ලා දම් අහසට පායන උදවිය ..

Friday, July 13, 2012

ලාවට කන පැලීම..

සියදෝරිස් මුන්දලාලි කඩ කරන්නෙක්.. කළු කඩ  මුන්දලාලි    කෙනෙක් කිවුවොත්   මම  නිවැරදියි. මොකද මෙයාට කැමති නැහැ කවුරුත්,  ගමේම තිබුණ එකම කඩය මේ කඩය නිසා හැමෝටම සිද්දවෙලා තිබුණ අකමැත්තෙන් උනත් මේ කඩෙන්ම බඩු  ගන්න. එක හින්දම මේ මුන්දලාලි ටිකක් උඩඟු යි . ටිකක්  කිවුවට ගොඩක්..මේ කඩ පිලට වෙලා මුන්දලාලිගේ හැම නාට්ටාමි  වැඩක්ම  කරගෙන  ,දුන්නු දෙයක් කාල ඉන්න අහිංසක    මිනිහෙක්  අප්පුහාමි.  සුපුරුදු විදිහට මේ කියන දවසෙත් අප්පු හාමි  මුන්දලාලිගේ නාට්ටාමි  වැඩකට   ගිහින් හිටිය.. මුන්දලාලි කඩේ ඇරලා  දුම්  එහෙම අල්ලලා වතාවත්   කරලා  බලන්  හිටිය  ගිජු  ලිහිණිය වගේ   අද  මොකාවද හුරං    කන්නේ  කියල.                        මුන්දලාලි දැක්ක රුව එච්චර මුන්දලගේ හිතට සතුටක් ඇති කලේ නැහැ,                                                                    ආ..බිසෝ මැණික..............මොකෝ..?                                                                                                                                                  
   
ඔලුව කසමින් කඩ පිල ඉස්සරහ ඇඹරෙනු දුටු මුන්දලාලි නොරිස්සුම් බැල්මකින්  බිසෝ දෙස බලා ඇසීය.
                                                                                                              මුන්දලාලි        මට      හාල් තුනපහ      ටිකක්  ගන්ට   කියල..               
බිසෝ ආයාචනාත්මකව   කිවුවා...
                                                   
                      ඉස්සරවෙලා කියහන් පොතටද සල්ලි වලටද කියලා..                      
අපේ එක්කෙනා  පඩි ගත්තු ගමන් දෙන්නම්  මුන්දලාලි.. අදට  ගාණ  පොතට   දාන්ටකෝ..                                                       අනේ      මුන්දලාලි....    අදට විතරක්  ...!                                                                          පොතට..!!! ....පලයන්  යන්ඩ මෙතනින්... මගෙන් ලාවට කන  පලාගන්නේ    නැතුව.                                                                     


මුන්දලාලි   හිතක් පපුවක් නැති ගානට  කැනහිලෙක් වගේ ගෙරෙව්වා.. 

පලයන් නේද කිවුවේ යන්ඩ...ආව මෙතන පාන්දරම මුසල කොරල යන්ඩ...නොදොකින් විතරක්..එනවා හිඟමන් යදින්ඩ..ඉවරයි ඉතින් අද දවසම..
                                                                     

සියදෝරිස් හොඳටම පරල උනා.
                                                                                              
අප්පුවා තම රාජකාරියට ගොස් ආවේ මේ වෙලාවේදී ම ය..තැඹිලි ගොන් කරත්තයක දමා කඩය වෙත ගෙන ආවේය.කනස්සල්ලෙන් හිස් මලුව කිහිලි  ගසා ගෙන  යන බිසෝ දුටු  අප්පුවා සිදුවී ඇති දෙය තම පුරුද්දෙන්ම වටහා ගත්තේය .කනස්සල්ලෙන්  බිසෝ දෙස අනුකම්පාසහගත  බැල්මක් හෙලු අප්පුවා කඩයට ගොඩ විය.
                                                                                                   
මුන්දලාලි මන් තැඹිලි ටික ඇන්න ආව.

කර මත  ඇති සලු  පොඩිය අතට ගෙන,   මුහුණ හා බෙල්ල  අවට පිස දමන ගමන්  අප්පුවා කිවේය.                                                                                                                                      
හුම්..      
                                            මුන්දලාලි  උජාරුවෙන්  කීවේය. බිසෝ පන්න  ගැනීම  පිළිබද  අමුතු  සතුටක්  ඇති  සෙයකි..
                                    මොනවා   උනත්    මුන්දලාලි  බිසෝට  කතා කරපු විදිහ හරි නැහැ නොවැ   .. නැති බැරි කමට  නොවැ ඉල්ලන්නේ  ඔහොම .."                                                                                                හ ...උඹට  ඇති  රුදාව මොකද  ඔය හැටි...!පලයන් මෙතනින් යන්ට....  ලාවට කන පලාගන්නේ   නැතුව මගෙන්.."  තොට අයිති වැඩක්   තෝ බලාගන් .. ආව මෙතන  කියාදෙන්න  කඩ කෙරුවාව මට ...!  ගෙහුං අර ගොන්නු  ටික  වෙන  තැනක  බැඳලා වර..! උන් එක තැන  උලා   කකා  ඉන්නවා   ඇති.                              
                                                                                                
මම නම්  පුදුම පවක්  කරලා තියෙන්නේ ...මොනවා කොරන්ටද... ගෙවන්ටත්  එපයිනේ.." ,  මන් කුසල් රැස් කරන්ට හදනවා..මුන්දලාලි අකුසල් මයි රැස්  කොරන්නේ..අනේ මන්ද  උන්දෙ කොයි  අහ යන්ට තනනව්ද  කියල..."අප්පුවා  හිතුව .                                 
                          ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~               
උදේ පටන් ගල්  වැඩපලේ ගල්  තලලා හෙම්බත්  වෙලා සිරිමල් සියදෝරිස්ගේ  කඩේට ගොඩ උනේ   කෝපි  කෝප්පයක්  බොන්න  හිතාන.   සිරිමල්  කඩ පිලේ  බංකු වක් උඩ වාඩි   උනේ   සියදොරිස්ගෙන්   කෝපි   කෝප්පයක් ඉල්ලන ගමන්..                
                                                                                                                දැන්  කෝපි  හදන  වෙලාවක්  නෙවෙයි. ........ 
            
  සියදෝරිස්   උඩඟු   කමින්   කිවුවා.

                                                                    
අනේ මාමා... .මන් හරි මහන්සි  වෙලා ආවේ.. .හරිම තෙහෙට්ටුයි ඇගට...මොකෝ  මන් සල්ලි  වලටනේ  ඉල්ලන්නේ මාමා..                  
                                                                                                                  සිරිමල්  එහෙම  කිවුවට මුන්දලාලි  හෙලඋනේවත් නැහැ.            
               
 කමක් නැහැ  එහෙනම්   මම යන්නම්..           :           සිරිමල්  එහෙම කියල  එලියට  බැස්ස විතරයි...
                                                                                                                                                 
ඔව් ඔව්...පලයන් පලයන්...නැතිනම් උඹටත් වෙන්නේ ලාවට කන පලාගන්න..                                                                   
      
උදේට  අම්ම හිඟමනේ එනවා... හවසට පුතා... අම්මණ්ඩි ත්   මගෙන් හොන්දවගෙන්  අහන ගියේ උදේ.."  මුන්දලාලි  උජාරුවට කියන්න පටන්   ගත්තා..
                                                                                         අනේ මුන්දලාලි  කැගහන්න  එපා ..උන් ණය ගත්තට වෙලාවට    කොහොම   හරි  ගෙවනවනේ...                                                         
         
   සියල්ල    අසා උන්    අප්පුවා කීවේය.
                               
සිරිමල්  ආපසු  හැරුණි.මුන්දලාලිගේ  කන්  දෙකට   ප්‍රහාර පිට ප්‍රහාර එල්ල විය..ගල්  තලා පත්තියන්  උන සිරිමල්ගේ දෙඅත්  ඉතා ශක්තිමත් විය.. මුන්දලාලි  කෑගසමින් බිම  ඇද වැටිණ.සිරිමල්  වේගයෙන් තම නිවස  කරා ඇදෙන්නට  විය.                                                           
නිවසට  ගොඩ වැදුන  සිරිමල්ගේ කුමක්දෝ  වෙනසක් බිසෝ මැණිකාට පෙනින.ඔහු  කේන්තියෙන් පුපුරන  බව ඇයට වැටහුණි .                       
ඇයි  මගේ රත්තරනේ  මේ..."         
බිසෝ  ඇසුවේ   සෙනෙහසිනි".. කරදරයක්  කරගෙනද ආවේ?''
                           
                                                                                                              මන්   අද  අර  මුන්දලාලියගේ  ලාවට  කන  පැලුව..!!!!!!
   

32 comments:

  1. රෙහානි අකුරුවල පාට හරි නෑ. සමහර ඒවා කියවන්න පේන්නෙම නෑ. පාට වෙනස් කලොත් හොදයි කියලයි මට හිතෙන්නේ...
    මගේ යාළුගේ අඩුපාඩු පෙන්වල දෙන එක හොද යාළුවෙක්ගේ යුතුකම නේ.

    ReplyDelete
    Replies
    1. පාට හරි නැහැ කියල මටත් තේරුණා බට්ටි කෙල්ලේ.. ආපහු හදන්න ටයිම් එකක් තිබුනේ නැහැ ඒ වෙලාවේ..ඒකයි උනේ..
      මගේ හැම අඩු පාඩුවක්ම පෙන්නලා දෙන්න...ඇත්තටම මම ඒකට කැමති.. වෙනද වගේම ඉස්සෙල්ලම කොමෙන්ට් කරා නේද? තැන්ක්ස්

      Delete
  2. අකුරුවල පාට වෙනස් කරන්න නැත්නම් ලාවට කනපලාවී කියවන අය ඇවිත්

    ReplyDelete
    Replies
    1. හෆොයි වෙනස් කරන්නම්...ලාවට කන නම් පලන්න එපා....හිකිස්...
      තැන්කු හොදේ අදහසට ...

      Delete
  3. කතාව නම් ලස්සනම ලස්සනයි..ඒත් අකුරුවල පාට නම් ටිකක් හදන්න යාලුවේ....

    ReplyDelete
    Replies
    1. හා යාලුවේ...හදන්නම්..ගොඩක් ස්තුති....

      Delete
  4. කථාවනම් හොදයි හැමෝම කිව්වවගේ මටත් කියන්න තියෙන්නෙ රෙහානි කෙල්ලේ ලාවට කණ පලාගන්න කලින් අකුරු වල පාට වෙනස් කරන්න කියලා..ඉස්සෙල්ල වැරැද්දත් හදාගෙන නිසා මෙකත් හදා ගනී කියල හිතනවා...

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම හදන්නම් සිත්තමි...ගොඩක් ස්තුති වැරදි පෙන්නලා දෙනවට..( කන නම් පලන්න එපා අලි...)

    ReplyDelete
  6. මරු කථාවක් නේ! කොන්ද නම් ටිකක් රිදුණා එබීලා අකුරු කියවන්න වුණ නිසා. අකුරු ටික හදලා තිබ්බ නම් ඔයාටත් කන බේරගන්න තිබුණා. මේ වෙලාවට තමයි මටත් සිරිමල් වෙන්න හිතෙන්නෙ!!

    ReplyDelete
    Replies
    1. අයියු...මගේ කණ... තැන්කු හොදේ අදහසට...
      කොන්ද ගැන එච්චර හිතන්න එපා ඔය වයසට ඔහොම තමයි..(විහිලු යාලුවේ)

      Delete
  7. කතාව නියමයි සහෝදරි..:) අය කතා ලියන්නකෝ..අපි එන්නම් කියවන්න..අනේ..සුරංගනා කතා ලියන්නකෝ..මම ගොඩක් ආසයි! :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හිරු අදහසට....සුරංගනා කතා මන් ලියලා නැහැ...ට්‍රය් කරලා බලන්න ඕනේ...

      Delete
  8. හපොයි මුදලාලිගේ ලාවට පැලිච්ච කන ආයෙත් ඇහෙන්නෙම නැති වුනාද දන්නෑ!
    දැන් නම් අකුරු ප්‍රශ්නෙ හදල වගෙයි. මට නම් අපූරුවට පෙනුන.

    ReplyDelete
    Replies
    1. පේන්නෙම නැතුව තිබුන දම් පාටයි කළු පාටයි අකුරු...ඒ ටික හැදුව... දැන් එච්චර අව්ලක් නැහැ මගේ හිතේ...
      මුන්දලාලිගේ කනට දෙය්යන්ගේම පිහිටයි...
      තැන්ක්ස් යාලු කොමෙන්ට් එකට...

      Delete
  9. හෙහ් හෙහ් හෙහ් ඔන්‍න‍ ඉතින් අපි ලා දම් අහස යටට එනකොට මෙයා ලාවට කන පලන්න හදනවා. අපි නම් බය වෙයි :P

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි අලි....මෙන්න මේ සියදෝරිස් තමයි.. ලා දම් අහසට සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්...

      Delete
  10. හක්ක හැක හැක එකත් මරු කතාව. කොහොමද දන්නේ නැහැ ලාවට කන පලන්නේ..

    ReplyDelete
    Replies
    1. අහල බලමු සියදෝරිස්ගෙන්...හේ හේ..

      Delete
  11. අය්යෝ මේ පොස්ට් එක කොහොමද මගහැරුනේ.....
    චන්ඩි කතාවක් වගේ ලියන්නෙ..!
    මමත් නොදන්නවට අහන්නෙ....කොහොමද ලාවට කන පලන්නෙ...හිකිස්..

    ReplyDelete
  12. යාලු දැන් පොස්ට් එක කියෙව්වනේ.... ලාවට කන පලන හැටි දන්නේ සියදොරිස්ම තමයි.. දැන් නම් සිරිමලුත් දන්නවා මගේ හිතේ...හේ හේ...

    ReplyDelete
  13. මුදලාලිලා ඔහොමතමා.දෙන්න තිබුනෙ කඩේ වහන්න..

    ReplyDelete
    Replies
    1. හේ...හේ... ඒකනේ... සමහරවිට කඩේ වහන්න වැඩේ සිද්දවෙන්න ඇති නේ... ඔන්න විමුක්ති වත් පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්.....

      Delete
  14. ලාවට පලන එක තමයි වැඩේ... පේන විදියට නම් තදට පලලා වගේ!!
    අදමයි මේ පැත්තට ආවේ.. අහලා පුරුදු නමක් නිසා!! ඉදිරියටත් එන්නම්..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගන්නවා ලා දම් අහසට...
      අපරාදේ මුන්දලාලිගේ කන නේ?
      නැවත එන්න අනිවා....(මගේ නමින් ඔයාට යාලුවෙක් වත් හිටියද?)
      ඔයාටත් ජය පතනවා...!!!

      Delete
    2. එහෙමයි.. හොඳ ම යාලුවෙක්!
      ඔන්න කිව්ව හින්දම ආයෙත් ආවා.. කෝ ඉතින් අලුත් එකක් දාලා නෑ නේ!!
      ලා දම අහස මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා!!

      Delete
    3. එහෙනම් ඉතින් හොදම යාළුවා ආයෙත් ලැබුන වගේ තමයි ඕන්... අලුතින් පොස්ටුවක් දාන්ට ඕන..දිගු ගමනක් ගොහින් ආවේ...දාන්නම්කො හෙමිහිට විස්තර ඔදේ...
      තැන්කු වේවා...බ්ලොග් රෝලට එකතු කර ගත්තට...

      Delete
  15. හි.. හී.. ඕං මාත් ආව. ඔහොමත් කන් පලනව ද මං අහන්නෙ .. එක කනක් නෙවෙයි දෙකම.. මරු ඈ..

    ReplyDelete
    Replies
    1. හිකිස් ....කියල වැඩක් නැහැ අලී...මේ සියදෝරිස්ගේ වැඩනේ..
      ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා එහෙනම් මේ පැත්තට...

      Delete
  16. වහාම හැකි ඉක්මනින් අකුරුවල පාට වෙනස් කොරන්න. නැත්නම් පසුබිම් වර්ණ වෙනස් කොරන්න. නැත්නම් දඬු කන්දේ ගහනවා සතියක් ඕන්. අනෙක ඔයාගේ මේ විසිටර්ස් කියන ගැජට් එක මාරු කොලනම් හොඳයි මම කොම්පූතර් දෙකතුනකින්ම චැක් කොලා ඒක ක්‍රෑෂ් වෙනවා.

    ReplyDelete
  17. හෆොයි...කියපුව කොරන්නම් දඬු කදේ නම් ගහන්න එපා...හේ හේ...

    ReplyDelete
  18. කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ තමා :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි...ඒකම තමයි උනේ..

      Delete