ලා දම් අහසට පායන උදවිය ..

Thursday, January 24, 2013

ඇත්තටම ඇයි ඒ ?

මේ ගැන දන්නවද ?නැත්නම් කවදාහරි හිතිලා තියනවද ?එහෙනම් උත්තරේ  අද දැනගන්න පුළුවන්
ඔයාල දන්නවද දෙන්නෙක් විවාහ වෙද්දී එකම ඇඟිල්ලට මුද්ද දාන්නේ ඇයි කියලා ,
විවාහ   වෙද්දී මුදුව දාන්නේ  වෙදගිල්ල නැත්නම් මුදුගිල්ල්ටනේ . පිරිමියෙක්  දකුණු අතේ වෙදගිල්ලටත් ගැහැණු කෙනෙක් වම් අතේ වෙදගිල්ලටත් තමයි විවාහය සලකුණු කරන මුදුව පලඳින්නේ !නිකමට හරි හිතිලා තියනවද ඇයි ඒ ඇගිල්ලටම මුද්ද දාන්නේ කියලා ..(සමහරු නම් දැනටමත් මේ ගැන දන්නවා ඇති , නොදන්නා අයත් දැනගන්නකෝ  අද )                                                                                                                                        
මේ වගේ මැද ඇගිල්ල නවාගෙන වැඳගන්න
                                                                                                                                                                  
විවාහයක් කියන්නේ කිසිදා නොබිඳෙන ප්‍රර්ථනාවකින් සිද්ද වෙන දෙයක් !දෙන්නෙක් ආවාහ විවාහ වෙන්නේ දිවි ඇති තෙක් එකට දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න .මේ මුද්ද පැලඳීමෙනුත් සංකේතවත් කරන්නේ ඒ දේම තමයි .ඉහත රුපයේ දිස්වෙන ආකාරයට මැදගිල්ල නවාගෙන වැඳගන්න !දැන් පිළිවෙලට මහපටගිල්ල , දබරගිල්ල , වෙදගිල්ල ,සුලගිල්ල වෙන්කර බලන්න .මහපටගිල්ල ,දබරගිල්ල , සුලගිල්ල පහසුවෙන් වෙන්කළ හැකි බව ඔබට වැටහේවි !නමුත් වෙදගිල්ල වෙන් කල නොහැකියි .විවාහය එවැනි තද බැඳීමක් ලෙස සංකේතවත් කිරීමට තමයි වෙදගිල්ලේ මුදුව පළඳින්නේ .


දබරගිල්ල මෙහෙම වෙන් කරන්න
       
ප.ලි.        ඔන්න ඔහොමලු ඇඟිල්ලට මුද්ද වැටුණේ
                                                                                                                                                                                                                                                                                                                                                                

68 comments:

  1. appata siriyanaga kiwwalu. Aeththa nennam.

    Man me kalpana kale aththatama api angellata mudda daanawada nethnam muddata angilla daanawada kiyala.

    ReplyDelete
    Replies
    1. හි හි ...එච්චර ඒ ගැන කල්පනා කරන්න එපා
      :D

      Delete
  2. අඩේ රෙහානිත් දන්න දේවල්..! නියමයි

    එතකොට කාගෙද මේ අත්දෙක..?

    ReplyDelete
    Replies
    1. අත්දෙක අපේ දෝණිගේ ! දෝණිව කලින් පොස්ට් කියවපු අය දන්නවනේ :)
      අත්දෙක ඔහොම තියලා ෆොටෝ එක ගන්න මං වින්ද දුකක් ...හෆොයි

      Delete
  3. කෝ මේ අත් අයිතිකාරිඟෙ ඇඟිල්ලෙ මුද්දක් නෑනේ....

    ReplyDelete
  4. මගේ නම් ඒ ඇඟිලි දෙකත් අමාරුවක් නැතුවම වෙන්වුනා... දැන් මොකද ඉතිං කොරන්නෙ :)

    ReplyDelete
    Replies
    1. හේ හේ .......කසාදයක් කරගන්ට අමාරුවෙයි මයේ හිතේ
      :D

      Delete
  5. හැබෑ නේන්නම්. මමත් ටැස් කොරල බැලුවා. වෙන් කරන්න බෑ. ඒ වගේ චාරිත්‍ර උනත් අර්ථයක් ඇතුවයි හැදිලා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ .......අනාධිමත් කාලෙක ඉඳන් පැවත එන චාරිත්තර ඕවා ,අපිට වඩා මුතුන් මිත්තෝ හොඳ බුද්ධිමත්ව ඉඳලා තියනවා !

      Delete
  6. මම මේක අහලා තියනවා..හැබැයි මෙහෙම කියවනකොට තවත් රසවත්... මගේ ඒ ඇගිලි දෙක වෙන්කරද්දි සුළැගිල්ලත් වෙන්වෙනවා.:D

    ReplyDelete
    Replies
    1. හෑ ........................කොයි ඇඟිලි දෙක වෙන් කරද්දීද ?
      :D

      Delete
  7. Replies
    1. හේ හේ ...මුනත් ඇද වෙනවා??????? :D

      Delete
  8. අදමයි ඔයගැන දැන ගත්තේ ,,,,මම නම් ඔය රත්තරන් පාවිච්චියක් නැහැ...

    ReplyDelete
    Replies
    1. සමහරු රත්තරං වලට කැමති නැනේ ....ඒ වුනාට ඉතිං පවුම් හතරක් පහක් ළඟ තිබුණ කියල පාඩුවකුත් නෑ !

      Delete
  9. හ්ම්ම්..එහෙනම් ඒකයි ඒ නේද?

    ReplyDelete
  10. මම ඔය කතාව දැක්කා ඊ මේල් එකක. මුද්ද නම් පාවිච්චියක් නෑ ඉතින් :)

    ReplyDelete
    Replies
    1. ඒ කීන්නේ ආස නැතුවද නැත්නම් තාම මැරී කරලා නැද්ද ?
      :)

      Delete
  11. මැද ඇඟිල්ල නමන්නේ නැතුව උනත් ඕක හරියනවා... මම ටැස් කොලා.... හොඳයි හොඳයි.. දැනගෙන හිටියෙ නෑ

    ReplyDelete
  12. නියම ආදරයක් වෙන් කරන්න බෑ කියලා ඇඟිල්ලත් දන්නවා එහෙනම්.
    සම‘හරක්ට ඇඟිල්ලට තේරෙන දේ තේරුම් ගන්න බෑනේ..

    මම මේ නිකමට අහන්නේ..
    ඇයි ඔය ඇඟිල්ලටම වෙදඟිල්ල කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. නියම ආදරයක් වෙන් කරන්න බෑ !හරියටම හරි ......................
      ඒ ඇඟිල්ලටම වෙදගිල්ල කියන්නේ මම දන්නා තරමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී සහ තවත් තෙල් සම්බාහන ප්‍රතිකාර වලදී නිල උද්දීප නය කරන්න ප්‍රධානවම යොදාගන්නේ ඒ ඇගිල්ල නිසා ..

      Delete
  13. ඔය ඇගිලි හුටපටේ චීන කථාවක්, ඔවුන්ට අනුව අනෙකුත් ඇගිලි මිතුරන්, සහෝදරයන්, දෙමාපියන් සහ ඤාතීන් නියෝජනය කරනවා...මුදුව පලදින ඇගිල්ල සංඛේතවත් කරන්නෙ සහකරුවා/සහකාරිය

    අනෙකුත් ඇගිලි වෙන් කරන්නට හැකි වුවත් සහකරුවා නියෝජනය කරන ඇගිලි දෙක වෙන් කරන්න බැරි නිසා තමයි ඒ ඇගිල්ලට මුදව පලදින්නෙ.

    මුදුව යන්නෙන් අදහස් කරන්නෙ සීමා රහිත ආදරය...මුදුව රවුම් හැඩයක් ගෙන තියෙන නිසා එහි කෙළවරක් කාටවත් පෙන්නන්න බෑ...

    ReplyDelete
    Replies
    1. මගේ පෝස්ටුව තවත් අර්ථවත් කලාට ඔබට ස්තුතියි යාලු
      :)

      Delete
  14. මට වෙඩින් එකට මුදු හදවද්දි අම්මි කිව්ව මෑදට ගල් අල්ලන්නේ නෑතුව, මුකුත් මෑද ඩිසයින් එකක් නෑති රින්ග්ස් හදවන්න කියල.... ඈයි කියල ඈහුවහම කිව්වෙ රින්ග් එකෙන් ආදරේ සන්කෙතවත් වෙනවලු.... එහෙම රින්ග්ස් වල කෙලවරක් නෑහෑනේ ඒකෙන් කියන්නේ ආදරේ කෙලවරක් නෑ කියලලු.. සිරා කියල තිබුනෙත් ඒක උඩ කමෙන්ට් එකෙන්..හොද වෙලාවට ඒ කාලේ ඩිසයින් එක වෙලා තිබුනෙත් බෑන්ඩ් රින්ග් එකනෙ.. හෑදෙව්වට දෑමෙනව නම් අඩුයි... විවාහය කියන වචනයෙ තේරුමත් කියල දුන්න අම්මි.. වි - විශ්වාසය, වා- වාසනාව, හ- හරි මග, ය- යහපත් පෑවෑත්ම...

    ReplyDelete
    Replies
    1. විවාහය කියන එකටත් එහෙම අරුතක් තියනවද?අර මුදුවේ කෙළවරක් නැති එක ගැන මාත් දැනන් හිටියා ,හැමදේකටම ඉතින් අරුතක් තියනවා බැලුවහම !

      Delete
  15. මුද්ද වම් අතේ පළඳින්නෙත් හදවත හා සම්බන්ධ ධමනියක් වම් මුදු ඇඟිල්ලෙ තියන නිසා කියලත් කියනවා..

    ReplyDelete
    Replies
    1. එතකොට පිරිමි අය පළඳින්නේ දකුණු අතේනේ

      Delete
  16. ඒකත් එහෙමද! රෙහානිත් හොයා ගන්න දේවල්.

    ReplyDelete
  17. කලින් අහල තියේ මම නං ... ආහ්හ් රෙහානි එහෙනං ඔය කලා වගේ වෙදැඟිලි දෙකත් නමාගෙන වැඳගන්නකෝ.... දැං වෙදැගිලිදෙක හොදින් ස්පර්ශව තියනකොට මැද ඇඟිලි දෙක වෙන් කරන්න ට්‍රයි එකක් දෙන්න.. හි හි බෑ නේද? එ නං මං යෝජනා කරනව මුද්ද මැද ඇඟිල්ලටත් දාන්න ඔට්ටුයි කියල :P

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි ඇති ..එත් එතකොට තුලනයක් නෑනේ යාලු ...හැමදේකටම පිළිවෙලක් තියෙනවනේ
      :)

      Delete
  18. තවම මට නම් ඕවා ගැන තේරුමක් නෑ

    ReplyDelete
  19. මමනම් මේ ගැන දැන ගත්තේ අද තමා...රෙහානි ඔබත් මුදු දාන්න දින ලගයිද.මේ වගේ පොස්ට් එකක් එක පාරට මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. හි හි මාත් මුදුව පලදලා තමයි ඉන්නේ
      :D

      Delete
  20. මාත් ‍ඕක දැම්මා කාලෙකට ඉහතදී.. ඒත් මේවගේ තෙරුමක් ඇතිබව දැනගත්තේ අද තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ ...අපි නොහිතන තේරුම් තියනවා නේද?

      Delete
  21. චඃ මරු නේ
    මාත් මේක ගැන හොය හොයා හිටියේ :)

    ReplyDelete
    Replies
    1. අද ඕන් දැනගත්ත නොවැ !

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. රෙහානි අක්කා ඔන්න මමත් කමෙන්ටුවක් දිගේ හොයා ගෙන ආවා.. මුදු ගැන නම් ටිකක් දැනන් හිටියා. ඒත් මෙච්චර දෙයක් දැන ගත්තෙ අදයි..:)

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා ලාදම් අහස යටට !

      Delete
  24. ඒ අක්කේ,මගේ ඇගිල්ල වෙන් කරන්න පුළුවන්නේ.. මාර කේස් එක..!

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙල්ල හරියට කරන්න නැතුව ඇති .මැද ඇඟිල්ල නවලා හොඳට තදින් අත්දෙක ස්පර්ශ කරලයි වැඳගන්න ඕනේ ..ආයෙත් කරලා බලන්නකෝ

      Delete
    2. හා.. බෑ තමයි.මං හරියට වැදගන්නැතුව ඇති.
      ඇත්තටම කිව්වොත් මං බය වුණා..)))

      Delete
  25. अपने हाथ बहुत अर्थपूर्ण हैं

    ReplyDelete
    Replies
    1. හා .....ඒකට කමක් නෑ :D :D (කුණුහරපෙන් බැනලද දන්නෙත් නෑ )
      HI friend..!, I don't understand this languvage! can U pls use English?..

      Delete
  26. බලන්නකො ඒකෙත් හැටි නේද :) කාලෙකට කලින් පෝරුවෙ චාරිත්‍ර වලින් අර්ථවත් වෙන දේවල් යාලුවෙක් කිව්ව...ඒත් ඒව දැන් නම් මතක නෑ :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් චාරිත්‍ර හැදිලා තියෙන්නේ අර්ථයක් ඇතුව ...අපි නොදන්නවා වුනාට :)

      Delete
  27. අර්ථවත් අරුතක්..! ස්තූතියි බෙදාගත්තට..

    කෝ එතකොට මේ අත්දෙක අයිතිකාරියගෙ මුදුව.. :D

    ReplyDelete
    Replies
    1. අත් අයිතිකාරි තවම පොඩියි නන්දු !
      :)

      Delete
  28. මේක නම් කලින් අහල තිබුනා.... ඒ වුනාට නොදන්නා අය ගොඩක් ඉදල තියෙනවා කියල කමෙන්ට්ස් බලන කොට තේරුනා. හොද වැඩක් රෙහානි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොස්ටුව බලන්න ආවනේ :)

      Delete
  29. ඒක දැනගත්ත එක හොඳා ..මාත් ළඟදීම මුද්දක් දාගන්න ඉන්නේ ! :))

    ReplyDelete
    Replies
    1. ඕන් මනමාලි ඇහුවොත් දැන් උත්තර දෙන්න පුළුවනි

      Delete
  30. මම කලින් මේ විදියට කරන්න ට්‍රය් කළා එත් මොන ඇඟිල්ලද කියල මතක නැතුව හිටියේ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැනන් හිටිය ?

      Delete
  31. දවස් හයකට පස්සේ මුද්ද දැක්කා. සොරි වෙන්නට ඕන මිස් උනාට.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ දැන් දැක්කනේ :)

      Delete
  32. உங்கள் மிகவும் அழகான மற்றும் ஊக்கத்தால் தான்.
    உங்கள் கைகளில் பெற தெரியும் நீங்கள் ஒரு சிறந்த சைகை என்று பார்க்க
    Esattamente non so cosa ho scritto ma volevo dire che il tuo blog è bello e che anche le foto sono belle e anche il loro contenuto è bello e anche i gesti sono belli. ciao

    ReplyDelete
    Replies
    1. කවුරු හරි දෙමල හරි මේ භාෂාව හරි දන්නවනම් කියන්නකෝ

      Delete
  33. මුද්ද දාන්න ඇඟිල්ලක් හොයා හොයා හිටියේ. අදනම් අහු උණා. නියපොතු ටිකත් කැපුවනම් වඩාත්ම ගැලපෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. හ්ම් ...නියපොතුනං කෙල්ල දැන් කපල ..හැබැයි අකම් ට නං ගැලපෙන එකක් නෑ ඒ අත තවම ලාබාලයි :D

      Delete