ලා දම් අහසට පායන උදවිය ..

Friday, August 23, 2013

වටලප්පන්

මෙන්න මම හදපුවා..
ළමායි........ කට්ටියම දන්නවනේ ඉතිං මේ රෙහානි කෙල්ල ගෙදරටම වෙලා පාලුවේ ඉන්න එකී කියලා....ඔන්න ඊයේ දෝණි පොඩ්ඩ අපේ ගෙදර ආවා..හපෝ එයාව ගෙන්න ගන්න තියන අමාරුවක් දැන්..අක්කලා නං එනවා කිවුවේ සෙනසුරාදා....මේ කටර් එක ටිකක් කලින් ආවා..ඉතිං දැං ගේ දේවනත් වෙලා තියේන්නේ..


මේකිත් ඉන්න එකේ අපි දෙන්නා හැදුවා රසම රස කෑමක්.. වටලප්පන්..! හොඳම වැඩේ තමයි මම වටලප්පන් ජීවිතේට හදලා නෑ..අපේ බ්ලොග් ලෝකේ සහෝදරියක් දාපු පොස්ට් එකක් බලාගෙන තමයි මම වටලප්පන් හැදුවේ..එයා වටලප්පන් හදලා තිබුනෙ අවන් එකේ..මම හැදුවේ ස්ටීමර් එකේ,, එච්චරයි වෙනස තියෙන්නේ.ඉතිං බලන්න සහොදරවරුණි කොච්චර ලොකු සේවයක්ද මේ අපේ බ්ලොග් යාලුවන්ගේන් සිද්දවෙන්නේ කියලා..  :D

ඔයාලටත් ආසනම් වටලප්පන් හදන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න.AADAMBARAKAARI

ඉතින් හදලා බලලා අපිටත් කියන්නකෝ රසද කියලා..

76 comments:

  1. රෙහානි ඔය වටලප්පම කෑවම ඉස්පිරිතාලේ යන්න වෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ.කොරියා ගිහින් තමයි බෙහෙත් ගන්න වෙන්නේ අයිලාෂ් අයියේ..:D

      Delete
    2. @ අයිලාෂ් :::: පැහැදිලි ඉරිසියාව :D

      @ මනොජ් :: හා හා පෝර දාන්නේ නැතුව හිටියනං :D

      Delete
    3. @ අයිලාශ්.....
      යන්න වෙනව නෙවේ බං...........නවතින්න වෙනව...හික්..!

      Delete
    4. වී යෝ...................ඕඕ....! :<>

      Delete
  2. රෙහානිගේ අජූත වටලප්ලම....

    ReplyDelete
    Replies
    1. කෑවොත් කියයි ඔහොම.. :D

      Delete
    2. කෑවොත් යයි බඩ සිං සිං ගාලා..

      Delete
    3. අනේ ගෙදර ඔක්කම යහතින් ඉන්නවා :D

      Delete
  3. අපෝ මෙයාගේ වටලප්පම දැකලා මගේ බඩ රිදෙනවා.
    කෑවනම් කොහොම හිටිද..?

    ReplyDelete
    Replies
    1. නරියෙකුත් කිවුවලු මිදි තිත්තයි කියලා.. හේ හේ :D

      Delete
  4. ඔය රටකජුද තියෙන්නෙ...මම දැක්කෙ ලෙලි ගහපු කෝපි වගෙයි...රසට තියෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. අපො උඹ දෑක්ක කල්

      Delete
    2. සිරා මල්ලි,
      උඹ ලිව්වෙ නැතත් කොමන්ට් එකක් හරි දාපන්කො.
      ඔහොම කොන් වෙලා හිටියම බොලා ගැන අපිට දුකයි.
      දැන් මැලේ වල භය වෙන්න එපා.
      අපේ සිංහල බ්ලොග් අවකාශයේ නිල තානාපති මැලේ රාල මල්ල ඉන්නව.
      දන්නවනෙ නමේ අගට "රාල"ආවොත් සුපිරි බුවෙක් කියල.

      Delete
    3. @සිරා අයියා:: හ්ම්ම් හ්ම්ම් රටකජු... කම්මැලි කමට එහෙම්පිටිංම දාලා :D කාපු අය නං කිවුවා රසයි කියලා

      සිරා අයියා ආපහු ආව එක ගැන සතුටුයි ගොඩක්...ඉක්මනට ලියන්නත් පටන්ගමු

      Delete
    4. සැප්තැම්බර් මුල සිට සිරා ක්‍රියාන්විතයේ :)

      Delete
    5. සමී කොලුවට මම වේලාසනම ඔත්තුව දුන්නා...කෙන්ජි අයියා / වීයා / දමිත් සැප්තැම්බර් සිට නැවතත් කාමරේ දොර විවෘතයි..

      Delete
    6. ඒක හොඳ ආරංචියක් සිරා අය්යේ!

      Delete
  5. ෂාහ්...හරිම අලංකාරයිනෙ...ටිකක් කන්න තියෙනවනං

    ReplyDelete
    Replies
    1. හැලපත් ආසයිද වටලප්පන්වලට

      හැලප හාමිනේට කියලා හදවගෙන කාල බලන්න :)

      Delete
  6. දැන්නම් ඕක ඇස් වහලා කන්නත් බෑ හප්පා. වටලප්පම නිකන් හැඳි ගාපු තලපයක් වගේනේ හික් හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. අනේ යනවා ..ඉරිසියාව :D :D :D

      Delete
  7. අද අවුලක් නෑ කටිටියටම කන්න දෙන්න.වීක් එන්ඩ් එක නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔක්කොමල්ලා කෑවා රහ කර කර

      Delete
    2. මම කිවුවෙ බොල බඩෙ අමාරුවක් හෑදුනත් අවුලක් නෑති නිසා

      Delete
    3. අන්න්.....................නේ, හරි නාකයි

      Delete
  8. කුනුකමට රටකජු දාල.
    වටලප්පන් නම් පුහුලන් කජු මද.
    ලෝබ නම් කජු මද කුඩාවට කපා ගෙනද,
    ලෝස් නැත්නම් කජු මදය දෙකට පලා දැමිය යුතුයි.
    රට කජු රසය සහ පුහුලන් කජු මද කියන්නෙ රස දෙකක්.
    ආඩම්බරකාරිද කීව්වෙ රට කජු දාන්න කියල.
    අනේ..!පවු.අලුතින් කෑම හදන්න පුරුදු වෙන එව්වන්ට කාපු උන්ගෙන් ගුටි නොලැබේවා පතමි.!

    ReplyDelete
    Replies
    1. කුනුකමට නෙවෙයි හය්යෝ....තියන එක එපැයි දාන්න... :D

      ආඩම්බරකාරි කිවුවේ කජු දාන්න..මම අත්හදා බැලීමක් විදිහට රට කජු දැම්මා ඔන්න

      අනේ ගුටි හම්බුනේ නෑ...උඩ පැන පැන කෑවේ....මොකද කෙන්ජිනෝනාට කියලා හදවගත්තනම් :)

      Delete
  9. ඉතින්, වටලප්පන් කාල බඩේ රුදාව හැදිච්ච පෝලිමේ කී දෙනෙක් ඉන්නව ද? ඒ ‍ටික දාන්න අමතක වෙලා ද මන්දා :D

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි නෑ බං... අනේ මං දල්ලෑ :D :D :D

      Delete
  10. කෙල ගිලුන බවට සහතික කරමි.



    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මෙන්න අවංක අදහස්..

      ස්තුතියි :)

      Delete
    2. අවංක කම නෙවෙයි හෙන්රියාගේ පෙරේත කම.

      Delete
  11. උත්සාහය හොඳයි.

    මං නම් වටලප්පන් කන්න ආස නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      අපේ අය්යන්ඩි වගේ ඔයත් මස් මාලු කන්නේ නැතෙයි :)

      Delete
    2. මස් නෑ. මාළු කනවා, ඒත් ඒ හැටි උනන්දුවක් නෑ.. :)

      Delete
    3. මස් හොදි නං කනවා

      Delete
  12. ඔය තියෙන්නේ හොදට පාටට.. දවසක ඇවිත් කාලම බලලා රස ගැනත් කියන්නම්කෝ...


    ( මේකිත් ම‌ෙග් ජාතියෙද කොහෙද... මතකනෙ මගේ පීසාවට කට්ටිය කොත්තු රොටිය කිව්වා... හි හි...)

    ReplyDelete
    Replies
    1. හා එන්න එන්න ... හදලා දෙන්නම්කෝ ලොරියක්! :D

      හි හි ඒ ජාතියේම තමයි...(මතකයි රොටි කතාව )

      Delete
  13. රට කජු වලින් වහලනෙ මේක, රට කජු පොඩ් කෑලි වලට කපල දැම්මනම් එල... තියන විදිහට කොහොමද මන්ද කෑවෙ, මස් කෑල්ලක් වගේ පේන්නෙ :D
    පලවෙනි පාර හින්ද අවුලක් නෑ ආයේ හදද්දි ලස්සනට හදන්න අක්කෙ :)

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මල්ලො

      ඔන්න ඒ අඩුපාඩුව හදාගන්නම්කො ආයෙත් හදද්දී

      ස්තුතියි

      Delete
    2. මේ පැත්තට ආවමයි නේද ? සාදරයෙන් පිලිගන්නවා මෙහෙට

      Delete
    3. ඔව් අද තමයි අක්කෙ ආවෙ, ආයෙ එන්නම්කො... :)

      Delete
    4. හොඳයි ,ආයෙත් එන්න

      Delete
  14. හංගොල්ලෝ දෙන්නෙක් ලව් කරනවා වගේ මට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.... ඒ වගේද කනකොට

      Delete
  15. හරි එහෙනම් පොඩ්ඩක් කෝප්පෙකට දාල ගත්තනම් ඉතිරිය කන්න!

    ReplyDelete
    Replies
    1. එහෙනං එන්නකෝ මේ පැත්තට

      Delete
  16. මම නම් වටලප්පන් කන්න කමැති කෑමක් මගේම ගෙදර මගේම ඇස් ඉදිරිපිට හැදුව එකක් විතරයි රෙහානි. පොඩ්ඩ ඇත්නම් වටලප්පන් මට නුහුරට යනවා. රසවත් පෝස්ටුවක් බෙදාගැනීම ගැන ස්තූතියි රෙහානි ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එහෙනං ඉතින් ගෙදර හදාගෙන කනවා ඇතිනේ අය්යලා...කොහොමත් පිරිසිදුව කන්න පුලුවන් ගෙදර කෑම හැදුවහම

      අද දෙන්නෙක්ම ඇවිත් ඉන්නවා..ඔයයි සිරා අයියයි...ඔයාලා ආපහු ආපු ගැන ගොඩාක් සතුටුයි...හිතනවා දැන් සනීප ඇති කියලා

      Delete
  17. මොනවද අර කොස් ඇට වගේ තියෙන්නෙ උඩින් ? කොස් ඇට වටලප්පන්ද හැදුවේ ??

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... කජු මල්ලී කජු :D :D

      Delete
  18. ඈ මේ වටලප්පන්ද, මම හිතුවේ කෝම්පිට්ටු කියලා.

    ReplyDelete
    Replies
    1. හික් අනේ යන්න මෙයා...මේවා ඔරිජිනල් :D :D

      Delete
  19. ඈ බොල.. හාවොත් කනවද බිත්තර? (දැන් අටමගේ පැත්තේ ඉඳන් එන ගමන්.. :D)

    මගෙත් ආසම කෑමක් වටලප්පන් කියන්නේ. දැක්ක තැන කන්න හිතෙනවා. ගෑවුණු තැනත් කන්න හිතෙනවා.
    අනේ ඒ ආසාව.... එක මොහොතින් නැතිවෙලා ගිය හැටි.. අයියෝ......

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද? :D ( මේ ඕවා කියන්න ඔට්ටු නෑ අලි :D)

      ඉරිසියා කරන්නැතිව හදාගෙන කනවද... :D

      Delete
  20. මොකක්ද අනී...වටලප්පන්ද..? නැත්නම්..රටකජුලප්පමක්ද..! කැත..!!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්...කොයිකක් උනත් මුකෝ අනී කන්න පුලුවන්නේ

      Delete
  21. වටලප්පමට රට කජු සෙට් වෙනෝද අප්පා. :P මං අම්මත් එක්ක එකතු වෙලා හැදුවා.. අම්ම නං හදන්න දන්නෙ නෑ.. මං කන්න ආසයි කිව්වම පුංචිගෙන් අහගෙන හැදුවා.. මාර රසයි :) මුද්දරස්පලන් දාන්න රට කජු වෙනුවට. ගණං උනත් කජු තමයි ගැලපෙන්නෙ රටකජු වලට වඩා

    ReplyDelete
    Replies
    1. සෙට් වෙනෝද නං දන්නේ නෑ අය්යෝ....ඔන්නොහේ දාල බැලුවා

      ගණන් නිසා නෙවෙයි සමී කඩේ තිබුණෙ නෑ..තියන දේවල් දාල හැදුවා

      Delete
  22. දකිද්දිත් කෙළ උනනවා...මොනව වුණත් කජු ටිකක් අඩු වුණා නම් තමා හොඳ :-)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... හ්ම්ම් දැන් නං මටත් ඒක හිතෙනවා...

      Delete
  23. මේ ඕක කන්නමද හැදුවේ :p

    ReplyDelete
  24. කන්නම ද හැදුවේ රෙහානි ??
    වටලප්පන් පොඩ්ඩ බැරිවෙනකොට අවුල් යනව අප්පා ....
    එත් ඉතින් රසපාටයි ....!!!

    ReplyDelete
    Replies
    1. මේකනං අවුල් ගියේ නෑ
      රහයි රහයි :)

      Delete
  25. බිත්තර නැතුව වටලප්පන් හදන්න කියලදුන්නොත් පිං.. මං කන්න ආසයි ඒත් බිත්තර හින්දා කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හෑ.... බිත්තර නැතිව...?

      එහෙමත් පුලුවන්ද :D

      Delete
  26. වටලප්පන් කියා කට ඇවිස්සිම බරපතල වරදක්..

    ReplyDelete
    Replies
    1. හී හී......... වයිෆ් ට කියලා හදවගෙන කන්නකෝ :)

      Delete
    2. චෙෆ් රෙහානිතුමියගේ අවධානය පිණිස මම ඩූඩ් උන්නැහේගේ පච්චේ පලවෙනි කොටසේ කොමෙන්ටු රිප්ලයි එකක් දැම්ම! ඒක ගොහින් බැලුව නම්! හික් හික්!

      මේක කියෝපු දා මං කොටපු කොමෙන්ටුව අද මං දැක්කේ නෑනේ රිප්ලයි එක බලන්න හොයද්දි :(

      Delete
    3. ඒක සම්පූර්ණ පැහැදිලි ඊරිසියාව බව තමයි චෙෆ් තුමියට පෙනී ගියේ

      ම්ම් එහෙනං ස්පෑම් ගොඩේ ඇති

      Delete
  27. මටත් වයලීනි කියලා දුන්නා මේවා හදන හැටි . පෙනුමෙන් පෙන්නේ වැඩේ ගොඩ වගේ නේද ? . එල එල

    ReplyDelete