ලා දම් අහසට පායන උදවිය ..
Wednesday, July 16, 2014
හියානාව සහ ඔටෙරා
මේ හියානාවේ හිම මාලිගා වල හීතලෙන් ගල් ගැහුණු...
මගේ හිතේ නලියන
හීන පොකුර...
ආදරණිය ශතුල ....
මගේ හීන පොකුරම රියැනියා ගහ මුදුනේ පිපුණු
නපුරු රියැනියා මල ගිලගත්තා වාගෙයි...
ඒ හීන පොකුරම පරදන සොඳුරු සිහිනය ඔයයි ශතුල...
ඔයයි....
අර කතා කරන මියැස් ගහෙන් අහලා බලන්න....
හියානාවේ ඔටුන්න හිමි ශතුල කුමරුට අසරණ මේ පුංචි දාසි
ආදරේ බව කියාවි...කැල්නිම් ගංගාව සිඳී යන තරමට ...
මියැස් ගහ කතා කරන එක නතර කලත්...
කැල්නිම් ගංගාව ගලන්න බෑ කියා කීවත් ...
කවදාවත් නතර නොවෙන, වෙනස් නොවෙන ..
මේ පුංචි දාසිගේ ලෙන්ගතුකම ඔයාටමයි ශතුල...
"ඔටෙරා ....ඔයා දැක්කද දම් පාට ෆියරි මල් සුදු පාට වෙලා..
ගොඩක් දුකෙන් එහෙට මෙහෙට යන හැටි..."
මගෙන් ඇහුවේ පුංචි සයලි....එයා තමයි මට ඉන්න එකම යාළුවා..
එයාට තියෙන්නේ මිනිස් මුණක් උනාට කොටළු ඇඟක් ..
ඒත් එයා ප්‍රසන්නයි හුගක්......
"ඇයි සයලි....මොකද්ද ඒ වෙනස....ගඟ උඩින් එද්දී මට ඇහුණේ කැල්නිම් ගඟත්
හඬනවා වගේ.."මගේ හිතෙත් ඒ ගැන ලොකු කුකුසක්....
"අද ශතුල කුමාරයා..මේ හියානාව අතහැරලා වෙනත් දේශයකට යනවා..
නැවතත් ඔහුගේ පැමිණීම අනපේක්ෂිත දෙයක්...
ඔහු යන්නේ නපුරු මකර රාජධානියකට..." සයලිගෙයි ඔටෙරාගෙයි කතාවට
ඇහුම්කන් දී ගෙන උන්නු ෆියරි මලක් කිවේ බොහොම දුකින්...
"අනේ මගේ ළය පැලී මැරි වැටේවි.....
ඔහු තවමත් නොදන්න ඔහු වෙනුවෙන් මේ හදේ ගැහෙන ලෙන්ගතුකම.."
මගේ හිත පුපුරු ගසමින් වේදනා දෙනවා...
මං දාසියක්....ඔහු රාජ කුමාරයෙක්....නිකම්ම නෙවෙයි..
මුළු හියානාවටම....
ශතුලගේ ඇගේ වදින එක හුලඟකටවත්
අයිතිවාසිකම් කියන්න මට බෑ ..
මම ඔහුගේ දෙනෙත් දිහා අඩුම තරමේ කෙලින් බැලුවොත් ,
මා එතැනම මරා දමන්නත් පුළුවන්....
ඒත් ...ඒත් මේ හදවතේ කකියන හැඟීම....
නෑ ....ඔටෙරා ...ඒවා වැදගත් නෑ .....
ශතුල රාජ කුමාරයෙක්....
ඔටෙරා ශතුල පෑගු වැලිකටයක් තරම් නොවටින අසරණ පුංචි දාසියෙක් ...
යන්න අරින්න ඔටෙරා ..යන්න අරින්න ...
ලියපු ජාති
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
රජ කතාවක් තිබුනත් ....... සාමාන්‍ය මිනිස් සන්තානය තමයි එලියට එන්නේ , වචන නුහුරුයි....... ඒත්.... හැගීම්........තුල ඇත්තේ .... හුරුපුරුදු .... ආදරයමයි නේද.....?
ReplyDeleteහුරුපුරුදු ආදරය....ඇත්ත...
Deleteඒත් එක්කම පොඩි ෆැන්ටසියක් මවන්න උත්සාහ කරා ...
ස්තුතියි නිහිංසා..
මේ ක්‍රොනිකල්ස් ඔෆ් නාර්නියා කියවල ලියපු සටහක්ද..
ReplyDeleteනැතිනම් වෙන සීන් කෝන් එකද්ද...
මොකක්වුණත් පට්ටෙට ලියල තියෙනව...
ජයවේවා
නෑ නෑ මහේෂ්....පොඩි ෆැන්ටසියක්....මට මේක ලියද්දි මැවුනේ නානියා එකේ පරිසරය...
Deleteස්තුතියි..
මටත් එක සැරේම හිතට ආවේ මහේෂ්ගේ ප්‍රශ්නේ , මොනා වුනත් රෙහනිස්ටයිල් එකට පට්ටයි ,නියමයි
ReplyDeleteඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා අයියණ්ඩි ....
Deleteස්තුතියි ඔදේ ..
මොකක්ද බං රෙහානියෝ මේ කතාව?
ReplyDeleteහියානාව සහ ඔටෙරාව කියන්නේ මොනවයි..?
කතන්දරේ තේරුණේ නැතෙයි....
Deleteහියානාව කියන්නේ දේශයක්....
ඔටෙරා කියන්නේ එහේ ඉන්න කෙල්ලෙක් :)
මේවා මන : කල්පිතයි බං
අශෝකමාලාට පුළුවන් නම් සාලිය කුමාරයට පෙම් බඳින්න,,,,,, ඔටෙරාට බැරිද ශතුලට පෙම් බඳින්න?????? නේද රෙහානි?
ReplyDeleteඅන්න ඒකනේ ප්‍රියෝ .... ;)
Deleteරෙහානි,...වචන ටික නම් මසුරන්.
ReplyDeleteස්තුතියි ෂෙහාන් ..
Deleteමං හිතුවා දිග කතාවක පටන් ගැන්මක්ද කියලා
ReplyDeleteඕන නම් එහෙමත් පුළුවන් සුදු.... ;)
Deleteපුලුවන්නම් ලියන්න ගන්නකො සුදූ ;)
Deleteහැබැයි රෙහානි අක්කියෝ මිට වඩා ටිකක් පැහැදිලිව හරිය ^_^
Deleteඅඩේ ....නිකමට කීවේ ^_^
Deleteහා හා දැන් කිවුවනම් ලියන එකයි ඇත්තේ..
Deleteහී ...... ^_^
Deleteතේරුනා ටිකක් මදිද මන්ද! හැබැයි ලස්සනයි :)
ReplyDeleteඅය්යු....ඔච්චර ලොකු ඔලුවට ත් තේරුණේ නැහැයි....?
Deleteස්තුතියි..
කතාවත් කියෙව්වා... කමෙන්ටුත් කියෙව්වා. ඉතින් මං සියල්ල ම තේරුම් ගත්තා. අගෙයි රෙහානි... හියානා එහෙම ටිකක් අපිට නුහුරුයිනේ... ඒත් නියමයි...
ReplyDeleteහ්ම්ම්...ස්තුතියි කුරුටු....
Deleteවෙලාවක හියානාව පැත්තේ ගොහිං එන්ට පුළුවනිනේ දැන් :D
හියානාව සහ ඔටෙරා.. ශකුල, මෙව්වා කොහෙන් එන වදන්ද බොල.. රසයි..
ReplyDeleteජ ය වේ වා !!!
අනේ මන්දා විදානේ .....කොහෙන්ද ආවා
Deleteස්තුතියි ...
ජ ය වේ වා !!!
අමුතු නං දැම්මම ඕන මගුලක් ලස්සනයි නේද?? හැක් හැක්..(ජෝක් එකට හරිය)
ReplyDeleteඔවු ඔවු .....හැක් ...
Deleteහ්ම්ම්........... අනේ මං දන්නේ නැහැ....
ReplyDeleteමං දන්නවා උයා දන්නේ ෆොටෝ ගහන්න කියලා ....හිහ් :D
Deleteඅරහේ පොඩ්ඩි අක්කයි බුරා අයියයි එකතු වෙලා මර්ලින් ලියනවා... මෙහෙ මෙයා ඉඳගෙන නානියා ලියන්න ගත්තද ඒ පාර...
ReplyDeleteහාකෝ හාකෝ ෆෝන් එකෙන් කියවන්නම්කො ලියනවා නම්... රජ උනත් ඉතින් මනුස්සයොනේ අක්කා... මනුස්ස ගති කොහොමද යවන්නේ?
මොකද්ද අක්ක අර මගේ බ්ලොග් එකේ කියපු අතැරලා දාපු ස්ටේෂන් එක??
අයියෝ මේක නානියා නෙවෙයි මල්ලා ;)
Deleteමනුස්සයෝ කියන්නේ මේගොල්ලෝ සුරංගනා ලෝකෙක ඉන්න අය
ඉන්නකෝ ඇවිත් කියන්නම් ඒක ...
ලස්සන ෆැන්ටසි හීනයක්..
ReplyDeleteඑක ෆැන්ටසි හීනෙක මං
Deleteසැරිසැරුවා පාවෙමින්...
ටැංකිව් තුශා ....
සිහින ලොකෙත් අමුතුම මෙව්වා එකක් තියනවා නේද රෙහානි
ReplyDeleteඅනිවාර්යෙන්ම .... :)
Deleteකතාව එල ..මං මේ කම්පනා කලේ මෙක ලියලා තියෙන ක්‍රමේ ගැන ..මට නම් වෙනසක් ඕං එල ඈ ...
ReplyDeleteස්තුතියි සහෝ....
Deleteඔයාගෙ ලියවිලි තුල බොහෝ වෙලාවට අහලා පුරුදු නැති අමුතුම නම් තමයි කියවන්න ලැබෙන්නෙ...මේ කථාවෙ මුල හරිය කියවද්දි මට හිතුනෙ මේක පරිවර්ථනයක්ද කියලයි...ඒ තරමට ඔබ ඔබට අනන්‍ය නොවන කථා තේමාවක් බොහොම සාර්ථකව ඉදිරිපත් කර තිබෙනවා කියලයි මට හිතෙන්නෙ. මේ ඔයාගෙ බ්ලොග් එක නොවෙයි නම්...කිසි කෙනෙක් මේ ලියවිල්ල රෙහානිගෙ කියලා පිළිගන්න එකක් නෑ...ඒ තරමට ඔබේ අදහස සාර්ථක වී තිබෙනවා...
ReplyDeleteශා ....ඇත්තද .....කොලර් එකක් වත් නෑනේ මේ ඇදුමේ උස්සන්න ;) :D
Deleteස්තුතියි අයියේ...
Akke station eka thawama thiyeda? Sorry methana ahanawata honde....
ReplyDeleteඋත්තරේ ඔයාගේ බ්ලොගේ දුන්නා ...
Deleteබොට පිස්සුය සොරි කීන්නේ ;)
මදෑ හරි ගැහිලා කියවන් එද්දිම ඉවර උනා ....අපි දිග ලිපි කියෝනවෝ හරිය....ඈ බන් මට කියවන් එද්දි පොඩි කොයිල් ගතියක් දැනුනත් දෙවෙනි පාර කියවද්දි මැවුනේ ලස්සනට රෙහානිගේ ඉට්ටැයි එක තියෙනෝ කියලා මේකේ
ReplyDeleteහය්යු....එහෙමද?
Deleteඅලි....ඊළඟට දෙන්නම්කෝ දිග මාගලක්..
තැන්ක්ස්....
මේක මේ පොත කියවලා ඔළුව මංඤ්ඤං වෙලා ලියපු එකක් කියලා මට හිතුනා නිකමට වගේ..
ReplyDeleteඔය ඉතිං ....ඒම අකරතැබ්බයක් නෙවේ අනේ ... :D
Deleteනිකං හිතුණා ....හිතෙනකොට නානියා වේ පරිසරේ මැවුණා
කතාවනම් ඉතා රසවත්ය ... :)
ReplyDeleteඑහෙනම් සතුටුය...
Deleteස්තුතියි...
Narnia my all time favorite!!! කවි පේලිය නිකම් හීනයක් වගේ..
ReplyDeleteඅදරනීය පොස්ටුවක් රෙහානි සුපිරි ... ජය
ReplyDeleteඑක් පාර්ශ්වික ප්‍රේම පුරාණයක් වගේ?
ReplyDeleteඅපූරුයි ...
ReplyDeleteලස්සන අදහසක්...
ReplyDelete