ලා දම් අහසට පායන උදවිය ..

Sunday, May 26, 2013

ෆාමසියේ කතා......!

ඔයාලට මතක ඇති කියල හිතනවා පහුගිය මාස එකහමාරක දෙකක කාලයේ මන් නොලියා හිටපු බව ..කාර්යබහුලයි කාර්යබහුලයි කිවුවට මොකද මට හේතුව කියන්න බැරිව ගියානේ ..ඒක තමයි මං පුංචි රැකියාවක නිරත වෙච්චි එක . අපේ සත්තලන් මං රස්සාවල් කරනවට තදින්ම විරුද්දයිනේ ..එයා කියන්නේ "මං ගැණු ලව්වා හම්බ කරවාගෙන කන්න කැමති නැහැ .ඔයාට මං මගේ අතේ පයේ හය්යෙන් හම්බ කරලා හැමදේම කරලා දෙනවනේ .එච්චරනේ ඕනේ" කියලයි . ඒ වුනාට මම නිතරම කිවුවා අපරාදෙනේ මං නිකං ගතකරන කාලේ ඒ නිසා කීයක් හරි හොයාගත්තම මොනවා වෙනවද කියලා " ඒ වුනාට ගෙදර ඉන්නම තමයි කියන්නේ ...පස්සේ මන් කියල කියලම මේ රස්සාවට යන්න කැමති කරවගත්තා .ඒක ෆාමසි එකක කැෂියර් ජොබ් එකක් ..හ්ම්ම් ..ලේසි නෑ ..සල්ලිත් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ ..ගිය දවසෙම මාව හොල්මන් වෙලා ගියා ..එක එක බෙහෙත් වර්ගයට අදාළ කෝඩ් තියනවා ...ඔක්කොම කෙරෙන්නේ කම්පියුටර් සිස්ටම් එකකට ..කෝඩ් එන්ටර් කරහම බෙහෙතේ වර්ගය ,මිල ගණන් සියලු දත්ත වැටෙනවා ..මට තියෙන්නේ කෝඩ් ගහලා බිල එන්ටර් කරගෙන සල්ලි ගන්න තමයි ..හවසට ෆාමසිය අයිති දොස්තර නෝනට හරියට ගණන් පියවන්න ඕනේ ...දවසේ කලෙක්ෂන් එක සිස්ටම් එක ඩොක්ටර්ගේ මැෂින් එකට අප්ලෝඩ් කරහම ඩොක්ටර් විතරයි දන්නේ ...කීයක් තියනවද කියලා ..ඉතින් මන් කලෙක්ෂන් අරගෙන ගියහම ඩොක්ටර් ලගට ඩොක්ටර් සිස්ටම් එකේ ගානට සමානද කියලා බලනවා ..එහෙම සමාන නොවුනොත් ලොකු ප්‍රශ්නයක් ..අඩු වුනොත් මගේ පඩියෙන් ගෙවන්න ඕනේ ..වැඩියෙන් තිබුනොත් ඩොක්ටර් හිතනවා මම හරියට බිල් කඩන්නේ නැහැ කියලා ..රු: 100 ක වගේ වෙනසක් ගණන් ගන්නේ නැහැ ..හත්සීයක අටසීයක උනොත් අවුල් ...සමහර දවසට එහෙමත් වෙනවා ..සෙනග පිරුනහම පාමසිස්ට් ලා කරන්නේ සල්ලි අරන් බෙහෙත් දීල පේෂන්ට් ව  යවන එක .පස්සේ බිල එන්ටර් කරන්න හිතාගෙන ..පස්සේ එයාලටම මතක නැහැ දීපුවා ...එතකොට මන් අසරණ වෙනවා ..මුලින් මුලින් මට ප්‍රශ්න ගොඩක් ඇති වුනා ..කෝඩ් මතක නැහැනේ එකපාරට ..ඉතින් ෆාමසි එකේ අය්යල මට උදව් වුණා . එයාල බෙහෙතට අදාළ කෝඩ් එකයි ,ප්‍රමාණයයි මට කිවුවා හැම අවස්තාවකදීම ..!ඉතින් වැඩේ ලේසි වුනා ..එතන වැඩ කලේ මම ඇරුනහම තව අය්යලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි .එයාල තුන් දෙනාම හරිම සුහද ශීලියි !ඉතින් මන් ආසාවෙන් එතන වැඩ ටික කරගෙන හිටියා ..මට කලින් කැෂියර් හිටපු මල්ලි තමයි මට මුලින්ම සියල්ල ඉගැන්නුවේ !එයා සතියක් වගේ කාලයක් තමයි හිටියේ ..එයාට රජයේ රැකියාවක් ලැබිලා ඉවත් වුනා ..                                                                                                                                                                                  ඉතින් මන් මේ විස්තරය කිවුවේ මගේ රැකියාව පිළිඹදව හරි අර්ථකතනයක් දෙන්න .මේ රැකියාවේදී මන් ලබපු අත්දැකීම් බොහොමයි .අපි හතරදෙනෙක් සේවයට හිටියට මම තනි වෙන වෙලාවල් අනන්තයි .මාත් එක්ක වැඩ කරපු නංගි එයාට අපි කියන්නේ "බට්ටා " කියල ,බට්ටා ගොඩක් වෙලාවට ඩොක්ටර්ගේ සහයිකාව විධිහට ඉන්නවා ,ඩොක්ටර් ලග ඩ්රේසින්ග් කරන්නේ ,බෙහෙත් දෙන්නේ ඇය තමයි .ඉතින් එයා ගොඩක් වෙලාවට ඩොක්ටර ලග ! අනිත් අය්යාලත් එක එක වැඩ ..ඔර්ඩර් ගන්නවා ,කෝඩ් බෙහෙත් පැකට් වල ගහනවා ඔය වගේ දේවල් .ඉතින් මම කැෂියර් නිසා කවුන්ටරේ මම තමයි ඉන්නේ ..ප්‍රමාන වලින් දෙන්න නැති බෙහෙත් වර්ග ,සිරප් වර්ග ,ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය දේවල් වගේ ඒවා ඉල්ලුවොත් ඒවා මම ම දීල සල්ලි ගන්නවා ..දවසක් එහෙම වෙලාවක පිරිමි කෙනෙක් කොන්ඩම් ඉල්ලලා මට හීන් දාඩිය දැම්ම හැටි දැන් වගේ මතකයි ...හි හි .එහෙම දේකට මුහුණ දීපු පළමු අවස්තාවනේ ..පස්සේ එවැනි අවස්ථා ගානක් නැතුව ගියා ..ඔහොම ඉද්දි හොඳ රසබර සිදුවීමුත් වෙනවා ...සමහරු මෙලෝ කල්පනාවක් නැතුව බෙහෙත් තුණ්ඩුව වෙනුවට වෙන වෙන ඒවා ත් දෙනවා :) දවසක් අය්යා කෙනෙකුට ඒ වගේ තුන්ඩුවක් දීලා "ආ ......මේක ගන්න පුළුවන් සතොසට යන්න" කිවුවා :) තව දවසක් "ආ මේකේ තියනවා ටෙලිෆෝන් නම්බර් එකක් "කීවා .මම ඒ වෙලාවට හිනාව නවත්ත ගත්තේ හරි අමාරුවෙන් ! ෆාමසිය කොයිතරම් සිත් ඇදගත්තත් රෑ අට වෙනකන් දවසක් ඇර දවසක් වැඩ කරන්න වුන එක කණගාටුදායක වුනා වගේම අපේ සත්තලන්ගේ දැඩි විරෝධයට හේතු වුනා ..ඩොක්ටර් පෝය දවසකටවත් ෆාමසිය වහන්නේ නෑ ..! ඇය තෘෂ්නාධික යි කියන දේ මට තේරුම් යන්න වැඩි දවසක් ගියේ නැහැ .මට ෆාමසිය ගැන එන්න එන්නම කලකිරුණා .දවසක් මම 8 වෙනකන් වැඩ කරල කලෙක්ෂන් අරන් ඩොක්ටර් ලගට යද්දී ඩොක්ටර් කාර් එකට නගින්න ඔන්න මෙන්න .ඩොක්ටර් සල්ලි ටික ගත්තේ නෑ .බට්ටට දෙන්න කිව්වා .පහුවදා උදේ ඩොක්ටර්ට ගෙනල්ල දෙන්න කියලා   .ඉතින් එහෙම කළා .ඩොක්ටර් සිස්ටම් එක බැලුවේ පහුවදා උදේ .                                                                                                    ඩොක්ටර් ඉන්නේ පහළ ,ෆාමසිය උඩ තට්ටුවේ !ඩොක්ටර් උදේ මාව පහලට  ගෙන්නුවා .බට්ටත් ඉන්න තැන සල්ලි ගණන් කරලා මට කිවුව රු:1000ක් අඩුයි කියලා ..මම නිහඬව හිටියා .හැබැයි මට සිස්ටම් එකේ තියන ගාන ඩොක්ටර් පෙන්නුවේ නෑ .ඒත් මම හිතුවේ නෑ බොරු කියලා ..උඩට ඇවිත් අය්යල්ට විස්තර කිවුවහම අය්යලා කිවුව ඩොක්ටර් හරියට බොරුවට සේවකයන්ව සැක කරනවා කියලා .ඒ වගේ දවස් 2 -3 ක් ම සල්ලි අඩු බව වගේම වැඩියෙන් තිබුන බවත් මට කිව්වා ..නමුත් කවදාවත් මම හරියි කියන්න ගියේ නෑ .පලවෙනි සති 2 ට්‍රේනින් පීරියඩ් එකක් කියල බස් ගාස්තු කියලා මට රු:1000ක් දුන්නා .පඩි හදන්නේ ඊලග සතියේ ඉඳන්ය කීවා .(මගේ යාලුවෙක් ජොබ් එක සෙට් කරලා දීපු නිසා මන් සල්ලි ඉස්සර කරගත්තේ නෑ )ගියපු මෝඩකමට මම අමාරුවෙන් තව මාසයක් වැඩ කළා .අවුරුදු වලට කීයක් හරි හොයාගන්නත් පුළුවන්නේ !ඩොක්ටර් සේවය කලේ ඒ ලගම පිහිටි  රජයේ රෝහලක .!ඒ දවස්වලම අවු:30ක් පමණ වෙන අය්යා  කෙනෙක්  සෙම අමාරුවට පපුව රිදෙන්න අරන් රෝහල්  ගත කරලා තිබුනා ..ඒ  අය්යාගේ  නම දර්ශන  ! දර්ශන අය්යව ගෙනියපු වෙලාවේ ඩියුටි ඉඳලා තියෙන්නේ අපේ ඩොක්ටර් ..!රෑ 10-11 ට වගේ තමයි අය්යාව් රෝහලට අරන් ගිහින් තිබුණේ ..දර්ශන අය්යට අමාරුයි කියල ඇවිත් බලන්න කියද්දීත් ඩොක්ටර් ගණන් ගන්නේ  නැතුව නිදාගෙන ඉඳලා ,පස්සේ නොබැලුව නිසා  ඒ අය දර්ශනව මහා රෝහලට රැගෙන ගිහිං .නමුත් රෝහලට ගෙන යාමට පෙරම දර්ශන මිය ගොස් තිබුණා .                                                                                                                        ඒ හේතුව නිසා ඩොක්ටර්ට ලොකු තර්ජනයක් වෙයි කියල හිතුවත් එහෙම වුනේ නෑ .අපිත් එක්ක "ඩොක්ටර් කරපු වැඩේ හරි නෑ නේද" කියපු මිනිස්සුම ඩොක්ටර් ලගට ගිහින් හිනාවෙලා කතා කරලා යනවා අපේ ඇස් ඉදිරිපිටම ! කොයි තරම් ව්‍යාජ මිනිස්සුද ? අන්තිමේදී ඩොක්ටර්ට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ .අපි ඒවාට කරබාගෙන නිහඬව සිටියා මිස අපට කල හැකි දෙයක් කොයින්ද ???? දර්ශනගේ නෑ යින්ම ඇවිත් ඩොක්ටර් ගෙන් සමාව ගද්දි :) .හැමදේම සල්ලි වලට යටයි ..තිරිසන් මිනිසුන් ලොව වෙසෙන තෙක් !  ඩොක්ටර් රජයේ රෝහලේදී එහෙම හැසිරුනාට අපි දන්නවා ඩොක්ටර් ලගට පෞද්ගලිකව බෙහෙත් ගන්න එන අයට  ඩොක්ටර් ලස්සනට බටර් ගානවා කියලා ...කොටින්ම හිනාවෙන් තමයි මිනිස්සුන්ව අල්ලගන්නේ ..දර්ශන අය්යත් කරුමෙකට තමයි ඒ රෝහලට ගියේ ...එයාට වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තවමත් ජීවතුන් අතර ඉන්න තිබුන බව රත්නපුර මහා රෝහලෙනුත් කියලා තිබුණා .ඩොක්ටර් කෙනෙක් වෙන්න බුද්ධිය විතරක් තිබිලා මදි ,කරුණාවත් තියෙන්න ඕනේ ..මේ වගේ අය දොස්තරලා වුනහම මිනිස්සු අමාරුවේ !                                                                                                                                                                                                                                                          තව දෙයක් කියන්න ඕන යාලුවනේ ...කෙට්ටු ඔයාල මහත් වෙන්න හිතාගෙන බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එපා .සමහර වෙලාවට ඩොක්ටර් ල මහත් වෙන්න බෙහෙත් ඉල්ලුවහම දෙන්නේ විටමින් වර්ග ,මිනරල් වර්ග ! ඇත්තටම ඒවට මහත් වීමක් වෙන්නේ නෑ .එයාලගේ මඩිය තර වෙන එක විතරයි වෙන්නේ ..අනික පෙති වර්ග ! ඒවට ගොඩක් වෙලාවට අතුරු ආභාධ ඇතිවෙන්න පුළුවන් ! වයස අවු:20 දී බෙහෙත පාවිච්චි කලොත් අ වූ:40-50 වෙද්දී දියවැඩියාව වගේ ඇතිවෙන්නත් පුළුවන් !මහත් වෙන්න ඕන නැහැ නිරෝගිව ඉන්න .ඒක තමයි උතුම්ම සැපත .මම මේවා කියන්න ඩොක්ටර් කෙනෙකුට වඩා උගත් නෑ ,නමුත් සමාජ අත්දැකීම් මත මට මෙවැනි දෙයක් ප්‍රකාශ කරන්න පුළුවනි .පිළිගන්න නොගන්න ඔයාලට කැමති විධිහට පුළුවන් ! ඉතින් යාලුවනේ මම එතන ඉතුරු මාසෙත් අමාරුවෙන් වැඩ කරලා එතනින් අයින් වුනා ..අපේ සත්තලන්ගේ කීමටත් ,එතන වැඩ කිරීම නුවනට හුරු නොවන නිසාත් ! මොන දේ කොහොම වුනත් මට එකට වැඩ කරන්න හම්බ වුනේ මනුස්සකම දන්නා මනුෂ්‍යන්  පිරිසක් සමග ..ඒ මතකයන් තවම මිහිරියි .ෆාමසියේ වැඩ කරපු පුංචි කාල සීමාව තුලදී වුනත් මන් ඉගෙනගත් දේ බොහොමයි කියා මට හිතෙනවා ..දැනටත් අදාළ නගරයට යන හැම අවස්ථාවකදීම ෆාමසියට ගොඩ වෙලා කතා බහ කරල යන්න මම අමතක කරන්නේ නැහැ ...!                                       

47 comments:

  1. මේ කතාව අහපුවාම මොනව කියන්නද කියල හිතාගන්න අමාරුයි.. අද ලෝකේ හැම දේම මුලට සල්ලි.. මනුස්සකම දෙවනුව. බොහොම සානුකම්පිත හැගුමක් ඇතිවුණා මේක කියව්වාම.

    ReplyDelete
    Replies
    1. දර්ශන අය්යා ගැන නම් මට ඇත්තෙන්ම කණගාටුයි ..ගුණ යහපත් කොල්ලෙක් අපරාදේ නැති වුනා :(

      Delete
  2. සියල්ලම කැටි උන නියම පෝස්ට් එකක් රෙහානි...හැම දේම ගාණට කියවිලා තියෙනවා...මෙහෙම තැන් වලදී අපි අසරණ වෙනවා.අපිට හයියක් නැහැ අසාදාරනය වෙනුවෙන් නැගී හිටින්න..හිතට එකඟව තව බලා ඉන්නත් බැහැ අසාදාරණ වෙන තැනක..කන්න නැතත් පාරට බහින එක සැපයි කියලා එළියට බහිනවා ඇර වෙන විසදුමක් නැහැ..ඔයාව බලාගන්න හොඳ මනුස්සකමක් තියෙන හස්බන්ඩ් කෙනෙක් ලැබීම ගැන සතුටු වෙන්න..

    එහෙම නොවෙන්න කොහොම වේවිද කියලා ටිකක් හිතන්න නිවී සැනසිල්ලේ ...

    ReplyDelete
    Replies
    1. අසාදාරණේ වෙච්ච පව්ල්වල අයටත් අසාදාරණේ ගානක් නොවෙන කොට අපි කොහොමද ශාන් ඒවාට කතා කරන්නේ?හස්බන්ඩ් ගැනනම් ඇත්තටම මම සතුටුයි ...ලේසියෙන් කෙනෙකුට හමු නොවන කෙනෙක් කියලා තමයි මටත් හිතෙන්නේ

      Delete
  3. සමාජේ හැටි දැනගන්න සමාජේ එක්ක ගැටෙන්නම ඕනෙ රෙහානි. මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑ. අපි හැමදාම මෙතනම ඉන්නේ, අපි සල්ලි වලට නොකරන දේවල් ලැයිස්තුව හුඟාක් දිග එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත !දුගී දුප්පතෙකුට වුනත් එක රැයින් පොහොසතෙක් වෙන්න පුළුවන් අසාදාරනෙන්

      Delete
    2. ...//අපි හැමදාම මෙතනම ඉන්නේ, අපි සල්ලි වලට නොකරන දේවල් ලැයිස්තුව හුඟාක් දිග එකක් නිසා//.....

      +++++++++++++++++++++++++++

      Delete
  4. සල්ලි වලට ලෙඩ්ඩුන්ගෙ බෙල්ල මිරිකන ඩොක්ටලා වගේම හොඳ ඩොක්ටලත් නැතුම නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ජින්ජි

      Delete
  5. මාත් මේ ගෙදරට වෙලා කල්පනා කරන්නේ ජොබ් එකෙන් අයින් වෙච්ච මෝඩකම කියලා... අපේ මහත්තයා දැන් යන්න දෙන්නෙත් නෑනේ... අපරාදේ අප්පා.... හි හි

    ඔය වගේ සමහර තැන් වැටෙන්නේ නැතුව අමාරුවෙන් හරි ඇඳගෙන යන්නේ ඇත්තටම අයිතිකාරයන්ගේ හොඳකමට නෙවෙයි... වැඩ කරන මිනිස්සුන්ගේ මනුස්සකමට... ඒත් ඉතිං ඒ මිනිස්සුන්ටත් බෙදෙන්නේ අර හැන්දෙන්ම තමයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු අක්කා ...එතන වැඩ කරන පිරිසම සුහදශීලියි ! එන පේෂන්ට් ලට උනත් කරුනාවයි ..ඒ නිසා ඒ තැන රැකිලා තියනවා .ඩොක්ටර් ගාන බටර්වලටත් එන පිරිසක් ඉන්නවා ..රෙප්ලට ,වැඩ කරන අපිට එහෙම හෙන රෙස්පට් .

      Delete
  6. හැමදේටම කලින් සල්ලි ඉස්සර කරන මිනිස්සු දැන් හැමතැනම. දොස්තර කෙනෙක් උනාම ඒ පුද්ගලය මනුස්සකමින් පිරිල ඉන්න ඕනේ.
    දොස්තර කෙනෙක් කරන්නෙ තමන් කිසිම දවසක දැකල නැති හෝ ඇති කෙනෙක්ට ජීවිතය දෙන එක.
    ඉතිං ඒ පුද්ගලය සල්ලි ඉස්සර කරනව නම්, අනේ මන්ද.
    මිනිස්සුන්ගෙ මනුස්සකම් නැති වෙලා ගිහින්

    ReplyDelete
    Replies
    1. මේගොල්ලන්ගේ මනුස්සකමට වඩා ලොකුයි උද්දච්චකම ...කිසිම කරුණාවක් නැති හිත පිත් නැති අය ! අවාසනාවට දොස්තරලා වුන අය ..ඒකයි සසිනි වරද ...හදවත් පිරිසිදු වෙන්න ඕන ඉස්සෙල්ල ...ඒගොල්ලෝ දගලන්නේ අලුතෙන්ම ඇවිත් තියන හොඳම කාර් එකක් ගන්න ,අලුත් විදිහට ගෙයක් හදන්න ...අපේ ශ්‍රමය හුරන් කාලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. දොස්තරගේ හැසිරීම පුදුම නෑ එක අතකට. උගත්කම කියන්නේ පාස් කරපු විභාගවත් ගුණ ධර්මවත් නෙවීනේ.හැබැයි උගත්කමක් නැති මේ වගේ මිනිස්සු විභාග පාස් කරලා දොස්තර නෝනලා දොස්තර මහත්වරු වෙන එකෙයි, ඒ වගේ මිනිස්සු මාධ්‍යවේදියෝ වෙන එකෙයි ලොකු භයානක කමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බී පී , හොඳ හදවතක් තියන කෙනෙකුට විතරයි හැබෑවටම ලෙඩෙක්ව සුවපත් කරන්න පුළුවන් !

      Delete
  8. සමාජේ ඔහොම තමයි. අපි උඩින් දකින ලස්සන ඇතුලෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඇපල්

      Delete
  9. අම්මෝ මාර ඩොකෙක්නේ.. පුදුමයි කේස් එකක් ඇදුනේ නැති එක

    ReplyDelete
    Replies
    1. කේස් එකනම් ලොකුවටම ඇදෙන්න ගියා පැතුම් ...සල්ලි බලෙන් ඔක්කොම යට ගැහුවා ...ඒ අය්යාගේ මිනිය උස්සන දවසේ ෆාමසි එකට ගිනි තියනවා කියල තර්ජනය කරලා කෝල්ස් ආවා .ඒ උනාට විසිල් විතරයි බල්ටි තිබුනේ නෑ ;) අන්තිමේදී දර්ශනගේම නෑයෝ ඇවිත් මිනිස්සු කියන කතා දොක්ට්‍ර්ට ගනන් ගන්න එපා කියලා සමවත් අරගෙන ගියා ...ඉතින් පිට මිනිස්සු කේස් අදීවි ද :D

      Delete
  10. උත්තම වෙච්ච වෙදකමත් සල්ලි වලට බාල්දු වෙලා....

    ReplyDelete
    Replies
    1. දැන් හැමදේම එහෙමනේ නාඩි !

      Delete
  11. හැපෝ... මෙන්න මුන්ටයි ගිණි තියන්න ඕන

    ReplyDelete
  12. සල්ලි තියෙන එකා තමයි රෙහානි ඔක්කොම බලු වැඩ කරන්නේ. ඒ වගේම කුණු ලෝභයොත් උන්ම තමයි. අපි හැමදාමත් නිර්ලෝභී දුප්පත්තු. (ඉතුරු කෑල්ල හෙට...)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සල්ලියි ගුණ යහපත්කමයි දෙකම තියන මිනිස්සු මම දැකලම නැද්ද මන්දා අකම් ..(මතු සම්බන්ධයි ද ?) :D

      Delete
    2. රෙඩ්ලීඩර් නේ.....

      Delete
  13. හොඳ දොස්තරලා නැත්තේ නැහැ. ඒත් ගොඩක් දොස්තරලා මේ කියපු කෙනා වගේ තමයි කියලා මට හිතෙනවා. ලංකාවේ දොස්තරලා ඔච්චරම බය නැතුව දඟලන්නේ එයාලට හරි නීති රීති පද්ධතියක් නැති නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න සමහර දොස්තරලාට ඕනේ පෞද්ගලිකව මුදල් උපයන්න මිසක් ...අර පුංචි කාලේදී කියන රටට දැයට වැඩ ඇති පුද්ගලයෙක් වෙන්න නෙවෙයි ....

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අපි බෙහෙත් ගන්න යන දොස්තර කෙනෙක් මතක් වුනා. එයාට එලියෙ කී දෙනෙක් හිටියත් කිසි ගානක් නෑ. ඇතුලට යන කෙනා එක්ක පැයක් උනත් කතා කර කර ඉන්නව. මං කල්පනා කලේ එතැන තියන්නෙ මොකක් ද කියල.

    …මොනවා වුනත් සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයේ කොයි දේත් මුදලට යටයි. එහෙම නොකරන අය බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සමාජය විෂමයි නේ චන්දන අය්යේ ..එක එක්කෙනා මිනිස්සුන්ට සලකන්නේ එක එක විධිහට !මුදලට යට නොවෙන කෙනා හුගක් දුක් විඳලා තමයි ඉහලට යන්නේ

      Delete
    2. ඒ වගේම චන්දන අයියේ ඩොක්ටර් ඇතුලේ ඉන්න ලෙඩා ඉක්මනට බලලා යවලා ලෙඩ්ඩු ගොඩක් බැලුවම කියනවා ඒ ඩොක්ටර් හරියට ලෙඩ්ඩු බලන්නෑ සල්ලිවලට ලෝබකමට ටක් ටක් ගාලා ලෙඩ්ඩු ගොඩක් බලනවා කියලා.

      Delete
  16. බොහොම වටිනා ලිපියක් නංගි...මේ විදියට ඉතාමත් අවංකව තමන්ගෙ අත්දැකීම් ලියන අය බොහොම සීමිතයි...ඔය දොස්තරලා ගැන කථා කරද්දි සෑහෙන තරමක් ඉන්නෙ සල්ලි පස්සෙම දුවන අය..ඒකට හේතුව තමයි ඒ ගොල්ලන්ගෙ හිත ඒ අයට සමාජයේ වෙනම ස්ථරයක් මවලා දීලා...ඒ අනුව කටයුතු කරන්න අවශ්‍ය වියදම හොයන්න වගේම...ජීවන තත්වය පවත්වාගන්න තමයි ඔවුන් කටයුතු කරන්නෙ...සාමාන්‍ය මිනිහෙක් කන තැනකින් කන්න, සාමාන්‍ය මිනිහෙක්ගෙ දරුවන් යන තැනකට තමන්ගෙ දරුවන් පාසල් යවන්න...මේ අයට හිත දෙන්නෙ නෑ. සල්ලි පස්සෙ දුවන ඔය වගේ උන් ගැන මට නම් තියෙන්නෙ පුදුම අප්පිරියාවක්...ඔයා එතනින් අයින් වෙච්ච එක හොදයි කියලයි මගෙත් අදහස

    ReplyDelete
    Replies
    1. අවාසනාව කියන්නේ අන්ත දුගී දුප්පත්ව ඉඳලා අමාරුවෙන් දොස්තරලා වුන අයත් සමාජ පැලැන්තිය ගැන හිතන්න යන එක ,බොහොම ඉක්මනට මුල අමතක කරලා .ඉගෙන ගන්න කාලේදී ධනපති පන්තියට විරුද්දව සටන් කරනවා ..ඉගෙන ගෙන ඒ තත්වෙට ආවට පස්සේ ඒගොල්ලොත් ධනපති පන්තියේ :D

      Delete
  17. අනේ මන්දා මොනව කියන්නද කියලා, හැබැයි ඒ වගේ තැනකින් නම් අයින් උන එක හොදයි, නැත්නම් ඉස්සරහට තව මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනේ..සල්ලි වලදි නම් මම ගොඩාක් පරිස්සමින් වැඩ ඔෆිස් එකේදි..
    ගෙදර ඉද්දිත් කම්මැලියි නේද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ..සල්ලි එක්ක ගනුදෙනු කියන්නේ සර්පයෝ එක්ක ගනුදෙනු වගේ නදිනි !පරිස්සමින් ..ගෙදර නම් කම්මැලියි ..මොනවා කරන්නද ඉතින් ...

      Delete
  18. අත්දැකීම් ගොඩක් ලබලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු අයිලාෂ් ..මේ ටිකයි තව තියනවා :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  19. ඇත්ත ඩොක්ටර් කෙනෙකුට අවශ්‍ය දැනුම වගේම කරුණාවන්ත බවත් තිබිය යුතුමයි. ෆාමසියෙන් ලොකු අත්දැකීම් ලැබිල තියෙනවා.විටනව ජීවිතේට අපි ගතකරන හැම දවසෙම ලබාගන්න අත්දැකීම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සිත්තමී ..දවසින් දවස අපි තව දේවල් ඉගෙන ගන්නවා

      Delete
  20. හොඳ විස්තරයක්. ලෝකේ ගොඩාක් මිනිසුන් කාලවත් අඳුර ගන්න අමාරුයි. අපි විෂ සමාජෙන් පරිස්සම් වෙන එක තමා හොඳ.

    ReplyDelete
  21. හ්ම්ම්.... අනේ මන්ද අද රටේ ලෝකේ වැඩිපුර ඉන්නේ ඔය වගේ මිනිස්සු තමා.... මේ විදියට ගියොත් තව ඉස්සරහට මොනා වේවිද කියල හිතා ගන්නත් බෑ....

    ReplyDelete
  22. මම අදහන දේ මං ඩොක්ටර් කෙනෙක් වෙනව නම් මදර් තෙරේසා වගේ වෙන්න ඕන කියලා.නැත්නම් ඔය ක්ෂේත්‍රයට අඩියක් ගහන්න හිතෙන්නෑ.කුණු වෙලා ගද ගහනවා.නමුත් ඒ අතරෙ ඉතාම හොද ඩොක්ටර්ස්ලත් ඉන්නව... ඒ ගැන විතරයි සතුටු වෙන්න පුලුවන්!

    ReplyDelete
  23. කොහොම හරි මේ රැකියාව නිසා ඔයාගෙ ජීවිතේට එකතු උන අත්දැකීම් ටික නම් ගොඩක් වටිනව රෙහානි

    ReplyDelete
  24. මම මේ ඒ දොස්තර හරි කියනවා නෙමෙයි.හැබැයි කොයි ක්ෂේත්‍රයත් ඔහොම තමයි.මොනවා උනත් හොඳ අත්දැකීම් ටිකක් නං එකතු කරන් නේද?

    ReplyDelete