ලා දම් අහසට පායන උදවිය ..

Thursday, July 3, 2014

රෙහානි නටපු නැටිලි..



හුගක් අයගේ ඉගෙනීමේ ආරම්භය වෙන්නේ පෙර පාසල.දැන් ඔයාලා කියයි ...."ඈ ....යකෝ , ඒක වෙන්නේ අම්මා තාත්තා අකුරු කියවපු දවසෙනෙ " කියලා . ඔවු ....ඒත් මං කියන්න උත්සහා කළේ ක්‍රමවත් ව අධ්‍යාපනයට යොමුවෙන මුලාරම්භය ගැන.අකුරු කියවනවා කියද්දී තව කතාවක් මතක් උනා හැලප තුමා ට වගේ.. ;) .අපේ ගමේ එකම පවුලේ අක්කෙකුයි නංගෙකුයි ඉන්නවා.ලොකු කෙල්ල දැන් ඉගෙනගෙන ගුරුවරියක්.පොඩි කෙල්ල සා /පෙළ වත් සමත් නෑ .දැන් එයත් කසාද හෙම බැඳලා.ඔය පොඩි කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්...අකුරු කියවන්න ලියන්න පුළුවන් උනාට තේරුම්ගැනීම,මතක ශක්තිය අතින් ගොඩක් දුර්වලයි.ඉතිං ඉගෙන ගන්න බෑ කියලා කියන්න ත් බෑ ,උවමනාවක් නැතිකම සහ ගුරුවරුන්ගේ නිසි අවධානය යොමු නොවීම කියලා තමයි මට නම් හිතෙන්නේ..සමහර දාට එයාගේ ඉස්කෝලෙදි දෙන ගෙදර වැඩ කරන්නේ මම...නරකම නෑ නේද? 9 පංතියේ ඉද්දි 10 ප්‍රශ්න වලට උත්තර ලියනවා කියන්නේ.. ;) හැබැයි ඉතිං ඒවා පෙන්නලා ඉස්කෝලෙදි ගුටි කනවද නම් මං දන්නෑ .කිවුවම මොකෝ මෙයාගේ අකුරු මගේ අකුරුත් එක්ක බැලුවම මුතු කැට වගේ. :D

ඉතිං ඔය ලොකු කෙල්ල පොඩි එකීට හැමදාම නෝක්කාඩු කිය කියා රණ්ඩු වෙනවා. " මී හරකි ....හු ....හු ....අදත් මිස්ගෙන් ගුටි කෑවනේ.., මං දැක්කා දණ ගස්සවලත් තියනවා " කියලා .දෙන්නා සහෝදරියෝ උනාට ටිකක් අවුල්...එකිනෙකාට ඊර්ෂ්‍යා කරන ගතියක් තිබුණා .ඉතිං ඔය ගෙදර මහා දෙන්නා නිතර කියපු කතාවක් තමයි "ලොකු කෙල්ලට පන්සලේ ලොකු හාමුදුරුවෝ අකුරු කියෙව්වයින් තමයි අද ඔය තැන ඉන්නේ..,පොඩි එකීට ඉතිං අපි එහෙම විශේෂයක් කොලේ නෑනේ " කියලා .එහෙම අකුරු කියවන කෙනාගේ උගත්කම,තත්වය අකුරු උගනින දරුවට බලපානවා කියන එක මම නං විස්වාස කොරන් නෑ  ඕන් ...මම හිතන්නේ අර අත්ගුණේ වගේ විශ්වාස කරන දෙයක්නේ ඕකත්...දරුවෙකුට අකුරු කියවන දවසක තමන්ගේ හිතේ දෙවි කෙනෙක් වගේ ඉන්න මනුස්සයෙකු ලවා ඒ දේ කරවගත්තට කමක් නෑ ,ඒක ලොකු සතුටක් වේවි. .නමුත් ඒ නිසාම දරුවා කවදා හරි හොඳ තැනකට ඒවි කියලා හිතනවා නම් ඒක විහිළුවක්.

හරි...දැන් කතාවට....! සුටි කාලේ ඉතිං මම පෙර පාසල් ගියේ මාසයයිලු ..හේතුවක් නම් මතක නෑ ...කොටින්ම මම පෙර පාසල් ගියාද වත් මතක නෑ .මගේ යාලුවෝ ළග තියන "මොන්ටිසෝරි කොන්සට් " එකේ නැටුම් කරපු ඇඳුම් ඇඳලා ගත්තු පොටෝ දැක්කම නං මට ඉරිසියයි.මක් කොරන්නද ඉතිං :( පස්සේ "කෙලින්ම ඩිරෙක්ට් ' එක වසරට.මට තවම මතකයි සුදු ගවුම් පොඩිත්තේ උඩ සාක්කුවේ ආයා කටුවකින් එල්ලලා තිබ්බ ලේන්සුවේ කොනක් හප හපා අම්මගේ අතේ එල්ලිලා මට පන්තියට යන්න බෑ කියලා හොටු පෙරාගෙන අඬපු හැටි,අම්මා වදෙන් පොරෙන් මාව ඉන්දවලා ඉස්කෝලේ බිත්තියට උඩින් ගහල තිබිච්ච කොටු දැල් අතරින් බෙල්ල උස්සලා මා දිහා බලලා හිනා වෙනවා.මට එතකොට ගානක් නෑ .එත්...ටික වෙලාවකින් අම්මා අතුරුදහන් වෙනවා..මුල් දවස් ටිකේ අම්මා නැති වුණහම ඇඩුවට  පස්සේ ඒක ගානක් නෑ ...පුංචි දවස්වල ඉදන්ම මං සිංදු කියන්නයි නටන්නයි ආසලු.ගෙදර සිංදුවක්  දාපු ගමන් නොතේරෙන කාලෙත් මං නටනවලු.

ඔය නැටුමට පිං සිද්ද වෙන්න මං තූර්ය වාදන කණ්ඩායමේත් හිටියා නේ.මුලින්ම මාව ගත්තේ රබාන ගහන්ඩ.හරි අකමැත්තෙන් තමයි ගැහුවේ.මට නිකං ඒක සාටර් වගේ හිතුනා අප්පා.පස්සේ කාලේ මට තම්මැට්ටම හම්බ උනා .ඒක නම් ආසාවෙන් ගැහුවා.ඒත් ඕකට පැනගන්ඩ කෙල්ලෝ හීන මවනවනේ ඉතිං ;) ඔය ලොකු ලොක්කෙක් ඉස්කෝලෙට එන දාට තූර්ය වාදන කණ්ඩායම අනිවාර්යයි නේ.ගොඩක් වෙලාවට අපේ ඉස්කෝලේ උත්සව වලට, හවුස් මීට් වලට එන්නේ ජෝන් ඇමති තුමා තමයි.වැඩේ කියන්නේ එතුමාගේ අවාසනාවකටද අපේ අවාසනාවට ද මන්දා එතුමා ආවොත් අපි නානවා.

"නොදකිං ගල් මුසලය....මූ ආවොත් වහිනවා..."එතුමාව පිළිගන්ට බෑන්ඩ් ගහන අපේ උන්ගේ කටවල් වලිං වචන පනිනවා හෙමීට ..

"මුද කොහෙද වැහි දෙයියන්නාන්සේත් නාවන්නේ ...හෙනම ගහපිය මේ වැස්සේ අපිට නොවැදී .."




ඉතිං රෙහානිගේ මේ නැටිල්ල උග්‍ර අතට හැරුණේ 6 වසරෙන් පස්සේ..හයේ පන්තියේදී තියනවනේ එක අංශයක් තෝරාගන්න.මට මතකයි අපේ පන්තියේ ගෑණු ළමයින්ගෙන් බාගයක්ම  නැටුම් කරන්න ආවා ..ඒත් අඩියක්වත් තියාගන්න බැරි උන් හැලිලා හැලිලා අන්තිමට අපේ පන්තියෙන් ඉතුරු උනේ හය දෙනයි.මට මතක විදිහට අපි හය දෙනා නැති උත්සවයක් අපේ ඉස්කෝලේ තිබුණේ නෑ ;) ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් නම් අපි මාසෙකට විතර කලින් පෙර පුහුණුවීම් පටන් ගන්නවනේ..අපිට ඉතිං ඊට වඩා දෙයක් නෑ ..මුලින් මුලින් ඕෆ් පීරියඩ් එකක් ආවොත් නැටුම් කාමරේ..උත්සවේ ළං වෙන්න සතියක් විතර තියෙද්දී එක පීරියඩ් එකක් වත් පන්තියේ නෑ ඒ දවස්වල අපිට ගණන් උගන්නපු සර් ටිකක් ගණන් ;) ඔහොම දවසක අපි හය දෙනා පන්තියේ නෑ කියලා සර් ට නෝට් වෙලා. ..ළමයින්ගෙන් ඇහුවම කියලා "ආ ඒගොල්ලෝ සර්  නැටුම් කාමරේ බහිරව පුජා පවත්තනවා මේ දවස්වල "කියලා .අපේ නැටුම් ටීචර් හරි සුවිටි කෙල්ල එතකොට.බැඳලත් නෑනේ.ඉතිං සර් ආවේ නැතෑ මල කරේ තියන් නැටුම් කාමරේට.

"ශ්‍යාමලී මිස් ...මගේ ළමයි හයදෙනා දෙන්න.."

මිස් අන්ඥකොරෝස් .....හිහ්  සර් ට ළමයි හය දෙනෙක්........! හපුච්චේ.

"සර් ....කොන්සට් එක ලගයිනේ ..ඒකයි ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් වලට මම ළමයි ටික ගත්තේ.

 "ඒවා මට අදාල නෑ ...මගේ පීරියඩ් එකේ ළමයි ටික ඉන්න ඕන.." කිවුවා ...වාෂ්ප උනා ..

සර් ඒ  පීරියඩ් එකේ අපිට ආදරේට අපිව අරන් ගියා නෙවෙයි හපුච්චේ...ඒක සර් මිස් ගෙන් ගත්තු ආදර පළියක් කියලා පසුව දැනගන්න ලැබුනලු....හිහ් :D

ඔන්න එතකොට මං 10 වසරේ..වර්ෂ අවසාන තෑගී ප්‍රධාන උත්සවය මට මතක විදිහට.අපේ හය දෙනයි, ඒ අවුරුද්දේ ඉස්කෝලෙන් අවුට් වෙන සෙට් එකේ අක්කලා 5 දෙනයි "දෑතට වළලු " ගීතයට නර්තනයක් කළා .අක්කලා සෙට් එක අපිත් එක්ක ලොකු එකමුතු කමකින් හිටියා .ඒක නම් මාරම ලස්සනට කළා .ඒකට මහපු පාට පාට කොටු කොටු රෙද්දයි හැට්ටෙයි මං ගොඩක් අසාවෙන් මේ ලඟක් වෙනකං තියන් ඉඳලා නැටුමකට කියලා ගෙදරටම ඇවිත් ඉල්ලපු ළමයෙකුට දුන්නා .ඇත්තටම පුංචි කාලේ නටපු ඇඳුම් වලට මං මෙච්චර ආදරේ ඇයි කියලා මට තේරෙන්නෑ.මං කරපු නැටුම් වලින් මට වැඩිපුරම ඇඟට දැනුණ එකක් තමයි ඔය "දෑතට වළලු " ගීතයට නටපු එක.

ඔය උත්සවේටම අපේ හය දෙනා වන්නම් ඇරෙන්න තව ගීත දෙකකට නැටුවා ..එකක් "නමස්තේ " හිංදි සිංදුව .අනික හිරුද "මුවා වී " කියන ගීතය.ඔය දෙකේම අංග චලන අපි අපි කතා වෙලා තමයි හදාගත්තේ.අපේ මිස් කිවුවේ ඒවාට පණු නැටුම් කියලා ... "මිස් අපිට ස්ටෙප් එකක් අල්ලලා දෙන්නකෝ "කීවාම මිස් කියන්නේ "අනේ උඹලගේ පණු නැටුම් මං දන්නෑ " කියලා .වන්නමක් නම් අන්න ඕන එකක්..

ඔය නමස්තේ ගීතයට අපි පුහුණු වීම් වෙන්න ගියාම පොඩි අවුල් ටිකක් තබ්බා.අපි ඔක්කොම පන්තිවල නැටුම් පුහුණුවීම් කරන්න තිබුණේ පුංචි කාමර කෑල්ලක් ඇතුලේ.. අනික තිබුණේ එක ගුවන් විදුලි යන්ත්‍රයයි..ඕකේ තමයි අදාළ කැසට් එක දාගෙන නටන්නේ.ඉතින් එක සෙට් එකක පුහුණු වීම් ඉවර වෙනකං අනිත් සෙට් එක වේලෙනවා.සමහර වෙලාවල් වලදී පාසල් කාලය අවසන් වෙලත් අපි හවස නැවතිලා පුහුණු වීම් කරනවා.හයේ පන්තියේ ඉදන් 11 පන්තියට එනකං නටන ඔක්කොටම ඔය සෙතේ තමයි.පස්සේ අපි පන්ති ටික කාලය වෙන් කරගත්තා .එතකොට බොරුවට වේලෙන්න ඕන නෑනේ..ඉතිං දවසක් උදේ වරුව අටේ පන්තියේ කෙල්ලෝ ටික කාමරේ බදු අරගෙන හිටියේ..12 වෙද්දී අපිට කාමරේ ලැබෙන්න ඕන...12 ට කලින් ඔතනට එකෙක් වත් නොගියොත් වෙන සෙට් එකක් කැසට් එක බදු ගන්න හන්දා කස්ටිය කිවුවා "රෙහා...උඹ දැන්ම ගිහින් ඇලට් එකේ ඉදහන් " කියලා .පීරියඩ් එකකුත් පාඩු කරන් ඔන්න මම කාමරේට රිංගුවා.අටේ සෙට් එක නටන්නේ ලතා වල්පොල මහත්මියගේ "ගලනා සීත ජලේ"...ඉතිං කස්ටිය ඔහොම ජලේ පා වේවි ඉද්දි එක කට හැකරිච්චියෙක් දැක්කා මාව. 

කස්ටිය කුණු කුණු ගාල කන් වලට කොඳුරගත්තා  , පස්සේ හැකරිච්චි හැකර කමට අහපි."ආ ....රෙහා අක්කෝ....මුකෝ ....."

"මුකෝ ...අහන්නේ ඊළඟට සෙට් එක අපේ...." හැකරිච්චි ට දෙවැනි නොවෙන්ඩ මාත් කියපි.

"හා.....තව පැය බාගයක්ම තියෙන්නේ...තමුසේ අපේ කෑලි අල්ලන්න නේද ආවේ ..."

"නිකං හිනා යන කතා කියන්න එපා ඕයි ...ඇටිකිච්චියන්ගේ කෑලි අහුලන්න තරං අපි බාල වෙලා නෑ යකෝ.."

"ඒ උනාට කමක් නෑ , තමුසේ යනවා..." හත් උලවූවයි මෙන්න තුන් හතර දෙනෙක්ම වට උනා .

"යනවා තමයි යකෝ ....උඹලා ගේ හැකර කටවල් වලට බයේ නෙවෙයි ,මේක අපෙත් නැටුම් කාමරේ..." අන්තිම හරිය කීවේ දොරටුව පයින ගමං ටිකක් සද්දෙට..ඇටිකිච්චියන්ගෙන් කාල සාටර් වෙන්න ඕනැයි.


මම ගොහින් අපේ සෙට් එකට වැඩේ වාර්තා කළ වහාම ඔක්කොටම කේන්තියි."දොළහ වෙන්න ඕන නෑ ..දැන් යමල්ලා " ගිහින් උන් ටික පන්නලා අක්කලාගේ ආධිපත්‍ය පැතිරුවා.

ඔන්න දැන් කොන්සට් දිනය උදාවුණා.අපේ වන්නමකුයි,නමස්තේ ගීතයටයි අපි නටලා අනිත් විශේෂාංග යන අතරේ ඊළඟ එකට කිට් එක දාගෙන ඉක්මනට දුවගෙන ආවා  අටේ පන්තියේ එවුන්ගේ හැංගි හැංගි නටපු ලොකු නැටුම බලන්ඩ.පොඩි හරි මිස්ටේක් එකක් උනොත් "හු ...කියපල්ලා " කියලා අපේ කොල්ලන්ටත් උගන්නලා තිබුණේ ;) හරි පටාන් ගත්තා ..............

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත ජලේ.........."

හැකරිච්චි ඉස්සරහින්ම විරිත්තගෙන හොඳට පස්ස අඹර අඹර නටනවා....අප්පා බලන්ඩ එපෑ මුණේ තියන ආඩම්බර කම.අම්මපා මුං නටන තාලෙටම මගේ ඇගේ මාලුත් නටනවා...., අපේ අනිත් උන්ගේ කටවල් ඇරිලා.....


දෙවැනි පාරටත් යනවා......

"ගලනා සීත ජලේ .......දිලෙනා නිලට නිලේ..
ඔබ නොදන්න......" 


හුකෑස් .....කරන්ට් ගියා . හැකරිච්චිගේ මුණ විලි ලැජ්ජාවෙන් රතුවෙලා,මිරිකිලා ( දැන් නම් පවු කියල හිතෙනෝ ) අනේ ඉතින් දෙයියන්ට වැඳ වැඳ අපි සතුටු වුණා .අපේ කොල්ලන්ගෙන් පටං ගත්තු හුව මුළු ශාලාවේම හිටපු කොල්ලන්ගේ කටවල් අවදි කරලා තමයි නතර වුණේ .එක පාරටම ආයෙත් කරන්ට් ආවා ...හැකරිච්චිලා හිත හදන් නටන්න ගත්තා .දැන් අපිට කොහොමත් එකයි.උන් චාටරේ කෑවනේ....

"ඔබ නොදන්න ගී ගයා රගාවී - නටා වී
ගලනා සීත...."

අනේ දෙවියනේ....ආයෙත් කරන්ට් ගියා ....ඒ පාර නම් දෙයියෝ කාගේ ප්‍රාර්ථනාවකට ඒක කරාද මන්දා ..දෙවැනි පාරටත් කොල්ලෝ හු තිබ්බම අටේ පන්තියේ උන් සටස් ගාල පිටිපස්සෙන් පැනගත්තා.ඊළඟට අපේ නැටුම..අම්මපා අපි නැටුවේ බිත්තර තම්බන්න පුළුවන් තරමට බොක්ක රත් කරගෙන.කරන්ට් ගියොත් කොහොමද සනීපෙ... 


ඒත් එහෙම අවුලක් උනේ නෑ අපේ වෙලාවට.අටේ කෙල්ලෝ ටික කොන්සට් එක ඉවරවෙලා අපිට මුණ නොදී හරි අමාරුවෙන් යනකොට අපේ එකෙක් හීනියට හින්ට් පාරක් දුන්නා .

"අර දිට්ඨ ධම්මවේදනීය කර්මේද මොකද්ද එකකුත් තියේලු නේ නේද රෙහෝ...." 

86 comments:

  1. අම්මපා නැටුම් ගැන මං මෙලෝ දෙයක් දන්නෙ නෑ අපේ සියා නම් ඕං ඔය පිලුම් වලත් නැටුවලු ,පරම්පරාවේන් දළදා පෙරහැරෙත් නැටුවලු ,මට නම් අඩි දෙකක් තියා ගන්න බෑ ඔය වන්නම් ..
    මොන්ඩිසොරි වලට මං ගිහින්ම නෑනේ හබැයි දැකලා තියේ ඔය පොඩි උන් ගේ නැටුම් ... :D ... උ/පෙ කාලේ හිටියා වැඩිය වයස නැති ටිචැර් කෙනෙක් නම රුවනි වගේ ...අපේ පංතිය ලගින්වත් ගියේ නෑ ,කොල්ලො ඒ තරම් හොදයි ...ටිචැරුත් ඇත්තටම ලස්සනයි :D :D

    ReplyDelete
    Replies
    1. මම නං වන්නමට පුදුම ආසාවක් තියෙන්නේ සහෝදර....

      //මොන්ඩිසොරි වලට මං ගිහින්ම නෑනේ හබැයි දැකලා තියේ ඔය පොඩි උන් ගේ නැටුම් ... :D//

      ඉරිසියා හිතෙනවා නේ දැක්කම ?

      තරුණ මිස්ලට ඉතිං ඔය ටොපි ය තමයි කොහෙත්.. ;)

      Delete
    2. කියන්න බැරි වෙලා එයා අපේ ඉස්කොලේ නැටුම් ට්චැර් ,පහල පංති වල හිටිය කොල්ලො නම් පෝලිමේ හියේ නැටුම් වලට,උන්ගේ අතපය හැම වෙලාවෙම හරියට හදන්න වෙලාලු ටිචැර්ට ;D ...හැදුවත් වරද්දනව ලු :D : D

      Delete
    3. හිහ් ....ගොඩක් වෙලාවට ඔය නැටුම් ටීචර්ලා තරුණ අය ....අපේ නම් කොල්ලෝ එකෙක්වත් ආවේ නෑ නැටුම් වලට..ලැජ්ජාවේ.. :D :D

      Delete
  2. අනේ අම්මපා මෙහෙමත් එවුන්.

    දිට්ඨ ධම්මවේදනීය කර්මේ ඔහොම ඵල දෙනවා කියල අද තමයි ඇහුවේ.

    අර රෙහනි මොන්ටිසෝරි ගියේ මාසයයි කියන කොට මතක් උනේ, මමත් මොන්ටිසෝරි ගිහින් මාස 4 , 5 කින් ගමන නැවත්තුවලු . අපේ නංගි ඒ කාලේ චූටියි නේ. එයාව බලා ගන්න ඕන කියල පොර ටෝක්ස් දීලලු මම මොන්ටිසොරිය ඇත ඇරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හි හී ...නරුම සෙට් එක...
      :D


      මොන්ටිසෝරි නොගිහිං එක පාරට එකේ පන්තියට වැටුනම හොල්මන් නෙහ් ?;)

      Delete
  3. හාහා...මට මැවිලා පේනවා සිද්ධිය. රෙහානි බලං යද්දි හෙණ චණ්ඩියෙක් වගේ ඈ...
    අර හින්දි ෆිල්ම් වලත් ඉන්නේ නැටුමට දස්ස චණ්ඩි කෙල්ලෝ...:D :D

    ReplyDelete
    Replies
    1. මොන චන්ඩි ද .....කටින් බය කොරන් හිටියේ...උන් ටික වට වෙලා මට දුන්නා නං කෑලි තමයි...හිහ්

      :D

      තරුව අදමද අහසට පෑයුවේ...?

      Delete
    2. හී හී...මටත් හිතුණා..එහෙම බැහැ නෙව අක්කලාගේ තත්වේ තියාගන්නත් එපැයි..ඔය ඇටිකිති නංගිලාට එහෙමත් රජකරන්න පුළුවන්ද ඉක්කෝලවල..! :D
      නෑ නෑ මම මීට කලින් පෑව්වා...ඔයාට මතක නෑ...:(

      Delete
    3. අන් න ඒකනේ තරුවේ.... :D

      අනේ සමාවෙන්ට ඕන....යන්තම් මතකයක් තිබුණා ...ඒකයි ඇහුවෙත්.. ;)

      Delete
  4. ඔය නටන වැඩේ නං මටත් හරියන්නෑ.. හැබැයි නැටුම් බලන්න මාරම ආසයි..ඔය අපේ පැත්තෙ ඒ කියන්නෙ කඩුවෙල,නවගමුවෙ දේවාලවල එහෙම දෙවොල්මඩු උත්සව තියෙන කාලෙට නොවරදවාම යනව..නැටුම් ටික බලන්න..ඒ නැටුම්වල නම්ගම් දන්නෙ නැති වුණාට ඒ බෙර සද්දෙත් එක්ක නැට්ටුක්කාරයො ලස්සනට නටන හැටි බලන්න මාරම ආසයි..
    මගෙත් පුංචිකාලෙ සිද්ධි ගොඩක් මතක් වුණා මේක කියවද්දි.. :)

    කෙල්ලො රණ්ඩු වෙනව බලන එක කොල්ලොන්ට මාර ආතල් නෙහ්.. :D

    ReplyDelete
    Replies
    1. නටන්න වගේම නැටුම් බලන්නත් මාත් ආසයි...ඔය දෙවොල්මඩු එහෙම බලපු කාලයක් මතක නෑ ...ආසයි කියද්දීත්...

      //මගෙත් පුංචිකාලෙ සිද්ධි ගොඩක් මතක් වුණා මේක කියවද්දි.. :)//
      ඉතිං ලියමුකො අපිටත් බලන්න..

      කෙහෙවලු පටලගන්නකොට කොල්ලෝ කරන්නේ උසි ගන්නලා "ආතල්" ගන්න එක. :D

      Delete
  5. යක්ඩෝ මේකී මොන්ටිසෝරි නොගිහින් 1වසරට ගිය එකියෙක්ද?හම්මේ ඒකට මම අවුරුදු 2ක් මොන්ටිසෝරි බඩගෑවා....ඔහ කට හැකරිච්චියෝ අපිටත් හිටියා...මටත් කතාවක් දෙකක් මතක් උනා ඕන් .....අපි නම් අහිංසක ලෙස චිත්‍ර කලාව හදාරපු ළමයි ඈ....ඒ බොලා තාම ඉස්කෝලේ යනවැයි

    ReplyDelete
    Replies
    1. අවුරුදු 2ක් .....හපුච්චේ...

      //මටත් කතාවක් දෙකක් මතක් උනා ඕන් .//
      ලියමු ලියමු....එහෙනං... ;)

      //..ඒ බොලා තාම ඉස්කෝලේ යනවැයි//
      තාම යනවා....හිතිං ... :D

      Delete
  6. අපි ඔය නටන්න දන්නේ නැති වුනාට නැටුම් හොදට බලාගෙන ඉන්න දන්න අය තමයි..

    ReplyDelete
    Replies
    1. ආ...ඔවු .....මදාරා කිවුවා තමයි.... :D :D

      Delete
    2. හැ මම කිවුවද? මෙයාලාගේ ඉස්කොලේ ගැන කියලා වැඩක් නෑ. මට අහන් ඉදලම එපා වෙලා :පී හු හු

      Delete
    3. හය්යු.....හී ... :D

      Delete
  7. ෂිහ් මෙහෙමත් එවුන්.. අර පොඩි එවුන්ගෙන් කාල ආව නං තමයි වඩා හොද..

    අපේ ඉස්කෝලේ නැටුම් සර් කෙනෙක් හිටියේ.. ඒ කාමරේට ගියපු කෙළ්ලෙක් නම් ආපහු යහතින් ආවේ නෑ... අන්තිමට මෑන්ව එලෙව්වා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ....විදානේ මොකෝ අටේ පන්තියේ කෙල්ලන්ට අදින්නේ.... ;)

      එහෙමද ....හිහ් :D

      ජය වේවා!!!

      @ප්‍රියා = මෙයා කරලා තීන්නේ ලී කෙලි....සවරන් එහෙම...උයා දන්නේ නෑ ;)

      Delete
    2. අහෝ එසේ වීනම් නැටුමා කෙලවාගන්නේ මගෙනි..

      Delete
    3. හා....කවුද එතකොට නැටුමා :D :D

      Delete
  8. Replies
    1. නැට්ටුක්කාරියෝ

      Delete
    2. අපි නං අාස පොඩි කාලේ නටපු නැටුං වලට ඇදුං වලට නෙමෙයි අනේ... හැක්..

      Delete
    3. හරි ඉතිං නැට්ටුක්කාරියෝ තමයි... :D

      උයත් වඳුරු නැටුමක් හරි නැටුවා නම් බලන්ට තිබ්බා ආසාව ;)

      Delete
  9. රෙහානිත් මාර නැටිල්ලක් නටලා තියෙන්නෙ නෙහෙ… :) අර අටේ පංතියෙ කෙල්ලො ටික නම් පව් වැඩේ.

    අපිත් ඒ කාලෙ නැටුම් බලන්න මාර ආසයි. කොච්චරක්ද කියනවානම් උත්සව දවස වෙනකම් ඉවසීමක් නැති නිසා නැටුම් කාමරේ පිටිපස්සෙ දැලෙන් එබිලත් බලනවා. පස්සෙ ටීචර් "කෙල්ලො ටික බේර ගන්න බෑ" කියලා වටේටම කර්ටන් දැම්මට පස්සෙ වැඩේ අත හැරියා. :D :D

    ReplyDelete
    Replies
    1. පවූ නම් තමයි ඉතිං :)

      අපේ ටිචරුත් ඔහොම කොල්ලෝ එලවනවා...හුටා .....කර්ටනුත් දැම්මද? :D

      Delete
    2. දැං බැදලා කියලා පාඩුවෙ ඉදියට පෙනේද මුගේ තියන වලත්තකම///හ්ම්....

      Delete
  10. මාත් කවදාවත් ගිහිල්ල නෑ පෙර පාසලකට. මං හිතන්නෙ අපේ පන්තියෙ කවුරුත් ගිහිල්ල නෑ.
    ඔය චිත්‍ර නැටුම් සංගීත පිරියඩ් එක මරු. චිත්‍ර ගුරුවරී ඇවිල්ල නැති දවසට අපි යනව නැටුම් කාමරේ ලඟට. ජනේලයෙන් එබිල බලනව කෙල්ලො ටික නටන හැටි. නැටුං මිස් අපිව එලවගන්නව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බොලා රටේ සල්ලි කන්නේ.. අනේ අම්මප.. දැංවත් මුං යවන්න ඕන පිරි ස්කුල්..

      Delete
    2. ඒ කියන්නේ ඒ වෙද්දී පෙර පාසල කියන සංකල්පය අද තරම් දියුණු වෙලා තිබුණේ නැද්ද?

      ඔහොම එබුණේ වැඩිපුර චංචලා ලා බලන්න ආපු මලිත්ලා තමයි අපේ නම් :D

      Delete
    3. අදේ මේ ....දේශා ගානේ යවනවානම් දැන් උනත් අවුලක් නෑ ...දැන් ප්රි ස්කුල් යන එක ලේසි නෑ බොලං :D

      Delete
  11. අපොයි නටපු නැටුම්..:)
    මට නම් නැටුම් බෑ.. පැන්සලකින් කුරුටුගගා ඉන්න නම් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. :D

      එහෙමද දුල්ෂාන්...චිත්‍ර කියන්නෙත් හොද මානසික වින්දනයක් තියන දෙයක් තමයි..

      Delete
  12. උඹලගේ සෙට් එක හිමීහිට මේන් ස්විච් එක ඕෆ් කළා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ සත්තමයි නෑ .....ඒක එයැයිලගේ කරුමෙටමයි වුණේ :D

      Delete
  13. ඒ රෙහානියෝ මමත් නැටුම් බං කෙරුවේ.හැබැයි මට ඔය වන්නම් වලින් මතක "හනුමා වන්නම"විතරයි.අර කියන්නේ

    "ගිරෙන් ගිරට පැන -ලැගුම් සොයා පුබුදමින්
    අරුණ කලමා ගොර-දෙමින් නැවත වට පිටින් බලති නෙක
    උසුළු විසුළු පුදුමා"

    අපිට නැටුම් ඉගැන්නුවෙත් ශෝක් ටීචර් කෙනෙක්...:)අපේ ස්කොලේ කොල්ලෝ විතරයිනේ.ඉතින් ස්කොලේ උත්සව වලදී කෙල්ලන්ගේ චරිත කරන්න ගත්තෙත් කොල්ලොම තමයි.

    අනෙක මමත් අවුරුදු දෙකක්ම මොන්ටිසෝරි ගිය කොල්ලෙක් බං..:D

    ReplyDelete
    Replies
    1. ශා......ඔය තියෙන්නේ තවම මතකේ....
      //ඉතින් ස්කොලේ උත්සව වලදී කෙල්ලන්ගේ චරිත කරන්න ගත්තෙත් කොල්ලොම තමයි.//
      මරු ඇති ඒක නම්...

      හපුච්චේ.....ඔයයිත් අවු 2 ක් ගියාද ? ඒ කීන්නේ කොන්සට් 2යි...දැන් එතකොට ඒ දෙකේම නටපු පොටෝ තියනවද? :D

      Delete
  14. මටනම් නැටුම් යන්තමින්වත් බෑ. හහා... මාවත් අල්ලන්ඩ එනවා ඉස්සර මිස්ලා මියුසික් රූම් එකට. අපේ අම්මවත් ගෙන්නුවා එකපාරක් මාව හදන්ඩ බෑ පන්තියේ නෑ කියල. ඕ ලෙවල් ඉවර වෙද්දි ඔකෙස්ට්‍රා එකෙන් අයින් වෙන්න ගෙදරින් ටිකට් එක ලැබුනා. දුක තමයි.

    මන් ආසයි නැටුම් පුරුදු වෙනව බලන් ඉන්න. අපි වෙලාවකට ප්‍රැක්ටිස් ඉවරවෙලත් ක්ලාස් එකට නොයා බැලේ එහෙම පුරුදු වෙනව බලන් ඉන්නව ඒ කාලෙ.

    රෙහානි අක්කත් මාර චණ්ඩියෙක්නෙ බලන් ගියාම.

    ReplyDelete
    Replies
    1. මියුසික් කියන්නෙත් නැටුම වගේම පෙර පුහුණුවීම් අත්‍යවශ්‍ය දෙයක්....අනික කොන්සට් වලදී පෙරමුණේ තමයි...අත්දැකීම් ඇතිනේ....ලියමුද? ;)

      චණ්ඩි කටින් විතරයි....ඇත්තටම....ඒ කාලෙ කට වත් තිබුණා දැන් ඒකත් නෑ ;)

      Delete
  15. මරු මරු :D.ඉස්කෝලෙ කා‍ලෙ ෂෝක් නේද.මටනම් තාලෙට වැනෙන්නවත් බැහැ.ඒත් නැටුම් බලන්නනම් හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....මරු ම තමයි....

      ඔහොම හිතුවට ට්‍රයි කරොත් බැරි නෑ තුශෝ ...
      ;)

      Delete
  16. අපිට නං මොන්ටිසෝරි කාලයක් තිබ්බෙ නෑ කෙලින්ම ඉස්කෝලෙට.හයේ පංතියට ගිය ඉස්කෝලෙ නැටුම් ටීච අපේ පුංචි අම්ම කෙනෙක්.ඒ නිසා වැඩිපුර දඟලන්න කරන්න ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හැලප තුමාත් නටලා තියේ.... ;)

      Delete
  17. සෞන්දර්ය කියල එකකට චිත්‍ර කලා වෙන කරන්න එකක් තිබ්බ නැති හන්ද! :D

    ReplyDelete
    Replies
    1. අලි චිත්‍ර වෙන්ට ඇති ඒවා... :D

      Delete
  18. නැටුම් ගැන නම් කියලා වැඩක් නෑ. ඒ කාලේ හැම නැටුමේම මම හිටියේ කොල්ලට ^_^ රස කතා ගොඩයි....................

    ReplyDelete
    Replies
    1. කොල්ලට ඉන්න එක මරුනේ...මාත් හිටියා එක පාරක් කොල්ලට....බෝතලයකුත් ඉනේ ගහන් ....හිහ් :D

      Delete
  19. හැක් යකෝ උඹ මර නැටිල්ලක්නේ නටලා තියෙන්නේ , උම්බ්ලා main switch එක off කළා නේද එදා ඇත්ත කියපං

    ReplyDelete
    Replies
    1. නෑ කිවුවොත් නෑ මයි බොල ...... :D ඒක උන්ගේ කරුමේ... ;)

      Delete
  20. කතාව අහලා හරිම සතුටුයි රෙහානි......

    මමත් නර්ථනය හදාරපු කෙනෙක්... තව ටිකක් කියනවානම් 9 වසරෙදි වෙස්බැන්දා. ආසාවට දළදා පෙරහැරේ අවුරුදු 4ක් වෙස් නැටුවා. අවුරුදු 4 ම හොදම වෙස් කණ්ඩායමට හිමි ජනාධිපති සම්මාන දිනුවා.. 2004 සමස්ථ ලංකා වෙස් එක අපි දිනුවේ.. ඉතින් නැටුම් ගැන නම් මතකය කියලා ඉවර කරන්න බැරි දෙයක්. සමහර විට අපි ජාතික නර්ථන උලෙලවල් වලදී එහෙමත් හම්බෙලා ඇති..... කොහොම වුණත් නැටුම් ගැන කියද්දි අහන්නත් ආසයි. ඒත් කැම්පස් ගියාට පස්සේ ඒ දේවල් අතඇරුණා. දැන් අවුරුදු 10 කින් වෙස් ඇඳලාවත් නෑ... කණගාටුයි තමයි...

    ReplyDelete
    Replies
    1. මටත් හරිම සතුටුයි මගේ ජාතියේ එකෙක් හමු වීම....අප්සැට් එකේ හිටියේ නටපු එකෙක් වත් නැති හන්දා ... ;)

      සුභ පැතුම්....ඔයා තරම් දුරට මං ගියේ නෑ :( ජනාධිපති සම්මාන ....මට හීනයක් වෙලා තිබුන දෙයක්...ඒත් ඒකට වාසනාවක් තියෙන්න නැතුව ඇති..2004 මං ඕලෙවල් කරපු අවුරුද්ද..එතකොට නැටුම් වලට තහංචි අපිට...

      //සමහර විට අපි ජාතික නර්ථන උලෙලවල් වලදී එහෙමත් හම්බෙලා ඇති.....//වයස් පරතරේ කොහොමද දන්නේ නෑ නේ...2004න් පස්සේ මං නටන එක අත් ඇරියා ...උ.පෙළ.කරන්න ගත්තට පස්සේ....

      කොහොමද කල එළි මංගල්ලේ තිබුණ දවස ? ආඩම්බරයි නේ මතක් වෙද්දී..? (මං හිතන්නේ ඔයා පිරිමි ළමෙක් ?) ;)

      Delete
    2. ඇත්ත රෙහානි.................

      මං නුවර පාසල් ගියේ... වෙස්බැන්දේ මාලිගාවේ... නාථදේවාල භූමියේ තමයි කළඑළි බැස්සේ.... නර්ථනයෙන් ගොඩක් දේවල් කරන්න ලැබුණත් පසුව ඒක අතහැරුණා.. අදටත් පෙරහැර බලන්න ගියාම අතීතය මතක් වෙනවා. ආසාවට ගත්ත ගැටබෙරයක් විතරක් තාම ගෙදර තියෙනවා... මොනවා වුණත් මං නර්ථනයට එදා වගේ ම අදත් ආදරෙයි.... 2004 මං ඒලෙවල් කරේ... අන්තිම අවුරුද්දේ තමයි ඔය සමස්ථ ලංකා ෆස්ට් එක දිනුවේ වෙස් වලින්... මට මතක විදිහට අසදෘස වෙන්න ඕනේ...

      සතුටුයි නර්ථනය ගැන කැමැත්තක් ඇති කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණාටත්.................

      Delete
    3. ආ ...ඔයා නුවරද...? නුවර වෙස් අඳින අය මෙහෙට වඩා වැඩියි මං හිතන්නේ...පෙරහැර බලන්න ගියහම ගැට බෙර වදිනකොට අත් දෙකයි කකුල් දෙකයි කහනවා වගේ තමයි මටත්.... ;)

      මටත් එසේමයි ......

      Delete
  21. හොඳට නටලා නේද ... :D

    ඉස්සර අපිත් වැඩිපුරම බැනුම් ඇහුවේ නටන්නයි සිංදු කියන්නයි ගිහින්.. අයෙත් ඉස්කෝලේ යන්න තියෙනව නම් කොච්චර ශෝක්ද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..... :D

      ඉස්කෝලේ අමතක නොවෙන මතක ගොඩයි තුශා

      Delete
  22. රෙහානි අක්කට කියන්න,,
    හය වසරේදී ඔය හතරම අපිට කරන්න තිබ්බ නේ.. ඒ කියන්නේ නැටුම්, චිත්‍ර, පෙරදිග සංගීතය, බටහිර සංගීතය. බටහිර එකටයි නැටුම් වලටයි තමා අමං අකමැතිම.. අෆෝ.... මතක් වෙද්දීත්...
    ඒ කාලේ ඉතින් මතක් වෙද්දීත් ඇහැට කඳුළු එනවා තමා..
    අද මට හම්බුනා මම 6 වසරේ හදපු රේඩියෝ සර්කිට් එකක්.. අනේ බැටරි අමුනලා ස්පීකරයක් තියල බලද්දී ලස්සනට වැඩ කරනවා.. ඒ වෙලාවේ නම් කදුලක් නෙවේ දෙකක්ම ඇස දෙකෙන් වැටුනා..

    ReplyDelete
    Replies
    1. ඒ කීන්නේ අඩියක්වත් තියාගන්ට බැරි උනයි ? :D

      ඔය වගේ පැරණි මතක හරි සුන්දරයි මල්ලි....

      Delete
  23. මතකයන් බොහෝමයයි නේ

    ReplyDelete
  24. ආ එහේන්ම් උබත් හොද නැට්ටිච්චියෙක් නේ.හ්ම්ම් හ්ම්ම්.

    ReplyDelete
  25. මට නම් කිසිම සෞන්දර්ය හැකියාවක් නෑ..විෂයක් කරන්න ඕනවට නාට්‍ය හා රංග කලාව කළා..නාට්‍ය 3න 4කත් රගපෑවා..අපේ ඉස්කෝලේ ගැනු ළමයි නෑ නොවෑ අපිට බලන්න..හැබැයි ගුරු ප්‍රතිබා වගේ එකෙක් තියෙන කාලෙට මම ලයිසොන් පිට ඒවා අහලක් නෑර නැරබුවා...මොකද radio club එකෙන් අපි තමා ශබ්ද පරිපලානේ වෙදිකා සැකැස්ම හැමදේම කලේ...

    ReplyDelete
    Replies
    1. හුගක් ඉන්නේ ගෑලු ළමයි නැති ඉස්කෝල වල අයනේ...

      දැන් මතක් උනේ....මාත් එක නාට්ටියක රගපාලා තියේ.....හික්....

      Delete
  26. Blog karuwan athare dhen nettuwo dhedhenek sitith. Rehani saha kurutu ge gee pavura. Thavath ethi hengilaa. Maath nataa thibe.....pissu, hemadhama karanna puluwan nisa man eya thoragaththa

    ReplyDelete
    Replies
    1. පිස්සු හරි නටලා තියනවා නම් මදැයි..... :) හොද තෝරාගැනීමක් .... :D

      බතී දැක්කේ කාලෙකින්

      Delete
  27. අඩේ..හිත දුවලා දුවලා ගියා ඉස්කෝලේ කාලෙට. මමත් මියුසික් රූම එකේම හිටපු එකෙක් එක්තරා කාලෙක. මම ඔකෙස්ට්‍රා එකේ හිටියා වයලින් කාරියෙක්ට.හැබැයි නැටුම් නම් එදත් බෑ අදත් බෑ.

    ReplyDelete
    Replies
    1. ශා ...මරුනේ අක්කියෝ....ඔයාට වයලින් ප්ලේ කරන්න පුළුවන්ද ?

      පොඩ්ඩක් ට්‍රයි කරොත් බැරිත් නෑ අක්කෝ ....

      Delete
  28. රෙහානි එහෙනං හොද හොද නැටුම් නටලා තියෙනවා ඒ කාලෙ...නැටුම කියන්නෙ හොද ව්‍යායාමයක් නේද ශරීරයට..නැටුම් කරන අංගනාවො හොද හැඩට ඉන්නෙ ඔය. අපේ පාසල ඉතින් බාලක පාසලක් නොවැ...පාසලේ හිටිය ඉතාම ලස්සන ගුරුතුමියන් කීප දෙනාගෙන් කෙනෙක් තමයි අපේ පාසලේ නැටුම් ටීචර්...මම ඉතින් සංගීතය කරපු එකා...ඔයාලට වගේ තමයි ගායනා තරග ආවම උදේ ඉදන් සංගීත කාමරේ පුහුණුවීම්...වතාවක් මගේ පන්ති භාර විද්‍යාව උගන්වපු ගුරුවරයා කාලයකට පස්සෙ එයාගෙ පීරියඩ් එකක පන්තියේ ඉන්නවා දැකලා...අද මොකද ප්‍රැක්ටිස් නැද්ද කියලා මාව එලෙව්වා නගෝ සංගීත කාමරේටම.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නැටුම් කරද්දී ඇග හැඩ වෙනවා ...නැටුම හරියට ඇගට දැනෙන්න ඕන ඉතිං ..නැටුම් ටීචර් ලා හැමෝම වගේ ලස්සනයි.. ;) ඔයාගේ සර් කරලා තියෙන්නේ අපේ සර් කරපු එකේ අනිත් පැත්ත ....හී .....

      Delete
  29. මාත් ප්‍රාර්තනා කරන්නේ රෙහානිලගේ අයිටම් එක තියෙන වෙලාවට ලයිට් පලයාං කියලා.

    ReplyDelete
    Replies
    1. හපුච්චේ....සර් කියන කතාව ......අපි පවු හොදේ .. ;)

      Delete
  30. අදයි මේ එහට ගොඩවැදුනෙ...
    ආයෙ එංඤංකො....
    දාන්නකො අළුත් පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා ඔයාව අහස යටට ....

      අද හෙට වැටෙයි අලුත් එකක් ... ;)

      Delete
  31. යකඩෝ.... මේක බලං යද්දි චංඩි නැට්ටිච්චියෙක්නෙ බොල......මංනං සංගීතෙ කලේ...ඒත් වැඩිපුර ඉදියෙ චිත්‍ර කාමරේ..ඉස්කෝලෙ ඉදපු ලස්සනම ටීච ඉගැන්නුවේ චිත්‍ර...ඉතිං සංගීතෙ වෙලාවට කොල්ලයි බල්ලයි හැම එකාම රිංගනවා චිත්‍ර කාමරේට....රිංගලා බිම වාඩිවෙලා කට ඇරං බලං ඉන්නවා මිස්ගෙ ...... දිහා.... හයියෝ එහෙමත් කාලයක්.හිත සෑහෙන්න ආපස්සට ගියා...ආයි ඒ කාලෙට යන්න ඇත්තං

    ReplyDelete
    Replies
    1. හප්පේ....පේනවා නේද තරම....හිටු නෝනට කියන්ට...

      Delete
  32. අනේ ඇත්තට දිට්ඨ ධම්මේ ඔය වගේ ඒවාට විතරයි නේ පල දෙන්නේ අප්පා... :/
    පව් පොඩි උන්...

    ReplyDelete
    Replies
    1. හිහ් .....පවු කියලා තමයි රවින් දැන් නම් මටත් හිතෙන්නේ .. :(

      Delete
  33. ඉතාමත් අහම්බෙන් තමයි මේ දවස් වල බ්ලොග් එකක් කියවන්නේ. මේකෙන් මම දැක්කේ ගෑණුන්ගේ ආවේනික ගති ටික. හිනාත් යනවා.

    ReplyDelete
    Replies
    1. සුදික මහත්තයා කාලෙකින් දැක්කේ

      හික්ස්....ඔවු ඉතිං .....

      Delete
  34. නටද්දි කරන්ට් “යැවිම.“සාමාන්‍ය දෙයක්.ඉස්කෝලවල විතක් නෙමෙයි පසුව ක්ෂේත්‍රයට පය ගහද්දිත් ඔය කැපිල්ල එනවා.කොයි ක්ෂේත්‍රයේත් කැපිලි තියෙනවනේ.
    ඒක ඇඹරෙන්න රතුවෙන්න දෙයක් නෙමෙයි.
    ඕක නිතර සිද්ද වෙනවා.නටද්දි කරන්ට් ගියා/යැවුවා කියලා කියුවොත් සිතාගන්න තියෙන්නේ ඒ දරුවාට/දරුවන්ට හොදින් නටන්න හැකි බවයි.
    නමුත්,එයට මුහුණ දෙන විදියයි වැදගත්.ප්‍රසිද්ධ නැටුම් ක්ෂේත්‍රයේ එකම එක කට්ටියක් විතරක් පෙනෙන්න ඉන්න එක හේතුවක් තමයි මේ කපන්නට දක්ෂ වීම.
    මේවා තිරය පිටුපස කතා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආදරෙන් පිළිගන්නවා මල්මි අහස යටට

      මල්මි .....අපි නම් ඔන්න හිතලා නොවේ ඒක කළේ .. ;)

      Delete