ගහ කොළ හා මිනිසා අතර සහ සම්බන්ධතාවය ඈත අතීතයේ මුතුන් මිත්තන්ගේ දිගු කාලීන ඉතිහාසයක පටන් පැවත එන්නකි .සිංහලයාගේ ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී ශුභ නැකතට හිසට-පයට කොළ තබා කොළ යුෂෙන් සෑදු නානු ගා, තෙල් ගා නිරෝගී බව දීර්ඝායුෂ පැතීමෙන්ම ගහ කොළ වලට හෙළයා විසින් ඉහල ස්ථානයක් හිමි කර දී ඇති බව මොනවට ප්‍රකට කරයි . අද මේ කතා කරන්නට යන්නේද එවැනි අතීතයක් හිමි තොලබෝ ශාකය පිළිඹඳවයි. තොලබෝ ශාකය ගැන ඔබ අසා ඇතුවාට සැක නැත . තොලබෝ ශාකය ගැන පැරන්නෙක් ගෙන් විමසු කල ලැබෙන්නේ ඒවා අණවින , කොඩිවින සඳහා යොදාගන්නා පැලෑටියක් ලෙසයි .එහි සත්‍යක් ඇත . එමෙන්ම මෙම ශාකය ඖෂධීය වශයෙන් විශාල ඔසු ගුණයක් ඇති ශාකයකි . ගුප්ත බලවේගයක් ඇති සේ සලකන මෙම ශාක වර්ගය දේශීය ගුප්ත විද්‍යා කටයුතු වලදී භාවිත වෙයි .ශාන්ති කර්ම ,බලි තොවිල් ඇස්වහ කටවහ පිළිඹඳ ගුරුකම් කිරීමට මෙන්ම හදි හූනියම් කිරීමට හා ඒවා කැපීමටත් තොලබෝ අල භාවිත කරයි .
තොලබෝ අල ,කඳ ,කොළ, මුල් ,මල් ඇතුළු සෑම කොටසක්ම ඖෂධීය ගුණයෙන් යුක්ත වේ . කාන්තාවගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වන මල්වර වීමේදී මල්වර ලිය නැහැවීමට ඖෂධ ලෙසින්ද තොලබෝ ශාකය යොදා ගනී .දේශීය වෙදකමේ නොයෙක් තෙල් වර්ග සෑදීමටත් ස්ථාවර හා ජංගම විෂ ඇතුළු සකල විෂ නැසීමටත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ආදී ගුප්ත කටයුතු සඳහාත් දේශීය වශයෙන් ප්‍රයෝජනයට ගනී .එමෙන්ම මෙහි අල නිවැරදි ළය විරේකයක් බවද සඳහන් වෙයි .කමත් වල කොළ මැඩීමේදී මෙය 'මුත්තා ' ලෙස යොදා ගනී .
තොලබෝ ශාකය නිවාස ඉදිරිපිට හෝ ගෙවත්තේ තිබීම ශුභ බව ජ්‍යෝතිෂ්‍ය මතයයි .ඊතණ ,හීරුස්ස පැලෑටි මෙන් මංගල සම්මත පැළෑටියකි .සියලු ජය ලැබීමට හා ධන ධාන්‍ය සම්පත් ලැබීමට හා බුද්ධි වර්ධනයට කැමති සියලු දෙනා මෙම ශාකය ගෙවත්තේ වැව්වහොත් මහඟු ප්‍රතිඵල අත් විඳිය හැකි බව විශ්වාසයයි .[විශ්වාස කිරීම නොකිරීම ඔබට භාරයි :)]
නරි මානෙල් හා ගොඩ මානෙල් යන නම්වලින්ද තොලබෝ හඳුන්වයි . දෙමල භාෂාවෙන් විචාමුන්තිල් ලෙසද ,සංස්කෘත භාෂාවෙන් චක්රාන්ගි , සොමවල්ලි ලෙසද හැඳින්වේ .මෙහි උද්භිද නාමයන් Crinum asiaticum / Crinum toxicarium/ Amaryllis ernosa වේ .තාලමුලි යන ශාක කුලයට අයත්ය .තරමක් කුඩා වූ මෙම මල් පුනීලයක ආකාරයක් දිස් වේ .විශේෂයෙන්ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුල හට ගනී .මෙම ශාකය බහුලව ව්‍යාප්තව පවතින්නේ වියලි කලාපයේ ය. නමුත් වැව් හා දිය කඩිති ආශ්‍රිතව මෙම ශාකය දැක ගත හැක . නැගෙනහිර පළාතේ පළාත් පුෂ්පය ලෙසද තොලබෝ මල යෝජනා වී ඇත .(පළාත් වලට අයත් මල් දන්නේ නැති අය මෙන්න දැනගන්න .'වයඹ -ඇට්ටේරිය Murraya paniculta(L)jack,උතුරු මැද -ඇහැල/Cassia fistula(L) ,ඌව - ගුරුළු රාජ මල /Rhynchostylis retusa Blume,දකුණ -හීන් බෝවිටියා/Obbeckia octondra ,බස්නාහිර -සුදු නෙලුම් /Nelumbo nacifera Gaerth,මධ්‍යම -මහා රත්මල /Rhododrendran Arbareum,සබරගමුව - වෙසක් මල/dendrobium Maccarthiae thw , උතුරු (යෝජිත)-විෂ්ණු ක්‍රාන්ති/Evalvulus Alsinodes(L)') ඇල්කොලයිඩ් හා අනෙක් ජීව ක්‍රියාකාරී සංයෝග ලෙස ඇම්බෙලීන් ක්රිනාමයින් ක්රියාස්ඛේටේන් ආදී රසායනිකයන් ඇතුලත්ය . මැඩ පවත් විය හැකි රෝග නම් කාස,ශ්වාස ,ගෙඩි ,කෂත ,ව්‍රන,අජර්ණ , අදරිද්මාන, පණු රෝග ,ප්ලීහ රෝග ,වරින්වර ඇතිවන උණ ,ශාරීරික දුබලතාව , මුත්රාකෘච්ච්ඡ, සකල ග්‍රහ දෝෂ , සකලවිධ විෂ , ලුතාදී සර්ප විෂ , රඵක්ශාදී ග්‍රහ දෝෂ ,, මේදෝ රෝග , යාකෘත් රෝග , ගුල්ම , ශුල , කන්ඨ දෝෂ , උදර රෝග ,යෝනි දෝෂ ,ක්රිමිඝන ,රක්ත දෝෂ , ප්වර , අධිමාන ,ග්‍රහ පීඩා ,අක්මා රෝග , වාත රෝග .අරුචිය ,ජලෝදර ,ප්‍රමේහ රෝග ,කථිශුලය , ශීර්ෂ රෝග ,ෂෝථ, නක්තාන්ධතාව., දන්ත ශුල , ලලාශ්රවය, වෘක්ක රෝග , චර්ම රෝග වේ .
උළුක්කුවට -තොලබෝ කොළ එඬරු තෙල් සමඟ අඹරා මදක් රත් කර ආලේප කිරීම . කන් කැක්කුමට -මඳ ගින්නෙන් කකාරා ගත් කොළ ඉස්මට ලුණු ස්වල්පයක් මුසුකර බින්දු 1-2 දැමීම .කැස්සට -පත්‍ර තැම්බූ කෂාය දීම ., ගල් තැල්මට -තොලබෝ අලයක් දෙකට පලා ගෙන්දගම් කැබැල්ලක් එයට දමා උණු අළු පල්ලේ පුළුස්සා අඹරා ගෑම .,හන්දි කෙටුම් රිදුම්වලට -තොලබෝ අල ඉඳිබොඩ පුවක්බොඩ අඹරා ආලේප කිරීම .අත් පා ඇඟිලි අග ඇතිවන කුඩා බිබීලි හා චර්ම රෝග සඳහා -පොඩි කරන ලද පත්‍ර එඬරු තෙල් හා මුසු කොට ආලේප කිරීම , ස්ථානී ශෝත සඳහා පොඩි කරන ලද පත්‍ර ආලේප කිරීම .
ප.ලි. මුලාශ්‍ර ------විකිපීඩියා සහ රිවිරිසි පුවත්පත , අන්තර්ජාලය . ඖෂධීය ශාක සංග්‍රහය නම් පොතේ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය කෙනෙකුට තොරතුරු ඇත .
(අද මගේ විසිටර්ස්ලා 5000 පන්නලා තියනවා දැකලා පොඩි සතුටකුත් ආව .මාව කියවන්න එන හැමෝටම පොදුවේ කියනවා ස්තුතියි කියලා .මාව ඔයාල කියවන නිසා තමයි මන් මේ ගමන යන්නේ :)
වැදගත් විස්තර ටිකක්...
ReplyDeleteස්තුතියි සංජය !
Deleteතොලබෝ ගැන මම අදනේ ඇහුවේ.... ලැජ්ජාවේ බෑ....හික්... ඒත් ඔයා නිසා ඒකත් දැන ගත්තා..... :)
ReplyDeleteදෙයක් ඉගෙනගත්තානම් මට සතුටුයි සමනළී ,ස්තුතියි ඔයාටත්
Delete:)
ඉස්සර නම් දැකලා තියෙනවා වගේ මතකයි එත් හරිහැටි මතකයක් නෑ..හොඳ විස්තරයක්..!
ReplyDeleteදැන් ගහ දැක්කොත් හඳුනනවනේ ..ස්තුතියි වීයෝ
Deleteමමත් නං ඔය තොලබෝ ගැන එච්චර දන්නෑ.. සමහරවිට ඔය පැලේ නම අපේ පැත්තෙ වෙන නමක්ද දන්නෑනේ..
ReplyDeleteඔව් එහෙම වෙන්න පුළුවන් !ස්තුතියි ඔයාටත්
Delete"හප්පේ කියන්නත් ලැජ්ජයි. මාත් මේ ගැන වැඩිය දන්නේ නෑ." මෙහෙම කියන්න තමයි ආවේ. හැබැයි ඉතින් ගොඩ මානෙල් කියලා කිව්වම මාත් ගොඩ ගියා. ඒත් මෙච්චර විස්තර ටිකක් දැන ගත්තේ අද.
ReplyDeleteආ.. අර 5000ට මගෙන් උණුසුම් සුභ පැතුම්.
සුභ පතුමටයි කොමෙන්ටුවටයි 2 ටම ස්තුතියි ...ගොඩ මානේල්වල වටිනාකම දැන් දන්නවනේ
Deleteඔය පැළෑටිය දැකලා තිබුනට නමක් නම් දැනගෙන උන්නේ නෑ. හොඳ විස්තරක් රෙහානි...ස්තුතියි
ReplyDeleteදැන් දන්නවනේ :) ස්තුතියි ලිහිණි !
Deleteදැකලා නම් තියෙනවා. ඒත් නම දැනගත්තෙත් අද. ස්තූතියි. ආයේ හම්බුනොත් නම් තියලා එන්නේ නෑ...
ReplyDeleteඒකනේ අපි නොහිතන ශාක තියනවා ඉතා වටිනා !ස්තුතියි ඔබටත්
Deleteඒ මේව අපේ මිදුලෙ තියෙනවා.. නමක් දැනන් හිටියෙ නෑ. මල් පිපෙන නිසා අම්ම වවලා.. මෙච්චර වටිනව කියල දන්නෙ දැං. ස්තූතියි!
ReplyDelete//ළය විරේකයක්// කියන්නෙ මොකක්ද ?
මාතර බෝ සමිඳු පිහිටයි!
මමත් දන්නා විදිහට ළය විරේකයක් කියන්නේ වමනය මගින් ශරීරයේ අහිතකර දේ ඉවත් කිරීම තමයි .මේ කියාගන්න බෑ 'ත් කියල තියෙන්නේ :) ස්තුතියි ඔයාටත් අදහසට !
Deleteමාතර බෝ සමිඳු පිහිටයි!
හැම පැත්තෙන්ම ඕනේ විස්තර තියෙනවා ඇත්තටම වැදගත් ලිපියක්. මන් දන්න විදිහට නම් ළය විරේකයක් කියන්නේ වමනය මගින් ශරීරයේ දොස් ඉවත් කිරීම.
ReplyDeleteස්තුතියි 'කියාගන්න බෑ ' අපි නම චුට්ටක් වෙනස් කරමුකෝ ම් ?පහසුයි වගේ එතකොට (අදහසක් විතරයි ,ඒක ඔයාගේ කැමැත්ත ) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට ඔයාව යාලු !
Deleteමටත් ඒක හිතුනා බස් එකේ යන ගමන්. එත් ඉතින් නමක් හිතාගන්න බෑ :) අදහසට ස්තුතියි :)
Deleteඑහෙනම් දාමු "හිතාගන්න බෑ" කියලා :)
Deleteනරකම නෑ නේද? එත් එකත් ටිකක් එක වගේනේ :D
Deleteඔයාට මං නමක් දෙන්නද ?
Delete;)
කිසි අවුලක් නෑ පවසන්න සොයුරිය :D
Deleteකියාගන්න බෑ කියන්නේ නිකන් පුදුම කරවන නමක් ඕනි නේ ..හ්ම් ...පුදුමය =විශ්මය ..ඒ නිසා ඔයා නම වෙනස් කරගන්න "විශ්මි" කියලා :)
Deleteම්ම්ම් නරකම නම් නෑ එත් එච්චරම පුදුම වෙන්න දේකුත් නෑ නේ? එකනේ වැඩේ :)
Deleteහස්පේ! වෙද නෝනා ගොඩක් විස්තර හොයලා නේ! බොහොම පින් ඈ!
ReplyDeleteවෙද නෝනා කෙනෙක් වෙන්න තියේනම් ඉතිං මරු !එච්චර දැනුමක් නෑ අප්පා ..හි හි
Deleteතොල බෝ ගැන නම් දැනගෙන හිටියේ නැහැ..
ReplyDeleteමමත් කියෙව්වා...කරුණු අතින් හොඳ ලිපියක්..
ජය වේවා !!
(ඒත් මේක මම නම් බෙහෙතක් විදියට පාවිච්චි කරයිද කියල මට සැකයි..හික්ස් )
හෑ ..ඒ මොකෝ ?
Deleteස්තුතියි ඇ
සිංහල බෙහෙත් වැඩිය පාවිච්චි කරන්නේ නෑ ඉතින්...
Deleteඒකයි එහෙම කිව්වේ..:)
සිංහල වෙදකමේ හාස්කම් තියනවා යාලුවා
Delete:)
තොලබෝ ශාකය ගැන යාන්තම් අහලා තිබ්බ මතකයක් තිබ්බා, එච්චරම තමයි. අද ඔන්න සෑහෙන්න කරුණු දැනගත්තා. ස්තූතියි රෙහානි.
ReplyDeleteඔබටත් ස්තුතියි අදහසට තිසර
ReplyDeleteරෙහානිත් දන්න දේවල්!
ReplyDeleteගොඩක් දෙවල් ඉගෙන ගත්තා. හොඳ ලිපියක්!
දන්න දේවල් වලට වඩා හොයාගත්තු කරුණු කිව්වොත් තමයි හරි ,කොහොමත් හැමෝම දැන උගත් වෙන්නේ හොයාගත් ඉගෙන ගත දෙයින් තමයිනේ නේද ?මන් මේ පොස්ට් එකේ දාපු දේවල් මන් දැන් දන්නේ හොයා බැලුව නිසානේ ..
Deleteදෙයක් ඉගෙනගත්තානම් මට සතුටුයි ..ස්තුතියි !
අපේ වත්තෙත් ගහක් තියනවා. ඒත් මං දැන ගෙන හිටියේ නෑනේ මෙච්චර හරියක්. ගෙනියන්න අය නම් නිතරම එනවා.
ReplyDeleteඕක ටිකක් කල් ගිහින් මැරිලා වගේ තිබිලා ආයේ හැදෙනවා නේද.. වතුර අඩු කාලෙට එහෙම වෙනවද මන්දා...
මේ වගේ දේවල් ලියල තියන එක සෑහෙන්න වටිනවා. 5000 අගට තව බිංදු ටිකක් වැඩි වේවා! සුබ පැතුම් රෙහානි..!!
ඒ වතුර තිබිල නැතිඋනොත් මැරෙනවා ,ඒ උනාට ඔය ගහේ අලේට කාලයක් යනකං මුකුත් වෙන්නෑ ..ජීවය තියනවා ,ඒ හින්දා වතුර අපහු වැටුනහම හැදෙනවා .අදහසටත් පැතුමටත් ස්තුතියි !
Deleteඅහ් ..ඔයත් යනවද ගම්පහ 27?
Deleteගියොත් නම් හොඳයි. කට්ටිය හම්බ වෙන්න හොඳ අවස්ථාවක් නේ. ඒත් ඉතින් දැම්මම ස්ථිරවම කියන්න අමාරුයි..
Deleteමේ ශාකය අපේ වත්ත පල්ලොහා තියෙන ඇළ ඉවුරෙ තියනවා මම දැකලා තියෙනවා... නම දැනගත්තෙ ඔන්න අදමයි... ලිපියේ අඩංගු කාරණා සියල්ලම බොහොම ඵලදායී.... වටිනා ලිපියක්... විසිටර්ස්ලා තව තවත් වැඩි වෙන්නට පතමි..
ReplyDeleteගම්පහ වැඩේට අනිවා එන්න ඕනෙ අරිද ?
අදහසටත් පැතුමටත් ස්තුතියි සිරා !
Deleteඔච්චර දුර තනියෙන් ! අපේ සත්තලන්ගෙන් අහන්නත් බයයි :P
:(
ගෙදර කෙනෙක් එක්ක හරි එන්න ට්‍රයි එකක් දෙන්න සත්තලන්ගෙනුත් අහලා...
Deleteවටිනා කියන ලිපියක් මේකනම්....මේ ගහට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද අක්කා මතෝ.....
ReplyDeleteපුළුවන් නේන්නම් මල්ලි මතෝ :)
Deleteඉත්තුතියි ඔඳේ ...!
සෑහෙන වටිනා ලිපියක් රෙහානි ..
ReplyDeleteගොඩක් දේවල් දැනගත්තේ අද ..
ස්තුතියි ශාන් !
Deleteතොලබෝ කියලා කිව්වාම මම මුලින් හිතුවේ අප්‍රිකානු ගහක්වත්ද කියලා :D
ReplyDeleteඒ කියන්නේ හසිත දන්නෙත් නෑ තොලබෝ :)
Deleteම්ම්ම්ම් අදමයි අහුවෙ ජයෙන් ජය....
ReplyDeleteහ්ම්ම් ...ජය ඔබටත් !ස්තුතියි කොමෙන්ටුවට !
Deleteහප්පේ සෑහෙන්න ලොකු විස්තරයක් නොවැ. වැදගත් නොදන්නා දේවල් දැනගත් ලිපියක්.
ReplyDeleteකෝරලේ වලව්ව
ස්තුතියි කෝරලේ අදහසට !
Deleteවචනේනම් නුහුරුයි. නොදන්නා දෙයක් දැනගත්තා.
ReplyDeleteඉක්මනින් 10,000 ක් පන්නාවි.
ජයෙන් ජය..
ස්තුතියි කොමෙන්ටුවටයි පැතුමටයි 2ටම යාලු !
Deleteමං නම් දැනගෙන හිටියෙ නැහැ රෙහානි. මොනව උණත් වැදගත් තොරතුරු ටිකක්.අම්මගෙන් ඇහුවම නං එයා කිව්ව දන්නව කියල..එයා කිව්වා ඔයා කියල තිබුනු සමහරක් දේවල්..
ReplyDeleteසුභ පැතුම් රෙහානි. සාර්තක ගමනක් යන්න සුබ පතනව ඔයාට! ජයෙන් ජය වේවා!!
වැඩිහිටියෝ ගොඩක් වෙලාවට ඔය ගැන දන්නවා ,ඒක තමයි අම්ම කියන්න ඇත්තේ !
Deleteස්තුතියි සමී
:)
වටින විස්තරයක්..! ස්තූතියි ගොඩක් රෙහානි..
ReplyDeleteසුබ පැතුම් දිගු ගමනකට හදවතිනම්..!!! :)
ස්තුතියි නන්දු !
Delete:)
වැදගත් විස්තරයක්....
ReplyDeleteස්තුතියි තරුවෝ ..ලා දම් අහස යටට සාදරයෙන් පිලිගන්නවා !
Deleteබොහොම ඉස්තුතියි රෙහානි. ගොඩක් වටින තොරතුරැ තිබුන. අද තමයි මෙහෙට ගොඩවුනේ. අපහු එන්නම්කෝ.
ReplyDeleteආ තවත් එකක් කියන්න අමතක උනා, ඇයි ජාතික පුෂ්පය - නිල් මානෙල් නේද ?. අපොයි මේක වෙනස්කරයිද දන්නේ නැහැ නාමල කියලා. අර එක්කෙනෙක් අගනුවර ජයවර්ධනපුර කලා වගේ.
පන්දාහෙන් පනස්දාහටත් ඉන් එහාට ගියාම තවත් බින්දුවකුත් පඳලිම එකතු වේවා....මට පේන්නේ අපේ ගමේ ඉන්න වෙදමහත්තුරැන්ගේ ජොබ් එකටත් මෙයා විදී වගේ ඉක්මනටම...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!