ලා දම් අහසට පායන උදවිය ..

Tuesday, October 1, 2013

ලෝක ළමා දිනය දා ඉපදුණ කෙනෙක්

ඔක්තොම්බර් පළමු වැනි දා ලෝක ළමා දිනය ලෙස නම් කර තිබෙනවා.ලොව පුරා පුංචි දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් මේ දිනය තුළ සංවිධානය කෙරෙනවා...අපි දන්නවා මේ පුංචි දරුවෝ රටේ අනාගතය කියලා..අපි පුංචි ළමයින්ව හඳුන්වන්නේ මල් වගේ කියලා..ඇත්තටම පුංචි ළමයින්ගේ හිත්  මෘදුයි ,සිනිදුයි අහිංසකයි.

නමුත් වර්තමානය වන විට දරුවෝ විවිධ අපයෝජන ඉදිරියේ මානසික ලෙඩ්ඩුන් බවට පත්වෙලා..,දැන් දැන් විකෘති කාමුකයන්ගේ බිලි වන්නේ මෙම පුංචි දරුවන්...පසුගිය කාලයේ අසන්නට ලැබුණා මාස පහක බිලිඳියක් කෙලෙසපු පුවතක්... අශීලාචාර නොමිනිසුන් සිටිනා මේ සමාජ තලය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා...සමහර ළමා දින වැඩසටහන් වලදී මේ පිළිඹඳ දැනුවත් කිරීමක් කරනවා...ළමයින් අපයෝජන වලින් වළක්වා ගැනීමට කළ යුතු දෑ ආදිය..!

නමුත් ළමයින් ගැන සොයා බැලිය යුත්තේ සහ මේ පිළිඹඳ දෙමාපිය වැඩිහිටියන් දැනුවත් කළ යුත්තේ එක් දිනයක් තුළ පමනක් නොවේ...සෑම දෙමව්පියෙකුම තම දරුවා පිලිඹඳව නිතර දැනුවත් විය යුතුයි...

ඔබේ දරුවා පාසල් වෑන් එකකින් පාසලට යැවීම පිලිඹඳ ඔබ දෙවරක් සිතා බලන්න.ඔබ එසේ යවන්නේ ඔබේ විශ්වාසනීයම පුද්ගලයා සමග විය හැකියී..නමුත්, සිය පියාගෙන් දූෂණයට ලක් වන දියණියන්, සිය බාප්පාගෙන් අතවරයට ලක් වන පුතණුවන් ඕනෑ තරම් මේ සමාජය තුළ ඇති බව අමතක කරන්න එපා.එමෙන්ම ඔබේ දරුවාගේ හොඳම ආරක්ෂකයා ඔබ මිස වෙන කිසිවකු නොවන බව සිහියේ තබා ගන්න.

ලෝකයේ සැප සම්පත් විඳිමින් ජීවත්වන දරුවන් මේ දින වෝටර් පාක් යාවි,ලෙෂර් වර්ල්ඩ් යාවි,තවත් නොයෙකුත් සථාන කරා යාවි.නමුත් එම දිනයේත් සුපුරුදු වීදි දරුවන් වීදි සරාවි...,සිඟමන් යදින දරුවන් සිඟමන් යදීවි., සරණාගත දරුවන් පිළිසරණක් සොයන දෑස් වලින් බලා සිටීවි...ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කර හෝ "අද ළමා දිනයනේ ඒ නිසා අපි පාක් යන්න තියන සල්ලි වලින් මේ ළමයින්ට ඇඳුමක් අරන් දෙමු'යි කියා කවුරුත් නොසිතාවි. අද දිනය ගෙවී තවත් දවසක් උදා වූ කල ළමා දිනය ද තවත් එක් දවසක් ලෙස නිමා වී යාවි. 

ඔබේ දරුවා අනවශ්‍ය ලෙස පාසල් යාමට බියද? පාසල් යමු'යි කී විට උණ ගන්නවාද? නැතිනම් එවැනි අසාමාන්‍ය හැසිරීමක්  ඔබේ දරුවා තුළින් දකිනවාද? එසේ නම් නොපමාව සොයා බලන්න.මක් නිසාද යත් ඔබේ දරුවා අපයෝජනයට ලක් වී තිබීමට ඉඩ ඇත.දරුවා එක වර එවැනි දෙයක් පිළිඹඳ ඔබ හා නොපවසනු ඇත.අපයෝජනයට ලක් කළ පුද්ගලයා විසින් තරයේ බලපෑමක් කර තිබුණේ නම් ,දරුවා එය පැවසීමට බිය වෙයි.  'මේ ගැන කාටහරි කිවුවොත් මම උඹව මරනවා, නතිනම් ඔහු හෝ ඇය ආදරය කරනා සමීපතමයෙක් මරන ලෙස තර්ජනය කළ හැක. එම නිසා බොහ්ම සෙමින් පියවරෙන් පියවර් ඔහුට ළංවී එය දැනගන්න.පසුව ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයට එය දැන්වීම හෝ පොලීසිය මගින් කරුණු විමසීමද කළ හැක.

පැය 24 පුරා ක්‍රියාත්මක ළමා ආරක්ෂක අධිකාරියේ නිදහස් 1929 සේවාව මගින් ළමා අපයෝජනයක් හෝ ළමා අයිතිවාසිකමක් කඩ වූයේ නම් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. 

නැතහොත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය - 011 2282644


ජාතික කාන්තා කමිටුව  -  011 2827002

මේවායින් කොයිතරම් දුරට සාධාරණ සේවයක් ඉටු වනවාද කියා මා නොදනී..මක් නිසාද යත් එවැනි කරුණක් සම්බන්ධව පෞද්ගලිකව මා පැමිණිලි ඉදිරිපත් කර නැත.

********************************************************
මේක ගත්තේ අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය වන අද දවසේ තවත් මට විශේෂ වෙන කාරණාවක් තියනවා,ඒ තමයි මගේ ආදරණීය ස්වාමියාගේ උපන් දිනය අදට යෙදී තිබීම..!ඉතින් අද දවසේ ටිකක් විතර කාර්යබහුල උනා...උදේම සුමන සමන් මහා දේවාලයට ගිහින් පූජාවක් තිබ්බා...හවස බෙධිපූජා පිංකමකුත් කළා.ඒ නිසා උදේ දාන්න හිටපු මේ පෝස්ටුව හවස දාන්න උණා..

ඉතිං මගේ ආදරණීය ස්වාමියාට සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම පතනවා...!
මේක ගූගල්ගෙන්


38 comments:

  1. මේ දවස් දෙක වෙන වෙනම ගත්තා නම් අහවරයි රෙහානි..මට මතකයි ඉස්කෝලේ 2 වසරේ වගේ ඉද්දි ඉස්කෝලෙන් මොකක්ද වීදි පෙරහැරක් ගියා අපි.. කිලෝ මීටර් ගානක් යනකම් ටින් බෙලෙක්ක වලට ටොක ටොක ගගා ගියේ.. ළමා ඇසල පෙරහැරක් :p

    අපි දාඩිය දාලා පිස්සෝ වගේ... සමහර උන් පාර මැද්දේ පත බෑවිලා පණ නැතුව..බලන් ඉද්දි එක එකා පාර මැද්දේ දෙරි ගහනවා.. අපේ තාත්තා කොහෙද ඉඳන් කඩන් පාත් වෙලා හිටපු හැම එකාටම බැනලා මාව අරන් ගියා " තොපේ ඉලව්වේ මගුල් වලට මගේ කොල්ලව එවන්නේ නැහැ " කියලා..

    ඔන්න ඕක තමයි යථාර්තය.. ළමයි දුක් විඳිනවා..ඒකෙන් අහක ඉන්න ටිකක් ජෝගි නටනවා...

    ඔයාගේ පොස්ට් එක වටිනවා ගොඩක් රෙහානි.. මේ ගැන කතා කරන්න එක්ස්පර්ට් අය මේ ටිකේ නැහැ.. ( හිරු , DDT එහෙම )

    ReplyDelete
    Replies
    1. අමතක උනානේ සුබ පතන්න මහත්තයට ... සුබම සුබ උපන් දිනයක් වේවා මගේ සත්තලන්ට ... ( මන් කිව්වේ රෙහානිගේ සත්තලන්ට: )

      Delete
    2. වෙන වෙනම ගන්නෙ කොහොමෙයි සිදුවීම දෙකම එක දවසේ නොවැ :)

      ඒක ඇත්ත සහන් අයියේ, දැන් මැති ඇමති ගොල්ලන්ටත් මල් මාලා දාන්න පුංචි ළමයි තියන් ඉන්නේ නැෂනල් අන්දලා ළමා සාරි අන්දලා...ඒ ළමයින්ටත් ඔය සෙතේ ම තමයි...මොකෝ ඔය කියන ඇත්තො වෙලාවට වැඩ කරන එකක්යැ

      ස්තුතියි අයියේ සුභ පැතීම ගැන සහ කොමෙන්ටුවට.. (හිරූ අක්කා මේ ටිකේ පේන්න නෑ තමයි. DDT නම් මේ පැත්තේ ඇවිත්ම නෑ මයේ හිතේ..)

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා කියන්න... !

    මේක ගැන කියන්න දේවල් තිබ්බට මේ දවස්වල ෆයිනල් එග්සෑම් නිසා තනි ඇහැට ඇඬිල ඉන්නෙ.. වෙලාව ලැබෙන හැටියට බ්ලොග් කියවනව

    ReplyDelete
    Replies
    1. මම කියන්නම්..ස්තුතියි යසිත්

      ඉගෙන ගන්න එපැයි ඉස්සෙල්ලා...ඉඩ ලැබෙන හැටියට එන්න කියවන්න..

      Delete
  3. ඔන්න මාත් සුභ උපන්දිනයක් පැතුවා කියන්න..

    ළමා දිනය ගැන කියනවනම් දැන් ඒකත් වාණිජකරණය වෙලා..

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව පිළිගන්නවා අහස යටට...!:)

      ස්තුතියි දිනේශ් (මම හිතන්නේ ඔයා මගේම වයසේ වෙන්න ඕනේ මට මත විදිහට )

      ඒක හරි....ඔක්කොම මාධ්යකාරයෝ ලස්සනට චැනල් වලට හම්බකරගන්නවා.. දිනේශ් මේ පැත්තට ආපු එක ගැන හුඟක් සතුටුයි... දිගටම එන්න..

      Delete
  4. අපේ එක්කෙනාට මමත් සුභ පැතුවා කියන්න...ලංකාවට එද්දි සෝජු බෝතලයක් වත් අපිට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා අයියේ

      සෝජු විතරයි මයේ හිතේ දැන් අඩු..

      (හොරෙන් ::: ඔයාට බෝතල් කීයක් ඕනෙයි? :D )

      Delete
  5. අපේ සත්තලංට සුභ උපන්දිනයක්!

    එයා ළමා දිනයක ඉපදුනේ එයා උපන්නේ ළමයෙක් හැටියට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියී හෙන්රි මහත්මයා

      නැත්තම් මහ මිනිස්සු හැටියටත් උපදිනවැයි? :D :D

      Delete
  6. ඔයාගේ හබියාට මගෙත් සුභ පැතුම්.

    ළමා දිනය,වැඩිහිටි දිනය දැන් ඔය දේශපාලකයින් තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගෙන තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝ

      ඇත්ත කතාව.. හැම දිනයක්ම ඒගොල්ලන්ගේ වාසියට තමයි

      Delete
  7. 1929 හොඳ ක්‍රමයක්. පැමිණිලි කලාම සොයාබැලීමක් සිදුවෙනව ටිකක් මන්දගාමීව උනත්. මොකුත් නොකර ඉන්නවට වැඩිය හොඳයි.

    "පිළිඹඳ" වැරදියි "පිළිබඳ" හරි

    ReplyDelete
    Replies
    1. ඔවු මමත් හිතනව එහෙම...

      ස්තුතියි නිවැරදි කිරීම පිලිබඳව... ;)

      Delete
  8. රෙහානි .... ඔය හැම දිනේටම කරන්නේ ලමයව මරවාගෙන කන එක. බෑන්ඩ් ගහන්න , ඩ්‍රිල් පෙන්නන්න, ප්‍රශස්ති ගයන්න කියලා ළමයිව කොයිතරම් රස්තියාදු කරනවද?
    මම අද දැක්ක පත්තරේක ශිෂ්‍යත්වේ පේල් වුනා කියලා ලමයව ගෙදරින එළවලා අම්මයි තාත්තයි, ඇඳුම් බෑග් එකක් හදලා දීලා පාරට දාලා. ළමයා යාලුවෙකුගේ ගෙදරට ගියාම ඒ මිනිස්සු ළමාරක්‍ෂක අධිකාරියට කියලා, අම්මයි තාත්තයි ගෙන්නලා ළමයා බාරදුන්නලු, එත් ළමයා යන්න බෑ කියා කියා ගියාලු.
    තමුන්ගේ අම්ම තාත්තා ළඟවත් ආරක්ෂාව නැත්තම් ළමයින්ට ම=කාගේ පිහිටක්ද?

    ......
    ඔයාගේ මෙයාට සුබ උපන්දිනයක් වේවා.....ඔයා එහෙනම් එයාව බබෙක් වගේ බලාගන්න හොඳද?......:D

    ReplyDelete
    Replies
    1. දරුවෝ ඉන්නේ අම්මලාට තාත්තලාට බැරි උන හීන හැබෑකරන්න කියලා සමහර දෙමව්පියෝ හිතනවා...අන්න එහෙම උනහම තමයි ඔය වගේ ළමයි දොට්ට දාන්නේ..එක්කෝ ඒ දෙමව්පියන්ගේ බම්බුවේ නම්බුවට කැලලක් කියලා වෙන්න ඇති.. ඔය මොන හේතුව හින්දා හරි අසරණ ළමයි පව්...

      ස්තුතියි ඉවාන්

      හැමදාම බබෙක් වගේ බලාගන්න වෙනවා :D

      Delete
  9. ඔන්න මමත් සුබ පැතුවා! අපේ අම්මා ඉපදුණේ කාන්තා දිනය දවසේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් උයාගේ අම්මත් සාඩම්බර කාන්තාවක්...! :)

      ස්තුතියි දිලිනි

      Delete
  10. ඉතා වැදගත් සටහනක් වගේම කටුක සත්‍යයක් සේරටම කලින් මම රෙහානිගේ හබියට සුභ උපන් දිනයක් වේවා කියලා පතනවා අඩේ එයා ළමා දිනේ මම ගුරු දිනේ. ලකී ඔක්තෝම්බර්. ජය වේවා රෙහානි මතක ඇතිව කේක් කෑල්ලක් එවන්න පාර්ටි එකේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියී කෝරලේ මහත්තයා

      //අඩේ එයා ළමා දිනේ මම ගුරු දිනේ. ලකී ඔක්තෝම්බර්.//

      මරු ඈ

      හා හා කේක් කෑල්ලක් එස් එම් එස් කරන්නම්කෝ :D

      Delete
  11. මගෙනුත් උණුස්ම් සුබපැත්ම් රෙහානි. දෙන්නගෙම ජීවිතයේ වඩාත් සැපවත්ව ගෙවන්න හැකි වේවා. නොකිාය කිවට සමාජේ ඉස්සර තරම් සාරවත් එකක් නෙමෙයි. පොඩිඑකෙකුගෙන් හරි තමන්ගේ විකෘති ආසාවන් සංසිඳවගන්න හදන එුව්න උල තියන්න ඕනෙ මම කියන්නේ. පැමැණිලි කරලා, නඩු දාලා කරන් නැතුව මරණෙ දෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියී රතී

      // පැමැණිලි කරලා, නඩු දාලා කරන් නැතුව මරණෙ දෙන්න ඕනෙ.//

      දරුණුයි වගේ හුඟක්...! :D

      ඇත්තටම ඒ වගේ කේන්තියක් හිතට එනවා තමයි.

      Delete
  12. ළමයින්ගේ ඛේදවාචකය පටන්ගන්නේ ගෙදරින් රෙහානි.....දෙමව්පියන්ගෙන්....ඊට පස්සේ පාසලින් ආදී වශයෙන්. බලන්න මොන්ටිසෝරි නාඩගමින් පටන්ගන්න විකාරය ළමයාව මඩවන්න පටන් ගන්න හැටි. දෙමව්පියන් මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන.

    ඔයාගේ හබියා ළමා දිනේ සමරන්න ඇති යාළු ළමයි එක්ක. අපි සුභ පැතුවා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත,..

      මම කියන්නම් ...ස්තුතියී

      Delete
  13. ඔයාගෙ සත්තලන්ට සුබ උපන්දිනයක්.කමෙන්ට් වල ඔක්කොම කියවිලා නිස මම මුකුත් නොකිය ඉන්නම්

    ReplyDelete
  14. අනේ පව් පොඩි එකාට සුබ උපං දිනයක් වේවා... මොන වයසකටද කසාදයක් කරගත්තෙ හෑබැට..

    ReplyDelete
    Replies
    1. අනේ ඒක තමයි :D

      ස්තුතියි

      Delete
  15. රෙහානිගේ සැමි අය්යාට සුභ උපන් දිනයක් වේවා... පොඩ්ඩක් විතර පරක්කු වුනා..

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද අනේ...මුකෝ ඒ පැත්ත වේලිලා ලියන්නේ නැතෙයි?

      ස්තුතියි නදී

      Delete
  16. අනේ මම සෑහෙන පරක්කුයිනෙ සුභ පතන්න. කමක් නෑ ඔන්න රෙහානිගෙ මහත්තයට මමත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චාම්ස්

      Delete
  17. ප්‍රමාද වෙලා හරි මේ සුබ පතන්නේ..ඔයාගේ ළමයාට...හික්ස්...සුබ උපන් දිනයක් වේවා...
    කොටින්ම කිව්වොත් නංගෝ...මේ පාර මේ ශිෂ්‍යත්ව ප්‍රතිපලයක් ආව නිසා..මටත් මේ දවස අමතක වුනා නේ...
    මගේ වෙඩින් ඇනිවසරි එක තියෙන්නෙත් එදාට..මේ පාර අමතක වුනා නොවැ එකත් මට...

    ඔයාගේ පෝස්ටුවට මම ඇත්තටම එකඟයි..අද දවසේ කතා කල යුතු දෙයක් තමයි මේ...

    ReplyDelete
    Replies
    1. හෆොයි....ළමයෙක් වගේ තමයි වෙලාවකට :D

      ඔන්න ඒ ඇනිවසරියටත් සුබ පැතුම් ඈ..

      ස්තුතියි සුදූ

      Delete
  18. ඒ පුංචි බබාටත් සුභම සුභ ලෝක ළමා දිනයක් වේවා

    ReplyDelete
  19. පිට මිනිස්සු කෙසේ වෙතත් සමහර දෙමව්පියො අතිනුත් ළමා හිත් තැලෙන පොඩිවෙන විදිහේ වැඩ වෙනවා. වැඩිහිටියන් තුල දක්නට ලැබෙනා බොහෝ නරක ඒ විදිහටම දරුවන් තුලත් තියෙනවා. මෙවගේ දෙයක් ගැන කතා කරපු එක වටිනවා රෙහානි..

    ReplyDelete