ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, July 16, 2014

හියානාව සහ ඔටෙරා



මේ හියානාවේ හිම මාලිගා වල හීතලෙන් ගල් ගැහුණු...
මගේ හිතේ නලියන
හීන පොකුර...

ආදරණිය ශතුල ....
මගේ හීන පොකුරම රියැනියා ගහ මුදුනේ පිපුණු
නපුරු රියැනියා මල ගිලගත්තා වාගෙයි...
ඒ හීන පොකුරම පරදන සොඳුරු සිහිනය ඔයයි ශතුල...
ඔයයි....




අර කතා කරන මියැස් ගහෙන් අහලා බලන්න....
හියානාවේ ඔටුන්න හිමි ශතුල කුමරුට අසරණ මේ පුංචි දාසි
ආදරේ බව කියාවි...කැල්නිම් ගංගාව සිඳී යන තරමට ...


මියැස් ගහ කතා කරන එක නතර කලත්...
කැල්නිම් ගංගාව ගලන්න බෑ කියා කීවත් ...
කවදාවත් නතර නොවෙන, වෙනස් නොවෙන ..
මේ පුංචි දාසිගේ ලෙන්ගතුකම ඔයාටමයි ශතුල...




"ඔටෙරා ....ඔයා දැක්කද දම් පාට ෆියරි මල් සුදු පාට වෙලා..
ගොඩක් දුකෙන් එහෙට මෙහෙට යන හැටි..."
මගෙන් ඇහුවේ පුංචි සයලි....එයා තමයි මට ඉන්න එකම යාළුවා..
එයාට තියෙන්නේ මිනිස් මුණක් උනාට කොටළු ඇඟක් ..
ඒත් එයා ප්‍රසන්නයි හුගක්......

"ඇයි සයලි....මොකද්ද ඒ වෙනස....ගඟ උඩින් එද්දී මට ඇහුණේ කැල්නිම් ගඟත්
හඬනවා වගේ.."මගේ හිතෙත් ඒ ගැන ලොකු කුකුසක්....


"අද ශතුල කුමාරයා..මේ හියානාව අතහැරලා වෙනත් දේශයකට යනවා..
නැවතත් ඔහුගේ පැමිණීම අනපේක්ෂිත දෙයක්...
ඔහු යන්නේ නපුරු මකර රාජධානියකට..." සයලිගෙයි ඔටෙරාගෙයි කතාවට
ඇහුම්කන් දී ගෙන උන්නු ෆියරි මලක් කිවේ බොහොම දුකින්...




"අනේ මගේ ළය පැලී මැරි වැටේවි.....
ඔහු තවමත් නොදන්න ඔහු වෙනුවෙන් මේ හදේ ගැහෙන ලෙන්ගතුකම.."
මගේ හිත පුපුරු ගසමින් වේදනා දෙනවා...

මං දාසියක්....ඔහු රාජ කුමාරයෙක්....නිකම්ම නෙවෙයි..
මුළු හියානාවටම....
ශතුලගේ ඇගේ වදින එක හුලඟකටවත් 
අයිතිවාසිකම් කියන්න මට බෑ ..
මම ඔහුගේ දෙනෙත් දිහා අඩුම තරමේ කෙලින් බැලුවොත් ,
මා එතැනම මරා දමන්නත් පුළුවන්....
ඒත් ...ඒත්  මේ හදවතේ කකියන හැඟීම....
නෑ ....ඔටෙරා ...ඒවා වැදගත් නෑ .....
ශතුල රාජ කුමාරයෙක්....
ඔටෙරා ශතුල පෑගු වැලිකටයක් තරම් නොවටින අසරණ පුංචි දාසියෙක් ...
යන්න අරින්න ඔටෙරා ..යන්න අරින්න ...



52 comments:

  1. රජ කතාවක් තිබුනත් ....... සාමාන්‍ය මිනිස් සන්තානය තමයි එලියට එන්නේ , වචන නුහුරුයි....... ඒත්.... හැගීම්........තුල ඇත්තේ .... හුරුපුරුදු .... ආදරයමයි නේද.....?

    ReplyDelete
    Replies
    1. හුරුපුරුදු ආදරය....ඇත්ත...
      ඒත් එක්කම පොඩි ෆැන්ටසියක් මවන්න උත්සාහ කරා ...
      ස්තුතියි නිහිංසා..

      Delete
  2. මේ ක්රොනිකල්ස් ඔෆ් නාර්නියා කියවල ලියපු සටහක්ද..
    නැතිනම් වෙන සීන් කෝන් එකද්ද...

    මොකක්වුණත් පට්ටෙට ලියල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මහේෂ්....පොඩි ෆැන්ටසියක්....මට මේක ලියද්දි මැවුනේ නානියා එකේ පරිසරය...
      ස්තුතියි..

      Delete
  3. මටත් එක සැරේම හිතට ආවේ මහේෂ්ගේ ප්‍රශ්නේ , මොනා වුනත් රෙහනිස්ටයිල් එකට පට්ටයි ,නියමයි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා අයියණ්ඩි ....
      ස්තුතියි ඔදේ ..

      Delete
  4. මොකක්ද බං රෙහානියෝ මේ කතාව?
    හියානාව සහ ඔටෙරාව කියන්නේ මොනවයි..?

    ReplyDelete
    Replies
    1. කතන්දරේ තේරුණේ නැතෙයි....
      හියානාව කියන්නේ දේශයක්....
      ඔටෙරා කියන්නේ එහේ ඉන්න කෙල්ලෙක් :)
      මේවා මන : කල්පිතයි බං

      Delete
  5. අශෝකමාලාට පුළුවන් නම් සාලිය කුමාරයට පෙම් බඳින්න,,,,,, ඔටෙරාට බැරිද ශතුලට පෙම් බඳින්න?????? නේද රෙහානි?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ ප්‍රියෝ .... ;)

      Delete
  6. රෙහානි,...වචන ටික නම් මසුරන්.

    ReplyDelete
  7. මං හිතුවා දිග කතාවක පටන් ගැන්මක්ද කියලා

    ReplyDelete
    Replies
    1. ඕන නම් එහෙමත් පුළුවන් සුදු.... ;)

      Delete
    2. පුලුවන්නම් ලියන්න ගන්නකො සුදූ ;)

      Delete
    3. හැබැයි රෙහානි අක්කියෝ මිට වඩා ටිකක් පැහැදිලිව හරිය ^_^ 

      Delete
    4. අඩේ ....නිකමට කීවේ ^_^

      Delete
    5. හා හා දැන් කිවුවනම් ලියන එකයි ඇත්තේ..

      Delete
  8. තේරුනා ටිකක් මදිද මන්ද! හැබැයි ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. අය්යු....ඔච්චර ලොකු ඔලුවට ත් තේරුණේ නැහැයි....?

      ස්තුතියි..

      Delete
  9. කතාවත් කියෙව්වා... කමෙන්ටුත් කියෙව්වා. ඉතින් මං සියල්ල ම තේරුම් ගත්තා. අගෙයි රෙහානි... හියානා එහෙම ටිකක් අපිට නුහුරුයිනේ... ඒත් නියමයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ස්තුතියි කුරුටු....
      වෙලාවක හියානාව පැත්තේ ගොහිං එන්ට පුළුවනිනේ දැන් :D

      Delete
  10. හියානාව සහ ඔටෙරා.. ශකුල, මෙව්වා කොහෙන් එන වදන්ද බොල.. රසයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා විදානේ .....කොහෙන්ද ආවා
      ස්තුතියි ...

      ජ ය වේ වා !!!

      Delete
  11. අමුතු නං දැම්මම ඕන මගුලක් ලස්සනයි නේද?? හැක් හැක්..(ජෝක් එකට හරිය)

    ReplyDelete
  12. හ්ම්ම්........... අනේ මං දන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. මං දන්නවා උයා දන්නේ ෆොටෝ ගහන්න කියලා ....හිහ් :D

      Delete
  13. අරහේ පොඩ්ඩි අක්කයි බුරා අයියයි එකතු වෙලා මර්ලින් ලියනවා... මෙහෙ මෙයා ඉඳගෙන නානියා ලියන්න ගත්තද ඒ පාර...
    හාකෝ හාකෝ ෆෝන් එකෙන් කියවන්නම්කො ලියනවා නම්... රජ උනත් ඉතින් මනුස්සයොනේ අක්කා... මනුස්ස ගති කොහොමද යවන්නේ?
    මොකද්ද අක්ක අර මගේ බ්ලොග් එකේ කියපු අතැරලා දාපු ස්ටේෂන් එක??

    ReplyDelete
    Replies
    1. අයියෝ මේක නානියා නෙවෙයි මල්ලා ;)
      මනුස්සයෝ කියන්නේ මේගොල්ලෝ සුරංගනා ලෝකෙක ඉන්න අය


      ඉන්නකෝ ඇවිත් කියන්නම් ඒක ...

      Delete
  14. ලස්සන ෆැන්ටසි හීනයක්..

    ReplyDelete
    Replies
    1. එක ෆැන්ටසි හීනෙක මං
      සැරිසැරුවා පාවෙමින්...

      ටැංකිව් තුශා ....

      Delete
  15. සිහින ලොකෙත් අමුතුම මෙව්වා එකක් තියනවා නේද රෙහානි

    ReplyDelete
  16. කතාව එල ..මං මේ කම්පනා කලේ මෙක ලියලා තියෙන ක්‍රමේ ගැන ..මට නම් වෙනසක් ඕං එල ඈ ...

    ReplyDelete
  17. ඔයාගෙ ලියවිලි තුල බොහෝ වෙලාවට අහලා පුරුදු නැති අමුතුම නම් තමයි කියවන්න ලැබෙන්නෙ...මේ කථාවෙ මුල හරිය කියවද්දි මට හිතුනෙ මේක පරිවර්ථනයක්ද කියලයි...ඒ තරමට ඔබ ඔබට අනන්‍ය නොවන කථා තේමාවක් බොහොම සාර්ථකව ඉදිරිපත් කර තිබෙනවා කියලයි මට හිතෙන්නෙ. මේ ඔයාගෙ බ්ලොග් එක නොවෙයි නම්...කිසි කෙනෙක් මේ ලියවිල්ල රෙහානිගෙ කියලා පිළිගන්න එකක් නෑ...ඒ තරමට ඔබේ අදහස සාර්ථක වී තිබෙනවා...

    ReplyDelete
    Replies
    1. ශා ....ඇත්තද .....කොලර් එකක් වත් නෑනේ මේ ඇදුමේ උස්සන්න ;) :D

      ස්තුතියි අයියේ...

      Delete
  18. Akke station eka thawama thiyeda? Sorry methana ahanawata honde....

    ReplyDelete
    Replies
    1. උත්තරේ ඔයාගේ බ්ලොගේ දුන්නා ...
      බොට පිස්සුය සොරි කීන්නේ ;)

      Delete
  19. මදෑ හරි ගැහිලා කියවන් එද්දිම ඉවර උනා ....අපි දිග ලිපි කියෝනවෝ හරිය....ඈ බන් මට කියවන් එද්දි පොඩි කොයිල් ගතියක් දැනුනත් දෙවෙනි පාර කියවද්දි මැවුනේ ලස්සනට රෙහානිගේ ඉට්ටැයි එක තියෙනෝ කියලා මේකේ

    ReplyDelete
    Replies
    1. හය්යු....එහෙමද?

      අලි....ඊළඟට දෙන්නම්කෝ දිග මාගලක්..

      තැන්ක්ස්....

      Delete
  20. මේක මේ පොත කියවලා ඔළුව මංඤ්ඤං වෙලා ලියපු එකක් කියලා මට හිතුනා නිකමට වගේ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං ....ඒම අකරතැබ්බයක් නෙවේ අනේ ... :D

      නිකං හිතුණා ....හිතෙනකොට නානියා වේ පරිසරේ මැවුණා

      Delete
  21. කතාවනම් ඉතා රසවත්ය ... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් සතුටුය...

      ස්තුතියි...

      Delete
  22. Narnia my all time favorite!!! කවි පේලිය නිකම් හීනයක් වගේ..

    ReplyDelete
  23. අදරනීය පොස්ටුවක් රෙහානි සුපිරි ... ජය

    ReplyDelete
  24. එක් පාර්ශ්වික ප්‍රේම පුරාණයක් වගේ?

    ReplyDelete
  25. ලස්සන අදහසක්...

    ReplyDelete