ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, August 1, 2012

පසේ බුදුන්.....

යාලුවනේ...ඔන්න මේක අපේ ගම් පළාතේ කතන්දරයක් හොඳද?මේ කතාව  මයේ  හිතේ  අපේ  ලාබයි  ඇපල්    යාලු  එහෙම   සමහරවිට   
අහලත්  
 ඇති.    මොකෝ    ඉතින් අපේ ගම්   පලාතෙනේ ...  ඔන්න  දන්නා  නොදන්නා   හැමෝම  අහගන්නකෝ..  
අපේ  පළාතේ   හිටිය  ස්වාමින්වහන්සේ  කෙනෙක්... මේ  ස්වාමින්වහන්සේගේ   ඔලුව   ටිකක්   හොඳ මදි... ටිකක්මත් නෙවෙයි  ඉතින් හොඳටම  හොඳ නැහැ වගේ. ..ඉස්සෙල්ල  මේ ස්වාමින්  වහන්සේගේ  හැටි  තේරුම්  ගන්නකො... මේ ස්වාමින් වහන්සේ  පිස්සු උනාට  චීවරය දරාගෙනමයි  හිටියේ..   ඒ නිසා  මිනිස්සු  මේ  ස්වාමින්  වහන්සේට හාමුදුරුවනේ  කියලම තමයි  කතා කලෙත්..හාමුදුරුවෝ රාත්‍රිය ගත  කරන්නේ  උන් වහන්සේට හිතුන හිතුන තැන  . ගස්  ගල් පල්ලේ ..,  ගල් ගුහාවල්වල,  ටවුන්වල   පේමන්ට්  එකේ  ඔය වගේ තැන්   ..හාමුදුරුවෝ වළඳන්නේ  කුණු බක්කිවල තියන දේවල්.. . එත්...  හාමුදුරුවෝ   පොළ  දවසට පොලෙන්  බඩුත් අරන්  යනවා..ඒවත් උයාගෙන  වළඳන  වෙලාවල් තියනවා..( මේ  හාමුදුරුවෝ වැඩිපුර වාසය  කලේ කුරුවිට ප්‍රදේශයේ..) හාමුදුරුවෝ  පොළ දවසට  පොලට ඇවිත් ...                                                                                                                                              
  
මට බෝංචි කිලෝ එකක් දෙන්න...
  
මට කැරට් කිලෝ එකක් දෙන්න..
                                                                                                   
                                                                                                                        
 ඔය  විදිහට  එළවලු  හාල් ඉල්ලනවලු... මිනිස්සුත් ඉල්ලන  විදිහට දෙනවලු... (සල්ලිවලට  නෙවෙයි නිකන්) මොකද  පිස්සු උනත් හාමුදුරු  නමක් නේ....ඒකයි.    හාමුදුරුවෝ ටවුන්  එකේ ඉන්න  දවස්වලට උදේට නැගිටලා හොඳට දත්  ටික එහෙම  මැදගෙන ටවුන් එකේ තියන හොඳ කුණු කාණුවක් බලල හොදට සොලවල  කට  සොදගන්නවලු.මන්  මේ ටික කිවුවේ  මේ ස්වාමින් වහන්සේගේ  හැටි හරියටම තේරුම් ගන්න  පුළුවන්  වෙන්න..
                                                                                                                                                    
 දවසක් මේ හාමුදුරුවෝ  හොඳ මැණික් ඉල්ලමක්  මතුවෙලා ගරන පතලක  ලගින් යනකොට හාමුදුරුවන්ටත්  හිතිලා  මේ ඉල්ලම් ගොඩ  හාරලා බලන්න. පතලේ ඒ  වෙලාවේ වැඩ  කර කර හිටපු මිනිස්සුත් මේක දැක්කට පිස්සු හමුදුරුවොනේ කියල හිතල ඔහේ ඉන්න දීල .. (නැතුව ඉතින් අනුන්ගේ ඉල්ලමකට  අපි වගේ අත  ගහන්න ගියොත්  ඉතින් ඉල්ලම් කූරු පාර  කාල තමයි  එන්න වෙන්නේ  ...හිකිස්...) හාමුදුරුවන්ටත්  හරි වැඩේ  තමයි උනේ..මේ  වෙලාවේම  මෙතනට අපේ  පොලිස්  මාමලා  පැනල. පතලේ  ඒ වෙලාවේ වැඩ කර  කර හිටපු උදවිය  හතේ අතේ දුවලා... හාමුදුරුවන් ට  තේරුම් ගන්න  බැහැ නේ  වෙන්න යන දේ...  හාමුදුරුවෝ  හාමුදුරුවන්ගේ  වැඩේ අත හැරල  නැහැ.මෙතනට ආපු පොලිස්  මාමලා දෙතුන්  දෙනෙක් ගෙන්  කෙනෙක් හාමුදුරුවන්ගෙන්  අහලා..,                                       
     
          
මොකෝ හාමුදුරුවනේ කරන්නේ?
                                                                                                              
 
                මම   මේ පසේ බුදුන් හොයනවා...
                                                                                                                                                                 
                                                                                                                                                                                                        
                                                                                                                                                               ප.ලි.    =  බුදු දහමට  නිගා කිරීමට  සිතා පොස්ටුව  නොලියු  බව කරුණාවෙන්  සලකන්න. මෙය  සත්‍ය කතාවකි. පින්තුර  ගුගල්  වෙතිනි.
                                                                                                                                                                                          

34 comments:

  1. ඇත්තම කතාවක්ද රෙහානි, කොහොම උනත් පව් නේද..?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් යාලු ..පව්..මොනවා කරන්නද ඉතින්...දෛවය තමයි..

      Delete
  2. පසේ බුදුන් ...??? එක අතකට පතල් කරුවන් ට නම් පසේ තිබිලා මැණිකක් ලැබෙනව කියන්නෙ බුදුන් දැක්ක වගේ තමයි. හාමුදුරුවන් ට පැවිදි ජීවිතයට ඇතුලත් වෙන්න පින තිබුනත් ඒකේ ප්‍රයෝජනය ගන්න පින තිබිල නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?ඒ හාමුදුරුවන්ට එහෙම උනේ ඇයි කියල මට හොයාගන්න බැරි උනා...

      Delete
  3. පසේ බුදුන් ... එකත් නියම කතාවක්

    ReplyDelete
    Replies
    1. නියමයි ...එත් කතාව ඇත්තම එකක් ...ඒ නිසා දුකයි..
      ආරංචි විදිහට දැන් උන්නාන්සේ අපවත් වෙලා...

      Delete
  4. පව් අප්ප මොනා උනත්...... පෙර කල පව්....

    ReplyDelete
  5. අනේ පව්..ජිවිතත් හරි පුදුමයි....

    ReplyDelete
    Replies
    1. මේ වගේ චරිත තවත් ඉන්නවා අපේ රට ඇතුලේ..

      Delete
  6. එයත් පස්සෙ හරි බුදුන් දකීවි....

    ReplyDelete
    Replies
    1. ඔව් ..චීවරය දරන්න හරි පිනක් තිබුනනේ උන්නාන්සේට..!

      Delete
  7. පවු ඒ හාමුදුරුවෝ....

    රෙහානි කෙල්ලේ පොස්ට් එක ලියල ඉවර වෙලා Alignment වලට ගිහින් Justify කරන්න එතකොට පෝස්ට් එක පිළිවෙලට අකුරු තියෙයි

    ReplyDelete
    Replies
    1. පව් තමයි...පෙර කරපු අකුසල කර්මයක් වෙන්න ඇති...
      කියපු විදිහට කරන්නම් යාලු ...ස්තුතියි...

      Delete
  8. අද නම් හොදටම පරක්කු වෙලානේ බොලේ....අන්තිමයද කොහෙද.
    මට මෙය ගැන නම් එච්චර මතකයක් නැහැ රෙහානියෝ.. මොකද මගේ මතකය අන්තිම දුර්වලයි. :(
    මට ලාවට වගේ ඔහොම කෙනෙක් ගැන අහල තියෙනවා නම් මතකයි. (වගේ)
    පසේ බුදුන් පතල් වලත් ඉන්නවා කියල අදමයි ඇහුවේ. හික් හික් :P

    ReplyDelete
    Replies
    1. හි හි අන්තිමය නෙවෙයි... මේ හාමුදුරුවෝ හිටියේ එරත්න පැත්තේ ..කුරුවිට ටවුන් එකේ එහෙම..
      :P

      Delete
  9. :D
    කොහොම වුනත් ගැලවීමට වචන නම් කටට ඇවිත් තියනව. සුදුසු තැනකට යොමු කලා නම් ඔය තත්වෙ සුව කර ගන්නත් තිබ්බා!

    ReplyDelete
  10. හ්ම්...කරන්න කවුරුත් ඉන්න නැතුව ඇති...

    ReplyDelete
  11. හේ හේ ලස්සන කතාව. නමුත් ඔයවගේ මිනිස්සු ශශනේ ඉඳන්න හොඳ නෑ. එක උතුම් වූ බුදු දහමට කරන නිගාවක්. කතාවනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. එත් ඉතින් පිස්සු හැදුන කියල සිව්ර ගලවන්න කියන්න අපිට අයිතියක් නැහැනේ යාලු.. බොහොම ස්තුති අදහසට....
      ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

      Delete
  12. මරු ඈ........... :D:D ටෙම්ප්ලේට් එක වෙනස් කොරන්ට පුළුවන් නම් ලොකු දෙයක් .... ඇහැට අමාරුනිසයි කිව්වේ . :)

    ReplyDelete
  13. ස්තුතියි යාලු අදහසට ...මන් කරන්නම්... :)
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට..

    ReplyDelete
  14. කතාව ලස්සනයි. අසනීප හාමුදුරුවො වුනත් කියල තියෙන කතාවේ ව්‍යංගාර්ථයක් තියෙනවා. කොහොමටත් මානසික ලෙඩ්ඩු කියන අය කියන කතාවල සමහර වෙලාවට ඔය වගේ දෙපැත්තකට හිතන්න ඒවා කියවෙනවා.

    කතාව ලියල තියෙන විදිහ නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා අදහසට...ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඕන් මේ පැත්තට..

      Delete
  15. හෆ්ෆේ, ඉතින් මැණිකක් වත හම්බවුනේ නැද්ද හාමුදුරුවන්ට...? මොනා කරන්නද ලෙඩ හැදුනම ඔහොම තමයි ඉතින් ජීවිතේ හැටි...

    ReplyDelete
    Replies
    1. එකනේ පව් නේද?ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් මේ පැත්තට..

      Delete
  16. අද තමයි නාඩියා ඔන්න මේ පැත්තේ ගැච්චුවේ ඈ!පට්ට වදන් ටික ඈ!එල එල!

    ReplyDelete
    Replies
    1. එහෙනම් පිලිගන්නවා ඇ මේ පැත්තට සාදරයෙන්...තැන්කිව් වේවා ඇ අදහසට...

      Delete
  17. මේ කතාව කලින් අහල නැහැ. අන්තිමට හිනා ගියා. එත මම දනනවා මේ වගේ හාමුදුරුවරුන්ට වෙන් වුන තැන් තියෙනවා. ගාල්ලේ පැත්තෙනම් එකක් තියෙනවා අනිත් ප්‍රදේශවල කොහොමද දන්නේ නැහැ.

    ReplyDelete
  18. මන් දන්නා තරමින් නම් මේ පැත්තේ එහෙම තැනක් නැහැ...ඔය කතාව අහද්දී මටත් හිනා ගියා..දීල තියන උත්තරේ හැටියට එහෙම වෙනවනේ..
    ලා දම් අහසට පිළිගන්නවා ඕන් ඔයාවත්...

    ReplyDelete
  19. අනේ මන්දා... හාමුදුරුවන් ව කවුරුත් රෝහලකටවත් ගිහින් දැම්මෙ නැද්ද?

    ReplyDelete
  20. ඒකනේ ... කව්රුත් එහෙම දෙයක් කරලා නැහැ...

    ReplyDelete
  21. මේ හාමුදුරුවන් ගැන ප්‍රදේශයේ ඉන්න නායක හාමුදුරුවරු මොකක් හරි කලා නම් තමා වඩා හොඳ. මේ විදිහට ගියොත් ලොකු සන්තෑසියක් වෙන්න බැරි නැහැ

    ReplyDelete
    Replies
    1. දැන් උන්නාන්සේ අපවත් වෙලා...

      Delete