ලා දම් අහසට පායන උදවිය ..

Thursday, October 25, 2012

මහමෙරකි ඔබ මට...!


පෙරදා නුහුරු  වූ නාදුනන ආදරේ..
කඩා හැලුනා දිය ඇල්ලක් වගේ...
බරක් දැනුනේ නැහැ ජීවිතේ....
තිබුනා ඔය හිතේ ඇති තරම් ආදරේ...!
පිටාර ගැලුවා සොඳුරු ගං දිය වගේ..  
එලෙසින්ම රැඳුනා හෙට දිනෙත් ඔය සෙනේ
මට ඉන්න ලෝබයි නුඹ  නැති තත්පරේ..
වෙන් වෙන්න නම් බැහැ සිහිනයක වත් රැයේ... 
.................................................
සිත්තරෙකු සිතුවම් කරනා පුංචි සිතුවමක් වගේ
පරෙස්සමට  රැක ගනිමු අපි අපේ ආදරේ...!
උරතලය මත ඔබේ සැතපිලා මම සුවෙන්..
මියැදුනත් කම් නොමැත ලැබ නුඹේ ස්නේහයන්........!!!!!!! 

37 comments:

  1. සෙනෙහසින් ඔකඳවෙලාද..!

    ReplyDelete
  2. හිතට වැදුනු කවක්... ලස්සනයි ..

    ReplyDelete
  3. ලස්සනට ගොතලා තියෙනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. Replies
    1. ඔව් ... ස්තුතියි ඔයාටත් යාලු

      Delete
  5. හරිම ලස්සනයි රෙහානි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් ලිහිණි

      Delete
  6. රෙහානිටත් ආදරේ රස දැනිලා වගේ

    ReplyDelete
  7. බොලාත් පැටලුනාද ප්‍රේම දැලේ.... සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. පැටලුනා නේන්නම්..හි හි..ස්තුතියි...!
      :D

      Delete
  8. ඔය පනින්නෙ බලල්ලු මල්ලෙන් එළියට. සුභ පැතුම් අපෙනුත්.

    ReplyDelete
    Replies
    1. හි..හි...ස්තුතියි මදුරංග...

      Delete
  9. අනේ....ආදරණීය ආදරේ...මටත් තිබුණා ඔය වගේ ලස්සන හීන...

    උරතලය මත ඔබේ සැතපිලා මම සුවෙන්..
    මියැදුනත් කම් නොමැත ලැබ නුඹේ ස්නේහයන්...

    ReplyDelete
    Replies
    1. හැමෝටම තියනවනේ එහෙම හීන ..එත් මොකෝ තිබුනා කියන්නේ..දැන් නැතිද ?
      :/ ......................
      ස්තුතියි සිත්තමි කොමෙන්ටුවට..

      Delete
  10. හපුච්චියේ............මේක මගුල් සක්වළක්නේ.ජය!!!

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ........ඇයි මෙහෙ විතරද මගුල් සක්වල..!ආ ..ඒ පැත්තේ තියෙන්නේ හොල්මන්නේ නේද?
      ඔබටත් ජය..!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පෙරදා නුහුරු වූ ආදරේ දැන් ආත්මයටම බද්ධ වෙලා වගේ නෙහ් ?.. මැක්සා වචන සෙට් එක ආ...!

    ReplyDelete
    Replies
    1. බද්ද වෙලාදත් අහනවා..!ස්තුතියි ඔයාටත් අදහසට යාලු!

      Delete
  13. හේ හේ අපි නම් දන්නවලු ඉතිං මුලින්ම මේ උතුරන ආදරේ ගැන...
    ලස්සන කවිය නංගෝ...ඔන්න දැන් කියනවා එහෙම නෙවෙයි අපුයි බට්ටි අක්කා දැක්ක කල් කියලා.....

    ReplyDelete
    Replies
    1. දන්නවා නේන්නම්!මම ඉස්සෙල්ලම කිවුවේ ඔයිටනේ!ස්තුතියි අදහසට!
      ...............
      හෆොයි මම මේ කියන්න කට හැදුව විතරයි..

      Delete
  14. හැඟීම් වලට වහල් නොවී ආදරේ උතුරනවානම් වාසනාවයි වාසනාවයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක ඇත්ත..,ආදරේ බොළඳයි කියනවනේ..බොළඳ කමත් සුට්ටක් ඕන.ඒ උනාට ඉතින් ආදරේ ගැන බුද්ධියෙන් තීරණ ගන්නත් ඕන.

      Delete
  15. Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයෝ..කෝ ඉතින් මට තෑග්ගක් ඒකට!

      Delete
  16. Replies
    1. ස්තුතියි හිතු කොමෙන්ටුවට!

      Delete
  17. ලස්සනයි යාලු :)

    ReplyDelete
  18. "මංගලම් ජය මංගලම් , සිරි සුභ මංගලම්" රෙහානි අක්කේ, ඔය ගෙවිච්ච අවුරුදු 8 ට වඩා ඉක්මනින් මේ අවුරුදු දෙකත් ගෙවිලා යාවි.

    ReplyDelete