ලා දම් අහසට පායන උදවිය ..

2013년 8월 30일 금요일

ළය මඩළේ..විසිතුරු මල



නිසැක නිම් නොවන
සංසාරගත මගේ ප්‍රේමය
දෑත් විහිදුවා මට මගේ
පෙන්විය නොහැකි මුත්....

විසිතුරුම මල නුඹය
මා හද මඩළ තුල පිපුණ
පර නොවෙනා කිසි දිනෙක
ලියා දෙනවද සින්නක්කරව ම
ඒ සුවඳ මල මට....

මල් පරවී යාවි 
සඳ පායා බැස යාවි 
ගං දෑල සිඳී ඉවුරු තනි වේවි
ඉතිං කුමට ... මේ උපමා
මගේ ආදරය හදවතේ රැඳේවි
නුඹ වෙනුවෙන්ම
දිවිතුරාවට....!



댓글 54개:

  1. ටයිටල් එක දැක්කම නම් හිතුනේ වෙන දෙයක්... ඇවිල්ලා කවිය කියෙව්වම අර හිතිච්ච දේ හොඳටම වෙනස උනා.....

    එල කවිය.....

    답글삭제
    답글
    1. එහෙමද? :)

      ස්තුතියි සඳුනිමා

      삭제
  2. ඔව් ඒක තමා කරන්න තියේනේ. හදවතේ ඕන මලක් සුරුකියි මියෙන තුරුම...

    답글삭제
  3. ලස්සණ යි! අදනේ දන්නේ රෙහානි අක්කා කවි ලියනවා කියලා.

    답글삭제
    답글
    1. ස්තුතියි ධාරා..

      ගොඩ කාලෙකිං තමයි නිසඳැසක් ලිවුවේ

      삭제
  4. හරිම හැඟීම්බර ලියමනක්.. ලස්සනයි.. මම ගිම්හානයට එන්න එපා කිව්වෙත් මේ නිසාමයි.. http://karuugesithroo.blogspot.com/2013/08/aging-you-arent-welcome.html

    답글삭제
    답글
    1. ස්තුතියි..අල්තයීර් ...

      ඒ පැත්තෙ එන්නම්කො මන් බලන්න

      삭제
  5. මරුනේ රෙහානි......! හැබැයි ආදරේ වැඩි කමට ඔයාගේ වටලප්පන් එහෙම හදලා දෙන්න එපා

    답글삭제
    답글
    1. ස්තුතියි ඉවාන්

      අනේ වටලප්පන් කාලා කාටවත් මුකුත් උනේ නෑ... :D

      삭제
    2. කවුද දන්නේ හැදුවට කෑවද කියලා...නේද ඉවාන්?

      삭제
    3. එක තමයි දිලිනි මෙයා අනික් අයට කවන්න ඇති.

      삭제
  6. 답글
    1. මගේ ආදරය හදවතේ රැඳේවි
      නුඹ වෙනුවෙන්ම
      දිවිතුරාවට....!

      삭제
  7. සිංදුවක් මතක් උනා..කවි දැකල..

    "මහද පෙම් විලේ..
    නිඹද නුරා ‍රැඟුම් රඟා
    සුසුම් ‍රැලි නගාලා
    පොපියෙන පියුමි පිය කතේ..!

    답글삭제
    답글
    1. සිංදු කිය කියා ඉන්න ගමන් ... නරකද පෝස්ට් එකක් එහෙම ලිව්වනං :D

      삭제
  8. ලස්සනයි රෙහානි...:)
    නරකද කවි කොලටිකක් ගහලා කොරියවට යැව්වොත්...:P

    답글삭제
    답글
    1. ස්තුතියි ඈ

      කොරියාවට නං ලොට් ගණං යවලා තියෙන්නේ :D

      삭제
    2. ආ එහෙනම් ඒවා වෙන්න ඕනා කොරියාවේ බෝතල් පත්තර කඩවල ටොන් ගණන් විකුනන්න තියෙන්නේ..:D

      삭제
    3. නෑ... ඒවා තියෙන්නේ ඉතා සුරක්ෂිතව මගේ හබී ලඟ විතරයි :)

      삭제
  9. මට පේන්නෙ ඉඩම් හොයන්න/බලන්න යද්දි ගස් කපල,ඇළ වේලි සිදිල තියෙනව දැක්කම සිතට දැනුන සිතිවිල්ලක්ද කොහෙද ඉදගෙන....!!!

    답글삭제
    답글
    1. හී හී එහෙමද හිතුනේ ඉඳගෙන :D

      삭제
  10. සමනළයෙක් මලකට කියන සින්දුවක් :)

    (බ්ලොග් එකට මොබයිල් තීම් එකකුත් දාන්නකෝ.. ෆෝන් වලින් බලන්න බෑ.. Template යටතේ mobile theme කියල වෙනම ඇති. එතනින් කැමති එකක් දාගන්න)

    답글삭제
    답글
    1. හ්ම්ම් සමනළියක් :D

      ස්තුතියි කිවුවට..එහෙම කරන්නම්

      삭제
  11. ඔහේ තනිවු ආදර අන්දර කොතෙක් නම් සිත් තුල ඇද්ද සිරගතව..........!!!

    답글삭제
    답글
    1. ඒ කියන්නේ ඒකපාර්ශවික ආදරය ද?

      삭제
  12. හදවතේ හිරවුණු හැඟුම්ද මේ කවියෙන් කියවෙන්නෙ

    답글삭제
  13. අපේ අප්පේ... විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා!!

    답글삭제
  14. අප්පටසිලි...මෙන්න කවිත් ලියනවා

    답글삭제
    답글
    1. ඔවුනේ...හොඳයි නේද? :D

      삭제
  15. ඔව්..මල් පරවී යාවි...ඒත්..මේ දැනෙන සුවඳ එහෙමමයි...

    හරිම ලස්සනයි රෙහානි....

    답글삭제
  16. සඳුද අවදියෙන් තරුද අවදියෙන් හින්දා මුකුත් ලියන්න විදියක් නෑ . උන් දැක්කොත් ඉවරයි . කවි ටික එලම එල

    답글삭제
    답글
    1. සඳුද අවදියෙන් තරුද අවදියෙන් හින්දා මුකුත් ලියන්න විදියක් නෑ ./// හෑ..... :D

      ස්තුතියි වයලීනෝ

      삭제
  17. වැස්සේ තෙමිලා හෙම්බිරිස්සා හදාගන්න හදනවට අමතරව කවිත් කියනවා.:D

    답글삭제
  18. හරිම ලස්සනයි රෙහානි. ඔයාට ලස්සනට ලියන්න හැකියිනෙ. ආසිරි පැතුම්!

    답글삭제
    답글
    1. ගොඩාක් ස්තුතියි චාන්දි ආන්ටි

      삭제
  19. රෙහානිගෙ ලා දම් අහසට ආවගමන් දැක්කෙ බූවල්ලෙක්.. උගේ වැඩ විනාඩි 5ක් විතර බලං ඉදල තමයි නිර්මානේ බැලුවෙ :D

    //මගේ ආදරය හදවතේ රැඳේවි
    නුඹ වෙනුවෙන්ම
    දිවිතුරාවට....!//

    මේම ඉන්නෑ අප්ප කවුරුවත් :D

    답글삭제
    답글
    1. හොඳයි නෙහ් බූවල්ලා :D

      ඇයි එහෙම කියන්නේ

      삭제
  20. ලස්සනයි රෙහානි.

    답글삭제
  21. ආදරේ කියන්නේ මම වැඩිය කතා කරන මාතෘකාවක් නෙවේ.. එත් කවි ටික නම් ලස්සනයි...

    답글삭제
    답글
    1. ස්තුතියි අඟහරුවෝ

      삭제
  22. සොදුරු සිතුවිලි හිතේ පුරවන
    මිහිරි කවිකම් මේ වගේ
    ජීවිතේ ගැන කවි කියයි
    වාසනාවන් මේ ආදරේ..

    답글삭제
    답글
    1. ස්තුතියි ගොඩාක් වර්ෂා

      삭제
  23. ආදරේ උතුරලා යනව වගේ....

    답글삭제
  24. දෝරේ යයි ආදරේ...සුභ පැතුම් කෙල්ලේ.හැමදාම ආදරෙන් ඉන්න.

    답글삭제
    답글
    1. ස්තුතියි මගේ අක්කෝ

      삭제