑ නේද :D 
පුංචි කහමලක් 
මේ මල් වල නම දන්නේ නෑ 
මන් හිතන්නේ මේ හතු වර්ගයක් 
:)
මේවා පිපෙන්නේ දවල්ට විතරයි 

83 comments:

  1. හම්මෝ...දන්නා දේවල් ඈ....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දන්නේ නැති දේවල් ;)

      Delete
  2. පින්තූර දැක්කම කියන්න පුළුවන් මේ පින්තූර අයිති සබරගමුවට කියලා.. ( ඒ නැතත් ඔයා කියලා තියෙනවනේ සබරගමුවේ ඉන්නේ කියලා )

    ලස්සන ෆොටෝ ටිකක් රෙහානි..මල් ජාති වල නම් ටිකත් දැම්මා නම් ගොඩක් වටිනවා.. ෆොටෝ ටික ඒ නමෙන් රීනේම් කරන්න පුළුවන් නම් කව්රු හරි ගූගල් එකේ හෙව්වොත් එහෙම පටස් ගාලා පින්තූරේ එනවා.. කාට හරි වැදගත් වේවි නෙව...

    තව පින්තූර ටිකක් දාන්න වෙනින් වෙලාවක..මම ඉන්න තැන නම් ලස්සන පරිසරයක් නැහැ..ඒ නිසා මේ වගේ පෝස්ට් හරි වටිනවා මට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් සබරගමුවේ පරිසරය සබරගමුවේ කෙනෙකුට පටාස් ගාල අඳුන ගන්න පුළුවන් , මල් ජාති ටිකේ නම් ටික හරියටම දන්නේ නෑ .ඒ නිසයි මෙහෙම දැම්මේ .. ආයෙත් ලස්සන මල් පිපුනම දාන්නම්කෝ පින්තුර ටිකක් ..

      Delete
  3. ෂා..නියමයිනේ,හරි අපුරු බොට ඇහැක්නේ තියෙන්නේ.

    මේ මල් ඔයාගේ වත්තේ ඒවාද..?

    නරකද ලයනල් වෙන්ඩට් එකේ හරි කලාභවනේ හරි එක පුද්ගලික ජායාරුප ප්‍රදර්ශනයක් තිබ්බොත්...:D

    ReplyDelete
    Replies
    1. හි හි ස්තුතියි ඈ ! මේ ඔක්කොම අපේ වත්තේ ඒවා ... හ්ම්ම් මම ප්‍රදර්ශනයක් තියන්න ඉන්නේ එන්න බැරිද ආරාධිත අමුත්තාට! :D :D

      Delete
  4. මල් ඉතින් කොහොම පොටෝ ගත්තත් ලස්සනයිනෙ නේද

    ReplyDelete
  5. මාත් ආසාවට ෆොටෝ ගන්නවා. හැබැයි ඉතිං මාත් ඔයා වගේ තමා. ෆොටෝග්‍රපි ගැන වැඩි දේවල් දන්නේ නෑ. දන්න විදියට මට ලස්සනයි කියල හිතෙන විදියට ගන්නවා. මාත් මේ වගේ ලිපියක් දාන්න කියල හිටියේ අයිලාෂ් අයියගෙන් වැරදි එහෙම අහ ගන්නත් එක්ක. පස්සේ වෙලාවක දාන්නම්කො.....

    ඔයාගේ පින්තූර ටික ලස්සනයි. අයිලාෂ් අයියගෙන් එහෙම වැරදි අඩුපාඩු අහගෙන තව දියුණු කර ගන්නකො.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සමනලියෝ ...මාත් මට හොඳයි කියලා හිතෙන විදියට ගන්නවා ,ටිකක් හිතලා බලලා එහෙම හි හි ..ඒක හොඳ විනෝදාංශයක් නේද ?බලමුකෝ අයිලාෂ් මොකෝ කියන්නේ කියලා

      Delete
  6. අනේ අපි හැමදේම කරන්නේ දැනගෙනද මෙයා.ඔය ෆොටෝ ටික ඔයාගේ කලාව.ඒ මදැයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔවදනට ...! හිතන්න හොඳ විදියක් ! මේක මගේ කලාව ! :)

      Delete
  7. Replies
    1. තැන්කිව් තැන්කිව් ..

      Delete
  8. ලස්සන ෆොටෝ ටික. මං ආසම අර හතු තියන දෙවෙනි ෆොටෝ එකට. ඒ හතු වර්ග අපේ ගේ අවටත් පිපෙනව ගස් කඳන් වල.සමහරු ඒව වේලල පාට කරල පොඩි පොඩි සැරසිලි එහෙමත් හදනව. රෙහානිලගෙ ගම් පලාතෙ නම් මේ වගෙ දසුන් ඕනෙ තරම් ඇති.

    මාත් පහුගිය කාලෙක ඔන්න ඔහොම සුට්ටි ෆොටෝ ටිකක් අරගෙන බ්ලොග් එකේ දැම්ම. ඒ දවස් වල රෙහානි බ්ලොග් වලට නිවාඩු දීල ද කොහෙද හිටියෙ.. "හිත වෙහෙසන්නට නොව" කියල පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..!ඒ හතු පාට කරලා සැරසිලි හදනවා කියල ඇහුවෙනම් අදමයි ...ටිකක් ඒ ගැනත් හිතල බලන්න ඕනේ , :D අර පොස්ට් එක හොයාගෙන කියවන්න ඕනි

      Delete
  9. අපුරු පින්තුර ටික.
    අර මල් බිගෝනියා වර්ගයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි මහත්තයෝ ...වී පොකුර කියන්නේ බිගෝනියා වර්ගයක් කියලා

      Delete
  10. මාත් දන්න විදියට බෙගෝනියා වර්ගයක්..අපේ ගම්වල ගල්වැටි වසාගෙන හැදෙන්නෙ.

    මලක් උනත්...බිම පෙරලිලා....කරකවල...බොඳකරල....අඳුර ,එලිය එක්ක සෙල්ලම්( හෙවනැල්ල වගේ) ටිකක් දාල අරන් බලන්නකෝ..!

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පිළිකන්නේ කොන්ක්‍රීට් බැම්මේ තමයි ඔය හැදිලා තියෙන්නේ ..එහෙනං බිගෝනියා වර්ගයක් තමයි ..අනේ එච්චර හිතලා නෙවෙයි වීයෝ මම ගත්තේ මේ ටික .ඒ උනත් වැඩි යමක් ඉගෙනගන්න මම ආසයි .

      Delete
  11. අවට බැලුවොත් ඕනෙ තරම් ලස්සන දේවල් තියෙන බවට මේක හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ලස්සන දේවල් තියනවා ,එච්චර හිතන්නේ නෑනේ ඒකයි නොපෙනෙන්නේ

      Delete
  12. ඈ බොලේ ?
    සබරගමුවේ කිව්වා ?
    සත්නපුලේද ? කෑගල්ලේද ?

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ ,ඇයි උයත් මේ පැත්තේද ම්ම් ?

      Delete
    2. අම්මා ගහයි සත්නපුලේද එහෙනම් ?

      Delete
    3. ඔව් ඔව් ..අම්මා ගහන එකක් නෑ :D :D

      Delete
    4. ඔව් ඔව් හනී...... සිංදුවයි මමයි දෙන්නම අමු අමුවේම සත්නපුලේ තමා . උයා එහෙනම් කන්ද උඩ ඉක්කෝලේද ? සම්බෝලයි බතුයි වට්ටක්කයිද ?
      ඒ නැත්නම් රතුපාට ටයිද ? ඒ ඔක්කොම නැත්නම් කහ කොළ ඉරි ඉරි ටයි එකද ?

      Delete
    5. මාත් කන්ද උඩ ඉක්කෝලෙක තමයි හැබැයි රත්නපුර නෙවෙයි මෙයාලා ,ඉතිං ඔයාලා කොහෙද රත්නපුරේ

      Delete
    6. හඃ හඃ හඃ දැන්නේ දැක්කේ. මෙයා එහෙනම් වෙන දිහාවක කන්දේ උඩ ඉස්කෝලෙක. දැන් මේ ඔය කන්ද තියෙන්නේ දෙවියෝ වැඩ ඉන්න පාරේද ? අපි ඇවිල්ලා අර කහ කොළ ඉරි ඉරි ටයි එකේ.

      Delete
    7. එහෙමෙයි එහෙමෙයි ... ගුඩ් ගුඩ් .. දේවාල පාරක් තමයි, හැබැයි නිවිතිගල :D

      Delete
  13. මමත් ඉතිං මේ වැඩේට කැමති නිසා දන්න දේවල් ටිකක් කියන්නම්. පළවෙනි ෆොටෝ එකට මම කැමතියි. ඒ වගේම අර ගහක කඳක් මැද්දේ කහ මලක් තියන එකත් අමුතු දෙයක්.

    සාමාන්‍යයෙන් අපි ඡායාරූපයට ලක් කරගන්නා වස්තුව (subject) ඡායාරූපයේ කොතනද තියෙන්න ඕනේ කියන එක ගැන පොදුවේ භාවිතාවෙන ක්‍රමයක් තමයි Rule of Thirds. ඒකෙදි කියන්නේ ඡායාරූපය සිරස්වත්, තිරස්වත් සමාන කොටස් තුන බැගින් බෙදුවහම, ඒ ඉරි කැපෙන තැන් වලට අර subject එක අහුවෙන විදිහට ගන්න කියලා. ඒ වගේ කැපෙන තැන් හතරක් තියන නිසා පසුබිම සලකලා තමයි කොයි එකද කියලා තීරණය කරන්න ඕනේ. දැන් මේ කහ මල තියෙන්නේ ෆොටෝ එකේ හරි මැදනේ. එහෙම නැතුව ඒක අර කලින් කියපු තැනකට ආවා නම් වඩා ලස්සන වෙනවා. නමුත් මේක රූල් එකක් කිව්වට හැම වෙලේම එහෙම වෙන්න ඕනේ කියලා එකක් නැහැ.

    මෙතැනදි තව සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි තමන්ට අවශ්‍ය subject එකට කැමරාව ෆෝකස් වෙලාද කියන එක. ගොඩක් කැමරාවල ෆෝකස් කරගන්න පොයින්ට් එක තියෙන්නේ හරි මැද. ඒ වගේ වෙලාවට subject හරි මැදට අල්ලලා ෆෝකස් කරගෙන පස්සෙ අවශ්‍ය රාමුව එන විදිහට කැමරාව එහාමෙහා කරන්න ඕනේ. යට ඉඳලා දෙවෙනියට තියන ෆොටෝ එකේ ෆෝකස් වෙලා තියෙන්නේ මල නොවෙයි මැද තියන කොළ ටික කියලා හොඳින් බැලුවොත් පෙනෙයි.

    අයිලාෂ් සහ තව කීපදෙනෙක් ඉන්නවා ඡායාරූපකරණය ගැන බ්ලොග් සටහන් ලියන. එයාලගේ බ්ලොග් වලට ගිහින් සහ ගූගල් එකෙන් ඔය ගැන හෙව්වොත් හරි ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර මේ දේවල් මට කියලා දුන්නට සහ අර ලින්කුවට !ඒක මට ගොඩක් වැදගත් // යට ඉඳලා දෙවෙනියට තියන ෆොටෝ එකේ ෆෝකස් වෙලා තියෙන්නේ මල නොවෙයි මැද තියන කොළ ටික කියලා හොඳින් බැලුවොත් පෙනෙයි.//ඔව් එකේ මල බොඳ වෙලා කොළ ටික ෆෝකස් වෙලා හි හි ...

      Delete
  14. ආලෝක කරණය ගැන ටිකක් ඉගෙන ගත්තනං නරකද යකෝ... මහා කොන්ක්‍රීට් වන්නතරේක තියෙන පොඩි පැලයක් උනත් කැලේක තියෙන ගහක් ගානටම ගන්න පුළුවන් ඔය පින්තුර කෙරුවාවෙන්.. පටි තිසරයා කිව්ව දේවල් හරියටම හරි.. ඔය මට උඩින් ඉන්න එකා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දේශා ...මම ආසයි ඒ ගැන ඉගෙනගන්න .හ්ම්ම් ඉස්සරහට බලමුකෝ ඉතිං ..තිසර කියපු දේවල් ඇත්තටම මට වැදගත් දේශ්

      Delete
    2. පටි? කළු පටි ද ඩෝ?

      Delete
    3. ඒක ඉතිං ඇදුමේ පාටට හරියන එකක් තමයි ඩා... හැක්

      Delete
  15. අර නම දන්නේ නැති මල් ජාතිය බිගෝනියා වර්ගයක් නේද.. පස් තියන ඉවුරුවල හොඳට වැවෙනවා ගොරෝසු මතුපිටක් තියනවා නේද...? අපේ දිහා යායක් තිබුනා මං පොඩි කාලේ..

    සාමාන්‍ය කැමරාවකින් පොටෝ එකක් ගන්න හොඳ ඇහැක් තිබුන නම් හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ගොරෝසු මතුපිටක් තියෙන්නේ ,බිගෝනියා තමයි හොඳ ඇහැක් කෙසේ වෙතත් ඇහැක් විදියට ගත්ත ඕන්

      Delete
  16. මමත් හිතාගෙන ඉන්නව මල වල පින්තූර ප්‍රදර්ශනයක් තියන්න.. මල් විතරක් නෙමයි.. හැම ලස්සන දෙයක්ම... මගේ පෝන් එකෙන් වැදුණු.. හැබැයි සයිබර් අය විතරයි හොදේ..

    පට්ට ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හා හා එහෙනං ප්‍රදර්ශනයක් තියමුකෝ ! අපි එන්නං බලන්න ස්තුතියි අදහසට !අලුත් ද මන්දා මෙහෙට ...

      Delete
  17. පොඩි ගතියක් තියෙනවා! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි උනත් මොකෝ රජෙක් කියනවා නං ගතියක් තියේ කියලා ඒ මදැයි :D

      Delete
  18. පටන් ගැන්මට ඔහොම හොඳයි. මගේ ඡායරුපකරණය ලේබලය යටතේ තියෙන පොස්ට් ටික බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවන්න ඕනේ හෙමින් ... ස්තුතියි අදහසට

      Delete
  19. නරකම නෑ... (මං කිව්වේ මල් ටිකයි, කැමරාවයි)

    ReplyDelete
  20. හරි දියුණුයි නේ රෙහානි දැන්.

    ReplyDelete
  21. මුල ෆොටෝ තුන ගොඩාක්ම ලස්සනයි... මරු ඈ!!!!!

    ReplyDelete
  22. දැන් ඉතින් වෙඩිමක් උනත් බය වෙන්න දෙයක් නෑ. ;)

    ReplyDelete
    Replies
    1. හේ හේ ....අනේ යන්න මෙයා යන්න :D :D :D

      Delete
  23. දන්නෙ නෑ කිව්වට ෆොටෝ ශිල්පය දන්නවා වගේ. ඒකනේ ඔය ගහල තියෙන්නේ..මල්මල් ලෝකයක මල් හතයි මේ පිංතූරටික

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි :)

      Delete
  24. අගෙයි නෙව...ඒක නෙමෙයි කෙල්ලේ මගෙ වෙඩිමේ ෆොටෝ ටිකතු අරන් දෙන්ඩ පුලුවන්ද? ගාන වුනත් ඉතින් බොහොම ෂේප් ගානක් කියන්න ඕනේ හැබැයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඈ .. ;)අරං දෙන්නම්කො ... ගණන් ඕනිම නෑ :D

      Delete
  25. ලස්සණ යි ලස්සණ යි...මම කියන්නෙ මල් ටික....

    ReplyDelete
  26. මල පනිනවා....නේ... හිහී...
    ලස්සනයි ලස්සනයි.. මං කැමති අර දුඹුරු පාට හතු වලට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යසිත් ... ඒ හතු වලින් නිර්මාණ කරන්නත් පුලුවන්ලු

      Delete
    2. ඔව්..ඔව්..තුනපහ එහෙම දාල ගත්තම...හොඳ නිර්මාණ කල හැකි..හිහිහි..

      Delete
    3. හි හි මේවා කන්න බෑ අලී

      Delete
  27. අනේ මට නෑනේ කැමරා කටුවක්වත්.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. අය්යෝ මටත් නෑ ,තිබුන එකත් ආපහු යැව්වා .. මේ ෆෝන් කට්ටෙන් ගත්තේ හි හි ...කාගෙන්ද තහංචි ඈ

      Delete
    2. ඇයි හෙම්බිලිස්සාවද :D

      Delete
  28. දන්නේ නැතුව ගත්තම මෙහෙම නම්..දැනගෙන ගත්තොත් කොහොම වෙයි ද ඈ..
    මම නම් ආසම අර පුංචි කහ මලට...

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ස්තුතියි ...ම්ම්ම් කළු කියන්නද සුදු කියන්නද හි හි :D ...ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට කළු සුදු

      Delete
    2. සුදු කියන්න..මොකද මම ඇත්තටම සුදුයි...බොරු නම් අපේ මල්ලිගෙන් අහල බලන්න...( හසරැල්.. ගෙන්...)

      Delete
  29. ලස්සන පින්තූරු ටිකක්..ඔන්න මමත් එකක් දාගත්තා ඩෙස්ටොප් එකට..

    ReplyDelete
  30. මාත් ඉතින් ආසාවට පින්තූර ගත්තට වැඩි දෙයක් දන්නෙ නෑ ඒ ගැන. අයිලාශ් අයියාගෙ බ්ලොග් එකෙන් නම් ටිකක් ඉගෙන ගත්තා.ඔයා අරන් තියෙන පින්තූර ටික ලස්සනයි...තව පින්තූර අරන් දාන්නකො බ්ලොග් එකේ :)

    ReplyDelete
    Replies
    1. දාන්නම්කො චම්ස් , දන්නේ නෑ මාත් ආසාවට තමයි ඉතින් පින්තුර ගන්නේ ස්තුතියි මාත් අයිලාෂ් ගේ පොස්ට් ඔක්කොම වගේ කියෙව්වා !

      Delete
  31. හොඳයි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙමු.. බිම්මල මලක්ද ගහක්ද ?

    ReplyDelete
    Replies
    1. හෑ ...මලක් මං දන්නා විදිහට නං .. ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා අහස යටට !

      Delete
  32. lassanai akkiyo. . . :-)

    ReplyDelete
  33. lassanai akkiyo. . . :-)

    ReplyDelete
  34. lassanai akkiyo. . . :-)

    ReplyDelete