ලා දම් අහසට පායන උදවිය ..

Friday, November 30, 2012

ගැහැණු ළමයෙක් ..............

ගැහැණු ළමයෙක් ..............
රෝස මලක් වගේ
ලස්සන වෙන්නත් ඕන
පිච්ච මලක් වගේ
අහිංසක වෙන්නත් ඕන
උඩ වැඩියා  මලක් වගේ
 ආඩම්බර  වෙන්නත් ඕන
නමුත් ...
සුරියකාන්ත මලක් වගේ
ඉර හැරෙන හැරෙන අතට නොහැරිය යුතුයි

34 comments:

  1. ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...

    ReplyDelete
    Replies
    1. මට කියන්න අමතක වුනා...
      පිරිමි ළමයෙක්....

      බඹරා වගේ විසේකාරයෙක් වෙන්න ඕනෙ
      දෙඹරා වගේ ගණන්කාරයෙක් වෙන්නත් ඕනෙ
      සමනළයා වගේ හැඩකාරයෙක් වගේම මී මැස්සා වගේ වැඩකාරයෙක් වෙන්නත් ඕනෙ... එහෙම අයට පිච්ච මල්,රෝස මල්,උඩවැඩියා මල් එහෙම ලං වෙයි අපූරුවට... නැද්ද මං අහන්නෙ...


      Delete
    2. //ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...// හෑ ....ඒ මොකද්ද ඒ ?
      .....................................
      හික් .....අනේ මන්දා ,ඒකත් නරකම නෑ නේ ?

      Delete
    3. සූරියාකාන්ත මල් වලින් තෙල් ගන්න පුලුවන් නොවැ... ඒ තෙල්වලින් තව නිෂ්පාදන කරන්න පුලුවන්

      Delete
    4. අඩේ සිරා උඹත් කියනවා නොවැ මල් කතා ..! හිකිස්
      ඇයි බොල කටකාරයෙක් වෙන්නත් ඕන නේද, කොල්ලෝ

      Delete
  2. නාමලක් වගේ සුවඳ වෙන්න ඕනේ... නෙළුම් මලක් වගේ ගුණවත් වෙන්න ඕනේ... අරලිය මලක් වගේ පිවිතුරු වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම !(ගෝල්ඩ් ෆිෂ් අදමනේ මේ පැත්තට ආවේ ,සාදරයෙන් පිළිගන්නවා ෆිෂ් )

      Delete
  3. වදමලක් වගේ වෙන්නෙ නැතුව වෙන ඕන එකක්

    ReplyDelete
  4. ඇත්ත... ගොල්ඩ් ෆිෂ්ගේ කතාවත් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මදාරා !
      :)

      Delete
  5. ඉර නම් හැරෙන අතට හරුනට කමක් නෑ. ඉර නැත්නම් අපි හැමෝටම ජීවත් වෙන්නත් බෑ නේ. වෙන වෙන බහු බූත හැරෙන පැත්තට හැරෙන්න ගත්තොත් නම් කේස් තමයි!!!

    ReplyDelete
    Replies
    1. ඉර=වෙන වෙන බහු බූත :)කියලා හිතාගන්නකෝ

      Delete
  6. බිම් මලක් (හතු) වගේ පොළවෙ පය ගහල ජීවත් වෙන්නත් ඕන......

    ReplyDelete
  7. නියමයි නියමයි..! නෙලුම් මලක් වගේ උනොත් මොකද..:)

    ReplyDelete
    Replies
    1. ගුණවත් ලු !අර ෆිෂ් කියන්නේ
      :)

      Delete
  8. කෙටියෙන් කිව්වොත් කළවම් මැල්ලුමක් වගේ වෙන්න ඕන... හැබැයි රස වෙන්නත් ඕන.. එහෙමද?... ;)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ උපමාවත් නරක නෑ
      :)

      Delete
  9. මොන මලක් උනත් කමක් නැ මලවදයක් වෙන්නේ නැතුව හා නැද්ද

    ReplyDelete
    Replies
    1. හික්ස්.... අටම්ටත් හිතෙන දේවල්....

      Delete
    2. හිකිස් ..අනේ අටමෝ ඔයාගේ බ්ලොගේ කොමෙන්ට් දාන්න බැහැනේ ඇයි ඒ

      Delete
  10. හ්ම්ම්....හ්ම්ම්.... ඇත්ත....ඇත්ත....

    ReplyDelete
  11. ඇත්ත තමා...ගැණු ළමයෙක් ගම්මිරිස් ඇටයක් වගේ චුට්ටක් සැර වෙන්නත් ඕනා...හි හී

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් ඇටේ පොඩි උනාට සැර වැඩි නැද්ද අප්පා
      ;)

      Delete
  12. මෙහෙම කෙල්ලන් මානම් දැක නැත.

    ReplyDelete
  13. ඇත්ත කතාව. උඩවැඩියා මල් ආඩම්බරයි කියන්නෙ මොකද?

    ReplyDelete
    Replies
    1. නෙලාගන්න අපහසුයිනේ
      :)

      Delete
  14. ගොඩක් මල් ගැන කතා කරල තියෙනවනෙ.එතකොට ගෑල්ලමයි කෙහෙල්මලක් වගේ වෙනත් ඕනාද?

    ReplyDelete