ලා දම් අහසට පායන උදවිය ..

Saturday, June 8, 2013

දිව ඇදෙන මළ සිරුර !

සමහර විට මේ මාතෘකාව පිළිඹදව ඔබේ විශ්වාසයක් නොවෙන්නට පිළිවන් .සත්‍ය කුමක්ද කියා කීමට මමත් නොදන්නා මුත් මේ කතාවන්  ඔබ හමුවේ දිග හරින්නට සිතුවා .නොයෙකුත් ගැටළු හේතුවෙන් අපේ ගමේ ගොඩක් වෙලාවට විදුලි බලය ඇන හිටිනවා .එහෙම දවසට අක්කගේ දුව "දෝණිත්" මමත් අපේ තාත්තාගෙන් පරණ කතා අහන්න හරිම ආසයි .ලාම්පු එලිය දල්වාගෙන ගෙදර තුන් හතර දෙනාම වටවෙලා මේ කතා අහනකොට හරිම සුන්දරයි .                                                                                                                                                තාත්තගේ ගම මාතර ..මන් හිතන්නේ මාතර ගුරුකම් ගැන නොදන්නා කෙනෙකු නැහැ කියා ,තාත්තගේ පියා මේ වගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන  කට්ටඩි උන්නාන්සේ කෙනෙක් (ලු ) .ඉතින් තාත්තලා පුංචි දවස්වල ඉඳලම කොහේ හරි කෙරෙන ගුරුකමක් තිබේනම් ,එතැනට ගිහින් තාත්තලටත් හොද හුරුවක් තිබිලා තියනවා .ඉතින් අපි හාරවුස්සලාම අහන්නේ ඔය කතා තමයි . දවසක් තාත්තාගේ පියාගේ යහළුවෙක් වන කට්ටඩි උන්නාන්සේ කෙනෙක් ,මහා බලගතු තෙලක් හදන්න අවශ්‍ය යි කියන මැරුණු මිනිසකුගේ දිවක් ගන්න සොහොන් පිටියකට ගියා .එදා ගුරුන්නාන්සේ රූපයෙන් අනුන තරුණයන් සිව් දෙනෙකුත් කැටුව තමයි ගියේ .ඒ තරුණයන් සිව් දෙනා අතරේ තාත්තා ද වුණා . ගියේ  සොහොන් පිටියකට ! අලුත වල දැමු මිනියක් සොයාගන්න .කට්ටඩි උන්නාන්සේ සොහොනට යන්න කලින් තරුණයන්ට උපදේශ ටිකක් දුන්නා , සිදුවීම මෙහෙමයි . කට්ටඩි උන්නාන්සේ මිනියක් ගොඩ දැමු පසු  ගහක එම මිනිය එල්ලනවා . එල්ලලා කට්ටඩි උන්නාන්සේ මතුරන්න ගන්නවා, එවිට ටිකෙන් ටික  දිව එලියට ඇදෙනවා . එම දිව  රැගෙන සොහොන් පිටියේ සීමාවෙන් ඉවතට පැමිණිය යුතුයි .  එසේ  පැමිණීම  ලේසි පහසු ක්‍රියාවක් නොවේලු . කට්ටඩි උන්නාන්සේ මතුරන අතර වාරයේදී මෝහිණී ලා සත් දෙනෙක් පැමිණ තරුණයන් වසඟ කරගැනීමට ඉඩ තිබේලු .කට්ටඩි උන්නාන්සේ ඒ පිළිඹදව කියා දැනුවත් කර තරුණයන් සිව් දෙනාද සමග රාත්‍රී 12.00 වන විටදීම සොහොන් පිටියකට ගියා . ගිහින්  උන්නාන්සේගේ  වැඩ කටයුතු  කරගෙන ගියා , තාත්තා ඇතුළු  තරුණයන්  බියෙන් පීඩිතව එල්ලා  ඇති මල කද දෙස ලොමු ‌ ඩෑහැ ගැන්වුන ශරීරය වෙව්ලමින් බලා සිටි බව ද කියුවා .දිව යන්තමින් එලියට ඇදෙන දෙස බලා සිටිද්දී මෝහිණිලා එකින් එකා බැගින් සත් දෙනා පැමිණියා .දුහුල් සළු වත දරා රන්වන් සිරුරින් කාන්තිමත් ව පැමිණුන උන් දිහා ඇසිපිය නොහෙලා බලා සිටි තරුණයින් කට්ටඩි උන්නාන්සේ කියූ උපදෙස් නැවත නැවත සිහිකරගනිමින් තම සිත් වසඟ නොකර ගැනීමට වග බලා ගත්තා .නමුත් නොසිතු අයුරින් කට්ටඩි උන්නාන්සේට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වුණා .තරුණයින් සිව් දෙනා කොයි අත දිව්වාද යන්න ඔවුන්ටම පැහැදිලි නොවුන වග අවසානයේ තාත්තා කියුවා :D                 ********************************************************************                                              අපේ ගමේ ඉන්නවා චන්ද්‍රා කියලා නැන්දා කෙනෙක් .ඇගේ වයස දැන් අවු:60 කටත් කිට්ටුයි .මේ කතාව ඇයට අපේ ගමේදී වුන කතාවක් .ඇයට අවු:20 පමණ කාලයේදී යම් කිසි ආත්මයක් වැනි යමක් ඇයට වැහෙන ලෙඩක් තිබුණා (ලු ).තාත්තලා කියන විදිහට ඒක ප්‍රේත දිශ්ටියක් .කියන හැටියට ඒ ඇගේ ඥාති වන මිය ගිය ඇත්තියක් !මේ දිෂ්ටිය වැහුන වෙලාවට ඇය හූ කියනවා ...නටනවා ..කියවනවා ඔය වගේ හැසිරීමක් තමයි තියෙන්නේ .  ඉතින් කට්ටඩි උන්නාන්සේලා ගුරුකම් නොයෙක් වර කලත් තේරුමක් නැති වුනාලු .පස්සේ තාත්තගේ පියා තමයි මේ ගුරුකම කරලා තියෙන්නේ .චන්ද්‍රා ඇන්ටිට  තොවිලයක්  කරන ආකාරයෙන්  තමයි ගුරුකම කරලා  තියෙන්නේ . තොවිලයේ බෙර වයන්නා බෙර වයන විට ඇය පොල් මල් දෙකක් අතට ගෙන නටන්නට වුණාලු . බෙර වයන්නාට  එකවර  එය දැක  කලබල වීමෙන් බෙර පදය වැරදී ගියා .එවිට පොල් මලෙන් එලව එලවා බෙර වයන්නාට පහර දුන්  බව පවසනවා. නැවත බෙර පදය නිවැරදිව වයන විට නැවත නටන්නට වුනාලු .චන්ද්‍රා ගේ ශරීරයේ සිටි වේශය ශරීරය තුලින් ඉවත්ව   යැවීමට නම් ඒ සඳහා බිල්ලක් දිය යුතුව තිබුණා .මන්ත්‍ර කියන අතරතුර අවශ්‍ය බිල්ල කුමක්දැයි විමසද්දී එය මනුෂ්‍ය ප්‍රාණයක් යනුවෙන් කීම නිසා සැවොම වික්ෂිප්ත වී ගිය නමුදු කට්ටඩි උන්නාන්සේ එසේ වුයේ නැහැ ."හරි බිල්ල දෙන්නම් කොහොමද ඔබ මේ ආතුරයාගෙන් මිදී  ගියා යැයි අප දැනගන්නේ" කියා විමසුවා.නිවාස ඉදිරිපිට ඇති විශාල මාර ගහෙන් අත්තක් බිඳගෙන යන්නම් "කියා වේශය කියා සිටියා .එසේනම් හරියටම රාත්‍රී 12.00 පසු වුන විගස ඔබ යා යුතුයි ! කට්ටඩි උන්නාන්සේ කියා සිටියා .එය පිළිගත් වේශය මහා අත්තක් බිඳගෙන හරියටම මධ්‍යහ්න 12. පසු වුන විගස  ශරීරයෙන් මිදී යන්නට ගියා .අත්ත බිදෙනවාත් සමගම කට්ටඩි උන්නාන්සේගේ ප්‍රාණය ද නිරුද්ද වී බිම ඇද වැටුනා ...!                                                          ප.ලි .   =      හුදෙක් රසාස්වාදය උදෙසා පමණි .පෞද්ගලිකව මෙවැනි දෑ ඇසින් දැක නැත .

60 comments:

  1. භූතයො පෙරේතයො යද්දි අත්ත කඩාගෙන යනව කියන සීන් එක නම් අහල තියෙවා. ඔය අටමගුල් දැකල නැහැනෙ ඇත්තට.

    ReplyDelete
    Replies
    1. දැක්කොත් කියයිද ඔහොම ! :D

      Delete
  2. මම බොහොම බය වුනා
    මගේ පණ එපාවුනා...

    ReplyDelete
    Replies
    1. මම උත්සවයකට ගියා සින්දු කියන්න
      මට ආපසු යන්ට ලැබුනෙ ජාමෙ දොලහට
      මම බැහැලා පාරට හැරුනා කනත්ත දෙසට
      කලු මිනිහෙක් උසට හිටියනෙ පාර හරහට

      අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුනා මෙමහට
      මම දිව්වා එතනට මේ විස්තරය කියන්න
      මම ලගට ගිය විට ඒ සුර කුමරිය ලෙසට
      කිව්වා මෙමාට භය නොවනු එයාට
      ඔයා ගිටාර් ගහන්න ලස්සන සින්දු කියන්න
      මට ආසයි නටන්න කියලා කිව්වා මෙමාට
      මම ගිටාර් ගහනවා ලස්සන බයිලා කියනවා
      තාලෙට එයත් නටනවා මට දුකත් හිතෙනවා
      මම කිව්වා එයාට හොදනැහැ පාරෙ නටන්න
      අපි යමු එහාට ගියා මිනී කනත්තට
      මම ගිටාර් ගහනවා ලස්සන බයිලා කියනවා
      මට මෙහෙම පේනවා මල මිනි නැගිටලා එනවා

      සුදෝ එපා නටන්න අපි යමුකො ගෙදරට
      අපෙ අම්මා ඔයාට ආදරෙ දේවි හරියට
      මම මෙහෙම කිව්වම එයා පැන්න අහසට
      හූ තියාගෙන නැවතත් පැන්න පොලවට
      එයා රවනවා මෙමට මම ගැහෙනවා භයට
      එයාගෙ දත් දෙකත් දිගයි ඇස් දෙක ගිණි ගොඩක් වගෙයි
      මම පැන්නා අහකට ගිටාර් එක ගත්තා දෑතට
      දුන්නා ඔලුවට ගිටාර් එකෙ කෑලි හැලෙන්න
      මේ ශබ්දය ඇසිලා මුර කරුවො නැගිටලා
      මට වතුර පොවාලා බැස්සුවා ගෙදර ගිහිල්ලා
      මේ විස්තරෙ අහලා අපෙ අම්මා භය වෙලා
      මට බලියක් කරලා ගත්තා මාව බේරලා

      Delete
    2. මම නම් ආසාම මැක්ස්වෙල් මෙන්ඩිස් අර යටි උගුරෙන් දෙන ල‍තෝනියට..!

      Delete
    3. @dude රෑ දොළහට හොල්මනකට මාව අහු වුණා :D @සිරා හ්ම්ම් ඔය තියෙන්නේ ඉතිරියත් @වී හි හි ;) අනේ මන්ද කිවුවට හොල්මන්වලට ආසයි වගේ

      Delete
  3. මෙවන් දෙයක් ගැන මට ඇත්තේ අතීත මතකයක්. ඒ කාලේ මං 3වැනි ශ්‍රෙණියේ වගේ. අපේ ගමේ කෙනෙකුට යකෙක් වැහුණා. ලොකු තොවිලයක් සිදුවුණා. එදා එය බලන්න මමත් ගියා. ඒ ආතුරයා වංගෙඩි කර ගහගෙන පොඩි පුටු යටින් පවා රිංගෙව්වා. මධ්‍යම රාත්‍රියේ දී කපු මහතා කිවුවා දැන් මෙතැනින් කවුරුවත් එළියට යන්න එපා යකා පන්නන්න හදන්නේ කියලා. අපි දෑස් දල්වාගන බලන් හිටියා. ඒත් එතැන උන් දෙදෙනෙක් අම්මයි දුවයි ඒ වෙලාවේ එතැනින් පිට වෙලා ගියා. හුලු අත්තකුත් පත්තු කරගෙන. අවසානයේ යකා ගියා නිකම් නොවේ දැවැන්ත කොස් අත්තක් ද අප බලා සිටියදී කඩා දමමින්. ආතුරයා සනීප වුණා. එත් පහුවදා උදේ ආරංචි වෙනවා එතැන සිට පිටව ගිය අම්මයි දුවයි දෙන්නගෙන් අම්මා වෙල මැද මැරි සිටින සිද්ධිය. දුව සිහි නැතුව සිට හමුවෙලා. අදටත් ජීවතුන් අතර.
    ඒත් මට තාම මේ දේවල් ගැන විශ්වාසයක් නෑ. ඒ ඇයිද කියන්න මං වත් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඇස් දෙකෙන් දැකලත් විස්වාස නැහැ ....එහෙමද ?

      Delete
  4. මේ වගේ අද්භූත කතා අහන්න කියවන්න ගොඩක් අය කැමතියිනෙ..

    ReplyDelete
  5. අත්දැකීමක් නැති නිසා මට නම් විශ්වාස නෑ...

    ReplyDelete
  6. ඔය දිව කපාගන්නේ පිල්ලියක් හදන්ඩ කියලා අහලා තියෙනවා.අනේ මන්දා මමනං සතපහකට විස්වාස කරන්නෑ.හැබැයි පට්ට බයයි හොල්මංවලට.:-)

    ReplyDelete
    Replies
    1. හි හි බයයි කිවුව නේ ? :)

      Delete
    2. මොකද මල්ලි ෆැකල්ටි එකේ හොල්මන් නැතිද?

      Delete
  7. අම්මෝ මමත් සැහෙන්න බයයි හොල්මන් වලට :O හැබැයි අර මහසෝනා ගහනවා කියන සීන් එක නම් නූතන විජ්ජාවෙන් පැහැදිලි කරලා තියේ, ඒත් ඇත්තටම වුනේ ඒකමද කියල නම් දන්නේ මළ එකාම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඒ කතාව මම දන්නේ නෑ ..කැමතියි දැනගන්න !

      Delete
  8. ඔය මාතර පැත්තේ හිටියලු හෙන කට්ටඩියෙක් වෙච්චි මාළු අල්ලන්න යන පොරක්. දවසක් පොර බොට්ටුවේ ගිහිල්ලා ජාමේට මාළු දෙතුන් දෙනෙකුත් කරේ තියාගෙන එන ගමන් රෑ මිනිහ එන පාරේ පොරක් ඉන්නවලු. කට්ටඩියා මිනිහව දැක්ක ගමන් අදුරගත්තලු මේ නම් යකෙක් ය කියලා. මූට හොද වැඩක් කරන්න ඕන කියල, මන්තරයක් මතුරල වැල ටිකක් උගේ ඇගට දැම්මම අර යකා කීකරු වෙලා පොර පස්සෙන් එනවලු. එහෙම ඇව්ල්ල ගෙදරට ගියපු කට්ටඩියා යකාට කියල “මම එනකං හිටිං ඔහොමම“ කියල. ඒක කියන කොට යකාගේ බාගෙට පැත්ත හැරිල තිබ්බ මුණ කට්ටඩියා ආයේ එන කල්ම ඒ විදියට ගල් පිළීමේ වගේ ඉදල තියෙනවා.

    කට්ටඩියා හොද පරාල ඇනයක් ගෙනැල්ල යකා ඉස්සරහම ඒක ජීවං කොරල මන්තරයක් කියල, ඇණේ යකාගේ නළල මැදින්ම හරියට ගැහුවලු. ජප කරපු ඇනේ ගැහුවම යකා ආයේ මොන විදියෙන්වත් කාටවත් ගලවගන්න බැරිලු.

    ඔය විදියට යකා කීකරු කරගෙන කට්ටඩියා ආතල් එකේ ගෙදරට වෙලාම හිටියලු. යකා මුදු යනව. මාළු ගේනවා. විකුණනවා. බඩු ගේනවා. දර පලනවා. වතුර අදිනවා. කෑම උයනවා. කට්ටඩියගේ පිට කසනවා. නාවන්න වතුර උණු කරනවා. ඇදුං හෝදනවා ඔය වගේ හැමදේම කරනවලු එක වචනයක් කිව්ව ගමන්.

    මේ සිද්ධිය බලං හිටිය වටේ පිටේ මිනිස්සු කට්ටඩියට කිව්වේ ඊට පස්සේ යම රජ්ජුරුවෝ කියලලු. කොහොම හරි යම රජ්ජුරුවෝ සෑහෙන කාලයක් යකාගෙන් වැඩ අර ගෙන යකාව ආයේ යැව්වලු. මැරෙන්න කිට්ටුව කට්ටඩියගේ පුරාණ යන්ත්‍ර මන්ත්‍ර පුස්කොල පොත් කන්දක් මුදුනේ මහ ගලක් යටින් ආරක්ෂාව තියලලු තියෙන්නේ. ගල උස්සල තියෙන්නේ මන්තරයක් කියලා. ආයේ ගල උස්සන්න ඒ මන්තරරේම කියන්න ඕනලු. කිසිම වාහනයක් ඒ පළාතකටවත් ගෙනියන්න වත් බෑලු.. ඔන්න රෙහානි කිව්ව වගේම කතාවක් මමත් කිව්වා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කොහෙද දන්නේ නෑනේ මේ පළාත ! මන් යකෙකුටවත් බය නෑ ..උස්සන් එන්න ඕනි ඒ පොත් ලන්ද ... :Dස්තුතියි මහන්සි වෙලා කොමෙන්ටුව කෙටුවට !

      Delete
  9. කතා 2 ම වැඩේ වරදින්න ගියේ ගැණු නිසා වගේයිනේ..:P
    ඒ කියන්නේ යක්කු උනත් එයාලට බයයි කියන එකද ...?

    ReplyDelete
    Replies
    1. හි හි වෙන්ඩ පුළුවන් ........ නේ ?

      Delete
  10. යක්කු යන්නෙ අතු බිඳගෙනමයි. ‍මේ කතා ඇහුවහම ‍දිෂ්ටි, පෙරේතයෝ, භූතයෝ කියල කොටසකුත් ඉන්නව කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදු දහමේත් අනන්තව මේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් ගැන සඳහන් වෙලා තියනවා ..නමුත් දිශ්ටියක් ඇඟක් ඇතුලේ වැහිලා ඉන්නවා කියන එකනම් මම විශ්වාස කරන්නේ නෑ

      Delete
  11. නොපෙනන බලවේග ඉන්නවා කියලා බුදු හාමුදුරුවෝ වුණත් කියලා තියෙනවනේ. ඒ නිසා මගේ විශ්වාසයක් තියෙනවා ඒ ගැන. ඒත් බයක් නැහැ. මොකද ඔය කියනවා වගේ අනතුරක් කරන්න ඒ ජීවින්ට පුළුවන් කියලා මම විශ්වාස නොකරන නිසා. අනේ මන්දා! හිතේ මැවෙන සිතුවිලි තමයි. සිත දුර්වල කෙනා ව යටත් කර ගන්න එක ඉතාමත් පහසු වැඩක්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම වැහිලා ඉන්නවා කියන එක මිත්‍යාවක් කියලා ..දැකලා නැනේ අපි ඉතිං

      Delete
  12. මෙන්න මට ඇතිවුන් ප්‍රශ්න.

    1. ෆොටෝ එකේ ඉන්නේ මොහිනිද?
    2. මොහිනිට වසඟ වුන කට්ටඩියා මොකද උනේ? මොහිනිට මොකද උනේ?
    3. තරුණයන් දිවුවේ ඇයි?

    දෙවෙනි කතාවෙන්

    ගස්වල අතු කඩා දාන එක පරිසර හානියක් කියලා යක්කු දන්නේ නැතිද? සියලුම කට්ටඩියන් එකතු වී මේ පිළිබඳව යකුන් දැනුවත් කල යුතුයි.

    ReplyDelete
  13. 1.නෑ රෝහිණි 2.කට්ටඩියා මලා මෝහිණී දිනුවා 3.උන්ටත් මැරෙන්න බැරි හින්දා *********************************************************** මේ වන විට කට්ටඩියන් විසින් ඒ සඳහා පනතක් ඉදිරිපත් කර ඇත .ඉදිරියේදී සම්මත වනු ඇත :D :D

    ReplyDelete
  14. ඩ්‍රැකියත් අවුරුදු විස්සෙදි, යාලුවො රැළකුත් එක්ක රෑ දෙකට විතර ගමේ කනත්තට ගියේ හොල්මන් අවතාර තියෙනවාද කියා බලන්නය. ඒත් දකින්න හම්බුනේ නැත.

    තව දවසක් යාළුවෙක්ගෙ ගෙදරක තිබුණු ශාන්තිකර්මයකදී, කට්ටඬියා මල් තට්ටුයි පැදුරකුයි කුකුළයි අරං කනත්තට යන්ඩ පිටත් විය. මල් තට්ටුවක් ඩ්‍රැකියා කරට ගත් අතර, තවත් යාළුවෝ දෙන්නෙක් තව ලොකු තට්ටුවක් කරට ගත්තෙමු. පැදුරයි කුකුළයි අත් දෙකට ගත්ත අපේ සෝබනයා (ඒක උගෙ අම්මා දාපු නමය) කුකුළා කකුල් දෙකෙන් අරං සෙලෙව්වෝය. කුකුළෙක් එහෙම හොලවපුවහම පියාපත් දෙක විදහා ගනී. ඒක පෙන්වා සෝබනයා ‘මේං භේරුණ්ඩ පක්ෂියා‘ කියා කිව්වෙමු. ඒකට අපිට කනත්තට ගිහිනුත් හිනා ය. දැනුත් මතක් වෙනකොට හිනා ගිහිං ඉස්මොල්ලේ යයි.

    ReplyDelete
    Replies
    1. උගේ අම්ම ඌට නියමෙට ගැලපෙන නමක් දමා ඇත !හි හි

      Delete
    2. ඩ්‍රැකිය මොකටද කනත්තට ගියේ. වෙම්පයර්ලා ලේ බොන්නේ පන තියෙන උන්ගෙන් නේද?

      Delete
    3. දැං කාලෙ, පණ තියෙන කෙල්ලොත් නිකං හොල්මං වගේ නේ බොස්. ඉතිං කනත්තට ගියේ හැබෑ හොල්මං මොන වගේද කියලා දැනගන්න. වෙනස අදුනගන්න.

      Delete
    4. //දැං කාලෙ, පණ තියෙන කෙල්ලොත් නිකං හොල්මං වගේ නේ//

      පවු අනේ අහිංසක හොල්මන් ටික, මෙහෙම කියලා උන්ට අපහාස කරන්න එපා.

      Delete
    5. අලී මේ ....කාටද උය කියන්නේ ආ :D

      Delete
    6. අපි කියමුකො එහෙනං හොල්මං, රෙහානි වගේනං නෙමේ ම නෙමේ කියලා.

      Delete
  15. ඉස්සර නම් ඔහොම ඇත්ත කට්ටඩියො ඉන්න ඇති. දැන් නම් ඉන්නෙ අමු හොරු අෆ්ෆා..
    මමත් මාර ආසාවෙන් ඉන්නෙ හොල්මනක් හම්බ වෙන්න හරියන්නෙ නෑ :(

    ReplyDelete
    Replies
    1. වරද්දගත්තා නේද කට ! හා හම්බුවෙයි අද රෑට .. හි හි

      Delete
  16. අපි නම් බය වෙයි @ වෙවුලමින්..
    http://tharugelokaya.blogspot.com/2012/07/blog-post_13.html
    මේකත් බලන්නකෝ බය නැත්නම් ;)

    ReplyDelete
    Replies
    1. හි හි ..මන් බැලුවා ඔන්න

      Delete
  17. මාත් මේ වගේ කතා සෑහෙන්න අහල තියෙනවා.හැබැයි ඕවා මං නම් ඇහැට දැකල නෑ.

    හැබැයි මෙහෙම සිද්දියක් වුනා අවුරුදු ගානකට කලින්. අපේ ගෙවල් ලග ගෙදරක තොවිලයක් තිබ්බා.ගමේ අහල පහල අය ගියා ඕක බලන්න.අපිත් ගියා.අපේ ගෙවල් ලගමයි.මහා රැ බේර ගගහ නටනකොට අපි ලගම වගේ ඉදගෙන හිටපු අපේ ගමේම ඇන්ටි කෙනෙක් එක පාරට කොන්ඩෙත් කඩන් නටන්න පටන් ගත්තනේ.අම්මේ.... මාත් ටිකක් බය උනා. ඊට පස්සේ කට්ටඩියෝ එයාගෙන් අනන් මනං ඇහුවත් එක්ක. කවුද මන්දා වැහිලා කියල තමා කිව්වේ.යන්න කිව්වට ගියෙත් නෑ. ඊට පස්සේ කට්ටඩියා ඒ ඇන්ටිට අර පොල් මලෙන් ගැහුවත් එක්ක යන්න කියල.අන්තිමට මතුරලා මතුරලා මොකක්දෝ කල.ඇන්ටි කලන්තේ දාලා වැටුනා.සිහිය ආවම හරි.ඒත් ඒ ඇන්ටි හරි අමාරුවෙන් හිටියේ.එයාව ගෙදර එක්කන් ගියා ඊට පස්සේ....

    ReplyDelete
    Replies
    1. ඔය කොන්ඩේ කඩන් නටන ඒවා නම් මාත් දැකල තියනවා ..අනේ මන්ද ඉතිං

      Delete
  18. බය හිතෙන කතා කියන්න එපා බොල.. :D

    ReplyDelete
  19. මේවායේ ඇත්ත නැත්ත මාත් හරියටම දන්නෙ නෑ. ඒත් මාත් ඔය වගේ කතා කීපයක් අහලා තියෙන බවනම් කියන්න ඕනි. අපේ සීයා කෙනෙක් (නෑකම හරියටම මතක නැතත් ගොඩක් ළඟම ඥාතියෙක්) පළාතේ හොඳම ගුරුන්නන්න්සේ කෙනෙක්. එයයි එයාගේ යාලු ගුරුන්නාන්සේ කෙනෙකුයි විහිළුවට වගේ පිල්ලි යවනවලු. පොඩ්ඩ මිස් උණොත් ජීවිතේ ඉවරයිලු. අදටත් ඒවයේ බලපෑම් ගැන මිනිස්සු කතාවෙනවා ඇහිලා තියෙනවා. (අපි කාගේ කවුරුද කියලා නොදැන) පත්තරෙත් ලඟකදී ගියා මට මතක හැටියට.

    අනෙක් කාරනාව අපේ අල්ලපු ගෙදර අයියත් ඔය වගේ සුප්‍රසිද්ද පරපුරක කෙනෙක්. එයත් ඔයාගේ තාත්තා වගේ අත්දැකීම් ලබලා තියෙනවා කියලා මං අහලා තියෙනවා.

    මොකක් උණත් එකක් කියන්න ඕනි. පරම්පරාවෙන් පරම්පරාවට යනකොට මේ ශිල්පය වන්දවෙලා ගිහින් තියෙනවා. ඔයා ගත්තත්, මං ගත්තත් අපේ අල්ලපු ගෙදර අයියා ගත්තත්. බොරු කාරයෝනම් වැහි වැහැලා...

    ReplyDelete
    Replies
    1. අපෝ මටනම් දැන් ඉන්න ගුරුන්නාන්සේලා සත පහකට විශ්වාස නෑ ..ඉස්සර කතා ඇහෙද්දී නම් ඉතිං එහෙම දේවල් තියෙන්න ඇති කියල හිතෙනවා

      Delete
    2. මී ටූ.... :D

      ඒත් ඇත්තටම ඒ දේවල් තිබිලා තියෙනවා කියලනම් පිලිගන්නවා.

      Delete
  20. :O බාගයයි කියෙවුවෙ අක්කියො... මං බයයි ඔවුවට..:( :(

    ReplyDelete
    Replies
    1. අම්බෝ මෙයාගේ තියන බය !

      Delete
  21. //..අත්ත බිදෙනවාත් සමගම කට්ටඩි උන්නාන්සේගේ ප්‍රාණය ද නිරුද්ද වී බිම ඇද වැටුනා ...!...//

    එතකොට රෙහානිගේ සීයා නේද මේ අන්ත්‍රා වෙලා තියෙන්නේ ??

    ReplyDelete
    Replies
    1. නෑනේ හසිත ...! අපේ සීයාගේ යාලුවෙක් :)

      Delete
  22. මේ දේවල් ඇත්තයයි පිළිගන්නට මැලිකමක් දක්වමි, ඒත් මේවා බොරුය කීමට තරම් හයියක්ද නැත,කොහොම වුනත් අපේ සීයා කියන විදිහට නම කොන්දදෙනියේ හාමුදුරුවෝ මෙවැනි බොහෝ වැඩ ගත් හිමිනමකි.

    ReplyDelete
  23. මෙන්න රෙහානි අක්ක බොරු කියනවෝ .... :D

    උදෙන්ම කියෙව්වේ දිව ඇදෙන කතාවක් :p :p :p :p :p :p :p

    අපේ තාත්තත් ඉස්සර ඔය වගේ ගොඩක් කතා කියල තියෙනවා. එව්වා බොරුය කියල අහක දාන්න බැහැ.. මට වැටහුණු හැටියට ජනකතා කියන්නේ අතිශයෝක්තිය කැටි උණු සත්‍ය කතා. ....

    ReplyDelete
  24. මටත් ඒ පිලිබඳව අත්දෙකීමක් නැති නිසා ඒවා පිලිගන්න අමරුයි. නමුත් ඉස්සර නම් ඇත්තටම එහෙම දේවල් වෙලා තියෙනවාලු!

    ReplyDelete
  25. මං ආසයි හොල්මං දකින්න

    ReplyDelete
  26. මෙන්න පලවෙනි වතාවට ඇමරිකාවෙ ඩොක්ටර් කෙනෙක් යකෙක් හොයාගෙන
    http://sandaruwn.blogspot.com/2015/11/demonic-possession-is-possible.html

    ReplyDelete