ලා දම් අහසට පායන උදවිය ..

Monday, August 20, 2012

ජෑම් පාස් ..

අහ්...කට්ටිය...ඉතින් කොහොමද?මගේ සහෘද  අඩවි ඔක්කොම හොඳින් නේද ? ඔන්න  මම අද කියන්න  යන්නේ අපේ පැත්තේ  අය්යා   කෙනෙකුට   උන   වැඩක්  ගැන.මේකත් ඉතින්  සත්‍ය  කතාවක්  තමයි. මේ  කියන  අය්යා අපි සඳුන්  කියල හඳුන්වමුකෝ. මොකෝ  ඇත්ත  නම කියන එක හරි නැහැනේ.(එයත්  ඉදහිට   මගේ  බ්ලොගිය  පැත්තේ  එන  එකේ)  සඳුන් අය්යා  දැනට අවරුදු 3 කට 4 කට කලින් එයාටම කියල  ත්‍රී විල්  එකක් ගත්තා. ඉතින් මෙයාගේ පන  වගේ රැකගෙන  ඉන්න  මේ  ත්‍රී විල් එකට  දුම් එහෙම අල්ලලා, හඳුන් කුරක් එහෙම  ගහල,  මාර ලස්සනට  ත්‍රීවිල් එක තියන්  හිටියේ. ටික දවසක්  ගිහින්  ගමේ  ත්‍රීවිල්  පාර්ක් එකට  ත්‍රීවිල් එක  දාගෙන හයර් කරන්න  ගත්තා. අපේ  සඳුන්   අය්යත් හිත  හොඳ කොල්ල  නිසා   හයර්  වැහි වැහැල   තිබුනේ.                                                                                                        
                                                                                                                                                                        ටික  දවසක්  යද්දී  සඳුන් අය්යට  අලුත් හයර් එකක්  සෙට්  උනා. ඒක  තමයි    බේකරියක   පාන් සහ අනිත්  කෑම  වර්ග අරගෙන  ගිහින් කඩවල්   වලට  දාන එක.  මේ වැඩේට   එයාට ගෝලයෙකුත්  ලැබුන. හුඟක් දුර  යන්න    තිබුනෙත් නැහැ .ගමේ  අවට  දන්නා කියන  කඩවල් වලට.  ඉතින්  සඳුන්  අය්යත්  හරි කැමැත්තෙන්   වැඩේ බාර   ගත්ත.. ටික  දවසක්   යනකන් වැඩේ   හොදට කරගෙන  ගියා  දෙය්යනේ කියල. පහු  පහු   වෙනකොට   කොහු කොහු  වෙනවා  කියන්නා වගේ  දෙන කෑම වර්ග  වල තියන සුපිරි බව ටික ටික  අඩු  වෙලා  යනවලු.වැඩේ කියන්නේ   කඩ මුන්දලාලිලා   සඳුන්   අය්යගෙන්  බඩු ගන්නේ  බේකරියේ   ඇඳුනුම්   කමට        වඩා   සඳුන්    අය්යාගේ   ඇඳුනුම්  කමට .  ඔහොම   යනකොට කඩේ  මුන්දලාලිලා කියන්න  පටන් අරන්  සඳුන් අය්යට   "දැන් නම්  කෑම සවුත්තුයි කොල්ලෝ,  මුලදී තිබ්බ  වගේ හොඳට නැහැ . " කියල.   සඳුන් අය්යත්  කට කාරය  නිසා  මොනවා  හරි  කියල  ශේප්  එකක්   දාගෙන  ඇවිත්. මොකෝ  ඉතින්  සඳුන්  අය්ය   බේකරියේ  වැඩ     කරන්නේ   නැහැ නේ. එයා යන්නේ  එයාගේ හයර් එක කරගන්නනෙ. කොහොම කොහොම හරි ඔහොම යද්දී  දවසක් එක  මුන්දලාලි කෙනෙක් කියනවලු  "සඳුනා,   මේ මාළු  බනිස් මැද්දේ  ළුණු විතරනේ බන්  කෝ මාළු කියල,   තව කෙනෙක්  කියනවලු  පහුවදා  උදේට  " බනිස් ඉතුරු වුණා..   ආපහු ගෙනියන්න"  කියල , ඔය විදිහට  දැන් හැමදාම මිනිස්සු අනන්  මනං කියනවලු... සඳුන් අය්යටත්  දැන් ඇති වෙලා.  සඳුන් අය්ය  බේකරියේ  අයිති අයට දන්වල තිබුනත්  තත්ත්වය  වෙනස් වෙලා  තිබුනේ නැතිලු.                                                                                                                                                                                                                                                 ඔය විදිහට   දවසක්  සඳුන්  අය්ය උදේම  කඩේකට ගිහින්  පාන් දාන්න. මුන්දලාලිගේ   බැල්මත්   එච්චර හොඳ නැතිලු   ඒ වෙලාවේ. සඳුන් අය්යට  වැඩේ තේරිලා  වාහනෙන්  බහිද්දිම.                                          
     
මුන්දලාලි අද මොනවද දාන්නේ ?
                                                                                                                                                                                                                                                                      
                                                                                                                               මොනවද ඕයි තමුසෙලගෙ කෑම...?                                                                                                                                                                                                                                                                                      ඒවා අරන් ගිය   මිනිස්සු     මට   බනිනවා   කඩේටම  ඇවිත්.. මන්  කොහොමද   වෙළඳාමක්   කරගන්නේ?මීටපස්සේ    මේ  කඩේට  තමුසෙලගෙ    බඩු ඕන  නැහැ.  (මුන්දලාලිට හොඳටම කේන්ති ගිහින්ලු.)              
      
ඇයි මුන්දලාලි මොකද වෙලා තියෙන්නේ?
                                                                                                                                                                                                                                                                                     
                                                                                                                                                         මොකද   වෙලා  තියෙන්නේ? අහන  හැටි විතරක්.. බලනවා   මේ ජෑම්  පාස්   එක    දිහා..   .කෝ   අයිසේ    මේකේ  ජෑම්?     (මුන්දලාලි ජෑම් පාස් එක  දෙකට    කඩල   පෙන්නලා   ඇහුවා.)                                             
                                                                                                                                                           
   
අය්යෝ මුන්දලාලි එකනේ ඕවට ජෑම් පාස් කියන්නේ...
                                            

47 comments:

  1. අම්මේ..........................................පිඟානෙ තියෙන ඒවා..........!!!!! කටට කෙලත් ඉනුව..!

    ReplyDelete
    Replies
    1. ඉතින් අරන් කන්න එපයිනේ...

      Delete
  2. ජෑම් පාස් එකක් කාපු කාලයක් මතක නැහැ අප්පා ....

    ReplyDelete
    Replies
    1. හය්යු...ඔය තියෙන්නේ අරන් කන්නකෝ...හි හි...

      Delete
  3. හිහිහී.. ඒකනෙ ජෑම් පාස් කියන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ...නන්දුට වැඩේ තේරිලා...
      :)

      Delete
  4. හි හි..නියම කතාව..:) කොහොම උනත් ඔයා අර පින්ගානට කෑම දාල නම් හරි නරක වැඩක් කලේ..බලන්න අප්පා..දැන් බදගිනිත් ආව..:(

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා....අනේ බදගින්නට අරන් කන්නකෝ.. :D

      Delete
  5. සඳුන් අයියටත් ෂේප් එකේ බේකරියක් දාගන්න තිබුනා.

    දැන් කාලේ ගොඩක් තැන් වල කෑම එහෙමනේ..ජෑම් පාස් වල ජෑම් නෑ. මාලු පාන් වල මාලු නෑ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ..අපේ සඳුන් අය්ය අවංක පුද්ගලයනේ ඒකයි...

      Delete
    2. එහෙම මිනිස්සුනේ දැන් කාලේ හොයා ගන්නම නැත්තේ..!

      Delete
  6. කිඹුලා බනිසෙට කවුරුවත් අවුලක් දාලා නෑ වගේ... කිඹුලට ඉතිං හැමෝම භයයි නොවැ..

    ReplyDelete
  7. බ්ලොගය හරි ලස්සනයි.ඒත් කියවනකොට ඇහැට ටිකක් අමාරුයි වගේ.පොඩි වෙනසක් කළොත් නරකද.මං වගේ නාකියන්ටයි කියවගන්න බැරි.මෙහෙම කිව්වට තරහා ගන්න එපා.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හය්යු..එක පාරකුත් වෙනස් කොලා නොවැ..ආයෙත් අවුලද?:(

      Delete
  8. කෑම බිස්නස් කරන අය ඔහොමමයි. මුල් දවස් ටිකේ සුපිරියට දීල පහු පහු වෙනකොට කටේ තියන්න බැරි සයිස් එකෙන් දෙනවා. ගෙවන ගානටවත් හරියට බඩපිරෙන්න කන්න නෑ. මුන්දලාලි කියන්නේ මුදලාලිටද අප්පා ?

    ReplyDelete
    Replies
    1. බිස්නස් කරන ඈයෝ ගැන නම් කවර කතාද කිවුවලු.
      මුදලාලි තමයිලු..
      :)

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete

  10. මම නම් අර ප්ලේට් එකේ තිබ්බ ෂෝට් ඊට්ස් එකක් කාලමයි ආවෙ. අඩුද බලන්න එකක්. :)
    …ජෑම් පාස්.. කියන්නේ නිකන් යැ නේද ? :):):)

    …(ඔයා singlish ද ටයිප් කරන්නේ, මම දැකපු හැටිද මන්දා. මුන්දලාලි කියලා වගේ තිබ්බෙ. මුදලාලි නේද. mudhalaali මම නම් කොටන්නේ ඔන්න ඔහොම. කමක් නෑ නේ කිව්වට.)

    ReplyDelete

  11. මම නම් අර ප්ලේට් එකේ තිබ්බ ෂෝට් ඊට්ස් එකක් කාලමයි ආවෙ. අඩුද බලන්න එකක්. :)
    …ජෑම් පාස්.. කියන්නේ නිකන් යැ නේද ? :):):)

    …(ඔයා singlish ද ටයිප් කරන්නේ, මම දැකපු හැටිද මන්දා. මුන්දලාලි කියලා වගේ තිබ්බෙ. මුදලාලි නේද. mudhalaali මම නම් කොටන්නේ ඔන්න ඔහොම. කමක් නෑ නේ කිව්වට.)

    ReplyDelete
    Replies
    1. කව්ද කෑවේ හොරා කියල හොය හොයා මයි හිටියේ මන්...හේ හේ...
      කමක් නැහැ.මගේ අඩුපාඩු කියන්න.මන් ඒකට කැමැති යාලු...
      :)

      Delete
  12. ඒ කතාවත් ඇත්ත තම බලාගෙන යනකොට. :D

    ReplyDelete
  13. Replies
    1. හපොයි...ඇත්ත නේන්නම්..හි හි..
      :)

      Delete
  14. ඔය වැඩේ නම් ඉතිං ඇත්ත. පහු පහු වෙන කොට කෝවත් කොහු කොහු වෙනවා. ඒක ඉතිං ලොකෙ හැටිනේ ඒත් ඉතිං කටින් වැඩ ගන්න පුළුවන් මිනිස්සුන්ට යන්තම් හරි ජාමේ බේර ගන්න පුළුවන් . සදුන් අය්ය කරන්නේ හයර් එක නිසා හයර් එක රැකගන්න කෑ ගහනවා කියපු හින්දා මේකට මොකුත් වැඩිය කියන්නත් බෑ ඒත් මිනිස්සු ගැන හිතන්නැතිව කරන කෑම ජාති හරි වැඩියි දැන් දවසක් මං කඩේකට ගිහ්න් තේ එක්ක ඉල්ලුවම මෙන්න ගේනවා තේ බාගයක් චුටි කෝප්පෙකට මං ගිහින් මුදලාලිටම කිව්වා මේ ඇයි මොකද මේ කියලා මං ඉල්ලුවේ තේ බාගයක් නොවේ තේ එක්ක කියලා. ඇයි යකෝ තිබහක් ආවම තේ එකක් බොන්න ගියාම උන්දලා කරන විකාර වැඩ මට හොදටම කෙන්ති ගිහින් හිටියේ ::D

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලු.ඔය වගේ දේවල් කඩවල් වල හෝටල් වල සිද්දවෙනවා අනන්තව.. ස්තුතියි කොමෙන්ටුවට...
      :)

      Delete
  15. කඩේ මුදලාලි හිතුවද දන්නේ නෑ ඩිලිවරි කරන අතරේ සඳුන් අයිය ජෑම් හොරකම් කරලා කියලා... බවුසර් වලින් තෙල් හොරකම් කරනවා වගේ??? [මං නං සිංග්ලිශ් කතන්දරේ දන්නේ නෑ... "විජේසේකර" තමයි දන්නේ... "මුන්දලාලි" කියලා දැම්මේ වෙනසකටත් එක්ක වෙන්න ඇති කියලා මං හිතුවේ.. ඒක එහෙම නං ඒ වෙනස හොඳයි... එහෙම නැතුව ටයිප් කරන්න බැරුව නම් මේකෙන් ටයිප් කරන්න. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/]

    ReplyDelete
    Replies
    1. සමහරවිට වෙන්න ඇති නේ..හි හි..
      හැබැයි එයා හොරකම් කරන්නේ නැහැ..අප්පා..
      ස්තුතියි යාලු...

      Delete
    2. ඔව් ඔව්... සඳුන් අයියට ගරහන්න නෙවෙයි එහෙම කිව්වේ... විහිලුවට...

      Delete
    3. මට තේරිලා තිබුනේ කාරණාව.. අර ඔයා දීපු ලින්ක් එක මට ගොඩක් උවමනා උනා. ස්තුතියි...

      Delete
  16. කට නිසා ජාමේ බේරාගෙන වගේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්... :) ඔයාවත් පිලිගන්නවා ලාදම් අහස පැත්තට...

      Delete
  17. කට ඇති දුවෙක් - රුව ඇති පුතෙක් කියල වෙනස් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ...හේ හේ...
      ස්තුතියි මේ පැත්තට ආවට..
      :)

      Delete
  18. මොනවා උනත් ඇත්ත සීන් එකක්.ජීවත් වෙන්න කටකාර කමත් ඕනිනෙ

    ReplyDelete
  19. ජෑම් පාස්!!! කොහෙද නංගි එව්වා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හය්යු අලි...එව්වා තියෙන්නේ බේකරි වල තමයි..

      Delete
  20. මමත් නිවා ගත්තා ඔබේ ගිමන්හලේදි වෙහෙස.

    ReplyDelete
    Replies
    1. සතුටුයි...සතුටුයි...:)
      ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  21. අපේ පැත්තේ ආවට ඕන්න මමත් ආව මේ පැත්තේ රාණි කියන එක නිකන් මොඩ් කරලද රෙහානි කියන්නේ
    රාණි අකක්ගේ පොටෝ කෑල්ලක් දාන් ඉන්නේ

    ReplyDelete
  22. මොඩ් කරලා නෙවෙයි හප්පා... :)
    රාණි අක්කලු රෙහානි ගොඩක්ම ආදරේ කරන සුරංගනාවී..
    ඒකයිලු...

    ReplyDelete
  23. හැමදාමත් වගේ මම අන්තිමළු ...... @ මම ගෙනාපු එකත් ජෑම් පාස් එකක්ද බලන ගමන්

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙන්න අදත් බැරි උනාලු... :) ඉතින් ජෑම් පාස් එකක්ද ඇත්තට...

      Delete
  24. අද තමයි මුලින්ම මේ පැත්තට අවේ.. දිගටම ලියමු..

    ජේ හෝ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඔබට... :)
      ජේ හෝ....!

      Delete