ලා දම් අහසට පායන උදවිය ..

Thursday, August 1, 2013

Yanjeriso ge malpeyo mogesso ?


මම දන්නවා හෙඩිම දැක්කම මොකද මොකද වගේ උනා කියලා , මේ මොකද්ද මේ හරුපේ කියලා .හරුපේ තව ටිකකින් දැනගන්න හම්බෙයි ...හි හි ..ඔන්න මේක අපේ හස්බන්ඩ් ගේ කතාවක් .ඉරිදා දවස කියන්නේ අපේ එක්කෙනාට විතරක් නෙවෙයි කොරියාවේ වැඩ කරන හැමෝටම දිව්‍ය විමානෙට ගියා වගේ තමයි .සමහර කොරියාවේ වැඩ කරන අයට ඉරිදාට නිවාඩුවක් ලැබෙන්නෙත් නෑ .එහෙම අය නං හරිම පව් .



ඉතිං මේ කියන දවසෙත් ඔන්න අපේ එක්කෙනා මගෙත් එක්ක චැටක් දාගෙන හිටියේ .(ඇත්තටම මෙහෙම මුණට මුණ බලාගෙන කතා කරන්න පුළුවන් කම තියන එක කොච්චර වටිනවද ..ඉස්සර රට රටවල් වල හිටපු උදවිය පාළුව තනිකම කාන්සිය කොහොම නිවාගත්තද මන්දා ,ඔය ඉඳලා හිටලා කරන්ට් එක කපපු දාට එපා වෙනවා ..එක දවසට අපිට එහෙම නං අවුරුදු ගානක් නොදැක මාසෙකට දෙකකට සැරයක් ලියුම් විතරක් හුවමාරු කරගත්තු උදවිය අනේ මන්දා හිතා ගන්නත් බෑ ..ඒ අතින් අපි වාසනාවන්තයි කියා හිතෙනවා .)චැට් කරන අතරතුරේ මෙයාට තව අය්යා කෙනෙක් මැසේජ් කරනවා .එයා ලංකාවේදී අපේ එක්කෙනාත් එක්ක එකට කොරියා යන්න හැමදෙයක්ම කලේ, ගයාන් කියලා අය්යා කෙනෙක් .භාෂා පුහුණු පංති වලට එහෙම එකට ගියේ .


දැන් මෙයා මැසේජ් කරන්නේ තනිකරම කොරියන් වලින් ලු .අපේ එක්කෙනත් හිනාවෙවී ඒවා කියවන ගමන් අතෑරියේ නෑ වැඩේ .දැන් එයත් කොරියන් වලින්ම රිප්ලයි දෙනවා .ඔහොම දිගටම කතා බහ ඇදීගෙන යනවා .

දැන් බැරිම තැන අපේ එක්කෙනා ඇහුවලු "උඹේ ඔලුව කොහේ හරි හය්යෙන්  වැදුනද ?"

නෑ බං ..............................ඇයි ඒ ?

එහෙනං දන්නා සිංහලෙන් කතා කරහන් :D

එහෙම කිවුවම හොඳට හිනාවෙලා ආපහු කොරියන් වලින් මැසේජ් කරනවලු .  :D

එයා එවපු කොරියන් මැසේජ් එකකට කොරියන් වලින්ම රිප්ලයි දාල මෙන්න මෙහෙම ඇහුවලු 


Yanjeriso ge malpeyo mogesso  ?



හෑ ...............අඩේ ඒක මට තෙරුන් නෑ නේ බං 



ප .ලි :::::: කොහේ තේරෙන්නද ඉතිං ඒක එක කොරියන් වචනයක් වත් නැතිකොට ! :D බේරෙන්න බැරිම තැන ඉතිං ඔන්න ඔහොමලු යාළුවාව කොර කලේ .ඊට පස්සේ පහු කාලෙක දවසක් කට්ටිය සෙට් උනාම මේ කතාව කියලා ඉතිං ඇට්ටි හැලෙන්න හිනා එහෙම උනාලු .

76 comments:

  1. හඃ හඃ හඃ ..... ඔන්න හිනා උනා හැක හැක හැක .....
    එක පට්ට කතාව .

    සමහර එවුන්ට ඕක මහ ලොකුවට වදින විසබීජයක් . අපෙත් එකෙක් ඉන්නවා වෙලාවකට බයෝ වලින්මයි කතාව . නැත්නම් පිසික්ස් වලින් .

    ReplyDelete
    Replies
    1. :D :D :D

      ඒ වගේ අය තව ටිකක් මුරුංගා අ ත්තේ තිබ්බම හරි ...එහෙම කරලා හොඳ ජොලියක් ගත්තෑකි :)

      Delete
  2. හික්ස්..
    කොහොම වුනත් කොරියන් භාෂාව නම් හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මටනං නිකන් දිව උලුක් වෙයි කියලා හිතෙනවා ...වැඩිපුර ශබ්ද වෙන්නේ උගුරින් වගේ

      Delete
  3. රැකියා සදහා අවුරුදු කීපයකට පමණක් පිටරටකට ගිය අයට නම් නිවාඩු දින වලත් වැඩ කරල සල්ලි හොයන එක තමයි හොද.
    මෙහෙ නම් වැඩපොලවල් වල නිවාඩු දිනවලට ඉදිකිරීම් කටයුතු/වාහන කැබලි කරන තැන් හොයාගෙන ගිහිල්ල ලමයි ගානක් කපා ගන්නව.
    සම හරක් කරන්නෙ ඉරිද නිවාඩු නිසා,සෙනසුරාද සවස ඉදල එලි වෙනකන් පාටි දාල,වලි දාගෙන,ගම කාල පොලෝසි වලත් ලැගල තමයි නවතින්නෙ.
    ශරීරයට අවශ්‍ය විවේකය ගන්න නම් වැඩ අහවර වූ පසු තමන්ගෙ නිවහනට ඉක්මනින් පැමින උයාපිහා/නා/කාබී වේලාසන නිදා ගත්තම හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුදල් ඉපයීමේ පරමාර්තෙන් ගියාට මොකද එහෙ තියන සමහර වැඩ හරිම අමාරුයි ..හිතන්න කිලෝ ගානක් බර ග්‍රයින්ඩර් එකක් උදේ අටේ ඉඳන් රෑ 12 වෙනකං උස්සන් වැඩ කරන්න ගියාම තියන අමාරුව .ඉතිං එහෙම උනහම ඉරිදා නිවාඩුව පුදුම වටිනවා .හැබැයි එහෙම වැඩ කරන කෙනෙකුට මාසෙකට 2,50000 ක් විතර පඩි ගන්න පුළුවන් .ඒ අතරේ ඉන්නවා බොහොම පහසු වැඩ කරලා ඔය ගාන ගන්න අයත් !ඒ වගේ අය නං කොච්චර ඕ ටී කරගත්තත් අවුලක් නෑ ඔබ කියනවා වගේ .කොරියාවේ පාර්ට් ටයිම් කරන්න තහනං ..ඒ උනාට හොරෙන් කරන අය ඉන්නවා .ඔය පොලිසි ගානේ ලගින වගේ අයත් කොරියාවෙත් අඩුවක් නෑ .මේ ලඟදි අපේ එක්කෙනාගේ රූම් එකේම කෙනෙක් බීලා සජන්හිම්ගේ වාහනේ හොරෙන් අරන් ටවුන් යන්න ගිහින් ...කාර් එක කන්ට්‍රෝල් කරගන්න බැරිව කම්පැනියේ බිත්තියකුත් කඩා ගෙ න ඇතුලට ගිහිං :D ...සජන්හිම් හොඳ හින්දා බැනලා නීති ටිකකුත් දාල නිකං ඉඳලා ..හැබැයි පඩියෙන් කැ පුවලු .

      Delete
  4. සමහර විට ගයාන් ඉගෙන්ග ගත්ත එක අමතක නොවෙන්නත් එක්ක
    ඔයාගෙ එක්කෙන එක්ක කොරියන් වලින් මැසෙජ් කරන්න ඇති....

    ReplyDelete
    Replies
    1. එයා දැනට කොරියාවේ සේවය කරනවා ...ඒ නිසා එහෙම ඕන වෙන එකක් නෑ මගේ හිතේ ,සාදරයෙන් පිලිගන්නවා ඔබව මේ පැත්තට !

      Delete
  5. රට ගියාම ගොඩක් යට හදනේ රෝගයක් ඕක, දවසක් මාව බලන්න රට ඉඳන් ආපු යාලුවෙක් ඇවිත් කියනවා " මර කේස් එක මචං මෙහෙ වාහන එලවන්නේ වමෙන්නේ, මම මචං එහෙ පුරුද්දට දකුණුපැත්තෙන් ආවේ" කියලා. හැබැයි මේ ගොබිලා රට ගිහින් අවුරුද්දයි, ඊට කලින් අවුරුදු විසි හයක්ම හිටියේ ලංකාවේ....අනේ..@&2@&^#@&%$@# තමයි.

    ReplyDelete
    Replies
    1. ගයාන් කියන පොර කොරියන් භාෂාව ඉගන ගත්තට,කොරියා ගිය බුවෙක් නෙමෙයිනෙ.

      Delete
    2. @ඉවාන් :::::හි හි ...........ඔය වගේ ලොකු ටෝක්ස් දෙන අය කොහෙත් ඉන්නවා

      @කෙන්ජි ::::::::::::: දැන් එයා කොරියා තමයි ඉන්නේ අපේ එක්කෙනා ගිහිං මාස හයකට විතර පස්සේ එයත් ගියා ...හැබැයි දෙන්නා ඉන්නේ ඈත ...

      Delete
  6. සිරාවට අහන්නේ කොරියාව නියමයිද

    ReplyDelete
    Replies
    1. මොනව අහනවද?
      යන්නද කල්පනාව?
      යනවනම් හොද රටක්.පඩිත් හොදයි.

      Delete
    2. නියමයි නියමයි ....රස්නේ කාලෙට රූම් එකේ උපන් ඇඳුමෙන් ඉන්න තරමට රස්නෙයි , :D සීතල කාලෙට ඇට මිදුලු කාගෙන යන සීතල හින්දා ඇඟිලි ,තොල් පැලිලා තමයි නවතින්නේ ..ඒ සො බාදහමෙන් දෙන වදේ අනික ඒවත් දරාගෙන අ ත පය පුච්චගෙන ,කපාගෙන කොටාගෙන වැඩ කරන්නත් ඕනේ

      කෙන්ජි කියනවා වගේ පඩි නං හොඳයි !

      Delete
  7. මරු සීන් එක.. මිනිහට කොරියන් පිඑච්ඩී එකක් වත් කරන්න හිතුනද දන්නෑ.. අපොයි උඹත් ඩිවෝස් බයික් එකේ යනවද???

    ReplyDelete
    Replies
    1. :D

      //අපොයි උඹත් ඩිවෝස් බයික් එකේ යනවද???//තවම මට ඒ උණ නං හැදුනේ නෑ

      Delete
    2. යනවනං කලිසමක් ඇදන් පලයං කෙල්ලේ. නැත්තං දේශකයා හොරෙං බලනවා කකුල්.

      Delete
  8. අරයා "අපේ මහත්තයා" කියනවා
    මෙයා "අපේ හස්බන්ඩ්" කියනවා

    අනේ මන්දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. කට වචනෙට එහෙම කිවුවට ඉතිං පොදු භාණ්ඩයක් කරලා සේල් දාන්න අදහසක් නෑ හි හි :D

      Delete
    2. මලා, හි හි ලෙඩෙත් බෝ වෙලා....

      Delete
    3. සේල් නෙවෙයි නිකං දුන්නත් අපිට එපා. :D

      Delete
  9. කවුද දන්නෙ මිනිහ භාෂාව පොලිශ් කරගන්න කතාකලාද කියල

    ReplyDelete
    Replies
    1. සමහරවිට

      දමිත් අහස යටට ඔබවත් සාදරයෙන් පිලිගන්නවා !

      Delete
  10. ඒ කියන්නේ රෙහනිගේ හස්බන්ඩ රට විරුවෙක්...:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මනෝජ් බැඳපු ගමන් මේ කෙල්ලව දාල රට ගිහින්නේ..

      Delete
    2. @ මනෝජ් ::එහෙමයි

      @ නලීන් :::ඔව් අප්පා

      Delete
  11. රට ඉඳලා ආපු ගෑණු කෙනෙක් කොහෙන්දෝ වැල ගෙඩියක් උස්සන් ඇවිත් කන්න මෙයා ෆෘට්ස් කිව්වාලු.

    ReplyDelete
    Replies
    1. පොළොස් ඇඹුලක් දැකල කිව්වලු ආනේ මේ ජැක් වල බේබි මාලුවක් නේද කියලා.

      Delete
    2. දුව තාත්තගෙන් ඇහුවලු ‘වට් පපා දිස්?‘ කියලා
      තාත්තා කිව්වලු,
      ‘දිස් යකෝ කොස්‘ කියලා

      Delete
  12. මෙහෙම වචනයක් නැතැයි කියල උන්දැට හිතුන් නැත්ද හැබෑටම :p

    ඔරලෝසුව ලස්සනයි හොඳේ :D විනාඩියක්ම බලන් හිටිය :p

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන්න නෑ .., මොකද ඒ වචනවලට සමානව යන්න තමයි මේ වචන හදලා තියෙන්නේ ..ඒ නිසා හො යන්න බෑ ලේසියෙන්

      ස්තුතියි ! ඔරලොසුව උඩ ක්ලික් කරානං ඔයාගේ ගෙදරත් එල්ලගන්න තිබුණා :D

      Delete
    2. දැන් ගෙදර පැත්ත පලාත්වත් යන්න වෙලාවක් නැහැ :p මේ ටිකේ යාලුවෙක් අප්ඩේට් කරන්නේ ...

      ඕව දා ගත්තහම බ්ලොග් එක බර කරත්තයක් වගේ වෙනවනේ .... :p

      Delete
    3. ඒකනං ඇත්ත තමයි ඉතිං ..මාත් ඔය ආසාවට එල්ලගත්තේ

      Delete
  13. "මම ගැන" කියන ගැජට් එකට යටින් "මම කැමති බ්ලොග් අඩවි" ගැජට් එක දාන්න ... බ්ලොග දිග වැඩියි නැත්නම් :)

    ReplyDelete
    Replies
    1. හොඳයි උත්සහ කරලා බලන්නම් කෝ ..මටත් ඕක හිතුනා ,නොකළේ මඥ්ඥන් වෙයි කියල බයේ :D

      Delete
    2. මොනා කරන්නත් කලින් Template එකේ බැකප් එකක් ගන්න. ඊට පස්සේ මොන දේ උනත් බයක් නැහැනේ :D

      Delete
    3. එක්කෝ ඔන්නෙහෙ තිබිච්චදෙන් ..මට බයයි ඔ ය වැඩේ කරන්න අලී :(

      Delete
    4. එහෙනම් ඉතින් හැමදාම එකම තැන තමා :/ බය නැතුව වෙන දෙයක් වෙන්න කරන්න ඕන. එතකොටයි අලුත් දෙයක් ඉගෙනගන්නේ ;)

      Delete
  14. මට පේන්නෙ රෙහානිගේ එක්කෙනත් අපේ එක්කෙනා වගේම තමයි වගේ.. අතපය කපාගන්න, තුවාල කරගන්න එහෙම හරිම කැමතියි... මෙහෙ ආවාම මුලින්ම කරන්නේ වෙදෙක් හොයන් යන එක.. ඇඟිලි එහෙම කඩාගෙනනේ එන්නේ.. ඇහැකුත් තුවාල කරගත්තා... අම්මේ ලොකු දෙයක් දැන් පේන මානේ ඉන්න එක.. ඒ දවස්වල ඔය ලියුම් කෙරුවාව අපි දෙන්නත් කළා... අන්තිම කාලේ තමයි ස්කයිප්, Nimbuzz සෙට් උනේ.. එතකම් SMS, ලියුම්, මිස් කෝල් තමයි වැඩිපුර... මං ඒ කාලේ ඩයලොග් එකට ගෙවපු ගාන තිබ්බනං මෙලහට ගෙයකුත් හදාගෙන...හි හි...

    ReplyDelete
    Replies
    1. මෙයාගේ ත් දැන් ඇඟිලි 2ක් කැපුනා එකපාරක් ! අත් කකුල් ඉවරයි .. අපටනං ගිය දවස්වල ඉඳන්ම දෙය්යනේ කියලා ස්කයිප් කතා කරන්න පුළුවන් උනා .මුල් මාසේ විතරයි ෆෝන් එකෙන් කතා කලේ ..ඒකාලේ ඩයලොග් බිල දැනට වඩා වැඩි ඇති මයේ හිතේ ...

      Delete
  15. ඔයාට බැරිද කොරියන් භාෂාව... :)

    ReplyDelete
    Replies
    1. හය්යු ........................මට බෑ :D

      Delete
  16. මටත් ටිකක් විතර කොරිය පුලුවන් හරිද? විශ්වාස නෑ? එහෙනම් මෙන්න.

    Samsung daewoo kia kiangnam hyundai ...

    Enough?

    ReplyDelete
    Replies
    1. Henry mathsuhunyuraa, kaisanho beskone paan letawu huyaa?

      Delete
    2. @ඩුඩ් මහත්ම යා :::::::හා හා ඇති ඇති ...නැත්නම් පණ යනකං තව වාහන කොම්පැනි වල නම් හොයාවි :D

      @ඒ කේ එම් :::::::::: පාන් නෙවෙයි දෙනවා බොට කේක් :D

      Delete
  17. මොනව උනත් වදෙන් බේරෙන්ඩ නම් කියාපු විදිහ ...අපේ මලයත් ඕං ඔට්ටු වෙනවා කොරියා යන්ඩ මේ දවස්වල...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් :D ......................එහෙනම් මල්ලිගේ ඒ අදහස ඉටුවේවා කියා පතනවා !

      Delete
  18. යකෝ උඹ මගේ කාලෙ කෑවා. මං අර වාක්‍යය අර පැත්තටයි මේ පැත්තටයි පෙරල පෙරල විනාඩි දහයක් විතර දැඟලුවා.

    හබියව පරිස්සම් කොරන්ඩ මලයවත් පටවන්න නේද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. හි හි මං එහෙම පණ්ඩිත වැඩ කරන්න කිවුවද සහෝදරවරුනි :D

      පුළුවන් උනොත් මාත් යනවා :D

      Delete
    2. හුටා...! කොරියාව.... :(

      Delete
    3. මල් වැහි වැටෙයි නෙහ් :D

      Delete
  19. මේක කොරියාව ගැන පන්තියක් වගේනෙ කොමෙන්‍ටුත් කොරියන් ගැන මරු මරු

    ReplyDelete
    Replies
    1. අපොයි ....ඒ වගේ නේන්නං :D ස්තුතියි

      Delete
  20. සවුදි ඉන්න අපේ කසුන් ඔය වගේම, මාත් එක්ක ෆේස්බුක් එකේ චැට් කොරද්දි අරාබි වාක්‍යයක් දෙකක් දැම්මා. මං දන්න අරාබි...! මං ඌට දුන්නා මං යන්තමින් දැනගත්තු සංස්කෘත වගන්තියක්. අන්තිමේ අපි දෙන්නමත් හිනා වෙලා චැට් එක අවසාන කොළා.

    ReplyDelete
    Replies
    1. හික් ......අන්න අපේ එක්කෙනාට උන සිස්ටම් එකේම වැඩක් ,පස්සේ මතක් කරලා හිනාවෙන්න පුළුවන් හරි ල ස්සන මතකයන් නේද ඩ්‍රකී :D :D

      Delete
  21. නොදන්න දෙමළට ගිහින් වරිගෙ නහගන්නව කියන්නෙ ඕක තමයි...

    ReplyDelete
    Replies
    1. අන්න හරි නදිනි ....ඒක තමා ඔය කොරගත්තේ හික්

      Delete
  22. වදකාරයන්ට නොවරදින බෙහෙත තමා ඕක :D

    ReplyDelete
  23. හොඳ වැඩේ නේද පඬි වදන් දානවට.

    ReplyDelete
  24. අන්තිමේ බොරු වචන ටිකක් දාලා බේරුනා නේද?
    පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. හි හි ඔවුනෙ ........දුලා අද මයි නේද මේ පෑත්තෙ ආවෙ ආදරයෙන් පිලිගන්නවා අහස යටට ඔයාව

      Delete
  25. අනේ කවුද දන්නේ අර අසරණයා කොරියන් පොලිෂ් කරගන්න කිව්වද කියලා

    ReplyDelete
  26. අක්ක G+ ඉන්නවා නේද ? මට මැසේජ් එකක් දානවද ?
    aravindaCASH@gmail.com
    https://plus.google.com/u/1/116734121646981726541/

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ....ඔන්න දෑම්මා :)

      Delete
  27. මමත් ඉස්සර මගෙ ක්වාටස් එකේ කාමරේ දොරේ 'Nookaramas einimag' කියලා ගහගෙන හිටියා. ඒක දැකපු හැම එකාම ඇහුවා මම සතෙක්ගෙ විද්‍යාත්මක නාමයක් දොරේ ගහගෙන ඉන්නෙ ඇයි කියලා. මගෙ නම අනිත් පැත්ත හරවලා ලියලා කියලා කාටවත් තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නම අනිත් පෑත්ත හරවලා බව කීවෙ නෑත්තන් නිකමටවත් මටනන් හිතා ගන්න බෑ ඈත්තමයි

      ඔබතුමා මේ පෑත්තට ආපු එක සතුටක්

      Delete