ලා දම් අහසට පායන උදවිය ..

Thursday, December 6, 2012

උදව් කරන්න මට /Pls Help Me

යාළුවනේ ...මම ගොඩක්ම ආස කරන ෆීල්ඩ් එකක් තමයි "studio & photography" කියන්නේ ,නමුත් මන් ඒ ගැන ආසාව අතහැරලා දාල තිබුණේ !දැන් ඒ ආසාව ආපහු මගේ හිතට ඇවිත් ..මට ගොඩක් ආසයි මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න .එත් photography ගැන ඉගෙනගන්න  පාඨමාලා  පැවැත්වෙන  ස්ථාන , පැවැත්වෙන්නේ කොහොමද , මොනවගේ  දිනවලටද , මේ  හැමදෙයක්ම   දැනගන්න  දෙතුන්  වරක්ම  උත්සහ   කල  නමුත්  ඒ  උත්සාහය  ව්‍යර්ථ  උනා :( විශේෂයෙන්  රත්නපුර  නගරය  අවටින්  ඒ වගේ  පාඨමාලා   පැවැත්වෙන   ස්ථානයක්   හොයාගන්න   තියනවනම්  වඩාත්  හොඳයි !නැත්නම් මාතර , හම්බන්තොට හෝ හංවැල්ල  කියන නගර  ආසන්නයෙන් ! මේ ගැන  තොරතුරු සොයා දෙන ලෙස කිහිප දෙනෙකු  ගෙන්ම ඉල්ලු නමුත්  තවමත්  හොඳ ප්‍රතිචාරයක් නොලැබුන නිසා මම මේ ගැන බ්ලොග් යාලුවන්ගෙන්  උදව්වක් ඉල්ලන්න තීරණය කළා .                                                                                                                                   
                                                                                                            එහෙනම් යාලුවනේ ඔයාල කවුරු හරි මේ ෆීල්ඩ් එක ගැන දන්නවනම් , පාඨමාලා පවැත්වෙන ස්ථානයක් ගැන දන්නවනම් මට හැකි තරම් තොරතුරු  (ලිපින ,දුරකථන අංක වැනි )ලබාදෙන මෙන් ඉල්ලනවා .මේ ෆීල්ඩ් එකේම මන්  හඳුනන අය  හිටියත් එයාලගේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් එනවට අකමැති නිසා තොරතුරු ලබා දීමට අදි මදි කරනවා . ඔබත්  එසේ නොකරාවි කියල මම විශ්වාස කරනවා :)

49 comments:

  1. එවැනි ස්ථානයක් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට

      Delete
  2. මමනම් ඔය වගේ දේවල් ගැන දන්නෙ නෑ අක්කො.. සොරි කියුව ආ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ට් එකට

      Delete
  3. රෙහානි මමත් කාලයක් photograph කරන්න ආසා නිසාම වියදම් කරලා කැමරාවකුත් අර ගත්තා. ඊට පස්සෙ ලාල් හෑගොඩ සර් ලඟ කෝස් එකකුත් පටන් ගත්තා.ඒක නම් කොළඹ තියෙන්නෙ.මාස අටක් විතර යද්දී නවත්තන්න සිද්ධ උනා. රස්සාවත් එක්ක විවේකය මදි නිසා මම දන්න තරමින් සර් ගෙ ක්ලාස් හොඳයි. නිකමට කතා කරලා අහලා බලන්න. කොළඹින් පිට තියෙනවද කියලා..

    0777 323614

    විස්තර මෙතැනින් බලන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලිහිණි විස්තර හොයල දුන්නට
      සහ ලින්කුවට !
      :)

      Delete
    2. ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියකු වන මාගේ සහෝදරයාද එතුමාගේ ගෝලයෙකි... හොද ගුරුවරයෙක්... අන්න යන්න පුලුවන් නම් තැන..

      Delete
  4. හොයල බලල දැන ගත්තොත් කියන්නම්. නිකමට වගේ අහල බලන්න රත්නපුරේ ආධුනිකත්ව මණ්ඩලේ කාර්යාලයෙන්. නව නගරේ තියන පළාත් සභාව පහු කරලා ටිකක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියන්නේ. එහෙ නැතත් වෙන තියන තැනක් හරි දැන ගන්න පුළුවන් වෙයි.http://www.naita.gov.lk/ Tel: 045 2228667
    කාර්යය සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චන්දන ! බලමු කතාකරලා
      ප්‍රර්තනාවට සහ ලින්කුවටත් තුති !
      :)

      Delete
  5. මම ඉස්සරම කෝස් එකක් කලා ලංකා(හෝ ජාතික වගේ මතක) ඡායාරූප ශිල්පීන්ගෙ සංගමයෙන් කරන...ඒ දවස්වල කොලඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉරිදට තිබුනෙ...දැන් ලංකාවෙ අනික් පලාත්වලත් තියෙනව කියල මීට කලකට ඉහතදි දැනගන්න ලැබුනා . හොයල බලන්න .තොරතුරු ලැබුනොත් දෙන්නම්. නොමිලේ ඉගැන්වුවේ.

    ReplyDelete
    Replies
    1. තොරතුරු ලැබුනොත් අනිවාර්යෙන් කියන්න වී පොකුර !මට කොයි තරම් තොරතුරු ලැබුනත් පාඩුවක් නැහැ
      :)

      Delete
  6. මාත් හරිම ආස විෂයක් තමා photograpy.... ඒත් තාම ඒ සදහා යොමු වෙන්න බැරි වුනා.... මම නම් පංති ගැන මුකුත්ම දන්නේ නෑ රෙහානි.... දැන ගන්න ලැබුනොත් කියන්නම්....

    අහ්... මුණු පොතේ නම් තියෙනවා.... photo talk කියල group එකක්.... එතන ඉන්න අයනම් දන්නවා ඇති ඔය පංති පැවැත්වෙන තැන් ගැන.....
    http://www.facebook.com/groups/phototalks/

    ReplyDelete
    Replies
    1. හා ,,,මගේ ජාතියේ තව කෙනෙක් !
      ලින්කුවට ස්තුතියි සමනළී ,හැබැයි මට fb අකවුන්ට් එකක් තමයි නැත්තේ හ්ම්:/
      :D

      Delete
  7. දෙහිවල තරුණ සත්වවේදීන්ගෙ සංගමයෙ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ඉගැන්වීමක් කෙරුනා කාලෙකට කලින්... තවමත් ඒක තියෙනව දන්න තරමින්... ඉරිද දවසක ගිහින් ඒ අය එක්ක කතාකරල බැලුවොත් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි..

    ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුගෙන් මට ලැබුනු උපදෙසක් තමයි ඔය විෂය ගැන කියවීමෙන් සෑහෙන දැනුමක් ගන්න පුළුවන් කියන එක...

    ආසාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වේවා කියල ප්‍රාර්තනා කරනව :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තොරතුර ලබා දුන්නට !
      ඒ උපදෙසත් සෑහෙන්න වටිනවා
      ඔබේ ප්‍රාර්ථනාවටත් තුති!
      :)

      Delete
  8. මාතර/ ගාල්ල දන්න තරමින් මේවට පංති නෑ.. කොළඹ යාලුවොන්ගෙන් අහල බලන්න. අහු උනොත් මං කියන්නම්. අර මාධව අයිය නම් දන්නව ඇති.

    ReplyDelete
  9. මාධව අය්යා කවුද?ස්තුතියි කොමෙන්ටුවට
    :)

    ReplyDelete
  10. මං ඇත්තම කිවිවොත් photography ගැන දන්න කෙනෙක් නොවෙ එත් ඔයා මුහුණු පොතෙ ඉන්නවනං https://www.facebook.com/indranathathenuwara මෙතුමාව හම්බවෙලා කතා කරලා බලන්න ලංකවෙ ප්‍රසිද්ද කෙනක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිලුම් ලින්කුව ට !සාදරයෙන් පිලිගන්නවා ලා දම් අහස යටට !

      Delete
  11. මගෙත් ඉතිං ආසම ෆීල්ඩ් එක! හැබැයි තාම කොහෙන්වත් ඉගෙන ගන්න හම්බ උනේ නෑ! :(
    හොයලා බලලා තිබ්බොත් කියන්නම්කො....

    ReplyDelete
    Replies
    1. හා කියන්නකෝ !ගොඩක් අය ආසයි වගේ මේ ෆීල්ඩ් එකට නෙහ්
      :)

      Delete
  12. කැලණිය විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් නම් තියෙනවා. ඒත් අක්කා කිව්ව විදිහට දුර ප්‍රශ්නේ නම් තියෙනවා.

    ඉන්ද්‍රනාථ තේනුවර කියන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යතුමා මේ සම්බන්ධ පාඨමාලා සිද්ධ කරනවා. මෙන්න තේනුවර මහත්තයාගේ දුරකතන අංකය 0777 366 663 / 0757 366 663

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත මේ තොරතුරු හොයල දුන්නට
      දුර උනත් කමක් නැහැ කියල හිතෙනවා වෙලාවකට !
      :)

      Delete
  13. පුලුවන්නම්...ජාතික තරුණ සේවා සභාවේ තියෙන එකක් කරන්න..ගාස්තුත් අඩුයි...වැඩෙත් ඉක්මන්.....ජනවාරි පටන් ගන්නවා ඒවා...ඉක්මනට හොයලා දැන්මම දාන්න ඇප්ලිකේෂන් එකක්..

    ReplyDelete
    Replies
    1. හ්ම් තරුණ සේවා සභාවේ මේ ගැන තොරතුරක් හොයාගන්න මන් කලින් ඉඳන්ම ට්‍රයි කළා ..බලමුකෝ ..ස්තුතියි දසුන්

      Delete
  14. මමත් ඔය පැත්තට ආසාවෙන් ගත්තා කැමරාවක්...දැන් මාස 5 කටත් වැඩියි එක රත්නපුරේ 9 හාට් එකට රිටන් යවන්න දීලා...ඒක මට මේ ආත්මෙදි ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒකත් රත්නපුරේද ? :/ එහෙනම් මේ පැත්තෙත් ඇවිත්
      ඉතිං හම්බවෙනකන් බලන් ඉන්නැතිව ඇවිත් අරන් යන්න
      :)

      Delete
  15. පංතියක් ගැන නම් කියනන් දන්නෙ නෑ.. ඒත් දැන් photography ගැන සිංහලෙන් ලියවුන පොත් ගොඩක් තියනව නේද? ඉන්ද්‍රනාත තේනුවර ගෙ වෙබ් අඩවියේ එයාගෙ පොත් ගැන තියනවා. ඒ වගේම flickr එකෙ තියනවා ලංකාවෙ අය එකතුවෙලා කරන groups. ඒවගෙනුත් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අලුත් කෙනෙක් අවහම උදව් කරන අය ඉන්නව ඕනතරම්, තමන්ට මතුවෙන ප්‍රශ්න අහල ඉගෙන ගන්න පුළුවන්.
    http://www.indranathathenuwara.com
    http://www.flickr.com/groups/photo-lanka/
    http://www.flickr.com/groups/sri-lanka/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසර මේ තොරතුරු වලට !තිසරත් මේ පැත්තට අලුත් නේ?සාදරයෙන් පිලිගන්නවා ඔබවත් !

      Delete
  16. මාත් ඔය ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් ඉහල තියන උදව් ගොන්න ප්‍රයෝජනවත් වේවි. එවායින් බලාපොරොත්තුව ඉශ්ඨවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමන්!
      :)

      Delete
  17. අපේ මලයාගෙන් මොනා හරි යමක් දැනගන්න ඕනෙ නම්... මට ඊයක් එවන්න...

    ReplyDelete
    Replies
    1. මලයා පොටෝග්‍රපි කරනවද ?

      Delete
    2. ඒකනේ සිංහලෙන් කිව්වෙ ජාතික පුවත්පතක ජායාරූප මාධ්‍යවේදී කියලා... පාට් ටයිම් වෙඩින් ෆොටෝග්‍රැපි එහෙමත් කරනවා... සැබෑ දක්ෂයෙක්..

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මමත් ආස ෆිල්ඩ් එකක් තමා. අපේ ඉස්කෝලේ දවසක් වැඩමුලුවක් තිබ්බා. ඒත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නනම් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ දෙනෙත් ...ස්තුතියි කොමෙන්ටුවට

      Delete
  20. මමත් ආසම ෆීල්ඩ් එකක්.. ගොඩක් දෙනෙක් තොරතුරු දීලා තියෙනවා.. ඉන්ද්‍රනාථ සර් ගැනයි මූණු පොතේ ෆොටෝ ටෝක් එක ගැනයි තමයි මමත් කියන්න දන්නෙ..
    බලාපොරොත්තු ඉෂ්ටවෙන්න හදවතින්ම සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු

      Delete
  21. මං නම් ඉතින් ඔය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ... කවුරුහරි ගහපු ලස්සන පින්තූර බලන්න නම් ආසයි...

    ReplyDelete
    Replies
    1. හ්ම් ..කමක් නැහැ අනු ස්තුතියි

      Delete
  22. ප්‍රවින ඡායාරෑප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවරයන් නම් ෆොටෝ ග්‍රැෆික් පන්ති කරනවා. එතුමාගේ පන්ති නිතරම කොළඹ අවට තියෙනවා . ඒවගේම ලාල් හෑගොඩ මහතා, පද්මකුමාර මෙත්තසේන වගේ අයත් ක්ලාස් කරනවා.හරියම විස්තරය හොයලා දෙන්නම්

    ReplyDelete
    Replies
    1. විස්තර ලැබුනොත් කියන්නකෝ ..ස්තුතියි ඔබතුමාටත්

      Delete
  23. ලංකාවේ අය ගැනනම් දැනුමක් නැත. මෙහෙනම් වැහි වහින්නට ඉන්නවා. මටත් පොඩ්ඩක් විතර හෙල්ප් එකක් දෙන්න පුළුවන් කැමරාව යුස් කරන තාලේ ගැන කියල (වදියමත් දන්නේ නැහැ හොඳේ)
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙනම් කෝරලේ ත් හොඳ පොටෝග්‍රපර් කෙනෙක්
      :)

      Delete
  24. ලාල් හෑගොඩ සර්ගේ, ඉන්ද්‍රනාථ තේනුවර සර්ගේ පන්ති හොඳයිලු..මම දන්නෙත් එයාලා ගැන විතරයි, දැන ගන්න ලැබුනොත් කියන්නම්

    ReplyDelete
    Replies
    1. විස්තර හමු වුනොත් කියන්නකෝ ,ස්තුතියි පැතුම්

      Delete
  25. photography මගෙත් කැමතිම විශයක්. ඒත් කොළඹින් පිට පලාත් වල මේ සම්බන්ධ පාඨමාලා තියෙනව අඩු නිසා හරියට ඉගෙන ගන්න නම් ලැබුනෙ නෑ. ඒ උනත් පුලුවන් විදිහකට පින්තූර නම් ගන්නව ;) හැබැයි ඒ ගැන ඉගෙන ගන්න පුලුවන් නම් ගොඩක් වටිනව. පාඨමාලා තියෙන තැන් ගැන විස්තරයක් කියන්න දන්නෙ නැති උනත් කට්ටිය දාල තියෙන තොරතුරු වලින් ඔයාට හොඳ පාඨමාලාවක් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :)))
    ජය!

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිලිගන්නවා Chams ස්තුතියි ඔයාටත් ප්‍රර්තනාවට
      ජය!:)

      Delete