ලා දම් අහසට පායන උදවිය ..

Monday, February 4, 2013

තාර පැටියා සහ කහ කුරුල්ලා

සුමනසිරි සට කපටි පතල්කරුවෙක් !සුපුරුදු පරිදි සුමනසිරි මේ දිනෙත් පතල් රස්සාවට ගියා !එදා ඉල්ලං ගොඩ දාන දවස . ඉල්ලං කුඩ අතින් අත මාරුවෙලා අවසානෙට එන්නේ සුමනසිරි අතට .සුමනසිරි කුඩේ තියන ඉල්ලං ටික ඉල්ලං ගොඩට හලනවා .ඔහොම ටික වෙලාවක් යද්දී සුමනසිරි දකිනවා ඉල්ලං ගොඩ ඇතුලේ දිලිසි දිලිසි තියන මැණිකක් !ඒක හෙමිහිට කට ඇතුලේ ඔබා ගත්තු සුමනසිරි ඉස්පාසුවක්  ලද විගස අහලකින් කිරි මැටි ගුලියක් හොයාන තාරාවෙක් නිර්මාණය කළා . තාරාවගේ ඔලුව මැදට මැණික් ගල තියල ..සුමනසිරි කිරිමැටි තාරවාව අවුවේ තිබ්බේ "මේක හොඳයි අපේ පොඩි එකාට ගෙදර යනකොට ගෙනියන්න "කියන ගමන්                                                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~                                                                                                          සුමනසිරි තවත් දිනක් යහළුවන් දෙදෙනෙකු සමග කුණු පස් ගැරීමට (කුණු පස් ගරනවා කියන්නේ ගංගා ආශ්‍රිතව ගොඩ පස් ගැරීම ) ගියා .ඉතිං එදා වැඩේට හිටියේ තුන් දෙනයි නිසා එක්කෙනෙක් පස් ගෙනාවා .., අනිත් දෙන්නා ගැරුම් වට්ටිය ගගේ තියාගෙන ගරනවා .ටික වෙලාවකින් සුමනසිරිගේ උකුසු ඇසට හසුවුණා මැණිකක් .මැණික අනිකා දකින්නට පෙර බොරලුවලින් වහපු සුමනසිරි ..,  "ආන් බලහං අර කහ කුරුල්ලාගේ ලස්සන " කිවුවා .ඒ අතරේ මැණික සුමනසිරිගේ කට  ඇතුලට පැන්නා                                                                      

87 comments:

  1. :D කොහොම හරි මිනිහට හොඳට මැනික් හම්බ වෙනවා නේද

    ReplyDelete
  2. මූට මාර වාසනාවක්නේ තියෙන්නේ...

    ReplyDelete
  3. සුමසිරි පතල් වැඩ කරපු පැත්ත පොඩ්ඩක් කියන්න පුලුවන් තරහා නැතුව

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබතුමාටත් හිතුනද පතලක් කරන්න ?සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව අහස යටට !:)

      Delete
    2. රත්නපුරේ කෙල්ලෙක් කසාද බැඳ ගත්තා නම් ගොඩේ ගොඩ තමයි. ඒක හරියට පතලක් කපලා මැණිකක් හම්බ වුනා වගේ කියලා මට නම් හිතෙන්නේ.

      Delete
    3. දැන් හුඟක් අය බඳින්නේ ගෑනු නෙවෙයි සල්ලි තමයි ... :D

      Delete
  4. මේ මිනිස්සු කපටි තරමටම මෝඩයි.... ඒ නිසා ඉතින් ඔය කරන කපටිකම් වලිනුත් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට උන් කපටිකමින් හම්බකරගන්නවා ..හැබැයි ඉතිං ඒවායේ වගතුවක් නෑ

      Delete
  5. ඔය වගේ මැනික් නෙමෙයි මොනව ලබාගත්තත් වැඩක් නෑ රෙහානි. තමුන්ගෙ හිත දන්නවනෙ කරපු වරද. මැරෙන මොහොතෙ වත් සැනසීමෙන් මැරෙන්න බැරි වෙයි

    ReplyDelete
    Replies
    1. Balagena honde rahath wei.. Mama mage acc. No. Eka dentada? Siyalu de aniyathai ne meyaa.. :)

      Delete
    2. වස්තුව දැක්කහම ඔය හැම දේම අමතක වෙනවා බහුතරයකට දේශ්

      Delete
    3. @ටික්ක,
      අකවුන්ට් එකේ සල්ලි තියනව නම් එන්නකො, මෙතෙන්ටම ඒ කතාවත් දාන්න පුලුවන් එතකොට. මෙහෙත් හරියට කහකුරුල්ලො ඉන්නව

      Delete
  6. ඇත්ත කතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්ලු ...මාත් අහපු එකක්නේ

      Delete
  7. හැබැයි, එකට වැඩ කරන වටේ ඉන්න කට්ටිය දන්නවා ඔය සෙල්ලං.... තාරාවෝ හදලා කුරුල්ලෝ පෙන්නලා බේරෙන්න අමාරුයි... බලලා තියනවද Blood Diamond චිත්‍රපටිය?

    ReplyDelete
    Replies
    1. දැන් නං බෑ තමයි ...මේක කාලෙකට ඉහත වුන දෙයක් !ෆිල්ම් එක නං බලල නෑ මතක හැටියට :)

      Delete
    2. තිසර මතකද උඹට ඒකෙ අත් කපන්න කලින් අහනවා short sleeves or long sleeves? කියලා. ඩිකැප්‍රියෝගෙ හොඳම රඟපෑමක් ඒකෙ තිබ්බෙ.

      Delete
  8. හ්ම්ම් හ්ම්ම්..මේ කොහෙද මේ සුමනසිරි ඉන්නේ ඈ??

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ තමයිලු නාඩියෝ :)

      Delete
  9. මට නම් හිතාගන්න බෑ මේකෙන් ඕයා කියන්නෙ මොකක්ද කියල...!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ කපටිකම ගැන තමයි වී

      Delete
  10. සුමනසිරි වැඩකාරයා... බලන්න කොයිතරම් අගේට වැඩ කරාද කියලා..

    ReplyDelete
  11. සුමනසිරි තාරාවෙක් හදල මැණික හැංගුව වගේ පිළිමයක් හදල මැණික් ගලක් ඒක ඇතුලෙ හැංගුව කථාවක් ෂර්ලොක් හෝම්ස් පොතක කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රනීල මාණික්‍ය පොතද?

      Delete
  12. manik sellam wala nam ohoma baba part
    danna baha man danna tharamin.kapala
    pethi tika illam pas asse gahanawa...

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඒ අහුවුනොත්නේ ..අලවන්ගුවෙන් ඇනල මරන්නේ ...හැබැයි ඉතිං ඕනෑතරම් මැණික් හැන්ගිලි ගැන කියතහැකි මට සමහරු මැණික හංගගන්න බැරි වුනොත් ගිලිනවා ..... :)

      Delete
  13. මේ දවස්වල නිවාඩු සුවර් එකට රත්නපුර පැත්ත හින්දා තැන පොඩ්ඩක් කියන්නකෝ පතලක්වත් කපලා බලන්න....

    ReplyDelete
    Replies
    1. සුමනසිරිට මාර පිනක් තියෙන්නේ තරු ...අපි බැස්සොත් කට්ටවත් නෑ :D

      Delete
  14. ග්ර්ර්ර්ර්ර්...... මේකත් පෝස්ට් එකක්ද? (පෝස්ට් එකේ නිමිත්ත නෙවෙයි ලියලා තියෙන හැටි. කම්මැලියා!) :E


    අපේ ගොඩක් අය කියලා තියෙනවා මැණික් උස්සන්න බෑ කියලා. හැබැයි ඔහොම උස්සපු අය ඉන්නවා. හැබැයි උන්ටත් පස්සේ කාලෙක හරි ෂොට් එක හම්බ වෙනවා.

    මැණිකක් උස්සනකොට අහු උනොත් සොරි තමයි. මැණිකක් ගිල්ලොත් ගස් බැඳලා සබන් වතුර පොවනවා මැණික ලැබෙනකම්.

    ReplyDelete
    Replies
    1. වැඩේ අහු වුනොත් නං ඔය සෙතේ තමයි ...ඒ වුනාට මාර කපටි ඉන්නේ ..ඇස් බැන්දුම් කරලා හංගන්නේ ..දැන් නං ඒ වුනාට හුගක් අමාරුයි ..වට්ටිය දිහා ගරද්දී ඇහැ ගහන් ඉන්නේ ඔක්කොම !ඉල්ලන් උනත් මුරට තුන් හතර දෙනෙක් දානවා ..//සුට්ටක් කම්මැලි වුනාට මන් එච්චරම කම්මැලි නෑ :D :D

      Delete
  15. හපුයි සුමනසිරි... O.o

    ReplyDelete
    Replies
    1. හපුයි හපුයි !.....(ශම්මියව අපි දැක්ක පොටෝවලින් :)

      Delete
  16. ඔය මොන කපටි වැඩ කලත් කල කම් පල දෙනවනෙ රෙහානි. අනෙක දැන් ලේසි නෑ ඔහොම ගැලවෙන්න.

    ReplyDelete
    Replies
    1. කල කම් පල දෙනවා ..ඒක ඇත්ත ..ඔහොම මැණික් හොරකම් කරපු කෙනෙක්ගේ කොන්ද උඩට ගලකුත් එක්ක පස් කඩන් වැටුණා ..දැන් ඔහු සදාකාලික ව එක් තැන් වෙලා ඉන්නේ ..අනික පතල්කරුවන්ගේ විශ්වාසයක් තියනවා පතලක් ඇතුලෙදි මිනිහෙක් මැරුනොත් ඒ ගන්නේ බිල්ලක් කියලා ..ඊට පස්සේ ඒ වලේ අනිවාර්යෙන් මැණික් හම්බවෙනවලු

      Delete
  17. මැණික් ගලක් දාල අලියෙක් හදපු මනුස්සයෙක් ගැන අපි අද දවල් කතා වුනා. මෙන්න මෙයා ඒ වගේම පෝස්ට් එකක් දාලා.. :) මැණික් කර්මාන්තය තුල ඔහොම ජිල්මාට් (කම්පියුටර් නොවේ) වෙනවලු අනන්තවත්...

    ReplyDelete
    Replies
    1. ඔහොම ඒවා වෙනවා ..අද කාලේ සුක්ෂමව තමයි කරන්නේ

      Delete
  18. ඔය වගේ මිනිස්සුන්ට මනෙ ඉතින් හරියන්නෙ...
    කවර කතාද....

    ReplyDelete
  19. මාර මැණික් තොගයක් නෙව හමුබු වෙන්නෙ

    ReplyDelete
  20. මැණික් ගරන අය ඔය වගේ වැඩ කරනවලු..

    ReplyDelete
  21. මොනවා වුනත් සුමනසිරි මාර ලක් කාරයෙක් ඈ.... ඔච්චර මැණික් හම්බ වෙන්න...

    ReplyDelete
  22. රෙහානි ඕක ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්ලු ..මටත් වැඩිහිටියෙක් කියපු දෙයක් ..අර කහ කුරුල්ලා කියන නම සුමනසිරිට දැන් පටබැඳිල තියෙන්නේ ..

      Delete
  23. ඔය හුගාක් මැණික් මුදලාලිලා සුමනසිරි තියරියෙන් ගොඩ ගිය අය ගමයි....!

    ReplyDelete
    Replies
    1. ඒ කියමන හරි ..සමහරු එහෙම ගොඩ ගිහින් තියනවා ..//ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා අහස යටට

      Delete
    2. දෙගොල්ලම එකම ගම පළාතේ මම හිතන්නේ.

      Delete
    3. මෙතුමාත් රත්නපුරේද ?

      Delete
  24. හැබැයි පුතෝ.. ඕක නිකං සුට්ටං කතාවක්.. ලොවෙත් එහෙම කරන්න හම්බ වෙන්නේ නෑ.. මොකද ඔය වගේ සත පනහේ වැඩ ඔය පතල් කරුමාන්තේ කොරන හැම එකාම සහසුද්දෙන්ම දන්නවා. ගිල්ලොත් ඉතිං බෙල්ලත් නෑ තමා.. මහ භයානක රස්සාවක් අවංක නොවුනොත්.. දන්න හින්දයි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ekane desha kiyanne api Rathnapura Malwala handiye
      kollo thama hari... mendis sir kiyanne mage mama....

      Delete
    2. මේ සුට්ටන් කතාව ඇත්තම ඇත්තක් ..එයාට තවමත් කියන්නේ කහ කුරුල්ලා කියලා //කරන්න බැරි නෑ .කරන කෙනා කරනවා .හැබැයි දැන් තත්වේ අමාරුයි ..අහු වුනොත් සොරි තමයි ..එත් කවුද අහුවෙන්න කරන්නේ ..මේ මොන්ටිසෝරි තියරි නැති වුනාට මේ දේවල් තවමත් වෙනවා ..

      Delete
    3. @ශාන් මමත් නිවිතිගල ...! :D

      Delete
    4. ඔය ඉතිං රෙහානි, නිවිති ගල, අර යකා මල්වල, මම කොහේද???

      Delete
    5. රෙහානිගේ ගම හොයාගත්තේ දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා. ෂර්ලොක් හෝම්ස් පාරක් දීලා. මං ඒ ගැන ඉඟියකුත් දීලා තියෙනවා කලින් පෝස්ට් එහෙක. හෙහ් හෙහ් හෙහ්....

      අර දේශකයාගේ ප්‍රශ්නේ මටත් තියෙනවා අප්පා....

      Delete
  25. ඔය රස්සාවෙදි වංචා කරලා අහුවුණොත් ආයෙ මිනියවත් හොයාගන්න බෑ කියනවනෙ... පරණ පතලකට වෙලා තමයි ඉන්න වෙන්නෙ හැමදාටම!

    ReplyDelete
    Replies
    1. අහු වුනොත් නං සොරි තමයි ලහිරු

      Delete
  26. පොඩි ප්‍රශ්නයක් සුමනසිරිට ඉස්සෙල්ම මැණික නම් තාරාවගේ පිහිටෙන් ගොඩගියානම් ආයෙ දවසක සුමනසිරි ගැරුම් වට්ටියේ ඉදීද?

    ගත්ත මැණික් ඇත්තටම ගිල්ලද?

    ReplyDelete
    Replies
    1. ඔය කතා දෙකේ සිද්ධිවලට සම්භන්ධ වුනේ දෙන්නෙක් ..පහසුව වෙනුවෙන් තමයි ඔහොම ලිවුවේ ..අනික ඔය නමත් අන්වර්ථ නාමයක් ..හැබැයි කතා දෙක තැන දෙකකදී සත්‍ය වශයෙන්ම සිදු වුවන් ! මීට කලකට ඉහතදී ..// මැණික් ගිල්ලේ නැහැ ..කටේ හංගගෙන පස්සේ කොහෙහරි හන්ගනවලු

      Delete
  27. කවදාවත් බොරුවකින් ජීවත් වෙන්න බැහැ.. කොයිතරම් සූක්ෂමව කටයුතු කලත්..

    ReplyDelete
    Replies
    1. මේ බොරුවත් දැන් ඉතිං අහු වෙලානේ

      Delete
  28. මේක ඇත්ත කතාවක් ද?. මේ මනුස්සයට මොකද ඉතින් වුනේ ඊට පස්සේ හොඳ පොහොසතෙක් ද?.

    ReplyDelete
    Replies
    1. පොහොසත් නෑ ..සාමාන්‍ය මිනිස්සු ..ඔය ගත්ත කියන ගල ලක්ෂෙකට දෙකකට වැඩිය වටින්නේ නෑ

      Delete
  29. බොලේ සුමනයා කම්බ හොරෙක්නෙ...

    ReplyDelete
  30. මෙච්චර මැණික් හම්බවෙලත් සුමනයා තාම දුක්විඳින්නේ ඇයි..

    ReplyDelete
    Replies
    1. ඒවා ඵල දෙන්නේ නැති හන්ද

      Delete
  31. මගේ පෝස්ටුවට අදාළ නොවන සියලු කොමෙන්ටු ඉවත් කිරීමට සිදු විය ..සමාවන්න .

    ReplyDelete
  32. පුංචි කතා දෙකක් ලොකු වෙනසක්. අගේ ඇති පණිවුඩයක්...

    ReplyDelete
  33. @ රෙහානි,

    අද කාලේ නම් වෙන පිරිමි කසාද බඳිද්දී කෙල්ලෝ වෙනුවට සල්ලි ගොඩ ගැන නම් බලනවා තමයි. ඒත් මම නම් එහෙම නැහැ. ඒත් වැඩේ කියන්නේ මට තවම ඒක කරගන්න බැරි වුන එකයි. සුමනසිරිට මැටි භාණ්ඩ නිර්මාණය කිරීම පිලිබඳව හොඳ දැනුමක් තිබිලා තියෙනවා. තාරා පැටියා නිසයි කහ කුරුල්ලා නිසයි සුමනසිරි ගොඩ ගියා. හොරකම හා වංචාම හොඳ නැත. නැතිබැරිකම් නිසා මිනිසුන්හොරකමට වංචාවට පෙළඹේ. රත්නපුරේ මිනිස්සු මැණික් වලින් සල්ලි ලැබුනාම ලක්සෙට කොඩිය දාගෙන ඉන්නේ. යානවාහන, ගෙවල් දොරවල් ඉහළින්ම කරගන්නවා. නමුත් සල්ලි නැතිවෙද්දී ඒවා ආයෙමත් එකින් එක විකිණෙනවා. රත්නපුරේ කෙල්ලෝ හරි අහංසකයි. ගැමිකම සාරධර්ම ආරක්ෂා කරන ඒ වගේ කෙල්ලෙකුව මට නම් මැණිකකට වඩා වටිනවා රෙහානි. ඔයාලගේ නංගි කෙනෙක් හරි යාලුවෙක් හරි නැද්ද තාම කසාද බැඳපු නැති.... හැබැයි අක්කලයි ඇන්ටිලයි නම් එපා. මම ආසා හුරතල් පොඩි අයට.

    ReplyDelete
  34. මැටි තාරාවා කතාවට මට මතක් වුනේ ෂර්ලොක් හෝම්ස් කතාවක තිබුණු නැපෝලියන් පිළිමෙකට කළු මුතු ඇටයක් දමලා තිබුණු කතාව

    ReplyDelete
  35. සුමනසිරි වගේ කපටියෙක් .....

    ReplyDelete
  36. රෙහානි මොකෝ තරමක නිහැඬියාවක. නිවාඩුවක් ගත්ත ද.. :)

    ReplyDelete
  37. වර්ෂා හෆ්ෆේ කිව්වේ ලිපිය දිහා බලලද මම ලියපු කමෙන්ට් එක දිහා බලලද? මට දැන් ලැජ්ජයි කියපු දේ ගැන. තරුණ ගෑනු දරුවෙක් මේක දැක්කම මොනවද හිතන්නේ. මම විහිළුවටයි එහෙම කිව්වේ.

    ReplyDelete
  38. මේ හලෝ.... ඔයාට මොකැයි වුනේ ගොඩ කාලෙකින් දැක්කේ නෑනේ....

    ReplyDelete
  39. හැමතැනම හොරු කියලා වැඩක් නෑ ඔවානම්....

    ReplyDelete
  40. මාරයිනෙ යන යන තැන මැණික් ද කොහෙද..

    අද තමා මං රෙහානිගෙ ලා දම් අහසට ආවෙ .
    අහස ලස්සනයි ආයෙත් අනිවා එනවා අහස බලන්න ..

    මතකද මන්දා මාව අපේ පැත්තටත් ඇවිත් තිබ්බෙ බලං යද්දි ඔයයි මායි දෙන්නම එකම බෝට්ටුවෙනෙ ;)

    ReplyDelete
  41. රෙහානියෝ මොකෝ බොල දැං සද්ද නැත්තේ

    ReplyDelete