ලා දම් අහසට පායන උදවිය ..

Saturday, September 14, 2013

කලු පටි ගහපු පොරක් නේද මේ අඬන්නේ

ලංකාවේ දුප්පත් රැකියා වල නිරත වෙන ගොඩක් ලංකාවේ අහිංසක දුප්පත් කොල්ලෝ නිවාඩු ඉරිදාවේ කොරියා භාෂා පන්ති යන්න පටන් අරං..අනිත් අතට උසස් පෙළ ලියලා ගෙදර ඉන්න අපේ අහල පහල ගොඩක් තරුණ ළමයි  දැන් කොරියා භාෂා පන්ති යනවා.කොරියාවේ ගියාට පස්සේ විඳින්න තියන මහා දුක් ගොඩ අමතක කරලා තරුණයෝ එම රැකියා කරා යොමුවීමට ප්‍රධානම හේතුවක් තමයි ...තමන්ගේම කියලා ගෙයක් දොරක් හදන් කාටවත් අත නොපා ජීවත් වීමට තියන කැමත්ත. කොටින්ම මේ වැටිලා තියන වලෙන් ගොඩ එන්න හිතාගෙන. 

මගේ හස්බන්ඩ් ලන්කාවෙන් යද්දී තිබුණට වඩා ලොකු තරඟයක් දැන් කොරියා යන්න තියනවා..එහෙම අමාරුවෙන් ගිහිල්ලා ඔලුව උස්සන්න හදද්දී මල්ලි අහවල් උවමනාවට මට සල්ලි ටිකක් ඕනේ මට සල්ලි ටිකක් දියන්කෝ " කියලා සල්ලි ඉල්ලන්නේ අත පය කපාගෙන ,පුච්චගෙන දුක් විඳලා හම්බකරන සල්ලි වල , සල්ලි වල තියන නිකම්ම නිකන් වටිනාකමට වඩා ලොකු වටිනාකමක් අපිට ඒ සල්ලි ගැන තියනවා කියන දේ තේරුම් නොගෙන..ඒක කුනු කම වත් , ලෝබ කමවත් නෙවේ.. අපිටත් කියලා ඔලුව උස්සගන්න තවම බැරිවෙලා තියන හන්දා 

මෙච්චර කාලේකට අපෙන් ගොඩක් අය සල්ලි ඉල්ලුවේ හරි අමුතු දේවල්වලට..

මේ සංවාද...!


මල්ලි අපේ වෙඩින් එක තියනවා ලබන මාසේ...! පුලුවන්නම් අපිට ලක්ෂයක් දියන් ආපහු අනිවාර්යෙන් දෙන්නම් (නිකන් රුපියල් විස්සක් තිහක් ඉල්ලන ගානට ඉල්ලන්නේ)

මේ දවස්වල නම් දෙන්න විදියක් නෑ ....අපිත් වැඩ වගයකට හිරවෙලා ඉන්නේ
****************************************************

ඇයි යකෝ මුං කටේ තොලේ නොගෑවී ඉල්ලන ලස්සන බලහල්ලකෝ...මුන්ට අහවල් එක කොරගන්නත් මමද සල්ලි දෙන්න ඕනේ(සංවාදය අවසානයේ හස්බන් මගෙත් එක්ක කියනවා)කොහොමත් එයා කාටවත් හිත රිදෙන්න මුකුත් කියන්නෙ නෑ. ඊට පස්සෙ හිතේ තියන ඔක්කොම මාත් එක්ක කියනවා..

අනේ මචං මම අත් ට්‍රැක්ටරයක් ගන්න ඉන්නේ තව 50,000ක් මදි පුලුවන්නම් මට 50ක් දාපන් මම අනිවා උබට ආපහු දෙන්නම් ( මෙයාගේ ගම තිස්සමහාරාමේ..)

මේකට කොහොම උත්තර දුන්නද කියලා මට මතක නෑ ඕන්...

මචං මම සැලුන් එකක් දාන්න කියලා ඉන්නේ පුලුවන්නම් මට සල්ලි ටිකක් දාහං....(මේ ඉල්ලීමද පෙර කෙනාගේමයි)

මචං මගේ ලොරියේ ෆිනෑන්ස් එක හිර වෙලා බං උඹට පුලුවන්නම් ලක්ෂ එකහමාරක් දාපන්කෝ ...ආපහු දෙන්නම්(මට තියන ප්‍රශ්නේ මෙයාලා ලඟ දැන් නැති ලක්ෂ එකහමාර ආයේ පස්සේ හම්බෙන්නේ කොහොමද කියලා)

තව ඉතිං නෑදෑයන්ගේ  සින්න වෙන්න යන රත්තරන්  බඩු බේරගන්න, එතකොට ගෙවල්වල වහල හදාගන්න  තව පොඩි පොඩි දේවල් වලට සල්ලි ඉල්ලුව වාර අනන්තයි මේ අවුරුදු තුනහමාර ඇතුලත,නෑදෑයෝ නම් උදව් ඉල්ලපු එක පාරක් වත් අපි නෑ බෑ නොකියා උදවු කලා.එහෙම කලේ අපිට ඒ අය ගොඩාක් හිතවත් නිසාමයි.නැත්තන් අපිට එහෙම වෙස්සන්තර දාන පාරමිතා පුරන්න බෑ..මොකද අපිත් තවම ඉන්නේ වලේ නිසා...

මට හදිස්සියේ මේ ඔක්කොම මතක් උනේ අද මේ දැන් ටිකකට කලින් උන සිදුවීමක් හින්දා...කොරියාවේ ඉඳලා ලංකාවට නිවාඩු ආපු කෙනෙකුට ලංකාවේදී සල්ලි වගයක් ඕන වෙලා අපෙන් සල්ලි ඉල්ලුවා.මගේ හස්බන්ඩ් මට කතා කරලා කිවුවා එයාට සල්ලි දෙන්න කියලා...මමත් සල්ලි දෙන්නේ මොකටද කියලවත් ඇහුවේ නෑ...මම අදාල කෙනාගේ වයිෆ්ට සල්ලි දුන්නා....දැන් එයා නිවාඩු ඇවිත් ඉඳලා ආපහු කොරියාවට ගිහිනුත් මාස පහක් විතර වෙනවා..සල්ලි ආපහු දුන්නෙත් නෑ..අද කතා කරලා එයා ආපහු  සල්ලි ඉල්ලලා.අපේ හබීත් පරණ සල්ලි ගැන මතක් කරලත් නෑ...සල්ලි මේ වෙලාවේ නැහැ කියලා කියලා...ඇත්තටම එයා ලඟ සල්ලි නෑ. නැත්තන් ආපහු සැරයක් උනත් එයා නම් සල්ලි දෙනවා..පොඩ්ඩක් දුක හිතෙන විදියට කිවුවොත් එහෙම බඩේ තියන එකත් ඇදලා දෙනවා

අපේ එක්කෙනාව ආශ්‍රය කරලා තියන අය හිතන්නේ එයාගේ හිත හොඳ කම හින්දා එයාගෙන් සල්ලි ගලවගන්න පුලුවන් කියලා,නැත්තන් ඉතිං මෙහෙම බය සැක නැතුව ඉල්ලාවියැ....අපේ හබීට දවසක් කේන්ති ඇවිත් මාත් එක්ක කියනවා " මේ ඔක්කොම සල්ලි ටික ඔය ඉල්ලන ඉල්ලන අයට දීලා මම ලංකාවට එන්නම්,අපි දෙන්න කුලියට ගෙයක් අරන් ඉමුද" කියලා..ඒ ඉල්ලන හැමෝටම සල්ලි දුන්නනම් අපිට කුලියට තමයි ඉන්න වෙන්නේ,,,
****************************************************

හා දැන් ඒ කතා ඉවරයි...මේක රස කතාවක්....

අපේ හබීට කොරියාවේදී  පහුගිය අවු 3 හමාර ඇතුලත යාලුවෝ විශාල ප්‍රමාණයක්  හම්බවෙලා තියනවා..ඒ අතරේ මුස්ලිම් යාලුවෙකුත් ඉන්නවා.අපි එයාට කියමුකෝ ෆාහිම් කියලා.තව යාලුවෙක් ඉන්නවා ,එයාට කියමු තිලිණ කියලා.මේ දෙන්නම අපේ හබීගේ කම්පැනි එකේ නෙවෙයි.ඒ දෙන්නත් කම්පැනි දෙකක.ෆාහිම් ඉන්නේ අපෙ හබීගේ කම්පැනි එක ලඟම කම්පැනි එකක.තිලිණ ටිකක් දුරින් ඉන්නේ.ලංකාවේ ඉඳන් කොරියා ගිය අය කවුරු කොරියාවේදි හම්බුනත් තරාතිරම ජාති කුල මල නැතුව, ඔක්කොම ලාංකිකයෝ හැටියට තමයි අපේ හබී නම් ආශ්‍රය කරන්නේ...ඇත්තටම අපේ හබීට එක එක විදිහේ ගති ගුණ තියන යාලුවෝ ඉන්නවා...සමහර වෙලාවට ඇණ වෙන අයත් ඉන්නවා...ඒත් කිසිම භේදයක් ගැන නොහිතා අපේ හබී ඒ අයව ආශ්‍රය කරනවා...එයා විතරක් නෙවෙයි.කොරියාවේ ඉන්න ලාංකිකයෝ ගොඩක් අය ඒ වගේ තමයි.  

තිලිණ එක්ක එක කාමරේ හිටපු සමහරු තමන්ගේ කාලය අවසන් වෙලා ලංකාවට ගිහින් , තව සමහරු කම්පැනි මාරු කරලා..ඉතින් තිලිණගේ හිත මිත්‍රාදීන් කවුරුත්ම දැන් එයාගේ කාමරේ නැහැ.කම්පැනි එකෙන් පරණ ගිය අය වෙනුවට ලංකාවෙන් අලුත් අයවලුන් ගෙන්නලා.ඒ අතරේ ඉඳලා තියනවා ටිකක් නාහෙට අහන්නෙ නැති වලියටම බර කෙනෙක්.ආ දවසේ ඉඳන් තිලිණ එක්ක කොක්කටමලු එන්න හදන්නේ..දැන් තිලිණ පරණ සාමාජිකයා උනාට වැඩක් වෙන්නෙ නෑ..මොකද අලුතෙන් 6 දෙනෙක් විතර එකටම තමයි ගෙන්නවලා තියෙන්නේ.ඉතිං අලුත් අය අලුත් අයටනේ සපෝට් කරන්නේ..මේ හේතුව නිසා තිලිණ ඉවසන් ඉඳලා අපේ හබීට කෝල් කරලා විස්තරේ කියලා.තව සෙට් එකකුත් සෙට් කරගෙන එයාගේ කාමරේට නිවාඩු දවසේ එන්න කියලා .පොඩ්ඩක් අර අලුත් සෙට් එක බය කරවන්න. :D " මටත් හොඳ සෙට් එකක් ඉන්නවා" කියලා පෙන්නන්න වගේ.

ඉතින් දැන් කී පරිදි අපේ හබී එක්ක එකට කාමරේ ඉන්න තුන් දෙනයි, අර අනිත් කාමරේ මුස්ලිම් යාලුවයි , එයාගේ තව යාලුවෝ දෙන්නෙකුයි නිවාඩු දවසේ තිලිණගේ කාමරේට ගිහින්.යද්දී යාලුවෝ 25 ක් විතර තිලිණ කෝල් කරලා ගෙන්නවගෙනලු. රෑ ආපු අයට නිදාගන්නවත් හරියට තැනක් තිබිලා නෑ...

ඉතින් සැමන් ඇහිරුවා වගේ අමාරුවෙන් උදේ වෙනකන් කට්ටිය නිදාගෙන...රෑ මුකුත් සද්දයක් බද්දයක් නෑලු.උදේ පාන්දර අපේ හබීට හීනෙන් වගේ ඇහෙනවලු,මෙතන දැන් ෆාහිමුත් ඉන්නවලු .  "මචං ...එහෙම නෙවෙයි උබලා අවුල් දාගන්නේ නැතුව ඉඳහල්ලා..තිලිණයට අවුලක් උනොත් ඉතිං අපි ඔක්කොම තිලිණයා ගැන බලනවා..."දැන් හොඳින් දේශනාව දෙන්න පටන් අරන්ලු අර නාහෙට අහන්නෙ නැති කෙනාට :D

අපේ හබී නිදි පැදුරෙන් එහෙම්ම ගිහිං කට්ටිය මැද්දට කඩා වැදිලා කලබලෙන් වගේ ඇහුවලු " කෝ කෝ ෆාහිම් ඉන්නවද....අපි මේක ගොඩින් බේරගන්නම්, මේක කතා කරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක්නේ බං ... ෆාහිම් උඹ නං මැද්දට පනින්න එපා ඈ...." කියලා

දැන් කට්ටිය හොල්මංලු .. ඇයි ෆාහිම්වම හොයන් පැන්නෙ කියලා ..ඉතින් ඔය් අතරේ හිටපු එක යාලුවෙක් හෙමිහිට හබී ලඟට ඇවිත් අහනවලු " ඒ ඇයි බං ඌ පොරක්ද ? කියලා

නැත්තං ........ පොරක්ද ත් අහනවා, ඕකා කලු පටි ගහලා ඉන්නේ...නාහෙට අහන්නෙ නෑ ඔහොම හිටියට...වැඩිය සද්ද බද්ද කරන්න යන්නෙපා පොර ඉස්සරහා  " කියලා  අපේ හබී උත්තර දුන්නලු..   (එයා කරාටේ කියන වචනේ විතරයි දන්නේ මයෙ හිතේ)   :D

ඒ තරමට ඇඟක් පතක් නැති ෆාහිම්ව පෙන්නලා සැකෙන් වගේ තව කෙනෙක් අහනවලු " මචං අර.....අර අයියා ගැනද උඹ ඔය කියන්නේ " කියලා..  :D

මේ සාකච්චාව හීනියට වගේ ඇහුන ෆාහිම්ගේ මොරාල් අප් වෙලා දැන් කතාව හරි සද්දෙටලු..

"අඩෝ මේ ..., උඹලා මෙතන කේස් දාගන්න ලෑස්තිවෙන්න එපා හොඳේ.. ඊට පස්සෙ අපිටත් අත දාන්ඩ වෙනවා මේවට...." කියලා පොර ටෝක්ස්ලු දැන්.
http://adastrasportsschool.com/karate/

ඉතින් මේ සිද්දියෙන් පස්සේ මචං කියලා ෆාහිම්ට කතා කරපු කට්ටිය අය්යේ කියලා ගරු සරු ඇතුවලු දැන් කතා කරන්නේ..පස්සේ එතනින් ශේප් වෙලා, අවුලත් ශේප් කරලා  කට්ටිය කාමරවලට ගියාලු.
***************************************************

මේ කියන්න යන සිදුවීම උනේ දැනට හරියටම සතියකට උඩදී...ඒ කියන්නේ ගිය සෙනසුරාදා...එදා ෆාහිම් තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක අපේ හබීලගේ කාමරේට ආවා...ඇවිත් රෑ කට්ටියත් එක්ක එකට උයලා තියෙන්නේ.ෆාහිම් ඩෙවල් එකකට එලවලු කපන්න උදවු කරලා... කතා අස්සේ එලවලු කපද්දී ඇඟිල්ලකුත් කැපිලා.පස්සේ රෑම හොස්පිටල් එක්කරගෙන ගිහින් 

හොස්පිටල් එකේදී ෆාහිම්ට බය හිතිලා... මැහුම් දාවිද , රිදේවිද මොකක් වෙයිද කියලා....ෆාහිම්ගේ  ඇස් දෙකේ කඳුලුත් පිරිලලු. 

ඒක දැකපු අපේ හබී කිවුවලු  "හාපෝ විලි ලැජ්ජයිනේ....කලු පටි ගහපු පොරක් නේද මේ අඬන්නේ " කියලා :D


51 comments:

  1. අද මුලින්ම වටේ තලල කතාව පටන් ගත්තට කියවගෙන යද්දි බොහොම රහට කතාව තියනවා. රට රස්සා ගැන කියනකොට ලියනවනං කතා සාගරයක්ම ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...!

      අපොයි ඔවු......සාගරයක්ම තියනවා....ඒත් ඉතිං ලියන්න තමයි කම්මැලි..

      Delete
  2. ඇත්තටම කතාව ලස්සනයි රෙහානි ආසාවෙන් කියෙව්වා...අර නෑදෑයො යාලුවො සල්ලි ඉල්ලන කතාව...ආපෝ ඒක හරියටම හරි ඔයා ඒ ටික ලස්සනට ලියල තියෙනවා...
    ඉල්ලන ඉල්ලන අයට සල්ලි දුන්නට ඔයාට නැති වෙලාවට රුපියල් පණහක් ඉල්ලගන්න කෙනෙක් ඉන්නවද කියල බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...!

      අනේ මන්දා....මටනම් ඔය වෙලාවට හිතෙනවා අපේ එක්කෙනා රට ගිහින් නොගියනම් පව්ල් කීයක් අනාතෙද කියලා ...ඇයි අප්පා :D :D

      ඒ කතාව නම් සහතික ඇත්ත...අපිට නැති උනොත් නැති උනාම තමයි

      Delete
  3. කතාව නම් නියමයි. හැබැයි කියවන්න ඕනේ අග ඉඳන් :-)
    සල්ලි දැන් ඉතින් බල්ලට ගිහින් නේ තියන්නේ.. පොඩි අයට දෙමව්පියෝ උපයන දේ ගැන ගානක් නෑ. ඒ පොඩි අය ලොකු උනහම වෙන යාළුවො, තමුන්ගේම නෑයෝ උනත් උපයන දේ ගැන ගානක් නෑ. ඕකේ රඟේ තේරෙන්නේ එයාලටත් මහන්සි වෙලා උපයන්න උනහම. ඒ උනාට එතකොට 4 අතේ නය වෙලා ජීවිතේ ඉවර වෙලා ඉවරයි////

    ReplyDelete
    Replies
    1. අග ඉඳන්.../? ඒ මුකෝ අප්පා :D

      ඕකේ රඟේ තේරෙන්නේ එයාලටත් මහන්සි වෙලා උපයන්න උනහම.//හරියට හරි අඟහරු

      ස්තුතියි...!

      Delete
  4. දැන් ඒ අලුතෙන් ආපු පොරක් මේ බ්ලොග් එක බැලුවොත් තමයි වැඩේ!

    ReplyDelete
    Replies
    1. හිකීස්...............ඒම උනොත් නං මරුම තමා

      මුහුඳු මේ පැත්තේ ආවාමයි නෙහ්....ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව!

      Delete
  5. මරු කතාව..ඒත් ඔය බොරුවට කළු පටි කාරයෝ වගේ රගපාන උදවියත් වර්තමානේ ඉන්නවා නොවැ.පරිස්සමෙන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....එහෙම රඟන අයත් ඉන්නවා තමයි :D

      Delete
  6. මමත් හිතාගෙන හිටියේ ඔය රට ගිහින් හම්බ කරන අය සල්ලි ගස් වලින් කඩනවා කියලා. එහෙම නෙවෙයිද එතකොට වෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද එහෙම ගස් කොහෙද තියෙන්නේ :p

      ඔව් අනේ ඔව් කාටවත් කියන්නෙපා ඈ...(රහසින්) :D

      Delete
  7. අක්කේ නෑයා මීයා වේයා තුං දෙනාම එකයි . කනවා කනවා .....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලෝ සහතික ඇත්ත :D

      Delete
  8. උදව්වක් කරාම ඒක මතක තියා නොගත්තට කමක් නෑ. මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික හරි දියන්කො. ඔයොහ තමා සමහරුන්ගේ හැටි. උපතින්ම එන මිස්ටේක් එකක් ඕක. මමත් හදිසියට පන්සීය දාහ දීල ආපහු ලැබුනේ නැති වගෙම මම ඉල්ලුවෙ නැති කිප දෙනෙක්ම ඉන්නවා.ඉල්ලන්න මොකක්ද වගේ දැනෙනව හිතට. ඒ මිනිස්සු මතක් කරලා දෙන්න දන් නෑ. අඩු ගානේ හම්බෙච්ච වෙලාවට කියන්නෙවත් නෑ, අඩෝ මචං අර මං උඹට කීයක්ද දෙන්න තියෙනවා නේද, දැන් නම් සල්ලි නෑ පස්සෙ වෙලාවක දෙන්නම් කියලා. ඒකත් ඇති ස්ලලි නැතත්. ඌට මතක හරි තියෙනවානේ. මම කීයක් හරි කාගෙන් හරි ඉල්ල ගත්තොත් මට ඒ මනුස්සය දකින පාරක් පාරක් ගානේ මතක් වෙනවා. ඒක කොහොම හරි දෙන්නයි කියල බලන්නේ. කලුපටි කාරයෝ සල්ලි ඉල්ලගෙන ආවොත් තමයිවැඩේ. දෙන්නම වෙනවනෙ බයටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රතීත් අපේ හස්බන්ඩ් නුයි මගේයි ජාතියේ.....ඔහොම සල්ලි දීලා ආපහු ඉල්ලගන්න අපි දෙන්නගෙන් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ...අපි දෙන්නගෙම හිතට මොකද්ද වගේ ආපහු ඉල්ලන්න...අනික අපි කාගෙන් හරි ඉල්ලගත්තත් අපිටත් ඒ කෙනා දකින වාරයක් ගානේ ඔයා ට වගේ මත ක් වෙනවා...

      කලුපටි කාරයො ආවොත් නං දෙන්න වෙයි තමා :D

      Delete
  9. කතාව හොදටම නෙලලා තියෙනව.
    හබියට කියන්න ආශ්‍රය කලාට බොක්කෙක් වෙන්න යන්න එපා කියන්න "පාස් පෝට්"යාළුවන්ට විතරක්.
    ඕනවට වඩා ගියොත් මුහුණ දෙන්න වෙන්නෙ බෙල්ල ගහල යන වැඩ වලට.
    කන්න වෙන්නෙ හැලප ලියල තිබුන නැව් වලින් බාද්දී හැලෙන ඒවාට වඩා හොද පරිප්පු.

    ReplyDelete
    Replies
    1. ඔය අවවාදය තමයි මාත් නිතරම දෙන්නේ...මුකෝ මෙයාගේ වැඩේ ම ඕනම කෙනෙකුට බොක්කක් වෙන්න යන එක...

      මටත් තියන බය බොක්කක් වෙන්න ගිහින් කොයිවෙලේ හරි ලොකු අමාරුවක වැටෙන්න වෙයි කියලා තමයි..

      ස්තුතියි කෙන්ජි මහතානෙණි උපදේශ වලට....!

      Delete
  10. ඔය සීන් එක අත්විඳපු කෙනෙක් විදිහට කියන්නම්.. ඉරක් ඇඳල එතනින් එහාට තමුන් ගැන හිතන්න. අනුන්ගෙ සල්ලි වලින් ජොලි කරන්නන්ගෙන් ලංකාව පිරිලා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ............

      ලන්කාවේ මොකද මන්දා මෙච්චර අංකූරෝ ඉන්නේ :D

      ස්තුතියි..!

      Delete
  11. කතා බතා කලාට කමක් නෑ.. ලංකාවේ උනත් පරිස්සම් වෙන්න කියන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ නාඩියෝ.....හැම්වෙලේම පරිස්සම නම් හිතන්න වෙනවා

      Delete
  12. අඩෝව්.... "තිළිණ"යට එහෙම අත තියන්නෙ නෑ..... :D :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තිලිණට අත තියන්නෙ නෑ :D :D

      Delete
  13. රට ඇත්තන්ගේ සල්ලි ගැන කියලා වැඩක් නෑ රෙහානියෝ. (අක්කාද නංගිද නොදනි)

    හැමොගෙම හිතේ රට ගිය ගමන් ලොකේ ඉන්න ලොකුම පොසතා රට ඉන්න එකා කියලා. පවුලේ උදවියම කොකු දාද්දි තමයි තරහා යන්නෙ සල්ලි නිසා. හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ...අලේ අක්කාද නංගීද මං දන්නෙත් නෑ

      ඔවු මදාරා....නෑයොත් හදන්නේ දත ගලවන්න වෙලාවකට...

      Delete
  14. රට සල්ලි ගැන නං කියන කතාව හරියට හරි.. ඒක අර සරා කිව්ව වගේ ලංකාව නොමිලේ ආතල් ගන්නන් ගෙන් පිරිච්ච රටක්.. රට හිහිල්ල සැප විදිනව කියල නෙව හැම මිනිහම හිතන්නේ ඒකයි අවුල

    ReplyDelete
    Replies
    1. ඒ විඳින දුක තේරුම්ගන්න එයාලත් ඒ දුක විඳින්නම ඕන

      Delete
  15. මොකෝ කළුපටිකාරයන්ට අඩන්න තහනම්ද...?
    අපිත් කලුපටි තමයි හරිය.

    ReplyDelete
    Replies
    1. අම්බෝ..............බයේ බෑ

      Delete
    2. බය වෙන්නේ මක්කටද බං.
      කලුපටි කිවේ ඉනපටිය ගැනයි...:D

      Delete
  16. සල්ලි ගැන කතාව නම් ඇත්ත රෙහානි. මොනව වුණත් දුක් විඳලා හොයා ගන්න කීය වුණත් වටින බව හිතට දැනෙනවා. පුදුමෙ කියන්නේ ගොඩක් අයට එහෙම හිතෙන්නෙ නැති එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු දිලිනි, ඒක නම් ඉතිං ලංකාවේ ඉන්න කාටවත් තේරෙන්නෙ නෑ

      Delete
  17. රෙහානි.......මමත් බොහෝ බොහෝ කාලයක් ඉන්නේ රටින් පිට. ඔය වගේ පීචං මචංලා අනන්තයි. අප්‍රමාණයි.අර කෙන්ජි කියලා තියනවා වගේ පාස්පෝට් යාළුවන්ට අහුවෙන්න එපා කියන්න.

    ReplyDelete
    Replies
    1. වාසියට මචං කියන අය ඉතින් පිරිලානේ....ස්තුතියි අදහසට අරූ තුමා

      Delete
    2. මම තුමෙක් නෙමෙයි යකෝ.

      Delete
    3. නම කියන්නේ කොහොමෙයි මගේ වයසේ දුවෙක් ඉද්දී

      Delete
  18. මට මතක් උනේ අර ඇඩ් එක "මම අසම රෝස පාට "

    ReplyDelete
    Replies
    1. ආ කාලෙකින් නේද? :)

      ඒ මොකක්ද අනේ...මම දැකලා නෑනේ :p

      Delete
  19. මේ රෙහානි ඔයා දැන් අර මලේ රාළ වගේ , බ්ලොගේ නම වෙනස් කරන්න . "කොරියා කුමාරි" කියලා ... කොහොම වුනතෝය සල්ලි කේස් එකනම් මහා පවක් පලදීමක් වගේ, මොකද අමාරුවෙන් හම්බකරගත්ත දේ කඩාගන්න නම් නයෝ එමටයි. එකනේ කියන්නේ "නෑයෝ වේයෝ " කියලා

    ReplyDelete
    Replies
    1. ඒම වෙනස් කොරන්නේ කෝමෙයි අප්පා...මම කොරියාවේ නෑනේ :D

      අනේ මන්දා.....මේ සල්ලිත් ඉතින් එක තැනක ඉන්න පුලුවන් ජාතියක්යැ.. පනින්නමයි හිත.

      Delete
  20. අදමයි ආවේ රෙහානි පාස්පෝර්ට් යාළුවො කතාවට මාත් එකගයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ආදරෙන් පිලිගන්නවා අපූර්වී ඔයාව...! දිගටම එන්න...

      පාස්පෝර්ට් යාලුවෝ නම් වැඩකට නෑ තමයි...හ්ම්ම්

      Delete
  21. අපිටනම් තවම ඔහොම සල්ලි ඉල්ලන අත්දැකීම් නැති උනාට අපිව පිරමිඩ බිස්නස් එකකට සම්බන්ධ කරගන්න දැඟලුවා කට්ටියක්. ඒවට පොට පාදාගන්නේ ඉතින් "හානේ ඔයාලා ලංකාවේද අපිත් ලංකාවෙනෙ" කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. හපොයි ..........ලංකාවෙත් ඉතින් මර්සි කාරයෝ පිරිලානේ සයුරි...ඔයත් කාලෙකින් තමයි දැක්කේ ...හ්ම්ම්

      Delete
  22. ඔක අපෙ මිනිස්සුන්ගෙ හැටියක් නෙ.රටගිය මිනිහට සල්ලි ගහක් හම්ම්බ වෙනව කියලනෙ හිතන්නෙ

    ReplyDelete
  23. ජිවිතයක් නිතරම කැළඹිමට හෝ නිසල කිරීමට හැකි ප්‍රධාන සාධක ය මුදල්. ඉතින් සල්ලි තියෙනකොට නැදැ මිත්‍රයෝ වැඩියි වගේම සල්ලි නැති කාලෙක ඔය කවුරුත් නෑ. ණයට දීමෙන් මුදලත් හිතවත්කමත් දෙකම නැතිවේ

    ReplyDelete
    Replies
    1. ඔබ හරි...අර කිවුවත් වගේ මිතුරාත් මුදලත් දෙකම නැතිවෙනවා තමයි

      Delete
  24. ඔය ෆාහිම් වගේ මෙහෙදි මට මුලිච්චි වෙච්ච මගේ කාර්යාලෙම රියදුරෙක් විදියට වැඩ කරන සුපිරි චරිතයක් ඉන්නවා...ඉස්සරහා දවසක විස්තර ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. ලියමුකෝ අයියේ එහෙනම් බලන්න

      Delete