ලා දම් අහසට පායන උදවිය ..

Saturday, August 17, 2013

අම්මා අප්පච්චිව හුරතල් කරන්නකො

ඔන්න කාලෙකට පස්සේ හිතට ෆිට් ඊයෙයි අදයි! අපේ ලොකු අක්කා කෙලි පොඩ්ඩත් එක්ක මහ ගෙදර ආවා..ඉතිං ඕන එපා කමකට විතරක් කතා බහ කරන අපෙ නැන්දම්මයි,මාමණ්ඩියි එක්ක ඉඳලා එපාවෙලා ඇතිවෙලා තිබුන මට මේක ඉතින් මහ මෙරක් වගේ තමයි..ඊයේ අපේ මාමණ්ඩිත් එක්කලා මං ගියා බලංගොඩ ඉඩමක් බලන්න.ඔවු ඔවු අපේ බ්ලොග් ලියන චන්දන අය්යලාගේ ගම් පලාතෙ තමයි..පළාත නං හරිම ලස්සනයි. ඒත් ඉතිං ඉඩම නං හරිගියේ නෑ ඔන්න.


අපි හොයන්නේ වවන්න ඉඩමක් තමයි..තේ රබර් වගේ ඉඩමක්...ඒත් ඉතිං තවම අපිට හරියන ඉඩමක් සෙට් උනේ නෑනේ අප්පා..අපි බලන්න ගිය ඉඩම මුඩු අක්කර පහක්.අරගෙන වගා කරනවා කියලා හිතාගෙන තමයි බලන්න ගියේ,ඉඩමත් හොඳයි,පදිංචියට  උනත් සුදුසුයි,ඒත් ඒක වගා කරන්න සුදුසු නෑ කියලා තමයි හිතෙන්නේ..ඒ නිසා අපි වැඩේ අතඇරලා දැම්මා.


හොඳම වැඩේ කියන්නේ ඒ ඉඩම අයිති කෙනෙකුට නෙවෙයි, ඒක 7 දෙනෙකුට අයිතිය තියන ඉඩමක්...අපිට ඉඩම පෙන්නන්න ආවේ ඒ අයගෙන් එක අයිතිකාරයෙක්.එයා කියපු විදිහට එයා පල්ලියක මොකක් හරි සංගමයක ප්‍රධානියෙක්..! ඒ සංගමයේ 7 දෙනෙකුත් එක්ක තමයි ඒ ඉඩම අරං තියෙන්නේ...මේ මට එතුමා කියපු කතාව...! 

"අපි පල්ලියක සංවිධානයක වැඩ කටයුතු කරන අය.. (එතුමා ඇවිත් හිටියේ එතුමාගෙ බිරිඳ සමග ) මම තමයි ඒ සංවිධානයේ ප්‍රධානියා..අපි මේ ඉඩම ගත්තේ පුනරුත්තාපන කඳවුරක් හදන්න...ඒත්........අපි බලාපොරොත්තු උන දේ අපිට කරගන්න බැරි උනා..

අපි මේ ඉඩම අරං මුල් පියවර තියනකොටම ගමේ මිනිස්සු කුලප්පු කෙරෙව්වා පන්සලේ හාමුදුරුවොයි , ලොකු ලොකු උදවියයි  'ආගම පතුරවන්න කුමන්ත්‍රණයක් තමයි මේ ගෙනියන්නේ' කියලා ...පස්සේ මිනිස්සු ඉඩමට ගිනි තිබ්බා..ඒකෙන් මගේ හිතනං ගොඩාක් කලකිරුණා මෙච්චර හොඳ දෙයක් කරන්න හදලත් මෙහෙමද අපිට සැලකුවෙ මිනිස්සු කියලා.."

ඉතිං ඒ ඉඩම විකුණන්න තීරණය උනේ ඔන්න ඔහොමලු... ඇත්තටම ඒගොල්ලො කරන්න හදපු දේ නං මොකද්ද කියන්න මම දන්නෙ නෑ..කොහොමහරි ඒ ඉඩම ලුණු තිරිවනාව තියනවා කියලා අපේ හස්බන්ඩ් ගේ තාත්තා නං කිවුවා.එහෙම තියෙනකොට මුකුත් වගාවන් හරියන්නේ නැතිලුනේ..

ඉතිං ඔය ඉඩම බලලා එද්දී තමයි රත්නපුරේ ඉඳලාම අපේ අක්කලත් අපිත් එක්ක මෙහේ ආවේ..පුංචි කෙල්ල නං හරිම කටකාරි.දැං  එයා ඉන්නේ තුනේ පංතියේ..අද හවස එයාලා ආපහු ගියා...දැන් ඉතින් මට හරිම පාලුයි.අක්කලා ආයේ ලබන සෙනසුරාදා මෙහේ එනවා කිවුවා දෝණිත් එක්කරගෙනම.(මේ කියපු පුංචි කෙල්ල දෝණිගේ නංගි ) දෝණි මේ දවස්වල පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ..ඉතිං එයා ආවෙත් නෑ කාලෙකින්...හ්ම්ම්..! මේ දවස්වල අගෝස්තු නිවාඩුව නිසා අක්කට මං කිවුවා පුංචි එකී මගේ පාලුවට තියලා යන්න කියලා..ඒ උනාට තියලා ගියේ නෑ . පන්ති තියනවා කියලා අරං ගියා...  :( කෙල්ල නං මාර ට්‍රයි එකක් දුන්නෙ ඉන්න.

ඉතින් අම්මෙ සඳුදාට ඉංග්‍රීසි පංති විතරයිනේ මග ඇරෙන්නේ මන් ඉන්නම්කො...

එතකොට අක්කා කියනවා "ඒ උනාට පුංචි එකී නැති උනහම මට පාලුම පාලුයි නේ ඉතින්

ඉතිං අම්මට දෝණියි සුදුයි දෙන්නම ඉන්නවනේ පාලුවට

ඒ උනාට ඌදි (උශාදි නම කෙටි කරලා) නැතුව මට කවුරුත් හිටියට වැඩක් නෑ ,ඒගොල්ලො හුරතල් කරන්න බෑනේ මට... 

එහෙනං අප්පච්චි ඉන්නේ අම්මා අප්පච්චිව හුරතල් කරන්නකො ඉතින් :D




ප.ලි ::::::::: ඔන්න ඔයලාට දැනගන්න ලැබුනොත් අක්කර 3-5 ක වගේ සාධාරණ මිලක් ඇති ඉඩමක් ගැන තේ රබර් වවපු හරි මුඩු ඉඩමක් හරි මේ රෙහානිට පොඩ්ඩක් දැනුම් දෙන්න ඈ.. පිං සිද්ධ වෙනවා...!

74 comments:

  1. පොඩි එව්වො ගැනනම් කියල වැඩක් නෑ. අපේ අයියගේ පොඩි එකා ආවමත් මගේ අතේම තමයි. යන්නත් බෑ කියනවා.

    ඉඩම් ගන්නකොටනම් ඔප්පුව නිරවුල් එකක්ම තමයි ගන්න ඕනි. හවුල් එව්වා ගත්තොත් නම් සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ළං උනහම එහෙම තමයි අකම්....එහෙනම් පුංචි එකා බාප්පියට ආදරේ ඇති

      අම්මෝ ඔවු ....ඒ දේවල් ගැනනං මම පුදුම විදියට සැලකිලිමත්,,, :)

      Delete
  2. ///අම්මා අප්පච්චිව හුරතල් කරන්නකො ඉතින්/// සිරා කතාව. මාත් නිතරම මිසිස් ඩ්‍රැකියට කියනවා.....

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීව හුරතල් කරන්න කියලද? :D

      Delete
    2. ඩ්‍රැකියව හුරතල් කරන්න ගිහින් බෙල්ල හපව ගන්නද????

      Delete
    3. අඩෝව්.... මිසිස් ඩ්‍රැකියත් ඩ්‍රැකිය වගේම තමා, ඉතිං මොකටද බෙල්ල හපන්නෙ?
      මේ කමෙන්ට් ටික මේ දැං මිසිස් ඩ්‍රැකිය දැක්කා. තිළින පරිස්සමින් ඉඳිං මේ දවස් ටිකේ.

      Delete
    4. ඒකත් ඇත්තනේ මිසිස් ඩ්‍රැකී ඉතිං ඩ්‍රැකී වගේම වෙන්න එපැයි :D

      Delete
  3. මේ සිරා කියන්නේ රත්නපුරේ ඉඩමක් ගන්නද .මම හිතන්නේ එහෙනම් පොඩ්ඩක් අමාරුවෙයි.අපේ අම්ම ඉඩමක් ඇහුවා වැඩේ කියන්නේ එක purch එකක් ලක්ස 10 කිට්ටුයි :D.එත් වගා කරන්න නම් දුරින් ඉඩමක් ගන්න කොට එච්චර ගානක් වෙන එකක් නෑ මම හිතන්නේ .

    ලහිපිට බැලුවේ නැතේ

    ReplyDelete
    Replies
    1. ඔවු චාමික ,වගා කරන්න නිසා ටවුන් එකෙන් ඕන නැහැ........ ටිකක් දුර උනාට ප්‍රශ්නයක් නෑ......

      පත්තර නං බලන්නේ නෑ... ඒවා එච්චර sure නෑ වගේ

      Delete
  4. ඔය වගේ හුරතල් පොඩි උන් දැක්කම, අපි ලොකු උනේ ඇයි කියලා දුක හිතෙනවා....

    ReplyDelete
  5. දැන් හැදෙන පොඩි එව්වෝනම්....කියලා වැඩක් නෑ...
    අපි හොඳයි
    :

    ReplyDelete
    Replies
    1. පණ්ඩිත ආතලයි පණ්ඩිත ආච්චිලයි ඉන්නෙ දැන් :D

      Delete
  6. ඇත්තනේ අර දරුවා කියල තියෙන්නේ

    ReplyDelete
  7. ඉඩමක්මද ඕනේ??? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ... ^_^

      බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!! :D

      Delete
  8. සිරාවට ඇයි අම්මට බැරි අප්පච්චිව හුරතල් කරං ඉන්න...
    ඉස්සරහට අපිටත් ඔය ප්‍රශ්ණ ඇති වෙයි.....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං

      හුරතල් කරන ප්‍රශ්නද? :D

      සාදරයෙන් පිළිගන්නවා තරියාවත් අහස යටට ඔන්න.... :)

      Delete
  9. ඉඩමක් ඕනෙයි...?
    මටත් ගාණක් දෙනවයි හොයලා දුන්නොත්..:D

    ReplyDelete
    Replies
    1. ඕනේ ඕනේ ..

      වැඩේටත් කලිං ගාන...යකෝ බ්‍රොකර්ලා හොඳයිනේ :D

      Delete
  10. මොකද මෙයාට හිටිහැටියේ වවන්න හිතිලා තියෙන්නෙ... හි හි

    ReplyDelete
  11. බලංගොඩින්නම් ගන්න එපා, මොකද බලන්ගොඩ් එවුන්ට ගැලවීමක් නෑ, මොකද ජීවිතේ එපා වෙලා ලොකාන්තෙන් පැන්නත් ආයෙත් වැටෙන්නේ බලංගොඩට ,
    වෙලාවක් තිබුනොත් මේකත් බලන්න

    ReplyDelete
    Replies
    1. :D :D

      ඒ කතාවත් ඇත්ත තමයි

      ඔන්න මම බැලුවා ඒක

      Delete
  12. ඔය ආගම කියන එක මිනිස්සු ගොනාට අන්දන්න තියෙන හොදම ක්‍රමෙ වෙල.පෙනවනෙ දෑන් බන කියාගෙන පාර්ලිමෙන්තුආව අය දෑන් කියපු දෙද කරන්නෙ කියල.තරහවෙන්න එපා මට මෙක කියන්න හිතුන.ඔයා නෑන්දම්මටයි මාමටයි මෙකෙන් වෑරදි නොකිය හිටියනම් හොදයි මම හිතන්නෙ.මෙ මට හිතෙන හෑටි විතරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .... සමහරවිට එයා මාව ගොනාට අන්දන්න හැදුවා වෙන්නත් ඇති..ඒත් ඉතිං අපි ඒ ඉඩම දැන් කොහොමත් ගන්නේ නෑනේ..

      අනේ බං මම කාටවත් වැරදි කියපු එකක් නෑ :D :D :D

      ඒ දෙන්නා මාත් එක්ක කතා කරන්නේ මෙච්චරයි

      උදේට ::: කෑවද පුතේ

      දවල්ට ::: කෑවද පුතේ

      හවසට නෑවොත් :: ඔය වෙලාවට නාන්න හොඳ නෑ පුතේ

      රෑට :::කෑවද පුතේ

      :D :D :D

      වක්කඩ වගේ කියෝන මට ඒ දෙන්නා මැච් වෙන්නේ නෑ මෙයා ... ඒකයි කිවුවේ :)

      Delete
    2. නැන්දම්මා මාමන්ඩිට මෙහෙම කියනවා ඇති,
      "බලන්නකෝ අනේ අපේ ලේලි"
      "ඇයි මොකද "
      " නෑ ඉතින් වචනයක් කතා කරන්නේ නෑ"
      "උදේට කෑවද පුතේ ඇහුවම .."හ්ම්" කියනවා"
      "දවල්ට කෑවද පුතේ ඇහුවම .."හ්ම්" කියනවා"
      "රෑට කෑවද පුතේ ඇහුවම .."හ්ම්" කියනවා"
      "හවසට නෑවොත් :: ඔය වෙලාවට නාන්න හොඳ නෑ පුතේ කිව්වම .."හ්ම්" කියනවා"
      අපේ කොලුවා කැන්දන් ආවේ බකමූනෙක්වද අනේ "
      කියල මොකද උඹ වක්කඩ කැඩුවා වගේ කියවනවා කියලා ඒ මිනිස්සු දන්නවයි, ඔන්න මහත්තයා නම් දන්නවා ඇති :D :D

      Delete
    3. අනේ හ්ම් කියලම නතර වෙයි මම :D

      මගේ කියවිල්ල එයාලා හොඳහැටි දන්නවා අනේ...දෝණි මෙහේ ආපු දවසට කට්ටිය ඉන්නේ කන් වල ඇබ ගහගෙන ...හික් :D

      Delete
    4. රෙහානි කියපු එකේ අත්දැකීම මටත් තියෙන නිසා මං ඒ ගැන කතා නොකර ෂේප් උනේ... හි හි... අපේ කියවිල්ල එයාලට අල්ලන්නෙ නෑ.. අපිට හිතේ හැටියට එයාලාත් එක්ක කියවන්නත් බෑ... එක්කෝ අපේ කටේ සද්දෙ වැඩියි, නැත්තං හිනාවෙනවා සද්දේ වැඩියි.. එහෙම නැත්තං කතා කරන කොට හිත හිත කතා කරන්න ඕනෙ.. අප්පේ ඊට වඩා හොඳයි කතා නොකර ඉන්න එක... හි හි

      Delete
    5. ඒක වයසේ වෙනස්කම නිසා වෙන දෙයක් වෙන්න ඇති කියලා මම හිත හදාගන්නවා..ඒ උනාට ඉතිං යාලුවෝ වගේ නිතරම කියවන නැන්දම්මලා මාමණ්ඩිලාත් මම නං දැකලා තියනවා ඔන්න

      මායි දෝණියි එකතු උනහම ගේ දෙවනත් කරනවා...ඒ වෙලාවට කවුරු මොනවා කිවුවත් මට නං ගානක් නෑ... හික්

      Delete
    6. නෑ ඩියර් මම කියන්නෙ හරි වෑරදි ගෑන නෙමෙයි.මෙතන පොඩි ජෙනරෙෂන් ප්‍රශ්නයක් ඈති.ලොකයෙ විවිදාකර මිනිස්සු ඉන්නෙ.අපිට ඔන විදියට හෑදුන කවුරුවත් නෑ.එ ක එයාලටත් පොදුයි
      "ඉතිං ඕන එපා කමකට විතරක් කතා බහ කරන අපෙ නැන්දම්මයි,මාමණ්ඩියි එක්ක ඉඳලා එපාවෙලා ඇතිවෙලා තිබුන මට මේක ඉතින් මහ මෙරක් වගේ තමයි "
      මෙක ඔයගෙ හස්බන්ඩ් දෑක්කොත් මොනව හිතවිද දන්නෙ නෑ නෙ. එයාගෙ දෙමවුපියො නෙ නෙද

      Delete
    7. හස්බන්ඩ් දැක්කට අවුලක් නෑ ...මං ඕක එයා එක්ක කොච්චර කියලා ඇත්ද ... හී හී

      මම කියන්න උත්සාහ කලේ එයාලා දෙන්නා හිටියට මගේ පාලුව මැකෙන්නේ නෑ කියලා පොඩ්ඩක්වත්...කාටවත් ඒක තේරුණෙ නෑනේ

      Delete
    8. මටනම් පොඩ්ඩක් වත් තේරුනේ නෑ.. මොනවා කරන්නද මට නැන්දම්මෙක් නෑ.. මාමාගෙත් කතාවක් නෑ.. හැබැයි මම කට ඇරියොත් මාමගෙත් කට ඇරෙනවා මගේ වැරදි කියන්න නම්...

      Delete
    9. හ්ම්ම්... ගනණ් ගන්න එපා නදිනියෝ :)

      Delete
  13. අප්පා... වෙලාවකට පොඩි එවුන් හුරතල් කරන එන ලේසියි, මහ එවුන් හුරතල් කරනවට වඩා..... හික් හික්..

    ReplyDelete
    Replies
    1. හෑ....... අත්දැකීම් ඇති පාටයි :D

      හික් හික්..

      Delete
  14. රෙහානි අක්කගේ නෑදෑ පරම්පරාව මට හරිම පැටලිලි සහගතයි.. එක එක කතාවල එක එක විදිහට වගේ තමයි අප්පා මතක. මගේ අවුලක්ද නැත්තම් .....!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ...... මම දන්නවා වෙලා තියන දේ,,, :D ඔන්න අහගන්න

      මගේ පවුලේ මමයි අයියයි මල්ලියි... තාත්තයි

      ඊට පස්සේ අපේ හස්බන්ඩ් ගේ පවුලේ හස්බන්ඩ්ගේ අම්මයි ,තාත්තයි , අක්කලා තුන් දෙනයි

      ලොකුම අක්කට බබාලා 3 දෙනයි... දෝණි කියන්නේ ලොකුම දුව..එයාට අවු: 17 යි ,දෝනිගේ නංගි තමයි උශාදි.. අද කතා නායිකාව

      හස්බන්ඩ්ගේ දෙවෙනි අක්කට කෙල්ලො දෙන්නයි.. ඒ දෙන්නත් පොඩියි

      හස්බන්ඩ්ගේ පොඩිම අක්කට කොල්ලො දෙන්නයි ...ඒ දෙන්නත් පොඩියි

      මගේ අතින් වැඩිපුරම ලියවෙන්නේ හස්බන්ඩ්ගේ පැත්තේ අයත් එක්ක වුන සිදුවීම්

      එතකොට මම ඔය ඔක්කොමලාගේ නැන්දා :D

      මං හිතනවා දැං අවුල ලිහෙන්න ඇති කියලා :)

      Delete
  15. තේ වවන්න නං රත්නපුරේට වඩා බදුල්ල, බණ්ඩාරවෙල පැත්ත හොඳයි නේද? සීතල වැඩි වෙන්න වැඩි වෙන්න තේ අස්වැන්න සරුසාර වෙනවානේ. හ්ම්ම්, දෝණි පොඩ්ඩ ලබන සතියේ එන්නේ නැතෑ පුංචි එක්ක හුරතල් වෙන්න. පුදුම යි අප්පේ අර අප්පොච්චියා අර වගේ වාසනාවකට පයින් ගහලා දෝණි ව ගෙදර එක්කගෙන ගියා :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අක්කා ලේසියෙන් පොඩි එකාව තියලා යන්නේ නෑ පාලුයි කියලා :D

      බදුල්ල බණ්ඩාරවෙල නං හොඳයි ඉතින්...කොහෙන් නමුත් හම්බවෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ :(

      Delete
  16. දැන් පොඩි ළමයි අපේ කාලෙ වගේ නෙමේ. හරියට පැහිලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිලිනි....හරිම පණ්ඩිත ආච්චි අම්මෙක් මෙයත්

      Delete
  17. මේකනේ රෙහානි...අම්මලා බලන් ඉන්නේ අප්පච්චිලාට කියලා හුරතල් වෙන්නනේ.

    ReplyDelete
  18. අප්පා ඔව්. දැන් පොඩි අයට පන්ති හිටු කියල. මොන ලෝකයකද මන්ද අපිද කොහෙද අන්තිම සෙට් එක නිවාඩු කාල වල සරුංගල් යවන්න, ක්‍රිකට් ගහන්න ලැබිච්ච. දැන් එක වසරේ ඉඳල පන්ති දක්කනවා ළමයින්ව.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ශිෂ්යත්වෙ පාස් කොරගන්න එපැයි අපේ අම්මලාට ....ඒකනේ ඔය දත කන්නේ :D

      අඟහරුවාවත් සාදරයෙන් පිළිගන්නවා මෙහෙට !

      Delete
  19. ඉඩමක් මිලට ගන්නව නම් හොදම දේ තමයි ගන්න බලාපොරොත්තු වෙන පැතිවල ත්‍රි රෝද රථයකින් සංචාරය කොට (පිරිමි පමණයි) පොඩි කඩ වලින් සහ ඒ පලාතෙ තුන් රථ පොළවලින් අසා දැනගත් බ්‍රෝකර් මාර්ගයෙන් තමයි දැන ගන්න ඕන.සමහර තුන් රථ රියදුරුල බ්‍රෝකර් වරු.
    පත්තරේ දැන්වීම් දාල තමන්ගෙ දුරකථන නොම්බර දැම්මම වෙන වෙන ස්වීප්.
    ඔබ සන්තෝෂ වෙන්න මාමණ්ඩිය ගැන පස ගැන කිව්ව කතාවම මදිද?
    මතක තියා ගන්න අවශ්‍ය වුන පමණින් ඉක්මන් නොවන්න.මේ වගේ අදහස් බෙදා ගන්න.
    කොහොමත් එහෙම ඉඩමක් ලැබුනම බ්‍රෝකර් කෙනෙකුට 3% දුන්නත් හරිම වාසි සහගතයි.
    මේ අදහස වැඩි හිටියන් සමග කතිකා කොට තීරණයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉතිං බ්‍රෝකර් වරු ගැනත් මට විශ්වාසයක් නෑ ඇත්තම කියනවනං,,ඒගොල්ලොත් වාසියට තමයි කතා කරන්නේ

      අම්මෝ....මම මාමණ්ඩි ගැනයි නැන්දම්මා ගැනයි දෙන්නා ගැනම සන්තෝසෙන් ඉන්නේ

      මම කිවුවේ දේ කාටවත් හරියට තේරිලා නෑ වගේ... මම කිවුවේ ඒගොල්ලන්ගේ යි අපේයි අදහස් මැච් වෙන්නේ නැති එක ගැන..ගති ගුණ වල වරදක් නෙවෙයි හ්ම්ම්

      හොඳ ඉඩමක් හොයලා දෙනවනම් ඉතිං 3% ගැන ප්‍රශ්නයක් නෑ

      ස්තුතියි අදහස් වලට

      Delete
  20. හිකිස් මේ ඒක නෙවෙයි නැන්දම්මයි මාමණ්ඩියි බ්ලොග් කියවන්නෙ නෑ නේද,පළවෙනි වාක්කිය කියෙව්ව ගමන් ඉවරයි නැත්නම්!

    ReplyDelete
    Replies
    1. නෑ ....කියවන්නේ නෑ...

      ඒ නැතත් මං කිවුවෙ වරදක් නෙවෙයිනේ ඉතිං :)

      Delete
  21. අම්මා අප්පච්චිව හුරතල් කරපු නිසානෙ ඌදි කියල කෙනෙක් ඉන්නෙ.... හිකිස්

    ReplyDelete
  22. මටත් තියෙනවා හීනයක් ඔහොම ඉඩමක් අරන් වවන්න. ඒත් දරුවන්ගේ හීන සැබෑ කරන්න අපේ හීන අමතක කරන්න වෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ හීනෙත් දවසක හැබෑ වේවා කියලා පතනවා

      Delete
  23. //පළාත නං හරිම ලස්සනයි.// නැතුව නැතුව.. :D

    එහෙම ඉඩමක් ගැන දැන ගත්තොත් කියන්නම්. බලංගොඩත් සමහර ප්‍රදේශ තියනව හරිම වියලියි. සමහරු එහෙම ඉඩම් විකුණන්නෙ වැහි කාලයක් අල්ලල. එතකොට ගස්කොලන් සරුවට තියන නිසා නොදන්න අය අහුවෙනව. පෙට්ටිගල, සීතගල, රාස්සගල ඒ වගෙ ප්‍රදේශ නම් තේ වලට නියමයි. ඒ ප්‍රදේශ වලින් ඉඩම් ගන්න නෑ, ඒකයි ප්‍රශ්නෙ.
    ඉඩමක් ගන්නව නම් කෝකටත් හොඳට හොයල බලල ගන්න..

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර!

      අපි බලපු එකත් වියලියි....ඔයා කියපු ජාතියේ එකක් වෙන්ටැ...

      Delete
  24. දැන් ඉන්න පොඩි එවුන්ගේ කතා නම් කියල වැඩක් නෑ ඉතින් හි හි

    ReplyDelete
  25. පොඩි අයගෙ කතා නම් ඉතින් කියල වැඩක් නෑ. එයාලට ඒගොල්ලො කියන ඒවයෙ බරක් පතලක් තේරෙන්නෙ නැති උනාට අහගෙන ඉන්න අයට කාලයක් තිස්සෙ ඒවා මතක් කර කර හිනා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවා.........හරි ලස්සන කතා කියවෙනවා එයාලට

      Delete
  26. ඉඩම් ගැන නම් මෙලෝ දැනුමක් නැත.....

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි :)

      අවුලක් නැත

      Delete
  27. සදාතන ඉන් ලෝ අරගලය මෙතනටත් අදාලයි වගේ.

    හපොයි පොඩි උන් කියන කතාවල නම් ආයෙ සෙන්සර් කරන්න දෙයක් නෑ පොඩි නිසා. ඔහේ ඇදලා අරිනවා.

    ඉඩම් ගන්නකොට මායිම් පැහැදිළි, හත් හවුල් නොවන එකක් ගන්න. අම්මෝ නැතිනම් ඉල්ලං කෑමක් තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.....

      තේරෙන අපිට තමයි ඉතිං ඒවට හිනා

      අම්බෝ ඔවු....ඒක ඇත්ත

      Delete
  28. මං අවුරුදු බර ගානක් ජිවත් වුනේ තේ වත්තක් මැද.. ඒත් තේ ගැන නම් ‍දන්න දෙයක් නෑ.. මෙහෙම දෙයක් නම් දන්නවා.. අපි වටේ තිබුන තේ වතු ගොඩක් දැන් රබර් වතු කරලා.. කලින් අපේ ගේ වටේට තිබුනේ තේ.. දැන් රබර්.. ඒක වියදම අතින් අඩු වියදමක් යන වැඩක් වෙන්න ඇති.. අක්කර ගානකට මිනිස්සු දෙතුන් දෙනෙක් හිටියම ඇති වැඩට.. තේ වල එහෙම බැ නේ.. හැමදාම මිනිස්සුන්ට පඩි ගෙවන්න වෙනවා... පොහොර බෙහෙත් ඒවට වියදම්... ඊළගට දළු කඩලා ගෙනියන්න වියදම්.. ඒවත් එක්ක බලනකොට රබර් ලාබ ඇති...

    ඕං තේ රබර් ගැන මං දන්නේ ඔච්චරයි.. ක් ක්.. හිතේ තියෙන විදිහේ ඉඩමක් ඉක්මනටම ලැබේවා කියලා පතනවා... සුභ දිනක්..

    ReplyDelete
    Replies
    1. මුලිංම සාදරයෙන් පිලිගන්නවා යාලු ඔයාව මෙහෙට

      ඔයා කියන කතාව ඇත්ත...රබරුත් වගා කරලා ඉතින් අවුරුදු 5ක් විතර බලන් ඉන්න ඕනෙ නේද ආදායම ගන්න

      ස්තුතියි...ආයෙත් එන්න

      Delete
  29. ලස්සන හුරතල් කතාව රෙහානි . දැන් පොඩ්ඩො ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ චාන්දි ආන්ටි...

      හරිම හුරතල් පොඩි එව්වො නං

      Delete
  30. අක්කයි අයියයි බැන්ද, නමුත් උන් ඉක්මනට ලමයි හදන පාටක්වත් නෑ.... මොන කරන්නද ...මම කවද මාම කෙනෙක් වේවිද දන්නෙ නෑ.... ආසයි පොඩි එකෙක්ව හුරතල් කරන්න,...

    ReplyDelete
  31. රත්නපුරෙන් නම් ඉඩම් හොයන්න අමාරුයි අඩු මිලකට. ටිකක් ඈතට වෙන්න නම් පොඩි ට්‍රයි එකක් දුන්නොත් හොයා ගන්න බැරි වෙන්නේ නෑ.

    දැන් ඉන්න පොඩි උන්ගේ කටවල් නම් කියල වැඩක් නෑ. ගිය ආත්මෙ කොහේ ඉඳලා ආපු උන් ටිකක්ද මන්ද. :)

    ReplyDelete
  32. ගලබඩ , තුඩාව , වේවැල්වත්ත පැත්තට ඇහැ දාලා බලන්න මෙයා . ඉඩම් තියෙනවා ඒ පැත්තේ ගානත් අඩුයි .

    හුරතල් ගැන නම් මොකුත් කියන්න ඕනා නෑ නේද ?

    ReplyDelete