ලා දම් අහසට පායන උදවිය ..

Friday, September 6, 2013

The Black Hole සහ අපි

නිර්මල බුදු දහමට අනුව උතුම් මනුශ්යත්වයක් ලැබීමට බොහෝ පින් පෙර ආත්ම වල රැස් කර තිබිය යුතුයි.එසේ ලබාගන්නා මිනිස් ආත්මය සමහර  මිනිසුන් ගත කරන්නේ තුච්ඡ අධම අවිනීත ආකාරයෙන්ය.මිනිසා ජීවත් කරවන බලාපොරොත්තු , සිතුවිලි දැන් දැන් නොමගට යන ආකාරයක් පෙනේ. කරුණාව දයාව මිනිසුන්ගේ සිත් වලින් බොහෝ දුර ගොස් ඇත.ධනයෙන් යැපෙන සමාජයක් නිර්මාණය වීමෙන් එය එසේ වන්නට ඇතැයි විටෙක මට සිතේ.

ගමේත් නගරයේත් එක සේම දුක කඳුළ හඳුනන මිනිසුන්  සේම සියල්ල ධනය මත යැයි සිතන කරුණාව දයාව නොහඳුනන මිනිසුන්ද වෙති.සමාජ විෂමතාවය යැයි කියන්නේ ඒ වෙනස්කම් මිනිසුන්ගේ විවිධ සිතුවිලි අතරින් සමාජය තුල ඇති කරන පෙරළියන් වන්නට ඇත.

කෙන කෙනාගේ ජීවිතවලට  කාලයෙන් කාලයට අලුත්  අලුත් අත්දැකීම් එකතු වේ.හිතන්න ඔබට ජීවිතේ වරමක් දෙනවා කියලා...ඔබ ඒ වරමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට දන්නවා ද ?

දවසක් ජීවිතය ගැන කලකිරුණු කෙනෙක් කල්පනාවේ ඉද්දී දෙවි කෙනෙක් ඇවිත් ඒ පුද්ගලයාට වරම් දෙකක් දෙන්නට පොරොන්දු උනා.

දෙවියන් :::: මම ඔබට වරම් දෙකක් ලබා දෙනවා , ඔබේ වරම් දෙකෙන් පලමු වරය ලෙස ඔබට අවශ්ය කුමක්ද?

මිනිසා  ::::දෙවියනි ,මට සුව නින්දකදී මිය යාමට පලමු වරය දෙන්න

දෙවියන්::::  හොඳයි,මම ඔබට එම වරය දෙනවා. දැන් දෙවැනි වරය ලෙස අවශ්ය වන්නේ කුමක්ද?

මිනිසා::::  දෙවියනි , කිසිදා මිය නොයන ලෙස මට දෙවැනි වරය දෙන්න.

එම මිනිසා ඔබ හෝ මා වූයේ නම් අප ඉල්ලාවි , සැප සම්පත්, යාන වාහන, ඉඩ කඩම් , ගේ දොර වැනි දේ. යථාර්තය තේරුම් ගෙන යථාර්තයට යථාර්තවාදීව මුහුණ දීමට අපේ පෘතග්ජන හිත් තවම නොනැමෙන සුලුයි.



මට මේ සියලු සිතිවිලි උපද්දන්නට සමත් වූ කෙටි චිත්‍රපටය The Black Hole(කලු සිදුර).විනාඩි 2ක් වැනි කෙටි කාලසීමාවක් තුල මේ චිත්‍රපටය අපට කොයිතරම් ලොකු පාඩමක් කියා දෙනවාද? ඔබට හැකිනම් ඇසිපිය නොහෙලා හෝ බලා සිටින්න.මක් නිසාද යත් මෙම චිත්‍රපටය තුල තප්පරය පවා බොහෝ වටිනා හෙයිනි.





හ්ම්ම්.........මොහුට ලැබුන වරම මොහු නිවැරදිව පාවිච්චි කලානම් , කාර්ය බහුලත්වයෙන් පීඩිතව සිටි ඔහුගේ සිතුවිලි ක්‍රියාත්මක වූ අයුරු පුදුමයක් නොවේ. නමුත් ඔහුගේ වැඩි තණ්හාව ඔහුගේ ඉරණමට හේතු උනා.මේ වරය ඔබට  ලැබුනා නම් ?

49 comments:

  1. මට ඔහොම වරයක් දුන්නොත් නම් පළවෙනි එක විතරක් ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම් එතකොට වීඩියෝවේ තියන වරය හම්බුනොත්....

      Delete
  2. ඒක නං පෙරේත කම. ඌට ඕකේ එබිල බලන්න ඕනයැ.. මරු අයිඩියා එකක්... තැන්කුයි රෙහානියෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තණ්හාව මතුවෙලා ඇවිත් තියෙන්නේ ...

      Delete
  3. හොඳ වැඩේ අරූ ඕනවට වඩා පෙරේත වෙන්න ගියාට....

    මට වරයක් ඉල්ලන්න කිව්වොත් මං ඉල්ලන්නේ හත්පෙති මලක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ..

      හත්පෙති මලක් ... නරකම නෑ..

      Delete
    2. ඔව්. එතකොට මට එක පෙත්තට එක ගානේ වර ඉල්ලන්න පුළුවන්නේ. හත්වෙනි පෙත්ත කඩලා මං ඉල්ලනවා තව හත් පෙති මලක්...

      කොහොමද ටිකිරි මොලේ?

      Delete
    3. එකපාරක් ඉල්ලපු එකක් ආයේ ඉල්ලන්න බෑලු :D

      Delete
    4. කවුද කියන්නේ...? බොලු...

      Delete
  4. පට්ට වීඩියෝව. වැඩි තණ්හාවට ගිහින් වුණු දෙයක්? එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. මූට ඔච්චර වුවමනා වුනා නම් හොරකම් කරන්න තමන්ට ඇති තරම් අරන් මාරු වෙන් නැතුව ඇතුලටම යන්න ගිහින් වෙච්ච දේ. ඒත් මං හිතන්නේ මම වුනත් ඔය විදිහටම කටයුතු කරයි ඔය වගේ අවස්ථාවක් ආවොත් නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රතී.. අපි උනත් ඔය වගේ අවස්තාවක ඔය ටික ඔය වගේම කරයි.
      ඒකතමයි ඇත්ත...

      Delete
  5. අප්පට බොල...දැන් ඊ ලනගට එන එකාට කොලේ හම්බවෙයි නේද..?
    මම නම් දවසට එක මිටිය ගානේ අරං ගිහින් දහමෙන් සෙමින් ජීවත් වෙනවා....

    ඔය කිව්වට ඔය වගේ දෙයක් එක සැරේම වුනොත් අපි හමෝම කරන්නේ ඔහොම වැඩක් තමයි......ඒ වගේ දේවල් දරාගන්න පෘථක්ජන මිනිස්සු හැටියට අපිට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ... දැහමෙන් ජීවත් වෙයි.එක මිටියක් ගත්තට පස්සෙ අනේ තව මිටියක්, අනේ තව මිටියක් ,අනේ තව මිටියක් ,අනේ තව මිටියක් කිය කියා හිතෙයි.හිකිස් :D

      හරියට හරි...අපි උනත් එක පාරින් ගොඩ යන්න හිතන් ඔය ටික කරනවා

      Delete
  6. ඔහොම කොලයක් හම්බවුනෝත් මටත් කියහන්කෝ..

    ReplyDelete
  7. ආ....ඕක පස්ට කෙටි පිලුම් එකක්. මං ගාවත් හෑව්..

    ReplyDelete
    Replies
    1. The black hole කෙටි චිත්‍රපටය 2008 සැප්තැම්බර් නිපද වූවක්.මෙම කෙටි චිත්‍රපටය හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තා සේම හොඳම කෙටි චිත්‍රපට නලුවා වුයේ ද මෙහි රඟපෑ Napoleon Ryan.. මෙහි පිටපත් රචනය සහ අධ්යකෂනය Philip Sanson , Olly Williams යන දෙපල විසින් සිදු කර ඇත.

      මේ තියෙන්නේ ඒ ගැන් විස්තරයක්.

      ස්තුතියි තරුවො

      Delete
  8. ෂඃ සුපිරියි රෙහානි.. කියන්න වචන නැහැ.. නියමයි... කී දෙනෙක් මේ විදිහට තමන්ට අයිති නැති ලෝක වල හිර වෙලා ඇත්ද ... සමහරු මේ වෙද්දීත් මැරිලා , සමහරු පණ අදිනවා..

    ඔය වගේ වරයක් ලැබුණොත් නම් මම කරන්නේ කොළෙත් අරන් පොළේ යන එක..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් අය්යේ, ඔයා කියන දේ හරියටම හරි.අපිත් ඉන්නේ මුලා වෙලා කියලා වෙලාවකට හිතෙනවා

      හා හා පොළෙන් බඩු උස්සන්න හිත නේද.. :D

      Delete
  9. සූදානම් ශරීරේ කියලා, මෙහෙම චාන්ස් එකක් හම්බවුනොත් ඉල්ලන්න ඕනේ දේවල් ගැන ලැයිස්තුවක් දැන්ම ඉඳන්ම හදලා තියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හික් හික්! ටයින් අවුට් මෙව්වා එකක් එක්ක වරේ ඉල්ලන්න දුන්නොත් කොරොස් කටෙත් අතදාගන්න බැරි වෙනවා!

      Delete
    2. හෙක් හෙක් ඒක හොඳයි....

      ඒක නිසා අල්තයීරුත් දැන්මම ලිස්ට් එකක් හදාගන්න. :D

      Delete
  10. මම දන්නවා රෙහානි ට ඔය වගේ වරමක් ලැබුනොත් එකයි ඉල්ලන්නෙ කියල.
    >>අනේ මගෙ හබියට තනි ඔෆිස් කාමරයක් ඇතුලේ වැඩ කරන ජොබක් ලබල දෙන්න<<කියල තමයි ඉල්ලන්නෙ.
    එතකොට මල් කඩල,මාල ගොතන්නත් පුලුවන්නෙ.
    (මම ඉදල හිටල "සමකය වටේ"ට බයිල ලියනව.වෙලාවක් තිබේනම් ගොඩ වෙලා යන්න.)

    ReplyDelete
    Replies
    1. හී හී... මට හම්බුනොත් මම ඕකෙ හැංගිලා කොරියා යනවා.... :D

      මම බලලා ආවා ඒ පැත්තට ගිහින්

      Delete
  11. නියමයිනේ රෙහානි.......බලන්නකෝ පණිවිඩය කොච්චර ප්‍රභලයිද කියලා නේද?

    ReplyDelete
  12. ඔන්න මමත් ආවා ..

    ලස්සන පනිවිඩයක්නේ දීලා තියෙන්නේ ... ඕනවට වඩා ඕනෑම දෙකට බැදුනම ඔහොම වෙනවා .. මේ මට වගේ ...

    මගෙත් අතීතය කල කි දේ දැන් පස්සෙන් එලොනවා ..

    කරන කලට පවු මිහිරිය මි සේ .. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ආදරයෙන් පිලිගන්නවා සුළඟ මෙහෙට

      //ලස්සන පනිවිඩයක්නේ දීලා තියෙන්නේ ... ඕනවට වඩා ඕනෑම දෙකට බැදුනම ඔහොම වෙනවා .. මේ මට වගේ ... //කාටත් එහෙමයි


      කරන කලට පවු මිහිරිය මි සේ .. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...

      ඒක නම් ඇත්ත.

      ආයෙත් හමන්න හුළඟ මේ පැත්තට හොඳේ

      Delete
  13. මාරයි.. මට ඔහොම එකක් හම්බ උනොත් වැඩි තන්හාවට යන්නෙ නෑ... හැම බැංකු සේප්පුවකින්ම පොඩ්ඩ පොඩ්ඩ ගන්නවා :ප්

    ReplyDelete
    Replies
    1. එතකොට පොඩ්ඩ පොඩ්ඩ ගන්නේ ජොලියටද ඈ?

      Delete
  14. දෑන් ඔය කොලේ කොහෙද දන්නෙ නෑ නෙ.(කලින් ආව.විඩියො එක බලන්න බෑරිඋනා නෙට්වර්ක් ප්‍රශ්නයක් නිසා)

    ReplyDelete
    Replies
    1. හොයාගන්න තිබුනනම් හොඳයි නෙහ් :D

      Delete
  15. මමනම් මුකුත් ඉල්ලන්නේ නෑ . බල කරලම කිව්වොත් ඉල්ලන්න කියලා අලුත් එළකිරි වයලීන් එකක් ඉල්ලනවා . එකත් ආතල් එකට වගේ . පස්සේ කාලෙකදී රෙහානි අක්කටවත් විකුණගන්න බැරිය . :p

    ReplyDelete
  16. මමනම් මුකුත් ඉල්ලන්නේ නෑ . බල කරලම කිව්වොත් ඉල්ලන්න කියලා අලුත් එළකිරි වයලීන් එකක් ඉල්ලනවා . එකත් ආතල් එකට වගේ . පස්සේ කාලෙකදී රෙහානි අක්කටවත් විකුණගන්න බැරිය . :p

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ගෑල්ලමෙක්ව ඉල්ලයි කියලා...හික් :D

      මට විකුණන්න....ඊට ලේසි වෙයි අයිස්ලන්තෙට ෆ්‍රිජ් එකක් විකුණන එක..

      Delete
  17. තණ්හාය ජායතී සෝකෝ
    තණ්හාය ජායතී බයං

    විනාඩි දෙකහමාරකදි මොන තරම් දෙයක් කියන්න පුලුවන්ද නේද ?

    ReplyDelete
  18. කාලෙකට කලින් මේ රූපරාමු කීපය දැකලා තියෙනවා...මෙන්න මේවට තමයි නිර්මාණ කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා අය්යේ ,.... මේවා තමයි සුපිරිම නිර්මාණ

      Delete
  19. මට නම් වර දෙකම ඉල්ලන්න වෙන්නෙ අනුන් වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....ඒ කිවුවේ දරුවෝ වෙනුවෙන් වෙන්න ඕන..?

      Delete
  20. නියමයි, වැඩි තන්නවට ගියාම මේ දේ තමයි වෙන්නේ.

    ReplyDelete
  21. ඒක මාත් බැලුවා අහම්බෙන්. අධික තණ්හාව හින්දා තියන ටිකත් නැති වෙනවා. අර වරය ගැන කියන කතාව පැටලිලා නැද්ද..? මට හිතෙන්නේ එකෙ මොකක් හරි පැටලිල්ලක් තියේ කියලා

    ReplyDelete
    Replies
    1. නෑ ඒ කතාව එහෙම තමයි කියන්නේ මම දන්න තරමින්...ඒ කියන්නේ එයා ඒ වරයෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා කියන එක...

      Delete
  22. හ්ම්ම් ඇත්ත කතාව.

    ReplyDelete
  23. මාත් අද තමා මේ පැත්තට පය තිබ්බේ....
    ඔය කෙටි චිත්‍ර පටිය මමත් නම් බැලුවා ....ඕනට වැඩියේ ඕනම දෙයක් ඕනෙම නෑ කියනවානේ..
    දිගටම ලියන්න ජයෙන් ජය !


    ReplyDelete
  24. තන්හාය විප්පමුත්තස්ස...නත්ති සෝකෝ කුතෝ භයං කිව්වලු :) නියම වීඩියෝව

    ReplyDelete
  25. සුපිරි ඈ... තණ්හාව කියන්නේ ඕකට තමා..

    ReplyDelete